°°Pirate of the Atlantis°°
Chapter 09•
කිඳුරු ප්‍රහාරයෙන් දෙවෙනි දවසෙ,
පසී හිටියෙ රෑ අහසෙ පැහැදිලිව පේන නිල් තාරකාව දිහා බලාගෙන...සිද්ධ වෙන දේවල් තවමත් පසීගෙ හිතට අමුතුයි. ඇයි තමන්වම මේකට ඇදිලා ආවෙ කියන ප්‍රශ්ණෙටත් වඩා පසීගෙ හිතේ කොනක තමන් මේකට ආපු එක ගැන සතුටක් මෝදු වෙමින් තිබ්බා .පසී ගෙදර හිටියනම් වෙන්නෙ සුපුරුදු විදියට සුපුරුදු ජීවන චක්‍රය ගලාගෙන යන එක. ඒත් පසී මේ ලෝකෙට ආපු නිසා සිද්ධ උනු එක හොඳක් තිබ්බා...කාලෙකට පස්සෙ පසී හදවතින්ම ජීවත් වීමේ භාග්‍යය විදින්න අරන් තිබ්බා. පසී ඇත්තටම හිනාවුණා, කරන වැඩ වලින් විනෝද උනා, අලුත් අත්දැකීම් ලැබුවා , අලුත් යාළුවො ලැබුනා , හැමදාම පසීට ඉගෙනගන්න දේවල් තිබ්බා...
පසීගෙ වටේ තමන්ට ආපස්සට ජරා විදියට සලකන යාළුවො කවුරුවත් තව දුරටත් හිටියෙ නැහැ. මේ මුහුදු මංකොල්ලකාරයන්ගෙ හිත් පසී දන්න අඳුරන සෝබන මිනිස්සුන්ගෙ හිත් වලට වඩා අවංක ඒවා උනා....
" පසී..." කැප්ටන් ජිමින් පසීට එහාපැත්තෙන් අත්වැලට හේත්තු උනේ පසීව පුදුම කරමින්.
" කැප්ටන් ? "
" ලොකු කල්පනාවක වගේ...මම බාධා කලාද මන්දා.. "
" අනේ එහෙම නෑ කැප්ටන්, මම ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි කල්පනා කලේ. ඉතින් කැප්ටන් , තව කොච්චර දවස් යයිද අපිට කිඳුරු දූපතට යන්න? " පසී ඉක්මනට කතාව වෙන අතකට වෙනස් කලා.
" අනේ ළමයෝ..." ජිමින් කටකොනකින් හිනාවෙලා නිල් තාරකාව දිහා බැලුවෙ සුසුමක් හෙලන ගමන්.
" කිඳුරු දූපත තියෙන තැන කවුරුවත්ම දන්නෙ නැහැ. එහෙම දූපතක් තියෙනවා කියලා දන්නවා...ඒත් තියෙන්නෙ කොහේද කියලා දන්නෙ නැහැ... ඔයාමනෙ අපිට කිව්වේ නිල් තාරකාව දිගේ ඉස්සරහට යන්න කියලා. ඉතින් අපි ඉස්සරහට යනවා.. කවදම හරි අපිට ඒක හම්බවේවි..."
ජිමින්ගෙ හඬේ වෙනදට වඩා දුක්බර ගතියක් තිබ්බත් ජිමින් ඒක හංඟගන්න උත්සාහ කරමින් අහක බලාගත්තා. මොහොතකට ජිමින්ගෙ ඇස් අතරෙ අතරමං වෙලා හිටපු පසී ඒකෙන් මිදුනෙ ඒ නිසයි.
YOU ARE READING
Pirates of the Athlantis| PJM | Completed
Fanfiction" යා යුතු මග කුමක්දැයි නොඅසන්න කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න නුඹ නුඹටම සවන් දුන්විට එය නුඹටම වැටහී යනු ඇත "