soul keeper ||vkook||

By DazyBella

55.3K 13.7K 5.8K

"හුස්ම ගන්න එකයි, ආදරේ කරන එකයි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් මම ඔයාට ආදරෙයි කියලා කියන්න මගේ අන්තිම හුස්ම පොද ප... More

01~Patient
02~First Page
03~Take Me To The Church
04~Method
05~Guardian Angel
06~ Smoking Pipe
07~I Hate Him
08~ 2000/12/12
09~Date
10~ Proposal
11~ He does not love me ⚠️
12~ Limestone
14~ Bitter Sweet
15~ Christmas Day
16~ He was Healed
17~ Hymn
18~ Gentle Sin
19~ Disapointed
20~Whats going on
21~ Unxpected Confession
22~ Heaven
23~ Opera
24~ Wish on a star
25~ Emptiness
26~ What are WE
27~ Perhaps
28~Is It Over
29~This love, I'll never let it die
30~ MIRAGE
31~ Resurgence
32~ Love Is ?
33~ Everything'S Gonna Be Okay
34~Final Chapter
Epilogue

13~Happy

1.5K 420 216
By DazyBella

අලු කඩලා නොදාම දිගින් දිගටම සිගරට් එක අදින ටේහ්‍යොන්ග් දිහා හැගීම් විරහිත විදියට ෆ්‍රෙඩ් බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් ඕනවට වඩා ජන්කුක් ගැන වදවෙන්නේ ඇයි කියලා ෆ්‍රෙඩ්ට ඇත්තටම තේරුමක් තිබුනේ නෑ... සාමාන්‍ය ලෙඩෙක් වෙනුවෙන් මෙච්චර ආරක්ශාවක්... ඒකත් පිරිමි කෙනෙක් වෙනුවෙන්...

"ටේහ්‍යොන්ග්" ෆ්‍රෙඩ් කතා කරාම ටේහ්‍යොන්ග් ගැස්සුනා... ජන්කුක්ගේ කාමරේ ඉදලා ආව වෙලාවේ ඉදන් ටේහ්‍යොන්ග් කරේ කල්පනා කරන එක... ෆ්‍රෙඩ් එන්න කිව්වේ කතා කරන්න වුනාට ටේහ්‍යොන්ග් ඇවිත් කරේ සිගරට් එක තොල් අතර රදවගෙන නැවතීමක් නැතුවම හුස්මෙන් හුස්ම සිගරට් එක අදින ගමන් කල්පනා කරන එක... අලු කඩලා දාලා ඊලග පාරා ඒක අදින්න ඕන කියලවත් කල්පනාවක් නැතුව ටේහ්‍යොන්ග් දිගටම ජන්කුක් ගැන හිතුවා... ජන්කුක්ගේ ඇග ගැන හිතුවා... ෆ්‍රෙඩ් දන්නවා නම් මේ වෙලාවේ ටේහ්‍යොන්ග් කල්පනා කරන්නේ ජන්කුක්ව සිපගන්න විදිය කියලා...

"කියන්න ෆ්‍රෙඩ්" ඉවර වුන සිගරට් එක ඈශ්ටර් එකට තද කරලා පොඩි කරලා දාපු ටේහ්‍යොන්ග් කකුලක් උඩ කකුලක් දාගෙන සුව පහසු විදියට ඉදගත්තා...

"ජන්කුක් ගැන කතා කරන්න ඕන" ෆ්‍රෙඩ් වුවමනාවෙන්ම ජන්කුක් කියන නම ටිකක් සද්දෙන් කිව්වේ ටේහ්‍යොන්ග්ගේ මූණේ වෙනස් වෙන හැගීම් බලාගන්න වගේම ටේහ්‍යොන්ග්ගේ මූණ එකපාරටම වෙනස් වුනා... කලින් බර කල්පනාවක හිටිය ටේහ්‍යොන්ග්ගේ මූණට නිරායාසයෙන් හිනාවක් ආවම ෆ්‍රෙඩ්ගේ ඇස් ගැස්සුනා... ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා ෆ්‍රෙඩ් දිහා බැලුවා...

"ජන්කුක් ගැන මොනාද"

"අපි දැනටමත් දන්නවා ඇයි එයා මේ තරම් මානසිකව වැටුනේ කියලා, ඉතින් මට හිතෙන්නේ මේ යන විදියට ගියොත් ජන්කුක්ව හොද කරන්න අමාරුවෙයි" ටේහ්‍යොන්ග් එන්න එන්නම අනවශ්‍ය විදියට ජන්කුක්ට ලංවෙනවා වගේ දැනුන නිසා ෆ්‍රෙඩ් කෙලින්ම කාරණාවට ආවේ මේ යන විදිය නරකයි කියලා දන්න නිසා... නමුත් ෆ්‍රෙඩ් මොනාද දන්නේ??

"ඔව් පිරිමි, ඩෑඩ් නිසා" ටේහ්‍යොන්ග් කිසිම ගානක් නැතුව කියලා දැම්මේ ෆ්‍රෙඩ්ව පුදුම කරලා...

"ඉතින් පිරිමි නිසා එයා ඒ තත්වෙට වැටුනා නම් මම හිතන්නේ එයාට අපි දැන් ලං කරන්න ඕන ගෑනු අයව අයි මීන් අපි එයාව ලේඩි ඩොක්ටර් කෙනෙක්ට මාරු කරමු"

"විකාරද ෆ්‍රෙඩ් විහිලු කරනවද මානසික ලෙඩෙක්ගේ ට්‍රීට්මන්ට් පටන් ගන්නේ එක ඩොක්ටර් ඉවර කරන්නේ තව ඩොක්ටර් කෙනෙක් කියලාද ඔයා ඉගෙනගෙන තියෙන්නේ, අනික ජන්කුක් දැන් මගේ විදියට හැඩ ගැහිලා ඉන්නේ එයාව වෙන කෙනෙක්ට මාරු කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ජන්කුක් ආයේ පරණ තත්වෙට වැටෙනවා කියන එක" ටේහ්‍යොන්ග් සද්දෙන් කිව්වම ෆ්‍රෙඩ් නැගිටලා ටේහ්‍යොන්ග් ලගට ආවා...

"මට හිතෙන්නෙම ඔයා දේවල් තවත් අමාරු කරනවා කියලා ටේහ්‍යොන්ග්"

"සමහර වෙලාවට අපි මෙතඩ් එකෙන් ටිකක් එලියට ඇවිත් ලෙඩාගේ ඇතුලාන්තයෙන් පිරික්සලා බලලා ඒ කෙනා මානසිකව වැටෙන්න හේතුවෙන්ම ඒ කෙනාව මානසිකව ඉහලට ගන්න පුලුවන් අවස්තා තියෙනවා කියලා මම අද පලවෙනි වතාවට හොයාගත්තා ෆ්‍රෙඩ්" ටේහ්‍යොන්ග් කිව්වේ අමුතුම හිනාවක් තොල් අතර රදවගෙන...

"ඒ කිව්වේ"

"හරියට බැලුවොත් ජන්කුක් ඉන්නේ ගොඩක් දේවල් මවාගෙන එයා හිතනවා ඒවා එයාට වෙයි කියලා ඒත් ඒවා ඇත්තටම වෙලත් නෑ වෙන්නෙත් නෑ ෆ්‍රෙඩ්" ටේහ්‍යොන්ග් කලින් කිව්ව දේවල් නොතේරුනත් දැන් කිව්ව ටික ෆ්‍රෙඩ්ට තේරුන නිසා ෆ්‍රෙඩ් ආයේ ගිහින් ඉදගත්තම ටේහ්‍යොන්ග් තව සිගරට් එකක් අරන් පත්තු කරගත්තා...

"ඔව් ඒක ඇත්ත අපි එයාට කියනවද එයාගේ ඩෑඩ් ගැන"

"දැන්ම එපා ෆ්‍රෙඩ් තව ටික දවසක් බලමු දැන් ජන්කුක් හොද අතට හැරෙමින් ඉන්නේ, ඩෑඩ් ගැන කිව්වොත් එයා ආයේ වෙනස් වෙනවා අනිවාරෙන්ම"ටේහ්‍යොන්ග් ඒක ගැන සතුටෙන් කතා කරා... ජන්කුක් දවසින් දවස හොද අතට හැරෙන එක ගැන කාටත් වඩා සතුටෙන් හිටියේ ටේහ්‍යොන්ග්... ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් ගැන සතුටු වෙන දෙයින් එහාට ටේහ්‍යොන්ග් ඒ ගැන සතුටු වුනා...

"ආයේ වතාවක් ජන්කුක් සූසයිඩ් කරගන්න ගියොත් මම අනිවාරෙන් එයාව ස්පෙශල් බෙඩ් එකේ සතියක් තියනවා ටේහ්‍යොන්ග්"

"ආයේ එහෙම වෙන්නේ නෑ ෆ්‍රෙඩ්, දැන් ජන්කුක්ව හොස්පිටල් එකෙන් එලියට අරන් යන්න කාලේ ඇවිත්"

"ඒ කියන්නේ ඔයා එයාව ටික දවසක් ආයේ රුසියා යවනවද" ෆ්‍රෙඩ් ඇහුවේ ඒක සාමාන්‍ය විදිය නිසා... ලෙඩෙක් හොද අතට හැරෙමින් ඉන්නකොට ආයේ වතාවක් පොඩි කාලෙකට පරණ පරිසරයට ලෙඩාව යවලා බලනවා එලියට පේන තරම් හොදින් ඇතුලෙනුත් ලෙඩා හොද අතට හැරිලද කියලා... වෙනසක් නොකරම පරණ පරිසරයට ලෙඩා මූණ දෙනවා නම් අනිවාරෙන්ම තත්වය හොද අතට හැරිලා කියලා ටේහ්‍යොන්ග්ලා නිගමනයකට එනවා...

"නෑ කීයටවත් නෑ තාම ජන්කුක් රුසියාවට යන්න තරම් හොද මට්ටමක නෑ එයාව මම හොස්පිටල් එකෙන් එලියට අරන් යනවා අයි මීන් එයාව ඇවිදින්න එක්කන් යනවා" ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඩේට් වලට යන විදිය මවාගෙන නොදැනම ඒ දේවල් කටින් පිට කරාම ෆ්‍රෙඩ්ට හුස්ම ගන්නත් අමතක වුනා... ටේහ්‍යොන්ග් හොදටම වැඩී... මේ දේවල් හොදටම වැඩී...

"ටේහ්‍යින්යොන්ග් මට කියන්න ඔයා මේ කරන්නේ විහිලුවක් කියලා, කවදා ඉදන්ද ඔයා පේශන්ට් කෙනෙක් ගැන මේ තරම් වද වෙන්නේ, අපි හැමදාම කරන විදියට පේශන්ට්ට ලගම නර්ස් එක්ක එයාව එයාගේ රටට යවමු දවස් දෙක තුනක් බලමු එයා ඒ පරිසරයට මූණ දෙන විදිය" ඔලුව අවුල්වෙලා වගේ දැනෙනකොට ෆ්‍රෙඩ් සිගරට් එකක් අරන් ජනේලේ ලගට ගියා... ජනේලෙන් පේන වතුර මල ලග ජන්කුක් බිම ඉදගෙන ඉන්නවා දැක්ක ෆ්‍රෙඩ් හැරිලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් හිටියේ යටිතොල ඇගිලි අතර තෙරපන ගමන් අමුතු හිනාවක් මූණේ රදවගෙන...

"ඔයා ජන්කුක් ගැන දන්නවට වඩා දේවල් මම දන්නවා ෆ්‍රෙඩ් ඒක නිසා මම මගේම විදියකට එයාව හොද කරන්නම්, එහෙනම් හෙට ඉදන් ඔයාට ලැබෙන නත්තල් නිවාඩුව ඔයාගේ වයිෆ් එක්ක සතුටෙන් ගත කරන්න" අත් ඔරලෝසුවෙන් වෙලාව බලපු ටේහ්‍යොන්ග් නැගිටලා රැක් එකේ එල්ලිලා තිබ්බ කබාය අතට අරන් එලියට යන්න ලෑස්ති වුනාම ෆ්‍රෙඩ් ආයේ කතා කරා...

"කොහොමද පැරිස් ගමන" ටේහ්‍යොන්ග්ගේ මම්ගෙන් මුලු විසතරේම දැනගෙන හිටියත් ෆ්‍රෙඩ් ඒක ටේහ්‍යොන්ග් ගෙන් ඇහුවේ ටේහ්‍යොන්ග්ගේ උත්තරේ බලාගන්න... තමන් හිතන උත්තරේ ලැබෙන්න එපා කියලා හිතන ගමන් ෆ්‍රෙඩ් එක එල්ලෙම ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා...

"මම ගිය බෝරින්ම පාටි එක ඒක" කට කොනකින් හිනාවෙලා කිව්ව ටේහ්‍යොන්ග් ෆ්‍රෙඩ්ට අත වනලා කාමරෙන් එලියට ගියා... බර හුස්මක් පහත දැම්ම ෆ්‍රෙඩ් කරන්න දෙයක් හිතාගන්න බැරුව බඩු ලෑස්ති කරගත්තේ නත්තල් නිවාඩුවට යන්න...


ජන්කුක් හවස් වරුව ගත කරන තැන දන්න නිසාම ටේහ්‍යොන්ග් කෙලින්ම වතුර ලගට ගියා... ඒ යනකොට ජන්කුක් ක්ලේ වලින් හදපු වින්ටර් බෙයා අතේ තියාගෙන ටේහ්‍යොන්ග් එනකන් බිම ඉදගෙන ඉන්න විදියට ටේහ්‍යොන්ග් ඈත එන ගමන්ම හිනාවුනා...

ජන්කුක් මේ දවස් වල කොණ්ඩේ බෙල්ල ලගට යනකන් වවලා පුංචි පෝනිටේල් එකක් බැදලා නලල දෙපැත්තෙන් වැටෙන්න කොණ්ඩේ ටිකක් දාලා තියෙන විදිය ජන්කුක්ට හොදටම ගැලපුනා... කලු කලිසමක් ඇදලා කලු ශර්ට් එකක් ඒකට යට කරලා ඇදලා කලු පාටම කබායක් දාලා ඉන්න ජන්කුක්ව ටේහ්‍යොන්ග්ට පෙනුනේ 'Lillion glish' කියන මේ දශකයේ ජනප්‍රියම නිළිය වගේ...  Lillion glish නිතරම භාවිතා කරේ කලුපාට ඇදුම්, සපත්තු වගේම අනිත් අය නොකරම අමුතුම කොණ්ඩ විලාසිතා... හරියට දැන් ජන්කුක්ගේ කොණ්ඩ මෝස්තරේ වගේම... මේ දශකයේ පිරිමි කෙනෙක් ජන්කුක් දැන් කොණ්ඩේ වවලා ඉන්න විදියට කවදාවත් කොණ්ඩේ වවන්නේ නෑ...

ජන්කුක්ටම ආවේණික වුන අමුතු සුදුපාට හමත්, කලු කොණ්ඩෙත්, තද කලු බෝල ඇසුත්, හීනී ඉනත් එක්ක ජන්කුක්ව ලස්සනට පෙනුනා... හැමදේම ජන්කුක්ටම ආවේණික වුන දේවල්... හොස්පිටල් එකට එනකොට ජන්කුක්ගේ ඇස් ඇතුලට බැහැලා ඇස් වටේම තද දුඹුරු පාටට තිබ්බත් අද වෙනකොට ජන්කුක් සම්පූර්ණ වෙනස් පෙනුමක් ගත්තා... වෙලාවට ටේහ්‍යොන්ග් එක්ක ගන්න ආහාර වේල් නිසාත් රෑට ටේහ්‍යොන්ග් එක්ක කතා කරලා හිතේ සතුටින් නින්දට යන නිසාත් ජන්කුක් සුවය ලබමින් හිටියා... සම්පූර්ණ සුව වුනේ නැතත් යම්තාක් දුරට හොද මට්ටමක මේ වෙනකොට ජන්කුක් හිටියා...

"ජන්කුක්" කබාය ඇතුලට අත්දෙක දාගෙනම ජන්කුක්ගේ එහා පැත්තෙන් වාඩිවුන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණට එබුනා...

"ඔහ්හ්හ් ඔයා ඇවිත් ඩොක්ටර්" ජන්කුක් ලස්සනට හිනාවුනා...

"හෙට ඉදන් මම නිවාඩු නත්තල නිසා" ටේහ්‍යොන්ග් හිනාවෙලා කිව්වේ ජන්කුක්ගේ දැන් හැසිරීම හොදින් දන්න නිසාම වගේම ඒ හැසිරීම බලන්න ආසවුන නිසා... හිතුවා වගේම ජන්කුක්ගේ හිනාව අතුරුදහන් වෙලා බෝල ඇස් තවත් ලොකු වුනාම ටේහ්‍යොන්ග් කබා සාක්කුව ඇතුලෙන් අත අරගෙන ජන්කුක්ගේ අතක් අල්ලගත්තා...

"හෙට ඉදන් මම නත්තල් නිවාඩුව ගන්නවා ජන්කුක් එනවද මාත් එක්ක යන්න" ජන්කුක්ගේ සිනිදු අල්ල හිමින් පිරිමදින ගමන් ඇහුවම ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා... ටේහ්‍යොන්ග් එකපාරටම ජන්කුක්ව පපුවට තද කරගත්තා... හිතුවේ නැති මොහොතක ඒක වුනත් මේ වෙලාවේ ජන්කුක්ට ඕන වෙලා තිබුනා ටේහ්‍යොන්ග්ගේ සීතල පපුවේ උණුසුම විදගන්න... අත්දෙක ටේහ්‍යොන්ග්ගේ පපුවට තද කරගෙන ජන්කුක් ටේහ්‍යොන්ග්ට තවත් තුරුලු වුනා...

"ඉතින් ජන්කුක් එනවද මාත් එක්ක නත්තල සමරන්න" ටේහ්‍යොන්ග් කතා කරනකොට ටේහ්‍යොන්ග්ගේ පපුව උඩට පහලට යන එකට මොන හේතුවක් නිසාද කියලා දන්නේ නැති වුනාට ජන්කුක් ආසවුනා..

ජන්කුක් ආස කරේ ටේහ්‍යොන්ග්ගේ අමුතු දේවල් වලට... ටේහ්‍යොන්ග්ගේ සීතල පපුව ඇතුලෙන් දැනෙන රස්නෙට, ටේහ්‍යොන්ග්ගේ තොල් අතර smoking pipe එක තියෙන විදියට, ටේහ්‍යොන්ග් හුස්ම ගන්නකොට ඒ පපුව උඩට පහලට යන විදියට, ටේහ්‍යොන්ග්ගේ පළල් උරහිස් වල සීත කබාය රැදවිලා තියෙනකොට ඒ උරහිස් තවත් පළල්ව පේන විදියට, ටේහ්‍යොන්ග් ඇවිදිනකොට පේන ගාම්භීර බවට, ටේහ්‍යොන්ග් ගොඩක් වෙලාවට කරන යටිතොල ඇගිලි අතර තෙරපන එක වගේ දේවල් වලට ජන්කුක් ආසකරා...

විශේෂයෙන්ම ටේහ්‍යොන්ග් smoking pipe එකෙන් දුම ඇදලා ගන්නකොට ජන්කුක්ට කියාගන්න නොතේරෙන අමුතු හැගීම් දැනෙන්න ගත්තා... ටේහ්‍යොන්ග්ගේ තොල් අතර රැදවෙන හැමදේම වෙනුවට තමන්ගේ තොල් ජන්කුක් මවාගත්තා....

ටේහ්‍යොන්ග් අහපු ප්‍රශ්නෙට උත්තර විදියට ඔලුව වනපු ජන්කුක් තවත් ටේහ්‍යොන්ග්ගේ පපුවට තුරුලු වෙලා ඇස් පියාගත්තා...


<>

Gurdian Angel;

ඔයා හොදින්ද??

මම ගොඩක් හොදින්.. එයා මට නත්තල සමරන්න ආරාධනා කරා.. මම කොච්චර සතුටින් ඉන්නවද කියලා ඔයාට හිතාගන්නත් බෑ මම තරම් සතුටින්.. අවසානෙදී කාලෙකට පස්සේ මට 'සතුට' කියන වචනේ මේකේ ලියන්න පුලුවන් වුනා එයා නිසා..

ඔයා දන්නවද මට දැනෙනවා එයා මට ආදරෙයි කියලා.. එහෙම නැත්තන් එයා ඒකට උත්සහා කරනවා වෙන්නත් පුලුවන්.. කොහොම වුනත් මට එයා ලගදී අමුතු දේවල් දැනෙන්න අරගෙන.. එයා මට අමුතු දේවල් දැනෙන්න දෙනවා මම හිතන්නේ.. මම හිතන්නේ මම එයාට ආදරේ කරන්න පටන් අරගෙන.. ඩෑඩ් කිව්වේ බොරු ආදරේ කියන්නේ බොරුවක් නෙමෙයි.. ඒක පිවිතුරු දෙයක්.. දෙන්නෙක් අතර ඇතිවෙන පිවිතුරු ආදරයක් බොරු වෙන්න බෑ නේද ඒන්ජල්.. මම එයාව විස්වාස කරන්නද?? මට දැනෙන දේවල් විස්වාස කරන්නද??

~HAPPY~

___________________________

හායි

ඊලගට බිග්හිට් එකෙන් දෙන ආතල් එකට ආ යූ රෙඩි 😂

මේ කතාවේ ඉස්සරහට යනකොට දේවල් ටිකක් වෙනස් වෙයි හරිද මම දැන්ම කියන්නේ නෑ බලන්නකෝ. සෑඩ් කියලා හිතන්න එපා ඉතින් එහෙම නෑ 😂 මාව විස්වාස කරන්න 😎

Love you all 😘

Bella 🥀

Continue Reading

You'll Also Like

29.5K 6.2K 36
One day when all this is gone... One day you will get all this... someday...., | 🇸 🇴 🇲 🇪 🇩 🇦 🇾 | ...
307K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
853K 39.7K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
53.6K 12K 43
දෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023