Pirates of the Athlantis| PJM...

By Whalien52_ft3

2.2K 762 140

" යා යුතු මග කුමක්දැයි නොඅසන්න කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න නුඹ නුඹටම සවන් දුන්විට එය නුඹටම වැටහී යනු ඇත " More

01| Beach
02| Captain jimin
03| I don't know
04| pirates
05| Royal ship
07| lonely
08| mermaid attack
09| Happiness
10| Black Pearl

06| Téir abhaile

162 73 7
By Whalien52_ft3

°°Pirate of the Atlantis°°

Chapter 06•


" මොකද්ද අපි දැන් කරන්නෙ? "

" අපි දිශාව වෙනස් කරමු! "

" නෑ- ආපස්සට හරවමු!! "

" කැප්ටන් උත්තර දෙන්න!! "

ඒ හරියටම මධ්‍යහන පහුවෙලා පැය දෙකකට විතර පස්සෙ, රාජකීය නැව දුරදක්නයක් නැතිව උනත් black pearl වාසීන්ට බලාගන්න පුළුවන් උනා. කැප්ටන් ජිමින් තවමත් නිහඬයි. පසී බයෙන් වෙවුලනවා. තමන්ගෙ ඉණ පටියට තියලා හදාගනිපු හම් බෑග්ගෙ ඇතුලෙ තිබ්බ පෙට්ටියට අත යවාගෙන හිටපු පසී ඒකෙන් අත අහකට ගත්තෙම නැහැ!

" අහහන්නවලා....." අන්තිමේ කැප්ටන් ජිමින් මහා හඬින් කතා කරන්න ගත්තා.


" අපි දිශාව වෙනස් කලත්, ආපස්සට හැරෙව්වත් දැන් අපි පරක්කු වැඩියි. අපිව අහු වෙනවා. ඒ ඇරත් මං එහෙම බයේ පැනලා යන ජාතියෙ මිනිහෙක් නෙවෙයි...ඒ නිසා අපි සටන් කරනවමයි! පලවෙනි කාලතුවක්කු උණ්ඩයෙ හඬ ඇහෙන්න ඕනි අපෙන්..ඒ වගේම දිනන්නත් ඕනි අපි!! " කැප්ටන් ජිමින්ගෙ ඒ වචන පසීගෙ හදවත සීතල කරමින් හුලඟට ගහගෙන ගියා. ජිමින්ගෙ අවසාන වචනය හමුවේ ජයගෝසා නගමින් හනි හනිකට වැඩ කරන්න පටන් ගනිපු මිනිස්සු දිහා පසී බැලුවෙ කම්පනයෙන්.

ඊලඟ මොහොතෙ පසීට උණුසුම් අතක ස්පර්ශය දැනුනා. එකපාරින්ම පසීගෙ මූණගාවින්ම මතු උනේ කැප්ටන් ජිමින්ගෙ මූණ. පසී ඒ තරම් කඩවසම් මූණක් ඔය තරම් ළඟින් දැකපු පළවෙනි වතාව ඒක.

" බයවෙන්න එපා...ඔයා දැන් කෙලින්ම කුස්සි අම්මා ගාවට යන්න. ආයෙ මම ඇවිත් කතා කරනකන් එලියට ඒන්න එපා. සටනෙන් දිනන්නෙ මම විතරයි ඒ නිසා කලබල නොවී සුපුරුදු සැහැල්ලුවෙන් ඉන්න. " ජිමින් පසීගෙ වැලමිටෙන් අල්ලගෙනම ඒ විදියට කියලා එකපාරම මොකද්දෝ මතක් උනා වගේ පසීව අතෑරියා.

" දැන් යන්න " ජිමින් ඒ විදියට කිව්වෙ අහක බලාගෙන. හෝන්දු මාන්දු වෙලා හිටපු පසී අන්තිම වතාවටත් ජිමින් දිහා බලලා එතනින් යන්න ගියා...

••••••••••••••••••••••••••••••

පලවෙනි කාලතුවක්කු හඬ ඇහුණෙ පසී නැව ඇතුලට ඇවිත් පැයකුත් ගෙවුණට පස්සෙ. කුස්සි අම්මා කියාපු විදියට ඒක පිට කරලා තියෙන්නෙ black pearl එකෙන්ලු. ඒත් ඊලඟ මොහොතෙ ඉදන් ඉස්සරහට තඅඩ හෝරාවක් යනකන්ම ඒ කාලතුවක්කු හඬවල් ඇහෙද්දිනම් පසීට හොදටම බය හිතුනා. සමහර වෙලාවලදි අනිත් පැත්‍තෙන් ආපු කාලතුවක්කු ප්‍රහාර වලින් නැව දෙදරලා යනවා.

තවත් අඩ හෝරාකවට පස්සෙ නැව මොකකදෝ ලොකු දෙයක වදිනවත් ,මිනිස්සු කෑ ගහනවත් වෙඩි තියාගන්නවත් පසීට හොඳහැටි ඇහෙන්න ගත්තා. ඉතුරු අඩ පැයම පසී ගෙවාදැම්මෙ කුස්සි අම්මා එක්ක බයෙන් ගල් ගැහිලා.

එකපාරම නැවට අයිති නැති රාජකීය හමුෆ්හා භටයෙක් වගේ පේන මනුස්සයෙක් කුස්සියට කඩා පහත් උනාම පසී වගේම කුස්සි අම්මත් හොඳටෝම බය උනා.

උගුර යටින් කෑ ගහන ගමන් අතට අහුවෙන හැම දේකින්ම හමුදා භටයට ගහපු පසීත් කුස්සිඅම්මත් අන්තිමේ භටයට ලොකු පෑන් එකකින් ගහලා තමා සිහි නැති කලෙ. සිහිය නැතිවුණ හැටියෙ පසී කුස්සි අම්මවත් එක්කකාසු කරගෙන අර භටයව බැදලා දැම්මා.

" මං ගිහින් බලනවා මැටිල්ඩා...තවත්නම් මට ඉවසන්න බෑ " අන්තිමේ බැරිම තැන පසී කුස්සි අම්මට ඒ විදියට කිව්වා.

" පසී නෝනෙ- කැප්‍ටන් සටනකට යන පලවෙනි පාර මේක නෙවෙයි. කැප්ටන් ලාබාල උනාට ඔයා හිතනවට වඩා ගොඩාක් දක්ෂයි. එයා නළල රැළි කරත් මිනිස්සු බයයි...ඒ තරමටම දරුණු වෙන්න පුළුවන් කැප්ටන්ට.ඒ නිසා බයවෙන්න එපා. "

" මං දාන්නවා- මට තේරෙනවා...කැප්ටන් දක්ෂයි. ඒත් මට මෙතන තනියම බලන් ඉන්නත් බැනෙ " ඒ විදියට කියපු පසී අර භටයගෙ කඩුව දෑතින්ම අල්ලගන්න ගමන් කුස්සියෙන් පිට උනා.

පසී නැව් තට්ටුවට ලංවෙද්දි ඇහුණෙ මිනිස්සු වේදනාවෙන් කෑ ගහන හඬවල් එක්ක මුසු උනෙ කඬු හඩවල් විතරයි. තට්ටුවට එකපාරටම කඩා පහත් වුණු පසීගෙ ඇස් වලට අහුවුණේ black pearl නැව ගාවින්ම මුහුදෙ භාගෙට ගිලෙමින් තිබ්බ රාජකීය නැව! ඒ වගේම රාජකීය භටයො තවමත් නැව් තට්ටුවෙ සටන් කරමින් හිටියා.

එකපාරම පසීට දැනුනා තමන්ගෙ ඉණ හරහා කාගෙ හරි අතක් යනවා. ජිමින් පසී ඉණෙන් අල්ලලා පස්සට කරන ගමන්පසීගෙ පැත්තට ආපු භටයෙක් එක්ක සටන්කරන්න ගත්තේ තරහෙන් දත්මිටි කාගෙන. ඒ භටයගෙ පපුවටම පයින් ගහලා නැවෙන් පල්ලෙහාට වට්ටපු ජිමින් පසී දිහා කේන්තියෙන් බැලුවා.

" මොකටද මෙහාට ආවේ!!??"

"උදවු කරන්න ! " පසී කියද්දි ඊලගට ජිමින් පසීහෙ අතින් ඇදලා තමන්ගෙ පිටට හේත්තු කරගත්තා. එකපාරම ඇදිලා ගියපු නිසා පසීගෙ අතින් කඩුව වීසිවෙලා බිම වැට්ටෙ ජිමින් තමන් දිහාට ආපු භටයෙකෙක්ක සටන් කරන්න ගනිද්දි.

ඊලඟ වතාවෙ ජිමින් පසීගෙ අතින් ඇඳලා තමන්ගෙ පපුවට හේත්තු කරගත්තෙ පිටිපස්සෙන් ආපු බටයෙක්ගෙ බඩ පාසා වෙන්න කඬුව අරිමින්.

"කිව්වමෙ එන්න එපා කියලා !! " ජිමින් තරහෙන්ම එහෙම කියලා ආයෙමත් පසීගෙ අතේ මැණික් කටුව ගාවින් අල්ලගත්තා.

ජිමින්ගෙ අතින් පසී අත ඇරුනෙ පසී දිහාවට ආපු භටයෙක්ගෙන් පසීව බේරගන්න ජිමින් පසීව තල්ලු කරපු වෙලෙයි. එවෙලෙ ලී පෙට්ටියක ඔලුව වැඳුණු පසීගෙ ඇස් බොඳවෙලා ගියත් අවසාන තත්පරයෙ පවා පසී දැක්කෙ ජිමින්ගෙ කඩවසම් මූණ...

••••••••••••••••••••••••••••••

ආපහු ඇස් අරිද්දි පසී හිටියෙ කාගෙදෝ සුවපහසු ඇඳක වැතිරිලා. තදින් රිදෙන ඔළුවට අත යවපු පසීට දැනුනා නළල වටේ යවපු බැන්ඩේජ් එකක්. ටික වෙලාවක් ඇඳේ වාඩිවෙලා ඔළුවත් අල්ලන් කල්පනා කරපු පසීට සිද්ධි සේරම එකක් නෑර ඔළුවක්පුරාම දුව පනින්න පටන්ගත්තා.එකපාරම පසී ඇඳෙන් පැන්නෙ කැප්ටන් ජිමින්ව හොයාගෙන යන්න හිතන්.

" තව ටිකක් විවේක ගන්න... නැත්නම් ඔය ඔළුවෙ කැක්කුම හොඳ වෙන එකක් නැහැ " එකපාරම කාමරේ කොනකින් කැප්ටන්ගෙ හඬ ඇහෙද්දි පසී ගැස්සිලා ගියා. ඔලුව හරවලා ඒ දිහා බලපු පසී දැක්කෙ අලුත් ඇඳුමකින් සැරසිලා කවිච්චියක කකුලුත් උඩ තියාගෙන ඉන්න කැප්ටන්ව. කැප්ටන් ජිමින්ගෙ අතේ දිලිසෙන වයින් වීදුරුවකුත් තිබ්බා. මුළු කාලෙ පුරාම ජිමින් පසීව තණි කොකර පසී ගාවින් හිටියා කියලා පසී දැනගෙන හිටියනම්....එහෙම උනානම් පසීට ජිමින් ගැන දැන් දැනෙනවට වඩා වැඩි දෙයක් දැනෙන්න තිබ්බා!

" කැප්ටන්!!! දෙයියනේ කැප්ටන්" එකපාරම මූණ පුරාම සතුටෙ සෙයාවක් ඇදිලා ගියපු පසී කාලෙකට පස්සෙ ඇත්තටම හිනාවෙවී ජිමින් ගාවට ලංවුණෙ හුරුබුහුටි විදියට. වැඩි දෙයක් නොහිතා ජිමින්ගෙ නිදහස් අත තදින් අල්ල ගනිපු පසී තමන්ගෙ සතුට ප්‍රකාශ කලා.

" ඒ කියන්නෙ සටනින් ඔය දිනුවා?නේද කැප්ටන් ?අනේ මට ගොඩාක් සතුටුයි...."

පසීටනම් අමුත්තක් නැති උනත් ජිමින්ටනම් ඒක ලොකු අමුත්තක් උනා. ඒ නිසාමයි කටේ කෙලත් හිඳිලා යද්දි ජිමින් පසීගෙන් තමන්ගෙ අත ඇදලා ගන්නෙ. එත් පසීටනම් ඒ ගැනත් කිසි ගාණක් නැති ගාණයි...

"කෝ අනිත් අය කැප්ටන්? "

"නැව් තට්ටුවෙ-සාදයක් දානවා..." ජිමින්ට කියන්න ලැබුනෙ එච්චරයි. උඩ පැන පැනම කැබින් රූම් එකෙන් පිටවුණු පසී නැව් තට්ටුවට දුවගෙන ගියේ තමන්ගෙ සතුට ඒ අයටත් ප්‍රකාශ කරන්න හිතාගෙන. තමන්ගෙ නළලෙ තිබ්බ බැන්ඩේජ් එකවත් පසීට ලොකු ප්‍රශ්ණයක් උනේ නැහැ.

ආයෙමත් පාරක් තමන්ගෙ හිත කලඹලා කාමරේ දොරෙන් පිටවෙලා ගියපු කෙල්ල දිහා ජිමින් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. මේ සාමාන්‍ය , වෙන ලෝකෙකින් ආපු පණ්ඩිත කෙල්ල නිසා ඇයි තමන් කැලඹෙන්නෙ කියලා ජිමින්වත් දැනගෙන හිටියෙ නැහැ.

" කැප්ටන් ජිමින් , තමුසෙ හිතනවා වැඩියි "තමන්ගෙම පපුවට තට්ටු කරගන්න ගමන් ජිමින් මේසෙ උඩ තිබ්බ තොප්පිය අතට ගත්තා.

" කැප්ටන් ජිමින් , තමුසෙ හිතනවා වැඩියි.... කැප්ටන් ජිමින් , තමුසෙ හිතනවා වැඩියි... " තමන් කියපු දේම කාමරේ මුල්ලක ඉදගෙන අණුකරනය කරපු ෆිලික්ස්ට හිනාවක් පාකරලා හැරපු ජිමින් ගාම්භීර විදියට කැබින් එකෙන් පිටවෙලා නැව් තට්ටුවට අඩිය තිබ්බා
.

ජිමින් යනකොටත් පසී ජැක් එක්ක නටනවා අනිත් අය සින්දු කියනවා....ඒක ජිමින්ගෙ ආසම සින්දුවක්. අනිත් අයටත් වඩා පසී ඒක හරි ලස්සනට කියනවා අහන් හිටපු ජිමින්ගෙ හදවත සතුටින් පිරිලා ගියා. ඒ තරම් චූටි දේකින් මේතරම් සතුටක් ලැබෙන්නෙ කොහොමද කියන එකම ජිමින්‍ට ප්‍රශ්ණයක්.

" අපේ කැප්ටනුත් ඔය් සින්දුව හරි ලස්සනට කියනවා....මොකද කිය්ණ්නෙ කැප්ටන්ගෙයි පසී නෝනගෙයි එකතුවුණු හඬින් ඒ සින්දුව ආයෙ අහමුද? " ජොජෝ ඒ විදිහෙ යෝජනාවක් කලේ පසී සින්දුව ඉවර කරන්නත් කලින්. ජැක් එක්ක නට නටා හිටපු පසී නැටුමයි සින්දුවයි දෙකම නවත්තලා ජිමින් දිහා භයපක්ෂපාතීව බැලුවා. හැමෝම නිශ්ශබ්දවෙලා... කොටින්ම වාදක මණ්ඩලේ පවා....

අන්න එතකොට පසීගෙ දිහාට අත දික් කරලා නටන්න ආරාධනා කරමින් ජිමින් සින්දුව පටන් ගත්තා ....

Look how the light of the town
The lights of the town are shining now
Tonight I'll be dancing around
I'm off on the road to Galway now
Look how she's off on the town

She's off on a search for sailors though
There's fine fellas here to be found
She's never been one to stay at home
Home you'll go and it's there you'll stay
And you've work to do in the morning
Give up your dream of going away
Forget your sailors in Galway

ඊලඟ මොහොතෙ ඉදන් පසීත් ජිමින්ගෙ තාලෙට සින්දුව කියන්න පටන් ගත්තෙ වාදක මණ්ඩලේත් වාදනය අටන් ගනිද්දි.

Téir abhaile riú, téir abhaile riú
Téir abhaile riú Mhearai
Téir abhail gus fan sa bhaile
Mar tá do mhargadh déanta

Come now and follow me down
Down to the lights of Galway where
There's fine sailors walking the town
And waiting to meet the ladies there
Watch now he'll soon be along
He's finer than any sailor so
Come on now pick up your spoons
He's waiting to hear you play them WHOOO!

Here today and she's gone tomorrow
And next she's going to Galway
Jiggin' around and off to town
And won't be back until morning

Téir abhaile riú, téir abhaile riú
Téir abhaile riú Mhearai
Téir abhail gus fan sa bhaile
Mar tá do mhargadh déanta

ජිමින්ගෙත් පසීගෙත් නැටුම බලන්න ලස්සන එකක් උනා...තාරුණ්‍ය උතුරමින් හිටපු කොල්ලෙකුගෙත් කෙල්ලෙකුගෙත් එක්තැන් වීම පවා ඇසට ප්‍රියයි...

ඒ වගේම ඒ මොහොතේ ජිමින්ටත් හොරා වෙමින් තිබ්බ දෙයක් තිබ්බා...

ඒ තමයි ජිමින්ගෙ හිත පසී කෙරෙහි බැඳෙමින් තිබ්බ එක...

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
1.1M 35.9K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
184K 3.9K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
31M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...