Still With You ( Fan Fiction Only )
_Chapter 20_
____________________________________
하루를 그 순간을..
Harureul geu sunganeul..
Every day, every moment..
සෑම දිනක්ම, සෑම මොහොතක්ම..
____________________________________
තමන්ට අඩි කිහිපයක් උසින් තිබුන ඒ අත් පන්දු දැල අතරින් ප්‍රේක්ශකාගාරයේ උස වහලෙ තිබුන විදුලි පහන් දිහා සේහි බලන් හිටියා. ඒ එලිය ඕනිවටත් වඩා වැඩියි කියලා සේහිට වෙලාවකට හිතුනත් තමන් අතේ ගෝලය තිබුන සමහර වෙලාවට සේහිට හිතුනෙ ඒ විදුලි පහන් වල එලිය මදි කියලා.
" ඩෝල්.."
" කියන්න ඕරා..?"
" අපිටත් තවමත් බෑ නේද ඔයාගෙ මූන දකින්න..?"
" මෙච්චර කල් අපි මැච් ප්ලේ කලේ මගේ මූන දැකලා නෙවෙයි නේද ඕරා..?" සේහි හිනාවෙලා අත් පන්දුව ඕරා දෙසට විසි කළා.
" වී ආ වෙරි සොරි අබවුට් කෝච් දේයන් ඩෝල්.."
" වෙන්න තියන දේ වුනා. ඒ ගැන තව දුරටත් කතා කරලා වැඩක් නෑනෙ.."
පැලදගෙන හිටපු මාස්ක් එකට යටින් ඩෝල්ගෙන් පිටවුන සුසුමෙ තිබුන බර ගතියෙ අන්‍තර්'ගත වෙලා තිබුනෙ මොන වගේ හැගීමක්ද කියලා ඕරාට තේරුම් ගන්න බැරිවුන බවක් පේන්න තිබුනා.
ඕරා.. කොරියානු කාන්තා ජාතික කණ්ඩායමේ පසුපෙළ ප්‍රධාන ක්‍රීඩිකාවක්.
" අපි කප් එකට ඕනිවටත් වඩා මහන්සි වෙනවා වැඩියි වගේද..?" ඕරා ආපහු ඩෝල්ට ප්‍රශ්නයක් එකතු කලා.
" අපි ඒ ගැන කතා කරන්නෝනි. අන්තිම මැච් එකට කවුරු ඉදියි කියලද ටාගට් කරන්නෙ..?"
" ජැපෑන් හරි ඇමරිකා හරි.."
" පසන්ටේජ්..?"
" මට සීයට සීයක් විශ්වාසයි.."
" එහෙනම් අපේ මේ මහන්සිය මදි ඕරා..!"
" ඒත්.."
" ජැපනීස් ටීම් එක මේ පාර කෝච් කරන්නෙ මීට අවුරුදු හතරකට කලින් කැප්ටන්. එයා කෝච් කරන ටීම් එකක් එක්ක තරග කර විදිහ අපිට තාමත් හිස්තැනක් විතරයි.."
" අපිට ඩෝල් සී ඉන්නවා..!"
" ඒ කෝච් ඩෝල් සීට සමාන කෙනෙක්.."
" ඒත් අපිට ඩෝල්ව විශ්වාසයි.."
" එක සමාන දෙන්නෙක් ප්‍රතිවාදීව තරග කරන තැන කා ගැනවත් විශ්වාස කරන්න බෑ ඕරා. මොකද මේ ලෝකෙ සමානකම කියන්නෙ ලොකුම ප්‍රතිවිරුද්ධත්වයක්.."
ඩෝල්ගෙ ප්‍රතාපවත් වචන වලට වෙනසක් එකතු වෙලා තිබුනා කියලා තේරුම් නොගන්න තරම් මෝඩ කමක් දකුනු කොරියානු කාන්තා අත් පන්දු කන්ඩායමට තිබුනෙ නෑ. ඒ අතරින් ඩෝල්ට වඩාත්ම සමීප චරිතය ඕරා.. ඩෝල්ගෙ නැවත ආගමනයත් එක්ක ගොඩක්ම සතුටට පත් වුනත් ඇගේ කටහඩේ ප්‍රතාපවත් බවට එකතු වෙලා තිබුන ඒ මලානික බවට ඇය කැමති වුන බවක් පේන්න තිබුනෙ නැහැ.
කොහොම වුනත් ඇය මුහුන දීලා තිබුන බොහෝ සිදුවීම් පිලිබඳව නිවැරදි අවබෝධයක් තිබුන ඕරාට ඩෝල් වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ වගේම ඩෝල් කියන්නෙ තමන් හිතන් හිටියටත් වඩා බොහෝ ශක්තිමත් චරිතයක් වග තේරුම් අරන් තිබුනා. ඕරාට විශ්වාසයක් තිබුනා ඩෝල් කියන චරිතය ක්‍රීඩාවෙදි වගේම ඇගේ සත්‍ය ප්‍රතිරූපය ඇගේ පවුද්ගලික ජීවිතයේදි පවා කවමදාවත් නොමැකෙන මතකයක් වෙයි කියලා.
" මගේ සර්'ව් එක හොදටම අවුල් වෙලා.." ඩෝල් ඕරාට එහෙම කියන ගමන් ක්‍රීඩා පිටිය මැදට ගියා.
" ප්‍රැක්ටිස්..! පැය කීයක්ද..?"
" පැය තුනක් එකදිගට.."
" ඔයාට විශ්වාසයිද ඩෝල්.."
" සමහර විට.."
තමන්ගෙ ශරීරයෙන් තමන්ටත් හොරා නැගෙන වේදනාව මග අරිමින් ඩෝල් සී ඇගේ පුහුනුවීම් වලට සම්පූර්'ණ අවධානය යොමු කරන්න උත්සාහ කළත් වෙලාවකට ඒ උත්සාහය අසාර්ථක වෙනවා කියලා මාස්ක් එකකින් වැහිලා තිබුන ඒ මූන සාක්ශි දැරුවා. අත් පන්දුව ගුවනට විසි කරලා ඊට පහර දෙන්න ගුවනට පනින හැම වාරයක් ගානෙම තමන්ගෙ පහළ උදරයෙන් දැනෙන වේදනාව ඇයට ගෙන ආවෙ බියකරු අත්දැකීමක් වුනත්, එයින් නොනවත්වාම ඇගෙන් වේදනාත්මක කෙදිරිලි පිට වුනත්.. ඇයට ඕනි වුනේ නෑ ඒ වේදනාව නිසා තමන්ගෙ උත්සාහය අත් අරින්න.
ඉර එලිය කෙතරම් තද වෙලා තිබුනත් උස් වහලයකින් ආවරනය වෙලා තිබුන ප්‍රේක්ශකාගාරය තුළ පුහුනුවීම් වල යෙදුන ඔවුනට එය බාධාවක් වුනේ නෑ. බැරිවෙලාවත් ඒ උස් වහල නොතිබුනත් මට විශ්වාසයි ඔවුන් ඒ හිරු එලිය ඊට කිසිසේත්ම බාධාවක් කර නොගන්නවා කියලා.
~~~~~~~~~~~
පාක් ජිමින් හිටියෙ ජිම් එකේ. දවසෙ රුටීන් එක ඉවර කරපු එයා චේන්ජ් කරගෙන ඩෝල්ගෙ රූම් එකට ගියේ ඩෝල් නැවත ඇවිත් නිසා ඒ වෙනකොටත් ඩෝල් නැති නිසා ලොක් කරලා තිබුන ලගේජ් තිබුන කබඩ්ස් අන්ලොක් කරන්න. එයාගෙ අතේ තිබුන තැඹිලි පාට ෆයිල් කවරය ඩෝල්ගෙ ලොකර් එක උඩින් තිබ්බ ජිමින් විනාඩි ගානක් යද්දි සේරම කබ්ඩ්ස් අන්ලොක් කරලා තිබුනා.
" ඔහ්..!! ජිමින්.."
" ඩොල්..!"
" මන් බය වුනා. මගේ රූම් එක නිසා මන් තට්ටු කලෙත් නෑ.." සේහි එහෙම කියන ගමන් ඇවිත් ඇයගෙ ටවල් එක අතට ගත්තා.
" කබඩ්ස් ටික අන්ලොක් කරන්න ආවෙ.. ඔයා නැතිවුන ගමන් ඩිපාට්මන්ට් එක සේරම ලොක් කරන්න කිව්වා.."
" අහ්..!"
" ඔයා ප්‍රැක්ටිස් කළාද..?"
" ඔව්.. පැය තුනක්.."
" ඔයාගෙ මූන එච්චර හොඳ නෑ ඩෝල්.. මොකක් හරි ප්‍රශ්නයක් ද..? එහෙමත් නැත්නම් මොනාහරි පේන් එකක්ද..?"
" දන්නෙ නෑ.. මට සෑහෙන්න මහන්සියක් දැනෙනවා.. ඇයි කියන්න තේරෙන්නෙ නෑ.."
" ඔයා කලින් පැය හය හත එකදිගට ට්‍රේන් කරපු කෙනෙක් ඩෝල්..!"
" ඔව් ඇත්තෙන්ම.. මටත් පුදුමයි. හිතාගන්න බෑ ඇයි ඒ කියලා.."
එහෙම කියපු සේහි අවර්'න වාතයට සුසුමක් එකතු කරලා අසල තිබුන සෝෆා එකෙන් සැප පහසුවට වාඩිවුනා.
" ජැපනීස් ටීම් එක හම්බුනොත් මේ පාර ලේසි වෙන්නෑ.. ඉන්න කෙනා දන්නවා නේද..?"
" මටත් බයයි.. මන් මගේ උපරිමය කරනවා.."
" ටීම් එක ලෑස්ති කර ගන්න.. තව දවස් දෙකකින් මේල් ටීම් එකත් එක්ක මැච් එකක් ප්ලේ කරලා බලමු තත්ත්වෙ කොහොමද කියලා.."
ජිමින් එහෙම කියන ගමන් ඩෝල්ගෙ කාමරෙන් එලියට ගියා.
ඒත් තැඹිලි පාට ෆයිල් එක..
ඒක ඔහුට අමතක වුනා.
~~~~~~~~~~
මුලු සෝල් නුවරම කලු වලාකුලින් පිරිලා ගිහින් තිබුනා. ඒ වුනත් ඒ සරත් ඍතුව නිසා වැස්සක් පේන මානෙකවත් තිබුනෙ නෑ. සමහර විට වැහි වලාකුලු සෝල් අහස පහු කරන් කොහෙ හරි යන්න වෙන්න ඇති. ඒ වුනත් එයාලගෙ තාවකාලික වුනත් වර්'තමාන නවාතැන සෝල් අහස කියලා පේන්න තිබුනා.
ජොන් ජන්කුක් හිටියෙ ජොන් මන්දිරයට යන වෙලාව එනකල් නොඉවසිල්ලෙන්. ජීවිතේ කවමදාවත් තමන්ගෙ නිවසට යන්න ඔහුට මේ විදිහෙ ආසාවක් තිබුනෙ නෑ. උදෙන් ගෙදරින් පිට වෙන එක හවස ගෙදර යන එක.. එයාගෙ කුඩා කාලයෙ ඉදන් එයාට අමුතු දෙයක් වුනේ නෑ. ඒත් අද ඔහු කවමදාවත් නැතුව නොඉවසිල්ලෙන්.
ඔහු තමන්ගෙ මිලාධික රොලෙක්ස් අත් ඔරලෝසුවටත් කාර්'යාල කාමරයෙ තිබුන විශාල කලු පැහැති බිත්ති ඔරලෝසුවටත් විනාඩියෙන් විනාඩියට දෑස් යොමු කළා. තව පැය භාගයක්. එච්චර වෙලාවක් කොහොමද ඉන්නෙ. ජන්කුක්ගෙ ඔහුගෙ ශක්තිමත් ඇගිලි වලින් කාර්'යාල මේසයට නොනවත්වාම තට්ටු කරමින් හිටියෙ ඇයව දකින්න තියන නොඉවසිල්ල මග ඇර ගන්න වගේ. ඇයව නොදැක ගත වුනේ පැය දහයක වගේ කාලයක් වුනත් ජීවිතේ කවමදාවත් නැති විදිහට ඔහුට හිස් හැගීමක් දැනෙන්න පටන් ගත්තෙ සේහි කියන්නෙ දැනටමත් ඔහුගෙ ජීවිතේට කෙතරම් සමීප අයෙක්ද වග මුලු අවර්'න වාතයටම ඔප්පු කරන ගමන්.
" එක්ස්කියුස් මී සර්.." එක්වරම ඒ දොර විවර කරන් ඇතුළට ආවෙ එයාගෙ පර්සනල් සෙකට්‍රි.
" අහ්.. කියන්න.."
" සර් වයිට් ලිලීස් හොයා ගන්න කොහෙවත් නැහැ.."
ඔහු කිව්වෙ බයෙන් වෙව්ලන ගමන්. ඔහු දැනන් හිටියා මේ දේ කිව්වට පස්ස්සෙ තමන්ව මේ රැකියාවෙන් අස් කරලා දාන්න නපුරු රාක්ශයා ජොන් ජන්කුක් දෙපාරක් හිතන්නෙ නෑ කියලා.
" ඕ ශිට්.. ඒකත් එහෙමද..? ලිලීස් වල වෙන කලර් එකක් නැද්ද..?"
" පින්ක් සර්.."
" ඕකේ.. එහෙනම් මට බොකට් එකක් ගේන්න.." ජන්කුක් ඔහුගෙ දිව කට ඇතුලෙ තද කර ගන්න ගමන් කිව්වා.
ඇත්තෙන්ම ජන්කුක් තමන්ව අයින් කලේ නෑ. මිනිත්තු කිහිපයක් පුදුමයෙන් ජොන් ජන්කුක් දිහා බලන් හිටපු සෙකට්‍රි ඉක්මනින් එළිඅයට ගියේ ආපහු එතන බලන් ඉදලා මොකුත් අහගන්න ඕනි වුනේ නැති නිසා.
' සර්'ට මොනව වෙලාද..!?'
ඇය එහෙම හිතන ගමන් පින්ක් ලිලීස් බොකට් එකක් ගන්න ශොපින් මෝල් එකේ ෆ්‍රෙශ් ෆ්ලවර්ස් ඒරියා එකට යන්න එලෙවේටර් එකට නැග්ගා.
~~~~~~~~~~
මල ලිලී වුනත් රෝස පාට සහ සුදු පාට අතර තියෙන්නෙ ඕනිවටත් වඩා වෙනසක් කියලා සමහර විට ජොන් ජන්කුක් තේරුම් නොගන්න ඇති. එහෙම නැත්නම් ඔහු ඒ ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන්න ඇති. තමන්ගෙ අතේ තිබුන ලා රෝස පැහැති ලිලී මල් පොකුර දිහා බලලා හදවතින්ම මුවගට අවංක හිනාවක් නගා ගත්තු ජොන් ජන්කුක් ජොන් මන්දිරයේ තුන්වෙනි තට්ටුවට පිය නගන්න වුනා.
තුන්වෙනි තට්ටුවේ ඇරෙන්න අනෙක් හැම මහලකම කෘත්‍රිම විදුලි පහන් දැල්වෙමින් තිබිලා තමන්ගෙ ෆ්ලෝර් එකේ විතරක්ම එකදු විදුලි පහනක්වත් දැල්වුනේ නැත්තෙ ඇයි කියලා එකපාරටම ජොන් ජන්කුට තේරුම් ගියේ නෑ.
' සමහර විට තාම සේහි ඇවිත් නැතුව ඇති..'
සුසුමක් හෙලලා එහෙම හිතපු ජන්කුක් ප්‍රධාන විදුලි පහන් ගොනුව දල්වලා එයාලගෙ විශාල නිදන කාමරයට ගිහින් දොර වැහුවෙ ඒත් එක්කම එක් අතකින් කාමරයෙ විදුලි පහන් දල්වන ගමන්.
ඔහුට දැනුනා තමන්ට හුරු පුරුදු ඒ සුවද තමන්ගෙ අසලින්ම දැනෙන වග. ඇද උඩ තිබුන ක්‍රීඩා බෑගයත් එක්ක තිබුන අනෙක් ආම්පන්න ජොන් ජන්කුට එක මොහොතින් තේරුම් කරලා දුන්නා තමන්ගෙ බිරිඳ ඒ වෙනකොටත් කාමරයේ ඉන්නවා කියලා. එක දෑස් මානෙකට අල්ල ගන්න බැරිවුන ඒ විශාල නිදන කාමර දර්'ශන පතය පිරික්සමින් ජන්කුක් ඒ ඇස් හෙව්වෙ නොඉවසිල්ලෙන්.
වොශෲම් එකට යන දොර ළග බිම වැටිලා දනිස් නවාගෙන දනිස් ඇතුලෙ ඔලුව හන්ගන් හිටපු සේහි දැක්කම ජොන් ජන්කුක්ට මතක් වුනේ අතීතය. තමන්ගෙ දරුවා නැතිවෙලා මේ කාමරේම මේ විදිහටම ස්ලීපින් ටැබ්ලට්ස් එක්ක තමන්ගෙ ජීවිතේ නැති කරගන්න තරම් ඇය දුර්'වල වෙලා තිබුන ඒ දවස.
කඩා දැමූ කොන්ඩය හැමතැනම විසිරිලා තිබුනා. ඇය තවමත් ඉන්නෙ හඩන ගමන් කියලා පෙන්නන්න ඇගේ උරිස් ලාවට ගැස්සුනත් ඒ අඩන්න ලාවට නෙවෙයි අඩලා අඩලා උපරිමයෙත් අවසානයේ ඇය ඉන්නෙ කියලා ජොන් ජන්කුක්ගෙ තීක්ශන මොලයට ඒ වෙලාවෙ වැටහුනා.
" සේහි.."
කලින් දවසෙ අතීතය වගේම ජන්කුක් එතන බිමින්ම වාඩිවෙලා සේහිගෙ මුහුන උස්සලා තමන්නෙ දෑත් වලට ගත්තා. ඒ වුනත් ඒ ඇස් වල තිබුනෙ භයංකර ඒ වගේම පිළිකුල් සහගත පෙනුමක්.
" අතෑරප..න් මාව.." වෙව්ලුම් හඩකින් වුනත් දත්මිටි කාගෙන ඇය මුමුනලා ජන්කුක්ගෙ දෑත් ගසා දැම්මා.
" සේහි..!" ජන්කුක් තමන්ගෙ පුදුමයෙන් විවර වුන දෑස් ඇය දෙසට යොමු කළා.
" නවත්තපන්.. ඔය ජරා කටින්.. ම..ගෙ.. නම..වත්.. කියන්නෙපා.."
සේහි තමන්ගෙ අත් දෙකෙන් ඇයගෙ කැරලි නොගැසුන කොන්ඩය ඇදගන්න ගමන් කෑ ගැහුවා.
" අනෙහ්.. මොකද මේ..?"
එක මොහොතක් ගත වුනේ නෑ. ජොන් ජන්කුක්ගෙ ඒ තද ඇස් වලින් කදුලු බිදු ඒ සුදුමැලි ශක්තිමත් කම්මුල් උඩින්ම රූටලා බිමට වැටුනා.
" ති..රිසනා.. පවු කාරයා.. මගේ ජීවිතේම විනා..ශ කළා.."
සේහි පෙන්නුම් කලේ වියරු පෙනුමක්. හරියට මානසික රෝහලේ ඉන්න කවමදාවත් සනීප කරන්න බැරි රෝගියෙක් වගේ.
" මොනාද මේ කිය..වන්නේ.."
ඇගේ කටහඩේ තිබුන රලු කමට වගේම ඇස් රතු වෙලා තිබ්න විදිහ දැක්ක ජන්කුක්ට ඉබේටම ගොත ගැහුනා. මොකද ජන්කුක් දැනන් හිටියෙ නෑ එච්චරටම යටහත් පහත්ව ආදරනීයව හිටපු සේහිට මේ විදිහට කේන්ති ගන්න පුලුවන් වෙයි කියලා.
" මුලින්ම මගේ දරුවා.. ඇයි එයත්.. ඇයි එයත්..!!"
" .."
" නෑනෙ.. මුලින්ම එයා.. පස්සෙයි මගෙ දරුවා.."
සේහි වියරුවෙන් හිනාවෙලා කකුල් දෙක ගස්සලා තමන්ගෙ කොන්ඩෙ ගලවිලා යන්න තරම් හයියෙන් ඇද ගත්තා. ඊටපස්සෙ හයියෙන් කෑ ගහලා හිනාවෙන ගමන් අඩන්න ගත්තා.
ඒ තරම්ම වියරුවක්..? ඇයි මේ..!?
සේහිට වෙලා තියන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරිවුන ජොන් ජන්කුක් ඇය ළගට ආපහු යන්න හැදුවත් ඔහුගෙ දෑස් කෙලින්ම යොමුවුනේ සේහිට එහායින් බිම වැටිලා තිබුන තැඹිලි පාට ෆයිල් කවරයක් එක්ක විසිරිලා තිබුන ලියකියවිලි ගොන්නකට. ඔහු ඒ දෙසට තමන්ගෙ පාද ඔසවන්න කලින් තමන්ගෙ පාද තමන්ටත් කලින් එතනට දිව්වා වගේ හැගෙද්දි ජන්කුක් ඒ ලියකියවිලි ගැහෙන හදවතින් අතට ගත්තා.
අපරාධ විමර්ශන අංශය / රහස් පොලීසිය / දකූනු කොරියානු ආරක්ශක අංශය
ඇයි ඒ වගේ තැනක ලිපි ගොනුවක් සේහි ලග..?
ගැහෙන ඇගිලි තුඩු වලින් ජන්කුක් තමන්ගෙ දෑස් ඊලග පිටුව කිහිපය වෙත අරන් ගියේ තමන්ගෙ එලියටත් ඇහෙන හදවතේ සද්දෙ නොසලකා හරින්න ව්‍යවර්'ථ උත්සාහයක නිරත වන ගමන්.
.
.
විනාඩියක්..
දෙකක්..
නෑ.. සමහර විට ඊටත් වඩා වෙලාවක්..
.
.
සේහි වියරුවෙන් කෑ ගසමින් අඩමින් සිනාසෙද්දි, මුලු ඇගම පන ඇතුව ගියපු ජොන් ජන්කුක් ඊට එහා පැත්තෙන් අප්‍රානිකව බිමට රූටලා ගියා.
' නෑ.. වෙන්න බෑ.. ඒ දේ වෙන්න බෑ..'
ජන්කුක්ගෙ තොල් මත තිබුනෙ ඒ වචන කිහිපය විතරයි.
විනාඩි පහලවක් විනාඩි විස්සක්.. අන්න ඒ හා සමාන කාලයක් ගත වෙලා යන්න ඇති. ඒ වුනත් සිදු වෙමින් තිබුන සිදුවීම් වල කිසිම වෙනසක් තිබුනෙ නෑ.
දරුවා නැතිවුන දවසෙ.. දේයන් නැතිවුන දවසෙ.. තමන්ගෙ හැමදේම වුන ඒ දේවල් නැති වුන දවසෙ පවා සේහි මේ විදිහට සිහි විකල් කරගෙන කේන්ති ගත්තෙ නෑ. ඒ වගේම තමන්ගෙ සීමාවෙන් පිට ගියෙත් නෑ.. තමන්ව පාලනය කර ගත්තා. ඒත් අද..? මෙච්චරටම ඛේදවාචකයක් වෙන්න තරම්..
ඒ වගේම ජොන් ජන්කුක්.. කවමදාවත් කිසිම දේකදි කඩා වැටෙන්නෙ නැති ඔහු.. මේ විදිහට කඩා වැටෙන්න හේතුව.. ඒ දෙනෙත් වලින් පැනපු කදුලු වල හේතුව.. හිතා ගන්න බැරි තරම් හිස්තැන් ගොඩක් තිබුන ඒ සිතිවිලි වල අග මුල..
.
.
එක්වරම තමගෙ කකුල් වලට පනදීලා නැගිටපු ජොන් සේහි ඒ විශාල යහන මත තිබුන තමන්ගෙ ක්‍රීඩා බෑගය විසික් කළා. ඒ ඇද ඇතිරිලි කොට්ට පවා ඉරලා දාලා බිමට විසික් කලේ වියරුවෙන් වගේ. මිරර් ටේබල් එක උඩ තිබුන හැම විලවුන් බෝතලයක්ම මහ හඩින් බිදිලා ජොන් ජන්කුක්ගෙ ඒ මහ නිදන කාමරයේ බිම විසිරිලා ගියා. නැවුම්ව තිබුන ලා රෝස පාට ලිලී මල් පොකුර පාගලා පාගලා මුලු කාමරේම ඒ සේරම විසිරලා දාපු සේහි අන්තිමට බිත්ති වල තිබුන රාමු කරපු විශාල ෆොටෝස් දිහාට ලගා වුනේ වියරුවෙන් හිනාවෙන ගමන්.
" යූ සන් ඔෆ් ද බිච්.. උබ මාව කෑවා.."
ඒ දත් මිටි කාපු දත් අතරින් ඒ විදිහට ශාපයක් පිටවෙන අතරෙ ඇගේ අතින්ම ජොන් ජන්කුක්ගෙ විශාල ඡායාරූපයක් වීදුරු රාමුව කුඩු වෙලා යන්නම විනාශ වෙලා ගියා.
ඒ වුනත් තවමත් ජොන් ජන්කුක් හිටියෙ හිස් බිත්තිය දිහා බලාගෙන. තමන්ගෙ අවට වෙන්නෙ මොනවද කියලා ඔහුට තාමත් හරියට නිනව්වක් තිබුනෙ නැ.
ඒ විදිහටම ජොන් ජන්කුක්ගෙ විශාල ඡායාරූප වගේම මේස මත තිබුන ලස්සන විසිතුරු බඩු සේහිගෙ අතින් විනාශ වුනා.
අන්තිම ඒ වියරු ඇස් යොමුවුනේ කාමරයේ තිබුන ප්‍රධානම තැනට.
මංගල ඡායාරූපය..! ඇය ඒ වෙනකොටත් ඒ දෙසට වියරු හිනාවක් එක්ක ඇදිලා යමින් හිටියා.
" උඹ.. ද සන් ඔෆ් ද බිච්.."
සේහි ආයෙමත් එහෙම කියාගෙන ඒ චායාරූපය දිහාට අත් දෙක දිගු කළත් ඊට කලින් ඇය ජොන් ජන්කුක්ගෙ ශක්තිමත් අත් වල හිරවුනා.
" අනේ බේබි.. ඕක නවත්ත..න්න.. ඒක බොරුවක්.. ඒ මම නෙවෙයි.."
සේහි තවත් හයියෙන් ඔලුව දෙපැත්තට වනන ගමන් හිනාවුනා.
" අනේ.. මාව බය කරන්නෙපා බේබි.." ජන්කුක්ගෙ කටහඩ වෙව්ලුම් කෑවා.
" හහ්.. හහ්.. හා..!!"
ඇගේ ඒ වියරු හිනාව ජොන් මන්දිරයේ හැම බිත්තියක් ගානෙම වැදිලා දෝංකාර දීලා ආපහු ඇය වෙතටම ආවත් ඇය කිසිම දෙයකින් සන්සුන් වුනේ නෑ..
" අනේ.. මාව.. බය ක..රන්නෙපා.. මගෙ බේබි.."
තව දුරටත් ඒ වෙන දේවල් තමන්ගෙ මනසට වගේම මොලේට දරා ගන්න බැරිවුන නිසා ජොන් ජන්කුක් ගෑ ගහලා විලාප තිබ්බා. ඔහුගෙ උනුසුම් කදුලු සාක්ශි දැරුවා ඒ ආදරේ විහිලුවක් නොවුන බවට..
ජන්කුක් සේහිව තද කරලා තමන්ගෙ පපුව ඇතුලට තුරුලු කර ගත්තත් සේහි ඒ උනුසුමට අද සන්සුන් වුනේ නෑ. ටික වෙලාවක් හැල හොල්මනක් නැතුව එහෙමම හිටපු සේහි ජන්කුක්ගෙ අත් තමන්ගෙන් ලිහිල් වෙන වෙලාවෙදි ක්ශනිකව හැරිලා ඒ විශාල මංගල ඡායාරූපය මහ හඩක් ඇහෙන විදිහට කුඩු වෙලා යන්න බිම ගැහුවා.
ඒ වීදුරු කැබලි බිම දිගේ රෝල් වෙලා ගිය දිහා බලන් ඉදපු සේහි තෘප්තිමත් වුන බවක් පෙන්නුවෙ ඒ දෑස් වල වියරු සැනසීමක් දකිද්දි. ජන්කුක් දිහා හැරිලා බැලුවා.
ආපහු කෑ ගහල හිනාවුන සේහි සිහිය නැතිව ඒ වීදුරු කටු උඩටම වැටුනෙ එතනට තවමත් අඩු වෙලා තිබුන රුධිරය ගංගාවක් තරම්ම එකතු කරන ගමන්.
ජොන් ජන්කුක් ඔහු..
තමන්ගෙ බිරිඳගෙ රුධිරය ළග කිසිම කලබලයක් කලේ නැත්තෙ ඔහුට ඒ වුන කිසිම දෙයක තේරුමක් වුනේ නැති නිසා. ඒ වුනත් තමන්ගෙ නිරුවත් පා පතුල් වලට ඒ උනුසුම් රුධිරයේ උනුසුම දැනෙද්දි ඔහු මුලු ලෝකෙටම ඇහෙන්න තරම් හයියෙන් විලාප තියමින් සේහිගෙ වීදුරු කටු ඇනිලා ලේ වලින් වැහුන අප්‍රානික හිස ඒ උකුලට ගත්තා.
ඔහුට ඒ වෙලාවෙ හිතුනෙ එකම දෙයයි..
' ඇයි මන් මේ ලෝකෙ තවත් ජීවත් වෙන්නෙ..?'
____________________________________
සදවත පැවසූ ඒ සැමදෙය..
අදටත් මගෙ මතකයෙ..
ලැගුම් ගත් මතක අතර..
එකක් වන බව ඔබ දන්නවා නම්..
වියරුව..
පලිගැනීම..
මේ සෑමදේ..
අත් වැරදීම් ලෙස
ඔබ දැනන් සිටියා නම්..
නෑ..
වෙනස් නොවන අනාගතයක්ම නේද
එය අදටත්..?
____________________________________
Cover by :- Sanigirl_20
A_Shee1 ~