𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

By Min__Kookie__

93.2K 12.9K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... More

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 04 😌
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 12 😂
Chapter 13 😠
Chapter 14 ❤️
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 20 💓
Chapter 21 😕
Chapter 22 😣
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 26 🥳
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 11 😔

2.4K 362 109
By Min__Kookie__

සනා යනවාත් එක්කම ජිමින් හැරුනේ සූයාගේ පැත්තට

" නූනා ඔයා මොකටද ඒකීට මගේ ජීවිතේ ගැන දේවල් කියන්න ගියේ "

සූයා සනා යන දිහා බලාගෙන ඉදලා ජිමින් දිහාට හැරුනා

" ජිමින් ඔයා හිතන විදියේ කෙල්ලෙක් නෙවෙයි සනා කියන්නේ "

" නූනා ඔයා එයාගේ අහිංසක පෙනුමට රැවටිලා ඉන්නේ "

" ජිමින්..........."

සූයා කතා කරනවා නෑහුනු ගානට ජිමින් ගියා ඒ එක්කම සූයා සනාට කෝල් කලත් කෙල්ලගේ ෆෝන් ඕෆ්

" අයිෂ්..... ෆෝන් ඕෆ් කරගෙන මොනවා කරනවා ද දන්නේ නැ "

සූයා එහෙම හිතන ගමන් ගියේ සනාව හොයාගන්න

_______________________________

සනා ගෙදරින් එලියට ආවේ යන්නේ කොහෙද කියලා අදහසක් නැතුව කෙල්ල ඔහේ drive කරගෙන ගියා

ඇස් කදුලින් තෙත් වෙද්දී කා එක පාරේ අයිනේ නවත්තලා ස්ට්‍රීන්වීල් එක උබ ඔලුව තියාගත්තා ටික වෙලාවක් එහෙම හිටපු සනා ඔලුව උස්සලා ශීට් එකට බර වුනා

" අඩන්න එපා සනා ඔයා මීට වඩා ශක්තිමත් වෙන්න ඕන ඉස්සරහට මීට වඩා දේවල් වලට මූන දෙන්න වෙයි "

සනා කදුලු පිහිදගෙන තමන්ටම කියාගෙන කම්බුල් වල තිබුණු කදුලු පිහිදගෙන කිසිදෙයක් නොවුණු ගානට හිනාවක් මූනේ රදවගෙන hospital එකට යන්න පිටත් වුනා

මේ අතරේ කෙනෙක් මෙයාලගේ ජීවිත විනාස කරන්න ප්ලෑන් කරනවා ඒ ගැන කවුරුවත් දැනගෙන හිටියේ නැ

" බොස්..... ජේකේ ජන්ග්ගේ දුව මැරි කරලා "

මේසේ උඩ කාසියක් කරවමින් සිටි තැනැත්තා කාසිය කරවන එක නවත්තලා තමන්ගේ ඉස්සරහ ඉන්න කෙනා දිහා බැලුවා

" අපි හිතුවාට වඩා ජේකේ ඉක්මන් ජේකේ ජන්ග්ගේ දුව මැරි කලේ පලිගන්න ජේකේට දැන් අරුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් ඒත් උන්ට බැ ජේකේ එක්ක හැප්පෙන්න එහෙම වුනොත් අර කෙල්ල ඉවරයි "

" ඒත් බොස් ඒ කෙල්ල එච්චර ලේසියෙන් කෙනෙක්ට නැවෙන කෙනෙක් නෙවෙයි "

" ම්ම්ම් ජේකේ කෙල්ලව නම්වගනියි ඌ කෙල්ලෝ ගැන A to Z ඔක්කොම දන්නවා "

එහෙම කියපු මනුස්සයා හිනා වෙන්න පටන් ගත්තා

" ජන්ග්ගේ දුවගේ නම මොකද්ද "

" හේසනා බොස්..."

" උප්ස් කෙල්ලගේ නම වගේම කෙල්ලත් ලස්සනයි "

මේසේ උඩ තිබුණු සනාගේ ෆොටෝ එක දිහා බලාගෙන අමුතු හිනාවක් දාගෙන කිව්වා

" බොස්....."

" කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන් ඒකි යන්නේ කොහෙද මොකද කරන්නේ කා එක්ක ද ඉන්නේ හැමදේම මට දැනගන්න ඕන "

" හරි බොස්."

එහෙම කියලා ගියා

" අපි ඉක්මනට හම්බවෙමු හේ.... සනා "

_______________________________

Sana Pov

" සනා ඔයා හොදින් නේ ද ඇත්ත කියන්න "

සූයා මගෙන් ඔය ප්‍රශ්නය අහපු සිය වෙනි වතාව ද කොහෙද හොස්පිටල් එකට ආපු වෙලේ ඉදලා මගේ පස්සෙන්මයි

ජිමින් කිව්ව දේවල් වලට මගේ හිත රිදුනා තමයි ඒත් එයත් ඉන්නේ දුකින් නේ මගේ ඔප්පා වැරැදි නැ කියන්න මම විතරයි දන්නේ අනිත් හැමෝම හිතන්නේ ඔප්පා වැරැදියි කියලා මම ඔප්පා වැරැදි නැ කියලා කොහොමහරි ඔප්පු කරනවා

" මම හොදින් කියලා කිව්වා නේ "

මම ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කිව්වා

" බොරු නොකියා ඉන්නවා...."

සූයා කියන දේ නැවැත්තුවේ කෙල්ලෙක් අඩන සද්දයක් ඇහිලා අපි දෙන්නා හිටියේ ICU එක ලග

" කවුද යකෝ ඒ අඩන්නේ මේක හොස්පිටල් එකක් කියලා අමතක වෙලා ද "

සූයා එහෙම කියන ගමන් ICU එක පැත්තට ඇවිදගෙන ගියා මමත් පස්සෙන් ගියා

" තමුසේ නිසා තමයි මගේ අහිංසක පුතා නැති වුනා මම තමුසෙට කිව්වා මගේ පුතා එක්ක තියෙන අෆෙයා එක නවතන්න කියලා තමුසෙට ඕන වුනේ සල්ලි නේද ආ කතා කරපන් "

මැදි වයසේ ගැහැනු කෙනෙක් බිම වැටීගෙන අඩන පොඩි කෙල්ලෙක්ට ඒ විදියට කෑගැහුවා

" මැඩම් මේක හොස්පිටල් එකක් "

එතැන හිටපු ඩොක්ටර් එහෙම කිව්වත් ඒ ගැහැනු කෙනා ඒ මුකුත් ගනන් නොගෙන අර කෙල්ලට කෑගහනවා එතැන තව දෙතුන් දෙනෙක් හිටියත් මුකුත් නොකියා හිටියා

පුදුම මිනිස්සු නේ අර කෙල්ලට අච්චර බනිනකම් මුන් ගල් ගිලලා වගේ බලාගෙන ඉන්නවා ඔන්න ඔය වෙලාවේ තමයි සූයාට මෝහිනි අක්කා ආරූඪ වුනා වගේ අර ගැහැනු කෙනා ලගට ගියේ

" මේ මැඩම් මේක හොස්පිටල් එකක් මෙතන ඔහොම කෑගහන්න බැ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එලියට ගිහින් විසදගන්න "

සූයා කියද්දී අර ගැහැනු කෙනා සූයා දිහා බැලුවෙත් මරාගෙන මැරෙන සයිස් බැල්ලමක් ඔය බැල්මවල් වලට සූයා සැලෙයි ද නැත මිතුර සූයා අර ගැහැනු කෙනාට කෑගහන අතරේ මම හිමින් සැරේ ICU එකේ ඉදලා ආපු ඩොක්ටර් ලගට කිට්ටු වුනා

" මොකද්ද වෙලා තියෙන්නේ "

" ඩොක්ටර් මෙයාගේ පුතා ඇක්සිඩින්ට් එකකින් නැති වෙලා මම තමයි ඔපරේෂන් එක කලේ හොස්පිටල් එකට ගේනකොටත් ගොඩක් ලේ ගිහින් "

" එතකොට මේ ගෑනු ලමයා "

" එයා තමයි පේෂන්ව හොස්පිටල් එකට එක්කන් ආවේ පේෂන්ගේ යොජාචිංගු කියලා තමයි කිව්වේ "

" ම්ම්ම්ම් "

සූයා එක්ක අර ගැහැනු කෙනා බැනගන්නවා මෙහෙම බලාගෙන ඉදලා හරියන්නේ නැ නේ මාත් ගිහින් මැදින් ඇඩ් එකක් දැම්මා

" මැඩම් ඔයා මෙහෙම කෑගැහුවා කියලා ඔයාගේ නැති වුනු පුතාට පණ එන්නේ නැ නේ ඔයාගේ වේදනාව අපිට නොතේරෙනවා නෙවෙයි ඒත් මෙහෙම හැසිරෙන්න එපා ඔයාගේ වැඩ නිසා අපි හැමෝම ලොකු අපහසුතාවයකට පත් වෙන්නේ චේබල් මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා අනික මේ ගෑනු ලමයා......"

" ඩොක්ටර් මේකි හින්දා තමයි මගේ දරුවා මට නැති වුනේ "

" මැඩම්ට එහෙම කියන්න සාක්ෂි තියෙනවා ද "

මම ඇහුවේ බිම වැටිලා අඩන කෙල්ල දිහා බලාගෙන

" මගේ පුතා ඇක්සිඩින්ට් වෙනකොට මේකි එක්ක තමයි ඉදලා තියෙන්නේ "

ඒ ගැහැනු කෙනා එහෙම කියලා ගහන්න හදනකොට මම නැවැත්තුවා

" මැඩම් මම අන්තිම හොදින් කියන්නේ චේබල් මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා ඔයා මෙතනින් යන්න "

මම එහෙම කියලා බිම වැටිලා හිටපු පොඩි කෙල්ල ලගට පහත් වුනා මම හිතන්නේ එයා සුකීගේ වයසේ වගේ මම එයාගේ අතින් අල්ලලා එතැනින් වාඩි කලා එතකොට අර ගැහැනු කෙනා මටත් ගස්සගෙන එතැනින් යන්න ගියා ගැස්සුවා කියලා අපි බය වෙයි

" ඔයාගේ නම මොකද්ද "

සන්සුන් විදියට කෙල්ලගේ කොන්ඩේ හද්න ගමන් ඇහුවා

" යූ... යුරි.... "

" යුරී පැටියෝ ඔයාට අඩන්න එපා කියන්න මට බැ ඔයාට දැනෙන වේදනාව මමත් විදලා තියෙනවා දුක නැති වෙනකම් අඩන්න ",

එහෙම කිව්වාම කෙල්ල මට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා මාත් කෙල්ලගේ ඔලුව අතගෑවේ හැමදේම හරි යයි කියන්න වගේ මටත් නොදැනීම මගේ ඇස් වලට කදුලු පිරුනේ ඒ අදුරු මතකයන් මගේ ඔලුවේ හොල්මන් කරද්දී

අවුරුදු 02 ට කලින් අද යුරී මුහුන දීලා ඉන්න තත්ත්වයට මාත් මුහුන දුන්නා ඇඩුවා දවස් ගනන් කෑමක් බීමක් නැ හරියට නින්දක් නැ මගේ ලග හිටපු හැමෝගෙන්ම මම ඈත් වුනා මට ඕන වුනේ තනියෙන් ඉන්න ඒත් ඒකෙන් වුනේ මගේ දුක වැඩි වුනු එක ජීවිතේ කිසිදෙයක් ගැන බලාපොරොත්තුවක් තිබුනේ නැ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා

සූයා මගේ උරහිසට අත තිබ්බාම තමයි මම මේ ලෝකෙට ආවේ මම කදුලු පිහිදගෙන සූයා දිහා බැලුවා කෙල්ල තාම ඉකි ගසන ගමන් අඩනවා මගේ ඇදුම් පවා කෙල්ලගේ කදුලු වලින් තෙත් වෙලා

" යුරී පැටියෝ දැන් ඇති මැනික ඔහොම ඇඩුවොත් ඔයා අසනීප වෙයි එහෙම වුනොත් ඔයාගේ නම්චිංගුට ගොඩක් දුක හිතෙයි නේ මගේ මැනික ඒක නිසා අඩන්න එපා "

මම යුරීව ඈත් කරලා කම්බුල් වල කදුලු පිහිදලා කිව්වා

" මැනික ඔයාගේ හිතේ තියෙන හැමදේම මට කියන්න මම අහගෙන එන්නම් "

යුරී හා කියන්න ඔලුව වැනුවා එයා වෙච්ච හැමදේම කිව්වා එක විනාඩියකට මට හිතුනා එයත් මම වගේම නේද කියලා කෙල්ලව එයාගේ යාලුවත් එක්ක  ගෙදර යවලා අපි දෙන්නා ආවා

" සනා......"

" හ්ම්ම්..."

" ඔයාගේ කතාවත් කියලා හිත නිදහස් කරගන්න බැරි ද ම්ම් "

සූයා මගේ දිහා අසරණ විදියට බලාගෙන කිව්වා ඔහොම බලන්න එපා සූයා මගේ දිහා අසරණ විදියට බලන්න එපා මම කැමති නැ

" වෙන වෙලාවක කියන්නම් "

මම සූයාට එහෙම කියලා එතැනින් ඉක්මනට ආවා නැත්නම් සූයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන හින්දා

මම රූෆ්ටොප් එකට ඇවිත් අහස දිහා බලාගෙන හිටියා සෝල් නගරය පුරා හමාගෙන යන සීතල සුලං රැලි ඇවිත් මගේ ඇගේ හැප්පිලා යද්දී මම අත් දෙක බැදගත්තේ සීතල දරාගන්න නිසා පුංචි පුංචි තරු අහස පුරාම හරියට චිත්‍රයක් වගේ අහස දිහා බලාගෙන හිටපු මගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" Miss you yunjeh....."

සියුම් ඉකියක් පිට වෙද්දී මම මිමිනුවා

" තමුසේ සීතලේ ඉදලා මැරෙන්න ද හදන්නේ "

ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා දන්න නිසා මම හැරුනේ නැ කදුලු පිහිදගෙන එහෙම්ම අහස දිහා බලාගෙන හිටියා

" සීතලට තමුසෙගේ කටත් වැහිලා ද "

අයිෂ් මේ මිනිහා නම් පුදුම වදයක් වුනා නේ මෙහෙටත් ඇවිත් වද දෙන්නේ

" තමුසේ මොන වෙඩිමකට ද මෙහෙට ආවේ "

මම රවාගෙන අහද්දී සුපුරුදු එවිල් ස්මයිල් එක දාගෙන ඇවිත් මගේ ලගින් හිට ගත්තා

" මම ආවේ මගේ Evil queen ව බලලා යන්න අනිත් එක මේක මගේ හොස්පිටල් එක "

" මැරිලා ද කියලා බලන්න ද දන්නේ නැ "

" තමුසෙව මරනවා නම් මරන්නේ මම විතරයි "

යකෝ මූ... මූ මරනකම් මම බලාගෙන ඉදියි කියලා ද දන්නේ නැ හිතාගෙන ඉන්නේ

" තමුසෙගේ විකාර කතා අහගෙන ඉන්න මට වෙලාවක් නැ "

මේකා එක්ක තව වචනයක් හරි කතා කලොත් මට යකා අවේස වෙන බව දන්න නිසා එතැනින් එන්න හැදුවේ ඒත් මගේ අතින් අල්ලලා නැවැත්තුවා

" මගේ අත අතහරිනවා "

" බැ "

ජන්කූක් එහෙම කියලා මාව ඇදලා එයාගේ ඉස්සරහට ගත්තා

" තමුසෙට පිස්සු ද මට වැඩ තියෙනවා "

මම ජන්කූක්ගෙන් බේරෙන්න හදන ගමන් කිව්වා

" තමුසේ මොකටද සොෆි ගැනයි ජිමින් හියුන්ග් ගැනයි හොයන්නේ "

" තමුසෙට පිස්සු ද මම කවුරුවත් ගැන හෙව්වේ නැ මට යන්න දෙනවා හෝතබුවො "

" එතකොට අද තමුසේ සූයා නූනාගෙන් ඇහුවා "

" ජිමින් මට රවාගෙන ගියපු නිසා මම ඇහුවේ මම දැනගෙන හිටියේ නැ සොෆිගෙයි ජිමින්ගෙයි සම්බන්ධය ගැන "

මම අන්තිම ටික හිමින් කිව්වා

" තමුසේ දැනගෙන හිටියා කියලා මොනවා කරන්න ද හලෝ මට මගේ නංගී නැතිවුනා හියුන්ග්ට එයාගේ ආදරේ නැති වුනා අපි හැමෝම විදවන්නේ සූහෝ නිසා "

ජන්කූක් කිව්වේ මගේ අත තද කරලා අල්ලන ගමන් මූ නිකන් කටුස්සෙක් වගේ නේ පාට මාරු කරන්නේ අනික හැම කෙහෙල් ඇවරියකට ම ඔප්පාව ගාව ගන්නේ

" මගේ ඔප්පා නෙවෙයි තමුසෙගේ නංගී මැරුවේ කියලා මම එදත් කිව්වා "

" එහෙනම් මොකාද මේක කලේ සූහෝ වැරැදියි කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා "

" ඉතින් තමුසෙ ගිහින් පොලිස්සියට භාර දෙනවකෝ "

මෙන්න යකෝ මු ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙනවා මූට මොලේ අමාරුවක්වත් තියෙ ද සූයාගෙන්වත් අහලා බලන්න ඕන මස්සිනා පොඩ්ඩට මොලේ අමාරුවක් තියෙද කියලා

" ඒක ඌට හොදයි වැඩියි ඌව මරන්න ඕන ටික ටික වද දීලා මුල් පියවර විදියට තමුසෙව මැරි කලා දැන් තමුසෙගේ මුලු ජීවිතේම අපායක් කරනවා එතකොට අරුට තේරෙයි මට කොච්චර වේදනාවක් දැනුනා ද කියලා "

ජන්කූක් එහෙම කියලා මාව තල්ලු කරලා දාලා යන්න ගියා

" මහ පුදුම පිස්සෙක් නේ මගේ අත........"

ඔව් ඔව් අර චෙකොස්ලෝවැකියානු උගුඩුවාගේ ඇගිලි පහෙන් හතරක්ම ටැටූ එකක් ගහලා වගේ අතේ හිටලා

" තමුසේ එච්චර දෙයක් කරනකම් මම බලාගෙන ඉදියි කියලා වෙන්න ඇති හිතාගෙන ඇත්තේ තමුසේ එහෙම නම් මාත් එහෙමයි "

මම එහෙම හිතාගෙන වෝඩ් එක පැත්තට ගියා

(සනාගේ ඔප්පා සූහෝ 🌝)

To be continue.............🖤

ඔන්න මම ආවෝ
කෝ ඉතින් මාව පිලිගන්න

අප්ඩේට් කරන්නේ නැද්ද කියලා ඇහුවා නේ ඔන්න එහෙනම් අප්ඩේට් කලා

ඕතර්ට ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා  😒
වේදනයි ඒත් කරන්න දෙයක් නැ

එහෙනම් කෙම්ලනේ මම ගියා

සරන්හේ මා රීඩස්ලා බබ්බුලා 💜️

Continue Reading

You'll Also Like

1.4M 60.6K 72
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
131K 17.9K 30
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
41.1K 7.1K 40
"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07...
8.8K 2.3K 38
හැම සතුටු දායක අවසානයක්ම "ඉන් පස්සෙ එයාලා දෙන්නා හැමදාමත් සතුටින් ජීවත් වුනා" කියලම ඉවර වෙන්න ඕන නැහැනෙ. සමහර සතුටුදායක අවසානයන් මේ විදියට ඉවර වෙන්නත...