One Night Love At London ( C...

By aurora-030

9.7K 2K 399

ලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් ම... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Final Chapter

chapter 06

503 104 18
By aurora-030

අපි දෙන්නා මූණට මූණ බලාගෙන හිටියා. එයා ටිකක් අමුතුවට මගේ අතේ තිබුනු kettle එක දිහා බැලුවේ... බැරි වෙලාවත් හරි රෑට ඒකෙන් කන්න වෙයි කියලා වෙන්නැති...

" පෝඩ්ඩක් ඉන්න....පොඩ්ඩක් ඉන්න..."

මම දැනටමත් ඔන් කරලා තිබුනු ලිප උඩින් kettle එක තියලා.. සෝෆා එකට ඉස්සරහින් ගිහින් හිටගත්තා.

යුන්ගි එක අතක් සෝෆා එකෙන් දාගෙන පොඩ්ඩක් ඇලවෙලා හරිම සුවපහසුවෙන් මගේ සෝෆා එකෙ දිගැඳිලා හිටියා. අර සාමාන්‍යයෙන් ගෙදරකට ආවම කියනවා වගේ ' ඔයාගෙම ගෙදර කියලා හිතාගන්න.. ' කියල මං කිව්වෙත් නෑ, මේ මනුස්සයා බලන්නකෝ.. තව කොහෙද ඉතින්..

"ඔයා කිව්වෙ.... coffee එක බීලා ඉවර වෙච්චි ගමන් ම යනවා කියලා නේද ? "

යුන්ගි මගේ දිහා බැලුවෙ හරියට මට තියෙන ශ්‍රවණ ආබාධය ට බෙහෙත් ටිකක් අරන් දෙන්න Appointment එකක් දාගන්න ඔන්න මෙන්න වගෙයි.

"ආයිෂ්...චින්චා..." ඒ වගේ ඇහුනු වචන වගයක් හෙමිහිට එයා එයාටම කියාගත්තා.

" මං කිව්වෙ.... මම...මෙහෙ...අද රෑ... නවතිනවා....කියලා......"
වචනෙන් වචනය එයා හෙන හයියෙන් අත් දෙකම විසි කර කර වගේ කිව්වා..

මම බලාගෙන හිටියා.

" මට ටිකක් නිදහසේ ඉන්න ඕනා...."

එයා හරිම අහිංසක විදිහට මං දිහා බැලුවා.

ඔව් ඔව් මගේ නිදහස කාලා..හරියට දන්නෙත් නැති කෙල්ලෙක්ගේ ගෙදර නිදහස ක්...මං අහන්නෙ මේ මං හොඳට ඉන්නවා වගේ පෙනුනට පෙත්ත බිව්වෙ නැති වුනාම ඉතාම භයානක මානසික ලෙඩෙක් බවට පත් වෙනවා නම් හෙම? නැත්තම් හඳ පෑයුවම දකිද්දි වමනෙට වගේ එන කැත භූතයෙක් වුනොත් හෙම? කියන්න බෑනේ.....

මගෙන් උත්තරයක් නැති තැන එයා ආපහු කතා කරන්න ගත්තා.

"අහන්න ඔලීව්...මේ ටිකේම මට නිදහසේ ඉන්න වේලාවක් ලැබුනෙ ම නෑ..මං කැමතියි මං ආස තැනක මට විශ්වාස තැනක ටිකක්... වෙනසකටත් එක්ක ඉන්න.... "

එයාගේ ඇස් ලොකු ආයාචනයකින් පිරිල තිබුනා. ඒ ඇස් දිහා බලාගෙන බෑ කියන්නෙ කොහොමද? පූස් පැටියෙක් වගේ.......

මං ඉක්මනට මේ ලෝකෙට ආවා

"නෑ.....
නෑ නෑ නෑ නෑ... ඔයා මෙහෙ ඉන්නෙ නෑ.. තව චුට්ටෙන් අර coffee එක බීලා මෙහෙන් යන්න... එහෙම නැත්තම් මේ දැන්ම යන්න පුලුවන්...."
මම ටිකක් සැරට කිව්වා.

ඇයී...? " යුන්ගි ඔලුව ඇදකරගෙන මගෙ දිහා බැලුවා.

ඔයාට මෙහෙ ඉන්න බෑ.. අර දිව්‍ය ලෝක වගේ අපුරු හොටෙල් තියෙන්නෙ...නිදහසක් නෑ කියන්නෙ කොහොමද මුලු හොටෙල් එකක්ම
අරන් ඕන කරණමක් ගහලා ඕනෙනම් සර්කස් එකක්ම කරගන්න බැරියැයි..
මට හිතුනත් කිව්වෙ නැහැ..

ඒ වෙනුවට මම මහා ගොන් උත්තරයක් දුන්නා.

"ඔයා....කොල්ලෙක් නේ.."
යුන්ගි කට කොනෙන් හිනාවුනා.

"ඉතින් .....?"

"ඉතින් කියන්නෙ... ඒක කරන්න බැහැ ...."

"අනේ මොකක්ද ඔලිව්? ඔයා පොඩි ලමයෙක් නෙවෙනෙ...."

"ඔව් එහෙමයි කියලා කොල්ලෙක් ව ගෙදර නවත්තගන්න පුලුවන් ද ? මරුවට හිටි ..."

"මාව විශ්වාස නැද්ද ? "

අහ්... විශ්වාස ? දවසක් රෑ පාලමකින් පනින්න ඔන්න මෙන්න ඉද්දි දැකලා එක පාරටම සීනී ඉල්ලලා උද්ඝෝෂණ කරපු ජනතාවක් හින්දා එයා ලෝකයක් ආදරය කරන BTS කණ්ඩායමෙ සාමාජිකයෙක් කියලා අහම්බෙන් දැනගත්තා වුනත්, ඔව් මම එයාව ගොඩක් විශ්වාස කරනවා.. අපි අඳුරගෙන වැඩි කාලයක් නැහැ තමයි ඒ වුනත් මට එයාව ගොඩක් දැනෙනවා ඒක මොකද්ද කියන්න මට තේරුණෙත් නැහැ..

යුන්ගි සෝෆා එක උඩින් දාගෙන හිටපු අත අයින් කරගෙන ඉඳගෙන හිටපු විදිහටම ටිකක් ඉස්සරහට නැඹුරු වෙලා කල්පනා කරනවා වගේ මහා අමුතු බැල්මක් දාගෙන හිටියා..
හරියටම කිව්වොතින් පේන තරම් නම් කැස්සක් වත් නැති යස අගේට ඉන්න worker කෙනෙක් හිටපු ගමන් Boss ගෙන් ලෙඩ නිවාඩුවක් ඉල්ලුවම ඒ Boss දාන බැල්ම...

ඒ කොහොම වුනත් මම හිතන දේවල් වීදුරුවකින් පේනවා වගේ එයා දන්න බව මට තේරුණා.

"හ්ම්....." මං ලොකු හුස්මක් ගත්තා.

" යාලුවෙක් ට කරන උදව්වක් විදි....."

"යාලුවෙක්...........?" යුන්ගි බාධා කලා.

" ඇයි.....? "

" යාලුවො..... හපොයි නැහැ..." යුන්ගිගේ මූණ වෙනස් වුනේ මේ දැන් මං කනේ පාරක් ගැහුව වගෙයි.

ඊටත් වඩා මට හාරදාස් ගානට නැග්ගා..

"මොකක්ද දැන් නැහැ කියන්නෙ...? යාලුවෝ නෙවෙනම්....." මම රැව්වා.

" සූස්ස්ස්........"
මගේ kettle එක හූ තියන්න ගත්තා .
කොල්ලෝ අද නම් kettle එකෙ උණුවතුර ත් එක්කම තමා සංග්‍රහය ‍හම්බෙන්න යන්නෙ.....

"ආ නෑ නෑ...." එයා ඔලුව කසන්න ගත්තා.
" විහිලුවක් ....."

අපූරු විහිලුව.. තව ටිකෙන් ' ලෝ සුපතල BTS කණ්ඩායමෙ මින් යුන්ගි සාහසික ලෙස එල්ලවුනු kettle එකක පහරින් රෝහල්ගත කෙරේ..අපරාධය සිදුකල ඔලීවියා ග්‍රේස් මානසික රෝහලේ කියලා' news වල Headline එකත් යනවා..

"එහෙනම් මං ඉන්නවා නේ...? "

මම Coffee එක හදන්න කියලා ආවම යුන්ගි හිමීට ඇහුවා.

"ඔව් ඔව්...." මම කියාගත්තා.

ආපහු sofa එකට හේත්තුවෙලා අත් දෙකම sofa එක උඩින් දාගෙන එයා දිග සුසුමක් හෙලුවා.

□ □ □ □ □ □ □ □ □ □ □ □ □ □ □ □ □ □ □

මම ආපහු coffee එකත් හදාගෙන එද්දි එයා ඔලුව සෝෆා එකට හේත්තුකරගෙන ඇස් පියාගෙන හිටියා. මං එයාට පුලුවන් තරම් ඈතට වෙන්න ඉඳගත්තා.

Coffee එක බොද්දිත් හැමදාම වගේ කිසි සද්දයක් තිබුනෙ නැහැ. කොච්චර ගහලා බැනලා හදන්න ගියත් අහන්නැති ගොනා වගේ කට වහගෙන ඉන්න බැරි මං ම කතා කරන්න ගත්තා.

" මෙහෙ නම් ඔයාලා ඉන්න තැන් තරම් නම් සුවපහසු නැතිව ඇති......"

යුන්ගි මගේ දිහා බැලුවා.

ඇත්තටම එහෙම "අනේ මෙහෙමත් මෝඩයෙක්" කියලා වගේ දාන බැල්ම එයාගේ සුපිරි හැකියාව වෙන්නැති..

"නැහැ... මෙතන ඕනවටත් වැඩිය හොඳයි...."

එයාගෙ මූණෙ හීනියට වගේ හිනාවක් ඇඳුනා.

"ඔලීව්... මම ඉපදුනේ මාලිගාව ක් වගෙ ගෙදරක නෙවෙයි.. සමහර දවස් වල කන්නවත් තිබුනේ නැහැ...." යුන්ගි කතා කරන්න පටන් ගත්තා.

ජෙනී කියලා තිබුනු විදියට SUGA කියලා කියන්නෙ වැඩි කතාවක් නැති ගොඩක් පරිණත අමුතුම ඒත් හිත් ඇදගන්න චරිතයක් ... එයා මේ විදිහට කතා කරනවා කියලා කියන්නෙ ආපහු ඩයිනෝසර වර්ගයා මේ ලෝකෙට කොහෙන්දෝ පතිත වුනා වගේ දුර්ලභ දෙයක් ද කියලත් මට හිතුනා..

"මගෙ පවුල ගොඩක් දුප්පත්... ඉතින් මට ඕන දෙයක් ඔට්ටුයි .."

"ඔයා කැමතිනම්.. මට තව ඔයා ගැන කියන්නකෝ...."

මම අහිංසක විදිහට කිව්වෙ එයා කතා කරනවා අහගෙන ඉන්න ලොකු ඕනෑකමක් ආව නිසයි..

"හ්ම්... පස්සෙ වෙලාවක.."
එහෙම කියලා එයා අත දික් කලේ බිත්තියට හේත්තු කරලා තිබුනු මගේ ගිටාර් එක දිහාවට

"Play කරන්න පුලුවන්ද ?" එයා හරි උනන්දුවෙන් ඇහුවා.

"ආහ් නෑ....නැහැ.."

ඔය ගිටාර් එක සෑහෙන කාලෙකට කලිං මගේ සහෝදර ප්‍රාණියාගෙන් ලැබුනු තෑග්ගක්.. ඒත් ඉතින් play කරන්න ඉගෙන ගන්න මට වෙලාවක් තිබ්බෙ නැහැ.. මගේ සංගීත හැකියාවත් අන්තිම සවුත්තුයි සමහර විට මගේ සහෝදරයා ඒක මට දුන්නෙ බැරිවෙලාවත් හරි හොරෙක් පැන්නොත් උන්දට සිහි නැතිවෙනකන් ඔලුවට තඩි බාන්න වෙන්නත් පුලුවන්...

නැගිටලා ගියපු එයා හරි පරිස්සමට ඒකත් අරගෙන ඇවිත් ඉඳගත්තා.

ගිටාර් එකෙ strings එකක් දහසකුත් ජාතියෙ වෑඩ දාලා එක tune කලා.

යුන්ගිට තිබුනේ දිග ඇඟිලි , නහර හොඳටෝම පේන හරිම හුරුබුහුටියට වැඩකරන ලොකු අත්, අඩුමතරමේ ජෙනී හිටියනම් මේ අහිංසකයා ගැන කියන කතාව මට හිතාගන්න පුලුවන්....

එයා හෙමීට පටන් අරගෙන ටිකෙන් ටික ස්වර එකතුකරන ගමන් play කරන්න ගත්තා. ඇස් දෙක වහගෙන එයා එයාගෙ ම ලෝකෙක ඉන්නවා වගෙයි පෙනුනෙ. එයා play කරපු සින්දුව මොකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ, ඒත් එක ගොඩාක් ලස්සනයි..

මම ඉක්මනට ම පැනලා වගෙ පැත්තට වෙන්න තිබුනු මේසෙන් මගෙ cam එක අරගත්තා.

මගේ පුංචි සෝෆා එකෙ ලා පාටට එයාගෙ මුණ ට වැටිලා තිබුනු එලියයි, චුට්ටක් අවුල් වෙලා තිබුනු නලලට වැටුනු කොණ්ඩෙයි, සැනසීමකින් ඉන්නවා වගේ පෙනුනු හීන් හිනාවයි වැහුනු ඇස් දෙකයි හන්දා මම ගත්තු ෆෝටෝ එක හරිම අපූරුවට තිබුනා..

ටිකකින් එයා මගේ දිහා බැලුවා.

"කියලා දෙන්න ද....? "

" මම හිතුවෙ ඔයා ඕක අහන එකක් නෑ කියලා.." මම හිනාවුනා.

සෑහෙන පැය ගානක ලෙක්චර් එකකට පස්සෙ මට යාන්තම් කෝඩ් එකක් අල්ලගන්න පුලුවන් වුනා.

කොහොම හරි එයාට වැරදුන වැරදුන පාරට මගේ මරණය සිද්ධකරන්න ඕන විදිහ කල්පනා කරන බැල්ම දාන්න යි , වැරදුන තැන කියල දෙන්න යි වුන නිසා එයා ට මගේ ලගටම වගේ එන්න වුනා.

මේ මෝඩ සිසුවා ට වැරදුන වැරදුන ගානෙ යාරෙක දුර ඉඳන් අත දික් කරලා ගහන එකෙ කිසි ජොලියකුත් නෑනෙ...

"ආයිෂ්....නෑ නෑ..."

එයා එකපාරටම එක අතකින් මගේ අතත් එක්කම chords අල්ලගෙන අනිත් අත මගේ උරහිසින් දාලා ගිටාර් එක play කරන්න ගත්තෙ මට කියලා දෙන්න වෙන්න ඇති..

මං පොසිලගත වෙලා වගේ හිටපු හින්ද යුන්ගි play කරන එක නැවැත්තුවා.

තත්පර කිහිපයක් අපි දෙන්නම ගල්ගැහිල වගේ හිටියෙ අපි දෙන්නම නොදැනුවත්වම ගොඩක් ලං වෙලා කියලා දැනුන නිසයි..

මම හෙමිහිට එයාගෙ පැත්තට ඔලුව හැරෙව්වෙ මෝඩ හිනාවක් දාලා සමාව ඉල්ලන්නයි..

මං බලාපොරොත්තු වුනේ තරහෙන් බලාගෙන ඉන්න යුන්ගි කෙනෙක් වුනත් ඒ වෙනුවට එයා හරිම ලෙන්ගතු විදිහට බලාගෙන හිටියා.

මගෙ දිහා බලාගෙනම එයා චුට්ටක් ඔලුව ඇදකලා .

"ඔයාගේ ඇස්... අලුපාටයි.."

එයා හරිම අමුතුවට කිව්වා.

"හරිම ලස්සනයි........."


































Hiiii....ලමායි...🤗
ඔන්න update කලා..
කතාව කියවන ඔයාලාට ගොඩාක් Thankyou... ❤
ඔයාලාගෙ අදහස් කියාගෙන යන්න....

Thankyou sew !

ඊළඟ කොටසින් හම්බෙමු
Byee🥺💕




















Continue Reading

You'll Also Like

3.5K 290 9
නැ....නැ....මං වැඳලා කියන්නම් සර් මම නෙවෙයි .....එක කරේ ....... මම නෙවෙයි මැඩම්ව මැරුවෙ ...... නැ...තමුසේම තමයි මගේ සෝයුන්ව මරලා දැම්මේ ....ඔය තමුස...
3.5K 1K 13
ඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල...
882K 20K 48
In wich a one night stand turns out to be a lot more than that.
5.2K 1K 12
නැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should...