𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5.3K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
02
03
05
06
07
08
09
10
11
12
13
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

04

314 77 67
By KIM_SANG_MEE

               නම්ජුන් ඔප්පා කියපු දේ හිත හිතම මම ගියේ පන්තියට යන්න හිතාගෙන. ඒත් එකපාරටම කවුරුහරි මගෙ කොලර් එකෙන් අල්ලගෙන මාව බිත්තියට තල්ලු කරා.

" තමුසේ වැඩ පෙන්නනවා වැඩී අලුත් එකෝ. පැත්තකට වෙලා ඉන්නවා තමුසෙගෙ ව්ඪක් බලාගෙන. මගෙ වැඩ වලට ඇගිලි ගහන්න එන්න එපා. "

" ආහ් මේ මිස්ටර් බේබි කිම් නේද? මට තර්ජනය කරන්න එනවද? මොකද ආයෙත් නහය කඩා ගන්න ආසයිද? " මොනව වුණත් එයාට තිබුණේ ඕනම කෙනෙක්ගේ හිත් වසග කරවන පෙනුමක්. මාත් කෙල්ලෙක්නෙ නේද?

" මම බේබි කිම් නෙවේ. මම ටේහ්‍යුන්ග්. කිම් ටේහ්‍යුන්ග්. ඊලග ලෙෆ්ටිනන්ට් " එයාට තරහ ගියාම මාර හොට් අනේ

" එහෙමද ටේටේ? ඔයාට ලෙෆ්ටිනන්ට් වෙන්න තව ගොඩක් කල් යයි. තරහ ගියාම ඔයා හරි කියුට් නේ " මම කීවේ එයාගේ මූණට එබෙන ගමන්. එයාගෙ ඇස් නිල් පාටයි.

(A-  යකෝ මේකි පැනි නැකතකින්ද ඉපදිලා තියෙන්නෙ?

M- මාත් කෙල්ලෙක්නේ. මැදින් ඇඩ් දාන්න එපා.

A- කියනකම් හිටියේ )

කිම් මගෙන් ක්ශනිකව ඈත් වුණා. මට ටිකක් වෙලා රවාගෙන හිටපු එයා ආයෙත් කතා කළා.

" ඕවා මට දාන්න එන්න එපා. ගිහින් කෙල්ලෙක්ව හොයාගන්නවා."

" මම කෙල්ලන්ට කැමති නෑනේ ඉතිම් " මම කියද්දි කොල්ලගෙ ඇස් ලොකු වුණා.

" හිතුවද මාත් ඔයා වගෙ කියලා. ආයෙ මගෙ වැඩවලට ඇගිලි ගහන්න එන්න එපා." ඔහු කීවේ මාව තල්ලු කරන ගමන් " ඔයා මගෙ හ්‍යන්ග්ලට දාන චාටු කතා මට- " එයාට කතා ව ඉවර කරන්න ඉඩ නොතියාම මම එයාගෙ තොල්වලට ඇගිල්ල තිබ්බා. " මිස්ට බේබි කිම්, අපි පස්සෙ වෙලාවක කතා කරමුකෝ. මට දැන් යන්න ඕනි " කියපු මම යන්න හැරුණේ මම කරපු දෙයින් ශොක්වෙලා වගේ හිටපු කිම්ව එතන තනි කරලා

*****************

හැමෝම හිටියේ භෝජන ශාලාවට රැස් වෙලා. ඊයෙ රෑ මට නින්ද ගියෙත් නෑ. ඒ අස්සෙ ජිමිනා මගෙ අත අල්ලගෙන මොනවදෝ කියවනවා. ඒත් මම හිටියෙ මම දැකපු හීනේ ගැන හිත හිත. මගෙ අතට දැණුනු වේදනාවක් නිසා මම පියවි සිහියට ආවා.

" ආව් මගෙ අත! මොනවද ජිමිනො කරන්නේ? "

" මම ඔයාට කියපු කිසි දෙයක් අහගෙන නෙවේද හිටියෙ මැක්ස්? " ජිමින් ට තරහ ගිහින් හිටියේ. හොබී හිටියෙත් අපි එක්කමයි. කදවුරේ මගෙ පළවෙනි යාළුවො දෙන්න.

" ඔයා මොන සිහියෙන්ද ඉන්නෙ මැක්ස්? මෙයා ඔයාට දෙහි කපනවා. ඔයා ගණන් ගන්නෙවත් නෑ "

" අනේ සොරි චිමියෝ. මම හිටියෙ වෙන සිහියක ඒකයි "

" ඔයාල කතාව කරගෙන යන්න. යුන්ගි හ්‍යන්ග් මට එන්න කීව.දැන් වෙලාව හරි. මම යනවා "
කියපු හොබී දීවා නෙවේ ඉගිලුණා

" ඒක නෙවේ, ඔයාලා ඇයි එයාට එච්චර ම බය. එයා හරිම cute boy කෙනෙක් නේ. හරියට පූස් පැටියෙක් වගේ "

" අනේ මන්දා මැක්ස්, මට ඔයාව තේරුම් ගන්න බෑ. ඔයා අනික් පිරිමි ළමයි වගේ නෙවේ. අනික යුන්ගි හ්‍යන්ග් ගැන කියනව නම් එයා හරිම හොදයි. ළමයි එයාට බයයි ඒ වුණාට. එයාට තියෙන්නෙ හේඩීස්ගේ බල. එයා ලෙසියෙන් හිනා වෙන කෙනෙකුත් නෙවේ. එයා ජූන් හ්‍යන්ගේ දෙවෙනියා. ඒ කියන්නේ විනයභාර. අනික යුන්ගි හ්‍යන්ග් ගැන ඔහොම කතාවක් කියපු පළවෙනි කෙනා ඔයා "

" මම නම් හිතන්නේ නෑ එයා නරක කෙනෙක් කියලා. දැන් ඇයි ඔයා මට දෙහි කැපුවේ? මට ඇහුණෙත් නෑනේ"

" දෙහි කපලා මදි ඔයාට. මොන එකටද අර ෆීනික්ස් එක්ක පැටලෙන්න ගියේ? අනික ආපු පළවෙනි දවසෙම. ඔයාට නම් ඇත්තටම පිස්සු. එයා කොයි වගේ ද් කියලා ඔයා දන්නේ නෑ. කදවුරේ දක්ශයා වගේම නරකම කෙනාත් එයා. එයාට ගින්දර පාලනය කරන්න පුළුවන්. එයාගෙ ගින්න හරිම බලවත්. හෙෆාස්ටස්ගෙයි හෙස්ටියාගෙයි දෙන්නගෙම ආශීර්වාදය එයාට තියෙන නිසා. අනික ඒරිස්ගේ දක්ශයා එයා " ජිමින් කියවගෙන ගියා. මට තේරුම් ගන්න බැරුව හිටියේ එයා මේ කියන්නේ කවුරු ගැනද කියලා. " එයාගෙ ගින්නෙ තියෙන ශක්තිය නිසා එයාට කියන්නේ ෆීනික්ස් කියලා "

" ඔයා කියන්නේ බේබි කිම් ගැනද? තරහ ගියාම එයා හරිම cute අනේ. " මම නොහිතාම කියා දැම්මා. ටික වෙලාවක් ගියත් ජිමින්ගෙන් උත්තරයක් නොලැබුණු නිසා මම එයා දිහා බැලුවා. එයා මගෙ දිහා බලාගෙන හිටියෙ හරියට පොල්ලකින් ගහලා මාව මරපම් යකෝ
කියන්න වගේ.

" මොකද ඔහොම බලන්නේ? " මම ඇහුවෙ හිනාවෙවී

" ඔයත් එක්ක තව ටිකක් හිටියොත් මම හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරෙනවා. " චිමී කියද්දී ශාලාවට ඇතුල් වුණේ ටේකුක් ඩබල. බේබි කිම් මාව දවාලන විදිහට රැව්වත් මගෙ අවදානේ යොමු වුණේ මගෙ ඇස් මගාරින ජන්කුක් ට. ඔහු වහාම කෑම බෙදා ගත්තේ මගෙ ඇස් මගාරින්නමද කොහෙද

" මේ චිමී, හිත් කියවන බලේ තියෙන්නෙ මොන දෙවි කෙනාටද? "
ජිමින් උත්තර දෙන්න යද්දිම
සලබලාංං

මම පිටිපස්ස හැරිලා බලද්දී ජන්කුක්ගෙ කෑම එක බිම. එයා එහෙමම එතනින් දිවා. මට තව පාරක් රවපු බේබි කිම් කෑම එක පැත්තක තියලා ජන්කුක් එක්කම ගියා.

" මොකක්ද යකෝ ඒ වුණේ? අර කොල්ලා පැනලා දීවේ මොකද? " මම ඇහුවේ ජීමින්ගෙන්. " අනික ජන්කුක් හැමවෙලේම මාව මගාරිනවා. මම එයාට කරපු ඇති දේකුත් නෑ. මට කියන්නකෝ එයා ගැන ටිකක්. "

" එයා ගැන කියන්න වැඩි දෙයක් නෑ. එයා හරිම අහිංසක කෙනෙක් ඉස්සර. ඒත් එයා දැන් ටේහ්‍යුන්ග් එක්ක එකතු වෙලා නරක වැඩ කරනවා. ඒ දැන්. අනික එයා විශෙෂයි. මේ කදවුරේ ජලය පාලනය කරන්න පුළුවන් බලය තියෙන්නේ එයාට විතරයි. එයාට පොසෙයිඩන්, ඇපලෝ, ඇෆ්‍රොඩයිට්, හේඩීස් කට්ටියම ඉන්නවා මම දන්න තරමින් "

" එයා කියන තරම් නම් අහිංසක වෙන්න බෑ. එයා ඉන්නෙ බෙබි කිම් එක්කනේ "

" ඒකනම් අමුතු යාළුකමක් තමයි. ඒක මෙහෙමයි වුණේ. ජන්කුක් කදවුරට ආවේ අනාථ කෙනෙක් විදිහට. තමන්ගේ අනන්‍යතාවය වත් නොදැන හිටපු කෙනෙක්. හරියට ඔයා වගේ. ඒක නිසා ළමයි එයාට ගොඩක් කරදර කළා.පුදුම හිතෙන දේ තමයි මෙතන නපුරු ම කෙනා වෙච්චි ටේහ්‍යුන්ග් මෙයාව යාළුවෙක් කරගත්තා. එයාව හැමවෙලේම ආරක්ෂා කළා. ඒ දෙන්නා අතර පුදුම බැදීමක් තියෙන්නේ. ටේහ්‍යුන්ග් අළුත් ළමයින්ට කරදර කරන්නේ එයාලා ජන්කුක් ට කරදර කරපු නිසා. ඒ තරහට. ඒත් හොදම දේ තමයි ඒ ෆීනික්ස් ව සන්සුන් කරන්න පුළුවන් එකම කෙනාත් ජන්කුක් තමයි. කිම් පවුලේ ඔක්කොම ජන්කුක් ට සළකන්නේ තමන්ගෙ සහෝදරයෙක්ට වගේ "

" වාහ් මාර එකතුවක් නේ. වතුරයි ගින්දරයි " මම කියද්දි කවුරුහරි ම කතා කළා. මට දැණුනේ මාව වශීවෙනවා වගේ කියලා.

" ඔහ් ඔයා කොහෙද මෙච්චර වෙලා හිටියෙ මගෙ මැණික? " ඒ වචන කණට මී පැණි වක්කරනවා වගේ. ඒ කට හඩ ආපු පැත්තට මාව ආකර්ෂණය වෙද්දී කවුරුහරි මගෙ තොල් වලට බර වුණා. මට හරි සිහියක් තිබුණේ නෑ. ඒත් දැණුන හැගීම නිසා මම ඒයාට අවනත වුණා.

ඒත් ඔළුවට වැදුණු සැර  පාරක් නිසා මම හොද සිහියට ආවා. දෙවියනේ මම කිස් කරලා තිබ්බේ කෙල්ලෙක්ව නේද !!!!!!!!!
මට වමනෙ යන්න වගේ හැගීමක් එද්දී කවුරුහරි මාව ඇදගෙන යන්න පටන් ගත්තේ මාව ඩෙස් පුටුවල හැප්පෙද්දී. මූණ නොපෙණුනත් ඒ ජීමින් කියලා අදුන ගන්න මට බැරි වුණේ නෑ.

" ජිමින් ඔයා මේ කොහෙද මාව ඇදගෙන යන්නේ? " මම ඇහුවත් එයා කතා නොකරම මාව ඇදගෙන ගියේ washroom එකට. මාව ඇතුලට අරගෙනම එයා දොර වැහුවා.

" ඔයා මේ මොනවද කරන්න හදන්නේ? " මට උත්තර දෙන්නේ නැතිවම එයා මාව බිත්තියට තල්ලු කරා. මගෙ ඔළුවත් හයියෙන් වැදුණා. ජිමින් ට බනින්න කට ඇරියත් එයාගේ මූණ දැක්ක්ම මට බය හිතුණා. එයා තරහෙන් රතු වෙලා හිටියේ. මගෙ මූණ දෙපැත්තෙන් බිත්තියට අත තියාගත්ත එයා මට කෑගහන්න පටන් ගත්තා.

" තමුසේ මොනව කරනවා කියලද හිතාගෙන ඉන්නේ? ලැජ්ජාව කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද? අර කොල්ලො ගැන කියපු කතා හරි කියමුකෝ. ඒත් අර හොල්මනව කිස් කළත් එක්ක. මට තවත් මේවා බලාගෙන ඉන්න බැරි නිසයි මම ඇදගෙන ආවේ " ජිමින්ට මොන යකා වැහිලද? කෙල්ලෙක් කිස් කරා කියලා මට කෑගහන්නෙ මොකටද?

" කෙල්ලෙක් ව කිස් කරපු එක වැරද්දි මාව කන්න හදන්නේ? "

" කොල්ලෙක්ව කිස් කරාට කමක් නෑ. ඒත් ඔහොම සෙල්ලක්කාර වෙද්දී. මගෙ නංගි කෙනෙක් එහෙම නම් මම හම ගහල තමුසෙව " මම ජිමින් දිහා කන්න වගේ බලාගෙන හිටියේ. එයා කොහොමද දන්නේ?

" ඔ- ඔයා කොහොමද ඒක දන්නේ? "

" ඔව් මම ඒක දන්නවා " ජිමින් කීවේ සන්සුන් වෙන ගමන්

" ඒත් ඒත් කොහොමද ? "

" මෙහෙමයි. මට ඇෆ්‍රොඩයිට් වගේම හේරා දෙවගනත් ඉන්නවා. එයා ස්ත්‍රීත්වයට අදිපතිනේ. මට පුළුවන් ඕනිම කෙනෙක් ගෑණුද පිරිමිද කියලා එයාගෙ ඇස් දෙක දිහා බලලා කියන්න. ඒත් මම ඒක දැන ගත්තේ ඔයාගෙ ඇස් දෙක දිහා බලලා නෙවේ. මට ඔයාගෙ අතින් අල්ලද්දී මට කෙනෙක්ව මතක් වෙනවා " එයා කියාගෙන් යද්දී එයාගේ ඇස්වලට කදුළු පිරුණා. " මට මගෙ ලිලීව මතක් වෙනවා "

" කවුද ලිලී කියන්නේ? " මට හොදටම විශ්වාසයි කදවුරෙව් එහෙම කෙනෙක් නෑ කියලා.

" එයා තමයි මගෙ හැමදේම. මම ආදරේ කරපු කෙනා ඒ. අපි ගොඩක් සතුටින් හිටියේ. ඒත් ඒට් රාක්ෂ සටනකදි එයා- " උණුසුම් කදුළු ජිමින්ගේ අවසරයෙන් තොරව ඔහේ ගලාගෙන යද්දී එයා අනික් පැත්ත හැරුණේ කදුළු හංගගන්න. දෙවරක් නොහිතපු මම ජිමින්ව බදා ගත්තා. පොඩි එකෙක් වගේ එයා මට තුරුල්වෙලා හොදටම ඇඩුවා. ඒ වෙලාවෙම දොර ඇරගෙන ඇතුළට ආවේ බේබි කිම්. එයා අපි දෙන්නව දැකලා එක පාරටම ගල් ගැහුණා වගේ වුණා.
ආපහු මට දවාලන බැල්මක් හෙලෙපු කිම් දොර උළුවස්ස ගැලවෙන තරම් හයියෙන් දොර වහගෙන යන්න ගියා. ඒ සද්ධෙට ජිමින් ඔළුව උස්සලා බැලුවා. බේබි කිම්ගෙ රැවිල්ල නම් උපතින්ම ආපු එකක්ද කොහෙද

" මට සමාවෙන්න මැක්ස්. ඔයා ඒ වගේ හැසිරෙද්දී මට තරහ ගියා. මට ඔයාව පේන්නේ ලිලී වගේ, ඒකයි. නැතුව වෙන මුකුත් නෙවේ "
" ජිමින් අඩපු පාර හොදටම රතු වෙලා.

" ඕහ් ඒකට කමක් නෑ. මම ලැබුණු නිදහසින් ප්‍රයෝජන ගත්තා. අඩන්න එපා ජිමින්.  කවුරු නැතත් මම ඔයාට ඉන්නවා. අනික මගෙ නම මියා " මම කියද්දි එයා කදුළු පිහදාගෙන හිනා වුණා

" ඔහොම හිනාවෙද්දි නම් කොල්ලෝ ඔයා මගෙ යාළුවා කියන එක අමතක වෙයි " මම කීවේ හිනාවෙවී

----------------------------------------------------------------------

හී කාලෙකින් නේද?😁

මගෙ වැඩි අවදානේ තියෙන්නේ Deja Vu එකට. ලියන මම ඒ කතාවට පිස්සු වැටිලා ඉන්නෙ. මට මොන්ගල්ද මන්දා අප්පා🙄

මේක නම් කතාව ලියලා ඉවරයි. Type කරන්න තියෙන්නේ. පුළුවන් වෙලාවට update දෙන්නම්කෝ

කියවන, vote , comment කරන හැමෝටම තෑන්ක්ස් 💜️

#Sang Mee

Continue Reading

You'll Also Like

545K 74.3K 103
Just a fan translation. Eng name- Did the affectionate love interest collapse today. cover pic from pinterest.credit to artist. Author- 即墨遥 စိတ်ကူး...
2.1M 202K 69
BL ဝတ္ထုရေးတဲ့ စာရေးဆရာတစ်ယောက်က သူဘယ်လောက်ဘဲ ကြိုးစားရေးနေပါစေ စာဖတ်သူတွေက အကြိုက်မတွေ့ဘူး။ယုတ္တိမရှိဘူးဆိုပြီး ဆိုးဝါးတဲ့ မှတ်ချက်တွေပေးတယ်။ တစ်နေ့...
162K 23.5K 57
Title: 我成了反派脑残粉[快穿] Eng Title: I become a fanboy of Villain Burmese title:( ငါဗီလိန္ႀကီးရဲ႕Fan boy တစ္ေယာက္ျဖစ္လာၿပီ) Author: 不著一字 (Zawgyi +Unicode)...
383K 41.5K 102
Author. - Ye Yilou English translator. - Yuel-23 Status - Complete Genre . - Fanta...