🐺Fate 🐺 || JJK (COMPLETED)

Von Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... Mehr

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
පමා වූ වසන්තය 🐺 (End)

සුපුරුදු උණුහුම 🐺

945 254 108
Von Chimthri

යුන්මි තමන්ගෙ සිහින් අත් ඒ හිම සුදු වෘකයා වටේ යවමින් හිටියෙ ලොකු කල්පනාවක.. තම දෑත් වලින් තව තවත් වෘකයාව තමාටම තුරුල් කර ගනිමින් ඒ උණුහුමේ යුන්ම් ඇස් පියා ගත්තෙ කාලෙකට පස්සෙ දැනුනු ඒ සැනසීම නිසා..

එහෙත්..  මෝඩ ඔමේගාව...!

තමන්ගේ ඒ ස්පර්ශයන් පවා ඒ හිම සුදු වෘකයාගෙ රතු පැහැති ඇස්  රන්වන් පැහැති කරන්නට සමත් වන බව  නම් ඈ නොදැන උන්නා..

"මට පාලුයි.."

පලවෙනි වතාවට යුන්මි තම කටහඩ අවදි කලේ ඒ හිම සුදු වෘකයාගේ සිනිදු ලෝම කදුළින් තෙත් කරන ගමන්...

"මිනී කියල කතා කරන.. හැම තිස්සෙම මට අවවාද දෙන මින්සු නැතුව මට පාලුයි.. අප්පා කෙනෙක් වගේ මාව බලා ගන්න.. වෙලාවකට යාලුවෙක් වගෙ මාත් එක්කම රන්ඩු කරන ජිමින් නැතුව මට පාලුයි..."

යුන්මි කියවන් ගියේ ඇස් වලින් ගලා යන කදුළු වලට ඔහේ ගලා ගෙන යන්න ඉඩ දීලා.. තමා ඉදිරියේ ඉන්න වෘකයා ඇල්ෆා ජොන්ගෙ වෘක ස්වරූපය බව නොදැන යුන්මි ඔහේ කියවන්න උනේ හිත් වේදනාවට..

සමහර විට ඒ ඇල්ෆා ජොන් ජන්කුක් බව දැනගෙන උන්නා නම් ඇය කිසිදු වෙලාවක මේ තරම් ඔහුට විවෘත නොවන්නට ද ඉඩ තිබුණා...

"දන්නව ද... මම මට වෛර කරනවා... වුල්ෆ් කෙනෙක් උණු එකට මන් මටම වෛර කරනවා.."

යුන්මි ඇසෙන නෑහෙන හඬින් තමන් අසල හිටි හිම සුදු වෘකයාට තවත් තුරුල් වෙමින් කියන්න උනේ වෘක ස්වරූපයෙන් හිටි ජන්කුක්ගේද හිත වේදනාවට පත් කරමින්.. මේ මොහොතෙ තම ඔමේගාව තුරුල් කරන් ඇයව සනසවන්න ඇල්ෆා ජොන්ට ඕනෑ වෙලා තිබුණා..

ඒත් එයට තමන් ඉන්නා ස්වරූපය ඔහුට හරස් වෙලා තිබුණා..!

"ඒක හරි අමාරුයි.. සාමාන්‍ය කෙනෙක් වෙලා එකපාරටම වුල්ෆ් කෙනෙක් වෙන්න උනාම..."

ඇල්ෆාගෙ ඇගට තුරුල් වෙලා රෑ අහස දිහා බලාගෙන යුන්මි කිව්වෙ ඇසින් ගලන කදුළු හෙමින් පිහිදා ගනිමින්.. ඒ හඬේ ලොකු වේදනාවක් සමඟ කලකිරීමක් ජන්කුක්ට තේරුණා.. තමන් යුන්මිට නපුරු උනා වැඩි බව තේරුම් ගත්තු ජන්කුක්ට දැනුනෙ තමන්ගෙ මේ කේන්තිය ගැන පසුතැවීමක්.. එහෙත් මේ ආකාරයෙන් හෝ තම ඔමේගාව තනි නොකර ඉන්නට තමන්ට පුලුවන් වීම ගැන ජන්කුක්ට තිබුණෙ සැනසීමක්... මේ මොහොතෙ යුන්මිට අවශ්‍ය හොද සවන්දෙන්නෙක් වගේම හිතට විශ්වාසවන්ත කෙනෙකු බව ජන්කුක් දැන හිටියා.. තමන්ගේ සාමාන්‍ය පෙනුමට වඩා වෘක ස්වරූපය හො යුන්මිගෙ හිතට සමීප කරන්නට ඔහුට හැකිවීම තරමක හෝ සහනයක් ඒ හිතට සැලසීමට කැකි වෙලා තිබුණා..

"මගේ අතින්ම මගෙම සහෝදරිය තුවාල වෙනකොට මන් මට ගොඩක් වෛර කරන්න පටන් ගත්තා... මට ඕන උනේ හැමදාමත් මනුස්සයෙක් වගේ ඉන්න.. කලින් හිටියා වගේම... ඒ නිසා මට නෝරා නූනා, ජින් ඔප්පා, ජන්කුක්, ටේහ්යොන්ග් ,නම්ජුන් ඔප්පා ඒ හැමෝමවම රවට්ටන්න උනා... නෑ.. මන් කැමැත්තෙන් ඒක කලේ නෑ... කවදාවත් නොදැකපු නොදන්නා කෙනෙකුගේ සහකාරියක් වෙන්න උනාම.. මන් ආදරෙ කරන කෙනා මට නොලැබෙනව කියල දැන දැනත් මගෙ හිත කෙනෙක්ට යන්න ගත්තම මන් මට වගේම මගේ දෛවයටත් වෛර කලා... මගෙ ඔම්මා.. එයා ගොඩක් දක්ෂ ශැඩෝ කෙනෙක්ලු.. ජන්කුක්ට ගොඩක් ආදරෙ කලාලු.. මට සතුටුයි ඔම්මා හොද කෙනෙක් කියල දැන ගන්න ලැබුණු එකට.. ඒත්... මට මේ හැමදේකින්ම ඈතට යනන්න ඕන..."

යුන්මි ලොකු වේදනාවකින් කියනකොට ඇගේ ඒ වේදනාත්මක මුහුණ එ සුදු වෘකයා නොදැක්කත් ඇයගේ රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳ ඇයගේ වේදනාවේ තරම ඇල්ෆාට හොඳින්ම තේරුම් කර තිබුණා..  තමන්ව රැක බලා ගත් ජීයුන් ඔම්මගෙ දරුවා යුන්මි බව දැනගත් ඇල්ෆාගෙ හිතට යම්තමින් හරි සහනයක් ලැබුණෙ තමන්ගෙ මේට් වගේම තමන් මාක් කල යුතුව තිබුණු කෙනාත් එකම කෙනෙකු වීම නිසයි..

ඒ සහනශීලී හැඟීමත් සමඟම ජන්කුක් යුන්මිගෙ හඬට තවමත් නිශ්ෂබ්දව සවන් දෙන්න උනා...

"ජන්කුක්.. එයා..  එයා මගෙ මේට් නෙවෙයි ද..? එතකොට එයාට මාව එහෙම දැනෙන්නෙ නැද්ද..? ඒත් එයා එදා වෙන කෙනෙක්ව කිස් කලා.. යුනි එකේදි... මෝඩයා...!! එක චුට්ටක් ආදරෙ නැති කෙනෙක්ට ආදරෙ කරන එක අසාදාරනයි.. ආශ්.. මට මෙතනින් පැනලා යන්න ඕන.. පැක් ඇල්ෆා කව්ද කියන්න මන් තාම දන්නැ.. එයා මාක් කරන්න කලින් පැනල යන්න ඕන... ඒත් කොහොම ද...?"

හිතුවක්කාරි...!

ආයෙම වරක් මුරණ්ඩු වැඩකට අර අදිනවා වගේ... එකම එක තනි හිතුවක්කාර තීරනයක් නිසා තමා මේ අවුල් ජාලාවට පැටළුණු බව දැන දැනම ඒ හිතුවක්කාර ඔමේගාව තවමත් උත්සාහ ගන්නේ තම හිතු මතේටම වැඩ කිරීමටයි..

මිනිත්තු කිහිපයක් ගෙවුණේම යුන්මිව ලොකු කල්පනාවකට ඇද දමමින්..

"මෝ...? මට.. මට ඔයාගෙන් දැනෙන්නෙත් ඇල්ෆා ජන්කුක්ගෙන් දැනෙන ඒ පෙරමෝන සුවඳමයිනෙ.. එතකොට ඔයත් මගේ මේට් ද..? මට මේට්ලා දෙන්නෙක් ඉන්නෙ කෝමද..? ඔයා නිකන්ම නිකන් නරියෙක් නේද...?  අනී... නිකන් වුල්ෆ් කෙනෙක් නේද...? එතකොට දෙන්නෙක්ට එකම පෙරමොන තියෙන්නෙ කෝම ද...? එතකොට මට වැරදුනා ද..?? මට මේ දේවල් තේරෙන්නෑ... මට මේවා ඇති..."

කිසිම දෙයක් හිතා ගත නොහැකිව ඇල්ෆා ජොන්ගෙන් එන ඒ පෙරමෝන සුවඳ තමන් ළඟ ඉන්නා වෘකයාගෙන් දැනෙන බව යුන්මිට හරියටම තේරුම් ගියේ මේ මොහොතේදී ය.. ජන්කුක්ගේ වෘක ස්වරූපය කවදාවත් තමා ඉදිරියේ නොදැක තිබුණු ඇයට මේ මොහොතේ දැනෙන පෙරමෝන ඇයව තව තවත් අවුල් ජාලාවක පටලවන්නට සමත් වෙලා තිබුණා..

යුන්මි..!  ඒ ඔමේගාවට තවමත් මේ දෑ අලුත්...!

එක්වරම තමා හිටි ලෝකෙන් වෙනත් ලෝකෙකට යන්නට සිදු වූ විට ඒ සියල්ලටම හැඩ ගැසෙන්නට කලක් ගත වීම සාමාන්‍යයි.. එහිදී කොතරම් උත්සාහ කලත් මේ ලෙස අවුල් සහගත දෑට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍යයි..  ඔමේගාවටත් එලෙසම සිදු උනේ ඒ නිසාම වෙන්න ඇති..

තවත් කිහිප වෙලාවක් ඔහේ කියවමින් හිටි යුන්මිට ඒ හිම සුදු වෘකයාගේම තුරුලේ නින්ද ගිහින් තිබුණේ ඒ හිත් ඒ ලෙස හෝ එකිනෙකා වෙත එක් කරමින්...

.
.
.
.

"මන් කොහොමද කාමරේට ආවෙ..."

පෙරදා රැයේ සීතලේම එලියට වී හුන් යුන්මි උදෑසනම තම සුපුරුදු කාමරෙන් අවදි වූ විට මුලින්ම කල්පනා කරන්නට වූයේ ඒ දේයි.. ලෙක්චර්ස් නොතිබුණු නිවාඩු දවසක් නිසා වෙනදා පරිදි ඊයේ සිදුවීම කල්පනා කරගෙනම යුන්මි  වොෂ් එකක් දාගෙනම ලෑස්ති උනේ ඇසෙස්මන්ට් වගයක් කිරීමට උනත් යුන්මිගෙ හිත ගියේම පෙරදා බොහෝ කලකට පසු හමු වූ ඒ හිම සුදු වෘකයා ගැනයි..

ඒ හිම සුදු වෘකයා තමාට මේ තරම් සමීප වූ හේතුව යුන්මි තවමත් නොදැන හිටියා.. එහෙත් එක් අතකට ඒ ලෙස හෝ තමන්ගෙ හිතට සහනයක් වන්නට කෙනෙකු සිටීම ගැන යුන්මි සතුටු උනා.. කල්පනාවෙන් හිටි යුන්මිට තම අල්ලපු කාමරේ වූ කෙඳිරිලි හඬක් නිසා කල්පනාවෙන් බිඳී ඒ දෙසට ඇස් යොමන්නට වුණේ පුදුමෙන්..

"ජන්කුක්.. ඒ ජන්කුක් ද...??"

යුන්මි තමන්ගෙන්ම එලෙස අසන්නට වූයේ තමාගේ කාමරයට යාබද කාමරය ඇල්ෆා ජොන්ගේ කාමරය බව ඇය හොදින්ම දැන උන් නිසාවෙන්..

'යනවද නැද්ද....?'

යුන්මි තමන්ගෙන්ම එසෙ අසන්නට උනේ  ජන්කුක්ගෙ රූම් එක ඇතුලෙන් එන ඒ කෙඳිරිලි හඬ එන්න එන්නම වැඩි වෙනකොට.. ජන්කුක්ගේ වේදනාතමක හඬ එන්න එන්නම වැඩි වෙනකොට නෑසුනා වගේ ඉන්නට යුන්මිට නොහැකියි.. එහෙත් ඇයට ජන්කුක් වෙත යන්නටද නොහැකි උනේ තවමත් තමාව ජන්කුක් පිලිකුල් කරන බවට ඒ හිතේ ඇති වෙලා තිබුණු අදහස නිසාවෙන්.. හිටි හැටියේම ජන්කුක් එලෙස වේදනාවෙන් කෙඳිරිලි නඟනා හේතුවක් යුන්මි නොදැන උන්නත් තවමත් ජන්කුක් තමාගේ මේට් බව හිත අතුලෙන් යුන්මිට හඬ නඟන විට ඒ සියල්ල නොසලකා ඉන්නට ද යුන්මිට නොහැකියි..

නැවත වතාවක් ඒ හිතුවක්කාර මුරණ්ඩු තද ගතිගුණ ඇති ඇල්ෆා අතින් මිය යන්න හෝ හිතාගෙනම යුන්මි ඇල්ෆාගේ කාමරය වෙත පිය නඟන්න උනේ දෙවරක් නොහිතාමයි...

මෝඩ ඔමේගාව මේ යන්නේ නම් රට් එකට පත් වූ ඇල්ෆාවෙකු අතින් විනාශ වීමටයි...!

යුන්මි කිසිත් නොදැන ජන්කුක්ගේ කාමරය වෙත ගියේ ඇල්ෆාගේ ඒ වේදනාව තව දුරටත් අසා සිටිය නොහැකි නිසාවෙන්.. එහෙත් ඇය ජන්කුක්ගේ රූම් එක අසල නැවතී නැවත වරක් තමා තමා කරනා දේ ගැන හිතමින් ලත උනත් නැවත වරක් ඇසුනු ඒ ඇල්ෆාගේ කෑ ගැසීම නිසාවෙන් ශබ්දයක් නොනැගෙන ලෙස යන්තමින් වසා තිබූ දොර ඇරගෙන ඇතුලට යන්නට වූයේ තරමක තැතිගැන්මෙන්..

මේ පලවෙනි වතාව...

යුන්මි ඇල්ෆා ජොන් ජන්කුක්ගෙ කාමරය හරි හැටි දැකපු..!

හිතේ පොඩි චකිතයක් එක්කම යුන්මි ඇල්ෆගෙ කාමරය පුරා ඇස් යවන්න උනේ ජන්කුක්ගෙ රූපය බලා ගැනීමේ බලාපොරොත්තුවෙන්.. තමන්ගෙ රූම් එකටත් වඩා පිලිවෙලට තිබුණු ඒ කාමරය මොහොතකට යුන්මිගෙ හිත ගත්තා කිව්වොත් හරි.. මොහොතකට කාමරය පුරා ඇස් යවන එක අතහැර දැමූ යුන්මි කලබලෙන් ජන්කුක්ගෙ හඬ එන ස්ථානය සොයන්න උනේ බැලූ බැල්මෙන් කාමරය තුළ කිසිවෙක් නොමැති බව අවබෝධ කර ගත් බැවින්...

"එයා කොහෙද...?"

තමන්ගෙන්ම එසේ අසමින් ඔමේගාව තම ඇල්ෆාව හොයන්නට උනේ මේ වෙනකොටත් ඇල්ෆා ගැන ඒ හිතේ ඕනෑවටත් වඩා අසුභ සිතිවිලි රාශියක් ඒ හිතට එන්නට වූ නිසාවෙන්..

"වොශ් රූම් එකේ ද...?"

යුන්මි තමන්ටම කියා ගනිමින් නාන කාමරය පුරා ඇල්ෆාව සෙව්වද එතුලත් ඔහු නොමැති නිසාවෙන් මොහොතකට ඉන් ඉවත්ව ජන්කුක්ගේ ඇද මත හිද ගන්නට වූ නමුත් ඒත් එක්කම බිම වැටී සිහිසුන්ව මෙන් හිටි ජන්කුක්වත් ඔහුගෙ උඩුකය නිරුවත් ශරීරයත් දුටු යුන්මි ගල් ගැසී බලා සිටියා.. ජන්කුක් තරමක අපහසුවෙන් එහෙට මෙහෙට වෙවී හිටියා උනත් යුන්මිගෙ ඇස් තිබුණේම ජන්කුක්ගෙ එක බාහුවක් වෙතයි.. මෙතරම් කාලයක් කිසිදු දිනෙක ජන්කුක්ගේ ඉහල බාහුවත් එහි වූ විශේෂ සලකුණත් නොදුටු යුන්මි පලමු දර්ශනයයෙන්ම කුමක් කරම්දැයි සිතා ගත නොහැකිව සිටින්නට උනා..

නොහිතූ මොහොතක... නොසිතූ පුද්ගලයෙකුගෙන් යුන්මි එක් සුවිශේෂී සලකුණක් දැක තිබුණා..

(Moon valley පැක් ඇල්ෆාවන්ගේ ඇල්ෆා ටැටූ එක)

(Moon valley පැක් ඇල්ෆා උණු ජන්කුක්ට විතරක් විශේෂ උණු ඒ ටැටූ එක)


"ඒක... ඒ.. ඒක.. එතකොට ඒ පැක් ඇල්ෆා.. ? ඒ ජන්කුක් ද..?"

තමා මෙහි ඒමට පෙර මින්සුත් ජිමිනුත් සඳහන් කල පරිදිම Moon Valley පැක් එකේ ඇල්ෆාවන්ටම පොදු වූ ඒ ඇල්ෆා ටැටූ එකත් ඊට යාවෙන්න ඇඳි වෘකයකුගේ රූපයකිනුත් සමන්විත ඒ පැක් ඇල්ෆා ටැටූ එක මොහොතකට යුන්මිව අතරමං කරන්න සමත් වෙලා තිබුණා.. තමා මේ තරම් කල් සිතා සිටියාක් මෙන් පැක් ඇල්ෆා වයසින් වැඩි මහළු වූවෙකු නොව ඒ තමාගෙම මේට් වූ ජන්කුක් යැයි ඔමේගාව නම් සිහිනෙවත් බලාපොරොත්තු වූවක් නොවේ...

ඒ එක්කම ඇහුණු ජන්කුක්ගේ කෙඳිරිලි හඬ නිසා පියවි සිහියට ආ යුන්මි ඇල්ෆාව වෙත ළං උණේ එක් වරම ජන්කුක්ට සිදු උනු දේ කුමක් දැයි තමාගෙන්ම ප්‍රශ්න කරමින්..

"ජන්කුක්.. ඇයි මේ.. ජන්කුක්.. ආශ්.. ඇඟම රත්වෙලානෙ.. ජන්කුක් ඔයාට මාව ඇහෙනවද...? ජන්කුක් නැගිටින්න..."

යුන්මි ජන්කුක්ව සොලවමින් එහෙ මෙහෙ කරන්නට වූ නමුත් ඇල්ෆාගේ ඒ විශාල ශරීරය සෙලවීම නම් ඔමේගාවට නම් කල නොහැක්කක්..

සැබැවින්ම ජන්කුක්ට වූ දේ පිලිබදව කිසිවක් නොදත් යුන්මි ඇල්ෆාගේ ඒ ගිනියම් තරම් රස්නෙ දුන් ශරීරය පුරා අත් එහෙ මෙහෙ කරන්නට වුණේ ජන්කුක්ව කෙසේ හෝ ඇද මතින් තැබීමේ බලාපොරොත්තුවෙන්..

එහෙත්..

යුන්මිගෙ මේ ස්පර්ශයත් ඇගෙන් නිකුත් වන රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳත් වෙනදාට වඩා තමන්ව මත් කරනා බව මේ මොහොතේ ඇල්ෆාට දැනෙමින් තිබුණා... යුන්මිගෙ ඒ සුසිනිදු ස්පර්ශයන් හා පෙරමෝන හමුවෙ තම හඟීම් පාලනයට අන් කවරදාටත් වඩා උත්සාහ ගත් ඇල්ෆාගෙ ගතින් දහඩිය වැඟිරෙන්න වූයේ යුන්මිව තව තවත් කලබලයටත් බියටත් පත් කරමින්..

"යුන්මි.. මෙතනින් යනවා... චෙබල්.. කිව්වම අහල මෙතනින් යනවා..."

ජන්කුක් අපහසුවෙන් උනත් තමා තුළ නොසන්සුන්ව සිටි ඇල්ෆාව යන්තමින් පාලනේ කර ගනිමින් කියන්නට වූවත් යුන්මි නම් ඒ තැන හෙල වුනේ වත් නොමැති තරම්..

ලූනා...!

මේ හිතුවක්කාර ඔමේගාව විහින් අනතුරේ වැටෙන්නට යන හැටියක්...!

"ඔයාට පිස්සුද ජන්කුක්..? මන් කොහොමද ඔයාව දාලා යන්නෙ..? ඔයා ඉන්නෙත් අමාරුවෙන්..."

දෙවරක් නොහිතාම තමාගෙ ඇදුමෙන් කැබැල්ලක් ඉරා එමඟින් ජන්කුක්ගෙන් ගලන දාඩිය පිස දමන්නට උත්සාහ කරමින් යුන්මි කියන්න උනේ කලබලෙන්.. සැබැවින්ම මේ මොහොතේ ජන්කුක්ගෙ මේ හැසිරීම යුන්මිගෙ සිහි කල්පනාව පවා නැති කරල තිබුණෙ ඇල්ෆා ගැන ඒ ඔමේගාවගේ හිත ඇතුලෙහි උපන් ඒ සෙනෙහස නිසාවෙන්මයි...

"යුන්මි.. චෙබල්.. මෙතනින් යනවා.. තමුන්ට මැරෙන්න ඕන නැත්නම් මෙතනින් යන්න යනවා..."

ඇල්ෆා උපරිම උත්සාහයෙන් කියන්නට වූවත් ඔහුගේ ඒ හඬ ඇසෙන නෑසෙන තරම් දුර්වල වෙලා තිබුණා..

ඇල්ෆා හිටියෙ ඇතුලාන්තයෙන් ලොකු සටනක...!

තමා තුළ ඉන්නා වෘකයා මේ වෙනකොටත් පාලනය කර නොහැකි තරමට උමතුවෙන් හිටි බව ජන්කුක් දැන උන්නා.. කොයිම මොහොතක ඒ ඇල්ෆා තමාවත් යටපත් කරන් ඉදිරියට පැමිණෙන බව ජන්කුක්ට තේරුම් යමින් හිටියේ.. ඒ නිසාම මේ තැනින් යුන්මිව යැවීමට ඔහුට ඕනෑ කර තිබුණා..  එහෙත් ඒ උමතුව තව තවත් වැඩි කරමින් යුන්මි තමා අසලම රැදී තිබුණෙ ඇල්ෆාට මෙය තව තවත් දුෂ්කර කරමින්..

යුන්මිගෙ උත්සාහය නිසාම යන්තමින් ඇල්ෆාව වත්තම් කර ඇදෙහි දිගා කරන්නට ඔමේගාවට හැකි උනා.. තවමත් දහඩිය ගලන ඒ ශරිරය දෙස බලා යුන්මි හිටියෙ තැති ගැන්මෙන් උනත් ඇල්ෆාගෙ නම් ඇස් තිබ්බෙම යුන්මිගෙ ඇදුමෙ කොටසක් ඉරා දැමීම නිසා පිටතට නිරාවරණය වී තිබු යුන්මිගෙ රන් වන් පැහැති ශරීරය දෙසයි..

ඒ මොහොත.. මේ සිදුවීම.. යන්තමින් අපහසුවෙන් යටපත් කර තිබූ ඇල්ෆාට අලුත් පණක් ලබා දුන්නාක් මෙන් වෙලා තිබුණෙ යුන්මිටත් හොරා...

"මිනී.. මිනි මියානෙහ්...."

ඒ තද කළු දෑස් වල වර්ණය වෙනස් වනවාත් සමඟම ජන්කුක්ගෙ කටින් ඒ දේ පිට උණේ යුන්මිගෙ ඇස් දෙකත් පුදුමෙන් විශාල කරමින්...

පුදුම නොවන්නේ කෙසේ ද..? 

මින්සු තමන්ට අමතන ආකාරය දන්නා කිසිවෙක් මේ Moon Valley පැක් එක තුළ නොමැති වෙනකොට.. කිසිවක් නොදන්නා ඇල්ෆා තමාට එසේ කතා කරන විට ඇය පුදුම නොවී කුමක් නම් කරන්න ද...?

ගත උනේ සුළු මොහොතකි.. ඇල්ෆාගේ බැල්මන් පවා වෙනස් වී තිබුණේ ඔමේගාවගේ හිතට බයක් එක් කරමින්.. ඒ එක්කම ඇල්ෆා ජොන්ගෙ අත් යුන්මිගෙ සිරුර පුරා දිවෙන්නට වූයේ අන් කවරදාටත් වඩා ඔමේගාව බියෙන් සලිත කරමින්.. ඒ නුහුරු ස්පර්ශයන් පවා රළු වෙලා තිබුණෙ යුන්මිගෙ ඇස් වලට ඇයටත් නොදැනිම කදුළු එක් කරමින්..

කවදා හෝ මේ දේ සිද්ද විය යුතුව තිබෙන්නට යුන්මිගේත් ඇල්ෆා ජොන්ගේත් ඉරණම තීරණය කර තිබුණා..

ඒත්  ඒ මේ විදිහට නම් නෙවෙයි...!!

"Jungkook.. Stop this.. please Jungkook..."

ඇල්ෆා වියරුවෙන් වගේ යුන්මිව සිප ගැනීමකට ඈඳා ගන්නා විට කඳුළු වගුරවමින් යුන්මිට කියා ගත හැකි වූයේ ඒ දේම පමණයි...




..............................................................................................................................................................................................................

කතාව ඉක්මනට ඉවර වෙයි පැටව්නේ...❤

Weiterlesen

Das wird dir gefallen

234K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
588K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
178K 16.7K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...
110K 18.8K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...