𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5.2K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
02
03
04
05
06
07
08
09
10
11
13
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

12

241 58 31
By KIM_SANG_MEE

මම පැනපු ගමන් යුන්ගි ඔප්පාව බදා ගත්තා. මගේ කදුලින් තෙත් වෙද්දි මම කථා කළා.

    " ඇති යන්තම් ඔයාලට අවුලක් නෑ."

     "  අපිට ප්‍රශනයක් වෙන්නේ නෑ. Supervisor දෙන්නම හිටියේ අපි එක්කනේ. අපි බය වුණේ ඔයාලා ගැන. " ඒ ජින් ඔප්පා.

   ඔක්කොම හරි කට්ටිය එකතු වුණානේ. වැඩ පෙන්නමු එහෙනම්." කඩු කිණිසි අතින් අරගෙන අපි 6 දෙනා බලාගෙන හිටියේ ජුනී ඔප්පාගේ මුණ දිහා. එයාගෙන් අණ ලැබෙනකම්.

   " මොකද ඔහොම බලන්නේ? ආහ් අනේ සොරි අමතක වුණා. පහර දෙනු!. " අපි එකවර පහර දෙන්න පැන්නා. කට්ටිය සටන් කළේ හරියට යක්කු වගේ. විනාඩි 15ක් යන්න කලින් එක එක්කේනා සුන්නද්දුවිලි වුණා.

   " යමු පල්ලේහාට , අපිට වැඩි වෙලාවක් නෑ තව. " ඒ ජුනී ඔප්පා.

    " කට්ටියම එන්න මගේ පස්සේන්." යුන්ගී ඔප්පා ඉස්සර වුණා. අපි පඩිපෙළවල් බැහැගෙන ගියා ගියා ගියා මේක නතර වෙන පාටක් නම් පෙණුනේ නෑ. යුන්ගී ඔප්පායි හොබියි හිටියේ නැත්තම් මම ඇත්තටම බය වෙනවා අතරමං වෙලා කියලා. පඩිපෙළ බැහැලා නතර වුණේ හරියටම යුධ පිටියක් වගේ තැනක. එතන වටේටම තිබුණේ හිර ගෙවල්. එතන හරියටම තිබුණු එකේ වටේටම වෘකයො පිරිලා හිටියා. ඌන් එක ආරක්ෂා කරනවා වගේ. ඒක ඇතුළේ දම්වැල් දලා හිර කරලා හිටියේ ආර්ටෙමිස් උත්තමාවිය සහ මගේ bunny boy. ඇත්තටම මේ මගේ කියන කෑල්ල කොහෙන්ද එන්නේ? මම කුටිය ගාවට දුවන්න හැදුවත් මැද පොළව විවෘත වෙලා පෙට්ටියක් උඩට ආවා. ඒකේ කැටයම් කරලා තිබුණේ දෙවිවරුන්ට වද දෙන රෑප. ඒත් එක්කම Film  එකක දුශ්ටයා කථාවට එන්ටර් වෙද්දි දාන හිනාව වගේ හිනාවක් ඇහුණා.

   " මේ ඇවිත් ඉන්නේ මහලොකු වැඩ්ඩො ටික."

    මෙහෙමයි කඩහඩේ අයිතිකාරයා ගැන කියනවා නම්, කටහඩ තරම් පෙනුමක් නම් එයාට තිබ්බේ නෑ. එයා තනි රන් සන්නාහයකිනුයි  සැරසිලා හිටියේ. මොනව වුණත් මෙයා ටයිටන් කෙනෙක් බව මම දැන ගෙන හිටියා. මේ වෙලාවට තමා ඉතිහාස පන්තිය කට් කරන එකේ රඟේ තෙරෙන්නේ. මම දැකලා තියෙන චිත්‍ර වල හැටියට මෙයා ක්‍රෝනෝස් වගේ ටිකක්. හරියට එයා Light version එක වගේ.

   " මේ ක්‍රෝනාස් Light version , ඔයා කවුද කියලා හඳුන්වලා දෙන්න පුළුවන් ද? ක්‍රියෝස්ද? ප්‍රමීතීයස්ද? ඇට්ලස් නම් වෙන්න බෑ හැබැයි." මම පිළිගන්නවා මට පියාගෙන උන්න බැහැ කියලා.

    " මෙයාටද ඔලිම්පහි ආරක්ෂකයා කියන්නේ. මේ වගේ කෙනෙක්ගේ ලේ වලින්ද ත්‍රෝනෝස් නැගිට්ටවන්නේ." එයා හිනා වුණේ සරදම් සහගත විදිහට " මම තමයි අති බලවත් "

    " හා හා මේ මෙතන වැඩි වර්ණනා ඔනේ නෑ. නම කීවෝත් හොඳටම ඇති. අනික මම එක එක එකාට ලේ දන් දෙන්න යන්නේ නෑ."

    " please මියා , කියන තැනකට වදින්නම්. ඔය වාචාල කට වහගන්නකො. මේ ඉන්නේ හයිපරියන්. නැගෙනහිර දිශාවට අධිපති. උණුසුමේ හා ආලෝකයේ අධිපති. ක්‍රෝනෝස්ගේ ජනලේ. ඒ වගේම මේයාට අපිව රොටී කරන්න යන්නේ තප්පර ගාණක් විතරයි." එහෙම කීවේ චිමී. ඒ වේලාවේ හයිපරියන් අතට මවා ගත්තා දෑ කැත්තක්.

    " ඒ පාර දෑකැත්තක් මොකටද? මේක ගොයම් කපන වේලාවක්ද?"

    " කෙල්ලේ තමුන්ගේ කට වැඩී හොඳටම. මේක මරණයේ ආයුධය. ක්‍රෝනෝස්ගේ ප්‍රධාන ආයුධය. මේක මනුෂ්‍යයෙක්ගේ ඇගේ ගැවුණත් ඇති එයාව ක්ෂණිකව ම මරණයට පත් වෙනවා."

    " අපි මෙහෙ ආවේ ඉතිහාස පාඩම් ඉගෙන ගන්න නෙවේ හයිබ්‍රිඩ්. සොරි වැරදුනා හයිපරියන් නේද නම? ඒනෙක් වැඩක් නෑ. දැන් අර දෙන්නව නිදහස් කරන්න." මම කෑ ගැහුවා.

   " ඒක නම් හිතන තරම් ලේසී නෑ." කියපු හයිබ්‍රිඩ් දෑකැත්ත ඉහළට  ඉස්සුවා. මූ මෙතන නෙළුම් කවි නටන්නද යන්නේ?

 
" පහර දෙනු"

____________________________________

මකුළු දැල් කඩලා යන්න ආවේ හුම්ම්ම්ම් 😌😌

කතාව අමතකයි නම් පොඩ්ඩක් කලින් එකට ඇහැ දාලා බලන්න 😁

Thanks akkii 💖

Continue Reading

You'll Also Like

2.1M 240K 187
အမျိုးသားကိုယ်ဝန်ဆောင် "ကော"များပါဝင်သည်။ အမ်ိဳးသားကိုယ္ဝန္ေဆာင္ "ေကာ"မ်ားပါဝင္သည္။
543K 74.1K 103
Just a fan translation. Eng name- Did the affectionate love interest collapse today. cover pic from pinterest.credit to artist. Author- 即墨遥 စိတ်ကူး...
16.9K 2.9K 38
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #...
32.3K 7.3K 28
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature...