Still With You ( Fan Fiction Only )
_Chapter 14_
____________________________________
이 안개가 걷힐 때쯤
젖은 발로 달려갈 게
I angaega geotil ttaejjeum
Jeojeun ballo dallyeogal ge
By the time this mist clears
I'll be running with my feet wet
මීදුම පහව ගිය විට තෙමුණු පාද තබමින්
____________________________________
ඩෝල් සී ( Doll C/Sea )
සී බෝනික්කා එහෙම නැත්නම් මුහුදු බෝනික්කා.. ඩෝල් සී කියන මේ යෙදුමෙ තේරුම කවුරුත් හරියටම දැනන් හිටපු දෙයක් නෙවෙයි. තේරුමක් නැතිව පවා මේ නම කිව්වම බයෙන් සලිත වෙලා වෙව්ලලා යන පිරිසක් මුලු ලෝකෙම හිටියා. ඇත්තෙන්ම ඇය වෙලාවකට මුහුද වගේ සැරයි.. වෙලාවකට බෝනික්කෙක් වගේ පියකරුයි, වෙලාවකට ඇනබෙලා වගේ භයංකාරයි. තවත් වෙලාවකට සී අකුර වගේ වටකුරුයි.
ඩෝල් සීව දැනන් හිටියෙ මුලු ලෝකෙම සුවහසක් ක්‍රීඩා ලෝලීන්. විශේශයෙන්ම අත්පන්දු. දකුනු කොරියානු කාන්තා අත්පන්දු ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාව. ඒ වගේම ඒ එයාලගෙ අනන්‍යතාවය. ඩෝල් සී එක්ක වර්ල්ඩ් කප් එකක්.. ප්‍රතිවාදී කන්ඩායම දක්ශ කමට වඩා බය නිසාම පැරදෙන අවස්ථා බහුලයි. කතා කරන්න ඕනි නෑ. අනිවාරෙන් ඩෝල් සී ඉන්න ටීම් එකක් නම් ඒ කන්ඩායමට ඇරෙන්න වෙන කිසිම කන්ඩායමකට ජය ගන්න බෑ.
ඒත් එකම එක විශේශයක් තිබ්බා. කවුරුත්ම ඩෝල් සීගෙ මූන දැකලා තිබුනෙ නෑ. ඇයගෙ ලගම රසිකයන් පවා ඒ මූන කොයි වගේද කියන එක දැනන් හිටියෙ නෑ. ඒකට විශේශ හේතුවක් තිබුනා. හැමදාම තරගයක් පැවැත්වෙන වෙලාවකට ඩෝල් සී ග්‍රවුන්ඩ් එකට එන්නෙ ඒ වගේම තමන් ඩෝල් සී කියන ප්‍රතිරූපෙන් ජනතාව ඉස්සරහ පෙනී සිටින්නෙ තමන්ගෙ මුහුන වෙන කාටවත්ම අදුර ගන්න බැරිවෙන විදිහට ආවරනය කරගෙන. අන්න ඒ නිසා ක්‍රීඩා ප්‍රවෘත්ති වල මාධ්‍යවේදීන්ට පවා පුලුවන් කමක් තිබුනෙ නෑ ඩෝල් සීගෙ අනන්‍යතාවය හදුන ගන්න. ඇය එච්චරටම තමන්ගෙ පවුද්ගලිකත්වය සැලකිලිමත් වුන කෙනෙක්.
ඒත් ඒ දකුනු කොරියානු කාන්තා අත් පන්දු ඉතිහාසයේ යක්ශයා, "ඩෝල් සී"..
මීට සති කිහිපයකට කලින් ඉදන් ආගිය අතක් තිබුනෙ නෑ. ආගිය අතක් තිබුනෙ නෑ නෙවෙයි. ඇය පැහැදිලිවම ලියුමක් භාවිත කරලා තමන්ගෙ ඉල්ලා අස්වීම ක්‍රීඩා කවුන්සිලයට භාර දීලා තිබුනා. ඒකට කිසිම පැහැදිලි හේතුවක් ඇය සදහන් කරලා තිබුනෙ නෑ. ඉල්ලා අස්වීම තමන්ගෙ නිල පුහුනු කාමරේ මේසයක් මතින් තියලා තිබුන ඇය තමන්ගෙ ඇදුම් පැලදුම් කිහිපය විතරක් අරගෙන තමන්ගෙ නිල පුහුනු කාමරය අත් ඇරලා දාලා ගීහින් තිබුනා. ඇය මූලික වෙලා දිනලා තිබුන හැම ත්‍යාගයක්ම, හැම කුසලානයක්ම, හැම පදක්කමක්ම, මිලියන ගනන් වටින චෙක්පත් පවා ඇය අරන් ගිහින් තිබුනෙ නෑ.
දකුනු කොරියානු අත්පන්දු කණ්ඩායමේ හැම සාමාජිකාවක්ම දුකින් වැලපෙද්දි ඩෝල් සී කියන්නෙ තවමත් නොවිසදුනු අබිරහසක් විදිහට රන් අකුරින් ක්‍රීඩා ඉතිහාසයේ ලියවුනේ සති ගානක් ගිහිල්ලත් ඇය නැවතත් ආපු නැති නිසා. ඒ වගේම දකුනු කොරියානු කාන්තා අත්පන්දු ඉතිහාසයේ අදුරු පරිච්චේදයක් පටන් අරගෙන තිබුනා. සෙල්ලම් කරන හැම තරගයක්ම පරාද වෙද්දි දකුනු කොරියානු කන්ඩායම ප්‍රතිවාදී පිලට එනවට අනිත් හැම කන්ඩායමක්ම ආස කරන්න පටන් ගත්තෙ අනිවාරෙන් තමන්ට දිනන්න ලැබෙනවා කියලා තේරුම් ගත්තු නිසා.
දකුනු කොරියානු අත් පන්දු ඉතිහාසයේ යක්ශයා "ඩෝල් සී"
එහෙනම් කවුද මේ "ඩෝල් සී" කියන්නෙ..?
JM ( ජේ.එම්. )
දකුනු කොරියානු පිරිමි අත්පන්දු කන්ඩායමේ ප්‍රධාන පුහුනුකරු. ක්‍රීඩාවෙදි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යක්ශයෙක්. ඒ වගේම වර්තමාන ගෝලීය ක්‍රීඩා ශ්‍රේනිගත කිරීම් වලට අනුව හොදම අත්පන්දු පුහුනු කරුවන් දහ දෙනා අතරින් කෙනෙක්.
ඔහුගෙ තිබුන විශේශ ලක්ශන විස්තර කරන්න ඇත්තෙන්ම වචන කිහිපයක් නෙවෙයි, පරිච්චේද කිහිපයක්වත් ප්‍රමානවත් වෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි. ඒ වුනත් මේ විශේශත්වය එයාගෙ ආවෙනිකකමට තවත් ආවේනික කමක් එකතු වෙලා නොතිබුනා කිව්වොත් මන් වැරදිකාරයෙක්.
ඩෝල් සී කියන්නෙ කවුද කියලා දැනන් හිටපු එකම කෙනා කවුද කියලා ඇහුවොත්.. ඒක ප්‍රසිද්ධ රහසක්. ජේ.එම්. විතරයි ඇත්තටම ඩෝල් සී කියන්නෙ කවුද කියලා දැකලා වගේම දැනගෙන හිටියෙ..
~~~~~~~~~~
කවුරුත්ම එක වචනයක්වත් කිව්වෙ නෑ බිම බලන් හිටියා ඇරෙන්න. ජොන් ජන්කුක් පත්වෙලා තිබුනෙ ලොකු අපහසුතාවයකට. තමන්ගෙ බිරිද ඉදිරියේ නැති වුනත් ජීවිතේ ප්‍රථම වතාවට තමන් කිසිම දෙයක් හන්ගලා නැති හොදම යාලුවා ඉස්සරහ පවා ජන්කුක්ට සෑහෙන්න ලොකු අපහසුතාවයක් දැනෙන්න පටන් ගත්තා.
" සේහි.." "කුක්.." "ජිමි.."
විනාඩි පහලවකටත් වඩා දිග නිහඩතාවය බිදලා දාන්න ඕනි කියලා තුන්දෙනාටම හිතිලා තියන්නෙ එකම වෙලාවෙ. ජන්කුක් සේහිටත් සේහි ජිමින්ටත් ජිමින් ජන්කුක්ටත් කතා කලේ එකම වෙලාවෙ. ඒ හඩින් තිගැස්සුනු නිසා තුන්දෙනාම ආපහු බිම බලා ගත්තා.
ජොන් මන්දිරයේ විසිත්ත කාමරේ තිබුන කෘත්‍රිම මල් විසිත්ත කාමරයට ගෙනාවෙ ඇත්තෙන්ම ගොඩක් අපහසු බවක්. ඒ වගේම හැමතැනම දැල්වෙන මහ විශාල විදුලි ලාම්පු.. තුන් දෙනාගෙම ඇස් වලට බාධාවක් වෙලා තිබුනා.
" හරි.. අහන්න.."
තවත් විනාඩි ගානකින් පස්සෙ ජිමින් ඒ නිහඩතාවය බිද දැම්මා.
" ඔයාගෙ දරුවා කෝ සේහි..?"
ජිමින් ඇහුවෙ සේහිගෙන් අමාරුම ප්‍රශ්නයක්. දේයන් කියන්නෙ ජිමින්ගෙ හොදම යාලුවා. ඔහු වගේම ජිමින් කියන්නෙත් ක්‍රීඩා පුහුනුකරුවෙක්.
සේහිට ඉබේම ජන්කුක් දිහා බැලුනා. ජන්කුක්ගෙ ඇස් වල තිබුනෙ වරදකාරී හැගීමක්. සේහි ජිමින්ට පිලිතුරක් දෙනවා වෙනුවට කලේ හුස්මක් හෙලපු එක.
" හැමදේම ඉවරයි ජිමින්ශී.. ඩෝල් සී වගේම සේහි කියන්නෙත් දැන් සම්පූර්නයෙන්ම මැරුනු චරිත.."
සේහිගෙ ඒ පිලිතුරත් එක්ක ජන්කුක්ගෙ හිතට අකුනු පහරවල් සෑහෙන්න වැදුනා. පපුව මැදින් තමන්ට දැනෙන වේදනාව ටිකක් හරි සමනයට පත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් තමන්ගෙ එක අතක් පපුව උඩින් තියා ගත්තත් ඒ උත්සාහය සාර්ථක වුනේ නෑ.
[ Violence ⚠️️ ]
ඔහුට මතක් වුනා තමන්ගෙ හදිස්සිය නිසා ඇක්සිඩන්ට් එකේදි ඉපදිලාවත් නැති ලේකැටියක් විනාශ වෙලා ගිය විදිහ.. ඩෑඩ් කෙනෙක් නැති දරුවෙක් දරා ගත්තා කියලා හුස්ම ගන්නවත් බැරුව අමාරුවෙන් හිටපු සේහිට තමන් අපහස කරපු විදිහ. ඒත් එක්කම සේහිව පාවිච්චි කරන්න ගිහින් ඒක වැලකුනු විදිහ. අන්තිමට බලෙන් විවාහයකට කොටු කරපු විදිහ.. ඊටපස්සෙත් ඇයට තමන්ගෙ ජීවිතේ ඉඩක් හදලා නොදුන්න විදිහ.. ඒ වගේම තමන්ගෙන් සේහිට ලැබුන බැණුම්.. ඊටත් වඩා පහර දුන්න විදිහ. ඒ දේවල් අතරත් සැක කරපු විදිහ..
තමන්ට ඒ දේවල් මතක් වුනේ වචනෙකින් විතරක් වුනත් ඒ දේවල් වුන විදිහ.. ඒ දේවල් වලින් දැණුනු වේදනාව.. ඇය ජීවිතේ නැති කර ගන්න යද්දිත් තමන් එයාට සලකපු විදිහ..
කොච්චර හිතුවත් අතීතයක වුන දේවල් ආපහු වර්තමානයක් හෝ අනාගතයක් කරන්න කාටවත් බෑ.
" අහන්න ඩෝල්.. ඔයා වර්ල්ඩ් කප් එකට එන්න ඕනි.."
" බැහැ.. මතකයන් ලග ආපහු මතකයක් වෙන්න මට ඕනි කමක් නැහැ පාක් ජිමින්.." කදුලු අතර වුනත් සේහි තවමත් වචන වලින් ශක්තිමත්.
" දේයන් ආසම වුනේ ඔයා දෙවෙනි පාරටත් වර්ල්ඩ් කප් එක ගන්නවා බලන්න.."
" ඒ සේරම අතීතයක් විතරයි ජිමින්ශී.. එයාගෙ හීන හැමදේම වගේ එයා අරන්මයි ගියේ.."
" මුලින්ම මට ඔය විදිහට කතා කරන එක නවත්තන්න ඩෝල්.. ජිමින්.. මන් ජිමින්.."
" අහන්න ජිමින්ශී.. මුලින්ම දේයන් ගියා.. ඊලගට එයා මට දීලා තිබුන එයාගෙ ලේ උරුමයත් එයා ලගට ගත්තා. තවමත් මේ කාලකන්නි ලෝකෙ ඉතුරු වෙලා ඉන්නෙ මන් විතරයි.."
" ඩෝල් ඔයාට මැරෙන්න බැහැ.."
" මන් දන්නවා ජිමින්ශී.. මට මැරෙන්න ඕනිකමක් නෑ. ඒත් දැන් මගේ තියන එකම ආශාව මැරිලා වගේ ජීවත් වෙන එක. මගේ ජීවිතේ ඉවර වෙනකල්ම මන් මේ විදිහට ජීවත් වෙනවා ජිමින්ශී.. ලක්ශ ගනන් බලන් ඉන්න ග්‍රවුන්ඩ් වල ප්ලේ කරලා.. හුස්ම ගන්නවත් බැරුව කැමරා වලට අහුවුන ජීවිතේ මට ඕනි නැහැ ආයෙමත්.."
" ඒ වුනත් ඔයා තාම ඒකට ආසයි.."
" ඔව්.. ඒත් මේ විදිහට ජීවත් වෙන්න මන් ඊටත් වඩා ආසයි.."
අවසානයක් නැති වුනතේ කතාවට තිත තියපු සේහි තමන්ගෙ සැමියා දිහා හැරිලවත් බලන්න මහන්සි නොවී ජොන් මන්දිරයේ තුන් වෙනි මහලට නැග්ගා.
' අතීතය වර්තමානයක් කරන්න බෑ.. ඒකට අතීතයක්ම වෙන්න දීලා අනාගතයක් අලුතෙන් ගොඩනගන්න..' දේයන් සහ තමන්ගෙ නැති වුන දරුවා ගැන හිතලා කෑ ගහලා අඩන්න ඕනි වුනත් අන්තිමට සේහිගෙ හිතේ තිබුන එකම හැගීම එච්චරයි.
~~~~~~~~~~
ජේ.එම්. කියන්නෙ පාක් ජිමින්. ඩෝල් සී කියන්නෙ සේහි. ඩෝල් සීගෙ පවුද්ගලික අනන්‍යතාවය දැනගෙන හිටපු එකම කෙනා පාක් ජිමින් නිසා ක්‍රීඩා කවුන්සිලයෙන් එයාට ඕඩර් එකක් ලැබෙනවා ඩෝල් සී ගැන හොයන්න කියලා. දකුනු කොරියාවෙ හැම ආරක්ශක අංශයකම විශේශ බලකා කන්ඩායමක් බැගින් ජිමින්ට ලැබෙනවත් එක්ක තමයි තමන්ගෙ හොදම යාලුවගෙ විවාහයට එන්න තරම්වත් වෙලාවක් නැතුව ජිමින් කාර්‍යයබහුල වෙන්නෙ. අඩුම තරමෙ ජොන් ජන්කුක්ගෙ විවාහ මංගල ප්‍රධාන චායාරූපය දිහා හරි ජිමින් බැලුවා නම් ඒ නූල් බෝලෙ ලිහිලා යන්න තිබුනත් දෛවය එතරම්ම කරුනික වුනේ නෑ.
දේයන් නැති වුනත් සේහි තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ අත් අරියි කියලා ජිමින් කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ. මොකද ක්‍රීඩාව සේහිට එච්චරට වටින නිසා. ඒත් දේයන්ගෙ මරනෙත් එක්ක සේහි ආගිය අතක් නැති තැන තමයි ජිමින් තේරුම් ගත්තෙ තමන්ගෙ පන වුන ක්‍රීඩාව අත් අරින්න තරම් සේහි සහ දේයන් අතර තිබුන බැදීම කොච්චර ශක්තිමත් ද කියලා.
ජිමින් සහ දේයන් කියන්නෙ හොදම යාලුවො. අන්න ඒ වගේම ජිමින් සේහි කියන්නෙත් හොදම යාලුවො. ජිමින්ට තිබුනා අනිත් අයගෙ හැගීම් ඉක්මනින් අදුන ගන්න පුලුවන් හැකියාවක්. මේ හැකියාවත් එක්කම ජිමින්ට වැඩියෙන් තිබුනෙ සේහිව අදුන ගන්න පුලුවන් හැකියාව. මොකද සේහි කියන්නෙ හරි අමුතු චරිතයක්. අඩුවෙන් කතා කරපු තමන්ගෙ හැම දුකක්ම, ඒ වගේම හැම ප්‍රශ්නයක්ම තනියෙන් විසද ගත්තු කෙනෙක්. අන්න ඒ වගේ හේතු මත සේහි ආගිය අතක් නැති වුනත් ජිමින්ට තේරුනා සේහි තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා.
ජිමින්ගෙ අවධානය වැඩිපුරම යොමු වුනේ රෝහල් ආශ්‍රිතව වගේම දරුවො ලැබෙන්න හිටපු ගොඩක් තරුන අය ගැන හොයන්න. මොකද සේහි හිටියෙත් දරුවෙක් එක්ක කියලා ජිමින් සේහිගෙ අපාට්මන්ට් එකෙන් හම්බුන වෛද්‍ය වාර්තා වලින් දැන ගත්ත නිසා.
දෛවය හරි පුදුමයි..
අන්තිමට ඒ මුන ගැසීම ඒ විදිහට ම වුනා.
~~~~~~~~~~~~
[ Violence ⚠️️ ]
[ චටාස්.. slap sound okkiie 🥲 ]
" කතා කරපන්. මැරි කරලා එක්ස් එක්ක ඉන්නවා කිව්වා නේද..? මාත් හිනාවුනා විතරයි.. උබ $#@ක්.. නෑ මාත් එහෙම එකෙක්.. තෝ විහිලුවට හරි ඒ කතාව කියපු වෙලේ මට තිබුනා උබට කනට දෙකක් ගහලා කියන්න ඒ දේ වැරදියි මිනිහො කියලා.. ඒත් මන් එහෙම කිව්වෙ නෑ.. මන් තමයි වැරදි.."
" හ්‍යුන් මට කතා කරලත් කිව්වා උබට කියපන් කියලා.. මන් ඒත් ගනන් ගත්තෙ නෑ.."
" ඔව්.. උබ හිතන දේ හරි.. මන් මේ විදිහට කෑ ගහන්නෙ ඒ සේහි නිසා තමයි බ#ලො.. ඒකි එච්චර දුකක් විදිනවා කියලා මන් දන්නෙ නෑ.. ඒත් උබ දන්නවද..? දේයන් නැති වුනා කියලා දැන ගත්තු වෙලාවෙ මම ඒ කෙල්ලව දරුවත් එක්කම බාර ගන්නවා කියලා හිතා ගත්තා. එයාට කිසිම දුකක් දෙන්නෑ කියලා අර මනුස්සයගෙ මිනියට මන් පොරොන්දු වුනා. මේවා මටත් පවු.."
" කතා කරපන්. මිනිහො.. කතා කරපන්.."
[ චටාස් ]
" ඇත්ත.. මේ දේවල් මේ විදිහට වෙන්න ඇත්තෙ උබට ඒකිව ලබන්න පින නැති නිසා.. ඉපදුනේ නැති එකෙක්වත් මරලා දාලා උබ ඒකිව මැරි කරලා ඒකිව නොමරා මරලා. ඒකිගෙ හස්බන්ඩ් විදිහට උබ ඒකිව රේප් කරලා මරලා දැම්මත් මන් හිතන්නෑ එයා මෙච්චරම දුක් වෙයි කියලා ජොන් ජන්කුක්.."
" උබ ඉස්සර ඔහොම එකෙක් නෙවෙයි ජොන් ජන්කුක්.. උබ කොහොමද ඔච්චරටම දුශ්ට වුනේ.. කියපන්.. උබ ඉස්සර හිටපු මගේම යාලුව ද මේ..?"
ජොන් ජන්කුක්ගෙ පවුද්ගලික කාර්‍යාල කාමරේ දොර වහලා ජිමින් ඇති වෙනකල් ජන්කුක්ට කැ ගැහුවා. පහර දුන්නා. ඒ වුනත් ජන්කුක් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ජීවිතේ පලවෙනි වතාවට ඔහුට දැනුනා ජොන් ජන්කුක් කියන මහා ප්‍රතාපවත් මිනිසා දුර්වලයෙක් කියලා.
" සේහිව ඩිවෝස් කරන්න.. ආදරේ නොකලත් මට පුලුවන් ඒ කෙල්ලව බලා ගන්න.." කදුලු වැල් ඔහේ ගලන් යද්දි ජිමින් අන්තිමට ජන්කුක් දිහා බලලා අමාරුවෙන් වචන ගැට ගහ ගත්තා.
අන්න ඒ වචන කිහිපයෙන් ජොන් ජන්කුක් කල්පනා ලෝකෙන් එලියට ආවා.
" ඩි..වෝ..ස්... කර..න්න...?"
ජොන් සේහි නිසා පලවෙනි වතාවට ජොන් ජන්කුක්ගෙ මුලු ඇතුලාන්තයම පිච්චිලා ගියා.
" ජිමිනී..."
" එපා.. තොගෙ ඔය කටින් මගෙ නම ආපහු කියන්නවත් එපා..!!"
අත් දෙකෙන්ම තමන්ගෙ කොන්ඩෙ උඩට ඇද ගත්තු පාක් ජිමින් ආපහු ජන්කුක්ගෙ කනට පාරක් ගහලා කාර්‍යාල කාමරේ දොරත් ඇරලා දඩාස් ගාලා වහලා දාලා යන්න ගියා.
දන්නවද ජොන් ජන්කුක්.. ඔයාගෙ මේ හැසිරීම මත දෛවයට තවමත් පුලුවන් ඔයාට අවස්ථාවක් දෙන්න.. ඒ වුනත් ඒ අවස්තාවත් ඔයා අරගෙන විනාශ කර ගත්තොත් ආපහු දෛවය කවමදාවත් වෙනස් වෙලා ලියවෙන්න උත්සාහ කරන එකක් නැහැ.
~~~~~~~~~~
මුලු පරිසරයම අනපේක්ශිත විදිහට මීදුමකින් පිරිලා. සේහි බැල්කනි එකේ අත්වැටට හේත්තු වෙලා අහස දිහා බැලුවා. එදා තිබුනෙ පුර හද නොවුනත් හදෙන් සැලකිය යුතු ප්‍රමානයක් සේහිට ඒ වෙලාවෙ පෙනුනා. සේහිගෙ අත ඉබේටම ගියේ තමන්ගෙ ගෙලට..
ඒ මාලෙ තවමත් තිබුනෙ සේහිගෙ ගෙලේ. දේයන්ගෙ එකම භෞතික මතකය. වෙන කිසිම දෙයක් සේහි ලග දේයන් වෙනුවෙන් තිබුනෙ නෑ හිතේ තිබුන දහසක් මතකයන් ඇරෙන්න.
ඇත්තෙන්ම සේහිට ඒ වෙලාවෙ අඩන්න ඕනි වුනා. ඇයගෙ හදවතේ වම් පැත්තෙන් උහුල ගන්න බැරි වේදනාවක් දැනුනත් සේහි ඒ ගැන තැකීමක් කලේ නැහැ. තමන්ට අඩන්න ඕනි කිසිම වෙලාවට කදුලු හිර කරගෙන ඉන්න හොද නැහැ. මොකද දරා ගන්න බැරි දුකක් එක්ක හිර කරන් ඉන්න කදුලු කියන්නෙ ප්‍රධාන වශයෙන්ම හදිසි හෘදයාබාධයකට හේතුවක්. සේහි ඒ ගැන දැනන් හිටියෙ නැද්ද දැනගෙන හිටියද කියලා කියන්න මන් දන්නෙ නෑ. කොහොම වුනත් ඇය ඇඩුවෙ නෑ.
ඇයගෙ හිතේ ඒ වෙලාවෙ තිබුනෙ එකම දෙයයි..
' මන් ඇඩුවා කියලා නැති වුන මගේ ඒ ආදරේ දේයන්වත්, මේ ලෝකෙ බලන්නවත් පිනක් තිබුනෙ නැති මගෙ දරුවවත් ආපහු තමන් ලගට එනවද' කියන එක.. ඇය හොදටම දැනන් හිටියා එහෙම එන්නෙ නෑ කියලා. බැරි වෙලාවත් ඒකෙ විය හැකියාව ටිකක් හරි තිබුනා නම් සේහි වැලපි වැලපි අඩන්න තිබුනා කියලත් මට විශ්වාසයි.
බැල්කනි එකේ අයින් කරලා දාලා තිබුන මැලවිලා පරවෙලා ගිය හැම ලිලී මල් සැරසිල්ලක්ම ඒ වෙද්දි අයින් කරලා තිබුනා. ඒ වෙනුවට අලුතින් කිසිම සැරසිල්ලක් එක් කරලා තිබුනෙ නැත්තෙ තවදුරටත් ජොන් මන්දිරයට ජොන් ජන්කුක්ගෙ විවාහය උත්සවශ්‍රීයෙන් සමරන්න ඕනිකමක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති.
ටික වෙලාවක් නිහඩව ගත වෙලා ගිය නිසා සේහි හැරුනෙ ආපහු කාමරේට යන්න කියලා හිතාගෙන මොකද එයා ඒ වෙලාවෙ ඇදලා තිබුන දුහුල් රාත්‍රී ඇදුම ඕනවටත් වඩා එයාගෙ ශරීයයට සීතලක් ගෙනත් දුන්න නිසා.
" ජන්කුක්ශී..!"
සේහි ඇත්තෙන්ම ඒ වෙලාවෙ ගල් ගැහුනා. මොකද ඇය දැනන් හිටියෙ නෑ බැල්කනි එකේ දොර ලගට ජොන් ජන්කුක් ආවෙ කීයටද කියලා. කොහොම වුනත් සේහිට විශ්වාසයි එයාට කිසිම අඩි ශබ්දයක සේයාවක්වත් ඇහුනෙ නෑ කියලා.
" ජන්කුක්ශී..?"
ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටියත් කිසිම පිළිතුරක් තිබුනෙ නැති නිසාම සේහි ආපහු තමන්ගෙ සැමියට කතා කළා. ඒ වුනත් ඇයට කිසිම පිළිතුරක් ලැබුනෙ නෑ. ඇය දැක්කා ජන්කුක්ගෙ රතු වෙලා තියෙන ඇස්, අවුල් වෙලා තියන කොන්ඩෙ, බුරුල් වෙලා තිබුන ටයි ගැටය වගේම බොත්තම් කිහිපයක් ගැලවිලා තිබුන වයිට් කලර් ශර්ට් එකේ තිබුන පොඩි වුන ඉරි..
" ජන්කුක්ශී..? ඔයා හොදින්ද.."
සේහි එක අඩියක් ඉස්සරහට තිබ්බෙ ජන්කුක්ගෙ සහ සේහි අතර තිබුන පරතරය තරමක් අඩු වෙන විදිහට.
" ජන්කුක්ශී.. අනේ මොකද මේ..?"
ඒ පාර සේහි ඇත්තටම බය වුනා. මොකද ඇය දැක්කා ජොන් ජන්කුක්ගෙ ඇස් වල දිලිසෙන කදුලු. ඒ වගේම එකපාරටම ඒ කදුලු ඔහුගෙ සුදුමැලි කම්මුල් මතින් කඩන් වැටුනා. සේහිට ඇත්තෙන්ම ඕනි වුනා ජන්කුක්ගෙ අතකින් අල්ලගෙන මොකද මේ වුනේ කියලා අහන්න. ඒ වුනත් ඇයට අයිතියක් තිබුනෙ නැහැ.
" සේ..හි.."
" කියන්න.. මොකක්ද ප්‍රශ්නෙ ජන්කුක්ශී.. පුලුවන් විදිහට මන් ඔයාට උදවු කරන්නම්.."
තමන්ට වැරදි කරපු මනුස්සෙකුට, තමන්ට නපුරින් සලකපු මනුස්සයෙකුට මේ විදිහට කතා කරන්න පුලුවන්, මේ විදිහට සලකන්න පුලුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද..? ඔව්.. ඇත්තෙන්ම ඉන්නවා. සේහි කියන්නෙ ඒකට හොදම උදාහරනයක්.
සේහි එක දිගට ජොන් ජන්කුක්ගෙන් වචනයක් බලාපොරොත්තු වුනත් ජන්කුක්ගෙ උත්තරයක් ලැබුනෙ නෑ. ඒ වෙනුවට වුනේ සේහි හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්.
එක අඩියක් පස්සට තියපු ජොන් ජන්කුක් තමන්ගෙ බිරිද ඉස්සරහ වගේම ඔහුගෙ ධනවාදී ජීවිතේ පළවෙනිම වතාවට මනුස්සයෙක් ඉස්සර දණ ගැහුවා.
" ජන්කුක්ශී ඔයාට පිස්සු ද..?" සේහි එහෙම ඇහුවත් එයාට ලැබුනෙ ඒකට උත්තරේ නෙවෙයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" මට ඔයාට ඩිවෝස් එක දෙන්න පුලුවන්.."
____________________________________
මන් දන්නෙ නෑ..
මන් එදා ගත්තු තීරනේට
සතුටු වෙන්නද පසුතැවෙන්න ද කියලා..
ඒ වුනත් මට දැන් තේරෙනවා..
මන් ඒ තීරනේ නොගත්තා නම්
එයා අදටත් සතුටින්
ජීවත් වෙනවා කියලා..
මීදුම පහව ගියත්..
මට තිබුනෙ තෙමුන පාද කියලා දැනෙද්දි..
අවුරුදු ගානක් ගියත්
අදටත් මට දරා ගනන් බෑ.
____________________________________
A/N :) ජොන් ජන්කුක් කියන්නෙ මේ කතාවෙ චරිතයක් විතරයි. ඒ වගේම කිසිම කෙනෙක් මේ ඉන්න එකම චරිතයක්වත් තමන් කියලා හිතාගෙන කියවන්නෙපා. ඔයාල මේ කතාව කවද කියෙව්වත් ඒ දේ හිතට ගන්න.
Cover by :- SilverGukkie
A_Shee1 ~