හ්‍යොං එකපාරම ලොකු කල්පනාවක හිටපු මාව ඇදලා අරන් මහ හදිස්සියෙන් වගේ කිස් කරන්න ගත්තා..
කිසිම කිසි අනුකම්පාවක් නැතුව තොල් තුවාල වෙලා ලේ එනකල්ම බර හුස්මවල් තිය තිය එයා දිගටම මාව හාදුවලින් නෑව්වා..
මං එයාව තල්ලු කරලා දාන්න කොච්චර මහන්සි උනත් ඒක තේරුමක් නැති බොරු වැඩක් වුණ නිසා එයාට ඕනෙ දෙයක් කරගන්න දීලා අන්තිමට මං පැත්තකට උනා..
හීනි කෙදිරිලි එක්ක සද්දෙන් තියපු හාදු මැද්දෙන් මගෙ මූණ පුරාවට දිව්ව හ්‍යොංගෙ ඇඟිළි තුඩු පපුව දිගට පල්ලම් බැහැගෙන ගිහින් අන්තිමට මගෙ ඩික් එක උඩින් නැවතෙද්දි මං වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙන්න ගත්තා..
"එ..එපාහ්... අහ්.. අයින් වෙනවා..."
හ්‍යොංගෙ අත ටිකෙන් ටික තද වෙන්න ගද්දි මං ඒ අත ගසලා දාලා කෑගැහුවෙ බයට.. මට ඒ දේ ඕනෙ උනත් මට බය හිතුනා..
හ්‍යොං නැවතුනා.. එයා නැවතිලා මාව බදාගෙන ඉකි ගගහා අඩන්න ගත්තා... ඇයි මේ??
එයාට අඬන්න එපා කියන්න මට ඕනෙ උනත් ඒ කඳුළු පිහලා දාලා සමාවෙන්න කියන්න මට ඕනෙ උනත් මං දිගටම එහෙමම හිටියා.. ඇස්පිල්ලමක්වත් හෙලවීමක් නැතුව එහෙමම හිටියා..
අන්තිමට හ්‍යොං එකපාරම මාව තල්ලු කරලා දාලා නැඟිටලා ගිහින් එයාගෙ ඇඳට වැටුනා... මට දුකයි.. ඒත් මේ දේවල් මෙහෙම වෙන්න ඕනෙ දේවල් නෙවෙයි.. ඔයා හරි සිහියකින් ඉන්න වෙලාවකයි මට ඔයාගෙ වෙන්න ඕනෙ හ්‍යොං.. නැතුව මෙහෙම නෙවෙයි...
මං එහෙමම නැඟිටලා හ්‍යොං ලඟට ගිහින් එයාව තෙතමාත්තු කරලා ඔලුව චුට්ටක් අතගාන්න ගත්තම එයාට සනීප පාටට නින්දක් ගියා..
එයා ඇත්තටම මට ආදරෙයි ද? මට දිගින් දිගටම හිතුනෙ ඒ ගැන.. මට බයයි.. හ්‍යොං එක වෙලාවක යුන්මී නූනා ගැන කියවන එකයි අනිත් වෙලාවට මං ගැන කියවන එකයි ගැන මට තාමත් හිතාගන්න බෑ.. ඇයි එයා එක තීරණේක නැත්තෙ?..
"ම්ම්හ්.."
හ්‍යොං හිටියෙ මගෙ ඔඩෙක්කෙන් ඔලුව තියාගෙන.. එයා නින්දෙන්ම පොඩි කුනුකුනුවකුත්තෙක්ක මගෙ ඉන දෙපැත්තෙන් අත් යවලා මාව තදට බදාගන්න ගමන් එයාගෙ මූණ මගෙ බඩට තදකරගත්තා..
නිදාගත්තම නං බබෙක් වගේ... අර නපුරු සැර පාට චුට්ටක්වත් නෑ. මං ඒ මූණ දෝතටම අරන් එයාට දැනෙන්නෙවත් නැති වෙන්න ඒ රෝස පාටට උල් වෙච්ච යාන්තමට ඇරුණු ෆ්ලෆී තොල් උඩින් තොල් තද කලා..
එයා ඉන්නෙ හොඳ නින්දක.. හ්‍යොංගෙ මත් වෙච්ච තොල් අතරින් සැර බීම රහක් එක්ක ගලන් ආපු අමුතු හැඟීමකින් මගෙ ඇඟ හිරිවැටීගෙන ගියා...
හ්‍යොංගෙ බඩ දැන් දෙතුන් පාරක්ම සද්දෙන් කෑගැහුවා.. බඩගිනි ඇති... එයා ඊයෙ දවල්ට කාපු කිම්පප් දෙක තුනට පස්සෙ තාම මොනවත්ම කාලා නෑ..
මං එයාගෙ ඔලුව අරන් පරිස්සමින් ඇදෙන් තියලා ගිහින් කෑම ටිකක් හදනන්න ගත්තා.. රසට කෑම චුට්ටක් හදන්නවත් මේ ගෙදර කෑම ජාති මුකුත්ම නෑ..
රාම්‍යොන් පැකට් දෙකක් එක්ක සැරට සැන්විච් ටිකක් හදලා ෆ්‍රයි කරපු බිත්තර දෙකක් එක්ක ඔක්කොම කෑම ටික ගිහින් මේසෙන් තියලා ලෑස්ති කලා...
හ්‍යොං තාමත් කොට්ටෙකුත් තුරුල් කරන් හොදටම නිදි. මං ගිහින් ඔලුව අතගාන්න ගත්තම එයා බාගෙට ඇරුණු තාමත් මත් පාට නොගියපු ඇස් දෙක්කින් මං දිහා බලලා අසරණ පාට හීනි හිනාවක් දුන්නා.. හරියට සමාව ඉල්ලන්න වගේ..
"හ්‍යොං අපි කාලා ඉමුද?"
"මට බඩගිනි නෑ..."
"ඇයි අර ජරාව බීලා බීලා බඩ පිරිලද ආහ්?"
"කුකී..."
"ම්ම්..."
"මං.. මං සූමින්ව හීනෙන් දැක්කා.. අ..ශ්.. මට එයාව මතක් වෙනවනෙ... අහ් මට එයාව ඕනෙ කුකී..."
මාව අලුතින් ආයෙ ආයෙමත් පිච්චුනා.. ඒ පාර කවුද? කවුද මේ අලුත් කෙල්ල... හ්‍යොංට මාව විහිලුවක් ද? ඇයි මාව සෙල්ලමකට ගන්නෙ.. කම්මුල් දිගට කඳුළු පාරවල් අලුත් වෙද්දි මං හිත ගල් කරගෙන අසරණයෙක් වගේ බිම බලන් හිටියා..
"කුකී ඔයා මාත්තෙක්ක තරහයිද?"
මං නෑ කියන්න දෙපැත්තට ඔලුව වැනුවා..
"ඊයෙ මට ආදරෙයි කිව්වෙ ඇත්තටම ද?"
ඔයාට ඒක දැනෙන් නැද්ද හ්‍යොං? මේ ආදරේ චුට්ටක්වත් දැනෙන්නෙ නැද්ද??
"නැත්තන් ඒක නිකම්ම සහෝදර බැඳීමක් විතරද ම්?"
මං දිගටම කල්පනාවක ඉද්දි හ්‍යොං ආයෙමත් මගෙ ඇස්වලට එබීගෙන මිමිණුවා.. මං මුකුත්ම නොකියා ඔහේ බිම බලාගෙන හිටියා.. මගෙ වචන උගුර මැද්දෙම හිර වෙලා..
"මට එක දෙයක් ආයෙ ආයෙ අහන්න තියන්න එපා කුකී.. කියන්න... ඔව් හරි නෑ හරි එක උත්තරයක් දෙන්න.."
"කවුද සූමින් කියන්නෙ?"
මටත් නොදැනිම මගේ කටින් එළියට පැන්නා.. හ්‍යොංගෙ මත් පාටට රතු වෙච්ච ඇස් කඳුළු බෝලවලින් පුරවලා මහ අසරණ දුක හිතෙන හිනාවක් මූණට ගේන්න ඒ නමට පුළුවන් උනා.. එයා ඇද විට්ටමට බර වෙලා ඉදගෙන ඇස් වලට අත් තද කරලා කඳුළු පාරවල් ටික හරි ඉක්මනට මකාගත්තා..
"ඒ මගෙ පන.."
ඒ තොල් යාන්තමට හෙලවෙද්දි මාව වෙව්ලලා ගියා.. එතකොට මං කවුද දෙයියනේ... මං ඔය පපුවෙ එක කොනකවත් නැද්ද?
"එයා හින්ද ද ඔයා යුන්මී නුනාව අතෑරියෙ හ්‍යොං..?"
එයා බිම බලාගෙනම ඔලුව වැනුවා..
"සූමින් කියන්නෙ ඒන්ජල් කෙනෙක්.. ඒ මගෙ ආදරේ කුකී.. මගෙ මුළු ජීවිතේ ම එයා.. පොඩි කාලෙ ඉදන්ම ඔම්මගෙන් අප්පගෙන් නොලැබිච්ච ආදරේ මට ලැබුනෙ එයාගෙන්.. යුන්මිගෙ ආදරේ ගල් කැටයක්නම් සූමින්ගෙ ආදරේ මහ කන්දක් වගේ... එයා ඔම්මා වගේ මගේ ලඟින්ම ඉදන් මාව බලාගත්තා.. ඒත් එයා මාව දාලා යන්න ගියා.. මගෙ ඇස් ඉස්සරහාම ලේ විලක් මැද ලස්සනට හිනාවීගෙන... ඒ මූණ මට මේ දැනුත් මැවෙනවා.. එදා එයත්තෙක්ක මාත් මැරුණා කුකී.. එයා ගියෙ මගෙ හිනාවත් උදුරගෙන.. මං අන්තිමට සැනසිල්ලේ හිනා උනේ සූමින්ගෙ මිනිය දකින්න විනාඩි ගානකට කලින්.."
හ්‍යොං උගුර හිර කරගෙන අමාරුවෙන් වචන ගැටගැහුවා.. මගෙ පපුවෙ නොරිදෙන තැනක් තිබුනෙ නැති තරම්.. මං හ්‍යොංට නොපෙනෙන්න හෙමීට පපුව අතගාගත්තා.. ඇයි මෙච්චර දුක.. ඇයි මෙච්චර රිදෙන්නෙ මට...
"එයා ගිහින් අවුරුද්දකට පස්සෙ එයාව බලන්න සෙමෙට්‍රි එකට ගිහින් එද්දි මං යුන්මිව දැක්කෙ.. ඒ දෙන්නා ට්වින්ස්ලා... එයා සූගෙ ෆියුනරල් එක දවස්වල කොරියාවල හිටියෙ... ඒත් එදා එයා මගෙ මැණිකව බලන්න ඇවිත් හිටියා.. සූමින් මට යුන්මී ගැන කියලා තිබුනත් මං එයාව හැබැහින් දැකලා තිබුනෙ නෑ.. එක පාරම එයාව දැක්කම මං ගැස්සුනා... අවුරුද්දකට පස්සෙ මගෙ මැණික මං ඉස්සරහම ඉන්නවා ලස්සනට හිනාවීගෙන... මට පිස්සු හැදුන්නැති ටික විතරයි කුකී.. මං දුවගෙන ගිහින් එයාව බදාගත්තා.. අවුරුද්දක් තිස්සෙ මැරි මැරී ජීවත් උන මං මහ සැනසීමකින් එයාව තුරුල් කරගත්තා.. ඒත් ඒ එයා නෙවෙයි කියලා මතක් උන පළවෙනි තත්පරේම මං යුන්මිගෙන් ඈත් උනා... ඒත් එදායින් පස්සෙ මං එයාගෙන් ඈත් වෙන්න වෙන්න යුන්මි මට ලං වෙන්න ගත්තා කුකී.. එයා දිගින් දිගටම මගෙ පස්සෙන් වැටෙන්න ගත්තම මාත් එයාගෙන් සූමින්ව හොයන්න ගත්තා.. ඒ සුවඳ, ඒ ආදරේ හොය හොය පිස්සෙක් වගේ එයා පස්සෙන් දුවන්න ගත්තා... ඒත් තවත් ඒ දේවල් එහෙම වෙන එකක් නෑ කූ... රූපෙන් එක්කනෙක් උනාට ඒ දෙන්නා අහසයි පොළවයි වගේ... මං ඒ දේවල් තේරුම් ගනිද්දි හුඟක් කල් ගිහින්.."
බර හුස්මවල් ගොඩක් එක දිගට අතාරින ගමන් හ්‍යොං මහ ගැඹුරු කටහඩකින් කියෙව්වා..
"අද වෙච්ච දේවල්වලට මට සමාවෙන්න කුකී.. සූමිනාගෙ ආදරේ මට ආපහු දැනෙන්න ගත්තා ඔයාගෙන්.. යුන්මිගෙ බොරු ආදරෙන් මං හෙම්බත් වෙලා හිටියෙ.. ඔයා දැක්ක වෙලාවෙ ඉදන් මට මහ අමුත්තක් දැනුනා... මං.. මට. මට සමාවෙන්න කුකී... මං පොඩිකාලෙ ඉදන්ම ඔම්මගෙ අප්පගෙවත් ආදරේ නොලබපු කෙනෙක්. ඉතිං මං හැමෝගෙන්ම ආදරේ හොයනවා.. ඒකයි ඔයාටත් ලං වෙන්න හදන්න ඇත්තෙ.. ඒ දේවල් අමතක කරලා දාන්න. ආයෙත් එහෙම දෙයක් වෙන්නෙ නෑ ගෝඩ් ප්‍රොමිස්.. මං හැමදාටම ඔයාගෙ හ්‍යොංම විතරයි.. මට සමාවෙන්න..."
නෑ එපා... මං ආදරෙයි ඔයාට.. මට ඕනෙ ඔයාව... දෙයියනේ මේ වචන දෙක තුන සද්දෙන් කෑගහලා කියාගන්න බැරුව මං විදවපු තරමක්.. මට මහ බරටම හීල්ලුනා.. අසරණයෙක් වගේ බිම බලාගෙන මං දිගටම හීල්ලුවා..
"කමුද මට බඩගිනියි..."
"හ්ම්ම්.."
"ඔය තොල්?? ඒ තුවාල මං නිසා නේද? මට සමාවෙන්න. මං බීවහම කියන කරන දේවල් ගැන වැඩිය හිතන්න එපා.. මං දේවල් ඉක්මනට අමතක කරලා දානවා... ඔයත් ඒකට පුරුදු වෙන්න.."
හ්‍යොං මාවත් පැත්තකට කරගෙන ඇදෙන් බහින ගමන් කියද්දි මං වෙව්ලන තොල් දත්වලින් තදට හපාගෙන හිමීට ඔලුව වැනුවා..
එතකොට දැං ඒ හැමදේම ඉවරයිද? මට කෑගහලා අඬන්න ඕනෙ උනා.. හ්‍යොං මුකුත්ම නොවිච්ච ගානට ගිහින් කන්න ගද්දි මං රිදෙන පපුවත්තෙක්ක වොශ් රූම් එක අස්සට රිංගුවා..
"මං ක්ලබ් යනවා. එනකල් කාලා පරිස්සමින් ඉන්නවා.. එළියට බහින්නෙ එහෙම නෑ රූම් එකෙන්."
හ්‍යොං ආයෙත් අර හුරුපුරුදු නපුරු කටහඬින් දොරට ගගහා කෑගහන්න ගත්තම මාව ගැස්සිලා ගියා.. එයා මොන ජාතියේ මනුස්සයෙක් ද? කොහොමද මෙහෙම එකපාරම වෙනස් වෙන්නෙ.. දැං අදත් ගිහාම එන්නෙ හොඳටම බීලා...
"යන්න එපා හ්‍යොං ප්ලීස්... යන්නම ඕනෙනම් මාවත් එක්කන් යන්න..."
මං ඉක්මනට දුවගෙන ගිහින් හ්‍යොංගෙ පිටිපස්සෙන් තුරුල් වෙලා එයාව බදාගන්න ගමන් මිමිණුවා..
"අ..ශ්... මේ මොන විකාරයක් ද? පැත්තකට වෙනවා.. බබ්බු ඇරන් ක්ලබ් යන්න මට පිස්සු නෑ..."
හ්‍යොංගෙ නපුරු වචන මාව රිද්දුවා.. හොදටම රිද්දුවා...
"ප්ලීස් හ්‍යොං.. මට තනියම ඉන්න බෑ.. මාවත් එක්කන් යන්න."
"අ..හ් ෆක්.. හරි.. ඉක්මනට ලෑස්ති වෙලා එනවා. මං පහළ ඉන්නව.."
***************
බබූලා ඔයාලා පරිස්සමින් ඉන්නව නේද?🥰
මෙහෙම කතාවක් තිබුනා කියලා මතකයිද? 🤭