මං එක හුස්මට ලෑස්ති වෙලා පහලට දිව්වා.. මං යද්දි හ්‍යොං පාකින් ලොට් එකේ තව හැන්ඩ්සම් බෝයි කෙනෙක් එක්ක කා එකට හේත්තු වෙලා ලොකු කතාවක..
"දැං ඔය පස්ස කැඩිච්ච කඩියා වගේ දුවන් ආවෙ කාල එහෙමද?"
මාව දැක්ක ගමන් එයා ආයිමත් ඇස් නපුරු පාට කරන් කෑගැහුවම මං හුස්ම ඇද ඇදම නෑ කියන්න ඔලුව වැනුවා.. දුවලම මට හති..
"විනාඩි පහක් දෙන්නම් ඉක්මනට ගිහින් කාලා එනවා.. ඔක්කොම කන්න ඕනෙ මං ආවම බලනවා.."
මං හා කියන්න ඔලුව වනලා අනිත් අතට ආයිමත් රූම් එකට දිව්වා...
රාම්‍යොන් ටික එක කටට ගිලලා දාපු මං සැන්විච් ටික අතට අරන් කකාම ආයෙත් පහළට දිව්වා...
මං පරක්කුයි ද? මං පරක්කුයි ද? මගෙ ඔලුවෙ තිබුනෙම ඒක.. මං එනකොටත් එයා හෝන් එක උඩ නැඟගෙන මුළු පලාතම හෙල්ලෙන්න ඒක ඔබාගෙන හිටියෙ.
"තමුසෙ දේව මෙහෙයකට යන්නද ඕක ඇදගත්තෙ? අ..ශ්.. ඔය කට වටේ පිහගන්නවා.. තමුන් තප්පර විස්සක් පරක්කුයි... යන්න ඕනෙනම් ඉක්මනට නඟිනවා.."
මගෙ උඩ ඉදන් යටටම සැර බැල්මක් දාපු හ්‍යොං කා එක අස්සෙන් ඔලුව දාන් කෑගැහුවා.. එයා දාලා යයි කියලා බයටම මං ඉක්මනට කා එකට නැඟලා හරිබැරි ගැහිලා ඉදගෙන ලොකු හුස්මක් ගත්තා.. අ..ශ්.. මෙයානං මහ පුදුම හදිස්සිකාරයෙක්...
"ඔය සීට් බෙල්ට් දාගන්නවා. නැත්තන් පස්සෙ පසුතැවෙන්න වෙයි.."
කෝකටත් සූදානම් ශරීරෙ හොඳ නිසා මං ඉක්මනටම සීට් බෙල්ට් එකත් දාගත්තා...
"ටේ.. ටූ මිනිට්ස්.."
හ්‍යොං එයාගෙ යාළුවගෙ කා එක දිහා බලලා කෑගහද්දි එයත් හෝන් එක ගහන ගමන් කා එක පාරට දැම්මෙ හ්‍යොං එක්කමයි...
එතනින් එහාට හුස්මක්වත් ගන්න වෙලාවක් ඉතුරු උනේ නෑ.. ඇස් පිල්ලමක් ගහලා ඇස් අරින පමාවටම අපි හිටියෙ ක්ලබ් එකක් ඉස්සරහා... ඒ ආපු වේගෙට කා එක හැප්පුනානං එහෙම කෙස්ගහක්වත් හොයාගන්න බැරිවෙන තරමට චප්ප වෙනවා..
"ඔතන ඉදගෙන බිත්තර තම්බනවද? බහිනවා ඉක්මනට.."
නොනවත්වා වේගෙන් ගැහෙන පපුවට අත තියාගෙන වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටිය මං හ්‍යොංගෙ කෑගැහිල්ලට සියවෙනි වතාවටත් ගැස්සුනා..
හ්‍යොංලා මාව ගණන් නොගෙන ක්ලබ් එක ඇතුළට යද්දි මාත් අතරමං උන බලු පැටියෙක් වගේ ඒ පස්සෙන් වැටුනා..
මෙතන හරි අමුතුයි.. මෙතන ඉන්න මිනිස්සුත් අමුතුයි. බාගෙට ඇඳුම් ඇඳගත්තු, යුන්මී නූනගෙ ජාතියේ ගෑනු ළමයිනුයි බීලා මග දිගට වැනි වැනී යන හ්‍යොංගෙ ජාතියේ පිරිමි ළමයින්ගෙනුයි මුළු ක්ලබ් එකම පිරිලා තිබුනා..
ඒ හැමෝගෙම වගේ අත්වල ලස්සන වීදුරුවලට පිරවිච්ච පාට පාට සැර බීම ජාති ගොඩක් තිබුනා.. එහෙන් මෙහෙන් වදින බල්බ් එළි අස්සෙන් මහ සද්දෙට ඇහෙන මියුසික් එකකට පිස්සුවෙන් වගේ නටන කට්ටියක් වෙනම පැත්තක හිටියා... හ..හ් මේකනම් මහ විකාර තැනක්..
"මාව අඳුරන්නෙ නැති ගානට ඒත් මට පේනමානෙක ඉන්නව.."
මගෙ නිකටට අත තියලා ඇරුණු කට වහන ගමන් නපුරු පාටට ඇස්වලට එබීගෙන මුමුණපු හ්‍යොං මේසයක් උඩ තිබුනු ලොකු සැර බීම බෝතලයක් අරන් කටට හලාගෙන එයාගෙ යාලුවත්තෙක්ක එයාලව වටකරගත්තු ගෑණු ළමයි ගොඩක් අස්සට රිංගගත්තා..
හ්‍යොං ගියාට පස්සෙ මං මට පුළුවන් තරම් වෙලා ඉවසීමෙන් ඉදගෙන හිටියා.. පැයක් දෙකක්.. සමහරවිට ඊටත් වඩා වෙලාවක්... මට පාළුයි.. මෙච්චර සෙනඟක් මැද්දෙත් මට තනියි... එයාලා ගියා ගියාමයි තාමත් නෑ..
"හේයි.."
කරන්න ඕනෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඔහේ ෆෝන් එක අරන් ගේම් එකක් ප්ලේ කර කර ඉද්දි ටිකක් හුරුපුරුදු උස බෝයි කෙනෙක් එකපාරම මගෙ මූණට එබුනා..
"ජන්කුක් නේද? මාව මතකද?"
ම්හු.. කොච්චර කල්පනා කලත් මට ඒ කවුද කියලා මතක් උනේම නෑ..
"මම සූහෝ. කිම් සූහෝ..."
"දෙයියනේ සූහෝ... ඔයා වෙනස් වෙලා.."
ඒ මගෙ කොලේජ් කාලෙ යාලුවෙක්. යාලුවෙක් කිව්වත් එහෙම ලොකු යාලුකමක් අපි අතරෙ තිබුනෙ නෑ.. අපි නිකම්ම ක්ලාස්මේට්ලා..
සූහෝ එකපාරම ඇවිත් මාව තද කරලා බදාගත්තා. මට ඒ හග් එකේ අමුත්තක් දැනෙන තරමටම තදින්... ඒක විනාඩියක් විතර දිග හග් එකක්.. එයා ටිකක් මත් වෙලත් හිටියෙ..
මං අමාරුවෙන් සූහොගෙන් ඈත් වෙද්දි එයා මගෙ කර වටෙන් අත දාලා මට වාරුවෙලාම එහා පැත්තෙ තිබුණු පුටුවට බර උනා..
"ඉතිං මචන් මොනාද අලුත් විස්තර? දැං කෙල්ලක් එහෙම ඇති නෙහ් කොල්ලට.."
සූහෝ අහපු දේ නිසා මොකක්දෝ හේතුවකට මට මතක් උනේම ජිමින් හ්‍යොංව..
"ආ..ව් ආ..ව් කොල්ලා රතු වෙලා... සිරාවටම කෙල්ලක් ඉන්නවද බං? ඒත් උඹට හරියන්නෙ නං කෙල්ලෙක් නෙවෙයි සැර කොල්ලෙක්.."
මාව ආයෙත් අමුතුවෙන් රතු වුණා.. අ..ශ් මොනවද මෙයා කියවන්නෙ...
"හරියට මේ මන් වගෙ.."
ඊළඟට සූහොගෙ මත්බර කටහඬ කන ලඟින් මිමිණෙද්දි මාව ගැස්සිලා ගියා.. එයා මට කැමතියිද.. ඒත් කොලේජ් කාලෙ මට එහෙම දෙයක් දැනුනෙවත් නෑනෙ... එ..එයාට සුමී එක්ක affair එක්කුත් තිබුනෙ.
"කාත්තෙක්කද ආවෙ?"
"අ..අහ්?"
"තනියමද ආවෙ? අහ්ම්.. ඇතුළට යන්ද මාත්තෙක්ක?"
"හ්..හ්‍යොං එක්ක ආවේ..."
එයා ඇතුළ කියලා අදහස් කලේ කොහෙද කියලා මට හිතාගන්න බැරි උන නිසා මං බිම බලන් හිමීට මිමිණුවා..
"හ්‍යොං?? මං දන්න විදිහට නං ඔයාට හ්‍යොං කෙනෙක් හිටියෙ නෑ.. ඔහෝ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"
ඔව් කියන්නද නෑ කියන්නද කියලා මට හිතාගන්න බැරි උනා.. ඔව් කියලා එයාව අඳුන්වලා දෙන්න කිව්වොත් මං මොනවා කරන්නද... ජිමින් හ්‍යොංව බෝයිෆ්‍රෙන්ඩ් විදිහට අඳුන්වලා දෙන්නයැ.. අ...ශ්
"නෑ එහෙම වෙන්නත් බෑ.. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනං ඔයා වගේ ස්වීට් කොල්ලෙක්ව මෙහෙම තැනක තනියම දාලා යන්නෑනෙ..."
මහ අසරණ හැඟීමක් එක්ක මගෙ ඇස්වලට කඳුළු පිරුණා.. ඔයා මොන එහෙකටද මෙතනට ආවෙ ජන්කුක්.. ගෙදරට වෙලා කාලා හොඳට නිදාගන්නනෙ තිබුනෙ. එහෙනම් මෙච්චර හිත රිදෙන්නෑනෙ..
"හේයි බේබී ඇයි මේ කඳුළු?? ආ යූ ඕකේ ජන්කුකා?"
සූහෝගෙ දිග ඇඟිලි මගෙ කම්මුල් දිගේ ගලන කඳුළු බිංදු උඩින් තද වෙද්දි මං දැක්කෙ ගිනි පිටවෙන ඇස් දෙක්කින් මගෙ දිහා බලන් ඉන්න හ්‍යොංව.. දෙයියනේ එයා කොයි වෙලාවෙද මෙතනට ආවෙ?
"මූව දන්නවද?"
"අහ්?"
"මූ මොකාද?... මූ එක්ක තමුන්ට තියන ගනුදෙනුව මොකක්ද ආ?"
හ්‍යොංගෙ කටහඩට මං විතරක් නෙවෙයි වටේ හිටපු කීපදෙනෙක්මත් ගැස්සිලා ගියා..
"ඔහෝ මිස්ටර් පාක් ජිමින්.. වචන පරිස්සමෙන්.. ඔයා ඔය සැර කරන්නෙ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට..."
සූහෝ මගෙ ඉන වටෙන් අතක් යවලා මාව තුරුල් කරගන්න ගමන් හ්‍යොංගෙ මූණට එබීගෙන මිමිණුවෙ මං ඒ හැඩිදැඩි අත්වලින් ගැලවෙන්න දගලද්දි.
මොනවද මේ මනුස්සයා මේ කියවන්නේ... හ්‍යොංගෙ ඇස් ඒ වචනත්තෙක්ක ගැස්සුනා.. එයා මං දිහා බැලුවෙ මහ කේන්තියකින්.
"ස්...සූහෝ ම්හ් මේ මගේ හ්..හ්‍යොං.."
"ඔහ් කවුද දන්නෙ බබී කලින් කියන්න එපැයි... මං දැනන් හිටියෙ නෑනෙ ජිමින්ට මෙච්චර කියුට් ලස්සන දොංසෙං කෙනෙක් ඉන්නව කියලා.."
ජිමින් හ්‍යොං මගෙම අයියා නෙවෙයි කියලා දැන දැනම සූහෝ අමුතු කරගත්තු කටහඩකින් කියවන දිහා මං බලන් හිටියෙ පුදුමෙන් ඇස් බෝල කරගෙන. මෙයාලා දෙන්නට මොනව වෙලාද..?
"එයාව අතාරිනවා.."
"මොකද තමුසෙට සෙට් වෙන උන් ඔක්කොම මගේ පස්සෙන් වැටෙන්නෙ ආ පාක් ජිමින්.. යුන්මී අන්න මගෙ අපාට්මන්ට් එකේ... කෙල්ලට ඇවිදගන්න බැරිවෙයි සතියක්වත් යනකල්.."
එතකොට යුන්මී නූනා සූහෝ එක්ක අෆයා එකක් පටන් අරන්ද? ඊයෙනෙ මෙයාලා බ්‍රේකප් උනෙත්.. දෙයියනේ මොනවද මේ වෙන්නේ..
"තමුසෙ මූව අඳුරනවද?"
හ්‍යොං සූහොව ගණන් නොගෙන මගෙ මූණට එබුනා.. ඒ අඩවන් වෙච්ච ඇස් කේන්තියෙන් රතු වෙලා...
"අහ්?"
"මං දැං කිව්වෙ ජිමින් ජන්කුක් කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. අපි අඳුරන්නෙ කොලේජ් කාලෙ ඉදන්.."
"අහ්.. ෆක්... තමුන් ඔය නල්ලමලේ බෑයි ෆැන්ඩ් එක්කම එනවා. මං යනව.."
මගෙන් මේ දේවල් ඇත්තද කියලවත් නාහා මාව පැත්තකට තල්ලු කරලා දාපු හ්‍යොං එයාගෙ ඇගේ එල්ලෙන්න බලන් වටේ දැවටි දැවටි හිටපු කෙල්ලො ටිකත් ගසලා දාලා ටේබල් එක උඩ තිබුනු වොඩ්කා බොට්ල් එක්කුත් අරන් ක්ලබ් එකෙන් එළියට ගියා..
"ජිමින්ව අවුස්සගන්නෙ නැතුව උට පාඩුවෙ ඉන්න දෙනවා සූහෝ.. වෙච්ච දේවල් හොදටම ඇති. මොකද කෑවා මදි වෙලාද ආයෙ රඟන්නෙ ආහ් හහ්.."
හ්‍යොංගෙ අර හැන්ඩ්සම් යාලුවත් සූහොගෙ මූණට එබීගෙන මුමුණලා මටත් ගස්සගෙන යන්න ගියා..
මාත් ඒ පස්සෙන් දිව්වෙ මේ උන දේවල් නිසා හ්‍යොං මාව දාලා යයි කියලා බය හිතුන හින්දා..
මං යද්දි හ්‍යොං කා එක ස්ටාට් කරගෙන මහ සද්දෙකින් ඒක රේස් කරන ගමන් හිටියෙ.. මං ගිහින් කා එකට නඟින්න හැදුවත් ඒක ලොක් කරලා තිබුනෙ. එයා වින්ඩ් ස්ක්‍රීන් එකෙන් එළිය බලාගෙන දිගටම කා එක රේස් කරා..
"හ්‍යොං අනේහ්.. අනේ මේක අරින්නකෝ.. "
මං දොරට ගහ ගහ කෑගහන්න ගත්තම එයා එකපාරම කා එක ඉස්සරහට ඇද්දුවා.. ඒත්තෙක්කම මාව කකුල පැටලිලා බිම වැටුනෙ අත් දෙකම ලේ එන තරමට සීරීගෙන...
හ්‍යොං සද්දෙට බ්‍රේක් එක පාගගෙන කා එක නවත්තගත්තම මං තනියමම නැඟිටලා ගිහින් ආයිත් කා එකේ දොර ඇරියා.. ඒ පාර නම් කිසි කරදරයක් නැතුවම දොර ඇරුනා...
"තමුසෙට හරියකට ඇවිදගන්නවත් බැරිද? ආ මේකෙන් පිහිදගන්නවා.."
හ්‍යොං ටිෂූ පේපර් පහ හයක් මගෙ ඔඩොක්කුවට විසිකරන ගමන් කෑගැහුවා.. හරියට මං හිතාමතා වැටුනා වගේනෙ මෙයා කෑගහන්නෙ..
මං කඳුළුයි ලේයි ඔක්කොම එක ටිෂූ එක්කින් පිහලා අනිත් ටිෂූස් ටික තුවාලවලට තෙරෙපෙන්න අතේ ගුලි කරගත්තා.
"හ්..හ්‍යොං... අනේහ් ප්ලීස් හෙමින් යන්.. ඔයා බීලත්තෙක්ක ඉන්නෙ..."
"මං මේ පුරුදු වෙන්න යනවා නෙවෙයි ජන්කුක්.."
ජන්කුක්...? එයා ඇයි මාව එච්චරටම ඈත් කරලා..
"තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ආහ්? අ..ශ් ඉදන් ඉදලා ඇති උනාම එනවා මං යනව.."
එයා කා එකෙන් බැහැලා අපාට්මන්ට් එක දිහාට ගියේ ශටර් එකෙන් එළිය බලන් කල්පනාවක හිටපු මාව එතනම දාලා.. අපි මෙතනට ආවෙ කොයි වෙලාවෙද කියලවත් මට සිහියක් තිබුනෙ නෑ...
මං කා එකෙන් බහින්න හදද්දිම ආන්ටි ජියෝගෙන් කෝල් එකක් ආවා..
"කූ.. අනේ බබා හරි වැඩේනෙ.. අද චිමීගෙ බර්ත්ඩේ එක.. ශිට් ඒක මට කොහොම අමතක උනාද මන්දා... මට මේ වැඩ අස්සෙ එන්න විදිහකුත් නෑ බබා ඔයාට පුළුවන් නම් එයාව චුට්ටක් ශේප් කරන්න.."
එක හුස්මට කියවන් ගියපු ආන්ටි කෝල් එක කට් කලා..
දෙයියනේ අද එයාගෙ බර්ත්ඩේ එකද?? අද දවසම උනේ එයාට හිත රිදෙන දේවල්.. පව් එයා කොච්චර පවුද... අනික මං දැනුවත්ව කවුරුත් එයාට විශ් කලෙත් නෑ.. අඩුගානෙ එයාගෙ ඔම්මා අප්පාවත්... මට එහෙම ඔහොම උනානම් මං අඬලම මැරිලා යයි..
ඔයාට පුළුවන් අද එයාගෙ සතුටුම දවස කරන්න කුකී... ඒකට චූටි ප්‍රසන්ට් එක්කුයි ලස්සන කේක් එක්කුයි විතරයිනෙ ඕනෙ.. අපි එයාට පිස්සු හැදෙන තරමෙ සප්‍රයිස් එකක් දෙමු..
එහෙම හිත හිතම මං පයින්ම පාකින් ලොට් එකෙන් එළියට ආවා..
ඒත්තෙක්කම ආපු ටැක්සි එකට නැඟලා කෙලින්ම බුසාන්වල තියන අපේ ශොපිං මෝල් එක ගාවින් බැස්සා..
ඔම්මවත් අප්පාවත් දන්න කියන කවුරුවත්ම නැතුව තැනකට තනියම ගියපු පළවෙනි වතාව.. දැං රෑ වෙන්නත් ඇවිත්.. නෑ ඔයා මේක කරන්නම ඕනෙ කුකී එයා වෙනුවෙන්නෙ... මං හිත හයිය කරගත්තා..
මුළු ශොපිං මෝල් එකම අනිත් පැත්ත පෙරලුවත් මට හිතට හරියට දෙයක් තෝරගන්න බැරි උනා... ඔයා හරියට එයා ආස දේවල්වත් නොදැන කොහොමද ඔහොම හොද ගිෆ්ට් එකක් හොයාගන්නෙ කුකී.. එයා කොහොමත් අමුතු කෙනෙක්නෙ.. එයා ආසත් අමුතු දේවල්වලට... අ...ශ්..
අන්තිමට රෑ අටට විතර මං අපාට්මන්ට් එක ඉස්සරහා හිටන් හිටියෙ මටත් වඩා ලොකු මල් බොකී එකක් එක්ක පොඩි ස්ටැචූ එකක් උස්සගෙන.. එයා මේ වගේ අහිංසක පාට තෑගිවලට කැමති වෙයිද දන්නෑ...
මං තව චුට්ටන් කේක් එක්කුත් ඕඩර් කලා.. ඒකත් මඟ එනව ඇති... ඔයා සතුටු වෙනවනම් මට ඕනෙ එච්චරයි හ්‍යොං.. එක තත්පරේකට හරි ඔය මූණට හිනාවක් ගේන්න...
මං රූම් එකේ දොර ඇරන් ඇතුළට යද්දි දැක්ක දෙයින් මගෙ කකුල් දෙකත් පණ නැති උනා.. මුළු රූම් එකම විනාස කරලා.. හ්‍යොං බිබී ආපු වොඩ්කා බොට්ල් එක කඩු වෙලා බිම පුරාවට සීසීකඩ විසිරිලා..
එතකොට හ්‍යොං... එයා බිම ඉදගෙන ඔලුව කකුල් දෙක අස්සෙන් ඔබාගෙන ඉදලා මං එද්දිම ඔලුව ඉස්සුවා.. ඒ ඇස් කඳුළුවලට ම රතුවෙලා ඉදිමිලා... ඇයි මේ මොකක්ද උනේ.. එයා එද්දි හොදට හිටියනෙ..
"ද්..දෙයියනේ කුකීහ්.. කොහෙද ගියෙ රත්තරනේ මං බය උනා..."
එයා අර වීදුරු කටු උඩින්ම කිසි ගානක් නැතුව දුවගෙන ඇවිත් මාව තදකරලා බදාගත්තා..
"යන මඟුලක කියලා යන්න බැරිද හලෝ.. මොනවහරි උනා නං... ම්හ්.. මොනව හරි උනානං මං එපැයි වග කියන්න..."
එහෙමම මාව බදන් බර හුස්මවල් ගත්තු හ්‍යොං එක පාරම මාව ඈතට තල්ලු කරන ගමන් කෑගැහුවා...
"හ්..හ්‍යොං ම්මම.. මම මෙව්වා ගන්න ගියේ..."
"හහ්.. කාටද අරූටද?"
කට කොනකට ගත්තු පපුව පිච්චෙන හිනාවක් එක්ක හ්‍යොං අහද්දි මගෙ කම්මුල් දිගට කඳුළු පේළි ගනන් ගලන් ගියා..
"පරිස්සන් තැනකින් තියනවා ඕක මං එහෙ මෙහෙ යද්දි අත වැදිලා බිම වැටෙන්න කැඩෙන්න එහෙම පුළුවන්.."
හ්‍යොං මට රිදෙන තරමටම මගෙ ඇගේ හැප්පීගෙන එතනින් එහාට යද්දිම අතේ තිබුන බොකී එකයි ස්ටැචූ එකයි මට අතෑරුනා..
"ඌප්ස්.. මං කිව්වනෙ..."
අර නපුරු හිනාවෙන්ම මගෙ මූණට එබුනු හ්‍යොං ආයිමත් මගෙ ඇඟේ වැදීගෙන රූම් එක ඇතුළට ගියේ මල් බොකී එකත් චප්ප වෙන්නම පාගගෙන.
"ඔහ්.. සොරි ආ..."
මට ඇඬුනා... පපුව රිද්දගෙන ආයෙ ආයෙත් අලුත් වෙන කඳුළු පේලි එක්ක මං එහෙමම බිත්තියට වාරු උනා.. ඇයි එයා මට මෙච්චර රිද්දන්නෙ..
එක පාරක් එකම එක පාරක් ඇහුවානං කුකී මේවා කාටද කියලා මං ඔක්කොම කියාගෙන කියාගෙන යනවනෙ... ඔයාට විශ් කරන විදිහත් මං පාඩම් කරගෙනනෙ ආවෙ.. මට අඬන්න ඕනෙ කෑ ගහලා අඬන්න ඕනෙ හ්‍යොං... ඇයි මට මෙච්චර රිද්දන්නෙ ඔයා..?
හ්‍යොං මගෙ දිහා බලන් හිටියෙ කවදාවත් කවමකවදාවත් අඬන මනුස්සයෙක් ව දැකලා නැති ගානට. එයා මොනවත් ම කිව්වෙ නෑ.. අඩුගානෙ සමාවෙන්න කියලවත්...
එක පාරම ඩෝ බෙල් එක රින්ග් වෙන්න ගත්තෙ මගෙ පපුව ගැහෙන වේගෙ දෙතුන් ගුණේකින් වැඩි කරලා.. ඒ කේක් එක වෙන්න ඇති.. එයාලා කේක් එක ගෙනත්..
හ්‍යොං මං දිහාටම ඇස් තියාගෙන ගිහින් දොර ඇරියා..
"සර් ඕඩර් කරපු කේක් එක.."
"වට්?? කේක්? නෑ මෙහෙ කවුරුත් කේක් ඕඩර් කලේ නෑ.."
එයා සද්දෙන්ම කියලා දාලා අර මනුස්සයගෙ මූණටම දඩස් ගාලා දොර වහලා දැම්මා..
"ම්... මම... මමයි ඒක ඕඩර් කලේ.."
තියන සේරම හයිය එකතු කරගත්තු මං යාන්තමට මුමුණලා ගිහින් දොර ඇරලා කේක් එක ගත්තා..
හ්‍යොං ඇස් දෙක බෝල කරගෙන කටත් චුට්ටක් ඇරගෙන මං දිහයි කේක් එක දිහයි මාරුවෙන් මාරුවට බලනවා..
"හ්... හ්‍යොං.. ස්.සෙංඉල් ච්චුක්කාහේ!!"
එයාගෙ ඇස් මහ කලබලේකින් මගෙ මූණ පුරාවට එහෙමෙහෙ දිව්වා.. එක පාරම කම්මුල් තෙමාගෙන වැටුන කඳුළු බිංදුවක් එයා ලොකු හදිස්සියකින් වගේ පිහදාගත්තා..
"ම්හ්.. මේවා... මේවා මටද?"
මං යටිතොල පිපිරෙන්න තරමට හපාගෙන කඳුළු පාරවල් මැද්දෙන් ඔව් කියන්න ඔලුව හෙල්ලුවා..
එයා ඉක්මනට බිමට නැමිලා බිම තිබුනු චප්ප වෙච්ච බොකී එකයි දෙකට වෙන් වෙලා තිබුනු ස්ටැචූ එකයි අත් දෙකට අරන් ඇඟට තුරුල් කරගත්තා.. පොඩි එකෙක් ලෝබකමට සෙල්ලම්බඩු තුරුල් කරගන්නවා වගේ ඒ සේරම එක අහුරට තුරුල් කරගත්තා..
"ම්මේවා මටද කුකීහ්??"
එයා ආයෙ ආයෙත් අහද්දි මං ආයිමත් ඔලුව වැනුවා..
හ්‍යොං මුකුත්ම නොකියා එහෙමම බිත්තිය දිගේ වාරු වෙලා බිම ඉදගත්තා.. දවස තිස්සෙම දරාගෙන හිටපු බෝල කඳුළු ඒ මහන්සි පාට මූණ පුරාවට අලුත් පාරවල් මැව්වා..
"ම්..මට සමාවෙන්න කුකී.. මටහ්.. මට සමාවෙන්න..මං.. මං..."
"ෂ්... ඒකට කමක් නෑ හ්‍යොං.. ඒකට කමක් නැහැ..."
**************
පරිස්සමට ඉන්න බබූලා...
එයාලට ඔය රාම්‍යොන් එක්ක මොකාක් හරි හොර කතාවක් තියනවා.. 🤧🤧🤭