හ්‍යොං හිටියෙ එයාගෙ වචන අස්සෙ හිරවෙලා.. ඒත් අවුරුදු විස්ස පුරාවටම එකම එක බර්ත්ඩේ සප්‍රයිස් එකක් විතරක් ම හම්බුන සතුටට උඩපනින දඟකාර කොල්ලෙක්ගෙ හිතේ පිස්සු නටන හැම සිතුවිල්ලක්ම හ්‍යොංගෙ මූණෙන් ලස්සනට පෙනුනා..
අන්තිමට එයා සතුටින් කුකී... මං සැනසිලි හුස්මක් ගත්තා..
"හ්‍යොං අපි කේක් එක කපමුද?"
"අහ්.. මේ ඔම්මා.. අපි ඔම්මා එනකල් ඉමුද?"
අනේ හ්‍යොංට ආස ඇති.. ඒත් ආන්ටි ජියෝට එන්න විදිහක් නෑ කිව්වනෙ..
"ඔම්මා... ඔයා එනවද?.. අම්ම්.. නෑ මේ කුකී කේක් එකක් ගෙනත්... අහ් එහෙමද?? හරි ඔම්මා.."
මං මොනවත් කියන්නත් කලින් ෆෝන් එක කනට තද කරගත්තු හ්‍යොං තෑගි ගොඩක් හම්බෙච්ච පොඩි එකෙක් වගේ ලස්සන හිනාවක් එක්ක ආන්ටිට කෝල් කලා..
"අ.. එ.එයා එයි.. ඒත් ටිකක් පරක්කු වෙනවා කිව්වා... අ.. අපි කපමු මේක..."
අන්තිමට අර සතුටු හිනාවෙන් මහ පලුවක්ම අතුරුදහන් කරගෙන එයා අසරණයෙක් වගේ බිම බලන් මිමිණුවා.. ආන්ටි හොඳටම බිසී ඇති නැත්තන් එයා කවදාවත් හ්‍යොංගෙ දේවල් මඟාරින්නෙ නෑ..
"සෙංඉල් චුක්කාහම්නිදා
සෙංඉල් චුක්කාහම්නිදා
සරංහානන් ජිමිනී හ්‍යොං
සෙංඉල් චුක්කාහම්නිදා!!... වූහූ... විශ් එකක් කරන්න. විශ් එකක් කරන්න.."
මං ඉටිපන්දම් ටික ලස්සනට කේක් එක වටේට ගහලා ඒවා පත්තු කරලා කේක් එකත් අරන් හ්‍යොංගෙ ඉස්සරහට ගියාම එයා මුළු මූණම පිරිච්ච ලෝබ හිනාවක් එක්ක ටිකක් වෙලා ඇස් පියාගෙන ඉදලා ඉටිපන්දම් නිවලා කේක් එකෙන් කෑල්ලක් කපලා අතට ගත්තා..
එයා ඒක මගෙ කට ලඟටම ගෙනල්ලත් ආපහු මහ හදිස්සියකින් අත පහලට කලා.. ප්ෆ්ෆ්.. මෙයාට සැර කරන්න විතරක් නෙවෙයි ලැජ්ජා වෙන්නත් පුළුවන්නෙ..
"යා... තනියම කන්නෙ.. කෝ මට..."
හ්‍යොං කපපු ලොකු කේක් කෑල්ලෙන් බාගයක්ම එකපාර කටට ඔබාගද්දි මං කෑගහන ගමන් ඒ අත ඇදලා අරන් ඉතුරු කේක් ටිකෙන් කට පුරවගත්තා..
එයා ඇස් දෙක පුදුමෙන් බෝල කරගෙන කටත් චුට්ටක් ඇරගෙන බලන් ඉන්න විදිහ දැක්කම මට සද්දෙන් හිනාවක් පිට උනේ ඉබේටමයි..
ඊට පස්සෙ එයා ඔක්කොම පැත්තක තියලා ගිහින් මන් දුන්න ෆ්ලව බොකී එකයි ස්ටැචූ එකයි අතට ගත්තා.. ඒවා විනාසම වෙලා.. ඒත් ඉස්සල්ලා වගේ මගෙ ඇස්වලට කඳුළු පිරුණෙ නෑ... එයා දැන් සතුටින්.. ඉතිං මං මොකට දුක් වෙන්නද?..
හ්‍යොං සද්දයක් නැතුවම බිම බලන් බොකී එකේ තිබුනු තැලිච්ච මල් ටික අයින් කරලා දාලා ඉතුරු ලස්සන මල් අරන් ටේබල් එක උඩ තිබුන වාස් එක ඒවගෙන් පිරෙව්වා..
"සොරි.."
ටේබ්ල් එක උඩ තිබුනු ඉතුරු වුනු පොඩිවෙච්ච මල් ටික දිහා බලාගෙන එයා හෙමීට මුමුණද්දි එයා ඒ කතා කරන්නෙ මාත්තෙක්ක ද මල් එක්කද කියලා හිතාගන්න බැරි නිසා මං සද්දයක් නැතුවම හිටියා..
"මේ.. අම්ම්... අපි ලොතේ වල්ඩ් යමුද?"
හ්‍යොං දිළිසෙන ඇස් දෙකක් එක්ක එකපාරම අහද්දි මාව පුදුමෙන් පිම්බුනා.. දෙයියනේ ලොතේ වල්ඩ් යන්න එයත්තෙක්ක...
"බැරිද?"
"නෑ නෑ යමු.."
"ඉක්මනට චේන්ජ් කරන් එන්න.."
හ්‍යොං ලස්සන හිනාවක් එක්ක පිහියෙ ගෑවිලා තිබුනු අයිසිං තොගයක් ඇඟිලි අතරට අරන් කටේ ඔබාගන්න ගමන් කිව්වා...
මං හුස්මක් ගන්නවත් පරක්කු නොවී දුවගෙන ගිහින් ඉක්මනට ක්ලෝසෙට් එක අස්සට රිංගුවා.. දෙයියනේ මං මොකක්ද අඳින්නෙ.. එදා ක්ලබ් යද්දි ඇදන් ගියා වගේ එකක්නම් අදින්න හොදම නෑ.. හ්‍යොං කෑගැහුවත්තෙක්ක දේව මෙහෙයකට යන්නද කියලා..
"ආ.. මේක හොදයි.."
මං මහ හදිස්සියෙන් එතන තිබුනු සේරම ඇදුම් එළියට ඇද ඇද දඟලද්දි හ්‍යොං එක පාරම ඇවිත් ඒ අස්සෙන් අත දාලා ඇඳුමක් අරගෙන මට දික් කරන් කිව්වා..
යා... මේ මොකක්ද මේ... මේක තනිකරම කලුයිනෙ.. කිසිම ලස්සනක් නෑ.. මට බෑ මේක ඇඳන් යන්න... මාත් මොකට මේ වගේ ඇඳුම් මෙහෙ උස්සන් ආවද මන්දා... අශ්...
මගෙ හිත දිගටම පිස්සෙක් වගේ කෑගැහුවත් මං මුකුත්ම නොකියා ඔලුව වැනුවා..
අන්තිමට හ්‍යොංගෙ අර විනාඩි දෙකේ කාර් රේස් එකෙන් පස්සෙ වේගෙන් ගැහෙන පපුවක් එක්ක මං හිටියෙ ලොතේ වල්ඩ් එකේ එන්ට්‍රන්ස් එක ලඟ. හ්‍යොං මඟදි ගත්තු පීනට්ස් තොගයක් හප හප මට එහා පැත්තෙන් හිටගෙන හිටියා..
ඒකනම් තනිකරම දිව්‍ය ලෝකයක්.. දවල්ට මෙහෙ ඇවිත් තිබුණත් මේ රෑක ආපු පළවෙනි වතාව.
මගෙ ජීවිතේ ගෙවුණු සතුටුම දවස්වලින් උඩින්ම මේ දවස තියාගන්න පුළුවන් වෙන තරමෙ ලෝබ මතකයන් මහ ගොඩක් ඒක අස්සෙ ගොඩ ගැහුනා.. අද ලස්සනට ම ගෙවිච්ච දවසක් වෙන්නයි යන්නෙ...
අපි මුලින්ම මැජික් අයිලන්ඩ් එකට ගිහින් ඇති වෙනකල් විනෝද උනා.. ඊට පස්සෙ මියුසියම් එකට චුට්ටක් ඔලුව දාලා පස්සෙ රස කෑම ගොඩකුත් කාලා ස්කේටින් කරන්න ගියා.. හ්‍යොංටනම් ඒක හොදටම පුරුදුයි... එයා පිස්සුවෙන් වගේ හිමේ එහෙමෙහෙ යද්දි මමත් ඒ පිටිපස්සෙන් ගියා..
ඒත් එකපාරම කෙනෙක්ගෙ ඇගේ හැප්පිලා මාව වැටෙන්න යද්දි හ්‍යොං කොහෙන්දෝ මතුවෙලා මගෙ ඉන වටෙන් අත දාලා මාව තදින් අල්ලගත්තා..
මං බයටම ඇස් පියාගෙන හිටියත් හ්‍යොංගෙ හුස්ම හරි තදින් මගෙ බෙල්ල පාමුලින් වදිද්දි මං හිමීට ඇස් ඇරියා.. එයාගෙ මූණ මගෙ මූණට හුඟක් ලං වෙලයි තිබුනෙ.. ඒ තියුණු දිලිසෙන ඇස් අස්සෙ මගෙ ඇස් අතරමං වුණා...
එයාගෙ තොල් හිමීට මගෙ තොල්වලට බර වෙද්දි මං ආයිමත් ඇස් පියාගත්තා.. ඒ තොල්.. මට ඒවා මහ හුඟක් මිස් උනා..
ඒත්තෙක්කම මං ඇස් ඇරියෙ මාව කැරකිලා ගිහින් හ්‍යොංගෙ අතින් අතෑරෙනවා දැනුනම... අ..ශ් එයා හිතාමතාම මාව අතෑරලා ආපහු හැරිලා අනිත් පැත්තට යන්න ගත්තම මාත් එයාගෙ පස්සෙන් පන්නගෙන ගියා..
අපි එතනත් සෑහෙන වෙලාවක් විනෝද වෙලා තව තව ගේම්ස් මහ ගොඩකුත් කරලා අන්තිමට ලොතේ වල්ඩ් එකෙන් එළියට එද්දි ජිමිනි හ්‍යොං මේ ඉන්නෙ එයා නෙවෙයි කියලා හිතෙන තරමටම ලොකු සතුටකින් හිටියේ.. එයාගෙ ඇස්වල දිළිසෙන සතුටු කඳුළු බෝල බෝල පිරිලා තිබුනා...
"ඔයාට තව කොහෙහරි යන්න ඕනෙද?"
"අපි කා එක මෙහෙමම දාලා පාර දිගේ චුට්ටක් ඇවිදන් යන්..?"
හ්‍යොංට ගෙදර යන්න හිතක් නෑ වගේ දැනුන නිසා මං එහෙම කිව්වම එයා ලස්සන හිනාවක් එක්ක කා එක ආයිමත් ලොක් කලා..
"යමු.."
එකපාරම මගෙ අතින් අල්ලගත්තු හ්‍යොං සැහැල්ලු හුස්මක් එක්ක මාවත් ඇදගෙන යන්න ගත්තම මං සතුටද බයද කියලා හිතාගන්න බැරි අමුතු හැඟීමකින් ගල් ගැහිලා ගියා.. දෙයියනේ එක දවසට එයා ඔයාට ඕනෙවටත් වඩා ලං වෙලා කුකී..
අපි දෙන්නා කිසි කතාවක් නැතුවම ටිකක් දුර ඇවිදන් ගියා.. එයා හිටියෙ සෝල් සිටි එක මැද්දෙ අතරමං වෙච්ච සුරදූතයෙක් වගේ.. සෝල් කොහොමත් රෑට හරි ලස්සනයි... එයා රෑක ගෙදරින් එළියෙ ඉන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ ක්ලබ් එකක හරි කොහෙහරි සිහිය නැතිවෙන තැනකනෙ. ඉතිං එයාට මේ ලස්සන ජීවිතේ සෑහෙන්න මඟෑරෙන්න ඇති.. එයා පොඩි එකෙක් වගේ දිළිසෙන ඇස්වලින් ඒ මුළු හැඟීමම හිතේ හැටියට වින්දා..
"තෑන්ක්ස් කුකී.."
"ඇයි..?"
"සෝල් මෙච්චර ලස්සනයි කියලා මං දැනන් හිටියෙ නෑ..."
අන්තිමට එයා අත් දෙක දෙපැත්තට දික් කරන් බර හුස්මක් උඩට ඇදලා සැහැල්ලු පාටට කිව්වා..
"රෑට කොයි සිටි එකත් හරි ලස්සනයි හ්‍යොං.. ඉස්සර ජුනී හ්‍යොංවුයි මායි රෑට ටවුන් යනවා ඇවිදින්න... එයා හරි ආසයි ඇවිදින්න.. ඒ යද්දි මාවත් එක්කන් යනවා.. අපි බුසන්වල හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදලා ඇති.."
"මොකාද ජුනී කියන්නෙ?"
හ්‍යොංගෙ සතුටු හැඟීම අඩුවක් නැතුවම මටත් බෝ වෙලා තිබුන හින්දම ද කොහෙද මාත් හුරතල් හිනාවක් එක්ක දිගටම ඔහෙ කියවන් ගියා.. ඒත් හ්‍යොං එකපාරම පාර මැද්දෙම නැවතිලා ජුනී හ්‍යොං ගැන අහද්දිනං මාව ගැස්සිලා ගියා... අ..ශ් එයා කොහොමද එකපාරම මෙහෙම වෙස් මාරු කරන්නෙ.. දැං ටික්කට කලින් ඒ මූණෙ තිබ්බෙ මේ ලෝකෙ ඉන්න සතුටුම මනුස්සයගෙ හිනාවනෙ.. ඒත් දැං එතන ඉන්නෙ රවාගෙන ඉන්න නපුරු රාක්ශයෙක්..
"මං දෙයක් ඇහුවා ජන්කුක්.."
"එ.. ඒ මගෙ..."
"තමුන්ගෙ මොකාද? තටමන්නෙ නැතුව ඉක්මනට කියනවා.."
"ල්..ලොකු ඔම්මගෙ පුතා.."
"අ..ශ්... කලින් කියන්න එපැයි.."
ඊට පස්සෙ එයා කිසි දෙයක් නොවිච්ච ගානට ලොකු හිනාවක් මූණට අරගෙන උඩ පැන පැන පාර දිගට දිව්වා..
අ..ශ් මෙයාට මොනව වෙනවද එකපාරම..
"කුකී ෆිශ් කේක් කමුද?"
පැත්ත පළාතකවත් ෆිශ් කේක් කඩයක් පේන්න නැතිකොට හ්‍යොං ෆිශ් කේක් කමුද අහද්දි කියන්න දෙයක් හිතාගන්න බැරි උනත් මං ආසාවට ම ඔලුව වැනුවා..
"මෙතනින් පැන්නනං අතන ශොප් එකට යන්න පුළුවන්..."
අන්තිමට එයා අඩි හයක් හතක් විතර උස බැම්මකින් පාතට එබීගෙන කෑගැහුවා.. යා.. මට බෑ... දෙයියනේ මෙතනින් පැන්නොත් බෙල්ලත් කැඩෙයි..
"යං යං ඉක්මනට යං ඒක වහන්න හදන්නෙ..."
මේ රෑ දොළහට ලං වෙනකලුත් කඩේ ඇරන් ඉන්නෙ ඒ මනුස්සයාටත් පිස්සුද මන්දා.. අ..ශ්.. ඔයාට ඉපදුනු දවසෙම මැරෙන්න ඕනෙ වෙලාද හ්‍යොං... අනේ ඔම්මා මට නං බෑ මෙතනින් පනින්න...
"යමුකෝ..."
හ්‍යොං ලෝකෙ තියන එකම ෆිශ් කේක් කඩේ සදහටම වහන්න හදනවා වගේ මහ හදිස්සියෙන් කෑගහනවා..
"මට බෑ..."
"ඇයි බයද?"
අශ්... ඔම්මාහ්...
"නෑ මං බය නෑ.. මට දැං කන්න බෑ..."
"ප්ෆ්ෆ්ෆ්... බයගුල්ලා... මෙතනම ඉන්නවා මං ඉක්මනට ගිහින් එන්නම්.."
"යා... මං බය නෑ.. කිව්වනෙ මට කන්න බෑ කියලා... යමු ගෙදර.."
"ඔයාට එපා උනාට මට ඕනෙ.. ඔහොමම ඉන්නවා තනියම මෙතනින් පනින්නෙ එහෙම නෑ බෙල්ල කැඩෙයි ආ.."
මුරණ්ඩු කොල්ලෙක් වගේ කෑගහපු හ්‍යොං මං මුකුත් කියන්නත් කලින්ම බැම්මෙන් පහලට පැනලා කවදාවත් දැකලා නැති තරමෙ හරි ලස්සන හිනාවක් මට දීලා පාර හරහා දුවන්න ගත්තා..
"පරිස්සමින් ඔතනම ඉන්නවා..."
හ්‍යොං පිටිපස්ස හැරි හැරී කෑගහන දිහා මූණෙ ලොකු හිනාවක් තියන් බලන් හිටපු මං ඒත්තෙක්කම ආපු කෝල් එක නිසා ෆෝන් එකට ඔලුව ඔබාගත්ත පමාවට එකපාරම ඇහුනෙ කන් බීරි කරවන තරමෙ ලොකු බ්‍රේක් සද්දයක්... කෑගැහිල්ලක්.. මොකක හරි තදට වාහනයක් හැප්පෙන සද්දයක්.. මහ විලාප ගොඩක්...
'ඔයාට ඉපදුනු දවසෙම මැරෙන්න ඕනෙ වෙලාද හ්‍යොං...'
එකපාරටම මගෙ ඔලුවට ආවේ ඔය සිතුවිල්ල විතරයි..
මගෙ අතින් එහෙමම ෆෝන් එක අතෑරුනා..
*****************
චිමීව මරමුත... 😌
මේක හුඟක් කැතයිද අනේ... වීව්ස් හොඳටම අඩුයිනෙ.. 🥺🤧🤧
කියවන ඔක්කොටම ආදරෙයි ඉතිම්... 🥰💜💜
පරිස්සමට ඉන්න... 🥰