One Night Love At London ( C...

By aurora-030

9.9K 2K 399

ලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් ම... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 12
Chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Final Chapter

chapter 11

543 108 24
By aurora-030

මම කිසිම දෙයක් දැනෙන් නෑ කියලා හිතෙද්දි ඔහෙ බලාගෙන ඉඳගෙන හිටියා.

මුලින්ම පලවෙනි පාරට එයාව දකිද්දිත් මම හිතුවෙ එයා පාලමෙන් පැනලා මොනවාහරි කරගනි කියලා, අර සීනි හොය හොය ආපු කට්ටිය එයාව පැහැරගෙන යන්න හදනවා කියල හිතද්දි, ඊටපස්සෙ ගෙදරදි එකපාරටම එයා නැහැ කියලා දැනුනම... එතකොට දැන් ?

නැහැ... කිසිම නරක දෙයක් වෙන්නෙ නෑ..හැමදෙයක්ම හොදින් වෙයි....

"ඔව් මුකුත් වෙන්නෙ නෑ නූනා..... සර් ට හොඳයිලු..."
මම බලද්දි ජේක් මගේ එහා පැත්තෙන් ඉදගෙන හිටියා.

"ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනාව නිසා අවුලක් නෑලු... එයා සාමාන්‍ය තත්වෙට ඇවිත්...ෂූටින්ග්ස් කැන්සල්......නූනා ගෙදර යන්න..."

අනේ කොලුවෝ මගේ නම නූනා ද නීනාද මොකක්ද ඒක නෙවෙ අනේ... ඒක ඔ-ලී-වි-යා... ඔලීවියා බැරිම නම් ඔලියා ඔන්න ඔහේ කමක් නෑ සහෝදරි හරි කියන්න කියලා මම හිතුව විතරයි ඒක කියාගන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ.

මට ඇහුනා කියල කියන්න මම ඔලුව වැනුවා.

"නූන ව මම ගෙදරට ඇරලවන්නද ?" ජේක් මගේ දිහා හෙන අනුකම්පාවෙන් බැලුවා. එයා හිතුවෙ මං ජීවිතෙට මනුස්සයෙක් කලන්තෙ දාලා වැටෙනවා දැකලා නැහැ කියලද දන්නෙත් නැහැ.

"එපා.. ඕනෙ නැහැ ජේක්.."

මගේ බෑග් එකත් අතෑරලා දාපු තැනින් හොයාගෙන මම ඒ මහා බිල්ඩිමෙන් එලියට ආවා.

මම මගේ සුපුරුදු පාරේ හෙමීට ගාටන්න ගත්තා. හයියෙන් ගියොත් මගෙ මොලේ හෙල්ලිලා මොකක්හරි සංසිද්ධියක් වෙන්න පුලුවන් කියලා මට හිතුනා.

මට නවතින්න වුනේ මේ ටිකේම වුනා වගේ වාහනයක් නවත්තපු හින්දා.

මගේ ගොන් මොලේ හිතුවෙම එයා එදා වගේ ඩ්‍රයිවින් සීට් එකෙ ඉඳගෙන රැවිල්ලක් දාලා , නගිනවා ! කියයි කියලා, ඒත් ඒ වෙනුවට මට උදව් කරපු යුන්ගි ගෙ බොඩිගාඩ් කෙනෙක් මාත් එක්ක හිනාවුනා.

"නගින්න මිස්... "
මම බලාගෙන හිටියා.

"මට කෝල් එකකුත් ආවා සර්ට සිහිය ආපු ගමන් කියලා තියෙන්නෙ මිස් ව ගිහින් ඇරලවන්න කියලා...."

මගෙ මුලු ඇඟම පණ නැතිවෙලා ශ්වසන පද්ධතිය ආශ්‍රිත ව මොකක්හරි අක්‍රීය වීමක් වෙනවා වගෙයි මට දැනුනෙ..

"එයා හොඳින් නේද...." ? මට කියවුනා.

"ආ ඔව් මිස්... හොඳ වෙලාවට මිස් ඉක්මනට දැක්ක හින්ද තමා...දැන් ඒතරම් බරපතල නෑලු.."

මගෙන් උත්තරයක් නැති හින්දා වෙන්නැති එයා ආපහු කතා කරන්න ගත්තා.

"මිස් නගින්න... මට කොහොමත් මිස් ව ගිහින් ඇරලවන්න කියලා සර් කියලයි තිබ්බෙ...."

"මට බලන්න බැරිවෙයිද ? " උත්තරෙ 'නැහැ' කියලා සීයක් සීයක්ම මං දැනගෙන හිටියත් මම ඇහුවා.

"සමාවෙන්න මිස්, ඒ ගැන කිසිම තොරතුරක් මට දෙන්න බැහැ....."

මගෙ ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙද්දී මම ඔලුව වනලා හිනාවක් වගේ එකක් මූණෙ මවාගෙන වාහනෙට නැග්ගා.

එයා හොඳින් නම් එච්චරයි, මට හිත හදාගන්න මන්තරෙ වගේ ඒ වචන ටික මම ඔහෙ ආපහු ආපහු හිතෙන් කියෙව්වා.

•••••••••••••••••••••••••••••••••••••••••••••••

පාන්දර දෙකයි...
සීතලයි තද බඩගින්නකුත් එක්ක මම මගේ අපාර්ට්මන්ට් එකට අඩි දෙක තුනකින් ලගම තිබුනු පාක් එකෙ මායි යුන්ගි යි පළවෙනියටම හම්බුනේ දවසෙ ඉදගෙන කතාකරපු පයින් ගහකුත් එක්කම තියෙන බංකුවෙ ඉඳගෙන හිටියා.

මට මහ හයියෙන් කෑගහලා අඬන්න තිබ්බෙ ලොකු උවමනාවක්, ඒත් මහරෑ උලමෙක් වගේ මෙතන අඬන්න තියාගත්තොත් වටේ පිටේ මිනිස්සු ගල්ගහයි කියලා මට හිතුනා.
විශේෂෙන්ම මගේ ෆ්ලැට් එකෙ ජනතාව..

මම පුලුවන්තරම් කාගෙන ඉන්න බැලුවට වෙලාවෙන් වෙලාවට මට ඇඬුනා. මම ඒ තරම් sensitive කෙනෙක් නෙවෙයි, සමහරවෙලාවට අවුරුදු හයේදි මං ඇති කරපු ඇල්ෆි කියන පූස්පැටියා නැතිවුනු විදිහ මතක් වුනාම අඬන එක ඇරෙන්න මම මොනදේ වුනත් ඇඬුවෙම නැතිතරම්...

ඒත් යුන්ගි ව මතක් වෙන පාරට මට පුදුම වේදනාවක් දැනුනා, අඩුමතරමේ එයාට හොඳයි කියලා මට ආරංචි වුනත්..

මම කෑවෙත් නැහැ , දැන් නින්ද යන්නෙත් නැහැ මොන විකාරයක් ද මන්දා...

මම ඇස් දෙක වහගෙන බංකුවට ඔලුව හේත්තුකරගෙන ටික වෙලාවක් හිටියා.

සමහරවෙලාවට අහම්බෙන් වගේ හම්බෙන අය ජීවිතේම වෙනස්කරන හැටි, ඒ හමුවීම් වලට ආදරය කරන්න ගන්න හැටි...
පෝඩ්ඩක් ඉන්න මොන කැත කසිකබල් කතාවක්ද මන් ඒ හිතුවෙ ? ආදරෙ ? හහ් ....

"ඔයාට මොලේ හොද නැද්ද...?"

"කියලා වැඩක් නෑ අනේ..." මං උත්තර දුන්නා.

"මොන...&#^#&* වෝව්..කවු...මොකක්ද..හෑහ්....
මොකා...??? "

යාන්තම් වැටෙන්න ගිහින් පණ කෙන්ද බේරගෙන මං කටත් ඇරගෙන බලාගෙන හිටියෙ මගේ එහාපැත්තෙන් ඉඳගෙන හිටපු එයා දිහා...

ඉදලා හිටලා ඇරිස්ටෝටල් වගේ දාර්ශනික ටෝක්ස් දාන්න ගියාම වටේ පිටේ ගැන මෙලෝ අවධානයක් මට නැතිවෙනවා.

"මොනාද මෙතනට වෙලා... මේ සීතලේ.. මහ රෑ ? මොලේ විකාරද... ? "
කලු පාට පුරුදු කැප් එක, බාගෙට දාගත්තු මාස්ක් එක ත් එක්කම යුන්ගි ජැකට් එක අත්වලින් දාන්නෙ නැතුව උඩින් වගේ දාගෙන හිටියා.

එයා මගේ එහා පැත්තෙන් ඉදගෙන මට රවාගෙන හිටියා.

මම කට වහගත්තා. මගේ මොලේ හොදටම විකාර නටනවා.

"අනේ දෙවියනේ.." මට කියවුනා.

"දැන්නම් මට තියෙන්නෙ ලේසි පහසු ලෙඩක් නෙවෙයි..... මට එයාව හැමතැනම පේන්නත් පටන් අරන්... කාට කියන්නද දෙයියනේ....."
මම අඬන්න ගත්තා.

මගේ චිත්තරූප යුන්ගි තාමත් බලාගෙන හිටියා.

"මොනාද මේ වෙන්නෙ....භූතයා...ඔයා තමා.... "
මං මොකාද එකා වගේ අඬන ගමන් එයාටත් හරිහමන් තේරුමක් නැතුව බනින්න ගත්තෙ මෙහෙම මැවිලා පේන රූපෙකට හරි බැනලා මගේ හිත හදාගන්න ඕන හන්දා..

ටිකකින් චිත්තරූපි යුන්ගි ගෙ රැවිල්ල නැතිවුනා.

එයා බංකුවෙන් මගේ පැත්තට කිට්ටු වෙලා මට හේත්තුවක් දාගත්තා.

සාහ් ! මගේ චිත්තරූප අර film වල වගේ 3D වෙන්නැති...

"ඔලීව්...මම ඇත්තටම ඉන්නවා.. මම..."

"ඔව් ඔව් මගේ හිතේ...මම දන්නවා..." මට ඇත්තටම දුක හිතුනා.

"මේ කෙල්ලෙ.. අර.. වාහනෙ ඔයාලාගෙ අපාර්ට්මන්ට් එක ගාව...."

එයා පැත්තට හැරිලා එයාගෙ වම් අතත් රඳවලා දාලා තිබුනු ආධාරක බැන්ඩේජ් එක පෙන්නුවා.

"මේ..හ්.."

ඕහ්....... හැරිල බලද්දි අපාර්ට්මන්ට් එක ගාව වාහනෙ තිබුනා. එයා ජැකට් එක උඩින් දාගෙන හිටියෙ බැන්ඩේජ් එක නිසා වෙන්නැති.

මම නැගිට්ටා.
"ඔයා හොඳින්.....අනේ.......ඔයාට හොඳයි.. "
මට දැනුනු සතුටට බුල්ඩෝසරයක් වගේ ඇගට කඩන් පැනලා බදාගන්න හිතුනා. ඒත් ඉතින් එහෙම හරි නෑනේ..

ඒ වෙනුවට මූණ වහගෙන මං ආපහු අඩන්න පටන් ගත්තා.

මාව ගැස්සිලා ගියෙ එයා නැගිටලා ඇවිත් හෙමිහිට කිට්ටු වෙලා මගේ ඔලුවට උඩින් නිකට තියාගෙන එයාගෙ හොදට තිබුනු අතින් මගේ පිටට තට්ටුවක් දැම්මමයි.
හිතන්න වෙලාවක් තිබුනෙ නැහැ මම පුලුවන් තරම් පරිස්සමට එයාගෙ වටෙන් අත් දාලා එයාව හෙමීට බදාගත්තා.

එයාව එකපාරට ම ගැස්සුනෙ රිදුන හින්ද ද කියල මම කලබල වෙලා ඈත් වෙන්න ගියත් එයා මාව තියාගත්තා. මං හිතන්නෙ එයාට පුදුම හිතෙන්න ඇති.

එයාටත් වැඩිය මට මං ගැනම පුදුමයි.

"හ්ම්.. මං කිව්වද මං මේ scent එකට මං මාර ආසයි කියලා.."
මං හිතන්නෙ මං ඕනෑවට වඩා කලබල වෙලා හිටියෙ.. හිතන ඒවාත් කියවෙන්න ගත්තා.

එයා චුට්ටක් ඈත්වෙලා මගේ දිහා බැලුවා.
"හහ් ? "

"නෑ ඔයාගෙ perfume එක.. ගොඩක් ලගට ආවමයි දැනෙන්නෙ.. ඒක අමුතුම scent එකක්.... "
මං මෝඩ හෝන්තුව වගේ කියෙව්වා.
කටට බ්රේක් නැතිවෙලා...

"ආ...." එයාව රතු වුනා.
ටික වේලාවකින් හෙමීට එයා වෙන පැත්තක් බලාගෙනම මගෙන් ඈත් වුනා.

එයාව තාමත් රතුවෙලා තියෙන හැටි දකිද්දි මට හීමිච්චං කුරිරු සතුටකුත් ආවා.
.
.
.

"අනේ ඇත්තමයි, ඔයා වැඩ්ඩා වෙන්නැති හැමදේම පුලුවන් ඇති එහෙමයි medicine exam එක කරේ නෑනේ... ඔච්චර අවුරුදු ගානක ඉඳන් ඕක රිදුන නම්....ඇයි ? ඇයි පොඩ්ඩක් හොයලා බැලුවෙ නැත්තෙ ..?"

යුන්ගි බිම බලාගෙන මං කියන හැම එකටම ඔලුව වන වන හිටියා. එයා ගාවින්ම බංකුවෙ වාඩිවෙලා එයාව මරන් කන්න වගේ බලාගෙන මං තදින් කතා කරන්න ගත්තා. ඩොක්ටර්ස් ලා කියපු විදිහට දැනට ලොකු අමාරුවක් නැතිවෙයිලු ඒත් පරිස්සම් වෙන්න වෙයි ලු, ඒකත් කිව්වෙ දහ දොලොස් පාරකට වැඩිය අහලා..

"ඔක්කොටම වැඩිය පණ්ඩිතකමනේ... අනිත් ඔක්කොටම වෙලාව තියෙනවා, තමන් ගැන බලාගන්න වේලාවක් නෑ......"

"හරි හරි, මැරුන් නෑනේ....."

මේ මනුස්සයා..... මට කටට ආපු කුණුහරුප වැලකුත් එක්ක කියලා දාන්නයි හිතුනේ.. ඒත් මං කට හපාගෙන මට දැනුනු තරහටම බලාගෙන හිටියා.

"සෑහෙන්න බය වෙලා වගේනේ....? " එයා හෙන ජොලියෙන් වගේ ඇහුවා.

"අනේ නෑ... මොන ? ප්‍රීතියෙන් පිනා ගිහින් හිටියෙ මේ අපුරුවට හිටපු මනුස්සයා එකපාරටම වැටිලා මගේ අත් දෙකෙම සිහි නැති වෙද්දි...." මම වෙව්ල වෙව්ල කියාගත්තා.

"හෙ.. හෙ "

හිනාවෙ කැත විතරක්... හොද කතා කිය කිය හිනාවෙන හැටි විතරක් රිලවෙක් වගේ..

"ඔයා ගියොත් හොඳයි යුන්ගි.. මේ සීතලේ ඉන්න එක එච්චර හොද නැති වෙයි. ඔයා යන්න....."
මේකාව පරිස්සම් කරගන්න මට තියෙන උනන්දුව ! හහ් ඔලිවියා ඔහොම යමුකෝ...

"හ්ම්....." එයා නැගිට්ටා.
මාත් නැගිට්ටම එයා මගේ ලගට ඇවිත් අර සුපුරුදු උඩින් යන්න දෙකක් දෙන්න වගේ දාන බැල්ම දාගත්තා. මාත් අතෑරියෙ නැ.. ගේමට ම මාත් බලන් හිටියා.

එයාගෙ හොදින් තියෙන අතින් එයා මගේ ඔලුව අත ගාන්න ගත්තා.

මගේ ඇස් දෙක පුදුමෙන් ලොකුවුනේ ඉබේටමයි, කාලෙකින් කවුරුත් මට මෙහෙම සලකලා නෑ..

"මම යන්නම්... සරන්හේ...."
එයා හරිම ආදරණීය විදිහට කිව්වා.

මේකයි මට ඒක වාවන්නැතුව යන්න තිබ්බා ඒත් මේ මොකක්ද අර අන්තිමට කිව්ව අපභ්‍රංශ කතාව ?

"හියුන්ග්......කජා...."

යුන්ගි ඉක්මනට අත ගත්තා.

"මොන...."
ආපහු මිනි heart attack එන්න ආවත් මම බලද්දි අපිට පිටිපස්සෙන් හිටියෙ , Mr.dimple නම්ජුන්...

"හායි මිස් ග්‍රේස්......" එයා හිනාවක් දාලා මගේ ලගට ඇවිත් මොකක්දෝ දුම් දදා තිබුනු උරයක් දුන්නා.

"කාලා තියෙනවද දන්නෙ නෑ ttebokki... ජින් හියුන්ග් හැදුවෙ.. යුන්ගි හියුන්ග් තමා කිව්වෙ කාලාද දන්නෙ නෑ...ඔයාට ගේමු කියලා..."

මං බලද්දි යුන්ගි වෙන පැත්තක් බලාගත්තා.

"ස්තූතියි.." මං හිනාවේගනම කිව්වා.

මට තවත් දැවෙන ප්‍රශ්නයක් තිබුනා හියුන්ග් කියලා කියලා කියන්නෙ එයාලාගෙ බෑන්ඩ් එකෙ පෙලපත් නාමය හරි මොකක්හරි ද ?

ඕවා අහන්න ගිහින් බොරුවට විහින් ගම කන්නෝන් නෑනෙ.. මං සද්ද නොකර හිටියා.

" අපි යන්නම්..." ආපහු කියලා නම්ජුන් මට අත වැනුවා.

"ඇතුලට යන්න.." යුන්ගි සර්වබලධාරියා වගේ අණකරලා ටික වේලාවක් බලන් ඉදලා නම්ජුන් එක්ක වාහනෙ පැත්තට ගියා

"සාරාන්හේ.....! "
මාත් උපරිම කැත විදිහට ඇහුනු විදිහට කියලා අත වැනුවා. මං හිතන්නෙ එක බායි වගේ එකක් වෙන්න ඇතිනේ...

දෙන්නම මිලි තත්පරේකට නැවතිලා මූණට මූණ බලාගත්තා. මගේ කොරියන් අජූත බව පැහැදිලියි. නම්ජුන් මොනාහරි කියන්න කියලා හැරුණත් යුන්ගි එයාට දිගටම යන්න කියලා කිව්වද කොහෙද .. යුන්ගි විතරක් හැරිල ලාවට හිනාවක් දාලා යන්න ගියා.

හෝන් එකකුත් ගහගෙන ම එයාලා යද්දි මාත් අතවැනුවා.

උණුවෙ තිබුනු කෑම ටික කන්න පේරේතකමෙ, මට දැනුනු සැනසීමයි සතුටත් එක්ක මාත් මගේ අපාර්ට්මන්ට් එකට දිව්වා.
.
.
.
මං ඉක්මනට මගේ කොරියානු විශාරද අතිජාත මිතුරිය ජෙනී ට මැසේජ් එකක් දැම්මා.

මේ..ඕයි සරාන්හෙ හරි මොකක්හරි ඒ කියන්නෙ මොකක්ද කොරියන් වලින් ?







හායී...😋
කතාව update කලෝ..
කතාව කියවන ඔයාලාට ගොඩාක් Thankyou !🥺💕

Thankyou sew !

ඊලග කොටසින් ඉක්මනටම හම්බෙමු
බායී....😋

Continue Reading

You'll Also Like

697 146 6
" උඹට ඕක ෆොටෝ එකක් වුණාට ඕක මට ජීවිතේම බන්... " අහිමි ආලයක අහඹු හිමිකම, හුස්ම ❤ 2021/11/03 ✓
792K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
210K 9.5K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
1M 33.4K 79
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...