𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

Od KIM_SANG_MEE

5K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... Více

01
02
03
04
05
06
07
08
10
11
12
13
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

09

248 67 65
Od KIM_SANG_MEE

"මොකද චිමී ඔහොම හිනාවෙන්නෙ?මෙතන ඔයාගෙ යාලුවා ලොකු ප්‍රශ්නෙක" ඒ යුන්ගි.

"හම්මෝ මට බෑ! මාර කෙනාට ලෙෆ්ටිනන්ට් කම හම්බ වෙලා තියෙන්නෙ.පිරිමි ඇසුර තහනම්ලු.මියා ඔයාට හොද වැඩේ,හැම එකාටම මුකුලු කරන්න යනවට.හරි මම ආයේ හිනාවෙන්නෙ නෑ." චිමී අත් දෙකෙන්ම කට වහගත්‍තා.

"චිමී මම ඔයාව පස්සෙ අල්ලගන්නම්." මම කිව්වෙ චිමීට රවන ගමන්. "එතකොට මට ආදරේ කරන්න බැරිද ඔප්පා? මම මේක හිතලා ඉල්ලපු දෙයක් නෙවේනේ."

"අපි බලමුකො මියා,ඔයා මුලින්ම වගකීම ඉශ්ට කරලා ඉන්නකො.ඊට පස්සෙ බලමු මොකක්ද කරන්න ඕනේ කියලා.ඔය දෙන්නා අතර තියෙන්නෙ ආදරයක් නොවෙන්න වෙන්න පුලුවන්.මට වඩා දෙයක් ජන්කුක් දන්නවා." ජුනි ඔප්පා පැහැදිලි කරා.මම අලුතෙන් දැකපු හීනේ ගැන හැමෝටම පැහැදිලි කරා.

"ඒ කියන්නෙ ජන්කුක් සහකම්පන සම්බන්දයක් හදාගෙන.ඒක කරන්න සාමාන්‍යයෙන් ලේසි නෑ.ඒකට බැදීම ශක්තිමත් වෙන්න ඕනි.ඔය කියන විදිහටනම් එයාලා ඉන්නෙ පාතාලේ.හෙඩ්ස්ගෙ බල ප්‍රදේශයෙන් විරුද්ද පැත්තේ." යුන්ගි ඔප්පා පැහැදිලි කලා.එයා  පාරටම සුදුමැලි වෙන්න පටන් ගත්තා.එයාගෙ ඇස් කොල පාටින් දිලිසෙද්දි කාමරේ පුරාම කොලපාට මීදුම පැතිරුනා.මම ලගම හිටපු කෙනාගෙ අතින් අල්ල ගත්තෙ බයටමයි.යුන්ගි ඔප්පා කතා කරන්න පටන් ගත්තා.ඒත් ඒ වොයිස් එක එයාගේ නෙමෙයි.

"ෆීබස් ඇපලෝගේ අනාගත වකතෘ මමයි.ඩෙල්ගිහි ආත්මයද මමයි.අති විශැති පොලගාගේ මාරයාද මමයි.ආර්ටෙමිස්ගේ දියනිය,මම ඔබට ගවේශනයක් නියම කරනවා.හොදින් අහගන්න." යුන්ගි ඔප්පා හැරුනේ මගෙ දිහාවට.

"යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය

අදුරට පල්ලම් බසිද්දී,

අවසන් පිළ සෑදෙනු ඇත.

ජලය නිසා අග්නිය විනාශ වුවත්,ආදරයේ දියණිය

අග්නිය සුවපත් කරනු ඇත

සියල්ල ලෙයින් තීන්දු වන විට ආර්ටෙමිස්ගේ දියණිය

සමූද්‍රයට බාරවනු ඇත."

****

"මියා පියවි සිහියට එන්න,ආව් මගෙ අත." මම හිටියෙ ගල් ගැහිලා වගේ.යුන්ගි ඔප්පා හොදටම කහිනවා.

"මට දැනුයි තේරෙන්නෙ යුන්ගි ඔප්පට ලමයි මෙච්චර බය ඇයි කියලා.සතියක් විතර යනකන් ලයිට් දාගෙන නිදියමු චිමී. "

"මගෙ අත අතාරින්න මියා." ටේහ්‍යුන්ග් කෑහගනවා.

"ඔහ්හ් සොරී" බය වුන පාර මම අල්ලගෙන තියෙන්නෙ මෙයාගෙ අත නේද? අප්පට සිරි ලේත් එනවා.

"ඔයාගෙ නියපොතු කපාගන්න මියා මම හිතුවේ ඔයා මගෙ හම ගලවයි කියලා."

"මම හිතලා කලේ නෑ.සොරි"

"හරි ඒකෙන් කමක් නෑ.මගෙ අත දුන්නනම් බෙහෙත් ටිකක් දාගන්න තිබ්බා." එතකොටයි මට දැනුනේ මම තාමත් අත අල්ලගෙන ඉන්නෙ කියලා.මම පටස් ගාලා අත අතෑරියා.ටේ අත ජින් ඔප්පට පෙන්නද්දි කතා කලේ යුන්ගි.

"වැඩිය හිතන්න එපා මියා.ඔරෑකල්ව මුල් වතාවට දකිද්දි හැමෝම බය වෙනවා.ඒක සාදාරණයි.මම දැන් මොනවද කිව්වෙ?" ජුනි ඔප්පා අනාවැකිය ගැන කියාගෙන යද්දි කෙනෙක්කාමරේ ප්‍රාදූර්භූත වුනා.හැමෝම නැගිටලා ආචාර කරා.මම ඇරෙන්න.

"ඇපලෝ උතුමාණෙනි! "

"ආහ් සූබිනා මොකෝ මේ පැත්තෙ?" චිමීගේ කතාව ඇත්ත මගෙ කට සබන් දාලා හෝදන්න ඕනි.

"උතුමාණෙනි,මොකක් හරි ප්‍රශ්නයක්ද?ඔබතුමාගෙ මූනේ කලබල ගතියක් පේනවා." ජුනී ඔප්පා ප්‍රශ්න කළා.මොකට මෙයාට මෙච්චර ගරු කරනවද මන්දා.මට තාමත් පිලිගන්න බෑ කෙල්ලට බයේ මගෙ පිටිපස්සෙ හැංගුන එකාමද කියලා.අකුණක් පිපිරුවා නේද?

"ඔයාලා හැමෝම ඉන්න එක හොදයි.ආර්ටෙමිස්ගෙන් කිසිම තොරතුරක් නෑ.දෙවිවරු අරහෙ රණ්ඩු වෙනවා.උත්තරායනයනට තව දවස් දහතුනයි.මට හිතෙන්නෙ ආර්ටෙමිස්ව පැහැරගෙන." දැඩි නිශ්ශබ්දතාවයක්.

"ආර්ටෙමිස් විතරක් නෙමේ මගෙ ජන්කුක්වත් පැහැරගෙන." මගෙ? ඒ කෑල්ල ආවේ කොහෙන්ද

"ආව්!" ඒපාර කෑ ගැහුවෙ බේබි කිම්.මෙච්චර වෙලා සර්ජිකල් දාපු පුලුන් කෑල්ලක් කතුරෙන් අල්ලගෙන තුවාල පිහිද පිහද හිටියෙ.කතුර ඇනගත්තද කොහෙද.ජින් ඔප්පා කතුර දෙද්දිම ඕක වෙයි කියලා මම හිතුවා.

"මෙහෙ දෙනවා පොඩි එකා." කතුර ඇදලා ගත්තු මම බලෙන්ම බෙහෙත් දැම්මා.පරණ රැවිල්ලෙන් මට සංග්‍රහ කලත් මම නෙවේ ඒවා ගනන් ගත්තේ.

"ඒ අස්සෙ එයත් නැද්ද?" සූබින් නෑ නෑ ඇපලෝ එයා බිමින් ඉදගත්තේ සසර කලකිරිලා වගේ."මම දැන් මොනවද කරන්නෙ?එහෙන් චූටි නංගි නෑ.මෙහෙන් ජන්කුක් නෑ.අරහෙ දේව මණ්ඩලේ මරා ගන්නවා.මට පිස්සු වගේ."

"මේ සූබිනෝ,මට හිතන කෙනානම් ආර්ටෙමිස් කියන්නෙ දැන් ජන්කුක් ඉන්නෝනේ අර්ටෙමිස් එක්ක." මම කිව්වා.මම කතා කරපු විදිහ ඇහිලා චිමීගෙ කතක් බාගෙට ඇරුණා. 

"ගනන් ගන්න එපා.මම සියුස් වුනත් මෙයාට නෙවේ වැදගත් විදිහට කතා කරන්න හිතන්නෙ." සූබින් කිව්වෙ කටවල් ඇරගෙන හිටපු හොබීටයි ජීමින්ටයි. 

"මොනවද දැන් ඔයා දැක්කෙ?" මම මුලු හීනේම විස්තර කරා.ඊට පස්සෙ එයා සාක්කුවෙන් ඇදලා ගත්තේ,i-phone එකක්.යකෝ මෙයාලා නව තාක්ශනේ එක්කද වැඩ.ඊට පස්සෙ එයා මට පෙන්නුවෙ photo එකක්."මෙයාද කියලා බලන්න."

ඒ ෆොටෝ එකේ හිටියෙ මම හීනෙන් දකින කෙනා තමයි.ඒත් කඩමාලු ඇදගෙන නෙවෙයි.මේ ෆොටෝ එකේ එයා කියන්න බැරි තරම් ලස්සනයි.සද කිරණ වගේ දිලිසෙනවා. "ඔව් මෙයා තමයි." මම කිය්ද්දි ඇපලෝගේ මූනේ හිනාවක් ගියා. "ඇති යන්තම් දෙන්නව එකපාර බේරගන්න පුලුවන්.

"උතුමාණෙනි ඔරෑකල් අපිට ගවේශනයක් නියම කරා." ජුනී ඔප්පා සූබින්ට ඔක්කොම පැහැදිලි කරා.

"ඔහ් එහෙනම් ඒකත් හරි.මම ආවෙත් ගවේශනයක් නියම කරන්න තමයි.ඔයාලා හෙට උදේම පිටත් වෙන්න ඕනේ.අවශ්‍ය දේවල් ගබඩාවෙන් ගන්න." ඇතින් අකුනක් කෙටුවා. "මාව කැදවනවා.මෙලහට අරහෙ මරාගන්නවා ඇති.ප්‍රශ්න තියෙනවනම් අහන්න ඉක්මනට.මියා,ඔයාගෙ කොන්ඩෙ ගැන කියලා මට බනින්න එපා ආයේ.දැන් කලින්ටත් වඩා දිගට තියෙන්නෙ." ඇපලෝ කිව්වෙ මට ඇහැකුත් ගහන ගමන්.

"මම ඔයාව පස්සෙ අල්ලගන්නම්කෝ.මට මේක කියන්න.ජන්කුක්ගෙයි මගෙයි සම්බන්දෙ මොකක්ද කියන්න."

"ඔයා ජන්කුක්ට ගොඩක් ආදරෙ කරනවා කියන්න මම දන්නවා.ඉක්මනටම එයාව හොයාගන්න.මේ ගවේශනයේ සාර්තකත්වය තියෙන්නෙ ඔයාගෙ අතේ." කියපු ඇපලෝ අතුරුදහන් වුනේ මාව හොදටම පටලලාගැහුවා. මම හයියෙන්න් බිත්තියට ගැහුවා. ටේහ්‍යුන්ග් මාව නැවැත්තුවා.ඇස් දෙකට කදුලු පිරෙනවා දැනෙද්දි ටේව තල්ලු කරපු මම බිම ඉදගෙන දනිස් දෙක අස්සෙ මුන හංගගෙන අඩන්න පටන් ගත්තා.මට දැනුනා කවුරුහරි මාව බදාගන්නවා කියලා.මම එයාට ඉඩ දුන්නෙ මට මේ වෙලාවෙ කාගෙම හරි ආරක්ශාවක් ඕනි කියන එක දැනුන නිසා.

"මම් දැන් මොකද කරන්නෙ?මම කිසි දෙයක් දන්නෙත් නෑ.මට කවුරුත් ඇත්තෙත් නෑ.මුලු ලෝකෙම අනාගතේ මගේ පිට පැවරිලා." මම ඔලුව උස්සන්නෙ නැතුව කිව්වා.මාව වැලද ගත්තා කෙනා කතා කරා.ඒ ජුනී ඔප්පා.

"අඩන්න එපා මගෙ මැණික.ඔයා මගෙ චූටි නංගි වගේ.ඔයා තනිවෙලා කියලා හිතන්න එපා.ඔනි දේකට අපි ඔයත් එක්කම ඉන්නවා.අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි.මම,ජින් හියුන්ග්,යුන්ගි හියුන්ග්,ඔයාගෙ මේ අග්‍රස්‍රාවක දෙන්නා හොබී ජීමින් වගේම මේ යක් පැටියත්." ඒක නම් මට ශුවර් නෑ."කදුලු පිහදගෙන ඔලුව උස්සන්න දැන්." මම මේක කියන්න ඕනී.මෙයාලා මට සලකන්නෙ තමන්ගෙ අයට වගේ.අර යක් පැටියා ඇරෙන්න.ජුනී ඔප්පගෙ වචන වචන විතරක්ම නෙමේ කියලා මම දන්නවා.මේ සතියට මෙයාලා මාව හොදට බලාගත්තා.ගිනි පැටියා මගේ ජීවීතේ බේරුවනේ.මම මේ හැමෝටම ගොඩක් ආදරේ කලා.මම කදුලු පිහදගෙන ඔලුව ඉස්සුවෙ ඒ නිසාමයි.

"ඔන්න ඔහොම ඉන්න මියා.හිනාවෙලා කටහරි බැනගෙන" ඒ චිමී.

"හරි එහෙනම් හැමොම ගිහින් නිදාගන්න පාන්දර දෙකත් පහුවෙලා.තියෙන ප්‍රශ්න හෙට විසදගමු." ජුනී ඔප්පා නැගිටන ගමන් කිව්වා.මාත් නැගිට්ටා.චිමී ඇවිල්ලා මගෙ කරට අත දාගත්තා.

"මේ චිමී පිරිමි ඇසුර තහනම් හරිද"

"නම්ජුන් හියුන්ග්ට ඔයාව බදාගෙන ඔලුව අතගාන්න හොදයි." චිමී කටත් ඇද කර කරම කිව්වා.

"ඒ ඉතින් මගෙ ඔප්පනේ."

"එහෙමද මම ඔයාගෙ යාලුවා.මට ඔයාව ඉබින්න වුනත් පුලුවන්." චිමී මගෙ කම්මුල කිස් කරා.එය හුදෙක් සහෝදර ප්‍රේමය පමනයි.

"චී! බලු කෙල." මම කිව්වෙ කම්මුල පිහදාන ගමන්.

"ලව් කරා ඇති ඔය දෙන්නා.දුවන්නයි කිව්වෙ හැමෝටම කැබින් එකට.උදේම නැගිට්ටෙ නැත්තම් මම පස්සවල් වලට ගිනි අගුරු තියනවා." ඒ ජින් ඔප්පා.

"මම දෙන්නම් ෆුල් සප් එක." කොහෙවත් හිටපු ටේහ්‍යුන්ග් කිව්වෙ යක්ශ හිනාවක් දාන ගමන්.ඇත්තමයි මුට මොන යකා වැහෙනවද කියලා මට තාම හිතා ගන්න නෑ.

"මේ ඔයාටත් එක්ක කිව්වෙ.යුන්ගි ඇදේ ඔහොම්මම නිදියපුදෙන්.ඇහැරෙව්වොත් මෙතන ඩෙගා නටයි." යුන්ගි ඔප්පට දැනටමත් නින්ද ගිහින්. "ගුඩ් නයිට් හැමෝටම" කියපු ජින් ඔප්පා අපි හැමෝවම එලියට දාලා දොර වැහුවා.

_________________________________________________________________

#Sang mee (❤'艸`❤)

Pokračovat ve čtení

Mohlo by se ti líbit

8.7K 2.6K 14
"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"
3M 192K 103
ဘုန်းပြည့်ချမ်းဟန်ဆိုတာ ချမ်း, တစ်ယောက် တည်းရဲ့အမည်နာမပဲဖြစ်စေရမယ်...။ 1.10.2021 >> 6.2.2022
215K 29.7K 56
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4...
5.3K 1.2K 11
සැබැවින්ම ධවල හීයක් බදු සුරූපී,හැඩකාර දරුණු කෙල්ලක්, ලේ බැඳීමකින් නොබැදුනත් ප්‍රාණ සම සහෝදරයින් සත් දෙනෙක්. මුලු ලොවෙන්ම සැගව සිටින අතිදක්ෂ අපරාධ...