🐺Fate 🐺 || JJK (COMPLETED)

Da Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... Altro

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

හෙලිදරව්ව 🐺

820 253 55
Da Chimthri


ඇල්ෆගේ ඒ ගිනිගෙන දැවෙන ඇස් දිහා යුන්මි බලන් හිටියේම ඇස් වල කදුළු පුරවගෙන.. ඇස් වලින් ගලන කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා යුන්මි බලන් හිටියා... තමන්ගෙ වේගෙන් ගැහෙන පපුව වේදනාවෙන් කීරි ගැහිලා යනකොට කිසිවක් කියා ගත නොහැකිව ඔමේගාව ගොළු උණේ තමන්ගෙ ඇල්ෆාගේ ඒ වෛරයෙන් පිරුණු තමා දෙසට යොමු වී ඇති ඇස් දැකීමෙන්ද නොඑසේ නම් තමන්ගෙ සියලුම රහස් ඔහුට හෙළිවීම නිසාදැයි ඇයටවත් හරි හැටි අවබෝධයක් නොතිබුණා..

යුන්මි.. ඒ හිතුවක්කාරි තවමත් නිහඬයි..!

නොදැන හෝ ඇය කරන්නේම ඇල්ෆාගේ කේන්තිය ඇවිස්සීමයි..!

කේන්තියෙන් රතු උණු ඇස් එක්ක ඇල්ෆා ඔමේගාව දවා අලු කරන්නට හැකි තරමේ බැල්මක් හෙලා ඇගේ ගෙල තම අත්වලින් තදින් තද කර ගන්නට උනා.. ඇල්ෆාගේ කේන්තිය ඔහු ඒ ලෙස පිට කරන්න වූවත් ඇල්ෆාගේ අතට හිර වී අපහසුවෙන් හුස්ම ගන්නට උත්සාහ කරමින් හිටි ඔමේගාව ගැන හෝ ඇගේ අපහසුතාවය ගැන නම් ඇල්ෆා එක මොහොතක් හෝ නොසිතුවා..

"යුන්මි.. කියනවා.. තමුන්ට කොහෙන්ද මේ ටැටූ එක..."

ගිනියම් ඇස් වලින් ඔමේගාව දෙස බලමින් ඇල්ෆා ඇසූවත් ඒ කිසිවකට පිලිතුරු නොදී ඔමේගාව කලේම ඇල්ෆාගේ අත් තම ගෙලෙන් ගලවා ගැනීමට උත්සාහ කිරීමයි.. ඇල්ෆාගේ තියුණු නිය තම ගෙල පසාරු කරමින් යන විට ඒ වේදනාවත් දරාගෙනම තමන්ගෙන් ගිලිහෙන්නට යන හුස්ම පොද ටික යන්තමින් රැක ගැනීමට ඇය ඇල්ෆා සමඟ වෙර දරන්නට උනේ ඒ ඇස් වලින් කදුළු වැල් නොනැවතී ගලනකොට..

"ජොන් ජන්කුක්...!!!"

නොසිතූ මොහොතක එක්වරම ඇසුනු ශබ්දයක් නිසා ගැස්සී වාගේ ඇල්ෆාගේ ග්‍රහණය මඳක් ලිහිල් වූවත් ජන්කුක් තවමත් හිටියේ ඒ අත් තවමත් ඔමේගාව දෙසටම යොමාගෙන..

"ජන්කූක්..! ඔය ළමයා අතාරිනවා...!"

තමා ගේ කටහඬින් වත් දශමය කුදු නොසැලුණු ඇල්ෆා ජොන් දෙස නම්ජුන් බලන් හිටියේ පුදුම තරමේ ඉවසීමකින්... ඇල්ෆා වෙතින් නිකුත් වූ ඒ පෙරමෝන වල ගැබ් වුණු තිත්ත රසය ඔහු මොන තරම් කේන්තියකින් පසුවන්නේ දැයි ඇලෆා නම්ජුන් හට මේ වෙනකොටත් තේරුම් කර තිබුණා.. මීට පෙර අතේ අතෑඟිලි ගණනට පමණක් සීමා උණු මෙවැනි සිදුවීම් හැමදාමත් තමාගේත් අනික් ඇල්ෆාවන්ගේත් ඇඟෙහි හිරිගඩු පිපෙන තරමට පත් කරන්නට සමත් බව ඇල්ෆාට නිතැතින්ම මතකෙට එන්නට උනා..

"නෝරා.. ජින් හ්යොන්ග්ටයි ටේහ්යොන්ග්ටයි පුලුවන් තරම් ඉක්මනට එන්න කියන්න.. මෙතන අපි හිතනවට වඩා දෙයක් වෙලා වගේ..."

තම පසෙකින් සිටි ඔමේගාවට එසේ කියමින් ඇල්ෆා නම්ජුන් ජකුක් දෙසට පියවර මනින්න උනා.. තමා ටිකෙන් ටික ළං වන විට ජන්කුක් වෙතින් නිකුත් වුණු පෙරමෝනවල තිත්ත ගතිය ටිකෙන් ටික අඩුවන බවක් නම්ජුන්ට දැනුන නිසාවෙන් ඔහු දෙපාරක් නොහිතාම මේ කේන්තියෙන් පිස්සු වැටුණු පැක් ඇල්ෆාගේ උරහිසට අත තියා කලින්ටත් වඩා මෘදුව තම කටහඬ අවදි කලා..

"කුකී.. ඔය ඇති.. "

නම්ජුන්ගේ ඒ ස්පර්ශයත් සියුම් සන්සුන් කටහඬත් ජංකූක්ගෙ ඒ තරහව.. ඒ කේන්තිය.. වගේම ඒ වේදනාවත් යන්තමින් හෝ අඩු කරන්නට සමත් වුණා.. මොහොතකට තමන්ගේ තරහව අමතකව ගිය ජන්කුක් යුන්මි දිහාත් නම්ජුන් දිහාත් වරින් වර බලන්නට උනේ තමන් අතින් ලොකු වරදක් උනා වගේ.. ඒ එක්කම ගිනි පුළිඟු වාගේ වගේ රතු වුනු ඇස් වෙනුවට පුරුදු කළු පැහැති ඒ ඇස් යුන්මිටත් නම්ජුන්ටත් එකවර දර්ශනය වුණේ ඒ ඇස් වල කවදාවත් නොතිබුණු තරමේ වේදනාවක් මිශ්‍ර වුණු අමුතු හැඟීමක් නම්ජුන්ට වගේම යුන්මිටත් මොහොතකට පෙන්වමින්.. තමන්ගේ ඒ ඇස් නම්ජුන්ගෙන් ඉවතට ගෙන යුන්මි දෙසටම හැරවූ ඇල්ෆාගේ අත අතෑරුනේ ඉබේමයි...

ජන්කුක්ගෙ ඒ ග්‍රහණය ලිහිල් වූ සැනින් ‍යුන්මි පොළොව මතට කඩා වැටුණේ පණ නැති වූවෙක් මෙන්... ඒ එක්කම කොහේදෝ සිට පැමිණි නෝරා ඇයව අල්වා නොගන්නට යුන්මිට් තව තවත් හානි වන්නට තිබුණා... සියල්ලම වේදනාත්මක හැඟීමෙන් බලන් හිටිය ඇල්ෆා හට තමා සිදු කර ඇති ඒ විනාශය හරිහැටි තේරුම් ගියේ ඒ මොහොතේදීයි...

තමාගේම ඔමේගාවට තමා අතින්ම හානි සිදු කර ඇති අයුරු දුටු ඇල්ෆාට දැනුණු වේදනාව නම් විස්තර කල නොහැකි තරමේ වේදනාවක් උණා.. තමාගෙම නිය කිඳා බැස තිබූ ඒ ගෙලත් ඉන් පිටතට වහනය වන ලේ දෙසත් ඇල්ෆා බලාගෙන හිටියේ කදුළු පිරුණු ඒ ඇස් වලින්.. පියවි ඇති ඒ ඇස් දෙකත් ඒ මුහුණත් ඇල්ෆාට තම වරදේ බරපතල බව තේරුම් කලත් ඒ දේවල් මේ වෙනකොටත් සිදු වී හමාර වෙලා තිබුණෙ Moon valley පැක් ඇල්ෆාගේම අවාසනාවකට වගේ...

අවසානයේ ඇල්ෆා නම්ජුන්ගේ දෑත් මත සිහිසුන්ව සිටි තම ඔමේගාව නෝරාත් නම්ජුනුත් ඇගේ කාමරෙන් ඉවතට රැගෙන යන අයුරු ජන්කුක් බලාගෙන හිඳින්නට උනේ තම දෙදණ පොළව මත හොවාගෙන ය..

.
.
.
.
.

දිගු නින්දකින් පසු යුන්මි තම නිදිමත ඇස් පොඩි කරමින් යන්තමින් වටපිට බලන්න උනේ තමාට සුපුරුදු වටපිටාවක් නැරඹීමේ අපේක්ෂාවෙන්.. තම ගෙලෙන් ආ වේදනාව දැනුනත් මොහොතකට ඒ සිදු විම අමතක කර දැමූ යුන්මි පුදුමෙන් ඇස් යවන්නට උනේ තමා ඉන්නා තැන ගැන අවබෝධයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්... පිලිවෙලට හදපු කාමරයත් ඒ එක්කම පසෙකින් තිබුණු නයිට් ස්ටෑන්ඩ් එකත් මේ තැන තමාට හුරුපුරුදු තැනක් බව යුන්මිට මතක් කලා.. ඒ එක්කම කාමරේ කොනක හිටගෙන තමන් දිහා සැනසීම් හුස්මක් හෙලමින් බලන් ඉන්නා ඔමේගා නෝරාව දුටු යුන්මිට ඇය ඉන්නා තැන ගැන අමුතුවෙන් පහදන්න ඕන උනේ නෑ..

නෝරගෙත්.. ඇල්ෆා කිම්ගෙත් කාමරේ...!!

"ඇයි මන් මෙතන...?"

තමන්ට අවසානයේදිම මතක තිබුණු ඒ සිදුවිමත් ඇල්ෆා ජොන්ගෙ ඒ ගිනි ගන්නා ඇස් දෙකත් මතක් උණු යුන්මි එහෙම ඇහුවෙ කලබලෙන් වගේ ..

"යුන්මියා.. ඔයාට මාව විශ්වාසයි නේද...?"

යුන්මි කියූ දේට පෙරලා පිලිතුරක් දෙන්නට උත්සාහ නොකළ ඔමේගා නෝරා යුන්මි වැතිරී හිටි ඇද දෙසට එන්න උනේ කිසිදෙයක් හිතා ගන්න බැරි යුන්මි දිහාම බලාගෙන..

"ඔයාට මාව විශ්වාසයි නේද...?"

යුන්මිගෙ ලඟින් වාඩි උණු නෝරා ආයෙම කලින් ප්‍රශ්නෙම ඇහුවෙ එයට පිලිතුරක් වශයෙන් යුන්මි හෙමින් ඔලුව එහෙ මෙහෙ කරනකොට... තත්පර කිහිපයක් යුන්මි දිහාත් ඒ තුවාල උණු ගෙල දිහාත් බලපු නෝරා ලොකු හුස්මක් හෙළුවෙ වැදගත් දෙයකට කියල යුන්මිට නිතුනෙ තමන් දෙසට යොමු උණු ඒ බැල්මෙන්...

"යුන්මි.. ඇත්තටම මම ජින් වගෙම ඇල්ෆා නම්ජුනුත් ඔයා ගැන හැම දෙයක්ම දැනගෙන හිටියා.. මියානෙහ් අපේ වැරැද්ද.. අපිට මේ ගැන කුකීට කියල තියන්න තිබුණා..."

නෝරා ලොකු පසුතැවීමක් එක්ක කියනකොට යුන්මි කිසි දෙයක් කියා ගන්න බැරුව ඔහේ බලන් හිටියා... කවුරු කොහොම විශ්වාස කරන්නද හිතා ගත නොහැකිව යුන්මි බලන් හිටියා.. තමන් හරිද වැරදිද යන්නවත් හිතා ගත නොහැකිව යුන්මි බලන් හිටියා..

"යුන්මි.. දන්නවද.. මේක ඔයාගෙ ඔම්මගෙ වගේම ඔයාගෙම අප්පගෙත් ගෙදර.. ඔයාගෙ ඔම්මාට අදටත් ආදරෙ කරන ගරු කරන අය මේ පැක් එකේ ඕන තරම්..."

තමාගෙම මව ගැන නෝරාගෙන්ම අකුරක් නෑර ඇහෙනකොට යුන්මිගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති උනා.. මේ තරම් කල් හොයපු ඒ හැම ඇත්තක්ම මේ විදිහට එලිවෙනකොට ඒ දෙවල් මේ තරම් හිතට වේදනාවක් එක් කරයි කියල යුන්මි හීනෙකින්වත් නොහිතන්න ඇති...

වෙනදා පොඩි දේටත් කෑ ගහන කේන්ති ගන්න ඒ හිතුවක්කාර ඔමේගාව අද නිශ්ෂබ්දයි...!

ඒ ඇස් පුරාම තිබුණේ හිස් හැඟීමක්..! බැල්මේ පවා..!

"ඔමේගා ජීයුන් කියන්නෙ පැක් එකෙ හිටපු එකමේ ඔමේගා ශැඩෝ... ඔයාගෙ ඔම්මා ගොඩක් නිර්භීත කෙනෙක් යුන්මි..."

ඔමේගා නෝරා කියද්දි යුන්මි කලේ ගලක් වගේ ඔහේ බලාගෙන ඉදපු එක.. නෝරාට කියන්න බොහොමයක් දේවල් තිබුණත් මේ ඒ දේවල් වලට වෙලාව නොවන බවත් තමා ඒකට සුදුසුම කෙනාත් නොවන බව තේරුම් ගත් නෝරා යුන්මිට තනි වෙන්න ඉඩ හැර එතනින් යන්න හැදුවත් නෝරාගේ අතේ එල්ලුණු යුන්මි ඇස් වලින් තමාට එහායින් වූ ඇඳ පෙන්වූයේ අසරණ කෙනෙක් වගේ..

"මට හැම දේම දැන ගන්න ඕන.. චෙබල් නෝරා නූනා තවත් මගෙන් මේවා හංගන්න එපා.."

යුන්මි කියන්න උනේ අසරණව.. කවදාවත් නොමැති තරමේ අසරණකමක් ඒ ඇස් වල ඒ කටහඩේ ගැබ් වෙලා තිබුණා.. වැරදිලා හෝ ඒ අසරණකම මින්සු දුටුවා නම් ඇගේ ඇස් වලට පවා කදුළු එන්නට ඉඩ තිබුණා...

හිතුවක්කාරි.. අද නිහඬව අසරණ වෙලා තිබුණෙ දකින ඕනම කෙනෙකුගේ හිතට වේදනාවක් එක් කරමින්..

"ශැඩෝ කියන්නෙ කව්ද..? මට ඔම්මව බලන්න පුලුවන් ද..? මම එයාව කවදාවත් දැකල නෑ..."

ඇහෙන නෑහෙන ගානට යුන්මි කියන්න උනේ නෝරාගෙ ඇස් වලට පවා කදුළු එක් කරමින්..

"යුන්මියා.. ශැඩෝ කියන්නෙ පැක් ඇල්ෆාව ආරක්ෂා කරන්න පුහුණු කරපු අය.. ඇල්ෆා නම්ජුන්, ඇල්ෆා ජින් වගේම ඇල්ෆා ටේහ්යොන්ග් පවා ශැඩෝලා.. ඔයා ජිමින්ව දන්නවනෙ එයා කොමෙට් කෙනෙක් නෙ.. එයාලාගෙ පැක් එකේ වගේම අපේ පැක් එකෙත් ශැඩෝලා හත් දෙනෙක් ඉන්නවා.. හැමෝම පුහුණු කරපු ගොඩක් දක්ෂ සටන් කරන අය.. එයාලා පැක් එක වගේම පැක් ඇල්ෆවත් ආරක්ෂා කරන අය..."

නෝරා හෙමි හෙමින් යුන්මිට ඒ දේවල් පැහැදිලි කරනකොට ඒ දිගා කාමරේ දොරකඩ වෙලා කෙනෙක් බලන් හිටියා..

ඇල්ෆා සොක් ජින්..!!

"මට ඔම්මව බලන්න පුලුවන් ද..?"

ආයෙම වතාවක් යුන්මි අහනකොට එයට දෙන්න පුලුවන් උත්තරයක් සිතා ගත නොහැකිව ඔමේගා නූරා පවා අසරණ උනා.. මේ මොහොත යුන්මිගෙ ඒ වචන ඇල්ෆා කිම්ගෙ ඇස් තෙත් කරන්න තරම් ප්‍රබල උනු බව යුන්මි නම් නොදැන උන්නා..

තමන්ගෙ ජීයුන් ඔම්මව බේර ගත නොහැකිව අදටත් පසුතැවෙන මුහුණෙන් ඒ වේදනාවෙන් ඇල්ෆා බලන් හිටියෙ ජීයුන් ඔම්මගෙන් ඉතුරුව ඇති එකම වස්තුව උණු යුන්මි දිහා..

"ඇල්ෆා..."

කාමරේ තුල සිටි ඔමේගාවන් දෙදෙනා දිහා බලා ඉදපු ඇල්ෆා ජින් හෙමින් කාමරය තුළට ආවෙ නෝරාගෙ ඒ කටහඩත් කාමරය තුළට එනමෙන් ඇය ඇල්ෆාට පමණක් තේරෙන ලෙස ඇය කල ඉල්ලීමත් නිසා..

"යුන්මි... මියානෙහ්.. මට ඔයාගෙ ඔම්මව බේර ගන්න බැරි උනා.. මියානෙහ්.."

ඇල්ෆා ජින්‍ යුන්මි ළඟම වාඩි වී ඒ හැඟීමක් නැති මේ තරම් වෙලා එකම කඳුලක්වත් නොහෙලපු යුන්මිගෙ ඒ ඇස් දිහා බලන් කිව්වෙ ලොකු වේදනාවක් එක්ක.. මේ මොහොතේ තමන් විදිනවාටත් වඩා දෙතුන් ගුනයකටත් වඩා ලොකු වේදනාවකින් ඔමේගාව ඉන්නා බව දැනගෙන උනත් ඇල්ෆට ඕන වෙලා තිබුණෙ එකම එක වතාවක් හෝ යුන්මිගෙන් ඒ ගැන සමාව ගන්න..

ලැබුණා නොලැබුණා ඇල්ෆට ඕන වෙලා තිබුණෙ යුන්මි ඉදිරියේ සමාව ඉල්ලීම පමණයි...!

"ඔප්පා.. මට තනියම ඉන්න ඕන.."

යන්තමින් අපහසුවෙන් උනත් අවදි කර ගත් ඒ කටහඬෙන් ඉල්ලපු යුන්මිගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න තරන් දරුණු වෙන්නට ඇල්ෆාට පුලුවන් උනේ නැහැ.. ඇල්ෆා නෝරාත් සමඟ දෙවරක් නොහිතාම කාමරෙන් පිට වෙන්නට තීරණේ කලේ ඒ නිසාම වෙන්න ඇති.. එහෙත් කාමරෙන් ඉවතට යන්න ගිය ජින් වගේම නෝරත් එකවරම නැවතුනේ හදිසියේම යුන්මිගෙ කටහඩ නිසා..

"ජ.. ජන්කුක්ට කේන්ති යන්න තරම් ඒ ටැටූ එකේ මොනවද තියෙන්නෙ...?"

යුන්මි මොහොතකට හෝ ඇල්ෆා දෙස හැරී නොබලා ඉවත බලාගෙනම අහන්න උනේ පිලිමයක් වගේ.. ඇය අන් හැමටම වඩා මානසිකව වැටි ඇති බව ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබුනා..

ඔව්.. ඔමේගාවගේ ඇත්ත ඇයටම දරා ගත නොහැකි තරමටම කුරිරු වෙලා තිබුණා..!

"යුන්මි.. මේ අහන්නකො.. ඒ ටැටූ එක Moon Valley පැක් එකේ ඔමේගාවන්ට විතරක් තියෙන ටැටූ එකක්.. පැක් එකෙන් වෙන්වෙලා ඉන්න ඔමේගාවන් මේ ටැටූ එක තියන් ඉන්නවා.. මොකද ඒක එයාලගෙ ආරක්ෂාවට දා ගන්න එකක්.. මේ ටැටූ එක දන්නෙ අපෙ පැක් එකේ අය විතරයි... ඒකයි ඇල්ෆා ජන්කුක්ට මේක දැක්කම තරහ ගියේ.. මින්සු අපිට මේ හැමදේම කියල තිබුණෙ යුන්මි.. මින්සු මේ ටැටූ එක ඔයාට කලෙත් අපේ අයට ඔයාව අදුර ගන්න බැරි උනොත් මේකෙන් හරි අදුර ගන්න හිතාගෙනයි.. මියානෙහ්.. මට හරි ඔයාට මේ ගැන කියන්න තිබුණා.."

නෝරා පසුතැවීමක් එක්ක කියනකොට යුන්මි කලේ ඒ දේවල් අහගෙන කොහේදෝ මන්දා ඈතක බලාගෙන හිටපු එකයි.. ඒ හැර වෙනත් කිසිම වචනයක් ඇගෙ කටින් පිට නොවුණෙ ජින්ගෙත් නෝරගේත් හිත් වලට වේදනාවක් එක් කරලා.. ඒ එක්කම තවත් එකම මොහොතක් වත් ඒ තැන නොරැඳී තම ඔමේගාවත් කැටුව ඉන් ඉවතට ඇල්ෆා ගියේ යුන්මිව ඒ කාමරය තුළ තනි කරලා..

සිදු වෙන දේවල් වගේම යුන්මිගෙ නිහඬ සන්සුන් ප්‍රතිචාරය නිසාම ඇල්ෆා ජින් හිටියේම කලබලෙන්..

මේ අසාමාන්‍ය හැසිරීම් ඔහුගෙ හිතට ඇති කලේ නම් ඒ තරම් යහපත් හැඟීම් නොවේ...

"හැමදේම හොදින් සිද්ද වෙයි ඇල්ෆා..."

ඇල්ෆාගේ සිතිවිලි මෙන්ම ඒ පෙරමෝන සුවඳ පවා හරි හැටි අවබෝධ කර ගත් නෝරා ඇල්ෆාගේ ඒ ලොකු විශාල අත් වටා තම කුඩා දෑත් යැවූ නෝරා කියන්නට උනේ ඇල්ෆා ජින්ගෙ හිතට සහනයක් එක් කරලා...

.
.
.
.

දවස් එකින් එක ගෙවිලා සති දෙකක් ගෙවිලා තිබුණෙ හැමෝටම හොරා.. ගෙවුණු ඒ කාලය පුරාවටම යුන්මි අන් හැමෝටම වඩා වෙනස් නිහඬ චරිතය වෙලා තිබුණා.. ජන්කුක් පවා ගෙවුණු කාලය ලොකු වේදනාවක් හිර කරගෙන හිනා වෙලා ඉන්න හැටි අනිත් හැමෝටම දැක ගන්න ලැබුනා.. ජන්කුක්ගෙ ඒ හැසිරීම ගැන ඔහුටම තිබුණේ කලකිරිමක් ඒ හැරත් තම ඔමේගාව දුකින් ඉන්නා බව අන් හැමෝටම වඩා යුන්මිට යාබද කාමරේ හිටි ඇල්ෆා ජොන් දැනගෙන හිටියා.. තමන් ආදරෙ කරන තමන් ආස කරන ඒ රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳට එක් වුණු ඒ වේදනාත්මක බව ඇල්ෆව තව තවත් රිදවන්නට උනා..

තමා දකින වාරයක් ගානෙම තමන්ගෙන් හැංගෙන්න තමාත් ටේහ්යොන්ග් පවා මඟහැරමින් ඉන්න තරමට ඔමේගාව කුරිරු උණු එක දරා ගන්න ඇල්ෆා ජොන්ට බොහොම අපහසු උණා..

එකම නිවසක හිටියා උණත් සුළු මොහොතකට හෝ ඇයව දකින්නට නොලැබීම මොන තරම් අවසානාවක් ද..?

ඒ හැරත් එලෙස තමන්ව මඟහරින්නා තමාගේම මෙට් වෙනකොට ඇල්ෆාවෙක් කෙසේ නම් දරා ගන්නද..?

එක් පසකින් ඇල්ෆා ජොන් ඒ ලෙස වේදනාවෙන් ඉන්නා විට අනෙක් පසෙන් ජන්කුක්ව දකින්න නොලැබීමත් තමන්ගෙ ඒ හැසිරීම නිසා අනෙක් අයට මුහුන දෙන්නට අපහසුවීමත් නිසා ඇති වූ දුකින් වේදනාවෙන් යුන්මි විඳවන්නට උනා..

මෝඩ ඔමේගාවා...!

සියල්ලන්ම රවටමින් එලෙස හැසිරුණු විට ඇය කෙසේ නම් ඔවුනට මුහුණ දෙන්න ද...?

බැල්කනි එකට වෙලා ඈත පෙනෙන අහස දිහා යුන්මි බලන් හිටියෙ වේදනාවෙන්... පාලුව තනිකම එක්ක මුසු උණු තවමත් පහව නොගිය වේදනාව යුන්මිගෙ ඇස් වලට කදුළක් එක් කරන්න සමත් වෙලා තිබුනා.. ඒ එක්කම ඈතින් දැකපු හුරු පුරුදු චායාවක් නිසා යුන්මිගෙ හිතට සහනයක් ලැබුණෙ කවදාවත් නොවුණු ආකාරයෙන්..

ඒ හිම සුදු වෘකයා..!

නැවත වතාවක් යුන්මි වෙතට ඇවිත්..!!

මේ තරම් දුකින් තිබුණු ඒ මුහුණට සිනහවක් ආවෙ නොහිතු පරිදියි.. තමන් තනි උණු මොහොතක තමන් තනි නොකර පිහිටට රැදුණු මින්සුගෙත් ඇල්ෆා ජිමින්ගේත් ඒ ආරක්ෂාව ඒ රැකවරණය නොලැබී තනිව වේදනාවෙන් ගෙවුණු තමන්ගෙ හිතට සහනයක් වෙන්න ආයෙම ඒ හිම සුදු වෘකයා ඇවිත්..

තමාට නොදැනිම යුන්මි ඒ හිම සුදු වෘකයා වෙත ඇදුනෙ තමන්ට සුපුරුදු උණුහුම හොයා ගෙන....







................................................................................................................................................................

කොටයි නෙහ්... සමාව භාජනේකට දාලා දෙන්න අලුත් කතාවකුත් දෙන නිසා.. 🐺🙈





Continua a leggere

Ti piacerà anche

91.3K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
947K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK
52.7K 4.4K 22
ငါ -ိုး!!! အိပ်ယာက နိုးနိုးချင်း ယောက်ျားရသွားပြီ!!!
99.6K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...