"මේක තමයි රූම් එක කුකී. චිම් එච්චර පිළිවෙල දරුවෙක් නෙවෙයි. ඒ ගැන මට සමාවෙන්න."
මං දැන් ඉන්නෙ මගේ ඔම්මගෙ හොදම යාළුවා එක්ක එයාගෙ එකම පුතාගෙ රූම් එක ඉස්සරහා.
ලබන සතියේ ඉදන් අපිට කොලේජ් පටන් ගන්නවා. මෙහෙ ජීවිතේට හුරු වෙන්නත් එක්ක මට ටිකක් කලින්ම එන්න උනා.. මට දිගටම ඉන්න වෙන්නෙ මේ රූම් එකේ. ආන්ටි ජියෝගෙ පුතා එක්ක..
එයාගෙ නම පාක් ජිමින්. ඔම්මගෙ හොදම යාළුවගෙ පුතා උනත් එයාව මම මුලින්ම දකින්නෙ අද. එයා පොඩි කාලෙ ඉදන්ම හිටියෙ ඇමරිකාවල. එයාගෙ නපුරු අප්පත්තෙක්ක.
පාක් අංකල් ආන්ටි ජියෝව ඩිවෝස් කලාට පස්සෙ ජිමින් හ්‍යොංවත් එක්කගෙන එයා ඇමරිකා ගිහින් තිබුනා... ආන්ටිට හ්‍යොං නැති අඩුව පිරෙව්වෙ මම. ආන්ටි හරි හොඳයි. මට හරි ආදරෙයි.. ආන්ටි ඉස්සර ඉදන්ම මට ජිමින් හ්‍යොං ගැන හරි ලස්සන කතා කිව්වා.. සමහර කතා එයා හිතින් මවාගත්ත ඒවා උනත් මං ඒ කතාවලට හරි ආදරේ උනා..
"මොකාද බෙල් එක උඩ නැගගෙන ඉන්නෙ.. ටිකක් ඉන්නවා එනකල්."
ටිකක් වෙලා යනකලුත් කවුරුත් දොර ඇරියෙ නෑ. දෙතුන් පාරකට වඩා බෙල් කරන කොට එකපාරම ඇතුලෙන් ඇහුනු කේන්ති සද්දෙ නිසා ආන්ටි හරි අසරණ පාටට මං දිහා බැලුවා..
"එයා ටිකක් දඟයි.."
ආන්ටි හීනි හිනාවක් අමාරුවෙන් මූණට නග්ගගනිද්දි මාත් හිතේ බය හංගගෙන ආන්ටිට හිනාවක් දුන්නා.. ඒත් ඔයා නරක කෙනෙක් නෙවෙයි වෙන්න ඇති...
මට එහෙම හිතෙනවා..
එකපාරටම ඇරුණු දොරෙන් මතු උනේ මහ සැර පාට... අම්ම්... හොට්... ඒන්ජල් කෙනෙක්..
අ...ම්ම්.. ඒන්ජල් කෙනෙක් කිව්වෙ.. මං එහෙම කියන එක හරිද මන්දා.. එයාගෙ මූණ ඒන්ජල් පාටට තිබුනට ඒ මූණෙ චුට්ටක්වත් හිනාවක් තිබුනෙ නෑ.. එයා දිගටම හිටියෙ රවාගෙන උනත් එයා හරිම හොට්.. ඔව් පොඩි ශෝටකින් විතරක් වැහිලා තිබුනු ඒ ඇග දැක්කම මට ලොකු කෙළ බෝලයක් ගිලුනෙ ඉබේටමයි... දෙයියනේ ඒ ඇබ්ස්..
"ඔම්මා.. ඔයා මේ මී පැටියව මෙච්චර උදෙන් එක්කන් ආවද?? අ..ශ්.. රූම් එක අස් කරෙත් නෑ..."
එහෙනම් එයා මං එන එක ගැන හිතලා.. ඒකනෙ මං වෙනුවෙන් රූම් එක අස් කරන්න ඉදලා තියෙන්නෙ.. හව් ස්වීට්..
"චිමී.. ඔයා අමුත්තෙකුට ඔහොම කතා කරන එක හරිම නරකයි..."
"අන්‍යොං හ්‍යොං.. මම ජන්කුක්. ජොන් ජන්කුක්.."
එයා මාව ගණන් ගන්නෙවත් නැතුව ඇතුළට යද්දි ආන්ටි මගෙ අතින් අල්ලගෙන මාව ඇතුළට එක්කන් ගියා..
දෙයියනේ මේක අස්කරන්න වටින රූම් එකක් නේන්නම්... පිලිවෙලට තියනවා කියලා හිතන්න පුළුවන් තරමෙ එකම එක දෙයක්වත් රූම් එකේ තිබුනෙ නෑ..
ඇද යට හංගලා තිබුන සැර බීම බෝතල් දෙක තුනකුත් මට ඈතටම පෙනුනා.. අශ්... මෙයා බේබද්දෙක්ද?? අයිගෝ ඔම්මා.. දැන්නම් මට බයයිත් වගේ...
"අප්පා කෝල් කලාද චිම්??"
ආන්ටිගෙ ප්‍රශ්නෙට එයා ඔහේ ඔලුව වැනුවා.. එයා මෙහෙ ආවෙ ආන්ටිගෙ බල කිරිල්ලට. පොඩි කාලෙ ඉදන්ම එහෙ ජීවිතේට හුරු වෙලා ඉදලා එයාට මෙහෙ ටිකක් අමාරු ඇති..
"ඔයා කිම්පප් කන්න ආස නිසා මම කිම්පප් ටිකකුයි මන්දු ටිකකුයි හදාගෙන ආවා.. දවල්ට කන්න හොදද කුකීටත් දීලා.."
"කවුද කුකී? අහ් මෙයාද?"
හ්‍යොං කට චුට්ටක් ඇද කරලා නෝන්ඩි පාටට හිනාවෙන ගමන් ඇහුවම ආන්ටි එයාගෙ අතට හිමීට පාරක් ගැහුවා..
"කුකී අහිංසක දරුවෙක් පුතේ.. එයාව හොදට බලාගන්න හොදද? ජොන් ආන්ටි ඔයාව විශ්වාස කරලයි මෙයාව ඔයත්තෙක්ක තියන්නෙ.. එහෙනම් මම යන්නම් කුකී බබා... මට චුට්ටකින් මීට්න් එකක්.. ඔයා ඔම්මට කෝල් එකක් දෙන්න හවස් වෙලා.. මාත් කතා කරන්නම්කො ම්.. පරිස්සමින් ඉන්න.. බය වෙන්න එපා හොදද.. මෙයා ඔය බොරුවට කෑගැහුවට හරි හොදයි.."
මගෙ ඔලුව පරිස්සමට අතගාපු ආන්ටි කම්මුලින් චූටි කිස් එකක් තියලා හ්‍යොංගෙත් ඔලුව අතගාගෙනම යන්න ගියා..
ආන්ටි ගියපු වෙලාවෙ ඉදන් හ්‍යොං හැසිරුනේ මං කියලා කෙනෙක් රූම් එකේ නැති ගානට.
එයා අර චූටි ශෝට් එකට උඩින් ටී ශර්ට් එකක් දාගෙන රූම් එක පුලු පුළුවන් විදිහට අස් කලා.. මං උදව් වෙන්න හදද්දි එයා මට දිගටම රවන්න ගත්තු නිසා මං ඒ මුළු වෙලාවම හිටියෙ බෑග් එකත් පපුවට තුරුළු කරගෙන හිටගෙන.
"තමුන් දිගටම ඔතන හිටන් ඉන්නද හිතාගෙන ඉන්නෙ?"
හ්‍යොං සද්දෙන් කෑගහද්දි මාව ගැස්සිලා ගියා.. එයා රූම් එක අස් කරලා කෑම ටිකත් මේසෙට ඇරලා..
"තමුන්ගෙ කන් ඇහෙන්නෙ නැද්ද? මට බඩගිනියි කනවනම් එනව ඉක්මනට."
එයා මත් පාට වෙච්ච ඇස් දෙක්කින් මං දිහා කන්න වගේ බලන් ඉන්නව.. අ..ශ්.. මේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නෙ ඇයි..? මං එයා දිහා බලන්නැතුව ඉන්න පරිස්සම් වෙවී ගිහින් කන්න ඉදගත්තා..
"බේබි ප්ලීස් මං කියන දේ චුට්ටක් අහන්න.. මට ඔයාව ඕනෙ.. ඔයා කොහොමද මට ඔහොම කරන්නෙ ආ..?"
හරි හදිස්සියකින් වගේ කකා හිටපු හ්‍යොං එකපාරම රින්ග් වෙච්ච ෆෝන් එක කනේ තියාගෙන කියවන්න ගත්තම මට කකා හිටපු එකත් හිර උනා.. එතකොට එයාට ෆර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?? පපුව හරහා ගියපු හීනි හිරියක් එක්ක මම මටම මුමුණගත්තා.. ඇයි මට දුක හිතෙන්නෙ??
"අ..ශ්.. ෆක් මේ ගෑනී.. ආ..හ්"
එකපාරටම කකා හිටිය කෑම එක එතනම විසි වෙන්න පොලේ ගහපු හ්‍යොං ශෝට් එකට උඩින් ඩෙනිමක් දාගෙන රූම් එකෙන් එළියට ගියා.. අනේ ඔම්මා මං දිගටම මෙයා එක්ක ඉන්න ඕනෙද..?
දැං අර රස කෑම එකත් බිමනෙ අපරාදෙ.. පණ්ඩිතයා..
එයා ගියාට පස්සෙ මම අපේ රූම් එක පිළිවෙලට ලස්සනට අස් කලා. ඊට පස්සෙ ඔම්මටත් කෝල් කරලා හ්‍යොංගෙ බොරු හොද ගොඩක් කියලා එයාගෙ හිතත් හදලා හ්‍යොං එනකල් බලන් හිටියා..
පාන්දර දෙක වෙනකලුත් හ්‍යොං ආවෙ නැති උනාම මහ ගොඩක් බය හිතුනත් මං දිගටම පුටුවට වකුටු වෙලා දොර දිහාම ඇස් තියාගෙන හිටියා..
අන්තිමට එයා ආවා... හොදටම බීලා කෙලින් ඉන්නවත් පණක් නැතුව වැටි වැටී... කලින් මම බීපු මිනිස්සුන්ව දැකලා තිබුනෙ ටීවී එකෙන් විතරයි. හුස්මක් ගන්නවත් අමතක වෙන තරමට මාව බයෙන් ගල් ගැහිලා ගියා..
එයා අසනීපෙන්ද නැත්තන් මේ බීපු මිනිස්සුන්ගෙ හැටිද..??
වැනි වැනී බිත්තිවලට වාරු වෙවී ආපු හ්‍යොං එක පාරම බිමට වැටෙන්න යද්දි මං එයාව ඇගට වාරු කරගත්තා..
සැර බීම ගදක් එක්ක මික්ස් වෙච්ච එයාගෙ බර හුස්ම පොදවල් එක දිගට මගෙ බෙල්ලෙ වදිද්දි මාව බීට් අලයක් වගේ රතුවෙනවා මටම දැනුනා..
වේගෙන් වේගෙන් ගැහෙන පපුවත් අල්ලගෙන හ්‍යොංව වත්තන් කරන් ඇදට ගිහින් දාපු මම එයාගෙ ටී ශර්ට් එකත් අයින් කරලා දාලා ඇග තෙතමාත්තු කලා..
ටික වෙලාවක් යනකල්ම සංසුන් පාටට හිටපු එයා එකපාරම හිමීට මොනවද මුමුණණ ගමන් මාව ඇදලා අරන් කිස් කරන්න ගත්තම මට දෙයියෝ සිහි උනා... අ..ශ්... සත්තයි ඒ මනුස්සයා මාව කිස් කරා... මට රිදිලා තොල්වලින් ලේ එනකල්ම එයා මාව කිස් කලා...
"හ්‍යොං.."
මගෙ කටහඩ වෙව්ලනවා මටම දැනුනා..
"යුන්මී.. වේ බේබි වේ?? ඇයි මාව දාලා ගියේ..?"
එයා දිගටම මිමිණුවෙ ඒක..
"හ්‍යොං ඔයා හොදින්ද?? ඔ.. ඔයාට වතුර ටිකක් දෙන්නද?"
"බේබ් මට ඔයාව ඕනෙනෙ මැණික මං දැං කොහොමද ඉන්නෙ..? ඉස්සල්ලා එයා දාලා ගියා.. දැන් ඔයා.. ඇයි මට කවුරුත් ආදරේ නැත්තෙ? මට කවුරුත් ආදරේ නෑ.. කවුරුවත්ම.. ආදරේ.. නෑහ්.."
එයා අඬනවා.. ඒ සිනිදු කම්මුල් දෙපැත්තෙන් නොනවත්වාම කඳුළු ගලනවා.. ඒ වැටෙන කඳුලක් ගානෙම මගෙ පපුව හීරීගෙන යනවා..
"මට කවුරුත් ආදරේ නෑ.."
"එහෙම නෑ.. මං ආදරෙයි.. මං ඔයාට ආදරෙයි..."
මට ඉබේම කියවුණ.. යා..හ් තමුන්.. මෝඩ කුකී.. බයටම අත් දෙකෙන්ම කට වහගත්තත් හ්‍යොංට ඒක ඇහුන බවක් පෙනුනෙ නෑ.. එයා දිගටම තනියම කියෙව්වා...
මං උදේ ඇහැරිද්දි හ්‍යොං ඇදේ හිටියෙ නෑ.. මට එයා එක්කම එයාගෙ ඇදේ නින්ද ගිහින්ද එතකොට?? දෙයියනේ මේ මොන ලැජ්ජාවක්ද..
"තමුන් මොකටද මගෙ දේවල් ඇද්දෙ?"
එකපාරම කොහෙදෝ ඉදන් එයා සද්දෙට කෑගහගෙන එද්දි මං බයටම ඩුවට් එක අස්සට ගුලි ගැහුනා.. ඊයෙ මං මෙච්චර ලස්සනට රූම් එක හැදුවට ඔය කෑගහන්නෙ.. මං ඇද්දෙ නෑනෙ අස් කලා විතරයිනෙ. ඇයි ඒකට ඔච්චර කෑගහන්නෙ..
"ඊයෙ රෑට කෑවද?"
මගෙ මූණට රවාගෙන හිටපු හ්‍යොං එකපාරම අහද්දි මං නෑ කියන්න වේගෙන් ඔලුව හෙල්ලුවා..
මං හිටියෙ හොද බඩගින්නක.. ඊයෙ දවල් කෑවට පස්සෙ වතුර උගුරක්වත් බොන්න උනේ නෑනෙ..
"මං උදේට කන්නෙ නෑ.. ඩයට්.. තමුන් මේක හදන් කනවා.."
එයා ලාම්‍යොන් පැකට් දෙකක් ඇදට විසි කරන ගමන් කිව්වා.. ඒත් මේ ස්පයිසි එව්වා මං කන්නෑනෙ... කන්නැති උනත් දැං ඕක කියන්න පුළුවන් යැ.. අ..ශ්...
ටිකකින් මං හිටියෙ කඳුළු පිරිච්ච ඇස් දෙකක් එක්ක සැර නිසා පිපිරෙන්න වගේ රතුවට බෝල වෙච්ච ලිප්ස් දෙක ඇතුලට සුරුස් ගගා සැරම සැර ලාම්‍යොන් තොගයක් ඔබාගන්න ගමන්..
එව්වා සැරයි.. හොදටම සැරයි...
මගෙ කම්මුල් තෙමාගෙන ගලන කඳුළු පිහ පිහ මං ඒ ටික ඉක්මනට ගිලින්න ගත්තෙ හ්‍යොං දැක්කොත් ඒකටත් කෑගහයි කියලා බයටමයි..
"තමුසෙ අඬන්නෙ මොකද? ඕක මං උදුරගෙන කන්නෙ නෑ.. හෙමීට කනවා.."
එයා ආයිමත් කෑගැහුවා... ඇයි හැම එකටම ඔහොම කෑගහන්නෙ. මං කොච්චර අමරුවෙන්ද මේක කාගත්තෙ.. එයාට ඔච්චර නපුරු වෙන්න තරම් මං මොනවද කලේ...
ලාම්‍යොන්වල සැරට ගලපු කඳුළු අස්සෙන් දුකට ගලපු කඳුළුත් කම්මුල් තෙමාගෙන හෙමීට පල්ලම් බහින්න ගත්තා.. මට සද්දෙන් ඉකිගැහුනා...
"කුකීහ්.. ම්..මියන්හේ..."
මට කකා හිටපු එක හිර උනා.. දෙයියනේ එයා මට කුකී කිව්වා...
"චොම්මල් මියන්හේ ප්ලීස් අඩන්න එපා.. මේ මගෙ හැටි. මාත්තෙක්ක දිගටම ඉන්නවනම් ඔයාට මේවට හුරුවෙන්න වෙයි.. මං හැමදාම මෙහෙම නෑ.. මේ දවස්වල හිත ටිකක් බරයි.."
මං ඔයාට කිව්වනෙ කුකී එයා හොද කෙනෙක්.. මං චොප්ස්ටික් දෙක එහෙමම තියලා ගිහින් එයාව තද කරලා බදාගත්තා.. පව්.. එයා හොදටම පව්..
"ඊයෙ ඔයාව කිස් කරාටත් සොරි.. ඒ ගැන වැඩිය හිතන්න එපා මං සිහියෙන් නෙවෙයි හිටියෙ..."
ඒක ඇහෙද්දිනම් මාව එහෙමම ගල් ගැහුනා.. මං ඉක්මනට එයාව අතෑරලා පැත්තකට උනා..
දෙයියනේ එයාට ඒක මතකයි.. අ..ශ්...හ් ලැජ්ජාවෙ බෑ.. මම ඒ කිස් එකට රිඇක්ට් කලාද? මං ඒ වෙලාවෙ මොනවද කලේ? ඇයි මට ඒක මතක් වෙන්නෙ නැත්තෙ? එයාද බීලා හිටියෙ මංද??
"බබාහ්.."
ඒ වචනෙට මාව වෙව්ලලා ගියා.. හ්‍යොං එකපාරම මාව ලඟට ඇදලා අරන් ඒ අත් අස්සට මගෙ මූණ හිර කරලා අල්ලාගත්තා.. නෑ රිදෙන්න නෙවෙයි.. ඒ ඇස්වල තිබුනෙත් මහ අමුතු හැඟීමක්. තේරුම් ගන්න බැරි අමුත්තක්..
"ඊයෙ මට ආදරෙයි කිව්වෙ ඇත්තටම ද?"
මගෙ කටේ තිබුන කෙල අන්තිම බිංදුවටම හිඳුනා..
ඔව් කියන්නද? ආන්ටි එයා ගැන කියවන දේවල් මට තේරෙන්න පටන් ගත්තු දවසෙ ඉදන් මං එයාට ආදරේ කලා කියන්නද..? ඔය මූණ ඇස් ඉස්සරහට දකින්න හැමදාම පෙරුම් පිරුවා කියන්නද..?
"මට කියන්න කුකී.. ඒක ඇත්තටම ද කිව්වෙ?"
මං දිගටම බිම බලාගෙනම හිටියා.. නෑ කියලා ඔයාට බොරු කියන්න මට බෑ හ්‍යොං..
"ප්ලීස් මට කියන්න බබා.. ඔයා ඇත්තටම ද ඒක කිව්වෙ..?"
"ඔ..ඔව් හ්‍යොං.."
මට ඉබේටම ඔලුව වැනුනා..
ඒත්තෙක්කම එයා හරි හදිස්සියකින් මගෙ තොල් ඒ සිනිදු තොල් එක්ක පටලගත්තා.. ඒක ඊයෙ රෑ වගේ නෙවෙයි ආදරේ දැනෙන පපුව හීරෙන මහ දිග හාද්දක්..
"මේක නම් මං දුන්නෙ හොදටම හොද සිහියෙන් මැණික.. නාදෝ සරංහේ..."
****************
මේක ලස්සනයි නැතුව ඇති... ඒත් මට අද කතාවක් දෙන්නම ඕනෙ හිතුනා.. ඒ නිසා හදිස්සියෙන් හදිස්සියෙන් ලිව්වෙ...
චුට්ටම චුට්ටක් පරක්කුයි ඉතිං.. ඒකට සොරී...
පරිස්සමට ඉන්න.. ආදරෙයිම ආදරෙයි 🥺🥰💜💜