𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

15

225 56 34
By KIM_SANG_MEE

" නෑ මේක වෙන්න බෑ. ඔයාට එහෙම යන්න බෑ. " මම කෑගැහුවා. ඒත් එක්කම මම යුන්ගි ඔප්පගෙ අතින් අල්ලගත්තා. " ඔප්පා දිගටම මතුරන්න. ආත්මය නිදහස් වෙන්න දෙන්න එපා. "

" ඒත් මියා "

" කියන දේ කරන්න " ඔප්පා මතුරන්න පටන් ගත්තා. මම හිතින් ඇෆ්‍රොඩයිට්ව මතක් කළා. ජින් ඔප්පගෙ ශ්ක්තියත් මතක් කළා. මට දැණුනා මාව ආපහු දිලිසෙනවා කියලා. ඒත් ඒ සුදු පාටින් නෙවේ. රතු පාටින්. මම පුළුවන් තරම් කටහඬ මිහිරි කරලා කතා කරන්න උත්සාහ කරා.

" කිම් ටේහියුන්ග්, මම නුඹව නැවත කැඳවනවා. ඔබ අප සමඟ අවසානය තෙක් රැඳී සිටිය් යුතුයි. මාගෙ අවසරය ලැබෙන තෙක් ජීවත් විය යුතුයි. "
විනාඩි ගාණක් ගතවුණත් කිසිවක් සිදුවුණේ නෑ.ඒත් ජිමින් ඉහළට අදිනවා ඇහුණා.

" බලන්න මියා, ඔයා ආර්ටෙමිස්ගෙ විතරක් නෙවේ. ඇෆ්‍රොඩයිට්ගෙත් ලෙෆ්ටිනන්ට්. බලන්න ඔයා දිහා. " චිමී කෑගැහුවා. ඒත් මම හිටියේ ටේ ගැන සිහියෙන්. මතුරපු එක නතර කරපු යුන්ගි ඔප්පා කතා කළා.

" ජලය නිසා අග්නිය විනාශ වුවත්, ආදරයේ දියණිය නැවත අග්නිය සුවපත් කරනු ඇත "

" ඒ අනාවැකිය. ජලය කියන්නේ මියා. අග්නිය කියන්නේ ටේ. එතකොට ආදරේ දියණිය කියන්නෙ, ඇෆ්‍රොඩයිට්ගෙ අළුත් ලෙෆ්ටිනන්ට් මියාටම තමා " මම තවත් බලාගෙන හිටියේ ටේගේ ඇස් දෙක දිහා. ඒත් එයා එකපාරටම ගැස්සුණා. එයාව දිලිසෙන්න පටන් ගත්තා. තුවාලෙ ආපහු හාවුණා. දෙතුන් පාරක් හයියෙන් කැහැපු එයා නැඟිටලා වාඩි වුණා.

" මම මේ මැරිලද ඉන්නේ? " ජින් ඔප්පා එයාගෙ ඔළුවට එකක් ඇන්නා.

" නෑ අණ්ඩපාලයෝ. අපිත් බයවුණේ එහෙම වුණා කියලා තමයි. ඒත් මියා "

" මියා, මියා ඇත්තමයි මට වචන නෑ කියන්න ඔයා ගැන. ඒක නම් හාස්කමක්. ඒ වගේ දෙයක් දෙවි කෙනෙක්ටවත් කරන්න බෑ. " මම එතුමියට යන්තම් හිනා වුණා විතරයි. ඒත් එක්කම මගෙ අවධානය යොමු වුණේ ජන්කුක්ට. මම පැනපු ගමන් එයාව බදා ගත්තා.

" ඕහ් මගෙ කෙල්ල. මම හිතුවෙ ඔයාව මගෙ කරගන්න බැරිවෙයි කියලා " එයා කතා කළේ මගෙ ඔළුව අතගාන ගමන්. මට ලොකු සැනසීමක් දැනෙද්දී මම එයාට තව ටිකක් තුරුල් වුණා.

" අකුණු ගහන්න පටන් අරන්. අපි දැන් යන්න ඕනි. උත්තරායනයට වුණා වෙලාව හරි. " කියපු ආර්ටෙමිස් හයියෙන් විසිල් කරා. සඳ එළිය දීප්තිමත් වෙද්දී අප ඉදිරියේ තිබුණේ කරත්තයක්. ඒක තමයි මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම කරත්තේ. ඒ කරත්තෙ ගැට ගහලා හිටපු මුවා සුරංගනා කතාවල ඉන්න මුවෙක් තරම් ලස්සනයි.

" නගින්න ළමයි "

" මේක මම හිතන එකද? " මම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන

" ඔව් ඔයා හරි මගෙ දරුවෝ " උත්තමාවිය පිළිතුරු දුන්නේ හිනාවෙන ගමන්. අපි හැමෝම කරත්තෙට නැග්ගා. මම ඒත් ජන්කුක්ගෙ අත අතෑරියෙ නෑ. එයා ඒ කියපු දේවල් මට තවත් විශ්වාස කරගන්න බෑ. මේ ගැන කියන්න ටේට කතා කරන්න හැදුවත් එයා මාව ගණන්ගත්තෙ නෑ. චිමීට හේත්තු වෙලා ඇස් දෙක වහගත්තෙ අමාරුවට වෙන්න ඇති. මම බාධා කළෙත් නෑ.

*****************

අපි මේ වෙද්දි ඔලිම්පස්වල සිංහාසන ශාලාවට යන ගමනුයි හිටියේ. මට ටේට කතා කරන්න ඕනි වුණත් මොකක්දෝ හේතුවකට එයා මාව මගෑරියා. ඒත් ඔලිම්පස්වල ලස්සන දැක්කම ඒ හැමදෙයක්ම මට ටික වෙලාවකට අමතක වුණා. ඒවා විස්තර කරන්න තරම් මට වචන තිබුණේ නෑ.

අවසානයේ අපි ඇතුළු වුණේ සිංහාසන ශාලාවට. මගෙ කට ඇරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එතන සිංහාසන හරියටම දහතුනක් තිබුණා. ඒ හේඩිස්ටත් එක්කම. විශේෂම දේ නම් එතන තිබුණේ නව තාක්ෂණය වුණු එකයි.

සියුස්ගෙන් පටන් ගත්තොත් එයා ෆුල් සූට් ගහලා හිටියේ.පොසෙයිඩන්ට නම් හවායි වල පෙනුමක් තිබුණේ. හේඩීසෙගෙ නම් පෙනුම කොහොමත් පාතාලේ වගේනෙ. මම මාළිගාව හෝදපු එකට තරහ නොගියොත් ඒ ඇති. හෙෆාස්ටස්ගෙ පෙනුම පිස්සු විද්‍යඥ්‍යෙක් වගේ. සූබිනා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒත් අර ලයර් එකද මොකක්ද වීණාව තියේනම් ඒ ඇති. හර්මීස් කොලුවත් එයාගෙ පාටමයි. හොර බැල්ම එහෙමම තිබුණා. ඒරීස් නම් ජෙනරාල් කෙනෙක් වගේ. ඩයනයිසියස්ට වෙරි පාටක් තිබුණෙ නැති එක ගැන නම් පුදුමයි. දෙවඟනන් ගැන කියනවනම්. ආර්ටෙමිස් හිටියෙ අපිත් එක්ක. සූබින් වගේම එයත් අපේ වයසෙ පෙනුමිනුයි හිටියේ. හේරා නම් කොහොමත් සියුස්ගෙ නෝනා වගේ ඉන්න ඔනිනේ. ඩිමීටර්ට තිබුණේ ගෙවිලියකගේ පෙනුමක්. ( දැන් ඉතින් චීත්තෙයි හැට්ටෙයි නම් මවාගන්න එපා ඈ ) ඇතීනගෙ පෙනුම සාමාන්‍යයි. ඇෆ්‍රොඩයිට් නම් ගින්දර. එයා ඒ තරම්ම ලස්සනයි. ගිනි උඳුන ළඟ වාඩි වෙලා හිටපු චූටි කෙල්ල හෙස්ටියා වෙන්න ඕනි. මම හොඳ සිහියට ආවේ කවුරුහරි කෙනිත්තුවා වගේ දැනිලා. ඒ චිමී

" මොකද යකෝ කොනිත්තන්නේ? ඒක රිදුණා"

"කියන තැනකට වඳින්නම් මියා. කට පරිස්සම් කරගන්න ප්ලීස්. මට ඕනි නෑ ගෙදර යද්දි අළු ගොඩක් බාල්දියකට දාගෙන යන්න. " මම චිමීට හිනාවුණා. එත් එක්කම සූබිනා කතා කළා.

" ඇතුළට පැමිණෙන්න වීරවරුනි. මගෙ චූටි නම්කිත් එන්න. "

" මම කාගෙවත් චූටි නංගියෙක් නෙවේ ඇපලෝ." කියපු ආර්ටෙමිස් සියුස්ට ආචාර කළා. ඇය සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළා.

" ඔයාලගෙ සේවය අගය කරනවා. ඔබලා ඔලිම්පස් ආරක්ෂා කළා. " ඕක නෙන්නම් කළේ. නැතුව මේ අපි ටාටරස් වලට විනෝද චාරිකාවක් ගියේ නෑනේ.  " ඉදිරියට එන්න පැමිණෙන්න ආර්ටෙමිස්ගේ ලුතිනන්. ඔබට ත්‍යාගයක් තිබෙනවා. කැමති දෙයක් ඉල්ලන්න. " 
ඉස්සරහට ගියපු මම හැමෝටම ආචාර කළා.

" ඔබගේ කරුණාවන්තකම ගැන කෘතඥ වෙනවා උතුමාණෙනි, මට කිසිම දෙයක් අවශ්‍ය නෑ. ඒත් මට ඉල්ලීමක් තියෙනවා. " මම කීවේ බයෙන් වගේ. ටික වෙලාවක් ඔරොවපු සියුස් උතුමණන් කතා කළා.

" කියමු බලන්න. "

" මම දන්නවා, ආර්ටෙමිස් උත්තමාවිය මාව තෝරගත්තා කියන්න. එතුමිය මාව විශ්වාස කළා. මම එතුමියගෙ තීරණයට ගරු කරනවා. ඒත් මට ඒ තනතුර භාරගන්න බෑ.  " මම පිටිපස්ස හැරිලා බැලුවා මගෙ යාළුවො දිහා " මට මගෙ පවුලෙ අය දාලා එන්න බෑ. අනික විශේෂ කෙනෙක් ඉන්නවා. එයාට මාව ඕනි. ආර්ටෙමිස් ගේ ලුතිනන් එතුමියගෙ ගමනට සහභාගි වෙන්න ඕනි. අනිත් අයගෙ ලුතිනන්ලා වගේ නෙවේනේ. මට මෙයාලාව දාලා එන්න බෑ. මට ගොඩක් ම පරක්කු වෙල පවුලක් ලැබුණේ. මට සමාවෙන්න. "

" ඒක ආර්ටෙමිස් තීරණය කරයි දරුවෝ.  " මම බැලුවෙ උත්තමාවිය දිහා.

" එසේය පියාණෙනි. මම මියාව තෝරගත්තා. ඒ වගේම ඇය හිතුවටත් වඩා හොඳින් වගකීම ඉශ්ට කළා. එයාට කැමති තීරණයක් ගන්න පුළුවන්. " ඒ වචන ඇහෙනවා එක්කම මට දැනුනු ප්‍රීතිය කියන්න වචන නෑ. මම පැනපු ගමන් එතුමියව වැළඳ ගත්තා. ඒතේඑ සැනිනිම ඈත් වුණා

" සමාවෙන්න. මම එකපාරට කලබලා වුණා. ඔබතුමියට ස්තූතියි. " මම කීවේ කඳුළු පුරවගෙන.

" ඕකට සමාව ගන්න ඕනි නෑ. කෝ එන්න ඔයා දැන් මගේ සහෝදරී වගේ තමයි මට. " එතුමිය මාව වැළඳ ගත්තා.

" වාහ් ඒකත් මරු " ඒ ඇපලෝ.

" කටවහගන්නවා!!!!! " උත්තමාවියයි මායි කෑ ගැහුවේ එකටමයි. හැමවෙලේම මූලක්ගින්නෙන් ඉන්න දේව සභාව ඒ සැරේ නම් හිනා වුණා.

" හරි එහෙනම්. ඔබව වගකීමෙන් ඉවත් කරනවා . ඒ වුණාට ආශිර්වාදය අයින් කරන්නේ නෑ. ඒක ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඔයා ඒක ලබන්න සුදුසුයි. එක අතකට මට දුකයි මියා. ඔයා නැතිවෙන එක ගැන. "

" මම තනතුරින් විතරයි අයින් වෙන්නෙ උත්තමාවියනි. ඕනිම වෙලාවක ඔබතුමියට උදව් කරන්න මම බැඳිලා ඉන්නවා."

" ඔයාට තව තෝරගැනීමක් කරන්න පුළුවන්. " ඒ සැරේ කතා කළෙ ඇෆ්‍රොඩයිට්. " මාත් ඔයාව තේරුවා මියා. ඔයා දැන් ඉන්නෙත් මගෙ විදිහට." එතකොටයි මම මගෙ දිහා බැලුවේ. දෙයියනේ මම ෆැශන් ශෝ එකකට යන්න වගේනේ.

" ඇෆ්‍රොඩයිට්ගෙ කතාව ඇත්ත මියා. ඔයාගෙ වශීකතනය එයාටත් වඩා බලවත්. ඔයා අපිට හිතාගන්න බැරි තරම් ම බලවත්. ඒක මම ඉස්සෙල්ලා දැක්කා. හැබැයි එතන තව දෙයකුත් තිබුණා. මේ ලෝකේ තියෙන බලවත්ම දේ. "

" මම ඒක දන්නවා ස‍ඳ දෙව්දූ, ඔයා කැමතිද මියා මගෙ ලෙෆ්ටිනට් වෙන්න? ඔයාට කඳවුරේම ඉන්න පුළුවන්. සියුස්ගේ ලෙෆ්ටිනට් වගේම."

" මම කල්පනා කරලා බලන්නම් උත්තමාවියනි. මට කාලය අවශ්‍යයි."

" හරි එහෙනම්. ඔයාලට පොඩි සාදයක් ලෑස්ති කරලා තියෙන්නේ. උත්තරායනය ඉවර වෙනකම් එළියෙ ඇවිදල කරලා එන්න. "




_____________________________________________

තව එක චැපියයි. කතාව අද හෝ හෙට ඉවරයි 😁

Continue Reading

You'll Also Like

5.3K 1.2K 11
සැබැවින්ම ධවල හීයක් බදු සුරූපී,හැඩකාර දරුණු කෙල්ලක්, ලේ බැඳීමකින් නොබැදුනත් ප්‍රාණ සම සහෝදරයින් සත් දෙනෙක්. මුලු ලොවෙන්ම සැගව සිටින අතිදක්ෂ අපරාධ...
1.7M 206K 163
အမျိုးသားကိုယ်ဝန်ဆောင် "ကော"များပါဝင်သည်။ အမ်ိဳးသားကိုယ္ဝန္ေဆာင္ "ေကာ"မ်ားပါဝင္သည္။
1.8K 347 8
"මොකක්...? චීනෙක් බදින්න මං...?? මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....." "ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද...??" "යැයි යැයි තමයි... ... මන් ආස නෑ සුදු...
58.9K 5.6K 25
Give your last breath to the world, then I'll recreate you as mine .