Still With You ( Fan Fiction Only )
_Chapter 16_
____________________________________
저 달이 외로워 보여서
Jeo dari oerowo boyeoseo
That moon looks lonely
සඳ පාලුයි වගේ
____________________________________
පියවිලා තිබුන ඇස් වලට චූටි එලියක් වැටෙද්දි සේහි හෙමින් ඇයගෙ දෑස් විවර කරලා බැලුවා. ඇයට දැනුනා තමන්ගෙ බද වටේ බැදිලා තිබුන ජොන් ජන්කුගෙ ශක්තිමත් අත් දෙක. තමන්ගෙ විවාහයෙන් පස්සෙ ඒ විදිහට ඉන්න දෙවෙනි මොහොත මේ. පළවෙනි මොහොත එතරම්ම ලස්සන වුනේ නෑ කියලා සමහර විට ඔයාලට මතක ඇති.
ඇයට මතක් වුනා ඊයෙ රාත්‍රියේ වුන හැම සිදුවීමක්ම වගේ.. ඒ අතරින් ඇයට හොදටම මතක තිබුනෙ එක වචනයයි.
' ආදරෙයි..'
ඒ වචනෙට සේහි ගොඩක් ආදරේ කලා. මොකද ඇයට ඒ වචනෙ එච්චරටම මිස් වෙලා තිබුන නිසා. වොශ් එකක් දාන්න ගිය ජන්කුක් වෙනුවෙන් සේහි ඊයෙ රෑ බලන් හිටියෙ සෝෆා එකේ ඉදන්. ඒ වුනත් ජන්කුක් ඇවිත් ඔහුගෙ අත් වලින්ම සේහිව ඒ විශාල යුගල යහනාව මතට ගෙනාවා.
" ජන්කුක්ශී.."
" දැන්වත් ඔය ශී කෑල්ල අයින් කරන්න හිතෙන්නෙ නැද්ද..?"
ඔහු කිව්වෙ සේහිව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ඩුවට් එක යටට තවත් ගුලි වෙන ගමන්. සේහිට ඒ පපුව ගැහෙන සද්දෙ ඇහුනා. එච්චරටම ලස්සන රිද්මයක් එතන තිබුනෙ නැතත් ඇයට පුලුවන් වුනා ඒ රිදමය ලස්සනයි කියලා තමන්ට හඟව ගනිමින් ඊට හැඩ ගැහෙන්න.
සේහි ජන්කුක් දිහා බලන් හිටියා. එච්චරටම ආදරනීය චරිතයක් කාගෙ හරි හැන්ගිලා තියන්න පුලුවන්ද..? ඔව් ඇත්තෙන්ම පුලුවන්. සේහිට නිකමට හිතුනා කොහොම හරි අන්තිමට තමන්ගෙ විවාහ ජීවිතේ සාර්ථක වුනාද කියලා. ඔව්.. සමහර විට එහෙම වෙන්න ඇති. ජන්කුක්ගෙ නලල උඩින් සියුම් හාදුවක් සටහන් කරපු සේහි තමන්ගෙ ඉන වටේ බැදිලා තිබුන ඒ ශක්තිමත් අත් දෙක ඈත් කරන්න උත්සාහ කලා. ඒ වුනත් ඇයගෙ උත්සාහය සාර්ථක වුනේ නෑ. ඇය එයාලගෙ විශාල කාමරයේ මිරර් ටේබල් එකත් එක්කම පස්සහ තිබුන බිත්තියේ ඉහල කෙලවරේ එල්ලලා තිබ්බ බිත්ති ඔරලෝසුව දිහා බැලුවා.
' 7.55'
ඒකෙ සදහන් වෙලා තිබුනෙ එහෙම.
" ජන්කුක්..ශී.." සේහි හෙමින් තමන්ගෙ සැමියගෙ අතකට තට්ටු කළා.
" හ්ම්.."
" ඔයාට ඔෆිස් යන්න පරක්කු වෙයි. දැන් නැගිටින්න.."
" අනේ තව ටිකක්.."
" ජන්කුක්ශී.. එහෙනම් මට යන්න දෙන්න. මන් ඉක්මනින් පහලට යන්න ඕනි.."
සේහිගෙ ඉල්ලීමට පිටින් ගිය ජොන් ජන්කුක් ආපහු ඔහුගෙ ශක්තිමත් අත් දෙක ඒ ඉන වටේ තද කළා.
" ජන්කුක්.. ශී.. මට.."
" ඔහොම ඉන්නකො ටිකක්.."
සමහර විට දැන් ජොන් ජන්කුක් ඒ උනුසුමට පුරුදු වෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් ඔහු ඒ උනුහුමට ආකර්ශනය වෙලා වෙන්න ඇති.
" ආහ්හ්.. ජන්..කුක්..ශී.. ම..ට හුස්..ම ග..න්න බෑ.. අ.." සේහිගෙ මූන මැද නහයක් තිබුන නිසා ඇයට පුලුවන් වුනා යන්තමින් එහෙම කියා ගන්න.
" ඔහ් සොරි.." ජන්කුක් ඉක්මනින් සේහි ලගින් ඈත් වුනා.
" ඉක්මනින් වොශ් කර ගන්න.. නැත්නම් ඔයාට පරක්කු වෙයි.." එහෙම කියපු සේහි නැගිටින්න හැදුවත් ජන්කුක් ඒකට ඉඩ දුන්නෙ නෑ.
" ඔයා තාමත් මාත් එක්ක තරහෙන්ද සේහි..?" ඔහු ඇහුවෙ සේහිගෙ එක අතකින් අල්ලගෙන. සේහි ජන්කුක් දිහා හැරිලා බැලුවා.
" තාමත් තරහෙන් ඉන්න මන් ඔයත් එක්ක තරහ වෙලා හිටියෙ නෑනෙ ජන්කුක්ශී.."
" ඒත්.."
" ඔයාට පරක්කු වෙනවා නේද..?"
" සේහි ඔයා කතාව මග අරිනවා.." ජන්කුක්ගෙ ඒ වචනත් එක්ක සේහි සුසුමක් හෙලුවා.
" මට සමාවෙන්න සේහි. දැන්වත් මාව හස්බන්ඩ් විදිහට පිලිගන්න.. මාව රිජෙක්ට් කරන්න එපා.."
" මන් ඔයාව රිජෙක්ට් කලේ නෑ ජන්කුක්ශී.. අනික ඔයා මගේ හස්බන්ඩ් විදිහට මන් පිලි ගත්තෙ වෙඩින් ඩේ එක දවසෙමයි.
" ඒත්.."
" ජන්කුක්ශී ප්ලීස්.."
" එතකොට මාව ඩිවෝස් කරන්නෙ නැද්ද ඔයා..?"
" ආ චින්චා.. කට වහගෙන ගිහින් වොශ් කරනවා..!"
සේහි ඒ පාර කෑ ගැහුවා. ඒත් එක්කම ජන්කුක් ඇස් ලොකු කරලා සේහි දිහා බැලුවා. බැරිවෙලාවත් ජොන් ජන්කුක් ජොන් සේහිට බය වුනාද..?
" අහ් සොරි.. මන්.."
සේහි කියන්න හදපු දේ සම්පූර්න කරන්න නොදී ජන්කුක් ඇයගෙ අතකින් අල්ලලා ආපහු ඒ විශාල යහන මත හිටපු තමන්ගෙ ඇගට පෙරලගෙන හාදුවකට නැඹුරු කර ගත්තෙ අඩුම තරමින් සේහිට හිතන්නවත් වෙලාවක් නොදී. මන් ආපහු කියන්නම්.. සමහර විට ඒ හාදුව උනුසුම් නොවෙන්න ඇති.
~~~~~~~~~~
" සේහි..."
" ජන්කුක්ශී..?"
" මාත් එක්කම ඔෆිස් එකට යන්න එන්නකො.."
" ආ..?"
" ගෙදර කරන්න දේකුත් නැති එකේ පුලුවන් ද එන්න..?"
" ඉන්න මන් ලෑස්ති වෙන්නම්.."
කවමදාවත් තමන්ට ජොන් ජන්කුක් විසින් කොහෙටවත් යන්න ආරාධනාවක් ලැබිලා තිබුනෙ නෑ. ඇත්තෙන්ම මේ විදිහට වෙනස් වෙලා ඔහු බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොන වගේ දෙයක් ද..?
" සේහි.."
" ඕ..?"
" ටයි එක දාන්නකො ළමයො.."
" වට් ද..! ජන්කුක්ශී ඔයාට ටයි එක දා ගන්න පුලුවන් නේ..!!"
" අනේ ඉතින්.."
සමහර විට ජොන් මන්දිරයේ නීති සංග්‍රහයෙ ලියවිලා ඇති සැමියෙක් කාර්‍යාලයට යද්දි බිරිද එයාගෙ ටයි පටිය පලදවන්න ඕනි කියලා.
[ A/N :) යන ගමන් හැමෝම මගෙ කනට එකක් ගහගෙන යන්න.. ටාන් ගාන සද්දෙ එන්න ඕනි හැබැයි..😪]
කවද හරි ඔයා දැකලා තියෙනව ද පරවුන මලක් ආපහු පිපිලා තියනවා. විශේශයෙන්ම ලිලී මලක්. හොදට මතක් කරලා බලන්න, සමහර විට ඔයා එහෙම දෙයක් දැකලා තියෙන්න පුලුවන්. ඒත් ඔයා සමහර විට එහෙම දෙයක් දැකලා නොතිබෙන්නත් පුලුවන්.
~~~~~~~~~~
" ජන්කුක්ශී. මන් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා එන්නම්.."
ජන්කුක්ගෙ කාර්‍යාල කාමරයේ හිටියත් සේහිට කරන්න කිසිම වැඩක් තිබුනෙ නෑ. මොකද එතන හැම වැඩක්ම ජොන් ජන්කුක්ගෙ අතිනුයි ඉවර වෙන්න ඕනි වෙලා තිබුනෙ.
" ඒ ෆ්ලෝර් එකේ ඉන්න ඕනි නෑ. ඩොකියුමන්ට්ස් ටික අරන් මෙහෙට එන්න.."
" වට්..? ජන්කුක්ශී මොකද ඔයාට වෙලා තියන්නෙ..?"
" ඔය ශී කෑල්ල අයින් කරන්න.." ඒක අනක්.
" හරි. මොකක්ද දැන් ඔයාට වෙලා තියන්නෙ ජන්කුක්..?"
" මට බෑ ඔයාව නැති කර ගන්න.."
" මන් එක පාරකුත් කිව්වා ජොන් ජන්කුක්.. ඔයාට මාව නැති වෙන්නෙ නෑ.."
" ඒත් ඔයා දැන් පහලට යනවා.."
" ජන්කුක් මන් පහලටයි යන්නෙ.. නැතුව ඔයාව දාලා යනවා නෙවෙයි.."
" සේහි ප්ලීස්.."
" ඕකේ.. එහෙනම් මන් ඩොකියුමන්ට්ස් ටික මෙහෙට අරන් එන්නම්.. හරිනෙ.."
~~~~~~~~~~
ජොන් තේහ්‍යුන් හිටියෙ ඔහුගෙ කාර්‍යාල කාමරේ. එදා ඉදන්ම ඔහුගෙ කාමරේ තිබුන සුදු පාට තිර රෙදි වගේම සුදු පාටින් නිර්මානය කරලා තිබුන හැමදේකම වගේ දැනටත් කිසිම වෙනසක් තිබුනෙ නෑ. ඔහුගෙ මේසෙ උඩ වගේම ටීපෝ එක උඩ පවා තිබුන ෆ්ල්වර් වාස් පිරිලා තිබුනෙ සුදු පාට ලිලී මල් වලින්. හැම උදේකම ඒ මල් පොකුරු අලුත් වුනේ ඔහුට නැවුම් බවක් ලබා දෙමින් වුනත් ඒ නැවුම් බව ඇතුලෙ හැමදාම ඔහු කාටවත්ම හොයා ගන්න බැරි මූසල කමක් අත් වින්දා. ඒත් තනියම.
ඔහුට ලොකු උවමනාවක් තිබුනා තමන්ගෙ අතීතෙට වෛර කරන්න. හැම දේම විනාශ කරලා දාන්න. හැමදෙයක්ම නැති කර ගන්න. ඒත් ඔහුගෙ අතීතෙ තිබුන සමහර මතක ඔහුට ඒ දේ කරන්න ඉඩ දුන්නෙ නෑ. ජොන් තේහ්‍යුන් ඇයව ඕනිවටත් වඩා විශ්වාස කලා. අන්න ඒ නිසා කොච්චර වෛර කරන්න ඕනි වුනත් ඔහු වෛර කලේ නෑ.
ඔහු හැම සතියෙම වගේ දේගු වල තිබුන ඔහුගෙ ජොන් මන්දිරයට ගියා. ඒකෙ සම්පූර්න අයිතිය ඉස්සර හිමි වෙලා තිබුනෙ ජොන් තේහ්‍යුන්ට වුනත් ඒ වගේම ඔහු ඉස්සර ඒකෙ ජීවත් වුනා වුනත් දැන් ඒක අයිති කරගෙන තිබුනෙ වෙන පිරිසක්. අයිති කරගෙන හිටියා නෙවෙයි. ඔහු අයිතිය ලබා දීලා තිබුනා.
ජොන් තේහ්‍යුන් තමන්ට අයිති වුන ඒ පැලස් එක ළමා නිවාසයක් කළා. දෙමව්පියො අත් ඇරලා දාපු වගේම දෙමව්පියො නැති දරුවොත් තේහ්‍යුන් නිසා දැන් ගොඩක් ලස්සන ජීවිතයක් ගෙවනවා. ජොන් තේහ්‍යුන්ට ඩෑඩ් කෙනෙක් වෙන්න බැරි වුනත් ඔහු දැනටමත් ඩෑඩ් කෙනෙකුගෙන් ඉටු වෙන්න ඕනි දේවල් වලට වඩා සෑහෙන්න එහාට ගිය ගොඩක් දේවල් ඉටු කරලා තිබුනා. අන්න ඒ වගේ ඔයාලා කවමදාවත් නොහිතපු විදිහෙ ප්‍රතිරූපයක් ජොන් තේහ්‍යුන්ට තිබුනා.
ඔහුගෙ ගැඹුරු චොක්ලට් පාට ඇස් වල සදහටම හැන්ගුන කතාවක් තිබුනා. ඔයාලා දන්නවද ඔහු ඒ කතාව කොච්චර හැන්ගුවද කියලා. අඩුම තරමෙ පිට කිසිම කෙනෙකුට ඒ අතීතේ සතුටුදායක අතීතයක්ද දුක්බර අතීතයක්ද කියලවත් හිතා ගන්න බැරිවෙන තරමටම ජොන් තේහ්‍යුන් ඒ අතීතය ඔහුගෙ ගැඹුරු චොක්ලට් පාට ඇස් වල හන්ගගෙන හිටියා. මට විශ්වාසයි නිකමට හරි ඔයා ඔහුගෙ කතාව දැනගෙන හිටියා නම් ඔහුට එක වචනෙකින් පවා වෛර කරන සිතිවිලි නැත්තටම නැති වෙලා යාවි.
~~~~~~~~~~
" මොකද ජන්කුක් මේ..!?" පුදුමය පිරුන සේහිගෙ කටහඩින් ජොන් ජන්කුක් තමන්ගෙ බිරිද දිහාට අවධානය යොමු කළා.
" ඇයි..?"
" මෙතන දැන් විනාඩි ගානකට පස්සෙත් ලස්සනට පිළිවෙළට අස් කරලානෙ තිබ්බෙ.. කියන්න නම් එපා මන් පහලට ගිහින් එන විනාඩි ගානකට ඔයා තමයි මේ ටික හැඩි කලේ කියලා..!!"
ජන්කුක් දත් තිස් දෙකම එලියට පෙන්නලා ගොන් පාටට හිනා වුනා.
" ආ ඇත්තටම.. ඔයාගෙ ඔය කෙස් ගස් එකින් එක ගලවනවා මන් පුලුවන් නම්.." එහෙම කියපු සේහි ජන්කුක්ට රවලා එතන ටේබල් එකේ තිබුන හැම දේම ආපහු මුලක ඉදන් අස් කරන්න ගත්තා.
ජොන් සේහිගෙ කලබලකාරී ඇස්.. මොනවද තනියෙන් මුමුනන නිසා එහෙට මෙහෙට වෙන තොල්.. ඒ වගේම කිසිම රිද්මයක් නැතුව ගහන ඇස් පිල්ලම්.. මේ හැමදේම ජොන් ජන්කුක්ට වෙනදට වඩා ලස්සනට පේන්න පටන් ගත්තා. චෙක් කරමින් හිටපු ඩොකියුමන්ට් එක උඩින් අතේ තිබුන පෑන තියපු ජොන් ජන්කුක් ඔහුගෙ ලොකු පුටුවෙ හෙඩ් එකට හේත්තු වෙලා සේහි දිහාම බලන් හිටියා.
' ලස්සනයි..'
ඔහු හිතලා නොවුනත් ඔහුට එහෙම කියවුනා. ඔහුගෙ වාසනාවකට වගේ සේහිගෙ තියුනු කන් වලට ඒ ශබ්දය යොමු වුනේ නෑ. ඔහුට මතක් වුනා එයාලගෙ පළවෙනි දවස. සිහියෙන් නොහිටපු සේහි ගැන එදා තමන් හිතපු දේ ගැන ඇත්තෙන්ම ජන්කුක් පසුතැවිලි වෙනවා කියලා තමයි පේන්න තිබුනෙ. මතකනෙ එදා එයා හිතපු දේ..
' ලස්සනයි තමයි. ඒත් යේරා ලගින් තියන්න බෑ. යේරා ඊස් ද සෙක්සියස්ට්..'
සමහර විට දැන් ඔහුට හිතෙන්න ඇති තමන් වැරදියි කියලා.
එකපාරටම සේහි ජන්කුක් දිහා බැලුවා. ඒ අනපේක්ශිත බැල්ම ලැබෙද්දි ජන්කුක්ට තමන්ගෙ ඇස් සේහිගෙන් ඉවතට ගන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නෑ. ඒ නිසා ඔහුගෙ බැල්ම මෙච්චර වෙලා යොමු වෙලා තිබුනෙ තමන් දිහාට කියලා සේහි ඉක්මනින් අදුන ගත්තා. ඒ වුනත් සේහිට පුලුවන් වුනා තමන්ට ඒක තේරුනේ නෑ කියලා රගපාන්න.
තවත් ටික වෙලාවක් ගත වුනා. මන් හරි නම් මට තේරුනා ඒ දෙන්නටම දැනුනෙ හරියට විවාහ වෙලා පළවෙනි දවසෙ වගේ කියලා.
ජන්කුක්ට එහා පැත්තෙන් තිබුන ඩොකියුමන්ට් රැක් එක ගන්න හිතාගෙන තමන් දිහාට ආපු සේහිගෙ අතින් ඇදලා තමන්ගෙ උකුලෙන් වාඩි කර ගත්තු ජන්කුක් සේහිගෙ ඉන වටෙන් අත් යැව්වා. සේහිට මොනාම හරි කියන්න ඕනි වුනත් ඇයට දැනුනා එයාගෙ වචන පිට වෙන්නෑ වගේම හදවතත් ඕනිවට වඩා ගැහෙනවා කියලා.
" කෝ.. බලන්නකො මන් දිහා.."
ජන්කුක්ට ඕනි වුනා සේහි තමන්ගෙ ඇස් දිහා බලන් ඉන්නවා දකින්න. මොකද ඔහුට දැන් සේහිගෙ ඇස් වල තමන් වෙනුවෙන්ම පිරිලා තිබුන ආදරේ අදුන ගන්න පුලුවන් වෙලයි තිබ්බෙ.
" කෝ ඉතින්.."
සේහි තමන් දිහා බලන්නෙම නැති නිසා ජන්කුක් ඇයගෙ නිකටින් අල්ලලා ඒ ඇස් තමන්ගෙ ඇස් වලට සමාන්තර වෙන විදිහට ඉස්සුවා. ජන්කුක්ගෙ ඇස් දිහා තත්පර ගානක් බලන් හිටපු සේහි ආපහු බිම බලා ගත්තා.
" අනේ ළමයො.."
බොරුවක් නෙවෙයි. මාත් ජොන් ජන්කුක්ගෙන් බලාපොරොත්තු වුන දෙයක් මේක. මොකද දන්නවද..? මේ ලෝකෙන් ගොඩක්ම කුරිරු අයට තමයි පුලුවන් ගොඩක්ම ආදරනීය වෙන්නත්.
සේහි හෙමින් ජන්කුක්ගෙ ඇස් දිහා බැලුවා. ජන්කුක් දැක්කා සේහිගෙ ඇස් දිලිසෙනවා කියලා.
" ලස්සනයි.." ජන්කුක් සේහිව සම්පූර්නයෙන්ම තමන්ගෙ පැත්තට හරව ගත්තා. තාමත් සේහි හිටියෙ ජන්කුක් දිහා බලාගෙන.
" සේහි.." සේහි ඇස් වලින්ම ඇහුවා ඇයි කියලා.
" කැමතියිද..
.
.
මගේම වෙන්න.."
පළමු ආරාධනව. මන් ඇත්තෙන්ම සතුටු වෙනවා ඒ ආරාධනය එතරම් ආදරනීය වුන එක.
සේහි දිගටම ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිටියත් ඇයට පුලුවන් වුනේ නෑ තව දුරටත් එහෙම කරන්න. ඒ නිසා ඇය ජන්කුක්ගෙ දෑස් මග ඇරලා ඔහුගෙ පිටෙන් අත් දෙක යවන ගමන් ඒ පළල් පපුව උඩින් ඔලුව තියා ගත්තා. සේහි කරපු දෙයින් මොහොතකට පුදුම වුනත් ජන්කුක් හෙමින් සේහිගෙ ඔලුව අත ගෑවා. ඔහුට පුලුවන් වුනා ඒක රිද්මයකට කරන්න. ටිකක් වෙලාවක් එහෙම හිටපු සේහිට දැනුනා තමන්ගෙ කොන්ඩෙ උඩින් ජන්කුක්ගෙ දෙතොල්. ඒ හැගීම විදගන්න සේහි ඒ පපුවට තවත් තදින් තුරුලු වුනා.
" ජන්කුක්.." අන්තිමට ජන්කුක්ට පුලුවන් වුනා සේහිගෙ කටහඩ අහන්න.
" ම්ම්.."
" කවුරු හරි එයි.."
" ඉතින් .."
" ඒත් අ.."
" කවුරු ආවත් මොකද..? මේක අපේ කම්පැනි එක. මගේ රූම් එක.. ඒ වගේම මන් ලග ඉන්නෙ මගේ වයිෆ්.."
මුල ටික හෙමින් කිව්වත් සේහිට තේරුනා ජන්කුක් අන්තිම වචන කිහිපය විතරක් බර කරලා කිව්වා කියලා.
" සේහි.."
" දේ.."
" කියන්න.. මගේම වෙනවද..?"
මොහොතකට සේහිව නිරුත්තර වුන ප්‍රශ්නයක් වගේම ඒ ඇස් වලට කදුලු ගෙනාපු ප්‍රශ්නයක්.
" සේහි.."
" ......"
" මොකද මේ.. සේහි.. ඔයා අඩනවද ළමයො.. අනේ බේබි.. මේ අහන්නකො.."
සේහිගෙ උරහිස් ඕනිවට වඩා හයියෙන් ඉහල පහල ගියේ නැතත්.. ජන්කුක්ගෙ ශර්'ට් එක තෙමුනෙ නැතත් ජන්කුක්ට තේරුනා තමන්ගෙ පපුවෙ ඔලුව ඔබාගෙන හිටපු සේහිගෙ ඇස් වල දැන් කදුලු ඇති කියලා.
ඔව්.. එයා හරි..
" මේ අහන්න බේබි.. ඔයා අකමැතිව මන් කිසිම දෙයක් ඔයාගෙන් ඉල්ලන්නෙ නැහැ. මට එහෙම ඕනිත් නෑ. අහන්නකො.. අඩන්නෙපා.. අපි ඒ ගැන කතා නොකර ඉමු.. ම්ම්"
ජන්කුක්ගෙ ඒ වචනත් එක්ක මෙච්චර වෙලා කම්මුල් දිගේ ගලන් නොගිය කදුලු වැල් ගලන් යන්න පටන් ගත්තා.
" අනේ සේහි...." ජන්කුක් ඒ කදුලු තමන්ගෙ තොල් වලින් උරා ගත්තා.
" අඩන්නෙපා.. හරි.. දැන් ඒක ඉවරයි.. කෝ.. යන් ලන්ච් ගන්න.."
ජන්කුක් හැදුවෙ සේහිව තමන්ගෙ උකුලෙන් බස්සන්න වුනත් සේහි ජන්කුක්ව අත අරින්නෙ නැතුව තවත් තදින් වැලද ගත්තා.
" කෝ ඉතින්.."
ඇත්තටම දිග නිහැඩියාවක්. ගත වුනේ මිනිත්තු කිහිපයක් වුනත් ඒක මේ යුවලට සෑහෙන්න විශාල කාලයක් වුනා. සේහිගෙ කදුලු තාවකාලිකව නැවතුනා ජන්කුක්ගෙ හදවත රිද්මයකට ගැහෙන්න පටන් ගත්තු නිසා.
.
.
.
.
" ජන්කුක්.." ඔව්.. අන්තිමට එයා ආපහු කතා කලා.
" ම්ම්.."
" මන් කොහොමද ඔයාගෙ වෙන්නෙ ජන්කුක්..? දැනටමත් මන් වෙන කෙනෙක්ගෙ.. ඒ වගේම මන්.."
ජන්කුක් සේහිගෙ තොල් ආපහු තමන්ගෙ කරගත්තෙ ඒ කතාව නවත්වන්න කියලා හගවලා.
" ඒ හැමදේම පහුගිය දේවල්.. දේයන් ඔයාව මට බාර දීලා ගියේ සේහි.."
" ඒත් මගේ හැ.."
" මගේ හැමදේමත් ඔයාගෙම වුනේ නෑ සේහි.. ඒ නිසා කිසිම දේකට පසුතැවෙන්නෙපා.."
" ..."
" දැන් පුලුවන් නම් අපිට අපේ වෙන්න.. බැරිද අපිට ඒක ඇත්තක් කරන්න.."
සේහි ජන්කුක්ගෙ ඇස් දිහා ආපහු බැලුවා. එතකොට ඉබේම ඇයගෙ නිරාවරනය වුන බෙල්ල පාමුල තිබුන මාලෙ ජන්කුක්ගෙ දෑස් වලට යොමු වුනා. ජන්කුක් ඒ මාලෙ මතින් හෙමීට හාදුවක් තිබ්බා.
" බය වෙන්නෙපා කිසිම දේකට.. ඔයා එයාට දුන්නා තරම් ආදරයක් මන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඒ වගේම ඒ ආදරේ ඔයාගෙන් ඈත් කරන්නෙත් නෑ. මන් එයාට පොරොන්දු වෙනවා ඔයාව බලා ගන්නවා කියලා.."
ජන්කුක්ගෙ සුසුම් වලින් කිතියක් සේහිගෙ ගෙල පාමුල ගෑවෙන විදිහට එහෙම කියපු ජන්කුක් සේහිව තදින් වැල ගත්තා.
" ජන්කුක්..
.
.
ආදරෙයි මන්.."
පළවෙනි වතාවට ජොන් සේහි එයාගෙ හැගීම් තමන්ගෙ සැමියා ඉදිරියේ ප්‍රකාශ කළා.
" අනේ.."
ඉකි ගහන්න ඕනි වුනේ සේහිට වුනත් වුනේ අනිත් පැත්ත. විනාඩි ගානක් යනකල්ම ජන්කුක් සේහිගෙ උරහිස මත ඇඩුවා. වෙන්නෙ ඕනි දෙයක් හෝ නොවෙන්න ඕනි දෙයක් වුනු ඒ සිදුවීමත් ඒ විදිහට අතීත දෛවයට එකතු වුනා.
ඇත්තටම ඒ වෙලාව් සද පාලුවෙන් හිටියෙ.. ආදරයක් එකතු වෙන වෙලාවෙත් සදට ඕනි වුනා සවුම්‍යව බැබලෙන්න. ඒ ආදරේට ආශිර්'වාද කරන්න. ඒ වුනත් ඒ වෙලාවෙ සද හිටියෙ පාලුවෙන්. මොකද එයාගෙ එලිය විහිදවන්න හිරු තාමත් එයාට අවසර දීලා තිබුනෙ නැහැ. මොකද ඒ දවල් වෙලාවක්..
____________________________________
මොහොතක් වැරදුනත්..
ආපහු මට පුලුවන් වුනා..
වරද නිවැරදි කරන්න..
ඒත් තාමත් මන් වැස්ස දවස් වලදි..
මේ මතකයන් අතර හිර වෙනවා..
ඒ වෙලාවට මගේ හිත අහන්නෙ
එකම එක ප්‍රශ්නයයි
වැරැද්දක් ද කලේ මන් එදා..?
අඩුම හද එලියවත් තිබුනා නම්..
මට හිත හදා ගන්න තිබුනා..
____________________________________
වෝට් කමෙන්ට් කරන හැමෝටම ටැන්කූ ❤️
Cover by :- losh_u
A_Shee1 ~