•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫�...

By TEO_TAE

6.6K 896 104

අලුතෙන් ඉපදුන මං ඇත්තටම මැරුණා..! More

1.♥️♥️♥️
2.♥️♥️♥️
4.♥️♥️♥️
5.♥️♥️♥️

3.♥️♥️♥️

1K 167 1
By TEO_TAE


♥️♥️♥️♥️♥️♥️





Taehyung's pov:

එකෙන් දෙකට දෙකෙන් තුනට තුනෙන් හතරට හතරෙන් පහට යනකන් අඩිදෙකක් වත් උස නැති පුංචිම පුංචි ඩෙස් බංකු වල උබයි මායි හිටියෙ කෑවෙබීවේ රණ්ඩු උනේ ඉගෙනගත්තෙ එකට...
ඒත් එකපාරට පහ වසරෙන් පස්සෙ හයේ උසඩෙස් එක්ක තනි පුටු දෙද්දි මාවයි උබවයි දෙකට කඩලා පන්ති දෙකකට දැම්මා...

ටීචල ඉස්සරහ කෙල්ලෙක් වගේ අඩලා අඩලා මං ආයෙම උඹ ඉන්න තැනට ආවාම අනික් උන් මට හූ කියද්දී උබෙ මූනෙ තිබුන සතුට!!!

ආයේම ඕලේවල් වෙනකන්න්...පන්තියේ..ground එකේ...ක්ලාස් එකේ මං උබ ගාවින්ම හිටියා...උබට දැනුනද මාව?

දවසක් දහයෙ ඉද්දි ෆුට්බෝල් ප්‍රැක්‍ටිස් වලදි උබ වැටිල ඔලුව පැලුනම මගෙ අත් දෙකට උබව අරන් කෑගහ ගෙන ගේට්ටුව ගාවට යනකන් මං දිව්වා...අඩුම තරමේ Ambulance එකේදිවත් මං උබව අතෑරියෙ නෑ...
ලේ ගොඩක් ගියපු නිසා උබට ලේ මදිවෙලා ලේ දෙන්න හොයද්දී... උබෙ ලේ වලින් තෙමිල හිටපු මං ඩොක්ටලා පස්සේ දුව දුව මගෙ ලේ උබට දෙන්න කිය කිය අඩද්දී....උන් එහෙම ගන්න බැහැ කියල කියද්දී...
ඒ වෙලාවෙ ඕ පී ඩී හිටපු උබලගේ තාත්තා නොවෙන්න එතන මං යකා නටලා....

අන්තිමේ උබේ ලේ ගෑවුන මගෙ ට්‍රේනින් කිට් එක හෝදන්නෙත් නැතුව අල්මාරියේ දාන් ඉද්දි
දවස් දෙක තුනකින් පස්සේ ඒකේ ගද එලියට එද්දිත්...මං ඉවසන් සද්ද නැතුව හිටියත් අක්ක ඇවිත් ඒක එලියට විසික් කලා... සතෙක් මැරිල වෙන්නැති කියල. මං නැති වෙලාවේ කාමරේ බලනකොට...

ඒත් ආයෙම රණ්ඩුවෙලා බැනල ඒ ඇදුම හෝදලා පරිස්සමට වේලල නමල මං රෙදි අස්සෙ හංගලා උබව බලන්න ආවා දවස් ගානක්....
සතියකට වගේ පස්සේ උබ ඇස් ඇරල ආයෙම තදකරන් කදුලු එක්ක මගෙ නම කියද්දී... ඇත්තමයි හරියට මට හිතුනෙ මං එදා අම්මෙක් උනයි කියල ...
මොකද අම්මත් දරුව අඩද්දි සතුටු වෙන්නෙ ඒ එකම එක මොහොතක විතර යි හින්දා....

ආයේම ටික ටික අපි අපේ දේවල් අපේ කරගනිද්දී උබ මගේ කරගන්නත් මං හැම වෙලේම දැගලුවා ....

ඒත්

උබ ක්ලාස් එකට එන ලස්සන කෙල්ලො දිහා බලල ඇන ඇන මට උන් පෙන්නද්දී...
දවසක්

" ඒ අර බලපන් කෝ අර කෑල්ල.....පට්ට ලස්සනයි බං.... අඩෝ මට ඒකි සෙට කරල දියන්කෝ....."

"උබට ඕනෙ දෙයක් දෙන්නම් මට ඒකි සෙට්කරල දියන් " කියද්දී....

"මට ඕන උබ බන් "

කියල හිතින් කියල මං උබේ නම්බරේ ඒකිට දුන්නා.....

හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ දරුව දන් දුන්නම එයාගේ දේවී කෑ ගහ ගහ දරු දුකට ඇඩුවා වගේ මං ඇඩුවා... හිතින්.

මං එදා පළවෙනි පාරට මැරුණා !

උබව අතෑරල උබේ නිදහසේ උබෙ ආදරේ විදින්න දෙනව කියල හිතන් ගෙදර ඇවිල්ල හිතහදාගෙන නිදියගත්තත්....

පහුවදා උබෙ කෙල්ලගෙ හොදම යාලුව මං යාලුකරගත්තේ මගෙ තණ්හාවට වෙන්න ඕන....

ඒත් හැබැය් ඒ තණ්හාව හින්ද ආයේ උබට ලංවෙලා ඉන්න පුලුවන් උනා....

ඒත් කෙල්ලෝ අතෑරලා උබ ගැම්මෙන් එක්සෑම් වලට බහිද්දී..අර අහිංසක කෙල්ලට දාහක් බොරු කියල මාත් ඒකි විසිකරලා උබ එක්ක කුප්පියට ආවා.....

ඒකි එදා මට සාප කරා...

ඒත් මං සතුටු උනා..මස් කට්ටක් හම්බුන බල්ලෙක් වගේ..

ඒ ලෙවල් ලියල ජිමිනගෙ ගෙදර සෙට් වෙලා අනික් උන් කරටි කැඩෙන්න බීවත් මතක තියාගනින් මං එදා බිව්වෙ නැ ....

උන්ට පේන්න යි මං එහෙම කරේ...
මොකද මට උබට කියන්න හිර කරගෙන ලොකු දෙයක් තිබුන හින්දා...

රෑ දොලහත් පැනල උබ ඇදට එද්දී ඉක්මනට දුවල උබට එහා පැත්තෙ මං නිදාගත්තේ ඒකය්...හීන් සැරේ වෙලාව යද්දි බියර් ගදට උබේ හුස්ම මගේ මූනට වදිද්දි..
කාමරේට ලාවට වැටුන පාරේ නියොන් එලියට උබව මට පෙනුනේ හා පැටියෙක් වගේ .....
ඉවසන්න බැරිම තැන දී .
ඔව් ඉවසන්න බැරිම තැනදි මං උබෙ තොල් දෙක ඉම්බා...

මං හිතුවෙ උබ ඒ වෙද්දිනුත් නිදි ඇති කියල...

ඒත් උබ එකපාරට ඇස් ඇරියා...

මට කරගන්න දෙයක් තිබුනෙ නැහැ.. ඒත් මං උබට කැමතියි කීවා...

" අඩෝ කුකියෝ මං උබට කැමතී බන්....උබට ආද.."

"ඊයා බන් පිස්සුද උබට...බීල බීල මරු කියවනවා.."

උබ අප්පිරියාවෙන් මට කියල දැම්මා...
ඒත්,
අනික් පැත්ත හැරිල නිදියන්න ඕන උන උබ එහෙම නොකර මාව බදාගෙන නිදියද්දී...

මං දැනගත්තා....!

වෙරි තිබුනේ මට නෙවෙයි කියල ....හැබැය් උබටත් නෙවෙයි කියලත්...!

එක්සෑම් රිසාල්ට් ආවා...අපි දෙන්නම ආයේ එකම යුනියට සෙට් උනා...ඒත්
මට හිතුනා උබත් මං ගැන හිතනවද බලන්න...

උබව මග ඇරිය මං...උබෙ ෆැකලියටවත් ඩෝම් එකටවත් ආවෙ නෑ...ඒත් නොදැක ඉන්න බැරිකමට හැමදාම ඇස් උබව හොයන් ආවා....

අන්තිමේ මට උබව තරම් උබට මාව වටින්නෑ කියල පෙන්නල උබ අලුත් කෙල්ලක් දාගත්තා...

මං ආයෙම මැරුණා...!

ඔව් මට ඕනෙ උනා උබට සාප කරන්න පලිගහන්න ඒත් මට ඒදේ කරගන්න බැරිඋනා... ඒ අතරෙ මට කෙල්ලක් හම්බවුනා.....
ඇත්තටම ඒකී පනපිටින් හිටිය සුරංගනාවියක්....ඒකිව දාගන්න සියගානක් පොරකද්දි මොකුත් නොකර එයා මං ගාව නැවතුනා...
මට හයියක් උනා ..
උබට පෙන්නන්න ඕන උනා මං උබ හින්ද තවත් නෝන්ජලයෙක් වෙවී ඉන්නැති එක...

ඒත් මට වැරදුනා .....
දවසක් උබ දාඩිය පෙරාගෙන මගෙ ඉස්සරහට ආවා..උබෙ ශර්ට් එකේ බොත්තම් පවා දාන් හිටියෙ වැරදියට...ඒත් මාව දැක්ක උබ ..
ඇත්තටම මාවයි ශේන්‍යවයි දැක්ක උබ
හිනාවෙලා යන්න ගියා...
ඒත් ඒ මූනෙන් ලොකු කතාවක් මට කීවා...
මට ඒක ඇහුනා..

Continue Reading

You'll Also Like

11.9K 1.8K 25
All Too Well - ඕල් ටූ වෙල් Taekook | Based On A True Story Completed Categories - Taekook & True Story/Events නුබත් සමගින් නුබේ තුරුලේ සිට සීත පොද ප...
29.5K 281 16
Blue was a human raptor hybrid along with her 3 sisters. They grew up together usually in captivity. The only human she ever trusted was her kinda da...
4.4K 1.1K 12
𝑰𝒔 𝒊𝒕 𝑺𝒖𝒔𝒑𝒊𝒄𝒊𝒐𝒏...? 𝑹𝒆𝒍𝒖𝒄𝒕𝒂𝒏𝒕...? 𝑨𝒏𝒈𝒆𝒓...? 𝑭𝒆𝒂𝒓...? 𝑺𝒂𝒅...? 𝑨 𝒍𝒐𝒔𝒔...? 𝑶𝒓 𝒊𝒔 𝒊𝒕 𝑳𝑶𝑽𝑬...??? 𝓛𝓞𝓥𝓔...