මම නැගිට්ටා. එකපාරටම ගැස්සිලා හරියට මොකක් හරි පේන්නැති කඹයක් මගේ වටේ එතිලා එකපාරටම කෙලින් කරා වගේ මම ඇඳෙ ඉදගෙන හිටියා.
වේලාව 8 පසුවී විනාඩි 30.. හ්ම්...
මම ටික වේලාවක් මෙලෝ කල්පනාවක් නැතිව මගේ ඉස්සරහා බිත්තියේ එල්ලලා තිබුනු ඔරලෝසුව දිහා බලාගෙන හිටියා.
පොඩ්ඩක් ඉන්න , මං කොහොමද ඇඳට ආවේ ?
මං නිදිමතේ හිටියා , හරි ඒක මතකයි. එහෙමයි කියලා නිදිමතෙ ඉද්දි පාවෙලා ඇවිත් ඇඳට වැටෙන්නෑනේ... හත්තිලව්වයි මං නින්දෙන් ඇවිදිනවා වත්ද ?
මං බලද්දි මම හොදට බෙඩ්ශීට් එකත් පොරවගෙනයි හිටියේ..
හ්ම්.. ඊයෙ දවස පොඩ්ඩක් රිවයින් කරමු...
"හපොයි දෙවියනේ... " මම ඇඳෙන් බැස්සා නෙවෙ, ගෙම්බා පැන්නා වගේ ඇඳෙන් පැන්නා.
"යුන්ගි......." මම හැමතැනම බැලුවත් එයා පේන්න නෑ.
බලන්න පුලුවන් හැමතැනම ෆ්‍රිජ් එකෙ, සෝෆා එකෙ, දොර පිටිපස්සෙ අඩුමතරමෙ මගේ ඇඳ යටත්..එයා හිටියෙ නැහැ. මගේ ලැප් එක සෝෆා එකෙ මං හිටපු තැන තිබුනා.
මගේ මේසෙ උඩ වහලා දාලා මොනවදෝ තියෙනවා කියලා දැක්කෙ මං ටික වෙලාවකට පස්සෙ,
මොකද ඒක දකිනකම් ම කලේ මගේ මොලේ රිදෙනකම්ම වගේ කල්පනා කරපු එක , එයා ඊයෙ නිදාගත්තෙ කොහෙද , දැන් අතුරුදහන් වුනේ කොහොමද ? , එයා අතුරුදහන් වෙලා කියලා මං කියන්නෙ කාටද , පත්තරේක වත් දාන්න වෙයිද ? , මම එයාට හරියට සැලකුවේ නැති නිසා එයා තරහෙන් ඔලුව හැරිච්ච අතේ යන්න ගියාද ? , නැත්තම් එකපාරටම කොරියාවට මතුවුණා ද ? එයාට මුකුත් කරදරයක්වත් ද? ගෙදරට හොරෙක් පැනලා එයාව දැකලා ඉටි රූපයක් කියලා හිතලා උස්සගෙනවත් ගියාද ? වගේ දේවල්...
මම හිටියේ අඬන්න ඔන්න මෙන්න කියලා කොච්චර ලැජ්ජ වුනත් කියන්න ඕනේ..
මම මේසෙ උඩ තිබුනු කොලය අයින් කලා. මගේ kitchen එකෙ තිබුනු භාජන කීපයකම කෑම වර්ග තිබුනා. ඒවායින් දුම් දමමින් තිබුනෙ මේ චුට්ටකට කලින් ලිපෙන් බාලා වගේ..ඒකට භාජන වල තිබුනෙ කොරියන් කෑම වෙන්නෝනෙ..
ලොකු බයක් දැනෙද්දි මම ඔහේ ඒ දිහා බලාගෙන හිටියේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව..
"ඔයා නැගිට්ටද ? " මගේ ලගින්ම පිටිපස්සෙන් ඇහුනා.
මම අංශක අනුවම හැරෙද්දි යුන්ගි හිටගෙන හිටියා. අපි දෙන්නා අතර තිබුනේ සෙන්ටිමීටර ගානක දුරක් විතරයි.
එයා අලුත් ඇඳුමකුත් ඇඳගෙන කැප් එකකුත් දාගෙන අතේ මොනාද මන්දා මලු වගයක් උස්සගෙන හිටියා. මං කොයිතරම් කල්පනාවේ ඉඳලද කියනවනම් මට දොර ඇරෙනවා වත් ඇහුනේ නැහැ.
එයා මේ පොඩ්ඩක් ලග තියෙන කඩේකට ගිහිල්ලා..
"කොහෙද ...මනුස්සයෝ යන්නෙ ... මං හොඳටම.... මං..."
මම ආපු ආවේගෙට කෑගහන්න ගත්තත් මගදි මගේ කටහඩ බිදෙන්න ගත්තා. මං කට කාගෙන එයාට දෙසන්න කියලා පටන්ගත්තට මගේ ඇස්වලට කදුලු පිරුණා. එයා හොඳින් කියලා දැනගත්තම මට දැනුනෙ පුදුම සැනසීමක් , ඊටත් වඩා මම එයා ගැන සෑහෙන්න බය වෙලා කියලා මට තේරුම් ගියා.
යුන්ගි ආතක් පාතක් නැතිව මගේ දිහා බලාගෙන හිටියා.
මම ඉක්මනටම අනිත් පැත්ත බලාගත්තෙ පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතෙද්දි..
කදුලු නැතිවෙනකම් මං උඩ උඩ බල හිටියා.
එයා මේ මොන විකාරයක් ද කියලා බලන්න ඇති මං අඬන්න තියාගත්තම..
"මං මේ...... " එයා මගේ ලගින්ම ඇවිත් එයා ගෙනල්ල තිබුන කිරි එක මේසෙ උඩින් තියලා එහෙම්මම හිටගත්තා.
එයා මගේ ඔලුවට තට්ටුවක් දාලා මගේ මූණට එබුනා.
"යා......." එයා හිනාවෙන්න ගත්තෙ මං එයාගෙන් අනිත් පැත්තට හැරෙන හැරෙන පාරට ඒ පැත්තට හැරෙන ගමන්..
අන්තිමේදි මම එයා දිහා රවලා බැලුවා. එයා හිනාවෙන එක නම් නැවැත්තුවෙ නැහැ,
" කමු....."
ආපහු මගේ ඔලුව ට හෙමීට තට්ටුවක් දාලා එයා කිව්වා.
.
.
.
.
"කෑම රසයි...."
මම කියාගත්තා.
ඇත්තටම එයාට හොඳට උයන්න පුලුවන්, අනිත් එක කොරියන් කෑම වලට මහ අමුතු පෙරේතකමක් මට මේ දවස් වල කාපු නිසාම ඇතිවෙලයි තිබුනෙත්..
"හ්ම්..."
කාලා ඉවර වෙලා එයා ඉක්මනට නැගිට්ටා.
"මම යන්න ඕනෙ ඔලීව් , දැනටමත් කට්ටිය බලනවා ඇති.. " ඉක්මනටම ජැකට් එකයි කැප් එකයි දාගෙන බෑග් එකත් අරගෙන එයා දොර දිහාවට යන්න ගත්තා.
මම කටට දාගන්න ගියපු එක පැත්තකින් තියලා එයාගෙ පස්සෙන් ගියා.
" අද ශූටින් 12ට මතකයිනේ? "
එයා හැරුනා.
මම ඔව් කියන්න ඔලුව වැනුවා.
එයා ටික වේලාවක් මගේ දිහා බලාගෙන හිටියෙ මොනාහරි කියන්න වගේ වුනත්, කිසිම දෙයක් කියන්නෙ නැතුව එයා යන්න ගියා.
මාත් එයා යනකම්ම කිසිම දෙයක් කියන්නෙ නැතුව දොර ගාවට වෙලා බලාගෙන හිටියා.
එයා ලිෆ්ට් එකට නැගලා මගේ පැත්තට හැරෙද්දි අත වැනුවා. අංශුමාත්‍ර දශමයක විතර චූට්ටන් දුකක් දැනෙද්දි මාත් අත වැනුවා..
ලිෆ්ට් එකෙ දොර වැහිල නොපෙනී යද්දි මට මතක් වුනෙ... එයා ඊයේ රෑ නිදාගත්තෙ කොහෙද ? ආහ්... මං ඇඳට ආවේ කොහොමද ?
ආ..ඇයි තව.. එයා දැන් Hotel එකට යන්නෙ කොහොමද? මං ඉක්මනට ඇතුලට ඇවිත් මගේ ජනේලෙන් බැලුවා.
ඒ සැනින්ම වගේ කලුපාට ටින්ට් කරපු වාහනයක් වේගෙන් යනවා මම දැක්කා.
•••••••••••••••••••••••••••••••••••••••••••••
' Fashion ENTITLED ' බිල්ඩින් එකෙ පහලම තට්ටුවෙ තිබුනු studio එකෙන් තමයි shots පටන් ගන්න තිබ්බෙ,
මේ project එකට තෝරගෙන තියෙන්නෙ හොඳම අය කියලා මට තේරුම්ගියෙ එතන හිටපු හැමෝම කොයිතරම් උනන්දුවෙන් තමන්ගේ වැඩ කොටස හරියටම කරනවද කියලා දැක්කමයි.
ඒ මහා විශාල studio එක elligent Theme එකට ගැලපෙන්න හදලා තිබුනා.
අපි camera crew එක lightning හදාගෙන අපිට ඕන shots ගන්න ඕන විදිහ ගැන පොඩි සාකච්ඡාවක් දාගෙනයි හිටියෙ.. මං හිතුවට වඩා නම් ඒ හැමෝම සැහෙන්න හොඳ කණ්ඩායමක් මං කිව්වෙ දක්ෂතාවයක් විතරක් නෙවෙයි හැසිරීමෙනුත්...අනිත් එක crew එකෙ මමයි තව පිරිමි ලමයෙකුයි ඇරෙන්න අනිත් හැමෝටම වගේ තිබ්බෙ කොරියන්, ජැපනීස් පෙනුමක්
Makeup artists ලා සෙට් එකනම් ඔක්කොම බඩුත් අතෙ තියාගෙන බලාගෙන හිටියෙ මේ දැන් එන කාවහරි අල්ලලා මේකප් දාලා ගෙදර යවන්න වගේ..
කොහොම හරි එක්කෙනෙක් විතරක් මුලින්ම ආවා. මං බලාගෙන හිටියට මින් යුන්ගි නම් නෙවෙයි..
"Mr. Kim taehyung පිලිගන්නවා, වේලාසනින්ම.."
මට චුට්ටක් එහාට වෙන්න හිටපු මැනේජර් දෙකට තුනට නැවිලා කිව්වා.
දාගෙන හිටපු shades දෙක අයින් කරලා පොඩි හිනාවකුත් එක්ක එයා ත් නැවිලා bow කරේ ආචාර කරන්න වගෙයි.
මට හිනාවෙන්නත් අමතක වෙලයි තිබුනේ.. ලා කොළපාට සැහැල්ලු ටී ෂර්ට් එක්ක baggy trousers දාගෙන හිටපු එයාට තිබුනේ ටිකක් කර්ල් වෙච්චි කොණ්ඩයක්, එයා ට තිබුනේ විස්තර කරන්න බැරි තරම් විදිහෙ පුදුම ලස්සනක්, මුලු camera crew එකම එයාට bow කරද්දි මම විතරක් හෙණයක් වැදිල වගෙ බලන් හිටියා.
ඒ නිසාම ද මන්දා එයා අනිත් අයට bow කරලා මාව දකිද්දි අතින් v එකක් ඇඟිලි වලින් හදලා හිනාවක් දැම්මා. හැමෝම ඒක දැකලා හිනාවුනා.
ආ.... V !
ජෙනී දොඩවන V තමයි එයා..මටත් එයා ගැන දොඩවන්න නෙවෙයි එයා ගැන සම්පුර්ණ විචාර සහිත පුස්තකයක් එළිදක්වන්න තරම් ආසාවක් ආවේ....
තව ටිකෙන් 'O' එකක් ඇඟිලි වලින් පෙන්නන්න ගිහින් මං ඉක්මනට ඒ අදහස අතෑරගත්තා.
එයා ඉක්මනින් ම එහාට ගියෙ shooting එකට ලෑස්ති වෙන්න වෙන්නැති..
ටිකකින් ම වගේ යුන්ගි ආවා, ෆෝන් එක දිහා ම බලාගෙන ආපු එයා ලාවට වගේ ඔලුව උස්සලා බලන්නෙත් නැතිව bow කරලා taehyung ගියපු පැත්තට යන්න ගත්තා.
යන්න කලින් මොකක්හරි මතක් වුනා වගේ එයා ඔලුව උස්සලා වටේටම බැල්මක් දැම්මා.
ඒත් එයා මාව දැක්කා කියල නම් මට විශ්වාසයක් නැහැ.
••••••••••••••••••••••••••••••••••••••••••••
"නැහැ , නැහැ පොඩ්ඩක් ඒ කොණ්ඩ කැරැල්ල මූණෙන් පැත්තට දාන්න... "
මම කීවෙනි පාරටද මන්දා ඒ makeup සහෝදරී ට කිව්වෙ කැම් එකත් එක අතකින් උස්සගෙන අනිත් අතින් කරන විදිහ මට පුලුවන් විදිහට පෙන්නලා..
අපේ crew එකෙ හිටපු කොරියන් කොල්ලෙක් ඒ කොරියන් ගෑනුලමයට කොරියන් වලිනුත් කිව්වෙ බැරිම තැන..
අපි groups දෙකකට බෙදිලා වැඩේ පටන් ගත්තා. අපි කට්ටිය තේහ්යුන්ගේ ශුට් එක කරද්දි එහා පැත්තෙන් අනිත් කට්ටිය යුන්ගිගේ ශූට් එක කෙරුවා.
අදට solo shoots දෙන්නෙක්ගේ විතරක් කරමු කියලා අපි කතාකරගෙනයි හිටියේ..
යුන්ගි ලගේ සෙට් එක නම් පොඩි break එකක් ගන්න ගමනුයි හිටියෙ.
යුන්ගි පැත්තකට වෙලා ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා. Makeup කරන කෙල්ලක් එයාගේ කොණ්ඩෙ එක්ක ඔට්ටු වේවි හිටියා.
මම සැහෙන බර කැමරා එකත් අල්ලගෙන කලින් shot එකෙ හිටිය විදිහට ම හෙලවෙන්නෙත් නැතිව අර පොඩි බංකුවේ හිටපු තේහ්යුන් ගාවට ගියා.
මම ලගට එද්දිම එයා මගේ අතින් කැමරාව අරගෙන හිනා වුනා. අනේ ! එයාගේ හැසිරීම එයාගෙ පෙනුම වගේමයි, මාර ම cute...
මම එයා ගාවින් හිටපු අර ගෑනුලමයාට එයාගේ කොණ්ඩෙ මගේ අතින් චුට්ටක් හදලා පෙන්නුවා.
එයාට තේරිලා ද කොහෙද මට හිනාවකුත් පාලා දුවගෙන ගියේ පොඩ්ඩක් ඉන්න කියලා..., මට ගහන්න පොල්ලක් අරන් එන්න නෙවෙ වෙන්නැති කියලා මං හිතුවා.. නෑ නෑ කොණ්ඩෙ ඒ විදිහට හදන්න ඕන ඒවා අරන් එන්න වෙන්නැති.
මම ආපහු තේහ්යුන් දිහා බලද්දි එයා මං දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා. කැමරාව උස්සලා එයා මගේ ෆොටෝ එකක් ගන්නවා වගේ ඇක්ෂන් එකක් කලා..
මං හිනාවුනා.
"හායී.."
අනේ අම්මෝ ! මං එයාගේ අතින් කැමරාව ගද්දි එයා කිව්වෙ එයාගෙ පෙනුමට කොහෙත්ම ගැලපුනේ නැති ගැඹුරු කටහඬකින්..
තව ටිකෙන් කැමරාව ත් බිම , මාව ගැස්සිලා ගිය පාරට එයත් හිනාවුනා.
"හායී..අහ්.. මිස්ටර් කිම්..." මමත් කියාගත්තා.
මොකක්දෝ හේතුවකට මම ඒ පැත්ත බලද්දි යුන්ගි හරි අමුතුම විදිහට මේ පැත්ත බලාගෙන හිටියා.
මම ඒ පැත්ත බලපු නිසා තේහ්යුනුත් ඒ පැත්ත බැලුවා.
"හියුන්ග්......! "
එයා කෑගහලා අත වැනුවෙ යුන්ගි ට දත් සෙට් එකම box එකක් වගේ පේන විදිහට හිනා වෙන ගමන් ...
යුන්ගි කට පැත්තෙන් හිනාවක් දාලා ආපහු ෆෝන් එක දිහා බලාගත්තා. භුතයා...
"නම ? " තේහ්යුන් ඇහුවා.
" ඔලීවියා , මගේ නම ඔලීවියා සර්..."
" හ්ම්.. හමුවීම සතුටක් ඔලීවියා .."
එයා කිව්වා.
අර ගැහැනු ලමයා ඇවිත් එයාගේ කොණ්ඩෙ හැදුවට පස්සෙ අපි දිගටම වැඩේ කරගෙන ගියා.
"අපි break එකක් ගමු දෝ ? "
සෑහෙන වෙලාවකට පස්සෙ තේහ්යුන් ඇහුවා.
"ගමු ...."
මාත් පැනලා කිව්වෙ එයා අහනකම් ම බලාගෙන හිටපු හන්දා..
හායි ලමායි❤
ඔන්න update කලා... කියවලා ඔයාලාගේ අදහස් කියන්න....
කියවන ඔයාලා හැමෝටම ගොඩක් Thankyou....💕
Thankyou sew !
ඊලග කොටසින් හම්බෙමු..
Bye..🥺👋❤