RED JASPER | SOPE | COMPLETED

Galing kay cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... Higit pa

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ කොන්දේසි...

361 74 60
Galing kay cHerRy_MinShi_


යුන්ගි කෑම හදන ගමනුත් කල්පනා කලේ හොබී ගැන.. කොහොමහරි අන්තිමේදි හොබී යුන්ගි එක්ක හැමදේම ගැන කියපු එකටනම් යුන්ගිට පොඩි හරි සහනයක් ගෙනාවා..ඒත්.. හොබීගෙ අසනීපෙට කරන්න පුලුවන් දෙයක් ගැන අදහසක් තවටත් යුන්ගිගෙ හිතට ඇවිත් තිබුනෙ නැ.. කොහොමහරි යුන්ගි ලගදි හොබී යන්තම් හරි පාලනයක් ඇතුව ඉන්නව කියල විතරමයි යුන්ගි දැනන් හිටියෙ.. ඒ ප්‍රශ්නෙ විතරනම් යුන්ගිට තව කමක් නෑ.. හොබී දැන් ඉන්න තත්වෙ එක්ක.. ඇත්තටම යුන්ගි පෙන්නුවෙ නැතිවුනත් එයාට කල්පනා කරන්න,හිතන්න දේවල් නම් දාහක් තිබුනා..

" අප්..පා.."

යුන්ගි කල්පනාවෙන් මිදුනේ චෝහි යුන්ගිගෙ හැන්බොක් එකේ කොනක එල්ලුනු නිසා..

" චෝහි බබා.. ??"

යුන්ගි චෝහිව උස්සලා කැම හදන තැනට ලගින්ම වාඩිකරව ගත්තා..

" අප්පා... ඔම්මා..??"

චෝහි උදේ ඉදන්ම හොබීව දැකපු නැති නිසා යුන්ගිගෙන් එයාගෙ ඔම්මා ගැන ඇහුවා.. හොබී උදේ වරුවම බෙහෙත් බීලා දිගටම නිදාගෙන හිටිය නිසා යුන්ගි කැමති වුනේ නෑ හොබීව අවදි කරවන්න..අඩුම තරමෙ උදේ ජින් ආපු වෙලාවෙවත් යුන්ගි හොබීව අවදි කලේ නෑ..

" ඔම්මා තව ටිකකින් ඒවි බබා.. එතකන් චෝහි බබා අප්පට උදවු කරනවද..?"

යුන්ගි චෝහිගෙ කම්මුලට හාදුවක් තවරන ගමන් කිව්වා..ඒකෙන් චෝහිට කිතිකැවෙන නිසා චෝහි හරිම හුරතල් විදියට හිනාවුනා..

" දේ අප්පා.."

යුන්ගි චෝහි ලගින් කැරට් තිබුනු කූඩෙ තිව්වා.. චෝහි ඒකෙ තිබුනු කැරට් එක්ක සෙල්ලම් කරන්න ගත්තු නිසා යුන්ගි ඉතුරු කෑම ටිකත් ඉක්මනින් හැදුවා.. චෝහි හුගක් දග වුනත් ඒ දවස්වල නම් ලොකුවට දගලන්නෙ නැති නිසා යුන්ගිට ඒක ලේසි වුනා.. අනික ටේ ජිමී කුක් නිතරම චෝහිව එක්කන් එයාලගෙ ගෙදර ‍යන නිසාත් යුන්ගිට හොබී එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්න ලේසි වුනා.. 

අන්තිමේදි යුන්ගි කෑම එකත් අරන් උඩට යද්දි හොබී අවදිවෙලා හිටියා.. හොබී අවදි වෙලා අවුල් වුනු ඇදත් හදලා ඇදුනුත් මාරු කරලා පහලට එන්න හදද්දිම වගේ තමයි යුන්ගි කාමරේට ආවෙ..

" ඔහ්..!! මම දැන් එන්න හැදුවෙත්.. ඔයා කෑම හැදුවද.."

හොබී යුන්ගිගෙ අතේ තිබුනු කෑම එක අරගෙන කාමරේ මේසෙ උඩින් තිබ්බා..

" දැන් කොහොමද ඔයාට.. තාම  අමාරු ගතිය තියෙද.."

යුන්ගි හොබී අහපු ප්‍රශ්නෙ මගඇරලා හොබීව ඉන්දෙව්වා..

" ම්ම්ම්.. හුගක් හොදයි.. චෝහි කොහෙද..?"

" එයා නිදි.."

යුන්ගි මේසෙ උඩ තිබුනු කෑම එක එයාගෙ අතට ගත්තා..

" කෑම කාල ආයෙම බෙහෙත් බොමු.. එතකොට ඇගේ අමාරුව අඩුවෙලා යයි.."

" බෙහෙත් බොන්න..? ආයෙම.. මට බෑ.."

" ඒක බලමුකො..මුලින්ම කෑම කාල ඉමු... ඔයා උදෙත් කෑම කෑවෙ නෑ හරියට.."

හොබීට යුන්ගි කතා කරන විදිය අමුතු නිසා ලාවට දුක හිතුනා.. 

" මට කන්නත් බෑ.."

හොබී බලෙන්ම යුන්ගිගෙ අතේ තිබුනු කෑම එක මේසෙ උඩින් තියලා තව ටිකක් යුන්ගිගෙ ලගටම වෙලා ඉදගත්තා..

" ඔයා මාව ගනන් ගන්නෙ නෑ.. නපුරු ඇල්ෆා.."

හොබී දුකම දුක හිතෙන මූනක් හදාගෙන යුන්ගිගෙ අතක් අරගෙන එයාගෙ උරහිස වටේ දාගත්තා.. ඒකටනම් ඇත්තටම යුන්ගිගෙ මූනෙ ලාවට හිනාවක් ඇදුනා..

" ඔමේගට දුක හිතිලද.."

" නැතුව.. "

යුන්ගිගෙ හිනාව හරිම වෙහෙසකර දෙයක් වුනා.. එයාට හිනාවෙන්න උවමනා වුනත් ඒක ඒ වෙලාවෙ හැටියට හුගක් අමාරු වුනා.. යුන්ගි හොබීගෙ නලල සිපගත්තා..

" හරි දැන් ඉදලා දිගටම මම ඔයා එක්ක ඉන්නම්කො..ම්ම්..?"

" ම්ම්ම්.. ඔයා කෑම කාලද..?"

" ඔව්.."

" බොරුකාරයා.. "

හොබී යුන්ගිගෙ බෙල්ල ලග ලාවට සීරුවා..

" අපි දෙන්නම කමු....?"

" යුන්ගි ඇයි ඔයා අමුතුයි වගේ දැනෙන්නෙ.. ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ..?"

හොබී යුන්ගිගෙන් එහාට වෙලා යුන්ගිගෙ මූනටම එබුනා.. හොබී ආයෙම ප්‍රශ්නයක් අහන්න කලින් යුන්ගි සුප් එකෙන් හැන්දක් අරගෙන හොබීට පෙව්වා.. මදැයි හොබී ප්‍රශ්න අහන්න ගියා.. හොබීටම අන්තිමට කතාකරන එක තේරුමක් නෑ කියලා හිතිලා පාඩුවෙ කෑම කෑවා.. ඇත්තටම යුන්ගිට කතාකරන්න උවමනාවක් තිබුනෙ නෑ.. එයාට උවමනා වෙන්න ඇත්තෙ හොබී ලගට වෙලා ඉන්න විතරක් වෙන්නැති.. යුන්ගිට නොහොදක් දැනුනා.. හොබී ගැන යුන්ගිට හිතේ තිබුනෙ බයක්.. බය වෙන්න හේතුවක් නොතිබුනත් යුන්ගි අහේතුකව කලබල වුනා.. 

යුන්ගි හොබීට කෑම කවන අතරේ හොබී දැක්කා යුන්ගිගෙ අතේ ඇගිල්ලක වෙලුම් පටියක් ගැටගහලා තියෙනවා.හොබීට සාමන්‍ය විදියට දවස් ගෙවන්න උවමනා වුනත් හුගක් වෙලා හිටගෙන ඉන්න අමාරු නිසා ඒක එහෙම වුනේ නෑ.. ඇත්තෙන්ම මොකුත් නොකර ඇද උඩටම වෙලා ඉන්නකොට හොබීට දැනුනෙ තමන් අනිත් අයට වද දෙන්නම ආපු කෙනෙක් වගේ.. අඩුම තරමෙ හොබීට චෝහිවවත් බලාගන්න බැරි වෙන එකට හොබීට දුක හිතුනා.. හැමදේටමත් වඩා යුන්ගි හොබී නිසා අවුල් වෙලා ඉන්න එකටත් හොබීට පසුතැවීමක් තිබුනා.. හොබීට උවමනා වුනේ මේ දවස් ඉක්මනින් ගෙවිලා ගිහින් සාමන්‍ය විදියට කාලෙ ගෙවන්න.. ඉක්මනින් සනීප වෙන්න , චෝහිට වගේම පැටව් දෙන්නටත් හොද ඔම්මා කෙනෙක් වෙන්න , යුන්ගි එක්ක ආදරෙන් ඉන්න.. හොබීට ජීවත් වෙන්න හේතු තියෙන නිසා බලාපොරොත්තුත් හුගක් හිතේ තිබුනා.. 

" ඔයාගෙ අත තුවාල වුනේ කොහොමද.."

හොබී යුන්ගිගෙ අත අරගෙන පරිස්සමට වෙලුම් පටිය ලිහිල් කරලා බැලුවා.. 

" ඒක දැන් හොදවෙලා.."

යුන්ගි හොබීගෙ කොන්ඩෙ අවුල් කරලා ඉවරවුනු කෑම බාජන ටික පැත්තකින් තිබ්බා.. හොබී යුන්ගි දිහා හරිම හිස් විදියට බලාගෙන ඉද්දි යුන්ගි හොබී ලගට වෙලා හොබීව හුගක්ම තදින් තුරුල් කරගත්තා.. හරියට හොබීට දැන් ටිකකට කලින් උවමනා වුනා වගේම.. 

" හොබී.. ඔයා හොදින් නේද..?"

යුන්ගිගෙ වචනවල හොබීට ඒ වෙලාවෙ ලොකු ආදරයක් දැනුනා.. 

" ඔව්.. මම හොදින් යුන්ගි.. ඒත් ඔයා හරිම අමුතුයි.. මම ඒකට කැමති නෑ.."

" හ්ම්.. මගෙ හිතට හරි නෑ.. අනේ මන්දා.."

යුන්ගි තව ටිකක් හොබීව තදින්ම තුරුල් කරගත්තා.. හොබී ලගින් දැනෙන සුවදට යුන්ගි ඒ වෙලාවෙ හුගක් ලෝබ කලා.. හැමදාටම හොබීව උවමනායි වගේ හැගීමක්..

" ඔයා උවමනාවට වඩා හිතනව.. ඒකයි.."

" සමහරවිට.."

" අනික මම උවමනාවටත් වඩා හොදින් ඉන්නව.. ඔයා තමයි බොරුවට කලබල වෙන්නෙ.. බලන්න..ඔයා මාව කොච්චර හොදට බලාගන්නවද කියල..හ්ම්.. "

" ඉතින්..?"

" ඉතින් කියන්නෙ දැන්වත් හිනාවෙලා ඉන්නවකො.. "

හොබී යුන්ගිගෙ කම්මුලක් රිදෙන්න හැපුවා.. 

" යාහ්.. මොකක්ද ඔයාට ලගදි ඉදලා වෙලා තියෙන්නෙ හා.. මාව හපනවයි හූරනවයි.. "

" ඒකනෙ ඉතින් මට ඔයා විතරනෙ ඉන්නෙ මගෙ හොදදදද ඇල්ෆා.."

හොබී හුරතල් විදියට හිනාවුනා.. යුන්ගිට හදිසියෙම සතුටු හිතුනා.. යුන්ගි හොබීගෙ බඩට උඩින් අත් දෙක තියලා සීරුවට පිරිමැද්දා..

" මේ වතාවෙත් ගෑනු ලමයි දෙන්නෙක් වුනොත් හොද නැද්ද..."

" මොකක්..ගෑනු ලමයිම තුන්දෙනෙක්!! නෑ මට ඕන පිරිමි ලමයි දෙන්නෙක්.."

" ඔයාට හිතෙන්නැද්ද චෝහි පිරිමි ලමයෙක්ට වඩා දගයි කියලා.."

" අනේ මන්දා..එයා ගෑනු ලමයෙක් කියලා මට හිතෙන්නෙම නෑ.. "

" චෝහි මුරන්ඩුයි.. "

" ලොකු උනාම ඔම්මා වගේ ඉන්නැතැයි.."

" කොහෙන් ගියත් තමුන්ට මාව අල්ලගන්නෙ නැතුව ඉන්න බැරිද ආහ්.. චෝහිගෙ ඔක්කොම හොද ඔයාගෙ..නරක මගේ.. අනේ යනව යන්න.."

" ඇත්ත කියද්දි රිදෙනව නේද බබා.."

යුන්ගි හයියෙන් හිනාවෙන ගමන් හොබීගෙ කොන්ඩෙ අවුල් කලා..

" ඒකට හිනා යන්නෙ නෑ.. අනික මට රිදුනෙත් නෑ.."

හොබී තරහවෙලා අහක බලාගත්තා..

" ඔයාට තරහ ගියාම ඇත්තටම මරු හොබී.. ඔයා දන්නැති වුනාට මම ආසම වැඩේ මේක.."

යුන්ගි තව ටිකක් හොබීගෙ ඇද වුනු මූන දිහා බලාගෙන හිනාවුනා..

" මොන වැඩේද..?"

" ඔයාව තරහ ගස්සන එක.. වොහ්.. චෝහිටත් ලොකු උනාම උගන්නන්න ඕන.."

" මගේ ලමයි නරක් කරන්න එපා.. පිස්සු ඇල්ෆා.."

" ඔයා තනියෙමද ලමයි හැදුවෙ ආහ්.."

යුන්ගි අමුතුවට හිනාවෙලා හොබීගෙන් අහද්දි හොබී රතු වුනා.. ඒ නිසාම හොබී අහක බලාගත්තා..

" කියන්නකො හොබී.. "

" යාහ්..මින් යුන්ගි!!"

" අනේ හොබී... ඔහොම කේන්ති ගන්න එපා බබා..ඔයා ඉක්මනට වයසට යයි.."

" ඔය හිනාවෙන එක නවත්තගන්නවා.."

" ඔයාමනෙ බබා කිව්වෙ මට හිනාවෙන්න කියලා.."

" නෑ එපා..  "

" කෝ කේන්ති ගිහින්ද.. අයිගෝ මම විහිලුවක්නෙ කලේ රෝසමල.. ඔයා රතුවෙලා.."

යුන්ගි හිනාව නවත්තන්නෙ නැතුවම හොබීව තුරුල් කරගත්තා.. යුන්ගි හිනාවෙද්දි හොබිට යුන්ගිව කන්නමයි හිතෙන්නෙ.. හොබී යුන්ගිගෙ බෙල්ල හැපුවා..

" ආව්....හොබී.. "

හොබී යුන්ගිව හපන එක නවත්තලා යුන්ගිගෙ බෙල්ල පුරාවටම තෙත හාදු හුගක් තිව්වා.. යුන්ගි හොබීව පපුවට තුරුලු කරගෙනම ඇදේ හාන්සි වුනා.. 

" යුන්ගිහ්.."

හොබී කටහඩ අමුතු කරගෙන යුන්ගිගෙ කනට මිමිනුවා.. යුන්ගිට ලවට තේරුනා හොබී මොකටද එන්නෙ කියලා..

" යුන්ගිහ්හ්හ්හ්හ්හ්...!!!!"

" ම්ම්..?"

" මට ඔයාව ඕනි.."

" මේ ඉන්නෙ මම දැන් බෙහෙත් බීල නිදාගමු.."

යුන්ගි හොබී ඉද්දි නැගිටලා ගිහින් බෙහෙත් ගෙනාවා.. හොබීට නැගිටගන්න බැරි නිසා හොදයි ඉතින්..

" මින් යුන්ගි තමුන් මහා නපුරුයි.. හහ්.."

යුන්ගි නැමිලා හොබීගෙ තොල් වලින් හාදුවක් තිව්වා.. හොබීට ලැබුනු අවස්තාවෙන් යුන්ගිගෙ බෙල්ල වටේ අත් දෙක යවලා ඇදට වට්ටගත්තා.. යුන්ගි කොහොමද එහෙම හොබීගෙන් ලේසියෙන් බේරෙන්නෙ..

" බෙහෙත් බොන්නනම් කොන්දේසි තියෙනවා.."

" හොබී!!!"
























______________________________

(ඇස් වහගෙන හිමීට පහලට එම්න මගෙ බබාලා..)🙂🙂🙂
 හායි ලව්ලීස්..කෝමද ඔයාලට..මම ලේට් නේද.. ක්ලාස් ඉවරවෙලා ගෙදර එද්දි රෑ වෙනෝනෙ ඉතිම්.. ලියාගන්න වෙලාවක් උනේ නෑ.. නෙක්ස්ට් චැපිය දිගට දෙන්නම් ඈ.. මම ඉතින් ඔයාලට ආදරේම ආදරේනේ... 😘❤❤❤

ඒක නෙමේ හනෙව්.. මම ඉස්කෝලෙ යම්න බස් හෝල්ට් එකේ ඉද්දි හෙන හැන්ඩි අයියල දෙම්නෙක් දැක්ක..අම්නෙහ් හිත ඇදිල ගියා දෙම්නටම..අහම්.. එහෙම හිතක් නෙමේ.. මම මේ ස්ටෝරිය මේ දවස්වල හැමෝ එක්කම කියනව.. මට ඒක අමතක කරන්නම බෑ හත්තික්කේ.. ඔයාලටත් කියන්නම්කො..
මම හයට කාලක් විතර තියා බස් හෝල්ට් එකේ හිටියා ස්කූල් බස් එක එනකම්.. කෝමහරි බෝයි ස්කූල් එකේ බස් එක අපේ බස් එකට කලිම් එතෙන්ට ආව.. ඒකෙ ඉන්න සේරම මොක්කුද වගේ පිටිපස්සෙ ෆුට්බෝඩ් එකේ එල්ලිලා පැනිය දාගෙන යම්නෙ ඇන්ටිලාගෙ ඉදලා මොන්ටිසෝරි යන එකා වෙනකම්..කෝමහරි එදා එච්චර කස්ටිය හිටියෙ නෑ ඒකෙ..අනෙව් ෆුට්බෝඩ් එකේ හිටියෙ අර අයියල දෙන්නා..ඒ දෙන්න අන්තිම පඩියෙ ගෑවි නොගෑවි ගියේ..එක්කෙනෙක් උසම උසයි..🙂අනිත් එක්කෙනත් උසයි තමයි ඉතින්..😂 කෝමහරි ඒ දෙන්න හෙනට ගැලපෙනවා..මගේ ගේ කුරුලු හිත සට ගාල වැඩ කරන්න ගත්තා ඒ වෙලාවෙ..අම්නෙහ් ඒ තත්පර ගානට මාව පිස්සු වැටුනා.. හොදම ජවනිකාව කියන්නෙ ටිකක් උස අයිය අනිත් අයියගෙ ඉන හරියෙන් විතර අල්ලලා 'ගුටි නොකා උඩට නැගපන්' කියලත් කිව්වා.. බලම්න ඒ වචන ටික..හ්ම්තිකේ මගේ හද සසල වෙලා ඇවිලිලා පිලිස්සිලා ගියා.😱. කෝමහරි මම උන් දෙන්නව දාල කතාවකුත් හිතින්ම ගැලපුවා.. අවාසනාවට අපේ ස්කූල් බස් එක ඇවිත් හෝන් ගහපු නිසා මට යම්න වුනා.. ඔය සේරම වුනේ විනාඩි දෙකකදි විතර හැබැයි..ඉතින් ඔයලට තේරුම් ගම්න පුලාන් නේත මගේ ගේකුරුලු හිත කොච්චර ප්‍රබලද කියල.. හම්තිකේ මට පිස්සු.. 😭කොල්ලො දෙන්නෙක් එක ලග හිටියත් නිකම් ටිලින් ටිලින් වගේ මට පේන්නෙ....( අසා සිටි ඔබ සැමට උම්ම්ම්ම්ම්ම්වාහ්..."))❤❤❤

මට පිම්සු..දන්නැද්ද පෝයත් ලගයිනෙ..ගිහින් එන්නම් මා කියුටි ලවුලි රීඩර් චෙරීස්..අයි ලව් යූ සෝ මච්..❤❤❤❤❤❤❤❤❤😘😘😘😘

STAY SAFE

cherry-minshi
luv urself













Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

65.7K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
5.7K 914 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග
55.1K 6.6K 43
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා...
24.2K 1.1K 40
တစ်ပါးသူတစ်ယောက်ကို အမှီပြုပြီးမှရှင်သန်ရတဲ့ဘဝမျိုးကို မင်းသိလား...၊ ခပ်မြင့်မြင့်ရောက်ချင်လွန်းလို့ တွေ့ကရာဖက်တွယ်ပြီး ရှင်သန်ရတဲ့နွယ်မျှင်တွေနဲ့တော...