𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

13

205 54 25
By KIM_SANG_MEE

එනපොට නම් එච්චර හොද උනේ නෑ.හතර වටින්ම එක එක ජාතියේ රාක්ෂයෝ අපි දිහාවට දුවගෙන ආවා. එතන මිහිජාතයෝ,සයික්ලොප්ස්ලා, ටෙලිකීන්ස්ලා 100ක් විතර ඉන්න ඇති. හැබැයි ඒක නම් හරිම අසාධාරණයි. අපි 7 දෙනෙකුට එතන 100 ක් හිටියා. ඒත් සමගම හයිපරියන් එතනින් අතුරුදහන් වුනා. දෙපාරක් හිත හිත නොහිතපු අපි පහර දෙන්න පටන් ගත්තා. 

සටන දිගටම කෙරීගෙන ගියා. හැමෝම ආයුධ වගේම බලයන් පාවිච්චී කරා. ජින් ඔප්පා ගොඩක් පාවිච්චි කළේ වශීකතනය. ඒ පිහිටෙන් සයික්ලොප්ස්ලා තමන්ගෙම අයට පහර දෙන්න පටන් ගත්තා. යුන්ගි ඔප්පා දිහා බලන්නත් අමාරුයි. පාතාලේ ආත්ම එයාගෙ වටේට කැරකෙනවා. හොබියා කඩුවෙන් සටන් කරන ගමන් රාක්ෂයින් එකා දෙන්නව පොළව යටට බැස්සුවා. ජුනී ඔප්පගෙ වටේටම අකුණු පුපුරනවා. එයා අතේ තිබුණු ඒගීස් පලිහ නිසා රාක්ෂයෝ එයා ළඟට එන්න බය වුණා. චිමී හිටියේ පියාඹන ගමන්.මගෙ එහා පැත්තෙ හිටඖ ටේහියුන්ග් ගෙ ඇස් රත්තරන් පාටින් දිලිසෙනවා.එයා ඇත්තටම ලස්සනයි

මෙච්චර වෙලා ඊතල පාවිච්චි කරපු මම ටේහියුන්ග්ට කතා කලේ කිනිසි දෙක අතට ගන්න ගමන්.

"ටේ මාත් එක්ක හිමීට යමු. අපි ෂේප් එකේ හිර කූඩුව විවෘත කරන්න ඕනි." මම කියද්දි එයා අදහස අනුමත කරන විදිහට ඔළුව වැනුවා.  අපිට රාක්ෂයෝ පහු කරන්න බැරි වුණත් වෘකයෝ මගාරින්න බැරි වුණා. මට එයාලව විනාශ කරන්න බෑ කොහොමවත්ම. මමයි එයාලගෙ ලෙෆ්ටිනන්ට්.ඒත් එක්කම දෙවඟන මගෙ හිත ඇතුළෙ කතා කළා.

" එයාලව විනාශ කරන්න. එයාලා අඳුරු ආත්ම මිසක් මගෙ කට්ටිය නෙවේ. "
අසුරු සැණින් මම ඔවුන්ට පහර දුන්නා. එතන ඉතිරි වුණේ දූවිලි ගොඩක් විතරයි. මම දොරේ ලොක් එක කඩන්න හැදුවත් ඒක අමාරු වුණා.

" ටේ මට උදව් ඕනි. මේක ගිනියම් වෙනකම් රත් කරන්න. " ටේ ඒක රත් කරලා ලොක් එක කැඩුවා. මම කුටියට ඇතුළ් වුණා. මට ජන්කුක් ගාවට යන්න ඕනි වුණත් මම ගියේ උත්තමාවිය ළඟට. දම්වැල් කපලා මම එයාව නැඟිට්ටුවා. ඒත් එතුමිය ගොඩක් අපහසුවෙන් හිටියේ. මේ වෙලාවෙ එයා මගෙ වයසෙ ගෑනු ළමයෙක්ගෙ පෙනුමෙනුයි හිටියේ.

" උත්තමාවියනි, ඔබතුමියට කරදරයක් නෑ නේද?"

" මම හොඳින් දරුවෝ. මාව ඉක්මණට එළියට ගෙනියන්න. මේ කූඩුව මගෙ ජීවය උරා ගන්නවා."
ඒත් එක්කම ටේ ගියේ ජන්කුක් ගාවට

" අනේ මට සමාවෙන්න කුකී. මම එදා හැසිරුණු විදිහ වැරදියි. ඔයා මගෙ සහෝදරයා. ඒක හැමදාමත් එහෙමයි." මට පෙණුනු හැටිද? නැත්තම් ටේ ඇත්තටම අඬනවද?

" ඒක අමතක කරන්න. අපි දැන් යන්න ඕනි. " ජන්කුක් කීවෙ ටේගෙ උදව්වෙන් නැඟිටින ගමන්. මම කෙලින් බැලුවේ එයාගෙ ඇස් දිහා. ක්ෂණයකින් සියල්ල මගෙ ඇස් ඉදිරියෙ මැවී පෙණුනා. මම එයාට මෙච්චර ආදරේ කරන එක පුදුමයක් නෙවේ එහෙනම්. මට එයාට තුරුල් වෙන්න ඕනි වුණත් මේ ඒකට වෙලාව නෙවෙ.

අපි හතරදෙනාම කුටියෙන් එළියට ඇවිත් හිට ගත්තා. මම ජන්කුක්ගෙ අතින් අල්ල ගත්තා. මැද තිබුණු මිනී පෙට්ටිය දිලිසෙන්න පටන් ගද්දී හයිබ්‍රිඩ් පෙනී සිටියේ දෑකැත්ත අතැතිවයි.

" හිතුවට වඩා දක්ෂයි "

" මගෙ තේරීම කවදත් නිවැරදියි හයිපරියන්. මේක කතා කර කර ඉන්න වෙලාවක් නෙවේ." කියපු උත්තමාවිය හයිබ්‍රිඩ් ට පහර දෙන්න පැන්නා. අපිත් එතුමියට හවුල් වුණා.

************

ඒක නම් මහම මහ ගොන්කමක්. අපි කොහොමද ටයිටන් කෙනෙක් විනාශ කරන්නේ? ඒත් ආර්ටෙමිස් මොනවහරි කරයිනේ.එයාගෙ සටන් ක්‍රම හිතාගන්නවත් බෑ.

ජන්කුක්ටත් කඩුවක් ලැබිලා තිබුණා. එයා ඒකෙන් ටයිටන්ගෙ කකුල් වලට කෙටුවා.අමරණීයන්ගේ රුධිරය පිටතට එද්දි ටේ දස්කම් පෑවේ ගින්දර වලින්. මම කිණිසි දෙක අරගෙන ටයිටන්ගෙ හැමතැනකටම ඇන්නා.ඒත් මම දැකැත්තෙ වදින්නෙ නැතිවෙන්න පරිස්සම් වුණා. ගෑවුණත් ඇති ලෙප්ට් තමා

එකපාරටම ටයිටන්ගෙ කකුල් වැදිලා මම බිම් ඉන්ද වුණා.මම හිතන්නත් කලින් එයා මට දැකැත්තෙන් කොටද්දි මම ඇස් වහ ගත්තා.


______________________________

හායිම් 😶

Continue Reading

You'll Also Like

147K 15.8K 113
How to say I love you Description လူအချို့မှာ စတင်ကြုံတွေ့စဉ်က မျက်မုန်းကျိုးမိသော်ငြား ပိုပြီး ရင်းနှီးလာလေလေ သဘောကျမိလာလေဟူသည့် ခံစားချက်ကို ပေးစ...
1.1K 240 6
මරණය ~ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම පොදු දෙයක්. අපිට මැරෙන්න වෙනවා කවදම හරි දවසක... අපිට දාලා යන්න වෙනවා අපේ ආදරණීයන්ව කවදම හරි දවසක... ...
19.6K 3.1K 56
මායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a F...
242K 27.5K 78
Author. - Ye Yilou English translator. - Yuel-23 Status - Complete Genre . - Fanta...