Still With You ( Fan Fiction Only )
_Chapter 08_
____________________________________
함께 웃고 ..
Hamkke utgo..
We laughed together..
අපි එකට හිනා වුනා..
____________________________________
" සේහි..!?"
ජන්කුක්ගෙ පුදුමය සහ බය වුන කටහඩ ලග සේහිගෙන් ලැබුනෙ හිස් බැල්මක් විතරයි.
" ඩාලින් ප්ලීස්.." ඒ අතරෙත් යේරගෙන් අයැදුම් සහගත ඇමතීමක්.
සේහිගෙ බැල්ම ලග ජන්කුක්ට උත්තරයක් තිබුනෙ නැහැ. නෑ.. එහෙම නෙවෙයි. ඔහුට උත්තරයක් දෙන්න ඕනි කමක් තිබුනෙ නැහැ. නැත්නම් ඇයි ඔහුට බැරි උත්තරක් දෙන්න? ඇයි ඔහුට බැරි එතන වෙන දේ පහදන්න.. ඔහු ඇස් ඉස්සරහ හිටියෙ වෙන කවුරුත් නෙවේ.. ඔහුගෙම බිරිද.. ඇයි ඉතින් ජොන් ජන්කුක්ට බැරි ඇය වෙනුවෙන් එක තත්පර කිහිපයක් වැය කරලා එතන මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරලා සමාව අයදින්න..
නෑ.. මන් කිව්වනෙ.. ජොන් ජන්කුක් කියන්නෙ ජොන් ජන්කුක්ටමයි. ඒකෙ කිසිම වෙනසක් නෑ.. මේ ලෝකෙ ගොඩක් වෙලාවට නපුරු මිනිස්සු නපුරුයි. හොද මිනිස්සු හොදයි.
ජොන් සේහි සහ ජොන් ජන්කුක් අතර තිබුන හිස් බැල්ම මේ නිමේශය ඇතුලෙදි එකම මොහොතකටවත් මිදුනෙ නැහැ. තමන්ගෙ සැමියගෙන් තමන් මුල් වරට දකින අඩ නිරුවතවත් දැක බලා ගන්න සේහිට පොඩිම උනන්දුවක්වත් තිබුනෙ නෑ. තවත් විනාඩි කිහිපයක් ගත වෙලා ගිහින් ජේජු වල ජොන් මන්දිරයේ විසිත්ත කාමරේ තිබ්බ ලොකු බිත්ති ඔරලෝසුවේ අටේ කනිසම වැදෙනවා එතන හිටපු හැමෝටම ඇහුනා. අන්න ඒ ශබ්දෙන් තමා සේහි ඒ නොනැවතුනු බැල්මට තිතක් තිබ්බෙ.
තමන්ගෙ ඇස් වලින් කදුලක් වැටෙන්න එනවා කියලා දැනෙන්ද්දිම සේහි බිම බලා ගන්න හැදුවත් අටේ කනිසමේ සද්දෙත් එක්ක ඒ ඇස් ගැස්සිලා වැටෙන්න පොර කමින් හිටපු ඒ කදුල සේහිගෙ කම්මුල දිගේ පහලට රූටගෙන ආවා. සේහිට ඕනි කම තිබුනෙ ඒ කදුල ජන්කුක්ගෙන් හංග ගන්න වුනත් එයා ඒකට සමත් වුනේ නෑ.
අඩුම ඒ වෙලාවෙ හරි ජන්කුක්ට තේරුම් ගන්න පුලුවන්කම තිබුනා නම් ඒ කදුල වැටුනෙ කවුරු වෙනුවෙන් ද යන වග ඒ මුලු ආත්මයේදිම ලියවිලා තිබුන දෛවය පවා එයාලට අනුකම්පා කරලා හැමදේම වෙනස් කරන්න ඉඩ තිබුනා. ඒ වුනත් අවාසනාවකට වගේ ජොන් ජන්කුක් එච්චර උණු වෙන හිතකට උරුමකම් කීව කෙනෙක් වුනේ නැහැ.
~~~~~~~~~~
" පොඩි මැඩම්.."
" ඕ අජුම්මා..?"
" මැඩම් දැන් දහයටත් ළගයි.. මැඩම් කාලා ඉන්නකො.. බඩගිනියි නේද..?"
" හරි අජුම්මා.. ටේබල් එකට අරින්නකෝ.. මන් ඉක්මනින් චේන්ජ් කරන් එන්නම්.." සේහි පොරවන් හිටපු බ්ලැන්කට් එක කකුලෙන් බිමට තල්ලු කරන ගමන් එයාට ආවේනික වුන විඩාබර කට හඩෙන් කෑ ගැහුවා.
" හොදයි මැඩම්.."
තමන්ගෙ.. නෑ.. ඒ දෙන්නටම එක වගේ අයිතිය තිබුන ලොකු මාස්ටර් බෙඩ් රූම් එකට සේහි ගෙස්ට් රූම් එකේ ඉදන් ආවෙ තනියම. එයාගෙ හිතේ තිබුනෙ කාටවත්ම කියලා ඉවර කර ගන්න බැරි තරමෙ දුකක්.
දේයන්..
ජොන් ජන්කුක්..
මේ හැම කෙනාම තමන්ගෙ ජිවිතේට සරදමක්ම විතරයි කියලා සේහි තත්පර ගානක් ඇතුලත තේරුම් ගත්තා. කොහොම කොයි දේ මොන වෙලාවෙ තේරුම් ගත්තත්.. දුක කියන්නෙ දුකටමයි.. ඒ දුකේ ස්වභාවය කොයි විදිහ වුනත් ඒ දෙකෙන්ම වෙන්නෙ හිත රිදෙන එක මිසක් හිත හැදෙන එක නෙවෙයි..
කාමරේට ගිය සේහි එකදිගට පැයක් ඇඩුවා. ඔව්.. හරියටම පැයක්.. ඕනිම නම් වැඩියෙන් තව විනාඩි ගානක් යන්න ඇති. ඒ කදුලු වල තිබ්බ වේදනාව මට මෙතන වචන වලින් පැහැදිලි කරන්න තරම් දක්ශ කමක් නෑ කියලා මන් ප්‍රත්‍යක්ශ කරනවා. මන් හිතන්නෙ නෑ මන් ඇරෙන්න කොච්චර දක්ශ ඕතර් කෙනෙක් මෙතන හිටියත් ඒ දුක වචන වලට හරවන්න හැකියාවක් තියෙයි කියලා.
අඩලා අඩලා තමන්ගෙ කදුලු හිගයි කියලා දැනුන ගමන් ජොන් සේහි ඒ විශාල යහන මත තනියෙන් බ්ලැන්කට් එක ඇතුලට ගුලි වුනා. ඇය දැනන් හිටියා ආපහු කවමදාවත් ඇයට ඒ ආදරේ උණුසුම විදින්න ලැබෙන්නෙ නැහැ..
' යේරා..'
' මට පුලුවන් නම් ඔයාට ජොන් යේරා කියන නම දෙන්න..'
සේහිට අන්තිමට නින්ද යනකලුත් හිතේ තිබ්බෙ ඒ වචන කිහිපය විතරයි.
කෙල්ල ආපහු ඇහැරුනේ අජුම්මා කතා කරපු හඩට. එයා අජුම්මට උත්තර දීලා වෙලාව බැලුවා. ඔව්.. අජුම්මා හරි.. රෑ දහයත් පහුවෙලා. සමහර විට දැන් ජොන් ජන්කුක්ගෙ " යේරා" යන්න ගිහිනුත් ඇති.. ඉතින්.. මට මොකද..? එහෙම හිතාගෙන සමච්චල් හිනාවක් මුහුනට නගාගෙන සේහි ඒ මාස්ටර් බෙඩ් රූම් එකේ ඇටෑච් බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන චේන්ජ් කලා.
' තමන්ගෙ නීත්‍යානුකූල සැමියා ඔහුගෙ ආදරනීය අනියම් බිරිදත් එක්ක අනුරාගීව දවස ගෙවද්දි නීත්‍යානුකූල බිරිද ඒ වෙනුවෙන් නොකා නොබී හූල්ලන්න ඕනිද..? නෑ. ජොන් සේහි එච්චරටම නම් මෝඩ වුනේ නෑ කියලා මට ඕනි තැනක දිව්රන්න පුලුවන්.
" අජුම්මා..?"
" ආ පොඩි මැඩම් ඇවිත්.."
" දැන් නම් බඩගිනියි අජුම්මා.."
" ඉතින් කන්නකො මැඩම්.. බලන්න.. දැන් ගොඩක් රෑ වෙලත් එක්ක.."
අජුම්මා ගොඩක් ආදරණීය විදිහට ඒක කියලා කෑම දීසි ටික සේහිගෙ පැත්තට ලං කලත් ඒ ඇස් වල තිබුන තිගැස්සීම් සහගත අනුකම්පාත්මක බැල්ම අදුර නොගන්න තරම් සේහි අසාර්ථක කෙනෙක් වුනේ නෑ.
" අජුම්මත් එන්නකෝ.."
" බෑ මැඩම්.. මන් පස්සෙ කන්නම්.."
" අනේ ඉතින් මට තනියම කන්න බැහැනේ.." සේහි දුක පිරුනු බැල්මක් දැම්මෙ අජුම්මට ඒ ඉල්ලීම අහක දාන්න බැරි වෙන විදිහට. අන්න ඒ නිසාම අජුම්මත් ඒ කෑම මේසෙන් වාඩි වුනා.
ඔයාලා හිතනවද සේහි හිටියෙ හිත හදාගෙන කියලා.. නෑ.. හීනෙකින්වත් ඒක එහෙම නෙවෙයි. තමන් ආදරේ කරන කෙනා තමන්ට නැති වෙලා ගිහින් තවත් ආදරේ කරන කෙනෙක් තමන්ට හම්බුනාම ඒ ආදරේ ගැන වැඩි දුර හොයන්නෙ බලන්නෙ නැතුව හදවතින්ම ආදරේ කරන්න පටන් ගත්තහම.. ඒ අරගෙනත් ඒ ආදරේ තමන්ට බොරු කියපුවහම..
නෑ..
ඒ දුක කීයටත් දරා ගන්න පුලුවන් දුකක්වත් ඉවසන්න පුලුවන් දෙයක්වත් නෙවෙයි. තමන්ගෙ දෙවෙනි ආදරේ පිලිබදව නොසලකා හරින්න පුලුවන් වුනත්, ඒ දෙයින් වෙන්නෙ තමන්ගෙ කලින් නැති වුන හැගීම් සියල්ලක්ම මතු වෙලා තමන්ට ඒ හැගීම් පාලනය කර ගන්න බැරි වෙන විදිහට තමන් අසරන වෙන විදිහට. ඒ වගේම ඒ දුක හේතු කරගෙන තමන්ගෙ නැති වෙලා ගිය ආදරනීය ජීවිතේ ගැන තමන්ට මතක් වෙන්න පටන් ගන්න එක.
~~~~~~~~~~
" අනේ ජන්කුකී.."
" බෑ බෑ ඩාලින්.. ඒක කරන්න බෑ.."
" අනේ අපි යමුකෝ.. එකම එක දවසකට විතරක්.."
" අනේ බෑ.. ප්ලීස්ස්ස්.."
සේහිට මේ හඩ ඇහෙන්න ගත්තෙ ජේජු වල ජොන් පැලස් එකේ විසිත්ත කාමරෙන්. ඇස් වල කදුලු පොර බැදුවා කියලා එයාට තේරුම් ගත්තා නිසා ඇය ඉක්මනින් කෑම එක දිහා බලා ගත්තා. ඒ සමහර විට අජුම්මා දකියි කියලා වෙන්න ඇති.
ඒ වුනත් ඒ හඩ එක දිගටම තිබුනෙ නැහැ. සේහිට ඇහුනා කෑම කාමරේ දිහාට ලංවෙන අඩි හඩක්. එතකොටම ඇය දැක්කා බයෙන් සුදුමැලි වුන අජුම්මගේ මූන.
" බේබි.. මන්.."
" තමුන්ට..!? තමුන්ට කොහොමද හයියක්.. ඩයිනින් ටේබල් එකේ වාඩිවෙන්න තරම්..!!?"
ජොන් ජන්කුක්ගෙ කුරිරු කටහඩ.. මනුස්සෙකුටත් පුලුවන් ද එච්චරටම කෲර වෙන්න..?
" සමා..වෙන්..න බේබි.. ම.."
" දැන්ම යනවා මෙතනින්.."
අජුම්මා එතනින් ගියා. ඒත් එක්කමයි ජන්කුක්ගෙ ඇස් සේහි දිහාවට යොමු වුනේ. සේහිටත් ඉක්මනින්ම එතන වුන දේ තේරුම් ගන්න අමාරු වුනත් බිත්ති ඔරලෝසුවේ තත්පරයක් ගත වෙලා දෙවෙනි තත්පරේට ඔරලෝසුවේ තත්පර කටුව ළගා වෙන්න කලින් හැමදේම තේරුම් ගන්න පුලුවන් වුනා. සේහිට ජන්කුක්ගෙ කටහඩ එයා වෙනුවෙන් අහන්න ලැබුනෙ නෑ. රීෆ්‍රිජිජිරේටර් එකෙන් වතුර බෝතලයක් අර ගත්තු ජන්කුක් ආපහු ආපු පැත්තටම ඇවිදින්න පටන් ගත්තා.
" ජන්කුක්ශී.." සේහි කතා කළා. ජන්කුක්ගෙ කටහඩ ඒත් අහන්න සේහිට පුලුවන් වුනෙ නෑ. අඩුම ජන්කුක් හැරිලා බැලුවෙවත් නැහැ හිටපු තැනම නවතිනවා ඇරෙන්න.
" මමයි අජුම්මට වාඩි වෙන්න කිව්වෙ.."
" ඉතින්..?" ඒක ප්‍රශ්නාර්ථයක් ආරූඪ වුන වචනයක්.
" ඔයාට අයිතියක් නෑ එයාට ඒ විදිහට බනින්න.."
" ඕ.. වට් ද..!?" ජන්කුක් ඒ වතාවෙ නම් ආපහු හැරිලා සේහි ළගට ආවා.
" මට අයිතියක් නැහැ..?" ඒක නපුරු හිනාවක්.
" මගේ වයිෆ් වුනා කියලා හැමදේම තමුන්ට ලැබෙනවා කියලද හිතුවෙ..?"
" ජන්කුක්ශී..!!"
" ජොන් ජන්කුක් කියන්නෙ එකක් දෙපාරක් කියන කෙනෙක් නෙවේ. හැම වැඩකටම ලිමිට් එකක් තියා ගන්න.."
" ලිමිට් එකක්..? එතකොට මැරි කරලා එක්ස් එක්ක සෙ*ස් කරන එකේ ලිමිට් එක මොකක්ද මිස්ටර් ජන්කුක්..!?"
ඒ කතාවක් එක්ක සේහිට පුලුවන් වුනා ජන්කුක්ගෙ ගිනි ගන්න ඇස් වල ගැඹුරටම කිමිදෙන්න. කොහොමත් සේහි ඒ වෙලාවෙත් ජන්කුක්ගෙ ඇස් දිහා කෙලින් බලාගෙනම තමයි කතා කලේ. මොකද බිම බලාගෙන කතා කරන්න තරම් වැරැද්දක් සේහි කරලා තිබ්බෙ නෑ. ජන්කුක් සේහිගෙ මූන ළගටම ඇවිත් වතුර බෝතලේ තිබුනු අතෙන් ඩයිනින් ටේබල් එකේ කොන අල්ලගෙන අනිත් අතින් සේහිගෙ කොන්ඩෙන් අල්ලලා පස්සට ඇද්දෙ සේහිගෙ මූනෙ යට කොට උඩට ඉස්සෙන විදිහට.
" තමුන්ට කොහෙන්ද අයිතියක් මගේ ජීවිතේට ඇගිලි ගහන්න..?"
" ආ.. වයිෆ් වුන නිසාද..? ඌප්ස්.. වෙරි ෆනී..!"
" මේ අහන්න මැඩම් සේහි.. දිස් ඊස් ජොන්'ස් ඒරියා. අන්න ඒ නිසා මෙතන ඔයාගෙ වචනෙ වැඩ කරන්නෙ නැහැ. තේරුනානෙ..?"
ජන්කුක්ගෙ සේහිගෙ කොන්ඩෙ තවත් ටිකක් පස්සට ඇදලා එතනින් ඉවත් වුනේ සේහිට ඇස් වල කදුලු පිරෙන තරමට රිදෙන්න. ඔහු හිමින් ගමනින් සේහිගෙන් ඉවතට ඇවිදින්න පටන් ගත්තා. ඒ වුනත් ආපහු නැවතිලා හැරිලා බැලුවා.
" එනිවේ.. ඔය සේරම ෆැක්ට්ස් පැත්තකින් තියන්නකො.. පොඩ්ඩක් මේ ගැනත් හිතල බලන්නකො.. මැරි කරලා එක්ස් එක්ක සෙ*ස් කරන එකද, මැරි නොකර ඩෑඩ් කෙනෙක් නැති දරුවෙක් වුම්බ් එකේ ඉන්න එකද වඩා හොද..?"
~~~~~~~~~~
හිත් තියෙන්නෙ සතුටු වෙන්නමත් නෙවේ.
දුක් වෙන්නත් හිත් තියනවා..
ඒ වුනත් ඒ හැම දේම තියනවා සාපේක්ශතාවයක්..
හැම වෙලේම හිනාවෙන හිත්.. හැම වෙලාම දුකින් පිරුන හිත්..
A/N :) ඔප්පු කර ගන්න දෙයක් කියන්නද..? හැම වෙලාවෙම අනිත් අයව හිනා ගස්සන.. හැම වෙලේම අනිත් අයගෙ දුක අහන.. අනිත් අය සනසන පිස්සුවෙන් වගේ හිනා වෙලා ඉන්න අය.. අන්න ඒ අය දිහා ටිකක් අධ්‍යනය කරලා බලන්න.. එයාලගෙන් බහුතරයකගෙ පිටේ ගලව ගන්න බැරුව ඇනිලා තියන පිහි දාස් ගානක් තියනවා. ඒ වුනත් ඒ පිහි තියන්නෙ පිටේ නිසා ඔයාලට ඒක පේන්නෙ නැහැ.. ( දැන් සාධු කියන්න 🙂)
~~~~~~~~~~
ඒ ඊලග උදේ..
සේහි වුන හැමදේම අමතක කරලා දානවා කියලා හිතා ගත්තා. ඒ වුනත් ඒක කරන්නෙ කොහොමද..? ඇයි.. සේහි කියන්නෙ ඒන්ජල් කෙනෙක්ද එච්චර හොද වෙන්න. නෝප්.. ඒත්.. ඇය කිසිම දේකට රිඇක්ට් කරන්නෑ කියලා හිතා ගත්තා. ජන්කුක් සම්බන්ධ කිසිම දේකට..
සේහි දනිස්සට වඩා පොඩ්ඩක් කොට ශෝට් එකක් එක්ක සුදු ලේස් බ්ලවුස් එකක් ඇදගෙන පහලට ඇවිත් උදේ කෑම ගත්තා. ඒ වගේම අජුම්මගෙන් සමාවත් ගත්තා. ජන්කුක් ගැන දන්න නිසාම අජුම්මට ඒක එච්චර ගානක් වෙලා තිබුනෙ නැතත් ජන්කුක් සේහිට සලකන විදිහ දැකලා නම් අජුම්මට සෑහෙන්න දුක හිතිලා වගේම කලකිරුනු ගතියක් පේන්න තිබුනා. ඒ වුනත් සේහි ඒ හැමදේම ගානට මග ඇරියා.
කරන්න කිසිම වැඩක් තිබුනෙ නැති නිසා සේහි ලිවින්ග් රූම් එකට ඇවිත් ටීවී එක ඔන් කරලා සෝෆා එක හරි බරි ගැහුනා. එක්කොත් ඒකට ලිවින්ග් රූම් එක කියන්න බෑ. ලිවින්ග් හෝල් එක වගේ යෙදුමක්.. රිමෝට් කන්ට්‍රෝලර් එක අරගෙන චැනල් එකෙන් චැනල් එකට මාරු කළත් සේහිට කිසිම දෙයක් බලන්න හිතුනෙ නෑ. ඒ වුනත් අන්තිමට එයාගෙ ඇස ගැටුනෙ ස්පෝට් චැනල්ස් කිහිපයක්. හැම එකේම තිබුනෙ ක්‍රිකට්.. ක්‍රිකට් වලට සේහි එච්චරටම කැමති වුනේ නෑ. ඒ නිසා එයා ටීවී එක ඕෆ් කරලා රිමෝට් කන්ට්‍රෝලර් එක ගුවන් ගමන් පියාසර ක්‍රමය යටතේ සෝෆාවේ කොනකට යාත්‍රා කෙරෙව්වා.
ඔව්..
ඇයට ඇහෙනවා ජොන් ජන්කුක් එක්ක යේරාගෙ කටහඩ.. එයාලා තාමත් ඉන්නෙ ජේජු වල ජොන් මන්දිරයේ ගෙස්ට් රූම් එකේ. සමහර විට කර කර හිටපු වැඩේ තාම ඉවර කරලා නැතුව ඇති. සේහිට සුසුමක් හෙලුනා.
ඔයාලා හිතනවා නම් සේහි ඒ දේවල් වලට රිඇක්ට් කලේ නැතුව හිටියෙ සතුටින් කියලා.. ඔයාලට වැරදිලා.
~~~~~~~~~~
වෙන්න කියලා විශේශ දෙයක් තිබුනෙ නෑ. දවල් වෙද්දි සේහි තනියම එලියට ගියා. ඇවිද්දා.. ආ නෑ.. තනියම නෙවෙයි. ඇයගෙ පෞද්ගලික ආරක්ශකයත් එයත් එක්ක හිටියා. වෙලාව ගිහින් ගිහින් ගිහින්ම අන්තිමට සේහිට විශේශයක් වෙන හෝරාවකට මොහොතට කලින් නැවතුනා. වෙන්න යන විශේශය මොකක්ද කියලා තේරුමක් නැති වුනත් පරිසරය සෑහෙන්න ගුප්ත ස්වභාවයකට පෙරලුනා.
සේහි ඒ වෙලාවෙත් හිටියෙ ටීවී එක ඉස්සරහ වාඩි වෙලා. ඒ වෙලාවෙ නම් ඇත්තටම එයා ටීවී එක දිහා බලාගෙන නෙවෙයි ටීවී එක බලන ගමනුයි හිටියෙ. මොකද ඒ වෙලාවෙ ටීවී එකේ විකාශනය වුනේ සේහි මේ ලෝකෙන් ගොඩක්ම ආදරේ කරන දෙයක්..
වර්ල්ඩ් කප් වොලිබෝල් මැච් එකක්..
සේහි ඒ වෙලාවෙ හිටියෙ කොන්ඩෙ කඩා දාගෙන. කොට ශෝට් එකට ලේස් බ්ලැක් කලර් හයි ටොප් එකක්.. ඒ චොයිස් එක ඇයට සෑහෙන්න මැච් වෙනවා. ඇයගෙ උසත් එක්ක ඩෙක් දෙකක් දැම්මම අවුට් ලුක් එක සම්පූර්ණයි. ඒ වුනත් එයාට ටීවී බලන වෙලාවෙ ඩෙක් දෙකක් දාගෙන ඉන්න ඕනිකමක් තිබුනෙ නැති නිසා ශූස් රැක් එක තිබුනු විදිහටම එලියෙ කෝරිඩෝ එකේ තිබුනා.
එයා බලන් හිටියෙ චයිනීස් ටීම් එකෙන් බෝල් එකක් අවුට් යනකල්. මොකද දැනටමත් කොරියන් ටීම් එක හිටියෙ ලකුනු ගානක් පස්සහින්. අතේ තිබ්බ චොක්ලට් මිල්ක්ශේක් ලාජ් සයිස්ඩ් කප් එකත් ටීපෝ එක උඩින් තියපු සේහි ටීවී එක ඇතුලටම ඇස් දෙක දැම්මෙ ඇතුලෙ වෙන දේවල් හොදටම බලා ගන්න ඕනි වුන නිසා.
ඔයාලා හිතනවද එයා එහෙම කලේ ඒ උවමනාව මත විතරයි කියලා..? නැහැ.. කීයටවත් නැහැ. ඇයට ඕනි වුනා එක දිගට තාමත් ගෙස්ට් රූම් එකෙන් ඇහෙමින් තිබුන හීන් හඩවල් පවා තමන්ගෙ කනෙන් වගේම හදවතින්ම දුරස් කරලා දාන්න..
කොහොම වුනත් ඒ රූම් එක ඇතුලෙන් ජන්කුක්ගෙ හිනා හඩ ඇහෙද්දි සේහිට ඇත්තටම සතුටු හිතුනා. ජොන් ජන්කුක් කවමදාවත් හිනා වෙන කෙනෙක් නෙවේ. ඒත් යේරා ලග හරි ජන්කුක් හිනා වෙනව නම්.. අන්න ඒ විදිහට ජන්කුක් යේරා ලග හිනාවෙද්දි සේහි තනියම සිනාසුනා.
තමන්ගෙම හස්බන්ඩ්..
සේහිට ඕනි වුනා ජන්කුක්ට ආදරේ කරන්න පටන් ගත්ත එක ගැන හිතලා තමන්ගෙන්ම පලි ගන්න. ඒ වුනත් එහෙම කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ආදරේ කලේ ජොන් ජන්කුක්ට වුනත් සේහි එහෙම ආදරේ කරන්න හිත හදා ගත්තේ දේයන් නිසා. දේයන් ඇවිත් ඇයට එහෙම කරන්න කියලා ගිය නිසා. ඉතින් කොහොමද සේහි තමන්ට වෛර කර ගන්නෙ ජන්කුක්ට ආදරේ කරන්න පටන් ගත්ත එකට. ඒක දේයන්ගෙ ඉල්ලීමක්. බැරි වෙලාවත් සේහි ඒ විදිහට තමන්ට වෛර කරන්න පටන් ගත්තොත් එහෙම වෙන්නෙ එක දෙයයි. ඒ වක්‍රාකාරව තමන් දේයන්ට වෛර කරන්න පටන් ගන්න එක.
' ඕ ගොඩ්.. මේ විදිහට මේක ප්ලේ කලොත් නම් කෙලින්ම හරි තමා..'
සේහි ටීවී එක ඇතුලෙන් එයාගෙ ඇස් දෙක අරගෙන තමන්ටම කේන්තියෙන් මිමිනුවා. නෑ.. දැන් නම් දකුනු කොරියාවෙ ඉන්න වොලිබෝල් ටීම් එක ගන්නම දෙයක් නෑ. සේහිට එහෙම හිතන්න ඕනි වුනත් සේහි එහෙම හිතන්න ගියෙ නෑ. මොකද ඇය දැනන් හිටියා කිසිම දේක හැකියාව තනි දේකින් මනින්න බෑ වගේ සවුත් කොරියන් වොලිබෝල් ටීම් එකේ දක්ශකම ගැන එක මැච් එකකින් විතරක්ම තීරනය කරන්න බැහැ කියලා.
කොහොම හරි සේහි හිතුවත් වගේ දිනුම ලැබුනෙ චීනය නියෝජනය කරපු කණ්ඩායමට..
' ප්ෆ්ට් දිස් ලාජ් ටීවී..'
සේහිගෙ විදිහට මැච් එක පැරදුන එක ටීම් එකේ වරද නෙවෙයි. ජොන් ජන්කුක්ගෙ ගෙදර තිබුන බිත්තියක් තරම්ම ලොකු ටීවී එකේ වරද.. අන්න ඒ නිසා සේහි රිමෝට් කන්ට්‍රෝලර් එක ගුවන් ගත කරලා ටීවී එකට විරිත්තුවා. පස්සෙ අත් දෙකේ මැද ඇගිලි දෙකම දික් කලා. එයාට කකුලෙ මැද ඇගිල්ල උස්සගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මට විශ්වාසයි එහෙම පුලුවන් වුනා නම් එයා සෝෆා එකේ වාඩිවෙලා එයාගෙ මැද ඇගිලි හතරම අර අසරණ ටීවී එක දිහාට දික් කරනවා කියලා.
කප් එක ඇතුලටම ඇස් දැම්මත් චොක්ලට් බින්දුවක්වත් හොයා ගන්න බැරි වුන නිසා සේහිට තේරුනා එයා චොක්ලට් මිල්ක්ශේක් එකම ඉවර කරලා කියලා. ඒ නිසා එම්ටි කප් එක ඩස්බින් එකට දාලා එයා නැගිට්ටෙ රීෆ්‍රිජිරේටර් එක ලගට ගිහින් කන්න දෙයක් හොයා ගන්න.
ඒ වුනාට එකපාරටම වුනේ ජේජු වල ජොන් පැලස් එකේ හිටපු කවුරුවත්ම ඒ වෙලාවෙ හීනෙකින්වත් බලාපොරොත්තු වුන දෙයක් නෙවේ.
සේහිට එකපාරටම කටහඩවල් දෙකක් ඇහුනා. එකක් නම් යේරාගෙ කටින් පිටවුනු හඩක් කියලා සේහිට වැඩි ආයාසයක් නැතුව තේරුම් ගන්න පුලුවන් වුනා.
ඒත් අනිත් හඩ අදුන ගනිද්දි නම් සේහිගෙ මූන ඉබේම සුදුමැලි වෙලා ගියා.
ඔයාලා දන්නවද සේහි ලිවින්ග් රූම් එකේ තිබුන වීදුරු බිත්තියෙන් ඇතුලින් කාවද දැක්කෙ කියලා.
.
.
.
.
.
.
.
.
.
.
.
කලුපාට බ්ලේසර් එකක් ඇදගෙන ආපු ජොන් තේහ්‍යුන්ව..
____________________________________
ඒක දෛවය වෙන්නැති..
එක එක මොහොතකට මට එදා තේරුම් ගියා නම්..
මන් ඒ හිනා වුනේ මගේ උරුමයත් එක්ක නෙවේ කියලා..
මට එකම එක අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබුනා..
එහෙම නම් අද මට ගොඩක් සතුටින් කියන්න තිබුනා..
" අපි එකට හිනා වුණා.."
කියලා..
____________________________________
කමෙන්ට් වෝට් කරන හැමෝටම පැලෙන්න ලාවියෝ ඈ.. කුමාවෝ.. ❤️
Cover by :- A_R_V_I
A_Shee ~