Still With You ( Fan Fiction Only )
_Chapter 11_
____________________________________
언제쯤일까
다시 그댈 마주한다면
Eonjejjeumilkka
Dasi geudael majuhandamyeon
When will it be?
If I face you again
මම ඔබව කවදාක හරි නැවත දුටුවොත්
____________________________________
" අජුස්සී.. අජුස්සී"
" ටක් ටක් ටක්.."
" අජුස්සී..!!"
මධ්‍යම රාතිය පසුවෙලා පෙරවරු දෙකටත් ලගා වෙනවා කියලා බිත්ති ඔරලෝසුවේ කටු සාක්ශි දරද්දිත් තමන්ගෙ කාමරේට දොරට තට්ටු කරමින් අජුම්මා කතා කරපු නිසා සේහිගෙ ප්‍රධාන ආරක්ශකයා ඇත්තටම බය වුනා. ඔහු ඒ වෙනකොටත් හිටියෙ අවධියෙන් නිසා අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් තිබ්බෙ නෑ.. ඒ නිසාම මිරර් ටේබල් එකේ පලවෙනි ලොකර් එකේ තිබුන උණ්ඩ පුරවපු රිවෝල්වරයත් එතනම පුටුවෙ හෙඩ් එක උඩ දාලා තිබුන බ්ලේසර් එකත් ගත්තු සේහිගෙ පවුද්ගලික ආරක්ශකයා ඉක්මනින් තමන්ගෙ කාමරේ දොර ඇරියා.
" අජුම්මා..?"
" අජුස්සී.. පොඩි මැඩම් එලියට ගියා.."
" මොකක්..!?"
පුදුමය මිශ්‍ර වුන ප්‍රශ්නාර්තයකින් ආරක්ශකයා එහෙම ප්‍රශ්නයක් විමසුවත් ඒකට පිලිතුරක් බලාපොරොත්තු නොවීම එයා ලිවින්ග් රූම් එකට ගියේ ඔහුගෙ කාමරේට ලගම පිට පිවිසුම වුනේ විසිත්ත කාමරයේ ප්‍රධාන දොර නිසා.
එලියට ගියපු ඔහුට වැඩි ආයාසයකින් තොරව සේහිව හොයා ගන්න පුලුවන් වුනා. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. ඒ අතරින් විශේශම හේතුන් අතරට වැටුනෙ සේහිගෙ ඉකිබිදුම සහ දුහුල් සුදු ඇදුම.
ජේජු වල ජොන් පැලස් එකේ ගෙස්ට් රූම් එකත් එක්ක එහා පැත්තෙන් ගාඩ්න් එකේ තිබුන ලොකු ලිලී මල් ගස් පේලිය ලග තිබුන පොඩි පොකුන අද්දර සේහි වාඩිවෙලා හිටියා. පොන්ඩ් එකේ වතුර ගලන ශබ්දයක් අවට පරිසරයේ නිහඩ කමට බාධා කලේ නෑ. මොකද පොකුනෙ වතුර ගැලුවෙ නැහැ. ඒ වෙනකොටත් පිරිලා තිබුන වතුර ටික නිශ්චලව තිබුනා මිසක්. ඒ ගතවුනේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා මහ පාන්දර නිසා ලිලී පොහොට්ටු එකිනෙක විකසිත වෙන්න පටන් අරන් තිබුනා. ඒ නිසා අවට වටපිටාව නැවුම් බවක් පෙන්නුම් කළත් එදා අහසෙ හද තිබුනෙ නැහැ. එදා හද පේන්න තිබුනෙ නැද්ද එහෙමත් නැත්නම් එදා අමාවකක් ද කියලා කියන්න නම් දන්නෙ නැහැ. කොහොම වුනත් ඒ මොහොතෙ හද පේන්න තිබුනෙ නෑ.
පරිසරයේ මිදුනු නැවුම් බවට නොපෙනුන සද මලානික බවක් එක් කරද්දි ඒ මලානික බවට තවත් මූසල බවක් එකතු කරන්න සේහිගෙ ඉකිබිදුමට පුලුවන් වුනා. ඒ වගේම ඇය හිටියෙ ඇගේ රාත්‍රී දුහුල් ඇදුමෙන්. ඒකෙ පාට වුනෙත් සුදු. මහ අදුරෙ සුදු පාටත් එක්ක එන ඉකිබිදුම් හඩ අවදානයට යොමු නොවෙන්න තරම් සේහිගෙ පෞද්ගලික ආරක්ශකයා නොසැලකිලිමත් වුනේ නෑ.
ඔහු හෙමි හෙමින් සේහිගෙන් අඩි ගානක් ඈතට වෙන්න හිටගත්තෙ අත් දෙක පස්සට බැදගෙන වටපිටාවට අවධානය යොමු කරන ගමන්. අජුම්මගෙත් කදුලු පිරුනු දෑස් වල බැල්මත් ලිවින්ග් රූම් එකේ කොනක ඉදන් මූසල පරිසරයේ හිස් බවට එකතු වුනා.
හමුවෙලා එක දවසක් වුනත් ජේජු වල ජොන් පැලස් එකේ අයට තිබුනෙ සෝල් වල ජේජු පැලස් එකේ කාර්‍යය මණ්ඩලයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් අදහසක්. අජුම්මා ඇතුලු එයාලගෙ එකම තීරනේ වුනේ..,
' පොඩි මැඩම් පවු කියන එක..'
~~~~~~~~~
" බැරිවෙලාවත් ඔයා හ්‍යුන්ට කැමතිද සේහි..?"
තමන්ගෙ සැමියා පලවෙනි වතාවට ඒ යුගල යහනෙදි තමන්ව වැලද ගනිද්දි ඒ උනුසුම විද ගන්න දෑස් පියා ගන්න හැදුවත් සේහිට ඒ දේ කරන්න ලැබුනෙ නෑ. මොකද ඒ වචන කිහිපය සේහිගෙ මුලු ඇතුලාන්තයම එක මොතොතකින් පුච්චලා අලු කරලා දමපු නිසා. එච්චරටම නරක චෝදනාවක්.. සේහිට මොහොතකට දැනුනා ඊට විනාඩි කිහිපයකට කලින් ඇයට ලැබුනු අතුල් පහරෙ වේදනාව යටපත් වෙමින් මුලු හදවතම පිච්චීගෙන එන විදිහ.. ඇත්තටම ජොන් ජන්කුක් කොහොමද එහෙම කියන්නෙ..? සමහර විට ඒ තමන්ගෙ වැරැද්ද වහ ගන්නද..? වෙන කාට කිව්වත් සේහිට ඒ දේ එච්චරටම නොදැනි තියෙන්න තිබුනා.. ඒ වුනත් ඒ දේ කිව්වෙ තමන්ගෙම සහෝදරයව පාවලා දීලා.. නෑ.. සේහිට තවත් නම් ඉවසන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
තමන්ගෙ ඉන වටේ බැදිලා තිබුන ඒ හැඩි දැඩි ඈත් කරන්න සේහි කිහිප වරක් උත්සාහ කළත් ඇයට ඒක කර ගන්න පුලුවන් වුනේ නෑ. අන්තිමට ඇය එක මොහොතකට ඒ උත්සාහය නවැත්තුවා. ඇයට දැණුනා ගෙල පාමුලින් තමන්ගෙ සැමියගෙ උනුසුම් සුසුම් වල පහස. ඒ වුනත් ඒ සුසුම් වල කිසිම රැකවරනයක් අඩංගු වෙලා තිබුනෙ නැහැ. තමන්ගෙ ඇස් වල කදුලු පටලයක් ඇදෙන්න පටන් ගද්දි සේහි ආපහු උත්සාහ කළා ඒ ශක්තිමත් අත් වලින් මිදෙන්න.. ඒත් ඇයගෙ දෙවෙනි උත්සාහයත් අසාර්ථක වුනා.
තවත් තත්පර කිහිපයක්.. නෑ.. විනාඩි කිහිපයක්ම ගත වෙන්න ඇති. ආපහු සේහි ඇයගෙ තුන්වෙනි උත්සාහයත් ගත්තා. මොකද ඇයට දැනුනා තමන්ගෙ සැමියගෙ උනුසුම් දෙතොල් ගෙල පාමුල වදිනවා කියලා. සේහිට තේරුම් ගන්න බැරි වුනා ඒක ජන්කුක් කලේ හිතලම ද එහෙමත් නැත්නම් බීමත්කම නිසා අවසිහියෙන් ද කියලා.. කොහොම වුනත් සේහිට ඕනි උනේ නෑ ඒ උනුසුමේ ඉන්න. ඒ නිසා ඇය නොනවත්වාම ඒ උත්සාහයේ යෙදුනා. අන්තිමේදි ඇයගෙ උත්සාහය සාර්ථක වුනා. ඇදන් හිටපු ඇදුමට උඩින් කබායක්වත් පැලද ගත්තෙ නැති සේහි එක හුස්මට පහලට දුවගෙන ආවෙ කෑ ගහලා අඩන්න හිතන්. වතුර බෝතලයක් ගන්න මුලුතැන්ගෙට යමින් හිටපු අජුම්මගෙ දෑස් වලට සේහිව අහුවුනේ අන්න ඒ මොහොතෙදි.
~~~~~~~~~~
" මැඩම්.. දැන් ගොඩක් පරක්කුයි.. මැඩම් දැන් ඇතුලට යන්න ඕනි.."
" දැන් වෙලාව කීයද..?"
" හතරට ලගයි මැඩම්.."
සේහි නැගිට්ටා.
" ස්තූතියි.. ඒ වගේම සමාවෙන්න මේ මහ රෑ ඔයාගෙ නින්දට බාධා කරපු එකට.."
මෙච්චර වෙලා තමන් ලග තිබුන ඒ පවුද්ගලික ආරක්ශකයගෙ කලු පාට බ්ලේසර් එක එයාටම බාර දුන්න සේහි එහෙම කියලා ඇතුලට ආවා.. ඒත් ඇය ලිවින්ග් රූම් එකේ දොර ලග නැවතිලා ආපහු හැරුනා.
" මොකක්ද ඔයාගෙ නම..?"
පවුද්ගලික ආරක්ශකයා සේහිව හම්බුනාට පස්සෙ පළවෙනි වතාවට සේහිගෙ ඇස් දිහා කෙලින් බැලුවා.
" වන් ශික් මැඩම්.."
" අහ්.. මට සමාවෙන්න වන්ශික්.."
අඩුම සේහිට තවත් කෙනෙකුට කරදරයක් නොවී අඩන්නවත් තිබුන නිදහස ජොන් ජන්කුක් නැති කරලා දාලා තිබුනා. ඉස්සර නම් තනියෙන් අඩන්න හරි පුලුවන්කම තිබුනත් දැන් තමන්ගෙ කදුලු වලට වන්ශික්ට පවා වන්දි ගෙවන්න වෙනවා කියලා සේහිට දැණුනා.
ඇත්තෙන්ම.. එතකොට විවාහයක් කියන්නෙ වේදනාවක්ද..?
එහෙම නෙවෙයි නම් මේ වගේ විවාහයක් ඇත්තෙන්ම වේදනාවක්ද..
වේදනාවක් නම් කවුද ඇත්තෙන්ම මේ දේවල් වලට වග කියන්න ඕනි..?
එයාලගෙ කාමරේට ආපහු සේහි ජන්කුක් දිහා නොබලම සෝෆා එකට ඇවිත් ගුලි ගැහුනෙ ඇත්තෙන්ම ඒ සීතල වගේම හිතේ තියන වේදනාව පවා උහුලන්න බැරි වග වටේ තිබුන අප්‍රාණික බිත්ති වලට පවා පසක් කරමින්.
~~~~~~~~~~
ජොන් ජන්කුක් ඒ වෙලාවෙ හිටියෙ බාත් රොබ් එක පිටින් එයාලගෙ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සර ඉදන් කොන්ඩෙ හදන ගමන්. ඒ වෙනකොට වෙලාව හවස තුනට විතර ඇති. දැන් පැය කිහිපයකට කලින් තමා එයාලා සෝල් වලට ආවෙ. ජොන් තේහ්‍යුන් ජන්කුක්ට ඒ දවසත් නිවාඩුවක් දීලා තිබුනත් ජන්කුක්ට ඕනි වුනේ නෑ එදා දවසත් නිවසට වෙලා ගත කරන්න. අන්න ඒ නිසාම තමයි ඔහු වෙලාව හවසක් වුනත් ඔෆිස් යන්න ලෑස්ති වුනේ.
සේහි සෝල් වලට ලෑන්ඩ් කරපු ගමන් මහන්සියත් එක්ක තාමත් හිටියෙ නිදාගෙන. නෑ.. ඇදේ නෙවෙයි. සෝෆා එකේ. ඩ්‍රෙසින් ටේබල් එකට පස්සහින් තිබුන සෝෆා එකට ජොන් ජන්කුක්ගෙ දෑස් යොමු වුනේ ඒ නිසා වෙන්න ඇති. ඒත් ජන්කුක් ඒ දිහා හැරිලා බැලුවෙ නම් නැහැ. ඩ්‍රෙසින් ටේබල් එකේ මිරර් එකෙන් පේන ප්‍රතිබිම්බය දිහා බැලුවා ඇරෙන්න.
ඒ ප්‍රතිබිම්බයෙන් පවා පේන්න තිබුනෙ සේහිගෙ මූනෙ තිබුන විඩාබර ගතිය විතරයි. ඇත්තෙන්ම ඒක සෑහෙන්න වේදනාවක් කියලා ජොන් ජන්කුක්ට නොතේරුනාම නෙවෙයි. ඒ වුනත් ආපහු හැරෙන්න තරම් උවමනාවක් ජොන් ජන්කුට තිබුනෙ නැති පාටයි.
හෙයා ජෙල් එක පැත්තකින් තියපු ජන්කුක් ෆේස් ලෝශන් එක අතට අර ගත්තා.
' ඇත්තටම සේහි හ්‍යුන්ට කැමතියි නම් ඉස්සරහට තවත් ප්‍රශ්න වෙන්න පුලුවන්.. කොහොමත් සේහි කැමති වුනත් හ්‍යුන් කීයටවත් සේහිට කැමති වෙන්නෙ නැහැ. ඒක ඕනිම තැනක දිවුරන්න පුලුවන්. ඒත්.. එදා සේහිගෙ වචන ලග හ්‍යුන් සන්සුන් වුන විදිහ..'
විනාඩි ගානකට මේ වගේ කල්පනාවක කිමිදෙද්දි ෆේස් ලෝශන් එකම බොට්ල් එකෙන් එලියට ඇවිත් තියනවා කියලා ජොන් ජන්කුක්ට තේරුනේ තමන්ගෙ අතින් ලෝශන් ඩ්‍රෙසින් ටේබල් එක උඩටත් වැක්කෙරිලා බිමත් වැක්කෙරිලා ඒ සීතල තමන්ගෙ කකුලෙ ඇගිලි වලට දැනෙද්දි..
' ප්ෆ්ට් දිස් ෆකින් බොට්ල්'
ජන්කුක් ඒ ලෝශන් බොට්ල් එකට ඒ විදිහට බැන්නත් වැඩක් වුනේ නෑ. මොකද ඒ වෙනකොටත් මුලු ලෝශන් එකම තිබුනෙ බොට්ල් එකෙන් එලියෙ. කෝම වුනත් ජොන් ජන්කුට නිකන්ම නිකන් ලෝශන් බෝතලේක ඇති වටිනාකම මොකක්ද..? අඩුම තමන්ගෙ බිරිදවවත් වටින්නෙ නැති කොට. ඒ නිසා ඔහු නිකන්ම ඒ බොට්ල් එක ඩස්බින් එකට විසික් කරලා කොනේ තිබුන ලොකු කබඩ් එක ඇරලා අලුත් ලෝශන් බොට්ල් එකක් අරගෙන ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තිබ්බා..
~~~~~~~~~~
" පුතා..?"
" මම්.."
" මොකද මේ..? අදත් ඔෆිස් යන්නද..?"
" ඔව් මාම්.. මීටින්ග් එකක් එක්ක පොඩි වැඩ වගයක් තියනවා.. ඒ ටික චුට්ටක් සෙට්ල් කරලා එන්නම්.."
" ඒ වුනත් ලොකූ ඉන්නවනෙ ජන්කුක්.."
" කමක් නෑ මාම්.. හ්‍යුන්ටත් මේ ටිකේ වැඩ වැඩිනෙ.. මන් ගිහින් එන්නම්.."
" හරි එහෙනම්.. කෝ දුව..?"
" එයා නිදි ඔම්මා.. දැන්ම ඇහැරවන්න ඕනි නෑ.."
" හරි එහෙනම්.. කාලම යන්නකො.."
විසිත්ත කාමරයට අලුතින් කර්ට්න් ඩිසයින් කරමින් හිටපු මිසිස් ජොන්, ජන්කුක්වත් එක්කගෙන කෑම කාමරේට ගියා. තමන්ගෙ මම්ගෙ කතා විලාසයත් එක්ක ජන්කුක්ට තේරුනා හ්‍යුන්ග් ජේජු වලදි වුන කිසිම දෙයක් එයාලට කියලා නෑ කියලා. ඒත් මෙතන මොකක්ම හරි හිස්තැනක් තියනවා. මොකද ජොන් තේහ්‍යුන්ගෙන් කෙනෙකුට දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා කියන්නෙ ඒක ඇත්තටම පුදුම දෙයක්.. ඒකත් විශේශයෙන්ම ජොන් ජන්කුක්ට..
ජන්කුක් ඇත්තෙන්ම බය වෙලා හිටියෙ. මොකද තේහ්‍යුන් ජන්කුක්ට ඒ ලබා දීලා තිබුනෙ තුන්වෙනි අවස්ථාවක්..
" ගමන කොහොමද පුතා..?"
" හොදයි මම්.." ජන්කුක්ගෙ මූනෙ තිබුනෙ සම්පූර්නයෙන්ම ව්‍යාජ හිනාවක්.
" ඔව් ඉතින්.. හොද වෙන්න එපෑ.. නිව් මැරීඩ් කපල් එකට.." මිසිස් ජොන් එයාගෙ පොඩි පුතාගෙ කොන්ඩෙ ඇවිස්සුවා.
" අනේ මාම්.!"
" මෙන්න.. එක් කෙනෙක්ගෙ ලැජ්ජාව.."
ජොන් ජන්කුක් තමන්ගෙ මූන රතු කර ගත්තත් ඒකට හේතුව වුනේ සේහි නෙවෙයි කියලා මට සීයට සීයටත් වඩා විශ්වාසයි.
" පුතා.."
" මම්..?"
" මන් ගෙදර මේඩ්ස්ලව බලන්න දුවට භාර දෙන්නද..? මට දැන් මේ වැඩ ඔලුවට බරක්.."
" කමක් නෑ මාම්.. සේහිට කතා කරලා බලන්නකෝ.."
" ඒත් ඩෑඩ් කිව්වා එයාව හෙට ඉදන් ඔෆිස් එකට එක්කන් යන්න කියලත්.."
" මාම්..!?"
" ඔව් පුතා.. එයාට වැඩ කියලා දීලා දැන්ම හුරු කරවන්න කිව්වා.."
" ඒත්.."
" ඒ තීරනේ හරි පුතා.."
ඒ තීරනේ හරි වුනත් වැරදි වුනත් ආපහු එතනට ජන්කුක්ගෙ යෝජනාවකින් වැඩක් නෑනෙ.
" ඕකේ මම්.. මන් එක්කන් යන්නම්.."
' මේ කතා හැම එකක්ම වෙද්දිත් ජන්කුක්ගෙ හිතේ තිබුනෙ එකම දෙයයි.. මේ දේවල් හැමදේම යේරට ලැබෙන්න ඕනි දේවල් නෙවෙයිද..?'
~~~~~~~~~~
" මම්.. මන් යනවා.."
" පුතා ඔයා ඩෙසට් ගත්තෙ නැහැ.."
" අනේ බෑ මම්.. දැනටමත් මන් කාල වැඩියි.."
" එහෙනම් පරිස්සමෙන්.."
" ආනේ.. දුව ඔයා නැගිට්ටද..?"
ජන්කුක් පිටත් වෙන්න හැදුවත් ආපහු හැරුනෙ මිසිස් ජොන්ගෙ කට හඩින්. හැරෙනවත් එක්කම ඔහුගෙ ඇස ගැටුනෙ තමන්ගෙ බිරිදව. සේහිත් ඒත් එක්කම ජන්කුක් දිහා බලපු නිසා ඒ ඇස් හතර මොහොතකට එකිනෙක මුන ගැහුනා.
" අහ්.. ඔයා නැගිටලා.." ජන්කුක්ගෙ මූනෙ අර කලින් වගේ ආපහු ව්‍යාජ හිනාවක්.. සේහිත් හිනාවුනා. ඒත් ඒ හිනාවෙන් පෙන්නුම් කලේ විඩාබර අවංක කමක්.
" බලන්නකො.. පුතා ඔෆිස් යනවනෙ දුව.. ඔයා කියලා නවත්ත ගන්න එපැයි.."
" යාහ් මම්..!!" සේහි උත්තර දෙන්න කලින් ජන්කුක් කෑ ගැහුවා.
" නෑ.. සමහර විට දුවත් කැමති ඇති ඔයා යනවට.. මොකද මේ ටික ඔයා ඉන්න දෙන්න නෑනෙ ඒ කෙල්ලට.."
මිසිස් ජොන් ඒක කිව්වෙ ලොකු විහිලුවක් විදිහට වුනත් ඒ වචන කිහිපය ඇතුලෙ තිබුන ගැඹුරු බව තේරුම් ගන්න මේ ලාබාල ජොන් යුවළට මහ වෙලාවක් ගියෙ නෑ. තමන්ට ආපහු ඉකි ගැහෙයි කියන බයෙන් සේහි දත් වලින් යටිතොල හපාගෙන අත් දෙකේ ඇගිලි ගුලි කර ගත්තා. ජන්කුක්ගෙ ඇහි බැමි ඉහලට ගිහින් ඉබේම සේහි දිහා බැලුනා.
" හා හා.. දෙන්නා සමු ගන්නකෝ.. මන් ඇතුලට යන්නම්.."
මිසින් ජොන් එතනින් ඈත් වෙනවත් එක්කම එතන වුන එකම වෙනස අවට පරිසරය නිහඩ වෙන එක විතරයි. ඒක ස්වභාවික පරිසරය නොවුනු නිසාම අඩුම සුලගක ශබ්දයක්වත් අවට තිබුනෙ නැහැ. ඕනිම නම් තිබුනෙ එකම ශබ්දයක් විතරයි. ඒකත් වායු සමීකරණ යන්ත්‍රයෙන් නැගෙන මූසල කෘත්‍රිම හඩ..
" සේහි..." සේහි ඒ ඇස් දිහා බැලුවා.
" මන් ඔෆිස් යනවා.."
" හොදයි.."
තත්පර කිහිපයක් ඒ දිහා බලන් හිටපු ජන්කුක් යන්න හැරුනත් ආපහු හැරුනෙ ඉස්සරහ වීදුරු කබඩ් එකෙන් ලිවින් රූම් එකේ පස්සහ ප්‍රතිබිම්භය පෙනුනු නිසා. තවත් තත්පර දෙකක් විතර යද්දි සේහි හිටියෙ තමන්ගෙ සැමියගෙ අත් දෙක මැදට හිරවෙලා.
" මම් බලාගෙන ඉන්නෙ.." ජන්කුක්ගෙ සේහිගෙ කනට කෙදිරුවා. ඒ දේ කලින්ම තේරුම් අරන් හිටපු නිසා සේහිට ඒක අමුතු දෙයක් වුනේ නෑ.
විනාඩියක් විතර යද්දි සේහිව තමන්ගෙ තුරුලෙන් ඈත් කරලා ඒ නලල උඩින් හාදුවක් තියන්නත් ජොන් ජන්කුක් අමතක කලේ නැහැ. ඒ හාදුවෙත් කිසිම උනුසුමක් සේහිට දැනුනෙ නෑ..
" මන් යන්නම්.." ජන්කුක් දොර ලගටම ඇවිදගෙන ගිහින් ආපහු හැරිලා බැලුවෙ සේහිගෙ දුර්වල කටහඩට.
" පරිස්සමෙන්.."
~~~~~~~~~~
" දුව දැන්ම ලන්ච් ගන්නවද..?" ජන්කුක් යනවත් එක්කම මිසිස් ජොන් සේහි ලගට ආවා.
" අහ්.. නෑ මම්.. මන් වොශ් කරගෙනම එන්නම්.."
" අහ්.. එහෙනම් ගිහින් එන්නකො.. අද ඩෑඩුත් ලන්ච් එකට නැති නිසා දුව මාත් එක ලන්ච් එක ගමු.."
" හොඳයි මම්.."
මිසිස් ජොන්ට ආචාර කරපු සේහි හෙමින් හෙමින් පඩිපෙළ නැගලා තුන්වෙනි තට්ටුවට ගියා. තමන්ගෙ වම් අතේ හතරවෙනි ඇගිල්ලෙ තිබුන සුදු දියමන්තියක් ඔබ්බවලා හදලා තිබුන ඒ වෙඩින්ග් රින්ග් එක දිහා සේහි බැලුවෙ කිසිම හැගීමක් නැතුව.
' හැමදේම තාවකාලික සතුටක් විතරයි..' එහෙම හිතපු සේහිට ඉබේටම සුසුමක් හෙලුනා.
ඇයට එකපාරටම දැනුනා තෙවන මහලෙ පලවෙනි බැල්කනි එකේ දොර නිකන්ම ඇරෙනවා. සේහිට දැණුනෙ එතන ඉදන් කවුරු හරි තමන්ට අඩ ගහනවා වගේ. දෙපාරක් හිතන්න තරම් හිතේ චකිතයක් ඇති වුනේ නැති නිසාම සේහි ඒ පැත්තට හෙමින් හෙමින් කෙටි පියවර තිබ්බා.
බැල්කනි එකේ දොර ඇරපු ගමන් වායු සමිකරන යන්ත්‍රයේ ඒ මූසල හඩ මදකට ඈතට ගිහින් එලියෙ තිබුන මද සුලගෙ හඩ සේහිගෙ කන් වලට දැනුනා. ඒ වගේම ඇයගෙ ඇස් වලට අහු වුනා බැල්කනි එකේ එහායින් තිබුන එදා වෙඩින්ග් ඩේ එක දවසෙ ඩෙකරේශනස් වලට ගෙනල්ලා තවමත් අස් කරලා නැති මැලවුන ලිලී මල්..
එකක් දෙකක් නෙවෙයි. එතන මහ ගොඩක් තිබුනා. එතන මහ ගොඩක් තිබුනා වුනතේ හැම මලම තිබුනෙ මැලවිලා දුර්වර්ණ වෙලා වුනත් සේහිට ඕනි වුනේ එතනින් එක මලක් අතට ගන්න විතරයි.
ඒ ආශාව නිසා එකම එක මැලවුනු ලිලී මලක් අතට ගත්තු සේහි ඒකත් අරන් බැල්කනි එකට අත තියලා පහල බැලුවා. සේහි එතනදිත් දැක්කෙ ඇය ඒ වෙලාවෙදි හීනෙකින්වත් බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.
ඇත්තටම ඇය පුදුම වුනා.. ඒ වගේ දෙයක් දකින්න.. එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් විනාඩි ගානකට කලින් කාර්යාලයට ගිය තමන්ගෙ සැමියව..
ගොඩක් ඈත වුනත් ඇයට පුලුවන් වුනා ඒ ඇස් වල බැල්ම තේරුම් ගන්න. සේහිට තේරුන විදිහට ඒ ඇස් වල තිබුනෙ එකම හැගීමයි.
ආපහු කවමදාවත් දකින්න නොලැබුනොත් කියන හිස් හැගීම..
____________________________________
මන් දන්නවා..
මන් එදා අත් හැරීමක් නොකල වග..
මට ප්‍රත්‍යක්ෂයි..
ඔබව දමා නොගිය බව..
නමුත් මට දැනුනා..
හදේ කොනකින් වේදනාවක්..
අන්න ඒ නිසාම..
මන් ආපහු හැරිලා බැලුවා..
ඒ ඇස් දිහා..
මට මොහොතකට හිතුනෙ එකම දෙයයි..
" මම ඔබව කවදාක හරි නැවත දුටුවොත්..."
____________________________________
Reference : අජුස්සී - මහත්මයා
Cover by :- _KIASA_
A_Shee1 ~