අර උස බැම්මෙන් මං කොහොම පැන්නද කියලාවත් මට සිහියක් තිබුනෙ නෑ.. ඒකෙන් පැන්න ඊලඟ තත්පරේ ම මං හිටියෙ මහ පාර මැද බිම වකුටුවෙලා ඉන්න හ්‍යොංව තුරුළු කරගෙන..
හ්‍යොංව බේරගෙන පාරෙන් පිටට පැනපු කා එකක් ගහක හැප්පිලා පැත්තකින් තිබුනා.. කා එකේනම් ගන්න දෙයක් තිබුනෙම නැති තරම්. ඒක හොදටම චප්ප වෙලා තිබුනෙ. මිනිස්සු වට වෙලා ඇතුලෙ හිටපු ඩ්‍රයිවර්ව අමාරුවෙන් එළියට ගන්න ට්‍රයි කරනවා පෙනුනා..
මට තුරුල් වෙලා වෙව්ල වෙව්ල හිටපු හ්‍යොං එකපාරම මාවත් තල්ලු කරන් නැගිටලා කා එක දිහාට දුවන්න ගත්තම මාත් ඒ පස්සෙන් වැටුනා.. අපි එතනට එද්දිම කා එකෙ හිටපු ඩ්‍රයිවර්ව එළියට ගනිද්දි එයාව දැකලා මගෙ අත් කකුලුත් පණ නැති වුණා..
දෙයියනේ ජියෝ ආන්ටි...!!!
අනේ මේ සේරම හීනයක් වෙන්න.. නරක හීනයක් විතරක් ම වෙන්න..
"එයා මැරිලා.."
"ඔව් හුස්ම ගන්නෙ නෑ... කකුලකුත් කැඩිලා."
"නෑහ්... නෑ අහ්.. එයා මැරිලා නෑ.. එයාට එහෙම මැරෙන්න බෑ.. අනේහ් අනේ කවුරුහරි 112 කෝල් කරන්න ප්ලීස්..."
වට වෙලා ඉන්න මිනිස්සුන්ගෙ කතා වලට හිරවෙන පපුවත් අතින් තද කරන් මං අසිහියෙන් ම හුස්ම ඇද ඇද යාන්තන් කියාගත්තෙ හ්‍යොං එහෙමම සිහියක් නැතුව බිම ඇදන්වැටෙනකොට..
"දෙයියනේ හ්‍යොං... අනේ ඇස් අරින්නකො.. ඔයත් ඔහොම උනාම තනි මං මොනව කරගන්නද..."
නොනවත්වා ලේ විදින තුවාල මහ ගොඩක් එක්ක ඇම්බියුලන්ස් එකක් එනකල් බිම දිගා වෙලා හිටපු ආන්ටි ජියෝගෙ බොඩී එක ලඟම වැටිලා ඉන්න හ්‍යොංව තුරුලු කරන් මං ඉකි ගගහා කෑගැහුවා..
ආන්ටි හුස්ම ගත්තෙ නැහැ. ඇත්තටම ඒ පපුවෙ පණ චුට්ටක්වත් තියන බවක් පෙනුනෙ නෑ.. මේ මගෙ දෙවනි ඔම්මානෙ... එයාට මෙහෙම ලේසියෙන් යන්න දෙන්න බෑ.. මට කෑගැහිලා ඇඬුනා..
"පුතේ ඔය දරුවගෙ මූණ චුට්ටක් තෙමලා වතුර ටිකක් පොවන්න.."
ෆිශ් කේක් ශොප් එකේ අංකල් මගෙ දිහාට වතුර බෝතලයක් දික් කරගෙන අනුකම්පා මූණකින් කිව්වම මං වතුර ටිකක් ඉහලා හ්‍යොංගෙ මූණ තෙතමාත්තු කරා..
හ්‍යොං හිමීට ඇස් ඇරියා.. එයාගෙ ඇස්වලට මුලින්ම අහු උනේ ලේ ගල ගලාම ඇම්බියුලන්ස් එක අස්සට දාගන්න ආන්ටි ජියෝව...
"හ්‍යොං.. ඔයාට නැඟිටින්න පුළුවන් ද? අපි හොස්පිට්ල් එකට යන්න ඕනෙ.. ඔම්මව තනියම යවන්න බෑනෙ.."
මට තවත් මොනවත් ම කියන්න නොතියා හ්‍යොං මට වාරුවෙලා අමාරුවෙන් නැගිට්ටා..
"හදිස්සියේ යන්න ඕනෙ නෑ පීටර්.. එයා දැනටමත් නැතිවෙලා..."
නර්ස් කෙනෙක්ගෙ කටහඩට අපි දෙන්නම ආයෙමත් වෙව්ලලා ගියා.. මේ මිනිස්සුන්ට පිස්සුද? එයාලා කොහොමද එහෙම කියන්නෙ... එහෙම ලේසියෙන් මැරිලා යන්න ආන්ටි ඒ තරම් දුර්වල කෙනෙක් නෙවෙයි..
"එයාව එහෙම අතෑරලා දාන්න එපා අනේ ඉක්මනට අරන් යන්න ප්ලීස්..."
මං තියන හයිය සේරම එකතු කරන් නර්ස්ට වැදගෙනම කෑගගහා ඇඬුවා..
හ්‍යොං ඒ මුළු වෙලාවෙම හිටියෙ කොහෙදෝ ඈතක ඇස් අතරමං කරගෙන. එයාගෙ ඇස්වල එක කදුළු බිංදුවක්වත් තිබුනෙ නෑ.. එයාගෙ මේ හදිස්සි හැසිරීම මාව තවත් බය කලා...
"මෙතනම ඉන්න රත්තරනේ මං කා එක අරන් ඉක්මනට එන්නම්.."
ඇම්බියුලන්ස් එක පිටත් උනාට පස්සෙ මම හ්‍යොංව ෆිශ් කේක් ශොප් එකට එක්කන් ගිහින් පුටුවකින් ඉන්දවලා මූණ දෝතටම අරන් නලල චුට්ටක් ඉබලා පරිස්සමට ඔලුව අතගාන ගමන් කිව්වා.. එයාගෙ ඇස්පිල්ලමක හෙලවීමක්වත් නෑ...
"අනේ මෙයාව ටිකක් බලාගන්න අජුශී.. මං ඉක්මනට එනවා.."
ශොප් එකේ අංකල්ට හ්‍යොංව බාර දිලා මං එක හුස්මට පාරට දිව්වා.. ආන්ටි හොදින් ඇති කුකී... එයාට බෑ එහෙම ලේසියෙන් අපිව දාලා යන්න.. එයා හුඟක් හිත හයිය කෙනෙක්නෙ. ඉතිං මෙච්චරකල් වෙච්ච සේරම දරාගෙන හිටපු එකේ එයාට මේ දේ මොකක්ද... එයා අල්ලගෙන ඉදී.. එයාට පුළුවන්.. හැමදේම හොදින් වෙයි..
මං කම්මුල් තෙමාගෙන සීරුවට ගලන කඳුළු පිහින්නවත් වද නොවී පාර දිගට එක හුස්මට දිව්වා.. ආන්ටි හොදින් ඇති කුකී.. හැමදේම හොදින් වෙයි...
තියන අඩියක් ගානෙම මට මැවුනෙ ආන්ටිගෙ ලේ තැවරිච්ච මූණ.. එයාගෙ අර ලස්සන හිනාව කොච්චර මතක් කරන්න හැදුවත් මට මතක් කරගන්නම බැරි උනා... ඒ හැමවෙලාවෙම ලේ විලක් මැද එයා වැටිලා හිටපු හැටි මට මැවි මැවී පේන්න ගත්තා..
හොස්පිට්ල් එකට යන මඟදිගටමත් හ්‍යොංගෙ කිසි වෙනසක් තිබුනෙ නෑ.. එයා බරට හුස්ම ඇද ඇද කොහේදෝ ඈතක් බලන් හිටියා..
"නවත්තන්න.."
එකපාරම හ්‍යොං වින්ඩ් ස්ක්‍රීන් එකෙන් එළිය බලාගෙන හිමීට මිමිණුවා..
"හ්..හ්‍යොංහ්.."
"මේක නවත්තනවා ජොන් ජන්කුක්..."
හ්‍යොංගෙ කෑගැහිල්ලට මට පාර මැද්දෙම බ්‍රේක් එක පෑගුනා..
එයා කිසි කතාවක් නැතුවම කා එකෙන් බැහැලා අත මිටමොළවන් කා එකට ගගහා කෑගහන්න ගත්තම මාත් ඉක්මනටම බැස්සෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව.
"හ්.. හ්‍යොං ප්ලීස් නවත්තන්න හ්‍යොං.. අපි ඉක්මනින් ඔම්මා ලඟට යන්න ඕනෙ.."
හ්‍යොංව කොච්චර නවත්තන්න හැදුවත් එයා එක දිගටම කා එකට ගගහා කෑගලා අඬන එක නැවැත්තුවෙ නෑ... මට එයාගෙ හයියත්තෙක්ක හැරෙන්නවත් පුළුවන්කමක් තිබුනෙත් නෑ..
එයා හුඟක් දරුණුවට හැසිරෙන්න ගත්තා.. ඒ ලඟ තිබුණු ගලක් අරගෙන කා එක දිහාට දමලා ගැහුවම කා එකේ පිටිපස්සෙ වීදුරුව කුඩු වෙලා වීදුරු කෑලි සීසීකඩ විසි උනා..
අන්තිමට මං හ්‍යොංගෙ පිටිපස්සෙන් එයාව තද කරලා බදාගෙන කෑගහලම නහර ඉලිප්පුනු ඒ රතුපාට වෙච්ච බෙල්ල දිගට හාදු තවරන්න ගත්තම එයා අඬ අඬම මට වාරු උනා..
"ක්.. කුකීහ්.. කුකී ඒ මගෙ ඔම්මා කුකී.. මං.. මං එයාව මැරුවා කුකී... මං මහ තිරිසනෙක් දෙයියනේ මගෙ ඔම්මා.. මට ඔච්චරයිනෙ හිටියෙ කුකීහ්... මං.. මං එයාවත් මරාගත්තා.. මං මහ පව්කාරයෙක්..."
හ්‍යොං හුස්මක්වත් ගන්නැතුව දිගටම කියවන් යද්දි එයාගෙන් වැටෙන කඳුළු බිංදු ගානටම මගෙ ඇස්වලිනුත් කඳුළු ගලන් ගියා.. අපි දෙන්නා එකටම තුරුල් වෙලා ඇඬුවා...
"මට ඔම්මව ඕනෙ කුකී... ඇයි හැමෝම මාව දාලයන්නෙ.. මං ආදරේ කරන මිනිස්සුම ඇයි මට නැතිවෙන්නෙ.. ඇයි ඇයි ඇයි...? මුලින් සූමින් දැන් ඔම්මා.. ඊලඟට ඊලඟට.. මගෙන් ඈත් වෙලා ඉන්න කුකී... මට තව කෙනෙක්ව මෙහෙම දකින්න ඕනෙ නෑ.. ප්ලීස් යන්න.. යන්න... අ..ශ්... යනවා..හ් හ..හ් යනවා...හ්"
හ්‍යොං මාව තල්ලු කලත් මං හෙලවෙන්නෙ නැතුවම එයාව හිරට බදාගෙන හිටියා.. අන්තිමට එයා අඬාගෙන ම බිම දණගහගත්තා..
"ඔයයි කුකී එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ඒකනෙ මගෙ බර්ත්ඩේ විශ් එක... මේ ඒක ඉශ්ට වෙච්ච විදිහද ඔම්මා? මේ ලේ.. අන්තිමට ඔයාගෙ මූණවත් බලාගන්න බැරි තරමට හැමතැනම තිබුනෙ ලේ.. මට මේ ලේත් සුවඳයි ඔම්මා.. ඔයාව ඕනෙ.. මට ඔයාව ඕනෙ ඔම්මා... වේ?? ඇයි මං මෝඩයෙක් වගේ එතනින් පාර පැන්නෙ.. වේ?? වේ?? වේ???"
හ්‍යොංගෙ වේදනාබර කටහඩින් මුළු පළාතම දෙදුරුම්කෑවා..
"මේ වෙච්ච දේවල්වලට ඔයාට දොස් කියාගන්න එක නවත්තන්න හ්‍යොං.. එතන ඔයා නැතුව වෙන කෙනෙක් හිටියත් ආන්ටි ඔය දේ ඔය විදිහටම කරනවා.. ආන්ටි හොදින් ඇති හ්‍යොං බලාපොරොත්තු නැති කරගන්න එපා එයා මෙච්චර ඉක්මනට අපිව දාලා යන්නෙ නෑ..."
"කාවද ඔය රවට්ටන්නෙ කුකී.. මං මෝඩයෙක් නෙවෙයි... සූමින් ඔම්මවත් එයා ලඟට අරන්...එයාට බය හිතෙන්න ඇති මං වගේ පවුකාරයෙක් ලඟ ඔම්මව තියන්න.."
පොඩි එකෙක් වගේ ඉකි ගගහා මුමුණන හ්‍යොංව මං තවත් තදින් බදාගත්තා.. එයා වෙව්ලනවා..
"අපි දැන් යමු හ්‍යොං ආන්ටි තනියම හොස්පිට්ල් එකේ.."
එයා ඇත්තටම මේ ලෝකෙ දාලා ගිහින් හිටියත් එයාව තනි කරන්න මට ලෝබ හිතුනා.. ආදාහනය කරාට පස්සෙ අලු ටික බදාගන්නවට වඩා ආන්ටි පේන්න දකින්න ඉන්න මේ තත්පරෙත් හ්‍යොංට වටිනවා.
"මේ අහන්නකො හ්‍යොං.. ආන්ටි ඇත්තටම අපිව දාලා ගියත් ඒකට ඔයා හිත හදාගන්න ඕනෙ. ඕනෙම දේකට මූණ දෙන්න හිත හදාගෙන යමු අපි. එයාට දුර්වල පුතෙක් දකින්න ඕනෙ නෑ.. ඔයා කවදාවත් දුර්වලයෙක් වෙලා හිටියෙ නෑ හ්‍යොං.. ඔම්මා නිසා එහෙම වෙන්න එපා එයාට ඒක දරාගන්න බැරි වෙයි. ඔයා කිව්වා නේද සූමින් නූනා හුඟක් හොද කෙනෙක් කියලා.. ආන්ටිත් එහෙමයිනෙ. හොද මිනිස්සුන්ට දෙවියොත් හරි ලෝබයි. එයාලා ඉක්මනට හොද අයව එයාලා ලඟට ගන්නෙ ඒකයි. මේ නපුරු ලෝකෙ ඉදන් එයා සෑහෙන්න දුක් වින්දා හ්‍යොං. දැං අපි එයාට නිදහසේ යන්න දෙමු.. නරක තැනකට යනව නෙවෙයිනෙ... සූමින් නූනත් ඉන්නවනෙ එයා ආන්ටිව බලාගනී.."
හ්‍යොංගෙ ඇඬිල්ල නවතින්නෙ ම නැති තැන එයාවත් පපුවට තුරුලු කරගෙන සිනිදුවට ඔලුව අතගාන ගමන් මං දිගටම කියෙව්වා..
"ඔ..ඔම්මට යන්න ක්..කියන්න කුකීහ්.. ඒකට කමක් නෑ කියන්න.."
හ්‍යොං කඳුළු බේරෙන ඉදිමුණු රතු ඇස් දෙක්කින් මගෙ දිහා බලාගෙන වචන හිර වෙවී හිර වෙවී මුමුණද්දි මගෙ පපුව එහෙමම නැවතුනා..
හ්‍යොංගෙ තරමටම හිත රිදුනත් ඒ තරමටම කෑගහලා අඬන්න ඕනෙ උනත් මං සේරම දරාගෙන හ්‍යොංව වත්තන් කරගෙන ගිහින් කා එකෙන් ඉන්දලා හොස්පිට්ල් එකට එක්කන් ආවා..
"මිසිස් පාක් ජියෝ.. කෝ එයා.. මේ දැං චුට්ටකට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා අරන් ආපු කෙනා.."
හොස්පිට්ල් එකේ දොර ඉස්සරහදිම හම්බුනු නර්ස්ගෙ ඇගට කඩාපැනපු හ්‍යොංවත් ඇදගෙන මං හොස්පිට්ල් එක ඇතුළට දිව්වා..
අන්තිමට ආන්ටිව හම්බුනා.. සීතලට ගල් ගැහුනු සිනිදු අත් කකුල් එක්ක ලේ කැටි ගැහිච්ච මූණෙ සන්සුන් පාට හිනාවක් එක්ක එයා ට්‍රොලියක සැනසිල්ලේ නිදාගෙන හිටියා.. හ්‍යොං ආන්ටිගෙ නලලට තොල් තද කරන් වරුවක් විතර ම ඇඬුවා...
"කුකීහ්.. ඔ..ඔම්මගෙ ෆ්..ෆොටෝ එකක් තියෙයිද??"
"ඇයි හ්‍යොං..?"
"මට එයාව බලන්න ඕනෙ.."
හ්‍යොංගෙ වචනවලට මාව ගැස්සුනා.. එයා ආන්ටිගෙ ඔලුව අත ගගාම ආන්ටිව බලන්න ෆොටෝස් හොයන්නෙ ඇයි..?
"අහ්.. ආන්ටි මේ ඉන්නෙ හ්‍යොං.."
"මට එයාගෙ හිනාව බලන්න ඕනෙ කුකී.. මට මගෙ ඔම්මගෙ මූණ අමතක වෙලා කුකී.. මට එයාව මතක් වෙන්නෙම නෑ... මට මැවෙන්නෙම මේ මූණ. මට බයයි කුකී මට එයාව අමතක වෙයිද? මට එයා හිනාවෙලා ඉන්නව බලන්න ඕනෙ.. ලේ නැති මූණක් ඕනෙ මට.. මේ බලන්නකො අතත් මිට මොලවන්.. අනේ එයාට රිදෙන්න ඇති කූ.. එයාට හුඟක් රිදෙන්න ඇති..."
"නෑ හ්‍යොං එයාට රිදෙන්නෙ අද එයා වෙනුවට ඔයා මෙතන ඉදලා ඔයා වෙනුවට එයාට මෙහෙම අඬන්න උනානං. එයා දැන් සැනසීමෙන් ඉන්නෙ හ්‍යොං.. එයා හැමදාම දුක් උනා ඔයා වෙනුවෙන් දෙයක් කරන්න බැරිඋන එකට. ඒත් එයා අන්තිමට කරන්න පුළුවන් උපරිමම දේ ඔයා වෙනුවෙන් කලා.. ඉතිං එයා සතුටින් හ්‍යොං..."
***************
🤭
ඔන්න ජිමින්ව මැරුවෙ නෑ 😌
පරිස්සමට ඉන්න බටූස්ලා.. ආයිත් කොරෝනා වැඩීනෙ 🤧
සරංහේ 🥰💜💜