Love Me Like You Do || Comple...

By NimuMochi

37.3K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

යුන්මී නූනා

1.1K 195 17
By NimuMochi

හ්‍යොං කොහොම මොන දේ කිව්වා උනත් මට එයාව විශ්වාස කරන්න අමාරු උනා... එයා කොහොමද එක දවසින් අෆයා එකක් බ්‍රේකප් කරන් පහුවදා වෙද්දි එහෙම මට ආදරේ වෙන්නෙ.. ඒක හරිම විහිළුවක්නෙ ජොන් ජන්කුක්.. කොහොමද ඔයා එයාව විශ්වාස කරන්නෙ??

කල්පනා ලෝකෙක හිටපු මාව ගැස්සිලා ගියෙ මගෙ ඉන වටේ එතුන සීතලම සීතල අත් දෙකක් නිසා... එයා වොශ් දාන් ඇවිත්..

හ්‍යොංගෙ නිරුවත් පපුවෙ සීතල මගෙ තුනී ටීශර්ට් එක අස්සෙන් ඇවිත් මාව වෙලාගනිද්දි ඒ නුහුරු සීතලට මාව ගල් ගැහිලා ගියා..

හ්‍යොං ආවත්තෙක්කම එයාගෙ බොඩිවොශ් එකේ සුවදින් මුළු කාමරේම පිරිලා ගියේ මගෙ පපුවත් අමුතු හිරියකින් අවුස්සලා දාලා..

"ඔයා ගාව රස්නෙයි කුකීහ්..."

මගෙ උරහිසින් ඔලුව තියාගෙන තදට මාව බැක් හග් කරන් තාලෙකට දෙපැත්තට වැනි වැනී හිටිය හ්‍යොංගෙ කොණ්ඩෙන් වැටුනු සීතල වතුර බින්දු මාවත් දියකරගෙනම ඇදන් හිටපු ටීශර්ට් එකට උරාගෙන පල්ලම් බැස්සා..

එයා ගාව සුවඳයි.. මාව පිස්සු වට්ටන තරම් සුවඳයි...

ඒ සීතල තොල් මගෙ බෙල්ල පාමුලින් තද කරන් අයිස්ක්‍රීම් එකක් උරන චූටි බබෙක් වගේ එයා මගෙ බෙල්ල දිගට සද්දෙන් හාදු තිබ්බා..

ඒ තෙත හාදුවලට මාව හිරිවැටීගෙන යද්දි සේරම අතෑරලා දාලා මගෙ තොල්වලට බර වෙච්ච හ්‍යොං ඒවා එයාගෙ තොල් අස්සෙන් හංගගන්න ගමන් මාව ඇඳ උඩට පෙරල ගත්තා..

මාව සීමාවක් නැතුවම බයෙන් ගැහෙන්න ගත්තත් මට ඒ උණුසුම, ඒ ආදරේ, ඒ හාදු ඒ ඔක්කොම දේවල් ඕනෙ උනා.. හරි තදින්ම ඕනෙ උනා...

එයාගෙ හීනි ඇඟිලි තුඩු මගෙ ටීශර්ට් එක අස්සෙන් පිට පුරාම හරි හදිස්සියෙන් හදිස්සියෙන් එහෙමෙහෙ දුවද්දි මං ඉනෙන් ඉස්සි ඉස්සි යාන්තම් කෙදිරිලි පිට කරා..

ඒත්තෙක්කම අපි දෙන්නම ගැස්සිලා ගියේ කවුරුහරි ඩෝ බෙල් එක ගහන ගමන් දොරටත් තට්ටු කරන්න ගත්තු නිසා..

"ෆක්.."

එයා දන්න ලොකුම වචනෙ කියාගෙන ඇදෙන් නැගිටපු හ්‍යොං කිසි ලැජ්ජාවක් නැතුව අර චූටි ශෝට් එක පිටින්ම ගිහින් දොර ඇරියා..

හ්‍යොං දොර හරියට අරින්නකල්වත් ඉන්න බැරි තරම් මහ හදිස්සියකින් හිටපු ලස්සන ගර්ල් කෙනෙක් ඔක්කොම පෙරලගෙන ඇවිත් රූම් එක අස්සට රිංගගත්තා.. මේ සරුවාලෙ කවුද?? අ..ශ් හ්‍යොං ඉන්නෙත් බාගෙට ඇදගෙන..

"මොකටද මෙහෙ ආවෙ?"

හ්‍යොංගෙ කටහඩට ඒ ගර්ලුයි මායි අපි දෙන්නම ගැස්සුනා..

"ඔයාට බෑ මට ඔහොම සැර කරන්න චිම්.."

ලෝකෙ ලොකුම නරක වචෙනෙන් එයාට බැන්නා වගේ ඇස් පුදුමෙන් මහත් කරගත්තු අර ඩෝල් ටයිප් ගර්ල් හ්‍යොං දිහාට හැරිලා කෑගැහුවා..

මෙයා යුන්මීද? හ්‍යොංගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්??

"මාව අවුස්සගන්නෙ නැතුව මොකටද ආවෙ කියනවා.."

දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට කට ඇරන් බලන් හිටපු මාව එක්කන් ගිහින් බෙඩ් එකෙන් ඉන්දවන ගමන් හ්‍යොං ආයෙත් කෑගැහුවා..

"ඔයාට ඊයෙ වෙනකල් මාව ඕනෙ උනා.. පිස්සුවෙන් වගේනෙ අඩ අඩ පස්සෙන් ආවෙ. දැං ඇයි ඔහොම හැසිරෙන්නෙ චිමී..."

ඒකටනං හ්‍යොං විතරක් නෙවෙයි මාත් මෙයාට පිස්සුද හැටිද වගේ බැල්මක් එයා දිහාට දැම්මා...

"කවුද මේ පොඩි එකා..?"

මහ සමච්චල් මූණක් එක්ක එයා ඊට පස්සෙ අහපු දෙයින් මාව කේන්තියෙන් රතු උනා.. මං පොඩි එකෙක් නෙවෙයි. මට දැං දහ අටක්.. ජිමින් හ්‍යොංවුත් මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්..

"මේ කුකී.. අම්ම්.. මං කිව්වෙ ජන්කුක්. ඔම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක්.."

එච්චරයි ද? මං ඔම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක් විතරයිද හ්‍යොං?? මං මවන් හිටපු හැමදේම නිකම්ම නිකන් හීනද? මගෙ ඇස්වලින් කඳුළු වැටෙන්න ඔන්න මෙන්න තියද්දි මං හ්‍යොංවත් තල්ලු කරලා දාලා වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තා..

අඩුම ගානෙ එයා මාව නැවැත්තුවෙවත් නෑ.. මට ආදරෙයි කිව්වෙ බොරුවටද? මට සද්දෙට ඉකියක් පිට වෙද්දි මං අත් දෙකෙන්ම කට තද කරලා වහගත්තා..

"මට මගෙ පාඩුවෙ ඉන්න දීලා පැත්තකට වෙනවා යුන්මී... අ...ශ් මාව අල්ලන්න එපා.. තමුන්මයි මාව දාලා ගියේ.. දාලා ගිය එවුන්ට මං ලඟ සකන්ඩ් චාන්ස් නෑ..."

හ්‍යොං මහ කේන්තියකින් එක දිගට කියවන් යනවා ඇහෙනවා..

"ඊයෙ වෙච්ච දේවල් වලට සොරි බබා... ප්ලීස් දැං ඒක අමතක කරලා දාන්නකො.."

"තමුන් ඊයෙ කිව්ව වචනයක් ගානෙම මට හොදට මතකයි. ආයෙත් මට ඔය මූණවත් බලන්න ඕනෙ නෑ.. මෙතනින් යනවා.."

"ඇයි ඒ පාර අර පොඩි එකාව ගොනාට අන්දගත්තද ආ? මාව එක දවසින් එපා උනේ? හහ්.."

හ්‍යොං මොනවහරි සද්දෙට පොලේ ගහන ගමන් කෑගහද්දි යුන්මී නූනාත් ඊට නොදෙවෙනි සද්දෙකින් කෑගැහුවා..

නුනාගේ ඒ කතාවට මාව එහෙමම ගල් ගැහිලා ගියා.. හ්‍යොං ඒකට මොනවත්ම කියනව ඇහුනෙ නෑ.. එතකොට එයා මට බොරුවක් ද කරලා තියෙන්නෙ. කෙනෙක් හම්බෙනකල් ටයිම් පාස් කරන්න එයා මාව යූස් කරලද.. එයා හැමපාරකම එහෙම කරනවා ඇති..

පපුවට පිහි පාරවල් වදිනවා වගේ දැනෙද්දි මං බිත්තියට වාරු වෙලා ඉදගෙන අතින් කට තද කරන් ඇඬුවා.. ඔයාට පිස්සුනෙ කුකී.. ඇයි බොරුවට හෝප්ස් තියාගත්තෙ එයාගෙ හැටි දැනදැනම... අනික අපි හම්බෙලත් තාම එක දවසයිනෙ..

"කුකීහ්.."

ඒ හ්‍යොං.. යුන්මී නූනා ගිහින්ද?? එයාගෙ සද්දයක්වත් නෑ..

"කුකී මේ දොර අරින්න.."

හ්‍යොං වේගෙන් දොරට ගහනවා..

"මං මේ අන්තිම පාරට කියන්නෙ.. කඩන්න කලින් මේක අරිනවා."

මං බයටම දොර ඇරන් එළියට ආවා.. එයා හෙමින් ඇවිත් මගෙ ඉන වටෙන් අත් යවලා මාව තදින් තුරුල් කරගත්තා.

"තරහයිද බේබි??"

හ්‍යොං ලාවට මගෙ කනක් හපන ගමන් මහ අමුතු වොයිස් එක්කින් මුමුණද්දි ඒ රස්නෙට දැනෙන හුස්ම පාරවල්වලින් මාව සියවෙනි වතාවටත් හිරිවැටිලා ගියා..

"මිඅන්හේ කුකී..."

"ම්මාව අල්ලන්න එපා.."

මං ඒ හයිය අත්වලින් ගැලවෙන්න දගලන ගමන් ටිකක් සද්දෙට කෑගැහුවා.. ඒකෙන් උනේ එයා තවත් තදින් හිරකරලා මාව බදාගත්ත එක..

"මගෙන් ගැලවිලා යන්න හිතන්නවත් එපා.. ඔයාටනම් කොහොමත් යන්න බෑ.."

මගෙ උරහිසට ඔලුව තද කරන් ඇස් පියාගත්තු හ්‍යොං හෙමීට මිමිණුවා..

"මගෙ මැණිකට දුක හිතුනද ම්? මාව විශ්වාස කරන්න කුකී... මං ඔයාට ආදරෙයි.. මං ප්ලේ බෝයි කෙනෙක් වෙලා හිටියා තමයි බට් දැන් එහෙම නෑ.. දැං මගෙ හිතේ ඉන්නෙ ඔයා ඔයා ඔයා විතරමයි.."

චූටි චූටි හාදු මහගොඩක් තවරන ගමන් එයා ඇස් පියන් ඔහේ කියවනවා... ඒ හුස්ම මගෙ බෙල්ල පුරාවට වදිනවා..

"ඇයි ඔයා එයාට කිව්වෙ නැත්තෙ?"

මං යාන්තමට වචන ගලපගත්තා.. ඒත් ඇත්තටම බැලුවොත් කියන්න තරම් අපි දෙන්නා අතරෙ තියන බැදීම මොකක්ද? අපි නිකන් කිස් කරලා විතරයිනෙ... මං එයාට ආදරේ උනත් එයා එහෙම නෑ..

"නූනට ආයිත් චාන්ස් එකක් දීලා බලන්න හ්‍යොං.. පව් එයා හොද පාටයි.."

හ්‍යොං උත්තරයක් දෙන්නත් කලින්ම මං ආයිත් කිව්වා.. එයා මාව අතෑරලා පැත්තකට උනා.. කේන්ති ගිහින්ද?? මට ඒ මූණ බලන්නත් බයයි.

හ්‍යොං එකපාරම සද්දෙට කබඩ් එකක් ඇරලා දාලා ලොකු සැර බීම බෝතලයක් අතට ගත්තා..

එක තප්පරයක්වත් මං දිහා බලන්න පරක්කු නොකර බැල්කනි එකට ගියපු එයා මහ පුරුදුකාරයෙක් වගේ අර බෝතලේ කට අස්සට ඔබාගෙන උගුරට දෙකට බීගෙන බීගෙන ගියා..

"හ්‍යොං ඕක නවත්තන්න ප්ලීස්.. මං.. මං නුනාට කතා කරන්නද?"

නුනා ආවොත් එයා හ්‍යොංව නවත්තගනී කියලා මට හිතුනා... අනික ඊයෙත් එයා හොදටම බීලා රෑ තිස්සෙම කෙදිරිගාපු එක මගෙ හිතට වද දුන්නා.. මෙහෙම ගිහින් එයා ලෙඩෙක් වෙයි.

"තමුසෙට ඕනෙ මාව ආයෙත් ඒකිට සෙට් කරන්නද ආ?"

එකපාරටම අතේ තිබුනු බෝතලේ පොලේ ගහපු හ්‍යොං ගේ දෙදරන්න කෑ ගහද්දි මං බයෙන් උනත් ඔව් කියන්න ඔලුව හෙල්ලුවා..

"බබී ආපහු එන්නකො මට ඔයාට කියන්න දෙයක් තියනවා.."

හ්‍යොං මගෙ දිහාම ඇස් තියාගෙන ෆෝන් එක කනේ තියන් ඒකට හිමීට මිමිණුවා.. එයා මට රිද්දනවා...

එයා නූනට ආපහු එන්න කිව්වා... එයාට බබී කියලත් කිව්වා.. මගෙ පපුව හරි වේගෙන් ගැහෙනවා...

පිහි තුඩකින් හූර හූර පපුව කෑලි කරනවා වගේ දැනෙන හැඟීමත්තෙක්ක හ්‍යොංට පිටිපස්ස හරවලා මං එහෙමම ඇදේ දිගා උනා.. ඇස් අග්ගිස්සෙන් ගලන කඳුළු මහ හදිස්සියකින් ගලන් ගිහින් තෙතට සීතලට ඉන්න කොට්ටෙ බදාගන්නවා..

මට දුකයි.. හොදටම දුකයි...

ඒත් මට වඩා හ්‍යොංව අයිති එයාටනෙ. මං එන්න කලින් හ්‍යොංව බලාගත්තෙ හ්‍යොං ගැන වද උනේ එයානෙ. එයාගෙ හැමදේම හ්‍යොං වෙච්චිකොට මං එකපාරම ඇවිත් එයාගෙන් හ්‍යොංව මෙහෙම උදුරගන්න එක හරි නරක වැඩක් නේන්නම්.. මං මගෙ හිත හදාගන්න ලොකු ලොකු කතා හුඟක් හිතුවා..

හ්‍යොංට කෙලින් ඉන්නවත් පණක් නෑ.. එයා මාව ගණන් නොගෙන වැටි වැටී තනියම රූම් එක අස් කරනවා.. එයාම පොලේ ගහලා හැඬි කරලා එයාම අස් කරනවා.

රූම් එකේ දොර ඇරගෙන නූනා එද්දි මං හිටියෙ හ්‍යොං දිහාවට ඇස් අතරමං කරගෙන.. හ්‍යොංගෙ නහර ඉලිප්පුන අත් කකුල් අතරෙ මගෙ ඇස් හරි වේගෙන් එහෙමෙහෙ දිව්වා.. නූනා ඒක දැක්කා.. එයා මහ නපුරු පාටට මට රවලා ගිහින් හ්‍යොංගෙ පිටිපස්සෙන් එයාව තද කරලා බදාගත්තා... හ්‍යොං හිටියෙ සිහියෙන් නෙවෙයි...

"බෙයිබිහ්..."

හ්‍යොං උගුර යටින් මුමුණන ගමන් නුනාගෙ පැත්තට හැරිලා ඒ මූණ දෝතටම අරන් නළලට නලල තියාගත්තා.. නුනා වේගෙන් හුස්ම ගන්න ගමන් සද්දෙට කෙදිරිලි තිය තිය හ්‍යොංගෙ බෙල්ල පුරාම එයාගෙ තොල් දිව්වෙව්වා..

"එයාගෙන් පැත්තකට වෙනවා..."

ඉවසගෙන බලන් ඉන්න බැරිම වෙනකොට මං ගිහින් නූනව ඇදලා පැත්තකට කරලා දැම්මා.. එයා ගිනි පිටවෙන නපුරු ඇස් දෙක්කින් මගෙ දිහාවට එන්න හදද්දි හ්‍යොං ආයිමත් නුනාව ඇදලා අරන් කිස් කරන්න ගත්තා.. නූනා එයා දිනුවා කියන්න වගේ මහ අමුතු හිනාවක් එක්ක මං දිහා බලාගෙනම දිගටම හ්‍යොංව කිස් කලා..

"ක්කුකීහ්... ම්වාහ්.. ම්ම්වාහ්.. කුකී..."

හ්‍යොං අසිහියෙන් මගෙ නම මුමුණන ගමන් නුනාව ඉඹ ඉඹ කෙදිරිලි තියන්න ගත්තම නූනටත් වඩා මාව ගැස්සිලා ගියා.. එයා හිතන් ඉන්නෙ ඒ ඉන්නෙ මං කියලද??

නූනා කේන්තියෙන් වෙව්ලුවා.. එයා හ්‍යොංවත් තල්ලු කරලා දාලා මටත් ගස්සගෙන සද්දෙන් දොර වහලා දාලා යන්න ගියා..

එතකොට ජිමින් හ්‍යොං මට ඇත්තටම ආදරෙයි ද...?

*****************

ඔයාලා කියලා තිබුන නිසා මං චුට්ටම චුට්ටක් දිගට මේක ලියන්න හිතුවා..
තව චැප්ටර් දෙක තුනකින් ඉවර කරනවා..

මේක විකාරයක් වගේනං තමයි ඒත් ඔන්නඔහේ වෝට් එකක් දාන් යන්න බබාලා 🥰💜💜

Continue Reading

You'll Also Like

6.7K 1.3K 22
❛ You Got Me my little prince & I never let you go.... ❜ '°• 𝗬𝗼𝘂 𝗚𝗼𝘁 𝗠𝗲 •°' jikook fanfiction by se_ha. this is only fanfiction. ⚉Sta...
2.4K 82 19
hi everyone I hope you like this story it's a story about two Royal Family where the youngest daughter of the mehta family is going to get married to...
956K 86.3K 39
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
3.8M 159K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...