𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5.3K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
02
03
04
05
06
07
08
09
11
12
13
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

10

248 62 15
By KIM_SANG_MEE

කාමරේට ආපු මම කණ්ණාඩියෙන් දැක්කේ මගේ වෙනස්ම ප්‍රතිරූපයක්. මට හුස්ම ගන්නත් අමතක වුණා. මම ඒ තරම්ම ලස්සනයි. පොඩි කාලේ ඉදන් ම මම ආස වුණේ මේ වගේ පෙනුමකට. මම මගේ මුණ අතගාලා බැලුවේ මේ ඉන්නේ මම ම ද කියලා බලන්න.

      " ඔව් ඔව් , ඔය ඉන්නේ ඔයාම තමයි. බොරු කියන්න ඕනි නෑනේ ඔයාව මුලින්ම ඔහොම දකිද්දි මටත් පිස්සු හැදුනා වගේ වුණා." චිමී කීවේ ඈනුමක් අරින ගමන් " පස්සේ කථා කරමු Good night . " කියපු චිමී ඇඳට වැටුණා. විනාඩි 5ක් යන්නත් කලින් මේ යකා ගොරවන්න පටන් ගත්තා. මම හැදුවේ ඇඳුම් මාරු කරන්න. මොන පිස්සුද ගවුම ගැලවුණේ නෑ. මම පැයක් විතර දැඟලුවත් ගලවන්න ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළා මේකප් හෝදන්න ඒත් හෝදන වාරයක් ගානේ ඒවා ආපහු තැවරෙනවා. අනිත් මඟුල කොණ්ඩේ ගැට ගහන්න හැදුවාට ආයේ ලෙහෙනවා. මම පැය 3 ක් විතර දැඟලුවා. අන්තිමට උදේ 6 ට බෙල් එක වදිද්දී  චිමී නැගිට්ටා. මම බිම ඉඳගෙන හිටියේ. මට නින්ද ගියෙම නෑනේ .

     " Good morning කෙල්ල, කාලෙක්ට පස්සෙ හොඳට නින්ද ගියා. ඔයා කෑ ගැහුවේත් නෑනේ ." චිමී කිව්වේ ඇස් පිහිදාන ගමන්. " මොකද මේ බිම ? "  චිමී අහද්දී මම විස්තරේම කීවා.

      " අයියෝ , තිබුණු නිදිමතට ඒක කියන්න අමතක වුණානේ. ඔය ආශිර්වාදේ දවස් 2 - 3 ක් තියෙනවා. අනේ sorry මියා. "

       " ඒකට කමක් නෑ චිමී, ගිහින් wash දාගෙන එන්න. අපි යන්න ඕනි. " චිමී wash දාගෙන එද්දි මගේ ඇස් පියවෙනවා. " හරි අපි යමු " කියපු චිමී මගේ අතින් ඇදගෙනම ගියා. නින්දත් - නොනින්දත් අතර හිටපු මම ඇස් වහගෙනමයි ගියේ. අන්තිමට චිමී ගමන නතර කරලා මාව බිම ඉන්දෙව්වා. නින්ද යාගෙන එද්දි දෙපැත්තට වැනි වැනි හිටපු මට අහුවුණේ කොට්ටයක් තරම් සනීප කාගේ හරි උරහිසක්. එයා ගාවින් ආපු ස්ට්‍රෝබෙරි සුවඳට මට එහෙමම නින්ද ගියා.

මියා, දැන් ඇති නිදිය ගත්තා. නැගිටින්න අපි දැන් යන්න ඕනි." මාව ඇහැරුණේ ජින් ඔප්පාගේ සද්දේට .

     " අනේ තව විනාඩි 10 යි." මම ඔප්පාගේ අතත් හොඳට බදා ගෙන හිටියේ. "ඔයා ගාව ස්ට්‍රෝබෙරි සුවඳයි නේ." විනාඩියක් ඉන්න ඔප්පාගේ කටහඟ ඇහුණෙ මං ගාවින් නෙවේ නේ. එතකොට මම ඇස් ඇරලා බැලුවේ , මං කාගේ අතද බදාගෙන ඉන්නේ කියලා. කෙනාව දැක්කාට පස්සේයි මට පොළව පාලගෙන යන්න හිතුනේ.

       " Good morning මියා ! " මගේ දිහා බලාගෙන හිටියේ බේබි කිම්. මොන ලැජ්ජාවක්ද මේ? " මම අදනේ දන්නේ මං ගාව ස්ට්‍රෝබෙරි සුවඳයි කියලා. " එයා හිනා වෙනවා.

       " sorry, මම හිතුවේ ඔප්පලාගෙන්  කවුරුහරි වෙන්න ඇති කියලා." හපොයි මම හීනෙන් මොනවා කියවලා ද දන්නේ නෑ. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ. මම හැරුණේ ජිමින්ගේ පැත්තට " බිං ඌරෝ ඔයාට තිබුණානේ මාව ඇහැරවන්න."

         " ඔයා ඊයේ රෑ නිදා ගත්තෙත් නෑනේ මියා, අනික ඔයා නිදාගෙන හිටපු විදිහට මට ඇහැරවන්න හිතුණෙත් නෑ." චිමී දඟකාර විදිහට හිනාවෙවී කීවේ.

          " චිමී මම ඔයා ගැන පස්සෙ බලාගන්නම්." මම කීවේ අනික් අයට ඇහෙන්නෙ නැති වෙන්න.

          " ඔයාලා පස්සේ රණ්ඩු වෙන්න. අපි දැන් පිටත් වෙන්න ඕනි. වංකගිරියෙන් යමු. එකෙන් කාල කලමනාකරණය කරගන්න පුළුවන්. අපිට යුන්ගි හොබි දෙන්නම ඉන්න එකේ අතරමං වෙන එකක් නැහැ. අනික අඳුරට පල්ලම් බහිනවා කියන්නෙ වංකගිරිය ගැන වෙන්න ඕනි." ඒ ජුනී ඔප්පා.

            " අපි යමු එහෙනම්." කියපු මම ආපහු ඇදගෙන වැටුණේ ගවුම පැටලිලා " මොන මඟුලක්ද යකො මේ. මම මේක ඉරලා හරි ගලවනවා." මට තරහා ගියා.

             "ආහ් මියා , ඔක control කරන්නේ මෙහෙමයි. ඔයා හිතෙන් මවා ගන්න ඔයා ඉන්න ඕනි විදිහ. දවස් 3ක් යනකම් ඔයාට ඔය බලේ තියෙනවා." ජුනී ඔප්පා කියපු විදිහට ම මම කළා. ඇති යන්තම් මට සාමාන්‍ය කෙනෙක්ගේ ඇඳුම් ලැබිලා තිබුණා.

        " යමු එහෙනම්!"

********************************

අපි හැමොම හිටියේ වංකගිරියට බහින දොරටුව අසල සූර්ය මකරුන්ව පන්නලා දැම්මාට පස්සේ හොබී ආයෙත් දොර විවෘත කරලා තිබ්බා. මම බලාගෙන හිටියෙ ඈත පායගෙන එන ඉර දිහා. ආයේ කවදා මේ එළිය දකින්න ලැබෙයිද ඇත්තටම.

" මොකද උඩ බලාගෙන ඉන්නේ? නිව්ස් වලට කිව්වාද අද strawberry වැස්සක් වත් වහිනවා කියලා" ඒ චිමී.

" ඇත්තමයි චිමී තව එක පාරක් හරි strawberry ගැන මතක් කළොත් ඔයාගෙ නහය සමතලා කරනවා." මම කීවේ අත මිට මොලවගෙන. මොන ලැජ්ජාවක්ද මට වුනේ. චිමී ජිවිත කාලෙම මේක කියවයි දැන්.

" අපි යනවා එහෙනම්, කඳවුරේ හැම දෙයක්ම ජේසන් ඔයාට බාරයි. මොකක් ම හරි ප්‍රශ්නයක් වුණොත් ඇපලෝ උතුමාණන්ට කථා කරන්න." නම්ජුන් ඔප්පා එයාගේ වයසෙම කියලා හිතන්න පුළුවන් කෙනෙකුට කඳවුර භාර දුන්නා. කඳවුරම රැස් වෙලා හිටියා අපිට සමුදෙන්න. මට තාමත් හිතා ගන්න බැරුව හිටියේ පළමු සේනාංකයේ කී දෙනෙක් ඉන්නවද කියලා.

" මේ හොබියෝ , දැන් අපේ සෙනාංකයේ කී දෙනෙක් ඉන්නවද? 100ක් විතරද? නැත්තම් ඊට වැඩි ද? " මම ඇහුවේ මට එහා පැත්තෙ හිටිය හොබිගෙන්.

" මොන පිස්සුද මියා, අපි 7 දෙනා විතරයි. ජන්කුක් ඇරුණම."

" මොකක්?" මම හිතුවට වඩා ගොඩක් හයියෙන් කියවුණා. 7 දෙනෙක් එතන ගිහින් සින්දු කියන්නද? අපි මේ pic – nic එකක් යනවා නෙවේ නේ.

" ඇයි මියා මොකක් හරි ප්‍රශනයක්ද?" ඒ යුන්ගි ඔප්පාගෙ කටහඬ.

" නෑ නෑ අවුලක් නෑ" කියපු මම හොබීවත් ඇඳගෙනම කළුවරට පල්ලම් බැස්සා.

" අර කෙල්ල ගියා නේද හොබීවත් ඇඳගෙන? අපි එනකම් ඉන්න " නම්ජුන් ඔප්පාගේ කටහඬ උඩින් ඇහුණා.

******************************

අපි දවස් 3 ක් වංකගිරියේ ඇවිද්දා. තාම පාතාලේට යන දොරටුව නම් හම්බුනේ නෑ. වෙලාව කොහොම ගත වෙනවද කියලා නම් මම දන්නේ නෑ. මම දවස් 3ක් කියලා කීවේ මට තව දුරටත් රෑපෙ මාරු කරගන්න බැරි වුණා. ඇත්තම කියනව නම් මම ලොකු පීඩනේකින් හිටියෙ. යනවා යනවා ඉවරයක් නෑ. සමහරක් වෙලාවට ඇටකටු හම්බෙනවා. අපි අතරමං වෙලා නෑ කියන එක ස්ථිර වුණේ යුන්ගි ඔප්පටයි , හොබීටයි පින්සිද්ධ වෙන්න. මෙයාලා නැතුව මට තනියෙන් එන්න වුණානම් මම මෙලහට බයවෙලාම මැරිලා. ඒ අස්සේ මට ජන්කුක්ව හැමදාම හීනෙන් පෙනුණා. එයාව පවිච්චි කරන්නේ මාව ගෙන්න ගන්න කියලා දැන දැනත් මට ඕනි වුණේ එයා ගාවට යන්න. මේ බැදිම මොකද්ද කියලා දැන ගන්න. මේ ජරා උමගින් එළියට යන්න මම ඕනි දෙයක් කරනවා. කෑමත් දැන් ඉවරවේගෙන එන්නේ.

   " ටිකක් නතර වෙලා යමු ඔයාලට මහන්සි පාටයි." ඒ නම්ජුන් ඔප්පා. මොනවා වුණත් මේ කණ්ඩායමේ කොඳු නාරටිය වුණේ එයා. එයා හිටපු නිසා මටත් පිස්සු නොහැදි බේරුනා. කොච්චර අමාරු වුණත් එයා අපේ ධෛර්යය පල්ලේහට වැටෙන්න දුන්නේ නෑ. ජන්කුක් නැති වුන එක ගැන එයා ගොඩක් දුකින් හිටියේ. එත් එයා ඒක පිටතට  පෙන්නුවේ නෑ. 

     " ඇති යන්තම් හ්‍යන්ග් , ඕක ඔයාගේ කටින් එළියට ගන්නේ කොහොමද කියලයි මම හිත හිත හිටියේ" ඒ චිමී. එයා ටේන්‍ය්න්ගේ කරට අතකුත් දාගෙන හිටියෙ. ඒකත් ඇත්තටම් පුදුම යාළුකමක් වංකගිරියට බැස්සට පස්සේ මුන් දෙන්නගෙම ඔළුව අවුල් වෙලාද කොහෙද. බේබි කිම්ගේ රැවිල්ල යන්නම ගිහින්. චිමී ඉන්නේත් එයත් එක්කමයි. එයාට මාව දැන් අමතක ම වෙලා. එක ගැන නම් මට ලොකු ඉරිසියාවක් තිබුණා. මට තෙරුණු එක දෙයක් තමයි මේ දෙන්නා අතර මොකක් හරි රහසක් තියෙනවා කියන එක. කොයිවෙලෙත් ගෑනු දෙන්නෙක් වගේ කුටු කුටු ගගා ඉන්නවා. හොබියා ඉන්නෙත් ඒ දෙන්නා එක්ක. ඉතින් මම හිටියේ ඔප්පලා 3දෙනා එක්ක.

         " වැඩිවෙලා ඉන්න බෑ ළමයි. අපි පරක්කු වෙන්න වෙන්න කූකීට තියෙන අවදානම වැඩිවෙනවා." ඒ ජින් ඔප්පා කීවා. එක පාරටම ඇහුනේ කවුරු හරි ගොරවන සද්ධයක්.

            " මොකක්ද ඒ සද්ධෙ?" ඒ චිමී.

            " මොකක් හරි ලොකු දෙයක් මෙහෙට එනවා." ඒ හොබී.

            " හොබීගේ කථාව හරි මට මරණයේ ගඳ හොඳටම දැනෙනවා." ඒ යුන්ගි ඔප්පා.

           "කට්ටියම ආයුධ අරගෙන ලෑස්ති වෙන්න." නම්ජුන් ඔප්පා අණ කළා.

_____________________________________________________________________

Typing credits Goes to nethu_girl Thank you so much akki 😭❤💕🌹

Continue Reading

You'll Also Like

10.5K 2.1K 25
"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝...
3M 187K 58
"ညိုလဲ လူတွေထဲက လူသားတစ်ယောက်ပါ ညို့ရဲ့ ဖြစ်တည်မှုက ဘယ်သူတွေကို ထိခိုက်နေလို့လဲ..မေမေ" "ညို မရှင်သန်ချင်တော့ဘူး... ဒီလောကကြီးမှာ ညိုတို့လိုလူတွေအတွက်...
8.9K 2.7K 14
"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"
16.9K 2.9K 38
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #...