Still With You ( Fan Fiction Only )
_Chapter 12_
____________________________________
눈을 보고 말할래요
보고 싶었어요
Nuneul bogo malhallaeyo
Bogo sipeosseoyo
I will look into your eyes
And say I missed you
මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්
මට ඔබ නැතුව පාලුයි කියා
____________________________________
දවල් ආහාරය ගත්තු සේහි ඒ වෙනකොටත් හිටියෙ ජොන් මන්දිරයේ බිම් මහලෙ තිබුන දෙවෙනි කාර්යාල කාමරේ. ජොන් මන්දිරයේ තිබුන සියලුම සේවක සේවකයන්ගෙ විස්තර ඇතුලත් ලිපි ගොනු තිබුනෙ ඒ කාමරයේ. මිසිස් ජොන් කියලා දුන්න විදිහට ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්න ඕනි වුනත් සේහිට ඊට කලින් සේවක සේවිකා වාර්තා පරීක්ශා කරන්න ඕනි වුනා. ඒ නිසාම ඇය ටික වෙලාවක් අරගෙන ඒ ලියකියවිලි පිරික්සන්න ගත්තෙ ගත වෙලා යන කාලෙ ගැන කිසිම නිනව්වක් නැතුව.
වෙලාව රෑ අටට ළං වෙනකලුත් සේහිට වෙලාව ගැන අවධානයක් වුනේ නෑ. අන්තිමට ඇය ඔෆිස් රූම් එකෙන් එලියට ආවෙ මේඩ් කෙනෙක් ඇවිත් රෑ කෑමට කතා කළාම.
" අහ්.. එන්න දුව.."
කෑම මේසය වටේ දැනටමත් හැමෝම වාඩිවෙලා හිටියත් සේහිට එකපාරටම කිසියම් හිස්තැනක් දැනුනා.
" මම්..?"
" දුව.. පුතා අද කෑමට එන්නෑ කිව්වා.."
" අහ්.."
" අද එයා ඔෆිස් අපාට්මන්ට් එකේ ඉන්නවා කිව්වා. ඉවර කර ගන්න බැරි වැඩ ගොඩක් තියනවලු. හෙට නම් අනිවාරෙන් එනවා කිව්වා.."
" හරි මම්.."
කොච්චර ප්‍රශ්න තිබුනත් ජොන් ජන්කුක් නැති කෑම මේසෙ පවා සේහි දැක්කෙ සොහොනක් විදිහට. එච්චරටම පාලු පෙනුමක් එතන තිබුනා. නෑ.. එතන තිබුනා නෙවෙයි. සේහිට දැනුනා. ඔව්.. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. ඒක පාර්ශ්වික වුනත් ඒකත් ආදරයක්නෙ.
" අනේ දුව.. අදට ඒ ගැන හිතන්නැතුව කාලා ඉන්නකො. පුතා හෙට එනවනෙ.."
සේහි මලානික විදිහට හිනාවෙලා කෑම මේසෙන් අසුන් ගත්තා.
" නෑ.. හෙට රෑ වෙනකල් ඉන්න ඕනි නැහැ දුව. ඔයා හෙට උදෙන්ම ඔෆිස් එකට යන්න.." සර් ජොන්ගෙ කතාවත් එක්ක සේහි බොන්න ගත්තු වතුර වීදුරුවත් ආපහු මේසෙ උඩින් තියලා සර් ජොන් දිහා පුදුමෙන් බැලුවා.
" අහ්.. මොකද මේ පුදුම වෙලා..? ලොකු පුතා ඔයා දුවට මේ ගැන කිව්වෙ නැද්ද..?"
" නෑ අප්පා.. මන් ආවෙත් දැන් විනාඩි ගානකට කලින්.." තේහ්‍යුන් සේහි දිහා බැලුවා.
" කමක් නෑ. දුව මේ අහන්නකො.. ඔයත් දැන් අපේ පවුලෙම කෙනෙක් නිසා මේ වැඩ ගැන බලලා පොඩ්ඩක් උදව් වෙන්න. මට හනී කිව්වා ඔයා අද මේඩ්ස්ලගෙ රිපෝට්ස් චෙක් කළා කියලා. හෙට උදෙන්ම ඔෆිස් එකට යන්නකො. පුතත් ඔයා නැතුව පාලුවෙන් ඇත්තෙ. අනික ඔයත් දැන් ඔෆිස් එකේ වැඩ ගැන බලන එක හොදයි.."
' මන් නැතුව ජන්කුක් පාලුවෙන් ඇත්තෙ..' මුහුනෙ ව්‍යාජ හිනාවක් එක්ක හදවත ඇතුලෙන් ඉකිබිදුමක් දැනෙද්දි සේහි හෙමින් තේහ්‍යුන්ගෙ බැල්ම මග ඇරියා. මොකද තේහ්‍යුන් වගේම සේහිත් දැනන් හිටියා ජන්කුක් මේ වෙනකොටත් හිටියෙ තනියෙන් නොවන වග.
" හොදයි ඩෑඩ්.."
" උදේ ලෑස්ති වෙලා වන්ශික්ට කියන්නකො. එයා ඔයාගෙ ඩ්‍රයිවර්ව අදුන්වලා දෙයි.."
" හොදයි.."
සේහිට දැනුනෙ ඒක ඉල්ලීමකට වඩා අණ කිරීමක් වගේ. ව්‍යාජ විවාහයක් මදිවට කාර්‍යාලයක වැඩ කරන එක. අනිත් එක JK පවුද්ගලික ව්‍යාපාරයේ.. සේහිට ආපහු සුසුමක් හෙලුනා. මේ කිසිම තීරනේකට තමන්ට විරුද්ධ වෙන්න බෑ කියලා සේහි හොදාකාරවම දැනන් හිටියා.
මගෙන් අහන්න සේහි මේ ලෝකෙ තවත් අකමැති එක දෙයක්. මන් කෙලින්ම උත්තර දෙන්නෙ මෙහෙම කියලා. වීදුරු කාමරයක් ඇතුලෙ වායු සමීකරන යන්ත්‍රයක් එක්ක තනිවෙලා ලියකියවිලි ගොඩක් ඇතුලෙ හිරවෙලා එක තැන වාඩිවෙලා වැඩ කරන්න..
~~~~~~~~~~
වෙනදටත් සේහි සහ ජන්කුක්ගෙන් එක් කෙනෙක් විතරක් ඒ විශාල යුගල යහනෙ හිටියත් ඒ විශාල කාමරේ දෙන්නම එකට හිටියා. ඒ දේ දවස් දෙකකට විතරයි වෙනස් වුනේ. ඒකත් වුනේ ජේජු වල ජොන් මන්දිරයේ නිසා සේහිගෙ මතකයේ ඒ ගැන වැඩි දෙයක් හොල්මන් කලේ නැහැ. ඒ වුනත් සෝල් වල ජොන් මන්දිරයේ ඒ විශාල කාමරේ නම් සේහිට තනියෙන් ඉන්න හිත හදා ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
රාත්‍රී ආහාරය ගන්නවා කියලා බොරුවට රගපාපු සේහි එතැනින් ඉක්මනින් ඉවත් වෙලා කාමරේට ආවා. තේහ්‍යුන්ගෙ මූනෙ පවා සේහි කිසිම අමුත්තක් දැක්කෙ නෑ. ජන්කුක් හිතුවා වගේ සේහිට තේහ්‍යුන් ගැන කැමැත්තක්වත් තේහ්‍යුන්ට සේහි ගැන කැමැත්තක්වත් තිබුනෙ නැති පාටයි. එහෙම තිබුනා නම් අඩුම තරමෙ ඒ එක බැල්මකින්වත් ඒ ගැන අපිට තහවුරු කර ගන්න තිබුනා. ඒ වුනත් මට විශ්වාසයි ඒ එකදු බැල්මකවත් එහෙම සාක්ශියක් තිබුනෙ නැහැ කියලා.
" මැඩම්.."
වොශ් එකක් දා ගන්න බාතෲම් එකට යන්න ගිය සේහි ආපහු හැරුනෙ වන් ශික් කාමරේ දොරට තට්ටු කරමින් තමන්ට කතා කරපු නිසා.
" වන් ශික්..?" සේහි දොර ඇරියා.
" ජන්කුක් සර් මැඩම්ට මේක දෙන්න කිව්වා.." ඇය කිව්වෙ පොඩි බොක්ස් එකක් සේහි අතට දෙන ගමන්.
" මට..?"
සේහි පුදුම වුනත් වන්ශික් ඉස්සරහ තමන්ගෙ පුදුමය පෙන්නන්න ඇයට ඕනි වුනේ නෑ. අන්න ඒ නිසාම වන්ශික්ට ස්තූති කරපු සේහි රූම් එකේ දොර වහලා ඇතුලට ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා. ඇත්තෙන්ම ඒ වෙලාවෙ ඇයගෙ අත් වෙව්ව්ලමින් තිබුනා. ජන්කුගෙන් බොක්ස් එකක් තමන්ට..? නෑ.. ඒක විය හැකියාව අඩු දෙයක් නෙවෙයි සම්පූර්නයෙන්ම වෙන්න බැරි දෙයක්. ඒත් අන්තිමේදි සේහි ඒ බොක්ස් එක ඕපන් කලා.
ඒකෙ තිබුනෙ මොනා කියලද ඔයාලා හිතන්නෙ..?
ඒ සේහි ළග ඒ වෙනකොට නොතිබුන ඒත් අත්‍යාවශ්‍ය වුන දෙයක්...
~~~~~~~~~~
" ජන්කුකී.."
" ම්ම්.."
" මට සමාවෙන්න ජන්කුක්.. මන් එදා.. ඒ දේ හිතලා කලේ.." යේරා කියන්න ගිය දේ ඉවර කරන්න නොදී ජන්කුක් ඒ තොල් උඩින් හාදුවක් තියලා ඒ වචන අවහිර කළා.
" ඒක ඔයාගෙ වැරැද්ද නෙවෙයි හනී.."
" ඒ වුනත්.."
" ඔය ගැන ආපහු කතා කරන්නෙපා.. මට එපා වෙනවා.."
" හ්ම්.."
" කෝ ඉතින් තරහ වෙලාද..?'
" නෑ ජන්කුක්.. මට දුකයි ඒත්.."
" දුක් වෙන්නෙපා.. මේ අපිට ලැබිලා තියන විදිහ වෙන්න ඇති.." යේරාව තව තවත් පපුවට තුරුලු කර ගත්තු ජන්කුක් සුසුමක් හෙලුවා.
සේහි වගේම තේහ්‍යුන්ගෙත් අනුමාන වැරදි වුනේ නෑ. මොකද ජන්කුක් ඔෆිස් එකේ අපාට්මන්ට් එකේ හිටියෙ තනියම නෙවෙයි. අනික ඔහුට එතන ඉවර කරන්න තරම් මහ ගොඩක් වැඩ තිබුනෙ නෑ. මොකද ජොන් තේහ්‍යුන් කියන්නෙ ජොන් ජන්කුක්ටත් වඩා වගකීමෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් සති දෙකක් නෙවෙයි මාස කිහිපයක්ම ජන්කුක් වැඩට නොගියත් තේහ්‍යුන් එතන වැඩ ගානට ඉවර කළා. කොහොම වුනත් ජන්කුක්ට ඕනි වුනේ යේරා ළගට යන්නෙ. මොකද ජන්කුක් සෑහෙන්න විශ්වාස කළා තමන්ට උරුම උණුසුම තිබුනෙ යේරා ළග විතරයි කියලා.
" ජන්කුක්.."
" ම්ම්.."
" සේහිට ඔයාගෙ පේරන්ට්ස්ලා මොනවද දුන්නෙ..?" යේරා මෙච්චර වෙලා කුතුහලෙන් හිටපු ප්‍රශ්නෙ අන්තිමට එයා ජන්කුක් ඉස්සරහින් තිබ්බා.
" මන්දා ඩාලින්... තාම නම් මොකුත් කතා කලේ නෑ.."
හේතුකව වුනත් අහේතුකව වුනත් ජන්කුක් ඒ වෙලාවෙ කිව්වෙ සම්පූර්නයෙන්ම ඇත්තකුත් නොවුන බොරුවකුත් නොවුන කතාවක්. යේරාට ඒ කතාවෙ අවිශ්වාස කරන්න ඕනි වුනත් එයා තේරුම් ගත්තා ඒ ඒකට හරිම වෙලාව නෙවෙයි කියලා.
යේරා ජන්කුක්ව හාදුවකට නැඹුරු කර ගත්තෙ හෙමින් ජන්කුක්ගෙ ශක්තිමත් ශරීරය මතට එන ගමන්. ඒ වුනත් ඒ වෙලාවෙ මීට කලින් කවමදාවත් නොවුන දෙයක් දෙයක් වෙමින් තිබුනා. යේරාගෙ හාදුව ඉස්සරහ ජන්කුක්ගෙ හිත සෑහෙන්න නොසන්සුන් වෙන්න පටන් අරන් තිබුනා. ජන්කුක්ට දැනුනෙ කවමදාවත් නැති මූසල හැගීමක්. ඒත් යේරා ඉස්සරහ ඒ හැගීම මෙහෙමයි කියලා කියා ගන්න තරම් ජන්කුක් ශක්තිමත් වුනේ නෑ. අන්න ඒ නිසාම ජන්කුක් ඒ හාදුවට ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඒ වෙනස දැනුන නිසාම යේරා ජන්කුක්ගෙ තොල් මතින් ඈත් වුනා.
" ජන්කුක්.. මොකද මේ..?"
" යේරා ඩාලින්.. අපි අද ඉක්මනින් නිදා ගමුද..?"
" අහන්න.. ඔයා ප්‍රශ්නෙකද..?"
" නැහැ ඩාලින්.. මගෙ ඔලුව රිදෙනවා.."
යේරා ඒ වතාවෙ නම් ඇත්තෙන්ම ජන්කුක්ගෙ බොරුව විශ්වාස කළා. විනාඩි කිහිපයක් යද්දි යේරා හිටියෙ ජන්කුක්ගෙ අත් අතර නින්දක වුනත් ජන්කුක්ගෙ දෑස් තාමත් විවර වෙලයි තිබුනෙ. ඔහුවත් දැනන් හිටියෙ නෑ ඇයි කවමදාවත් නැතුව ඇයි තමන්ට එහෙම හැගීමක් දැනෙන්නෙ කියලා.
ඇත්තෙන්ම ඒක වචනෙන් විස්තර කරන්න පුලුවන් හැගීමක් නෙවෙයි. ඔහුගෙ දෑස් වල තිබුනෙ සෑහෙන්න විඩාබර බවක්. ඒකට හේතුව මහන්සි විම නෙවෙයි කියලා නම් ඕනිම තැනම ප්‍රත්‍යක්ශ කරන්න පුලුවන් කම තිබුනා මොකද දැන් සති දෙකක ඉදන් ජන්කුක් හිටියෙ නිවාඩු පිට නිසා. එහෙනම් ඒ හැගීම මොකක්ද..?
අපාර්ට්මන්ට් එකේ තිබුන වීදුරු ජනෙල් වල විනිවිද පේන ගතිය පවා තමන් දිහා බලන් ඉන්න වග ජන්කුක්ට දැනුනා. බැරිවෙලාවත් ඒ වීදුරු වලට.. ඒ වගේම ඒ බිත්ති වලට ඇස් තිබ්බා නම් එයාලා කොහොම තමන්ගෙ මේ හැසිරීම ළග ප්‍රතිචාර දක්වයි ද කියලා ජන්කුක්ටවත් හරියට නිනව්වක් තිබුනෙ නෑ.
සෝෆා සෙට් එකත් එක්කම තිබුන ටීපෝ එක උඩ තිබුන ලිලී මල් මැලවිලා තිබුනත් ඒ මල් වල රේණු පවා තමන් දිහා බලන් හිනාවෙනවා කියලා දැනෙද්දි ජන්කුක්ට ඇත්තෙන්ම හිතුනා තමන්ට මනෝ විකාර පේනවද කියලා.. ඒත් අන්තිමට ඔහු තේරුම් ගත්තා ඒ මනෝ විකාරයක් නොවන වග.
තමන්වත් හදුන ගත්තෙ නැති අමුතු හැගීමක් එයාගෙ හදවතේ ඉදන් මුලු ආත්මයේම ඇවිදින්න පටන් අරන් කියලා ඔහුට තේරුම් ගියා. අවසානයේදි ජොන් ජන්කුක් එළබුනේ එකම එක නිගමනේකට විතරයි. තමන්ගෙ මුලු ආත්මෙම පිරිලා තිබුන ඒ හැගීම 'පාලුව' බව එයා තේරුම් ගත්තා.
හවස ඔෆිස් එකට එන්න පිටත් වෙන්න වාහනේට නගින්න කලින් ආපහු හැරිලා බලද්දි තුන් වෙනි තට්ටුවේ සදලුතලේ හිටපු ඒ පාලුවේ හේතුව වුන තමන්ගෙ බිරිද ඒ වෙලාවෙ ඇදන් හිටපු දුහුල් ඇදුමෙ පාට පවා ජන්කුක්ගෙ මතකයට නැගෙන්න ගත්තෙ හරියට අකුනක එලිය පැතිරෙන වේගය හා ශබ්දය පැතිරෙන වේගය අතර ඇති පරතරය වගේ හිස්තැන් මහ ගොඩකට ඔහුගෙ හැගීම් වලින් ඉඩ හදල දෙන ගමන්. නොදැනුවත්ව වුනත් යේරාගෙ ඉන වටේ බැදිලා තිබුන තමන්ගෙ ඒ ශක්තිමත් දෑත් ඒ වෙලාවෙ ඒ ස්පර්ශයෙන් ඉවත් වුනා කියලා තේරුම් ගන්න ජන්කුක්ට සිහියක් තිබුනෙ නෑ.
ඒ වෙලාවෙ ඔහුගෙ හිතේ තිබුනෙ එකම දෙයයි. ඒ නැවත ඔහු ඇයව කවදාක හරි දුටුවොත් ඇගේ දෑස් දිහා බලන් පවසන දෙය ගැන.
~~~~~~~~~~
" ගුඩ් මෝනින් මැඩම්.."
" ගුඩ් මෝනින්.."
සේහිට ලැබිලා තිබුනෙත් බුගට්ටි වර්ගයේ අධි සුඛෝපභෝගී වාහනයක්. වන්ශික් ඇයට දොර ඇරියත් එක්කම සේහි වාහනේට ගොඩ වෙලා අසුන් ගත්තා. සේහි ඇදගෙන හිටියෙ කලු පාට දිග ඔෆිස් ට්‍රවුසර් එකක් එක්ක සුදු පාට අත් දිග ශර්ට් එකක් සහ කලු පාට බ්ලේසර් එකක්. කොන්ඩෙත් කඩා දාලා තිබුන නිසා වෙනදට වඩා ඇයගෙ ලස්සන කැපිලා පෙනුනද කියලා සේහි ලෑස්ති වෙද්දි කාමරේ එකේ තිබුන මිරර් එකටත් හිතුනද මන්දා..
විනාඩි හතළිස් පහක් විතර යද්දි සේහිට පුලුවන් වුනා JK පවුද්ගලික ව්‍යාපාර සමූහයේ මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලට ළගා වෙන්න.
" මැඩම්.. අපි ආවා.."
පළවෙනි තට්ටුවට ඇතුල් වුන සේහි වටපිට බලන් ඇතුලටම ඇවිදන් ගියා. ඒ සේහි මේ වගේ තැනකට එන පළවෙනි වතාව. ඒ වුනත් ඒ බව ඇයගෙ හැසිරීමෙන් නම් පෙනුනෙ නැහැ. ගොඩක් හුරු පුරුදු කෙනෙක් වගේ ඇය ඇතුලටම ඇවිදගෙන ගියා. ඒ වගේම ඇයගෙ පස්සෙන් එයාගෙ පෞද්ගලික ආරක්ශකයත් ඇවිදගෙන ගියා.
" ජන්කුක්ශීගෙ රූම් එක තියන්නෙ කීවෙනි ෆ්ලෝර් එකේද වන්ශික්..?"
" තිස් එක් වෙනි එකේ මැඩම්.."
විනාඩි කිහිපයක් ගත වෙද්දි සේහිට පුලුවන් වුනා ජන්කුක්ගෙ කාර්‍යාල කාමරය පිහිටලා තිබුන තට්ටුවට එන්න. සේහිට දකින්න ලැබුනෙ හැමතැනම තිර රෙදි වලින් වට වෙලා තිබුන වීදුරු ජනෙල් දොරවල් මහ ගොඩක් විතරයි. ඒ හැම දෙයක්ම කෘතිම දේවල්. වායු සමීකරණ යන්ත්‍ර, උෂ්ණත්ව පාලක යන්ත්‍ර ඇතුලු හැම ස්වභාවික සංසිද්ධියක්ම කෘත්‍රිමව මවා පාන්න ඒ නිර්මාන වලට හැකි වෙලා තිබුනා.
ජොන් සේහි ඇවිදලා ඇවිදලා අන්තිමට නැවතුනේ කලු පාට ලොකු දොරක් ළග.
'ප්‍රධාන විධායක නිළධාරි ජොන් ජන්කුක්'
ඒ දොරේ සවි කරලා තිබුන වීදුරු දොරේ තිබුනෙ එහෙමයි. සේහි දීර්ඝ සුසුමක් හෙලලා ඒ දොරට තට්ටු කළේ ඇතුලෙන් ජොන් ජන්කුක්ගෙ කටහඩ බලාපොරොත්තුවෙන්. මොන හේතුවකටද දන්නෙ නෑ සේහිට ඇහුනා තමන්ගෙ හදවත ගැහෙනවා. එක රැයකට පස්සෙ තමන්ගෙ සැමියව දකින්න යන බිරිදකගෙ හැම ඉරියව්වක්ම සේහිගෙන් ප්‍රදර්ශනය වුනත් ඒ ඉරියව් වල උරුමය ලබන්න තරම් ජොන් ජන්කුක් නම් තාමත් සුදුසුකම් ලබලා තිබුනෙ නැහැ.
" මැඩම්.." ජොන් ජන්කුක් වෙනුවට කාමරේ දොර ඇරියෙ ප්‍රධාන ලේකම්.
" සර් විනාඩි දහයකට එළියට ගියා මැඩම්.. සර් එනකල් මැඩම් ඇතුලට එන්න.."
සෙකට්‍රි කිව්වෙ එළියට එන ගමන්. වන්ශික් දොර ළග හිටගෙන ආරක්ශාව සපයද්දි සේහි තනියම ඇතුලට ගියා.
මුලින්ම සේහි ඇස් වලට දැක්කෙ සම්පූර්නයෙන්ම කලු පැහැයෙන් පිරුන කාර්‍යාල කාමරයක් විතරයි. ඇත්තටම ඒක කරුවලයි. හරියට ගුහාවක් වගේ. සේහි හෙමින් ගිහින් මේන් ලයිට්ස් ටික ඔන් කළා. ඒකෙන් කාමරයට කෘතිම ආලෝකයක් ලැබුනත් ඒ විශාල ආලෝකයට පවා බැරිවුනා කාමරේ තිබුන ඝන අන්ධකාරය සම්පූර්නයෙන්ම නැති කරලා දාන්න. සේහිට ටික වෙලාවක් යද්දි තමයි තේරුනේ ඒ කාමරේ සම්පූර්නයෙන්ම ප්ලෑන් කරලා තියන්නෙ බ්ලැක් දීම් එකෙන් කියලා.
' බැරිවෙලාවත් ජන්කුක්ශීගෙ ෆේවරිට් කලර් එක බ්ලැක්ද..?' එහෙම හිතන ගමන් සේහි සෝෆා එකට බර වුනා.
ජොන් ජන්කුක්ගෙ මහ විශාල බිත්ති ඔරලෝසුවේ තවත් විනාඩි කිහිපයක් ගත වුන බව සටහන් වුනේ තත්පර කට්ටෙන් පමණක් නැගෙන ශබ්දයෙන් අවට පරිසරයෙ තිබුන ගැඹුරු නිහඩතාවය නැති වෙලා යද්දි.
" ඩෑඩ්.. මේ අහන්න.. ජන්කුක් එයාව මැරි කලා කියන්නෙ මට කීයටවත් කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ කියන එක.."
" .........."
" නෑ ඩෑඩ් නෑ.. මන් දැන් කොච්චර ට්‍රයි කළත් ඔයා හිතනවද ජන්කුක් එයාගෙ ශෙයාර්ස් මට නිකන් දෙයි කියලා.. කීයටවත් නෑ අප්පා.."
" ..........."
" හරි.. කලින් නම් මට ඕනිම දෙයක් කරන්න තිබුනා. ඒ වුනත් එයා දැන් මැරි කරලා. මේ එෆෙයා එකෙන් එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.."
" ........."
" අනේ ඩෑඩ් තේරුම් ගන්නකො.. මන් කොච්චර ට්‍රයි කළත් කිසිම දෙයක් අපිට ලැබෙන්නෙ නැහැ.."
" .........."
" හරි හරි මන් බලන්නම්කෝ.."
ඈතින් වුනත් ඒ ඇසුනු කටහඩ කාගෙද, ඒ කතා වුනේ මොකක් ගැන ද වගේ දේවල් තේරුම් නොගන්න තරම් සේහි මෝඩ වුනේ නෑ. එතකොටම ඇය දැක්කා ජන්කුක්ගෙ ඔෆිස් අපාර්ට්මන්ට් එකේ බෙඩ් රූම් එකේ ඉදන් එලියට යන රෙඩ් කලර් හෑන්ඩ් බෑග් එකක් ගත්තු කාන්තාවක්..
සේහිට ඉබේම සුසුමක් හෙලුනා. ඇයට හිතුනෙ එකම එක දෙයයි. ජොන් ජන්කුක් කියන්නෙ මෙච්චර මෝඩ කෙනෙක්ද..?
සේහිට ඕනි වුනත් ඒ ගැන එක දිගට කල්පනා කරන්න ඇය ඒකට මහන්සි වුනේ නෑ. තමන්ගෙ ට්‍රවුසර් එකේ පොකට් එකෙන් එයාට ලැබුන සෙල් ෆෝන් එක අතට අරන් සේහි ජොන් ජන්කුක්ගෙ ෆොටෝ එකක් ඒකෙ වෝල්පේපර් එකට සෙට් කරලා ඒ දිහා බලන් හිටියා.
ඇත්තටම ජොන් ජන්කුක්ගෙ පෙනුම ගැන කියන්න කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. සේහි ඒ ඇස් වල ඉදන් දිගටම බලන් ආවා. කෙලින් පිහිටලා තිබුන ගන ඇස් බැමි දෙක මගින් ටිකක් උස් වෙලා තිබුන නිසා ජන්කුක්ගෙ නපුරුකම ෆොටෝ එකේ ඕනවටත් වඩා කැපිලා පේනවා කියලා සේහිට තේරුම් ගියා. ඇයට ඒ වෙලාවෙ හිතුනෙ එක දෙයයි. දේයන් සහ ජොන් ජන්කුක් අතර තියෙන එකම වෙනස..
' නපුරුකම...'
සේහි එක දිගටම ඒ දිහා බලන් හිටියා. ඒ සමහර විට තමන්ගෙම සැමියා වෙලත් එක මොහොතකට ඒ ඇස් දිහා බලන්න නොලැබුන නිසා ෆොටෝ එකකින් හරි බලනවා කියන අදහසින් වෙන්න ඇති.
ඒත් එකපාරටම ඇයගෙ දැහැන බිදුනෙ ඔෆිස් රූම් එකේ දොර වේගෙන් ඇරිලා වැහෙන හඩින්.
" ජන්කුක්ශී..!"
පුදුමය මිශ්‍ර වුන කටහඩත් එක්ක ෆෝන් එක පොකට් එකට දාගත්තු සේහි සෝෆා එකෙන් නැගිට්ටෙ තමන් දිහාට ඊයක වේගෙන් ඇවිදන් එන ජන්කුක්ගෙ ඇස් වල තිබුන අමුතු බැල්ම තේරුම් ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙද්දි.
සේහිට තවත් ඒ දිහා බලන් ඉන්න වුනේ නෑ. සේහිට අඩියක් විතර ඈත දුරකදි සේහිගෙ එක අතකින් ඇදලා ගත්තු ජොන් ජන්කුක් සේහිව තමන්ගෙ පපුවට තුරුලු කර ගත්තෙ හරියට ජීවිතේ තමන්ගෙ වටිනම වස්තුව කවුරු හරි උදුරන් යන්න තැත් කරන්න හදපු උත්සාහයකට බය වෙනවා වගේ. වුනු දේ හිතා ගන්න බැරි වුන සේහි ජන්කුක්ගෙ පපුවට අත් දෙක තියලා තල්ලු කරන්න හැදුවත් ඒකෙන් වුනේ ජන්කුක් අත් තව සේහිගෙ උරහිස් වටෙන් තද වෙනවා විතරයි..
සේහිට ඇහුනා තමන්ගෙ සැමියගෙ පපුව ගැහෙන වේගෙ. ඒත් ඇයි ඒ කියලා සේහිට හිතා ගන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. අඩුම තරමෙ ඒ පපුව ගැහෙන්නෙ තමන් වෙනුවෙන්ද කියලවත් සේහි දැනන් හිටියෙ නෑ.
ඒත් ඊලගට ඇහුනු වචන කිහිපයත් එක්ක සේහිට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුනා. ඒ ඇත්තටම ජොන් ජන්කුක්ද..? එහෙමත් නැත්නම් තමන් යේරා කියලා ජන්කුක් පටලව ගෙනද..?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" මට ඔයාව මිස් වුනා.."
ඒ වචන හතරෙන් පස්සෙ ජන්කුක් තමන්ගෙ බිරිද හා තමන් අතර තිබුන දශම ගානක පරතරයත් නැති කරලා තදින් වැළද ගත්තා.
____________________________________
මන් දැනන් හිටියෙ නෑ මොකක් කරන්නද..
කොහොම හැසිරෙන්නද කියලා..
ඒ වුනත් මගේ හිස් හදවතට එක දෙයක් තේරුම් ගියා..
ඒ මන් කියපු දේ හරි කියලා..
මන් අදටත් සතුටු වෙනවා
මන් එදා ඒ දේ කියපු එකට..
මොකද මන් තවමත් දන්නෙ නැහැ..
මට ඔබව නැවත කවදාහරි හමුවෙයිද..
"..ඔබේ දෑස් දෙස බලා මට ඔබ නැතුව පාලුයි කියා.."
පවසන්න පුලුවන් වෙයිද කියලා..
____________________________________
Cover by :- Lali_za4
A_Shee1 ~