LOVE & MAFIA 1|| Sinhala ✅

Por BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... Mais

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 27 🔴

822 110 9
Por BTS_taesite_

පසුවදා-------------

වෙනදා වගේම එදත් කෙල්ලො තුන්දෙනා ලෑස්ති උණේ එයාලගෙ ඔප්පලාත් එක්ක කම්පැනි එකට යන්න.

Nisu : අද දෙක වෙද්දි කම්පැනි එකෙන් මාරු වෙලා එන්න ඕන ගයිස් දන්නවනෙ උබලා.

Eha : ඔව් බං ඒත්...අඩෝ මේ නූලට වැඩේ දෙන්න ඕන හරිද... ඔප්පලට මට්ටු උණොත් ඉවරයි...

Minhoo : මොනාද තුන්දෙනා කුටු කුටු ගාන්නෙ.

Laki : මේකනෙ ඔප්පා. අපි මේ කතා උණේ හවසට අනූගෙ සෙම්ට්‍රරි එකට යන්න කියලා....

Joon : අහ්...ඒක හොදයි. අපිත් කාලෙකින් ගිය නැති එකේ අපි කට්ටියම යමු...

ටයි එක හද හද පඩිපෙළ බැහැගෙන එනගමන් නම්ජූන් ඔප්පා එහෙම කිව්වා.

Nisu : ඔය කළේ... කෙලියා නෙ . දැන් තව ගැටයක් ගහන්න වෙනවා...

Laki : හරි හරි බං ඒක එතකොට ශේපක් දාගමු . දැන් බේරිලා ඉන්න එපැයි ඔක්කොටම කළින්.

Minhoo : ආපහු කුටු කුටු ගාන්න ගත්තා . උබලා මොකක් හරි හොර වැඩක් එහෙම කරනවා නෙවේ නේද....?

Nisu : මො... මොන හොර වැඩද... අනික මේ අපි...

Yoongi : හා හා එහෙම නොවෙන තරමට හොදයි... දැන් යමු.

යුන්ගි ඔප්පත් පහලට ආවට පස්සෙ බ්‍රෙක්ෆස්ට් එක අරගෙන කට්ටිය කම්පැනීස් වලට පිටත් උණා .

At the moment....

JK's pov 🐰

Jimin : යොබොසේයෝ ජන්කුකා..

Jk : යොබොසේයෝ ජිමිනා...මොකෝ මේ කුකුලා වගේ....

Jimin : නෑ නෑ මං මේ කෝල් කලේ උබට අද නමය වෙද්දි ඩ්‍රොම් එකට වරෙන් කියන්න.... මතක ඇති නේ

Jk : ඔව් ජිමිනා... මතකයි. මං 9 වෙද්දි එන්නම්... උබ ටේහියුනාට කිව්වද...

Jimin : උගේ ෆෝන් එක ඕෆ් බං . මං මේ උදේ ඉදන් ම ට්‍රයි කරනවා .

Jk : උබ ජින් හ්‍යුන්ට අරං බැලුවද ?

Jimin : නෑ බං... මට ඒක මීටර් උණේ නෑ කියහන්කො...

Jk : හරි මං හ්‍යුන්ට ගන්නම්...

Jimin : ම්ම් බායි...

Jk : බායි ජන්කුකා...

ජිමින් ට බායි කියලා ෆෝන් එක කට් කරලා ආපහු මං ජින් හ්‍යුන්ට කෝල් එකක් ගත්තා . ජින් හ්‍යුන්ට විස්තරේ කියලා මං ටේට කෝල් එකක් ගන්න කියන්න කියලා පණිවිඩයක් දුන්නා. ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙකත් පොඩි කර කරම ඇදෙන් බැහැලා බාත් රූම් එක අස්සට රිංගගෙන හොද වොශ් එකක් දා ගත්තා . වොශ් එක දාගෙන එළියට එනකොටම ෆෝන් එක රිංග් වෙන්න ගත්තා . කව්ද කියලවත් බලන්නෙ නැතුව ෆෝන් එක ආන්ස්වර් වරලා කනේ තියාගත්තේ මේ වෙලාවෙ ටේහ්‍යුන් ඇර වෙන කවුරුත් ගන්නෙ නෑ කියලා මං දැනගෙන හිටපු නිසා.

Jk : යොබොසේයෝ අලයො.. උබට ඔහොමත් නින්ද යනවද මං අහන්නෙ ඈ...

Tae : හරි හරි බං ඊයෙ පොඩ්ඩක් විතර වැඩි උණා . දන්නවනෙ උබ ඉතිම්...

Jk : යා...... බූරුවා තෝ ඊයෙත් බිව්වද මිනිහො. තෝ බීලම නාස්තිවෙලා පල ගොන් හරකා...

Tae : නෑ අනේ බිව්වෙ නෑ...

Jk : ඔව්.... බිව්වෙ නෑ . නහයට යටින් තිබ්බා කියපන්. අනේ මේ ටේහ්‍යුන් උබ මේ මටද උගන්නන්න එන්නෙ... ආ....

Tae : අම්මෝ බං .... උදේ පාන්දර හ්‍යුන්ගෙ රැප අහගත්තා මදිවට උබත් රැප් කියනවහ්...ඇයි උදේම මාව හෙව්වෙ

Jk : අද නවයට වරෙන් කියන්න ගත්තෙ ඩ්‍රොම් එකට.

Tae : ඔව් ඔව් මට මතකයි . ඒක නෙමේ නිසූලා අද මොකක්ද අද එයාලගෙ ඔප්පල්ට කියන්න යන පචේ... ශේප් එකේ උන් වැඩේ දෙයි නේද නා ගන්නෙ නැතුව...

Jk : ඔව්... එයාලා ඒක බලා ගනී. උබ වෙලාවට වරෙම්කො ඒ ඇති....

Tae : හරි හරි ජන්කුකා . මං එනවා...😎

Jk : හරි එහෙනම් මං තියනවා. බායි

Tae : බායි.

ටේහ්‍යුන් ඊයෙත් හොදට ගහලා මං හිතන්නෙ . ඒ දවසෙ ඉදන් තමා ඔක්කොම පටන් ගත්තෙ. වෙනදා ටේහ්‍යුන් බිව්වෙ ලිමිට් එකකට . කවදාවත් එයා එයාගෙ සීමාව පැන්නුවේ නෑ. එදායින් පස්සෙ අපේ හැමදේම වෙනස් උණා. ටේහ්‍යුන් පිස්සෙක් වගේ උණා. මිනිහා බොන්න ගත්තා . සීමාවටත් එහා .අපිට අපේ මිශන්ස් ඔක්කොම නවත්තලා දාලා සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න උණා. අපිට ජොබ් කරන්න සිද්ද උණා. අඩුගානෙ අපේ ගැන්ග් එකේ අය මීට් උණෙත් කෙල්ලො තුන්දෙනාගෙ ඔප්පලා එක්ක . මොකද හ්‍යුන්ලා බය උණා අපි ආපහු මාෆියා වලට අත ගහයි කියලා . එයාලට පුලුවන් හැම පැත්තෙන්ම එයාල අපිට රූල්ස් දැම්මා. හ්‍යුන්ලට ඕන උණේ අනූට උණ දේ තව කෙනෙක්ට නොවෙනවා දකින්න.

ඒත් ඊයෙ ඉදන් අපි ආපහු අපේ වැඩ පටන් ගත්තෙ හ්‍යුන්ලටත් හොරෙන් . එයාලා ට කිව්වොත් කොහොමත් එයාලා මේකට කැමති වෙන්නෙ නෑ. ඒ නිසා අපිට මේක කරන්න උණේ හොරෙන්. මොකද අපි හත් දෙනාට ඕන උණේ අනූගෙ මරණෙට සම්බන්ද උන්ගෙන් පළි ගන්න විතරයි . ඔව් ඒ වගේම අපි ඒක අනිවාර්යයෙන් කරන එක කරනවා . අපි කවදාවත් පහු බැහැලා නෑ . මරාගෙන මැරෙන්න හරි අපි අපේ මිශන් එක සක්සස් කර ගන්නවා. මොකද අපේ එක්කෙනෙක් ගෙවත් ලේ වල බය ගෑවිලාවත් නෑ. ඒකෙන් කියන්නෙ අපි දැඩී කියන එක නෙවෙයි . අපිට ඇත්තටම පැති දෙකක් තිබ්බා. මාෆියා වලදි නම් අපෙන් අනුකම්පාව දිනා ගන්නවා කියන එක බොරුවක් . ඒත් සාමාන්‍ය ජීවිතේ අපි හැමෝම හරිම සෙන්සිටිව් .

මගේ ඇස් අග තිබුණු කදුළු බිංදු දෙක වැල්මිටෙන් පිහ දාලා මං ඇදුමක් දාගෙන කාර් එකේ යතුරත් අරගෙන පහලට ආවෙ ඩ්‍රොම් එකට යන්න . පහල බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් හිටපු අබොජිටත් සමු දීලා මං කාර් එකත් ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා පාරට දැම්මා. කාර් එකේ ප්ලේ වෙන සිංදුවටත් ඇහුම්කන් දීගෙන වට පිටබල බල හිමීට කාර් එක ඩ්‍රයිව් කළේ තව පැයකටත් වැඩිය වෙලා තිබ්බ නිසා. සෝල් වල කඩයක් ළගින් කාර් එක නතර කරලා මං සුපර් මාකට් එකට ගියේ බනානා මිල්ක්ශේක් එකක් ගන්න . උදේම ගෙදරින් ආවට මොකද බ්‍රෙක්ෆස්ට් එකවත් ගත්තෙ නෑ. මං බනානා මිල්ක්ශේක් එකක් අරගෙන එළියට එනකොටම මගේ ඉස්සරහා හිටපු කෙනා නිසා මං එහෙම්මම ගල් වෙලා ගියා . මට පිටුපාලා හිටපු නිසා මට එයාගෙ මූණ පෙනුනෙ නෑ. ඒත් එයා දෙපැත්ත බලනකොට මට යන්තන් එයාගෙ මූණ පෙනුනා.

"ඔයා...කොහොමද.... ම...මට...අනූ "

එයා අනූ වගේම තමා . මං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එයා ගාවට දුවගෙන ගිහින් එයා හිටපු තැනට පොඩ්ඩක් මැදි වටසෙ ගෑණු කෙනෙක් ආවා. මං එයාට කතා නොකර ආපහු එතනම ගල් වෙලා හිටියෙ මොකද වෙන්නෙ බලන්න....

"ඔම්මා.... මොකද අනේ මෙච්චර වෙලා ගියේ .....?"

අනූ එහෙම ඇහුවහම . අර ආපු ගෑණු කෙනා හිනා වෙලා ආපහු කතා කළා...

"අනේ මගෙ සූයා මැණික. බය උණාද...? සෙනග පැටියො . ඒකයි ඔම්මා පරක්කු උණේ..."

ඊට පස්සෙ එයාලා දෙන්නා ටැක්සි එකකට නැගලා යන්න ගියා.

මං තාම මොකද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. එයා අනූම තමා. ඒත් එයාගෙ ඔම්මා . කව්ද ඒ. එතකොට සූයා...... මේ සූයා නම් එයා කොහොමද අපේ අනූ වගේ වෙන්නෙ. එතකොට මේ සූයා කියන්නෙ අනූ වගේ වෙන කෙනෙක්ද ? ආශ්....... ඒ පාර මොකද්ද මේ වෙන්න යන්නෙ .

මට හිතා ගන්න බැරුව ගියා. මං ආපහු කාර් එක ගාවට දුවගෙන ඇවිල්ලා ඉක්මනින් ගියේ ටේහ්‍යුන්ලගෙ ගෙදරට . යන ගමන් ජිමින්ටත් කෝල් එකක් දීලා විස්තරේ කිව්වා . ආවට පස්සෙ මං කාර් එකත් එහෙම්ම නවත්තලා කෑ ගහගෙන ගේ ඇතුලට දුවගෙන ගියා.

"ටේහ්‍යුනා..... උබ කෝ... ටේහ්‍යුනාආආආආආආආ..."

මගෙ බෙරිහන් දිවිල්ලට අජුම්මත් දුවගෙන ආවා .

"අනේ ජන්ග්කුක් බේබි. මොකද ? "

"අනේ නෑ අජුම්මා . ටේහ්‍යුන් ඉන්නවද...?"

"අනේ ජන්ග්කුක් බේබි මොකක්හරි හදිස්සියක්ද.. ?"

අජුම්මා හොදටම බය වෙලා . මං ඒ තරම් හයියෙන් බෙලෙක්කෙ ඇරලාද කොහෙද...

"අනී අජුම්මා. ටේහ්‍යුන් ...."

"උඩට යන්න බේබි. පොඩි බේබි උඩ...."

අජුම්මා එහෙම කියලා හිනාවෙලා කිචන් එකට ගියා . මාත් මගෙ දත් දෙක එළියට දාලා හිනාවෙලා අඩියට දෙකට පඩිපෙළ නැගගෙන උඩට ගියා. ගිය වේගෙන්ම දොරත් ඇරගෙන ඇතුළට යනකොට ටේහ්‍යුන් අල්මාරියේ ඇදුම් තෝර තෝර ඉදලා එක පාරට කන්න වගේ මගෙ දිහා බැලුවා.

"යා..... ඔහොමත් එනවද මනුස්සයෝ වෙන කාගෙ හරි රූම් එකකට..."

" හරි හරි ඕයි. තට්ටු කරන්න අමතක උණා."

"උබ මොකද මෙහෙ...ඩ්‍රොම් එකේදි නේද කට්ටිය සෙට් වෙමු කිව්වෙ. "

ටේහ්‍යුන් ශර්ට් එකක් තොඉර ගෙන ඇගට දා ගන්න ගමන් එහෙම කිව්වා.

"ජිමිනා ආවෙ නැද්ද ..?"

"න්...නෑ.."

"මොකද බං මේ උබ .මොනා හරි වෙලාද..."

ජිමින් ආවහමම කියනව කියලා හිතාගෙන මං ගිහින් ටේගෙ ඇදට එහාපැත්තෙ තිබ්බ සෝෆා එකෙන් ඉද ගත්තා . ටේත් ඇවිල්ලා ඇදෙන් ඉදගෙන ,

"මොකද යකෝ වෙලා තියෙන්නෙ "

"ඉදපන් යකෝ ජිමින් එනකන්.."

මං කියලා කට ගන්නවත් එක්කම ජිමින් විදගෙන කාමරේ ඇතුළට ආවා. පාත්තයෙක් පියාඹනවා වගේ. ආපු පාර කෙළින්ම ඇදේ පත බැවිලා තමා නතර උණේ.ඇද තිබ්බෙ නැත්තම් බිත්තියේ වැදිලා තමා නතර වෙන්නෙ.

Tae : පරිස්සමෙන් යකෝ... උබ තවත් කොට උණොත් ඉවරයි...

Jimin : මං කොට නෑ හරිය...

එහෙම කියලා ජිමින් ඇදුමත් හදාගෙන එතන තිබ්බ ස්ටූල් එකෙන් ඉද ගත්තා...

"දඩ බඩාඩාඩාඩාඩාඩාස්......."

Tae : ඔය බලපන්... ආපහු බිම. ස්ටූල් එක මෙතන තෝ ඉදගෙන තියෙන්නෙ ඔතන...

Jk : පස්ස තියෙනවද ...

Jimin : ඇයි උබේ පස්ස දෙන්නද නැත්නම්....හාහා කියපන් .

එතන තිබ්බ ස්ටූල් එකට පයින් එකක් දීලා ජිමින් ඇවිල්ලා ඇදෙන්ම ඉදගත්තෙ මර ඔරවන ගමන්.

Jk : ටේ ඔයා එදා කිව්වෙ අනූගෙ කටහඩ ඇහුණා කියලා සෝල් ටව්න් එකේදි...

Tae : ඔව්.. උබටත් ඇහුණද... උබ මොනා හරි දැක්කද.

ටේ ඇස් දෙකත් ලොකු කරගෙන පොඩි එකෙක් වගේ එහෙම ඇහුවා.

Jk : මං අද සුපර් මාකට් එකට ගියා . එතකොට.... මං දැක්කා අනූ වගේ කෙල්ලෙක්ව...

Jimin : අනූ ඉන්නවද...?

Tae : ඔයා ඇස් දෙකටම දැක්කද..

Jk : ඔව් මං දැක්කා . එයා අනූ වගේමයි . එයා හිටියෙ එයාගෙ ඔම්මා එක්ක. එතකොට එයාගෙ නම සූයා. එයා ඔම්මා කියපු කෙනා එයාට කතා කළේ එහෙම.

Tae : සූයා.....? ඒ කව්ද... එතකොට උබ කිව්වෙ ඒ කෙල්ල අනූ වගේමයි කියලා...

Jimin : සමහරවිට එයා අනූ වගේ වෙන කෙනෙක් උනොත්...

Jk : මටත් හිතුනා . එයා සම්පූර්ණයෙන් අනූගෙ අනිත් පැත්ත වගේ. අනූ ගව්ම් අදින්නෙ නෑ. ඒත් මෙයා ගව්මක් ඇදගෙන හිටියෙ. හයි හීල්ස් දාලා . මේකප් ගාලා . කොණ්ඩෙ කඩලා දාලා. ඒ මදිවට අතේ බෑග් එකකුත් එල්ලගෙන.

Jimin : අනූ ජීවිතේ ට එහෙම මේකප් දාන කෙල්ලෙක් නෙවේ. ගව්මත් හා කියමුකො. ඒත් හීල්ස් ? අනික ෆෝන් එක වත් අතේ ගෙනියන්නෙ නැති කෙනා බෑග් එකක් ?

Tae : ඒ අනූ වගේ වෙන කෙනෙක් කියලද උබලා කියන්නෙ...

Jk : දන්නෙ නෑ ටේහ්‍යුන් . උබ වැඩිය බලාපොරොත්තු ඇති කර ගන්න එපා. හදිස්සියේ හරි ඒ අනූ නොව්නොත් උබට ආපහු හිත හදා ගන්න එක ලේසි වෙන එකක් නෑ....

Tae : ඒත් බං... අනේ මට උදව් කරන්න එයාව හොයා ගන්න . ප්ලීස්... ඒ අනූ උණොත් . 😔

Jimin : හරි... අපි ඒකටත් ප්ලෑනක් ගහමුකො. උඹ දැන් ඕක නොහිතා වරෙන් ඩ්‍රොම් එකට යමු...

ජිමින් හිමින් සැරේ ටේහ්‍යුන් ව ශේප් කරලා දැම්මා. මොනා වුණත් ටේහ්‍යුන් ලොකු බලාපොරොත්තු ඇති කරගෙන ඒ අනූ නොව්නොත් , ආපහු කොල්ලාගෙ හිත හදාගන්න ගොඩක් අමාරු වෙනවා . කොහොමත් අපි කාටවත් එහෙම වෙනවා බලන්න ඕන උණේ නෑ. මං දැක්ක දේ මටවත් තාම අදහා ගන්න බෑ. කොහොමින් කොහොම හරි අපි එහෙම්මම ජිමින් ගෙ කාර් එකෙ ඩ්‍රොම් එකට ගියා . කෙල්ලො තුන් දෙනා නම් තාම ආවෙ නෑ. එයාලා එද්දි කොහොමත් ටිකක් දවල් වෙයි කිව්ව නිසා අපි අපේ වැඩ පටන් ගත්තා. ලකී නැති එකේ පාඩුව තමා ගොඩක් දැනුනෙහ්. එයා හිටියනම් ඕන ඩීටේල්ස් විනාඩියෙන් අපේ අතේ.

Jimin : අයියෝ බං... අරුන් නැතුව මේක කරන්න බෑ බං....

Jk : ඒක නම් මටත් පේනවා. ආපු වෙලේ ඉදන් උබ හොයා ගත්තෙ මේ ක්ලිප්ස් දෙක විතරනෙ...

Tae : අඩෝ ඔව් බං... ජන්ග්කුක් උබ ගිහින් නිසූව එක්කන් වරෙම්. මං ලකීවයි ඒහාවයි ගන්නම්.

Jimin : අන්න වැඩේ.... එක්කන් වරෙම් බන් ... මට මේ මගුල බෑ...😂

ජිමින්ට වැඩිය හැක් කරන දේවල් බැරි නිසා ටේහ්‍යුන්යි කෙල්ලො තුන් දෙනාව එක්කගෙන එන්න පිටත් උණා.
පැය භාගයක් විතර යද්දි මම නිසූව එක්කං ඩ්‍රොම් එකට ආවා. ඒ එක්කම ටේහ්‍යුනත් එහාවයි ලකීවයි එක්කගෙන ඩ්‍රොම් එකට ආවා.

Jimin : ඔය ආවෙ ... ඇතියන්තම්... අනෙ ලකී මෙන්න මේක බලපන්...

එහෙම කියලා ජිමින් දුවගෙන ඇවිල්ලා ලැප් එක ලකීට දුන්නා.

Laki : ඉන්නවකො ජිමින් ඉදගන්නකන් වත්. මං තවත් උස ගියොත් ඉවරයි හිටගෙන ඉදලා. ඔන්න ඔයා නම් හිටගෙන හිටියට කමක් නෑ....

Nisu : ඒකනම් ඇත්ත ඔන්න...

ලකී නම් ආපු ගමන් විනාඩි පජක් ගියේ නෑඔක්කොම හොයලා දුන්නා. මං අද උදේ දැකපු දේ කෙල්ලො තුන් දෙනාටත් ඒ විදිහටම කිව්වා . එයාලත් පුදුම වෙලා අහගෙන හිටියා....

Nisu : ජන්කුකා... ඒ කියන්නෙ අපේ අනූ... එයා ඉන්නවා...

Eha : ඔයා හොදටම දැක්කා නේද....

Jk : ඔව්... මං දැක්කා එයා අනූ වගේමයි

Laki : ඒත් එයාගෙ නම සූයා නම්. පෙනුමෙන් විතරක් ඒ අනූ කියන්න බෑනෙ .

Tae : මං එදා කෑම අරං එද්දි මගෙ ඇගේ හැප්පුනෙත් එයා වෙන්න බැරිද...?

Jin : වෙන්න පුළුවන් .... මට ජිමින් කෝල් කරලා කිව්වා . මීටින්ග් එක කැන්සල් කරලා මාත් ඒක නිසා ආවා ඉක්මනින් .

දොර ඇරගෙන ඇතුළට එන ගමන් ජින් හ්‍යුන් කිව්වා.

Laki : 😊

Eha : බලපන්කො මේකිගෙ හිනාව...

Laki : ඇයි... ඉතිම්...

Jin : ඒකනෙ ... 😎

Nisu : අම්මෝ අම්මෝ හරි හරි... මං තව දෙයක් අහන්නද ?

Jk : ම්ම්.

Nisu : ඔයාලා කිව්ව විදිහට ඒ අනූ නොව්නොත්... මං කියන්නෙ එයා අනූ වගේ වෙන කෙනෙක් නම්...

Tae : ඒත් නිසූ... එයා අනූ උණොත්.

Jin : අපි ඒ ගැන තව හොයලා බලන්න ඕන. සෝ කවුරුත් ඒ ගැන වැඩි බලාපොරොත්තු ඇති කර ගන්න එපා. මොකද ඒවා බිදුනොත් අපේ හිත් හදාගන්න අපිට ගොඩක් අමාරු වෙයි.

All : හරි හ්‍යුන්...

End Jk's pov....🐰

Someone's pov

හ්ම්... මගේ ප්ලෑන්ස් ඔක්කොම නියමෙට ප්ලේ වෙනවා. කොහොමත් මේ ගේම් එක වින් කරන්නෙ මේ මමම තමා.

සූයා ........

සූයා........

සුයා........

ඔයා තමා මගේ ගේම් එකේ ප්‍රදාන ඉත්තා. දෙන්නම නටන්නෙ මට ඕන විදිහට . මට ඕන දේත් ඕකම තමා. හහ්.... මගේ වැඩේ එන්න එන්නම ලේසි වෙනවා. මං උන් හැම එකෙක්වම එකා එකා ගානෙ වලලලාම තමා පස්ස බලන්නෙ. උබලා මගේ ඔක්කොම නැති කළා....

වෙලාවකට දුක හිතෙනවා මට BB ගැන්ග් එකේ උන්ට වෙන්න යන දේ ගැන මතක් වෙනකොට . ඔය ටේහ්‍යුන් කියන එකාව තමා මං අන්තිමට ඉවරයක් කරන්නෙ. ඔව් ටේහ්‍යුන් තමුසෙ ගොඩක් විදවන්න ඕන. අපි බලමු මේ ගේම් එකේ විනර් මේ මංද නැත්නම් ඔය BB ගැන්ග් එකේ සගයො අට දෙනාද කියලා... ඔහ් අට දෙනා නෙවේනෙ දැන් . හත් දෙනා....
ඊට පස්සෙ හය දෙනෙක් වෙයි....
පස්සෙ පහා.....
හතර.......
තුන........
දෙක....
එක....

පස්සෙ එකෙක්වත් නැති වෙලා යයි. අන්න එදාට මේ මං මාෆියා ලෝකෙටම රජ වෙනවා. තමුසෙලා දැනට ඉන්න මාෆියා කින්ග්ස්ලා නිසා මම බල්ලෙක් ගානට වැටිලා ඉන්නෙහ්. හහ්...

ආහ්.... එතකොට අර කම්පැනීස් වල ඕනර්ස්ලට මං මොකද කරන්නෙ. යුන්ගි නම්ජූන් , හෝසොක් ,මින්හූ...
එක්කො එයාලවත් පහළටම අරිනවා. යන තැනක කට්ටියම එක්ක සතුටින් ඉදීනෙහ්. පාළුත් නෑනෙ. කොහොමත් උන් හතර දෙනා හිටියා කියලත් වැඩක් නැති එකේ මංම ඒ ගැන බලා ගන්නම්.

හ.....හහ.......හා 😈😈😈😈

A/N

තමංගෙ ඔෆිස් රූම් එකේ වාඩි වෙලා හිටපු එයා එහෙම කියන ගමන් නැගිටලා එයාගෙ කෝට් එක ඇද ගත්තෙ කට කොණේ මහ නපුරු හිනාවක් රදවගෙන.
ටික වෙලාවක් තමන් ගෙ ගන් එක දිහා බලං ඉදලා ඒකත් අරගෙන එයා ඔෆිස් රූම් එකෙන් එළියට ගියේ තව ගාඩ් ලා පස් හය දෙනෙකුත් පිරිවරාගෙන.

_________________________________


කව්ද ඒ...

අනේ මංදා... ප්‍රශ්න තියෙනවනම් අහන්න.

වෝට් කරන්න ළමයි .

කුමාවෝ. 💜️

අලුත් කවර් ෆොටෝ එක 👇

Continuar a ler

Também vai Gostar

191K 6.4K 26
Dino is a foster kid who never likes to stick around, he likes to be independent. But what happnens when he is sent to the Choi foster home.
44K 1.6K 38
The Emperor has a plan to make Thrawn's loyalties permanent, and to ensure that his service stays on the side of the Empire. Unfortunatly for you, or...
10.6K 131 10
Alice and borderland(1&2)x reader one shots <3 ------------- these story's may touch on some sensitive subjects so trigger warnings will be present🤍...
8.9K 1.5K 31
නුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18...