STILL WITH YOU | JJK AU | ✔️

By A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... More

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

chapter 21

732 238 55
By A_Shee1

Still With You ( Fan Fiction Only )
_Chapter 21_

____________________________________

이렇게 될 걸 알았다면
더 담아뒀을 텐데

Ireoke doel geol aratdamyeon
Deo damadwosseul tende

If I had known this was gonna happen
I would have kept more

මේ වගේ වෙයි කියලා මම දැනගෙන හිටියා නම්
ඒවා තව දුරටත් මගේ මතකයේ තබා ගන්න ඉඩ තිබුනා

____________________________________

" මට සමාවෙන්න කුක්.. මන් ඒක හිතලා නෙවෙයි කලේ.."

" ජිමිනි ඕක නවත්ත ගන්න.."

" ඒත්..!!"

" ඇති ජිමින්.. දැන් ඕක ඇති. දැන් ඔයාගෙ පිටට වැරැද්ද දා ගත්තා කියලා වුන කිසිම දෙයක් නැතිවෙන්නෙ නෑනෙ.."

ජිමින් හිටියෙ ජන්කුක්ගෙන් සමාව ඉල්ලන ගමන්. සෝල් මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ගත්තු සේහිගෙ තත්ත්වෙ කොහොමද කියලා එතන හිටපු කවුරුත් දැනන් හිටියෙ නෑ. ජොන් ජන්කුක්, ජොන් තේහ්‍යුන් ඒ වගේම පාක් ජිමින් එතන වීදුරු දොර ඉස්සරහ කිසිම හැගීමක් නැතිව බලන් හිටියා. ජන්කුක්ගෙ මූනෙ තිබුනෙ සුදුමැලි පෙනුමක්. ඒ මුහුනෙ කිසිම හැගීමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඇස්වලවත්. ඇත්තෙන්ම ජිමින් බය නොවුනම නෙවෙයි ජන්කුක් මානසික රොගියෙක් වෙයිද කියලා.

ඩෝල් සී හෙවත් සේහි තමන්ගෙ නිලය අත ඇරලා ගිය දවසින් දවස් කිහිපයක් ගත වෙද්දි රහස් පොලීසිය හොයාගෙන තිබුනා මිනිමැරුමෙ හැම විස්තරයක්ම. ඒ විස්තර අඩංගු වෙලා තිබුන තැඹිලි පාට ෆයිල් කවරය රහස් පොලීසියේ ප්‍රධානියා භාර දීලා තිබුනෙ පාක් ජිමින්ට. ජිමින්ට ඒ අඩංගු දේවල් සේහිට කියන්න ඕනි වුනත් සේහි ඒ වන විටත් තමන්ගෙ නිලය අතෑරලා ගිහින් තිබුන නිසා ජිමින්ට ඒකට අවස්ථාවක් ලැබුනෙ නෑ.

ඒ නිසාම ජිමින් සේහිගේ කාමරේ ලොකර් එකේ දාලා තිබුන ඒ තැඹිලි පාට ෆයිල් කවරය තමන්ගෙ කාමරේ කබඩ් එකක පතුලක තැන්පත් කළා. ඒත් කවුරුත්ම හිතුවෙ නැති විදිහට රහස් පොලීසියේ ප්‍රධානියා වුන කිම් නම්ජුන් සේහි තවමත් ඉන්නෙ සෝල් වල කියලා සැක කරද්දි ජිමින් ආපහු ඒ ෆයිල් කවරය සේහිගෙ කාමරයෙන් තිබ්බා. හැමදේකම මුල හොයාගෙන යද්දි සේහි කියන්නෙ ජොන් ජන්කුක්ගෙ බිරිඳ කියලත් ඒ වගේම එයාලගෙ පවුලෙ තිබුන ප්‍රශ්නත් ජිමින් දැන ගත්තා. ජිමින් සේහිව විවාහ කර ගන්නවා කියලා හිතුවෙ දේයන් තමන්ට මොනාහරි වුනොත් ඇයගෙ වගකීම භාරදීලා තිබුන නිසා.

ජොන් ජන්කුක් කියන්නෙ ජිමින්ගෙ හොඳම යාලුවා වුනත් ඔහු සේහිට සලකලා තිබුන විදිහ දැන ගත්තම ජිමින්ට ඕනි වුනා සේහිව ජන්කුක්ගෙන් ඩිවෝස් කරලා තමන්ට විවාහ කරගෙන හෙමින් ඇත්ත මිනීමරුවා කවුද කියලා සේහිට පැහැදිලි කරලා දෙන්න. ඒත් ජිමින්ට දවස් කිහිපයක් ඇතුලත තේරුනා තරුන යුවල හැමදෙයක්ම විසදගෙන කියලා. ඒ නිසා සැනසුම් සුසුම් හෙලපු පාක් ජිමින් හොද හුස්මක් අරගෙන තැඹිලි පාට ෆයිල් කවරය සේහිගෙ කාමරෙන් ආපහු අරගෙන ලගේජ් කබඩ්ස් ටිකත් අන්ලොක් කරලා එළියට ආවා. ඒත් අවාසනාවකට ජිමින්ට ඒ ෆයිල් කවරය ගේන්න අමතක වුනා.

ඒ නිසා හංගන්න ඕනි හැමදෙයක්ම වගේ ජොන් සේහි දැන ගත්තා.

~~~~~~~~~~

සර් ජොන්...

වචනයේ පරිසමාප්ත අර්'ථයෙන්ම ජොන් පවුල කියන්නෙ රාක්ශයො කියලා මන් හිතන්නෙ මම කතාවෙ මුලම සඳහන් කරන්න ඇති. ජොන් ලේ ගෑවුන හැම කෙනෙක්ම ඇත්තෙන්ම හිතක් පපුවක් නැති මිනිස්සු කියලා හැමෝම වගේ විශ්වාස කලේ හේතුවක් නැතුව නෙවේ. ව්‍යාපාර ලෝකෙ වගේම පාතාල ලෝකයේ සැලකිය යුතු බලයක් එයාලට තිබ්බ නිසා එයාල අමනුස්සයො කියලා හැදින්වෙන එකේ පුදුමයක් නෑ.

ලී හ්‍යුන් කියන්නෙ ස්පෝට් කෝච් කෙනෙක්. සර් ජොන් දවසක් මෝල් එකට ගිය වෙලේ ලී හ්‍යුන් මෝල් එකට එන්නෙ තමන්ගෙ ක්‍රිකට් කන්ඩායමට අවශ්‍ය වුන ක්‍රීඩා උපකරන තොගයක් මිලට ගන්න. ඒ වෙලාවෙ හදිස්සියත් එක්ක වුන අත් වැරදීමක් නිසා ලී හ්‍යුන් සර් ජොන්ගෙ ඇගේ හැප්පෙනවා. ඒ සිදුවීමෙන් සර් ජොන්ට ලැබුනෙ සුලු තුවාල කිහිපයක් විතරක් වුනත් සර් ජොන්ට ඕනි වෙනවා ඒ කරපු දේ නිසා ලී හ්‍යුන්ගෙ ජීවිතෙන්ම ඒ පලිය ගන්න.

සතියෙ දවසක මහ පාන්දර තමන්ගෙ ගෝලයන්ට සර් ජොන් ඒ විදිහට අණ දෙන්නෙ එයාලා ලී හ්‍යුන්ගෙ අවසානය පබ්ලික් පැවිලියන් එකේ කරන්න එයාලා ප්ලෑන් කරද්දි. මොකද පාන්දර හරියට දොලහත් එකත් අතරෙ ලී හ්‍යුන් තනිවම ක්‍රීඩා පිටියෙ ගෝල අහුලනවා කියලා එයාලා හොයාගෙන තිබුනා. ඒත් එදා දෛවය හැමදේම මාරු කරලා ලියාගෙන තිබුනා. ලී හ්‍යුන්ගෙ බිරිඳට අසනීපයක් කියල ගෙදරින් කෝල් එකක් ලැබෙද්දි පැවිලියන් ග්‍රවුන්ඩ් එකේ ගෝල්ස් අහුලන්න එදා යන්නෙ ලී හ්‍යුන් වෙනුවට රී ප්ලේස්මන්ට් එකක් වුන දේයන්.

ඉතින් මන් හිතනවා එතනින් එහාට එදා එතන වුනේ මොනවද කියලා මන් පැහැදිලි කරන්න්න ඕනි නැතිව ඇති කියලා.

~~~~~~~~~~

" ඩොක්ටර්..?"

" අහ්.. මිසිස් ජන්කුක්ගෙ හස්බන්ඩ්..?"

" මන් ඩොක්ටර්..!"

" අහ් ඇත්තටම ඔයාගෙ වයිෆ් ගැන කිසිම විදිහකින් බය වෙන්න ඕනි නෑ. එයාගෙ හෙඩ් එකේ තිබුන වීදුරු කුඩු සේරම අපි සාර්'ථව අයින් කළා. ඒ වගේම කැපිලා තියන තුවාල දවස් කිහිපයකින් අඩු වෙයි. එයා ගැන මීට වඩා හස්බන්ඩ් විදිහට සැලකිල්ලෙන් ඉන්නවා නම් හොඳයි මිස්ටර් ජන්කුක්.. මොකද එයාට ඇවිත් තියන්නෙ පැනික් ඇටෑක් එකක් වුනත් ඒක ටිකක් බරපතලයි. එයාගෙ හදවත තිබුනට වඩා ටිකක් දුර්'වල නිසා එයාට පැනික් ඇටෑක් එකකින් හාට් ඇටෑක් එකක් වුනත් එන්න පුලුවන්. ඒ නිසා මීට වඩා එයා ගැන කෙයා කරන්න.."

" ...."

සෝල් මූලික රෝහලේ වෛද්‍යවයා ජන්කුක්ට ඒ විදිහට කිව්වත් ජන්කුක්ගෙ ඔලුවට ඒ කිසිම දෙයක් ගියා කියලා පේන්න තිබුනෙ නෑ.

" අහ් හරි ඩොක්ටර්.." ජන්කුක් වෙනුවට උත්තර දුන්නෙ ජොන් තේහ්‍යුන් එක්ක පාක් ජිමින්.

" බය වෙන්නෙපා ජන්කුක්.. එයා හොඳින්.."

ඒත් එක්කම එතනට ආවෙ ඩොක්ටර් හේසොක්.. ජොන් පවුලෙ ෆැමිලි ඩොක්ටර්. තේහ්‍යුන් මේ සිද්ධිය දැන ගත්තු වෙලාවෙම හේසොක්ට කියලා තිබුනා හොස්පිට්ල් එකට එන්න කියලා.

" ඩොක්..ට..ර්..?" ජන්කුක් හේසොක්ගෙ කට හඩින් ඇස් ඇරලා බැලුවා.

" එයා හොඳින් බය වෙන්නෙපා.."

මඳ සිනාවක් එක්කම එහෙම කියන ගමන් ජන්කුක්ගෙ පිටට තට්ටු කරපු හේසොක් ජොන් තේහ්‍යුන්ට වගේම පාක් ජිමින්ටත් ආචාර කරන ගමන් එතනින් යන්න ගියා.

විනාඩි ගානක් යන්න ඇති..

" මිසිස් ජන්කුක්ට සිහිය ඇවිත්.. ඔයාලට පුලුවන් එයාව බලන්න.." නර්'ස් කෙනෙක් ඇවිත් එහෙම කියනවත් එක්කම ජන්කුක් වෙව්ලන්න ගත්තෙ සාදාරන හේතුවක් තිබිලද නැද්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.

" ජන්කුක්..!"

" ..."

" ජන්කුක් ඔයා ඇතුලට යන්න ඕනි.."

ජොන් තේහ්‍යුන් අණ කළා. ඒත් ජොන් ජන්කුක්ට ජොන් තේ හ්‍යුන්ගෙ ඒ අණ පිළිපදින්න ඕනි වුනේ නැති පාටයි.

" හ්‍යු..න්.. ම..න්..!?"

" ඔව් කුක්.. මගෑරියා කියලා ප්‍රශ්න ඉවර වෙන්නෙ නෑනෙ.. ඔයා ගිහින් එයාට කතා කරන්න ඕනි.."

" ඒත් එයා මට කතා කරන්න කැමති වෙන්නෙ නෑ..!"

" මෙතන ඉදන් ඔයාට පුලුවන්ද ඒක කියන්න..?"

ඒ හඩත් එක්ක ඉබේම ජොන් ජන්කුක්ගෙ පාද සේහි හිටපු වීදුරු දොරක් තිබුන කාමරේ දිහාට ඇදුනා.

මුලු ඇග පුරාම එතුනු බැන්ඩේජ් ඇයට වීදුරු කටු කොච්චර හානියක් කරලද කියලා පෙන්නුවා. අතේ ගහලා තිබුන කැනියුලා එක.. ඒ වගේම නහයට නැතත් ඒ අසලට සම්බන්ධ කරලා තිබුන ඔක්සිජන් පොම්පය.. ඒ හැමදේම ජන්කුක්ගෙ දෑස් පතයට කුරිරු දර්ශන වුනා. සේහි හිටියෙ මලානික ඇස් එක්ක ඇයට උඩින් විදුලි සැපයුමක් නැති නිසා කැරකෙන්නෙ නැති විදුලි පංකාවෙ එක තැන තියෙන පෙති දිහා බලන් හිටියා.

ජන්කුක් මලමිනියක් වගේ තමන්ගෙ බිරිඳ දිහාට ඇදුනා.

" සේ..හි.." වෙනදට මලානික වුන ඇගේ කටහඩේ ආවේනිකත්වය අද ජන්කුට උරුම වෙලා තිබුනා වගේ.

" ..."

" සේහි.. අහ..න්න.."

ජන්කුක්ගෙ ආමන්ත්‍රනයත් එක්ක සේහි ඉවත බලා ගත්තා කියලා ජන්කුක්ගෙ දෑස් වල අහු නොවුනම නෙවෙයි.

" සේහි..!"

ජන්කුක් ඇයගෙ අතකින් අල්ලගන්න ගමන් ඒ ඇදේ කොනකින් වාඩි වුනා..

" අයින්.. වෙන්..න..!"

" සැර පරුශ නොවුනත් ඒ හඩේ තිබුන දැඩි ස්වරය ජන්කුක්ගෙ මුලු ආත්මයම ගැස්සුවා.

" සේහි..!"

" මට පාඩුවේ ඉන්න දෙන්න.. මට ඔයාට කතා කරන්න ඕනි නෑ.."

රාක්ශයකුගෙ පුතෙක් වෙලා ඉපදුනු ඒ ජන්කුගෙ ඇස් වලිනුත් කදුලක් කඩාගෙන සේහිගෙ අතට වැටුනත් සේහි එයින් සලිත වුනේ නැති පාටයි.

" මන්.. මට.."

" ජොන් ලේ ගෑවුන එකෙක්වත් මට දකින්න ඕනි නෑ.. මෙතනින් යන්න.."

වෙව්ලන කට හඩින් වුනත් ඇය කිව්වා.

" සේහි..!"

" මන් දේයන්ට ආදරේ කළා. මන් මගෙ දරුවට ආදරේ කළා. මට ඒ දෙන්නම නැති වුනා. ජොන් ජන්කුක් කියන කෙනා බලෙන් මාව මැරි කළත් මන් එයාටත් ආදරේ කලා. මගේ ඇස් පනා පිටම ජොන් ජන්කුක් කියන කෙනා අතින් මගෙ දරුවා නැතිවුනත් මන් එයාට ඕනිවටත් වඩා ආදරේ කළා. දෙන්න පුලුවන් හැම වදයක්ම මට දෙද්දිත් මන් ජොන් ජන්කුක්ට ආදරේ කළා. එයාව මරපු කෙනාව මට හොයන්න ඕනි වුනේ නෑ. ඒ කවුරු වුනත් මන් එයාට අනිවාරෙන් සමාව දෙනවා. ඒත්.. ඒත්.. ඒ.. ඔයා. න..!"

සේහිට ඉතිරිය කියාගන්න පුලුවන් වුනේ නැ. කවමදාවත් සේහිගෙ අවසරේකින් තොරව පිටවෙන්න වෙර නොදරපු ඇගේ කදුලු අද සේහිගෙන් කිසිම අවසරයක් නැතිව පිටවෙන්න පටන් අරන් තිබුනා.

" සේ..හි..!"

" යන්න.."

" සේ..හි.. කරුනාකර..ලා.."

" මෙතනින් යනවා..!!"

ජන්කුක්ට ඕනි වුනේ නෑ තවදුරටත් තමන් නිසා සේහි අඩනවා බලන්න. ඒ වගේම ඔහුට ඕනි වුනා තමන්ගෙ කදුලු සේහිගෙන් හන්ග ගන්න.

" ඉක්මනින් සනීප වෙන්න.."

බැන්ඩේජ් වලින් ආවරනය වෙලා තිබුන ඇයගෙ නලල මතින් හාදුවක් තවරන්න ජන්කුක්ට ඕනි වුනත් ඒ උවමනාව මැඩගත්තු ජන්කුක් මලානික පියවර තියලා කාමරයෙන් එලියට ආවා.

" ඔහොම ඉන්නවා මිස්ටර් ජොන් ජන්කුක්.."

ඒ හඩින් ජන්කුක් ආපහු හැරුනෙ කුඩා හරි බලාපොරොත්තුවකින් ඔහුගෙ ඇස් දීප්තිමත් වෙද්දි.

" තමුසෙගෙ මහ ලොකු යාලුවටවත් මාව බලන්න එන්නෙපා කියන්න.. මන් දන්නවා ඔය දොරෙන් එලියෙ එයා ඉන්නවා කියලා.."

~~~~~~~~~~

සේහි ඇගේ කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා තිබුනා. ඇය දැනගෙන හිටියා තමන් කොච්චර ඒ කදුලු පාලනය කරන්න හැදුවත් ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ කියලා. සරත් ඍතුවෙන් ඕනිවටත් වඩා මලානික බවක් මුලු පරිසරයටම ලැබිලා තිබුනා. සේහි තමන්ගෙ හොස්පිට්ල් රූම් එකේ තිබුන ජනේලයෙන් එලියෙ තිබුන තැඹිලි පාට පත්‍ර ගොන්න දිහා කිසිම හැගීමක් නැතිව බලන් හිටියා.

" ටක් ටක්.."

" එන්න.."

ඇතුලට ආපු ජොන් තේ හ්‍යුන් අතේ තිබුන සුදු පාට ලිලී මල් පොකුර බෙඩ් ටේබල් එක උඩ තිබුන වාස් එකට දැම්මා. ඒත් එක්කම පලතුරු පුරෝපු බෑගය කිචන් ටේබල් එක උඩින් තිබ්බා.

" එළියට යන්න.."

තේහ්‍යුන් සේහි දිහාට හැරෙනවත් එක්කම ජනේලයෙන් එලිය බලගෙන හිටපු සේහි ඒ ඉරියව්ව වෙනස් නොකරම ජොන් තේ හ්‍යුන්ට අණ කලා.

" සේ.හි.."

" එක වචනයක්වත් කතා නොකර එලියට යනවා..!!"

කලින් මලානික බව ටිකක් යහපත් අතට හැරිලා තිබුන කටහඩේ වෙව්ලීම තවමත් එහෙමම තිබුනා.

" මන් ආවෙ කතා කරලා මිසක් එලියට යන්න නෙවෙයි සේහි.."

" තමුසෙ..!"

සේහි තේහ්‍යුන් සුදු පාට ලිලී මල් දාපු වාස් එක අතට අරන් තේහ්‍යුන් දිහාට විසි කළත් ඒ වෙද්දිත් අඩියට දෙකට ඇවිල්ලා හිටපු ජොන් තේහ්‍යුන් සේහිගෙ අතකින් අල්ල ගත්තු නිසා වීදුරු වාස් එක ගිහින් අසල තිබුන මේසය උඩටම වැටුනා.

" අතාරිනවා..!"

" ඔයාට කතා කරන්න බෑ කිව්වෙ ජොන් ෆැමිලි එකේ අයත් එක්කනෙ.. එහෙනම් මට කතා කරන්න.."

" තමුනුත් මහ ලොකු ජොන් ෆැමිලි එකේ.."

සේහි උත්සාහ කලත් තේහ්‍යුන්ගෙන් ඇගේ අත මුදව ගන්න ඇයට ඒක කරන්න බැරි වුනා.

" නෑ.. මම කිම් ටේ හ්‍යුන් මිසක් ජොන් ටේ හ්‍යුන් නෙවෙයි..!"

" අතාරිනවා..!!"

" මන් කියන්නෙ ඇත්ත.. මගේ දෙමවිපියො ජොන්ලා නෙවෙයි..! කිම්ලා.."

අවුරුද්දකට එක වතාවක්වත් නැගෙන්නෙ නැති ජොන් තේ හ්‍යුන්ගෙ ඒ ප්‍රතාපවත් ගැඹුරු කටහඩ සේහි වෙනුවෙන් ගොඩ කාලෙකට පස්සෙ අවදි වුනා. ඒ වගේම ඒ චොක්ලට් පාට ඇස් වල ඕනිවටත් වඩා පෞර්'ශයක් ගැබ්වෙලා තිබුනා.

ටික වෙලාවක් ගත වුනා. ඒ ගත වුන විනාඩි කිහිපයට සේහි මොහොතකට සන්සුන් වෙලා තිබුනා කියලා පේන්න තිබුනත් ඇගේ ඇස් වල තවමත් ඇයටම ආවේනික වුන මලානික බව පේන්න තිබුනා. මෙවර සරත් ඍතුව අනෙක් සරත් ඍතු වලට සාපේක්ශව මලානික පැහැයක් ගත්තත් ඒ තැඹිලි වර්'ණය තව දුරටත් හීන නොවී ඉන්න මේ වන විටත් සැලකිය යුතු තරමෙ උත්සාහයක් අරන් වග පේන්න තිබුනා.

" ජන්කුක් නෙවෙයි එයාව මැරුවෙ.."

" මන් දන්නවා.."

" එහෙනම්..!?"

" ඒත් ඒ එයාගෙ ඩෑඩ්.."

" පේරන්ට්ස්ලා කරන වැඩ වලට දරුවො පලි වෙන්නෙ නැහැ සේහි.."

තේ හ්‍යුන් මිමිනුවෙ කලින් සේහි පිටත තිබුන මේපල් ගහේ කොළ දිහා බලාගෙන හිටපු ජනේලයෙන්ම පිටත බලාගෙන. සේහි සුසුමක් හෙලුවා.

" ජන්කුක්ට ඇත්තටම ආදරෙයි නම් ඔයා මේ විදිහට හැසිරෙන්න ඕනි නෑ.. මට පේන්නෙ ඔයා තවමත් ආදරේ දේයන්ට වගේ..."

තාවකාලිකව දුරදිග නොහිතුව තේ හ්‍යුන්ගෙ කට හඩින් ඉබේම එහෙම පිටවුනා.

" ඔව්.. ඇයි ඒකෙ ඔයාට ප්‍රශ්නයක් තියනවද..?"

" ජන්කුක් ඔයාගෙ හස්බන්ඩ් කියලා දන්නවා නේද..?"

සේහි සමච්චලේට හිනාවුනා.

" මැරි කරපු දවසෙ ඉදන්ම එයා මගේ හස්බන්ඩ් කියලා දැනන් හිටියත් මන් එයාගෙ වයිෆ් කියන එක එයා දැන ගත්තෙ ගොඩක් කල් ගිහින්..!"

ඇත්තෙන්ම ඒ කියපු දේට උත්තරයක් තේ හ්‍යුන් ළග තිබුනෙ නැති පාටයි.

" ඔයා දන්නෙ නෑ තේහ්‍යුන්ශී.. ඒ වගේම ඔයා කවමදාවත් දැන ගන්න එකකුත් නෑ සේහි ජොන් ජන්කුක්ට කොච්චර ආදරෙයිද කියලා.."

" මොකක්..?"

" මට දැනුයි තේරෙන්නෙ.. එන්ගේජ් වෙලා හිටපු දේයන්ට වඩා විවාහ වුන ජොන් ජන්කුක්ට මන් ආදරෙයි ද කොහෙද කියලා.."

" මොකක්..!"

" මට රිදෙනවා.. මටත් රිදෙනවා තේ හ්‍යුන්.. මමත් මනුස්සයෙක්.. හැගීම් දැනීම් කියන දේවල් මටත් දැනෙනවා..!"

" සේහි ම..න්.."

" මගේ දරුවා නැති කලේ එයා.. ඒත් මන් එයාට ආදරෙයි.. දේයන් නැති වුනා. එයා ගිහින් ඉවරයි.. ඒත් දේයන් නැතිවුනේ ජොන් ජන්කුක් කියන කෙනාගෙ ඩෑඩ්ගෙ අතින් කියලා දැන ගන්නකොට මටත් රිදෙනවා. මන් එයාට ඕනිවටත් වඩා ආදරෙයි.. ඒ නිසා මටත් ඕනිවට වඩා රිදෙනවා.."

සේහිගෙ ඇස් වලින් ඕනිවටත් වඩා කදුලු පිටවුනා.

" ඒ කියන්නෙ මෙච්චර දෙයක්.. ඒ දේයන් නිසා නෙවෙයිද..?"

" දේයන් කියන්නෙ දැන් මතකයක් විතරයි නම්.. මන් විශ්වාස කරන්නෙ නෑ මතක වෙනුවෙන් ජීවත් වෙන එක හරි දෙයක් කියලා. ඔව් ඔයා හරි.. මන් දේයන්ට ආදරෙයි.. ඉතින් ඒකෙ තේරුම මන් ජන්කුක්ට වෛර කරනවා කියන එකද..?"

" සේහි.. ම.."

" ඔව්.. මන් දන්නවා.. ඔයත් දැන් කියයි මට සමාවෙන්න කියලා.. ඒත් මම.. මම විතරයි ද හැමදාම හිත රිද්ද ගන්න ඕනි කෙනා..?"

" ..."

" ප්ලීස්.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. මන් වැදලා ඉල්ලන්නම්.. මටත් අමාරුයි.. මේ දේවල් දරා ගන්න.."

~~~~~~~~~~

" පුතා කුක්.. මොකද ඔය ඇස් රතු වෙලා..?"

ජොන් පැලස් එකට ආපු තමන්ගෙ පුතා ඉන්න විදිහ දැකපු මිසිස් ජොන් ඉක්මන් ගමනින් එයා දිහාට ආවා.

" මම්.."

" මොකද වුනේ පුතා..?"

" මොකුත් වුනේ නෑ මම්.."

" බොරු කියන්නෙපා පුතා.."

" අනේ නෑ මම්.. මට හෙඩේක් එකක් ඇවිත් මන් පේන්කිලර්'ස් ඕනිවට වැඩියෙන් ගත්තා. ඒ නිසා දැන් ඇස් රතුවෙලා කදුලු එනවා.."

" අහ්.. මන් බය වුනා.. එහෙනම් රෙස්ට් කරන්න.."

" හරි මම්.." ජන්කුක් මම්ගෙ දෑස් මගෑරියා.

" දුව කෝ පුතා.. මන් දවස් දෙක තුනකින් දුවව දැක්කෙ නෑ.."

" අහ්.. ඒ..මම්.. ආ.. එයා බිස්නස් පාට්නර් කෙනෙක් එක්ක මීට්න් එකකට දේගු ගිහින්.."

" අහ්.. අර දවස් තුනකට කලින් ගිය ගමන නේද..? තාම ආවෙ නැද්ද..? මට අමතක වුනා.."

" ඔව් මම්.."

ජොන් පැලස් එකේ තර්'ඩ් ෆ්ලෝ එක මූසල පෙනුමක් අරන් තිබුන නිසා සේහි නැතුව අප්‍රානික බිත්ති ආරුක්කු වලට පවා පාලුයි කියලා ජන්කුක්ට තේරුනා. මේ දවස් තුන ඇතුලත හිස් කරපු විස්කි, වයින්, බ්‍රැන්ඩි.. ඒ හැම වර්'ගයකම මිලාධික මත්පැන් වල හිස් බෝතල් ගනනාවක් ඒ සීතල පොලොව මත හැම තැනම විසිරිලා තිබුනා. දවස් තුනකට කලින් සිදුවුන ඒ වියරු සිදුවීම සිහිනයක් කියලා හිතන්න ජොන් ජන්කුක්ට තව දුරටත් ඕනි වුනත් තෙවන මහලෙ ස්වභාවය ඔහුට එහෙම හිතන්න තිබුන හැම හිඩැසක්ම මකලා දැම්මා.

දෙමාපියො නිසා දරුවො දුක් විදින අවස්ථා විරල වුනත් ජොන් ජන්කුක්ටත් ඒ වගේ විරල අවස්ථාවක් ලැබිලා තිබුනා. ඒ වුනත් ඒ සිතිවිල්ලට වඩා ඔහුගෙ ඔලුවෙ තිබුනෙ සේහිත් එක්ක ජේජු වලට ගිය දෙවෙනි ගමනෙ මතක.. ඔහුට ඕනි වුනා හැම නරක මතකයක්ම අමතක කරලා දාන්න.. ඒ වගේම ඔහුට ඕනි වුනා විවාහ වුන දවසෙ ඉඳන් සේහිට තමන් සලකපු විදිහ අතීතෙට ගිහින් හරි ගස්සන්න..

ඒ වුනත් ඔහුගෙ අතේ තිබුන මිලාධික මත්පැන් බෝතල් එයාට පැහැදිලි කරලා දුන්නා වුන කිසිම වැරැද්දක් ආපහු වර්'තමානයේ ඉදන් හරි ගස්සනවා මිසක් අතීතෙට ගිහින් හරි ගස්සන්න බැරි වග.

ඒ වගේම ඔහුගෙ හිතට දැනුනා මේ ගත වුන දවස් තුන අවුරුදු තුනකටත් වඩා දීර්'ඝ කාලයක් වගේ කියලා. ඒ නිසා එයාට එයාට හිතුනෙ එක දෙයයි..

'සෑම දිනක්ම සෑම මොහොතක්ම

මේ වගේ වෙයි කියලා මම දැනගෙන හිටියා නම්

ඒවා තව දුරටත් මගේ මතකයේ තබා ගන්න ඉඩ තිබුනා'

.

.

.

.

.

.

____________________________________

එදා දවස් කිහිපයක් වුවද
අදට ජීවිත කාලයක්..

මන් එදා වගේම ඒ වෙලාවෙත්
දැනගෙන හිටියෙ නෑ

ඒත් ඇත්තෙන්ම..
සෑම දිනක්ම සෑම මොහොතක්ම

මේ වගේ වෙයි කියලා
මම දැනගෙන හිටියා නම්

ඒවා තව දුරටත් මගේ මතකයේ තබා ගන්න ඉඩ තිබුනා

____________________________________

මන් දාපු වන්ශොට් එක බැලුවද ඔයාලා..

වෝට් කමෙන්ට් කරන හැමෝටම තැන්කූ ❤️

A_Shee1 ~

Continue Reading

You'll Also Like

1.7K 343 8
කලු සුදු කඩදාසි වන් ජීවිත පාට පාටින් වර්ණ ගන්වන සෑම මිතුරියකටම ආදරයෙන් මෙය අකුරු කලෙමි ❤️
5.5K 1.3K 5
'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020
9.1K 2.1K 20
THE WORLD IS FULL OF SECRETS ~ START = 141121 END = 301221 A KTH AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
156K 23K 17
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."