ආන්ටි ජියෝව සම්පූර්ණෙන් ම මල්වලින් වැහිලා හිටියෙ.. හුඟක් මිනිස්සු දුක හිතෙන මූණු එක්ක ඇවිත් ආන්ටිට ආචාර කරලා හ්‍යොං දිහාවට අනුකම්පා බැල්මක් දාලා යන්න ගියා..
ඔම්මයි අප්පයිත් වැඩ අස්සෙ උනත් ඇවිත් ෆියුනරල් එකේ හුඟක් දේවල්වලට උදව් උනා.. එයාලා නොහිටින්න මේ දේවල් කරගන්න ඕනෙ විදිහක් මං දැනගෙන හිටියෙත් නෑ..
අංකල් පාක් අන්තිම මොහොත වෙනකල්ම ආන්ටිව බලන්න ආවෙ නෑ.. ආයෙමත් හ්‍යොංගෙ බර එයාට පැටවෙයි කියලා එයා බය වෙන්න ඇති සමහරවිට. එක අතකට ඔම්මා කියනවා වගේ ආන්ටිගෙ මුළු ජීවිතේටම නොහිටපු මිනිස්සු එයා යන්න යන වෙලාවට මොකටද..
"කුකී.. දැන් ආන්ටිව ආදාහනේට අරන් යනවා.. ඔයා චිමීව ටිකක් බලන්න."
ඒ ටේටේ හ්‍යොං.. අර හ්‍යොංගෙ හැන්ඩ්සම් යාලුවා. එයා හැමදෙයක් ගැනම වද වෙවී හොයලා බලනවා.. හ්‍යොංට එයා හිටපු එක ලොකු හයියක් වෙන තරමට ම එයා සේරම දේවල් ගැන වගකීම එයාට පවරගෙන හැමදේම ගැන හරියට ම හොයලා බලලා කරා..
එතකොට හ්‍යොං... ආන්ටිව ගෙනත් මෙතනින් තියපු වෙලාවෙ බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්තු වෙලාවෙ ඉදන් මේ වෙනකල් එයාගෙ කිසිම හෙලවීමක්වත් නෑ.. වතුර උගුරක්වත් නොබී එයා දිගටම ආන්ටි දිහා බලන් හිටියා.. හ්‍යොං මෙහෙම කඩන්වැටිලා ඉන්න එක දකින්න අමාරුදෙයක් උනත් එයාට වැටෙන්න එපා කියාගන්න තරම් හයියක් මට තිබුනෙ නෑ..
"මූ මෙහෙම ඉන්න එකම ලොකු දෙයක්.."
ටේ හ්‍යොං නිතරම හ්‍යොං ලඟට ඇවිත් ඔලුව අතගාලා තමන්වම සනසගන්න වගේ ඔය වචන ටික හෙමීට මුමුණලා යන්න යනවා..
"හ්‍යොං ඔම්මව එක්කන් යන්න හදන්නෙ අපිත් යමුද?"
මං එයාට තට්ටු කර කර දිගටම කතා කලත් එයා ඔහේ ආන්ටිව අරන් යන දිහා බලන් හිටියා..
"චිම්.. නැඟිටින්නකො. දැං අපිත් යන්න ඕනෙ කොල්ලො..."
ටේ හ්‍යොංවුත් ඇවිත් කතා කරලා හ්‍යොංව බලෙන් වගේ උස්සන්න ගත්තම එයා ටේ හ්‍යොංවත් තල්ලු කරලා නැගිට්ටා.. කිසිම කිසි හැඟීමක් මූණෙ නැතුව. ඊට පස්සෙ අපි දෙන්නව එතනම දාලා ආන්ටිව අරන් යන පස්සෙන් තනියම වැනි වැනී යන්න ගත්තා..
"මට මූ ගැන බයයි කුකී.. මූ එක්ක ටිකක් ඉන්න. එකම දේ ඒ විදිහට ම ආයෙ ආයෙත් වෙනකොට ඌට දරාගන්න පුළුවන් ලිමිට් එක පනින්න බලනවා.."
ටේ හ්‍යොං එහෙම කියාගෙන එතනින් යද්දිම ඔම්මයි අප්පයි මං ලඟට ආවා.. එයාලටත් හොදටම මහන්සි පාටයි.
"කුකී.. අපි අද මෙහෙ හොටෙල් එකක ඉන්නෙ. හෙට යුනිවර්සිටි පටන් ගන්න නිසා ඔයත් අපි එක්කම යමු."
"බෑ.."
මට එකපාරම කියවුණා.. කවම කවදාවත් නැතුව ඔම්මලා අහපු දේකට මං සද්දෙන්ම කෑගහලා අකමැති උනා.. මේ හ්‍යොං එක්ක ඉන්නම ඕනෙ වෙලාව. එයාව මෙහෙම තනිකරලා මං යන්නෙ කොහොමද..
"කුකී මුරණ්ඩු වෙන්න එපා.. අපි මෙහෙමම ආදාහනේට ගිහින් හොටෙල් එකට යමු."
"බෑ මට හ්‍යොංව තනි කරන්න බෑ.."
"එයාව බලාගන්න ටේහ්‍යොන් පුතා ඉන්නවනෙ. හෙට පළවෙනි දවසෙ ඔලුව නිදහසේ යන්න ඕනෙ."
මට ඇඬුනා.. මං කොහොමද හ්‍යොංව තනි කරන්නෙ. එයා ඉන්නෙත් හොදින් නෙවෙයි. වෙන්වීම් මහ ගොඩක් එක දිගටම වෙලා ඒවා දරාගන්න පුළුවන් සීමාව පැනලා එයා ඉන්නෙ. ඇයි ඔම්මලා තේරුම් ගන්නෙ නැත්තෙ..
"කුකී අපිව කේන්ති ගස්සන්න එපා.. ඒ ළමයා දැන් ඉන්නෙ සිහියෙන් නෙවෙයි. කා එකේ වීදුරුවත් බින්දා කිව්වා නේද.. ඔයාටත් ඔහොම කරදරයක් කරොත්. ටේ එයා ගැන දන්නවනෙ. එයා හැමදේම බලාගනී.."
අප්පා සැරෙන් කිව්වම මං උගුර රිද්දගෙන පිටවෙන්න ආපු ඉකියත් හංගගෙන ගිහින් කා එකට නැංගා.. මට සමාවෙන්න හ්‍යොං. ඔයා වෙනුවෙන් මොකුත්ම නොකර යන එකට සමාවෙන්න..
ආන්ටිව ආදාහනේ කරලා අලු ටික දාපු භාජනෙ අරන් ගිහින් අලු තැන්පත් කරන තැන තැන්පත් කරලා කරන්න ඕනෙ වතාවත් ටික පිළිවෙලටම කරලා අපි එතනින් එළියට ආවා..
"ඔම්මා මං දැන් හ්‍යොංලා එක්ක ගිහින් හවස එන්නද? ඇඳුනුත් අපාට්මන්ට් එකේනෙ. මං ගිහින් ඔක්කොම බඩු අරන් හවස එන්නම් හොටෙල් එකට.."
මට ඕනෙ උනේ තප්පරයක් හරි හ්‍යොං ලඟින් රැදෙන්න. එයා තනිවෙලා නෑ කියලා එයාට දැනෙන්න අරින්න..
"ජෙරම්ව යවලා බඩු ටික ගෙන්න ගන්නත් පුළුවන්.."
අප්පගෙ කටහඬට මාව ආයෙමත් මැලවිලා ගියා.. අ..ශ් ඇයි එයාලා මෙහෙම අමුතුවට හැසිරෙන්නෙ..
"අනේ ඔම්මා ප්ලීස්.. මං..."
"කුකී ගැන වද වෙන්න එපා. මං එයාව බලාගන්නම්.. එයා හවස් වෙද්දි හොටෙල් එකට එයි."
හ්‍යොංගෙ ගැඹුරු කටහඩට මාව ගැස්සුනා.. ඔම්මලා උනත් මුකුත්ම නොකියා මාව ටේ හ්‍යොංගෙ කා එකේම අපාට්මන්ට් එකට එව්වා..
හ්‍යොං ගෙදර එන මඟ දිගටම සීට් එකට ඔලුව ගහගෙන ඇස් පියාගෙන හිටියත් එක පාරම දෙයක් මතක් උනා වගේ ගැස්සිලා ඇහැරලා කා එක නවත්තන්න කියලා කලබල කරන්න ගත්තා..
"හරි උඹට යන්න ඕනෙ දිහා කියපන් අපිත් එන්නම්.. ඕනෙ දිහාවක ගිහින් එළිවෙනකල් ඉදලා හරි ගෙදර යමු."
"මං කිව්වනෙ මං ගිහින් එන්නම්. ටේ උඹ කුකී එක්ක ගෙදර පලයන්. එයාට බඩු ලෑස්ති කරගන්නත් තියෙයි.."
හ්‍යොං ටේ හ්‍යොංටත් කෑගහගෙනම කා එකෙන් බැහැලා ගිහාම එයත් මොනාත්ම නොකියා කා එක පාරට දැම්මා.. හ්‍යොං දෙයක් කිව්වොත් කිව්වා. ආයෙ ඒ ගැන වාද කරන්න ගියොත් වෙන්නෙ එයා තවත් දරුණු වෙන එක.
"ඌ ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ කුකී.. මේ තරමින් හරි හයිය ඇරන් ඉන්න එකම ඇති. සූමිනා මැරුණෙත් ඕකගෙ ඇස් ඉස්සරහමයි. දැන් ඒ විදිහටම ආන්ටිත් යන්න ගිහාම.. මං දන්නෑ උගෙ හිත හදන්න විදිහක් මට තේරෙන්නේ නෑ.."
"අනේ අපි චිමී හ්‍යොංව මෙහෙම දාලා යන එක හරිද හ්‍යොං.. එයා මොනවහරි කරගත්තොත් මට බයයි.."
"ඌ මෝඩයෙක් නෙවෙයි කුකී. වැඩිම උනොත් සිහියක් නැතිවෙනකල් බොයි. එක අතකට ඒක හොඳයි. සිහියෙන් ඉද්දි දුක වැඩී.."
ටේ හ්‍යොං කියන කතාවත් ඇත්ත. සිහියෙන් ඉද්දි දුක වැඩියි. මොන විදිහට හරි කමක් නෑ හ්‍යොං සැනසීමෙන් ඉන්නව දකින්නයි මට ඕනෙ..
අපි අපාට්මන්ට් එකට ගියපු ගමන් ටේ හ්‍යොං මහන්සියෙන්ම ඇදේ පෙරලුනා.. මේ දවස් ටිකම එයත් එක දිගටම නිදිමැරුව නිසා හොඳ මහන්සියක ඇත්තෙ.
තව ටික වෙලාවකින් හොටෙල් එකට යන්න ඕනෙ හින්දා මං ඕනෙ කරන බඩු ටික ලෑස්ති කරන්න ගත්තා.. මං වැඩිපුරම වද උනේ ඔම්මලා දිගටම මාව හ්‍යොංගෙන් ඈත් කරයිද කියන එක ගැන.. මොන දේ සිද්ධ උනත් හ්‍යොංගෙ පැත්තෙන් හිටගන්න මං තදින්ම හිතට ගත්තා.. කොහොමත් එයාට දැන් මං ඇරෙන්න වෙන කවුරුත් නෑනෙ.
එක පාරම දොරට වැදුනු පාරක් නිසා කල්පනා ලෝකෙක හිටපු මාව ගැස්සුනා.. ටේ හ්‍යොං දිහා බැලුවත් එයා හිටියෙ තද නින්දක. මං හිමීට ගිහින් දොර ඇරියා.
ඇවිත් තිබුනෙ ජිමින් හ්‍යොං.. එයා හිටියෙ බීලා නෙවෙයි. සම්පූර්ණෙන් ම හොද සිහියෙන්. එයා අතේ තිබුන පාර්සල් එකක් මගෙ දිහාට දික් කරා.. දෙයියනේ ෆිශ් කේක් පාර්සල් එකක්.. එයා මේ මහ රෑ කා එකෙන් බැස්සෙ ෆිශ් කේක් ගේන්න යන්නද..?
"හ්..හ්‍යොං ඇයි මේ?"
"එදා කන්න බැරි උනානෙ. අනික මං ඔයාගෙ ඔම්මලාට පොරොන්දු උනා ඔයාව බලගන්නව කියලා.. ඕක කන්න. කාලා බඩු ටික ලෑස්ති කරන් පරිස්සමින් යන්න.."
මං දිහා බලන්නෙවත් නැතුව කියවපු එයා ටේ හ්‍යොංගෙ එහා පැත්තට ගිහින් ඇදේ දිගා වෙලා ඇස් පියාගත්තා..
හ්‍යොං ඇයි මෙහෙම හැසිරෙන්නෙ.. එයා හොදින්ද? ඇත්තටම එයා හොදින්ද? මගෙ හිත දිගින් දිගටම වද උනා.. තමන්ගෙ ඔම්මගෙ අලු ටික තැන්පත් කරලා එන ගමන් කන්න ෆිශ් කේක් පාර්සලයක් ගේන්න යන්න තරම් එයා හිත හයිය කරගත්තෙ කොහොමද..? එයාව නවත්තන්න අපි මොන තරම් කතා කිව්වද.. ඒ කිසි දෙයක් කනකට ගන්නැතුව එයා ගියේ මට කන්න ගේන්නද? ඒකත් ෆිශ් කේක්.. මං ආසම කෑම..
මට කෑගහලා අඬන්න ඕනෙ උනත් මං තොලත් තදින් හපාගෙන පරිස්සමට බඩු ටික අස් කරගත්තා. ඒ වෙනකොටත් සෑහෙන කඳුළු පේලි ගානක් මගෙ මූණ පුරාවට එහෙට මෙහෙට ඇදිලා තිබුනා. මං හෙමීට ගිහින් වොශ් එකකුත් දාගෙන හ්‍යොං ලඟට ගියේ එයාට නොකියා එළියට බැහැලා යන්න හිත දුන්නෙ නැති හින්දා..
ෆිශ් කේක් පාර්සල් එක තාමත් මේසෙ උඩ. ඒක කන්න තරම් මට හයියක් නෑ..
හ්‍යොං හිටියෙ තද නින්දක. එයාව ඇහැරවන්න ලෝබකමටම මං හිමීට එයාගෙ ඔලුව අතගාලා නලලින් චුට්ටක් වෙලා යනකල්ම තොල් තදකරගෙන පරිස්සමින් බර හුස්මවල් ටිකක් උඩට ඇද්දා..
මං ඔයාට ආදරෙයි හ්‍යොං.. ඔයා කවදම හරි ඒක දැනගනී.. කම්මුල් තෙමාගෙන ගලන කඳුළු බින්දු එහෙමම මූණටම දියවෙද්දි මං චූටි නෝට් එකක් එක්ක මගෙ ෆෝන් නම්බර් එකත් ටේබල් එක උඩින් තියලා බඩුටික අරන් එළියට බැස්සා.. ටේ හ්‍යොංට එදා හොස්පිට්ල් එකේදි කතා කරපු නිසා එයාගෙ නම්බර් එක මං ලඟ තිබුණත් හ්‍යොංගෙ නම්බර් එකක් මං ලඟවත් මගේ නම්බර් එක හ්‍යොං ලඟවත් තිබුනෙ නෑ..
යන්න එපා එයාව මෙහෙම දාලා යන්න එපා කියලා කෑගහන පපුවත් අතින් තද කරගෙන හොටෙල් එකට ගියේ ඔම්මයි අප්පයි ඉස්සරහා මං තාමත් අසරණ හින්දා.. එයාලගෙ වචනෙට පිටින් යන්න මං කවදාවත් හුරුවෙලා තිබුනෙ නෑ..
"ඔයාට ඕනෙනම් කැම්පස් එක ලඟම අපාට්මන්ට් එකක් ගන්න පුළුවන් කුකී. ඔයාගෙ ස්ටඩීස්වලටත් ලේසී ඒක.."
ඩිනර් ගන්න ගමන් අප්පගෙ කටින් පිටවුණු ඒ වචන ටිකට මගෙ පපුව අලුතින් පිච්චිලා ගියා.. ඇයි එයාලා මාව හ්‍යොංගෙන් ඈත් කරන්න හදන්නෙ. මොනවහරි දැනිලාවත්ද? දැනෙන්න දෙයක් අපි අතරෙ තියෙයිද? එක අතකට එයාලට එහෙම හිතෙන එකත් සාධාරණයි. මලගෙදර පුරාවටම හ්‍යොං හිටියෙම මගෙ තුරුලෙ.
"මට හ්‍යොංගෙ අපාට්මන්ට් එකේ ඉදලත් එච්චර දුරක් නෑ අප්පා.."
මම බිම බලාගෙන හෙමීට මිමිණුවා.
"චිම් සෑහෙන්න වෙනස් වෙලා පුතේ.. ඉස්සර හිටපු දරුවා නෙවෙයි දැන් ඉන්නෙ.."
ඔම්මා එකපාර කිව්වම මගෙ පපුව ආයෙ අයෙත් පිච්චුනා.. එයාලා ඇයි හ්‍යොංගෙ වැරදි කියන්නෙ..
"මං හ්‍යොං එක්කම තමයි ඉන්නෙ.. මෙච්චර දෙයක් උනාට පස්සෙ එයාව තනිකරලා මටත් ඈත් වෙන්නද කියන්නෙ.."
මටත් නොදැනිම පුටුවත් පස්සට කරලා කෑගහගෙනම මං නැඟිට්ටා.. ඔම්මයි අප්පයි තරමටම වටේ ඉන්න මිනිස්සුත් පුදුමෙන් ගල් ගැහිලා බලන් ඉද්දි ඒ දිහාවට එක බැල්මක්වත් නොදාපු මං ගස්සගෙනම රූම් එකට දිව්වෙ කම්මුල් තෙමාගෙන වැටෙන කඳුළු පාරවල් රිදෙන්න පිහිදගන්න ගමන්.
මුළු රෑම මට නින්ද ගියේ නෑ.. එකම එක තත්පරේකටවත් ඇස් පිය උනේ නෑ.. මට මතක් උනේම හ්‍යොංව. මහ අමුත්තක් දැනෙන තරමටම තදින් මට එයාව මතක් උනා..
වෙලාව පාන්දර දෙකයි කාලයි. තවත් ඉවසන් ඉන්න බැරිම තැන මං ටේ හ්‍යොංට කෝල් කලා.. එයාව මේ පාන්දර ඇහැරෙව්වට කේන්ති යයිද එයාට මෙහෙම කරදර කරන එක හරිද කියලවත් නොහිත මෝඩයෙක් වගේ මං දිගටම කෝල් කලා..
එකපාරම එයා කලබල කටහඩක් එක්ක ෆෝන් එක ආන්සර් කලා..
"කුකී... චිම්.."
"හ්‍යොං.. ඇයි මොකද මොකක්ද උනේ? එයා හොදින් නේද?.."
මට ඉකි ගැහුනා.. ඇයි මේ..? ඇයි එයා කලබලෙන්.. මොනවද උනේ..?
"චිම්ට හොඳටම උණ කුකී.. කොල්ලට ටිකක් අමාරුයි. හොස්පිට්ල් යන්න බෑ කියනවා.. දැන් දෙපාරක් ම වොමිට් උනත්තෙක්ක.."
දෙයියනේ.. අනේ මට සමාවෙන්න මැණික. ඔයාව ඔහොම දාලා ආවට සමාවෙන්න.
"මම දැන්ම එන්නම් හ්‍යොං.."
ටේ හ්‍යොං මොනවත් ම කියන්න කලින් කෝල් එක කට් කරපු මං දෙපාරක් නොහිතම ඇදන් ඉන්න පිජාමා එක පිටින්ම වොලට් එකයි ෆෝන් එකයි අරන් රූම් එකෙන් එළියට ආවා.. ඔම්මයි අප්පයි බැරිවෙලාවත් රූම් එකට ආවොත් මං නෑ කියලා දැනගෙන කලබල වෙයි. ඒත් එයාලට කියලා යන්න බෑ.. මං දන්නවා එයාලා මට යන්න දෙන්නෙ නෑ..
එහෙමම පාරට දුවලා ටැක්සි එකක් නතරකරපු මං ලොකේශන් ශෙයා කරන ගමන් ඉක්මනට යන් කියලා කෑගැහුවෙ ඩ්‍රයිවර් අමුතු සතෙක් දිහා බලනවා වගේ මන් දිහාම බලන් ඉද්දි.
රෝසපාට හාවො ඉන්න පිජාමා එකක් ඇදගෙන පාන්දර එකට දෙකට කොල්ලෙක් මෙහෙම වාහනේකට නඟින එක ටිකක් පුදුම වෙන්න තරම් දෙයක් තමයි ඉතිං...
අපාට්මන්ට් එක ලඟින් ටැක්සි එක නැවතුනාම අතට අහු උන සල්ලි කොල සේරම ඩ්‍රයිවර් දිහාට විසිකරලා මං පුළුවන් ඉක්මනට උඩට දිව්වෙ ඩ්‍රයිවර් ඉතුරු සල්ලි ගැන කියලා කෑගහද්දිමයි..
මං එක හුස්මට හ්‍යොංගෙ රූම් එකටම දිව්වා... හ්‍යොං ඇදේ වැටිලා හිටියෙ සිහියත් අසිහියත් අතර. එයාගෙ ඇස් බාගෙට පියවෙලා තිබුනා.. එයාට අමාරු පාටයි. එයාට හොදටම අමාරු පාටයි කුකී..
"දෙයියනේ ජන්කුක් ඔයා මෙහෙ ආවෙ ඇයි.. ආන්ටි අංකලුයි දැනගත්තොත් අපිත් වසලා හමාරයි.."
ටේ හ්‍යොං මොන මොනවදෝ කිය කිය කෑගැහුවත් ඒ කිසි දෙයක් මගෙ ඔලුවට ගියෙ නෑ. මං හිටියෙම හ්‍යොං දිහාවට ඇස් තියාගෙන. එයා වෙව්ලනවා..
"මූව ටිකක් බලන්න කුකී.. හිටපු ගමන් වොමිට් වෙනවා.. මං ඉක්මනට ගිහින් ෆාමසි එක්කින් බෙහෙත් මොනවහරි අරන් එන්නම්. මේකව මෙහෙම තනියම දාලා යන්න බැරිකමට මං ගියෙ නැත්තෙ."
ටේ හ්‍යොං කා එකේ කී එකත් අතට අරන් එහෙමම එළියට දිව්වා.. එයාලා දෙන්නම තාමත් හිටියෙ ෆියුනරල් එකට ඇඳපු ඇඳුම් පිටින්.
මං වතුර එකක් උණු කරලා පොඩි ටවල් එකකින් එයාව පිහිදන්න ගත්තෙ පපුව ගැහෙන තාලෙට ඒ වේගෙන්ම වෙව්ලන ඇඟිලිවලින් එයාගෙ ඇඳුම් අයින් කරලා දාලා..
"අහ්.. එපාහ්.. සීතලයි.."
හ්‍යොං යාන්තමට මුමුණන්න ගත්තා.. එයාගෙ ඇග ගිනි කබලක් වගේ රස්නියි. ඒක මහ අසාමාන්‍ය රස්නියක්. ඒ ඇගේ ඇගිල්ලක් වැදෙන ගානෙත් පපුව හිරිවැටීගෙන යන තරමෙ රස්නියක්.
"ශ්... චුට්ටක් ඉවසන් ඉන්නකො හ්‍යොං."
දිගටම එයාව තෙතමාත්තු කරලා ඔලුව අතගාන්න ගත්තම එයාට සනීපෙට නින්ද ගියා.. මං ඒ සුදුමැලි උනු තොල් උඩින් පරිස්සම් හාදු මහගොඩක් තිබ්බා.. එතකොට එයා ලෙඩපාටට උනත් හීනෙන් හිනා උනා.. ඉක්මනට සනීප වෙන්න හ්‍යොං. ඔයා ඔහොම ඉන්න එක දරාගන්න හරි අමාරුයි..
"නිදිද?.."
ඒ ටේ හ්‍යොං.. කල්පනාවක හිටපු මං එයාගෙ සද්දෙට ගැස්සුනා. බෙහෙත් ගොඩක් එක්ක මහන්සි පාට මූණකින් එයා හ්‍යොං දිහාවට ඇස් තියාගෙන ඇහුවා..
"මෙයා මේ මුකුත් කාලද මෙහෙම ඉන්නෙ හ්‍යොං.. බෙහෙත් දෙන්න බඩට මොනාහරි වැටෙන්න ඕනිනෙ.."
"නෑ බං.. වොමිට් උනෙත් පිත වගේ කහපාටට. ඕකා එදා ඉදන්ම මොනවත් කාලා නෑ.. ඔයා එක්ක එදා රෑ කිම්පබ් ගොඩක් කෑවා කිව්වා.. මේ අසිහියෙන් ඉද්දිත් ආන්ටි ගැනයි උඹ ගැනයි කියෙව්වෙ.."
මං දුක හිතුනා.. ඇත්තටම මහ හුඟක් දුක හිතුනා.. ඔයා මෙච්චර අමාරු පිට ඉද්දිත් මං මුකුත්ම නොදැන ඔයාව මෙහෙම දාලා ගියානෙ හ්‍යොං.. අනේ මට සමාවෙන්න...
"අඬන්න එපා කුකී.. පුළුවන් නං සුප් ටිකක් හදන්න. ඇහැරවලා පොව්වලා බෙහෙත් දෙමු."
ටේ හ්‍යොංට ඔලුව වනපු මං එයා පුදුමෙන් බලන් ඉද්දිම එහෙමම නැමිලා හ්‍යොංගෙ නළලින් තොල් තද කරන් තෙත හාද්දක් තියලා බිම බලාගෙනම කිචන් එකට ගියා..
****************
බටූස්... 😘
පරිස්සමින් ඉන්න බබූලා 🥺💜
සරංහේ 🥰💜💜