STILL WITH YOU | JJK AU | ✔️

Par A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... Plus

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

chapter 15

905 254 100
Par A_Shee1

Still With You ( Fan Fiction Only )
_Chapter 15_

____________________________________

그때 날 안아줘

Geuttae nal anajwo

Give me a hug then

මාව වැළද ගන්න
____________________________________

" මට ඔයාට ඩිවෝස් එක දෙන්න පුලුවන්.."

.

.

මට ඔයාට ඩිවෝස් එක දෙන්න පුලුවන් කමක් නැහැ සේහි.."

තවමත් ජොන් ජන්කුක්ගෙ ඇස් වල කදුලු ගලනවා.

" ඩිවෝස් එක..!?"

සේහිගෙ ඇස් පුදුමයෙන් ලොකු වුනා. මොකද ඇය ඒ වගේ කතාවක් ජන්කුක්ගෙන් කිසිම වෙලාවක බලාපොරොත්තු වුනේ නෑ.

" මන් කරපු හැමදේකටම මට සමාවෙන්න සේහි.. ඒ වුනත් මට ඔයාට ඩිවෝස් එක දෙන්න බැහැ.."

" ජන්කුක්ශී.."

" ප්ලීස් සේහි.. හැමදේකටම සමාවෙලා මට එකම එක අවස්තාවක් විතරක් දෙන්න.. මන් හැමදේම හරි ගස්සන්නම්.. මන් හරි කෙනෙක් වෙන්න උත්සාහ කරන්නම්.."

" ජන්.."

" ප්ලීස් සේහි.. ප්ලීස්.. මන් ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්.."

ජන්කුක් තමන්ගෙ අත් දෙක සමාන්තර කරන්න උත්සාහ කළත් සේහි නිසා ඒ උත්සාහය සාර්ථක වුනේ නෑ.

" ජන්කුක්ශී.. ඔයාට මොකද වෙලා තියන්නෙ..?" සේහිගෙ මුලු ජීවිත කාලය පුරාවටම සේහි මේ විදිහට පුදුම වෙලා නැතුව ඇති.

" මන් වැරදි කළා තමයි සේහි.. ඒත් මට මෙච්චර විශාල දඩුවමක් දෙන්නෙපා. චේබල්.."

" දඩුවමක්.. මොන එකක් ගැන ජන්කුක්ශී ඔයා කියවන්නෙ..?"

ජන්කුක් කියන දේ තේරුම් ගන්න බැරිම වුන තැන සේහි ජන්කුක් ඉස්සරහ වාඩිවෙලා ඔහුගෙ කදුලු ගලන කම්මුල් වලින් අල්ල ගත්තෙ ඒ කදුලු තමන්ගෙ අත් වලට වැටිලා වියලිලා යන විදිහට.

" ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ජන්කුක්ශී.. මේ අහන්නකො.. මන් ඔයාගෙ වයිෆ් තමා. මන් ඔයාගෙ ෆැමිලි එකේ අය ගැන හොදටම දන්නවා. ඔයා කිසිම දේකට බය වෙන්නෙපා.. ඔයාගෙ එෆෙයා එක ගෙදරට අහු වෙන්නෙ නැතුව ගෙනියන්න මන් උදවු කරන්නම්.. ඒ නිසා බය නැතුව ඉන්නකො.. අනික.. මොකක්ද මේ ඩිවෝස් එකේ කතාව..? ඔයාට ඕනි වුනොත් ඇරෙන්න මන් ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලන්නෙ නැහැ ජන්කුක්ශී.. පුලුවන් කාලයක් මන් ඔයාට උදව් කරන්නම්.. ඒ නිසා බය වෙන්නැතුව ඉන්න.. තේරුනාද..?"

" අනේ සේහි.."

මේ වෙන දේවල් නිසා තව ටිකකින් සේහි මැරෙන්නෙ හදිසි හෘදයාබාදයක් නිසාම තමයි. මොකද ඒ කතාවෙන් පස්සෙ ජන්කුක් හයියෙන් සේහිගෙ නම කියලා අඩන ගමන් තමන්ගෙ ඉස්සරහින්ම බිම වාඩිවෙලා ඒ කම්මුල් උඩ තිබුන සේහිගෙ අත් දෙක ඇදලා අරන් සේහිගෙ පපුවට තුරුලු වුනා.

' හත්තික්කේ.. ජොන් ජන්කුක්ට මේ මොනව වෙලාද..?'

ජන්කුක්ගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තිබුනත් සේහි තේරුම් ගත්තා ඒ වෙලාව ඒ කිසිම ප්‍රශ්නයක් අහන්න සුදුසු වෙලාව නෙවෙයි කියලා. තමන්ගෙ හදවතත් ඕනිවට වඩා ගැහෙනවා කියලා දැනුනත් සේහිට පුලුවන් වුනේ නෑ ඒ හඩ තමන්ගෙ සැමියගෙන් හන්ග ගන්න. මොකද ඒ වෙනකොටත් ජන්කුක්ගෙ ඔලුව තිබුනෙ සේහිගෙ පපුවට තුරුලු වෙලා.

සේහි ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් තිබුනත් තමන්ගෙ සැමියගෙන් මේ විදිහට උනුසුමක් ඇය කවමදාවත් බලාපොරොත්තු නොවුනද මන්දා. ඒ වුනත් එදා බීමතින් හිටපු වෙලාවෙ තමන්ගෙම හ්‍යුන් එක්ක තමන්ව සැක කරලා තමන්ව පිටුපසින් වැලද ගත්ත විදිහ සේහිට එකපාරටම ඒ වෙලාවෙ හිතේ ඇදිලා මැකිලා ගියා.

" ජ..න්කු..ක්ශී.."

ජන්කුක්ගෙ කදුලු නැවතුනේම නැති නිසා සේහි ආපහු ජන්කුක්ට බිදුනු හඩකින් ආමන්ත්‍රණය කළා. සමහර විට ජොන් ජන්කුක්ගෙ කදුලු ලග ජොන් සේහිගෙ හැම ශක්තිමත් කමක්ම බිදිලා යන්න ඇති.

" අඩන එක නවත්තන්නකෝ.. ප්‍රශ්නයක් නම් අපි කතා කරලා විසදුමක් හොයමු.. මන් පුලුවන් විදිහට උදවු කරන්නම්.."

සේහි ජන්කුක්ගෙ දාඩිය පිරුනු සීතල වගේම සිනිදු තද දුඹුරු කෙස් අතරින් තමන්ගෙ හීනි දිග ඇගිලි තාලෙකට යැව්වා. සේහි දැනන් හිටියෙ නැහැ තමන්ගෙ සැමියා හොයන උනුසුම තමන් ලග තියනවද කියලා.. මොකද යේරා වගේම ජන්කුක්ගෙ හැමදේම ගැන සේහිට තවත් හන්ගන්න තරම් දෙයක් තිබුනෙ නෑ. කොහොම වුනත් සේහි තවත් ජන්කුක්ව තමන්ගෙ පපුවට තුරුලු කරගෙන කොන්ඩෙ අතරින් ඇගිලි යැව්වෙ තමන්ගෙ ස්පර්ශයෙන් ටිකෙන් ටික ඔහුව සන්සුන් වෙනවා කියලා තේරුන නිසා.

තවත් ටික වෙලාවකින් තරුන ජොන් යුවල හිටියෙ ජොන් මන්දිරයෙ තුන් වෙනි තට්ටුවේ තිබුන තුන්වෙනි සදලුතලයේ. ඒක පලවෙනි වගේම දෙවෙනි සදලුතල වලටත් වෙනස් වුනා වගේම ආකර්ශනීය වුනා. ටිකක් හරි ස්වභාවික පෙනුමක් තිබුනෙ එතන විතරයි ඇත්තෙන්ම.

එතන තිබුනෙ කුඩා රවුම් ලී මේසයක් වුනත් ඒ මේසයෙ රාමුව විතරයි ලී වලින් හදලා තිබුනෙ. මැද තිබුනෙ වීදුරු රාමුවක්. ඒ වීදුරුව විනිවිද පෙනුනා වුනත් සාමාන්‍ය බලයකින් බිදලා දාන්න බැරි ශක්තිමත් බවක් ඒ වීදුරුවට තිබ්බා කියලා සේහිට හිතුනා. ඒ ගැන තව දුරටත් හිතන්න ඕනි වුනත් තමන්ගෙ සැමියා නිසා ඇයට ඒකට ඉඩක් ලැබුනෙ නෑ.

" සේහි.."

සේහිගෙ ඇස් තමන්ට ඉදිරියේ තිබුන බෙන්ච් එකේ වාඩිවෙලා හිටපු ජොන් ජන්කුක්ගෙ ඇස් දිහාවට යොමු වුනා. හැමදාම වගේ ඒ වෙලාවෙත් සේහිගෙ ඇස් වල කිසිම පැකිලීමක් තිබුනෙ නෑ. ඒ නිසාම ඇය බිම බලා ගත්තෙ නෑ. මොකද එයාගෙ යටි හිතේ විශ්වාසයක් තිබුනා ඇස් දිහා කෙලින් නොබලා අහන දේට කෙලින් කතා නොකර බිම බලන් ඉන්න තරම් තමන් වැරද්දක් කරලා තිබුනෙ නෑ කියලා.

" කියන්න.."

" මට සමාවෙන්න.." ජන්කුක්ට ඒ වචනෙ සේහිගෙ ඇස් දිහා කෙලින් බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

" මොනාටද..?"

" කරපු හැමදේකටම.."

" සමාවෙන්න කියන වචනෙ නිසා කරපු හැමදේම නැති වෙනවද ජන්කුක්ශී..?" සේහි තවමත් කෙලින්.

" නෑ.. ඒත් මට දැන් කරන්න තියන්නෙ ඒ දේ විතරයි.."

" දන්නවද ජන්කුක්ශී මන් මේ ලෝකෙන් අකමැතිම වචනෙ මොකක්ද කියලා..?"

ජන්කුක් දෙපැත්තට ඔලුව වැනුවා. ඒකෙන් ඔහු අදහස් කලේ 'නෑ' කියන අදහස වෙන්න ඇති.

" සමාවෙන්න කියන වචනෙ.."

ජන්කුක්ට ආපහු සුසුමක් හෙලුනා.

" මට ඔයාගෙන් සමාව ඕනි නෑ ජන්කුක්ශී.. ඒ නිසා ඔයා ඒක තියා ගන්න.."

සේහි ජන්කුක්ගෙ ඇස් වලට හිනා වුනා. ඒක ඇත්තටම අවංක හිනාවක්.

" මට තව එක අවස්ථාවක් දෙන්න පුලුවන් ද සේහි..?"

" මන් අවස්ථා නිර්මානය කරන කෙනෙක් නෙවෙයි ජන්කුක්ශී.. වටපිටාවෙ තියන හැමදේම ඔයාගෙ නම් ඔයා වැඩ කරපු විදිහට අවස්ථාවක් ඕනිද නැද්ද කියලා තේරුම් ගන්න ඕනි ඔයාමයි. නැතුව මන් නෙවෙයි.."

ඇය කිව්වෙ ගොඩක් සංකීර්ණ දෙයක්. ඒත් ඇයගෙ උපරිමයෙන් ඒ දේ සරල වචන වලින් ඉදිරිපත් කලා. මට හිතෙනවා ඒ කිව්ව දේ ඇතුලෙ ගන්න දෙයක් තිබ්බෙ ජොන් ජන්කුක්ටම විතරක් නෙවෙයි අපිටත් එක්කමයි කියලා.

" මන් අවස්ථාවක් ගන්නවා සේහි. තිබුන විදිහටම ආපහු හැමදේම හදන්න බැරි වුනත් මන් පුලුවන් තරම් ඒ වෙනුවෙන් කැපවෙනවා.."

සේහිගෙ දෙතොල් මත ආපහු ලාවට හිනාවක් ඇදුනා. ඇයට ඒ හිනාව ජන්කුක්ගෙන් හන්ග ගන්න උවමනාවක් තිබුනෙ නෑ..

" ඒක ඔයාගෙ තීරනේ ජන්කුක්ශී.."

තවත් කතා කරන්න දෙයක් නෑ කියලා දැනුන නිසා සේහි එතනින් නැගිට්ටේ නිදන කාමරයට යන්න කියලා හිතාගෙන. ඒ වුනත් ඇයට ආපහු නවතින්න වුනා.

" සේහි.."

සේහි ආපහු හැරිලා ඒ ඇස් දිහා බැලුවා.

" මට ඩිවෝස් වෙන්න බැහැ සේහි.."

ඒ කතාවට සේහි පුදුම වෙන්න ඕනි වුනත් වුනේ ඒකෙ අනිත් පැත්ත. ඇය මෙච්චර කාලයක් හන්ගගෙන තිබුන ඇයගෙ හිනාව එලියට පැන්නා. සාමාන්‍යෙන් සේහි හිනාවෙනකොට හරි සද්දයි. අනික එහෙම හිනාවෙන්න පටන් ගත්තම එයාට ඒක නවත්තගන්න අමාරුයි විනාඩි ගානකටම.

" සො..රි.. ජන්කු..ක්ශී.."

විනාඩි හතට විතර පස්සෙ බොහොම අමාරුවෙන් සේහිට පුලුවන් වුනා තමන්ගෙ බකල් හිනාව නවත්ත ගන්න.

" මොකද මේ..?"

" මමනෙ ඔයාගෙන් ඒ ගැන අහන්න ඕනි ජන්කුක්ශී.."

" ඇයි..?"

" ආපු වෙලේ ඉදන් ඩිවෝස් එකක් ගැන කිය කිය අඩන්නෙ මොකද මේ..?" සේහිට ඒක කියද්දි ආපහු හිනාවෙන්න ආවත් ඇය බොහොම අමාරුවෙන් තමන්ගෙ බකල් හිනාව නවත්ත ගත්තා.

" ඉතින් මන්.."

" හරි හරි.. ඔය කතාව ඔයාට කවුද කිව්වෙ.. අයි මීන් ඩිවෝස් එක දෙන කතාව.."

" ජිමිනි.."

" වට් ද..?"

ඒ පාර නම් ඇත්තෙන්ම සේහිට එයාගෙ හිනාව නවත්ත ගන්න බැරි වුනා. හිටපු පුටුව උඩ ආපහු වාඩි වුන සේහි අත පය හතරම හොදටම දිග ඇරගෙන කෑ ගගහ හිනාවෙන්න පටන් ගත්තා. සේහිගෙ හිනාව දැකපු ජන්කුක් සෑහෙන්න පුදුමයට පත් වුනා ඒ මොකද කියලා. කොහොම වුනත් අන්තිමට සේහිගෙ හිනාව නැවතුනේ ඒ වාඩිවෙලා හිටපු පුටුවත් පෙරලගෙන බිමට වැටිලා පස්සත් ඇනුනට පස්සෙ.

සේහිව තමන්ගෙ ජීවිතේට මුන ගැහුනු දවසෙ ඉදන් ඒ වගේම සේහි තමන්ගෙ බිරිද වුන දවසෙ ඉදන්ම ඇයගෙ හිනාවක් ජන්කුක් දැකලා තිබුනෙ නෑ. නැහැ එහෙම නෙවෙයි. ජන්කුක් ඒ හිනාව දැකලා තිබුනත් එච්චරටම ලස්සනට සැහැල්ලුවෙන් හිනා වෙන්න පුලුවන් කමක් සේහිට තිබුනා කියලා ජොන් ජන්කුක් ඇත්ත වශයෙන්ම දැනන් හිටියෙ නෑ. දුර්වල ඒ වගේම ව්‍යාජ හිනාව සේහිගෙ මුලු ආත්මෙටම ආවේනික අංගයක් වෙලා තිබුනත් මේ සුලු මොහොතට ඒ දේ වෙනස් වෙලා තිබුනා.

ඇත්තෙන්ම ඒ හේතුව පාක් ජිමින්ද..? ජොන් ජන්කුක්ද..?

" යාහ් ජොන් ජන්කුක්.. ඔයා නම් පිස්සෙක්.. ජිමිනි කියන හැමදේම ඔහොම සීරියස් විදිහට ගන්නෙපා.."

" වට්..?"

" ඔයා එයාගෙ හැටි දන්නෙ නැද්ද අනේ.."

" මන් එයාව හොදට දන්නවා සේහි.. එයා කොලේජ් එකේ ඉදන්ම මගේ හොදම යාලුවා.." ජන්කුක් එහෙම කියලා සේහිට රැව්වා.

" මොකක්..?"

බිම වාඩිවෙලා හිටපු සේහි ජන්කුක් කියපු ඒ කතාවත් එක්ක ආපහු බිම පෙරලි පෙරලි හිනාවෙන්න පටන් ගත්තා. සමහර විට ඇයගෙ ඔලුවට කල්පනා නොවෙන්න ඇති තමන් ඒ වෙලාවෙ හිටියෙ දුහුල් රාත්‍රී ඇදුමකින් කියලා. සේහි දිහා පුදුමෙන් බලන් හිටියත් ඒ හිනාව ඉස්සරහ තව දුරටත් තද විදිහට ඉන්න ජන්කුක්ට පුලුවන් වුනේ නෑ. ඒ නිසාම ඔහුගෙ ඇස් වල වගේම තොල් වලත් ඉබේම සිනාවක් ඇදුනා.

ඔහුට මතක් වුනේ සේහි මුන ගැහුන පලවෙනි දවස. ඇය එදා හිටියෙ සිහි නැතුව. එදත් මේ විදිහටම බිම. එදත් ඇයගෙ මුලු කකුල් දෙකම නිරාවරනය වෙලා තිබුනා. ඔයාලට මතක ද මන් එදා කිව්වා. ඒ ගවුමටත් සේහිව අතැරලා යන්න ඕනි වුනාද මන්දා කියලා.

" යාහ්.. ඔය හිනාව නවත්තන්න.."

ජන්කුක් කෑ ගහනවත් එක්කම සේහි හිනාව නවත්තලා බිමින් නැගිටලා හිට ගත්තා.

" අහන්න.. ජිමින් කියන්නෙ මන් නිසා සෑහෙන්න කේන්ති ගන්න කෙනෙක්. මොකද එයා දේයන්ගෙ වගේම මගෙත් හොදම යාලුවෙක්.. ඔයා වුන හැමදෙයක්ම වගේ එයාට කිව්වා නම් එයාට කේන්ති යන්න ඇති. ඒකයි ඒ.. ඔයා ඒ දේවල් වැඩිය ගනන් ගන්නෙපා ජන්කුක්ශි.."

" ඒ වුනත් එයා කිව්වා ඔයාව මැරි කරන්නම් කියලා.. ඔයාව බලා ගන්නම් කියලා.."

" එයා හැමදාම ඕක කියනවා.. ඉස්සරත් කිව්වා.."

" යාහ්.. දැන් ඔයා මගේ වයිෆ්.. ඔයා ජොන් සේහි.."

" හා ඉතින්.."

සේහිට හිතා ගන්න බැරි වුනා ජන්කුක්ගෙ ඇස් වල එච්චරටම ඉරිසියාවක් තිබුනෙ ඇයි කියලා.

" හුම්.."

බඩ උඩින් අත් දෙක හරහට බැද ගත්තු ජන්කුක් පුටුවෙ හෙඩ් එකට හේත්තු වෙලා අහක බලා ගත්තා.

" යමු.. සීතල වදිනවා.." සේහි දෙවෙනි පාරටත් උත්සාහ කළා කාමරේට යන්න. මොකද ඒ වෙනකොට පරිසරයේ සීතල වැඩිවෙලා තිබුනෙ.

" සේහි.." ජන්කුක් මේ පාර සේහිව නැවැත්තුවෙ ඇයගෙ එක අතකින් අල්ලන ගමන්මයි.

" කියන්න ජන්කුක්ශී.."

ඒ වුනත් ජන්කුක් එහෙමම හිටියා ඇරෙන්න කිසිම දෙයක් කිව්වෙ නෑ. අවට පරිසරයෙ තිබුනෙ දැඩි නිහැඩියාවක් විතරයි. අඩුම තරමෙ මද සුලගක්වත් තිබුනෙ නෑ සෑහෙන සීතලක් පරිසරය ආක්‍රමනය කරලා තිබුනා වුනත්.

" ජන්කුක්ශී.. සීතලයි.. ඉක්මනින් කියනවද..?"

තවත් විනාඩි ගානක් ගතවෙනකල් කිසිම දෙයක් නොකරපු ජන්කුක් නැගිටලා සේහිගෙ උරහිස් වටෙන් අත් දෙක දාලා තමන්ගෙ පපුවට සේහිව පස්සහින් තුරුලු කර ගත්තා. සේහිට එක මොහොතකට හුස්ම ගන්න අමතක වුනාදෝ කියල හිතුනත් ඇයගෙ පපුව නොනවත්වාම එක දිගට වේගයෙන් උස් පහත් වුන නිසා තේරුම් ගන්න පුලුවන් වුනා ඇය තාමත් යන්තමින් ජීවතුන් අතර කියලා. ඇත්තෙන්ම ඒක සාමාන්‍ය වේගයට වඩා ගොඩක් වෙනස්.

සේහිට මොනව හරි කියන්න ඕනි වුනාද.. ඇත්තටම එහෙම කියන්න ඕනි වුනත් ඇය ඒ දේ කරන්න උත්සාහ කලේ නෑ. විවාහ වෙලා දවස් ගානක්. ඒත් මෙහෙම අවස්ථාවක් ඇයට නිකමටවත් ලැබිලා තිබුනෙ නෑ. සමහර විට ඇත්තෙන්ම ඇයටත් ඕනි වෙන්න ඇති ඒ උනුහුම විද ගන්න. ඕනි වෙන්න ඇති නෙවෙයි. ඇය ඒ උනුහුම බලාපොරොත්තු වුනා.

" සේහි.."

" ....."

" ආදරෙයි.."

ඒ වුනේ මුලු ස්වභාදහමම කම්පා වෙන්න ඕනි දෙයක් වුනත් එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ජොන් පැලස් එකේ තිබුන එකම එක ලිලී මල් ගහක්වත් අඩුම තරමෙ මද සුලගකටවත් සෙල වුනේ නෑ. පිපිලා තිබුන මල් පවා පර වෙවී බිමට වැටුන ඇරෙන්න.

" ආදරෙයි සේහි.. වුන හැම දෙයක්ම මන් නිවැරදි කරන්නම් මට පුලුවන් තරම් දුරට.. ඇත්තටම මන් ආදරෙයි.. මන් එක අවස්ථාවක් ගන්නම්.. මට ඉඩ දෙන්න.."

ඒ හඩ ඇත්තෙන්ම හැගීම්බරයි. ඔහුගෙ සුසුම් පවා ගොඩක් උනුසුම් වෙලා තිබුනා. ජන්කුක් හෙමින් ඔහුගෙ මූන සේහිගෙ දකුනු උරහිස මතින් තිබ්බා.

" සේහි.. කියන්න.. ආදරෙයිද..?"

" ...."

" සේහි කරුනාකරලා.."

" ජන්කුක්ශී..?"

" කියන්න සේහි.."

" ඒ ඩෝල් සී නිසාද..?"

" මොකක්..!?"

" ඩෝල් සී නිසාද ඔයාගෙ ඔය ආදරේ..?" සේහිගෙ කටහඩ වෙව්ලනවා.

" සේහි ප්ලීස්..!!"

ඔව්.. නොහිතපු දෙයක් නොපතපු වෙලාවක ඇත්තටම මේ වගේ වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕනි කියලා සේහි විශ්වාස කලා. ඩෝල් සී, ජොන් සමූහය එක්ක එකතු වුනොත් අවුරුද්දකටවත් ගනනය කරලා ඉවර කර ගන්න බැරි ආදායමක් වගේම ලාභයක්.

" සේහි.. එහෙම දෙයක් නෑ සේහි.. මන් ඇත්තටම.."

" නෑ ජන්කුක්ශී.. මට කිසිම සැකයක් නැහැ. ඒ වගේම මන් ආදරේ කරන්න ගත්තෙත් අද ඊයෙ නෙවේ. ඒත් මන් ඔහොම ප්‍රශ්නයක් ඔයාගෙන් මේ වගේ වෙලාවක ඇහුවෙ නැත්නම් එතන හිස්තැනක් ඉතුරු වෙනවා.."

" අනේ.. සේහි.. බේබි.. මට සමාවෙන්න.. හැමදේකටම.."

'බේබි..' මේ ලෝකෙ තියෙන ලස්සනම ආමන්ත්‍රන වලින් එකක්. පුලුවන් නම් තමන් ආදරේ කරන අයට වගේම තමන්ට වෛර කරන අයටත් ඒ ආමන්ත්‍රනය පාවිච්චි කරන්න..

සේහිට තවත් ඉවසන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. තමන්ගෙ පන වගේ සලකපු තමන්ගෙ රැකියාව අත් අරින්න තරම් සේහි ශක්තිමත් වෙලා ඉවසුවා. තමන්ගෙ ආදරේ නැති වුන දවසෙ පවා සේහි ඉවසුවා. තමන්ගෙ දරුවා මේ ලෝකෙ දකින්නත් කලින් හැර දාලා ගිය දවසෙත් සේහි ඉවසුවා. ඒ වගේම තමන්ව බලෙන් විවාහයකට කොටු කර ගත්ත දවසෙ, එතනත් සෙනෙහසක් හෝ රැකවරනයක් නැති වුන දවස්, තමන්ගෙම සැමියා තමන් ඉදිරියේ හැසිරුන විදිහ, තමන්ට අත උස්සපු විදිහ, බැනපු විදිහ, සැක කරපු විදිහ.. ඒ හැම දෙයක් ලගම ඉවසපු සේහිට තවදුරටත් ඉවසන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඇත්තෙන්ම පුලුවන් කමක් තිබුනත් තවත් ඉවසන්න තරම් දරා ගැනීමක් සේහි ලග තිබුනෙ නැහැ.

" ජ..න්..කුක්..ශී.."

තමන්ගෙ ශරීරයේ වගේම තමන්ගෙ හදවතෙත් ඉතුරු වෙලා තිබුන හැම ශක්තියක්ම හීන වෙලා යද්දි තමන්ගෙ සැමියගෙ නම කොදුරපු සේහි ජන්කුක්ගෙ ඇගටම කඩන් වැටුනා. ඒ වන විටත් ජන්කුක්ගෙ ශක්තිමත් අත් යුගල සේහිගෙ ඉන වටේ බැදිලා තිබුන නිසා සේහිට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ.

" ඕන නෑ කියන්න.. මගේ ආදරේ දෙන්නටම ඇති වෙයි.."

මන් ආපහු අහන්නම්.. මේ ජොන් ජන්කුක්ම ද..!?

ජන්කුක් තවත් සේහිව තමන්ට තුරුලු කර ගත්තා. ඒ වගේම බිත්ති ඔරලෝසුවේ මිනිත්තු තුන හතරකට සමාන වෙලාවක් ගත වුනා. සේහිගෙ හදවතේ ශබ්දය එන්න එන්නම වැඩි වෙනවා කියලා ජන්කුක්ට තේරෙන්න ඇත්තෙ සමහර විට සේහිගෙ දුහුල් ඇදුම නිසා වෙන්න ඇති. හෙමින් තමන්ගෙ බිරිදව තමන්ගෙ පැත්තට හරව ගත්තු ජොන් ජන්කුක් එයාගෙ විවාහ ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙ නීත්‍යානුකූල බිරිදගෙ මුහුන දිහා ලගින් බැලුවා. ඒ ඇස් වල අමුතු ලස්සනක් නැහැ. අර හැම කතාවකම තියනවා වගේ සේහිට අමුතුම ලස්සනක් නැහැ. ඒ වුනත් ගන ඇහි බැමි වලි පටන් ගත්තු ඒ මුහුනෙ කිසිම අඩුපාඩුවකුත් තිබුනෙ නෑ. ජන්කුක් හෙමින් එයාගෙ මහපට ඇගිල්ල සේහිගෙ තොල් වල එහා මෙහා ගෙනිච්චා.

සේහිට දැනුනා ඒ ස්පර්ශය නිසා ඇය මුලු ඇතුලාන්තයෙන්ම වෙව්ලලා ගියා කියලා.. ඒ වගේම කවමදාවත් නැතිව කිසිම වැරැද්දක් නැතුව වුනත් ජන්කුක්ගෙ ඇස් දිහා කෙලින් බලන්න බැරිවෙන තරම්ම ඇය තිගැස්සුනා.

" මගෙ ඇස් දිහා බලන්න.." ඒ කටහඩ ගැඹුරුයි.. ගොඩක්ම..

ඒ විදානයෙනුත් ජන්කුක් දිහාට සේහිගෙ ඇස් එල්ල වුනේ නැති නිසාම ජන්කුක් ඔහුගෙ ඇගිල්ලකින් සේහිගෙ නිකට ඉස්සුවෙ ඒ දෑස් යුගල එක සමාන්තර වෙන විදිහට.

" ලස්සනයි.."

එතකොට ඔහු මෙච්චර කල් දැකපු යේරගෙ ලස්සන..?

ජන්කුක්ට වගේම සේහිටත් හිත ඇතුලෙන් හිතන්න ගොඩක් දේවල් තිබුනත් ඒ දෙන්නටම ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න බැරිවුනා. ජන්කුක්ගෙ දෙතොල් සේහිගෙ දෙතොල් වල වදිනවත් එක්කම සේහි ආපහු වෙව්ලලා ගියා. ජන්කුක්ගෙ කමිසයෙන් අල්ල ගන්න ඕනි වුනත් ඔහුගෙ බෙල්ල වටෙන් අත යවන්න ඕනි වුනත් ඔහුට ප්‍රතිචාර දක්වන්න ඕනි වුනත් සේහිට ඒකට සිහියක් තිබුනෙ නැහැ. ඇයට දැනුනා තමන්ගෙ දෙතොල් වල තිබුන මලානික සීතල ජොන් ජන්කුක් උරා ගත්තා කියලා.

ජොන් ජන්කුක් සේහිගෙ තොල් වලින් සෑහිමකට පත් නොවී ඒ ඇස් වල ඇස් පිහාටු වල ඒ වගේම සීතල කම්මුල් වල.. ඊට එහායින් ගෙල වගේම උරහිස පලවෙනිම වතාවට තමන්ගෙ කියලා ලකුනු කරද්දි හරි පුදුමයකට වගේ ජන්කුක් ඒ දේවල් වලින් විතරක් සෑහිමකට පත් වුනා.

" සේහි.."

" ...."

" සේහි.."

" ...."

" අයියෝ මොකද ළමයො මේ..? කතා කරන්නකො.."

" ...."

" අහ් ඇත්තටම.. යන්න.. ගිහින් නිදා ගන්න.. මන් වොශ් කරන් එන්නම්.."

ඇත්තටම ජොන් ජන්කුක් ඇතුලෙ මේ වගේ ආදරනීය චරිතයක් හැංගිලා හිටියා කියන එක කිසිම විදිහක පුදුමයට කාරනයක් නෙවෙයි. මොකද යේරා ඉස්සරහ ඕනවටත් වඩා ඔහුගෙ ඒ ආදරනීය හැගීම් ගනන් කරන්න බැරි වාර ගානනක් එලි වෙලා තිබුනා.

මේ හැම දෙයක් වෙලාම මට තිබුනෙ එකම එක ප්‍රශ්නයයි..

ජන්කුක් ආදරේ ජොන් සේහිට ද..?

සේහි ටද..?

ඩෝල් සීටද..?

____________________________________

තවමත් පසුතැවෙනවා..
ඇත්තෙන්ම ඒ තීරනේට..

එක වතාවක් තියනවා නම්..
තුන්වෙනි වතාවට හරි හැරෙන්න..

කියන්නම් මන් ඔයාට කෑ ගහලා..
මගේ ආදරේ බොරුවක්ම වග..

එකම එක පාරක්..
මාව වැළද ගන්න..

____________________________________


Cover by :- losh_u

කවර් ගැන කියන්නම ඕනි.. ලැබුන වෙලේම මාව අඩවපු කවර් එකක්.. මේක විතරක් නෙවේ.. එයා දුන්න තුනම ❤️

A_Shee1 ~

Continuer la Lecture

Vous Aimerez Aussi

271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
1.3K 197 14
මංමුලාවූ ඔහුහටම මා ප්‍රේමයෙන් බැදුනේ කිමදැයි අදටත් නොදනිමි.ඒ දෙනෙත්වලට පෙම් බැන්දේ ඇයිදැයි අදටත් මම විමසමි. ප්‍රේමය නම් මා පමණක් කලා නම් ඉතින් එතැකැය...
51.5K 7.2K 31
මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිත...
5K 1K 5
අහම්බෙන් මුන ගැහුනු පෙම්වතුන්, නොකියූ ප්‍රේමයක් ❣❣❣❣❣❣❣❣