08| mermaid attack

158 75 10
                                    

°°Pirate of the Atlantis°°

Chapter 08•

නැවේ උඩ තට්ටුවෙ ඉදන් පහල තට්ටුවට බහින පඩිපෙලේ පඩියක වාඩිවෙලා අත් දෙකම නිකටට තියාගෙන නිසල ගැඹුරු මුහුද දිහා පසී ඔහේ බලන් හිටියා. ඊට ටිකකට කලින් black pearl නැව යටින්ටින් තල්මසුන් යද්දි තිබ්බ උනන්දුව දැන් පසීගෙ ගෑවිලාවත් නැහැ.

ටික වෙලාවක් පසී දිහා බලන් හිටපු ජිමින් සුක්කානම ජොනතන්ට බාරදීලා ගිහින් පසී ගාවින් හිටගත්තා.

" අහ්ම් අහ්ම්..මොකද මේ පුංචි නෝනා කලකිරිලා වගේ...? " උගුර පාදන ගමන් ජිමින් කතාව පටන් ගත්තම පසී යාන්තමට හිනාවුණා.

" එහෙම නෑ කැප්ටන්...මං පොඩ්ඩක් කල්පනා කරා, එච්චරයි "

" මොනාද කල්පනා කලේ? ම්ම්ම්?"  කැප්ටන් ජිමින් පසීගාවින්ම පඩිපෙලේ වාඩිවුණා. පසීටත් ඒ ගැන ලොකුවට ගාණක් තිබ්බෙ නැහැ. ඔළුවෙ තිබ්බ පැස්බර පිහාටුවක් ගහපු තොප්පිය ගලවලා පැත්තකින් තියපු ජිමින් අතින් තමන්ගෙ දුඹුරුපාට කොණ්ඩෙ අවුල් කරගෙන පසී දිහා බැලුවා.


" මං මේ වැටුණු ලොකු ප්‍රශ්ණෙ ගැන...මට වෙලාවකට හිතාගන්න බෑ මං මේ ගමන යනවා කියලත්. කැප්ටන්- මගේ ලෝකෙදි මම සාමාන්‍ය මෝඩ කෙල්ලෙක්....

මට විශාදය නෑ....ඒත් මම ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි...

දවසෙ පැය විසි හතරම මම ෆෝන් එකේ....

මට තනියම ඉන්න ඕනි ඒත් මට තනියම ඉන්නත් බෑ....

මට යාළුවො ඉන්නවා ඒත් එහෙම වෙලත් මට තණිකම තදින්ම දැනෙනවා...

මම කොයිතරම් හොඳට හැමෝටම සැලකුවත් ඒ අය ආපස්සට ජරා විදියට මට සලකනවා..

ඒ ලෝකෙ මගේ ජීවන චක්‍රය නැවත නැවත වෙන්නෙ ඔය විදියට. කැප්ටන්...එහෙම කෙල්ලෙක්ට එකපාරම මේ වගේ දේවල් වලට මූණ දෙන්න උනාම වෙන දේ දරාගන්න බැරිව යනවා..." පසී විරාමයක් නොගෙනම හිතට ආපු සේරම කියාගෙන කියාගෙන ගියා. ජිමින්ට ඒවගෙන් භාගයක්ම නොතේරුනත් පසී ඒ ලෝකෙ කොයිතරම් දේවල් දරාගෙන හිටියද කියන එකනම් හොඳහැටි තේරුම් ගියා.

" හ්ම්ම්ම්...දුක් වෙන්න එපා- ඒක නෙවෙයි ඔයාගෙ ඔය කළු මුතු ඇටෙන් වෙන මුකුත් උදවු ගන්න බැරිද? හරියට අනිත් මුතු ඇටේ තියෙන තැනට දොරක් අරිනවා වගෙ? " ජිමින්ට උවමනා උනේ කතාව හොඳ පැත්තකට වෙනස් කරන්න. ඉතින් ජිමින්ගෙ ඒ උවමනාව සපුරමින් එකපාරම පුදුම උනු පසී හම් බෑග් එකෙන් පෙට්ටිය අතට ගත්තා.

Pirates of the Athlantis| PJM | Completed Onde histórias criam vida. Descubra agora