🐺Fate 🐺 || JJK (COMPLETED)

Par Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... Plus

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

පර්ෆියුම් 🐺

812 251 105
Par Chimthri

සුව නින්දේ හිටි ඇල්ෆා ජන්කුක්ට ඉබේටම වගේ ඇහැරුනේ තමන්ගෙ මුහුණට දැනුණු ස්පර්ශයක් නිසාවෙන්.. නිදිමතේම ඇස් හැර බැලූ ඇල්ෆා දැක්කෙ තමන් වෙතට මුහුණ යොමාගෙන ඉන්නා තරුණියක්ව.. නිදිමතත් තද අව්වේ සිට එකවර ඇස් හැර බැලීමත් නිසා තමාගෙ කම්මුලක් මත ඉතා සියුම්ව ඇඟිල්ලක් එහෙ මෙහෙ කරන ඒ තරුණියව අල්ෆා ජොන් නම් දුටුවේ බොඳ වී ගිය ජායාවක් ලෙසයි..

"යු.. යුන්මි.."

තම ඇස් වලට බොඳවී පෙනෙන රූපය යුන්මි යැයි වරදවා වටහා ගත් ඇල්ෆා ජොන්ගේ හිතට පුදුමයක් දැනුනෙ තමා සමඟ රන්ඩු කරනවා හැරෙන්නට ඒ හිතුවක්කාර කෙල්ලගෙන් මෙවැනි හැසිරීමක් මාසයක් පුරාවට කවර දිනකවත් ඇල්ෆා දැක නොතිබුණු නිසාවෙන්..

"ඕ ගෝඩ්.. ජන්කුක් ඇයි ඒ වදකාරි ගැනම මතක් කරන්නෙ.. ශිට් දවසම එපා උනා ඒ නම අහලා..."

ජිනා මූනත් හකුළුවගෙන කිව්වෙ ජන්කුක් ජිනා දිහා රවාගෙන බලන් ඉන්නකොට.. කිම් ජි නා.. සෝල් යුනි එකෙ ඇල්ෆා ජන්කුක්ගෙ පෙනුමට වහ වැටුණු තවත් එක් තරුණියක්.. සෝල් යුනි එකේ බොහොමයක් දෙනාගෙ සිහින තරුවක් උණු ඇය ජන්කුක්ට නම් දූවිල්ලක් තරමකුදු වටිනාකමක් නොමැති බව නම් මුළු යුනි එකටම නොරහසක්...

තමන් කැමති උණු.. තමන්ගේ අවධානය දිනා ගන්න සමත් උණු කිසිවෙක් මේ තරම් කල් ජිනාව ප්‍රතික්ෂේප කිරීමට සමත් වී නොතිබුණේ ඇයගේ රූපයත් ඇය සතුව පැවති ධනවත්කමත් නිසාවෙන්... එහෙත් ආඩම්බරකාර ජොන් ජන්කුක් ඊට හාත්පසින්ම වෙනස් බව ජිනා තේරුම් ගත්තෙ ජන්කුක්ට වහ වැටුණු මුල් කාලෙදිමයි.. මෙලෙස ජන්කුක්ගෙන් ප්‍රතික්ෂේප විම සෝල් විශ්වවිද්‍යාලය තුල තම අභිමානයට කැලලක් යැයි සිතූ ජිනා මුලදී කපටිකමින් ඇල්ෆා ජොන් සමඟ සුහද වීමට උත්සාහ ගත්තත් එය ද සාර්ථක නොවූ තැන කුමන හෝ විදිහකින් ජන්කුක්ව තමා වෙත නම්මා ගැනීමට උත්සාහ දරමින් හිටියා.. තද නින්දෙ පසු උණු ජන්කුක් වෙත ජිනා පැමිණියේද ඒ අදහස් කෙසේහෝ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනුයි...

කිසිසේත්ම ජන්කුක්ට දෙවෙනි වීමට අකමැති වූ ජිනා වැන්නියකට ජන්කුක් නොසිතා උනත් සලසලා දී තිබුණේ වටිනා අවස්ථාවක් නොවේ ද..?

ජිනා..! ඇය කලේම තම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කිරීමයි...

එහෙත්.. ජිනාගේ අවාසනාවටත් ඇල්ෆාගේ වාසනාවටත් ඒ උත්සාහය අසාර්ථක වූයේ ඇල්ෆා ජොන්ගේ කෙන්න්තියත් ඉහවහා යවමින්..

ඔව්.. ඇල්ෆා තරහින්..!

ඔහුගේ මින්ට් මිශ්‍ර කස්තුරි සුවඳ එන්න එන්නම තිත්ත රසයක් ගන්නට උනේ ඇල්ෆාගේ කේන්තිය අන් හැමෝටම පෙන්වමින්..

එහෙත් අවාසනාවකට සාමාන්‍ය තරුණියක් උනු ජිනාට නම් එය හඳුනා ගත නොහැකියි..

අහෝ ලූනා..!

අල්ෆාගේ ඒ කේන්තිය ඔහු ඉදිරියේ ඉන්නා තරුණියත් වුල්ෆ් කෙනෙකු වූවා නම් ඇය බියෙන් සලිත කරන්නට තරම් ප්‍රබල වන්නට තිබුණා.. එසේ වූවා නම් ඇයගෙන් යුන්මිට එවැන්නක් කියන්න තියා ඇය ගැන සිහිනෙන් හෝ එවැන්නක් නිසිතන්නට ඉඩ නොතිබුණා.. එසේම මේ ලෙස pure blood ඇල්ෆාවෙකුගේ කේන්තියට හසුවෙමින් ඔහු ළඟ දැවටෙන්නට උත්සාහ නොකරන්නට ඉඩ තිබුණා..

එහෙත් අවාසනාවකට ඈ කිසිත් නොදත් සාමාන්‍ය තරුණියක්...!!

"ජිනා.. මෙතනින් යනවා.. තමුසෙ මහ වදයක්.."

තමාගෙ මුහුණ වෙත නැඹුරුව ඉන්නා තරුණියව අනුකම්පා විරහිතව බිමට තල්ලු කර දැමූ ඇල්ෆා ජොන් තමන්ගෙ ඒ තරහින් රත් පැහැවුණු ඇස් තමන් ඉදිරියේ ඉන්නා මේ තරුණියගෙන් සඟවන්නට මෙන් ඇයගෙන් ඉවතට ගෙන වෙනතක් බලා කියන්නට වූයේ ඇය වැන්නියක් මේ තැන ඉන්නවද කියාවත් නොසලකා..

"යා.. ජන්කුකා.. ඔච්චර මාව එලවන්න හේතුව මොකක්ද...? ඇයි මාත් එක්ක රිලේශන් එකක් පටන් ගන්න ඔච්චරටම අමාරු..? යා.. ජන්කුකා.. කොහෙද යන්නෙ.. මට කියල යනවා.. යා.. යා..."

ජිනා මුලු සෝල් යුනි එකටම ඇහෙන්න කෑ ගහනකොට කිසිවක් නෑසුනා වගේ ජන්කුක් එතනින් නැගිටල යන්න ගියේ ඇයව අවට සිටි අනෙක් සිසුන් ඉදිරියේ තවත් ලැජ්ජාවට පත් කරමින්..

එක් අතකට ඇල්ෆා ජන්කුක් සාදාරනයි..!

ඔහු ඇයට කෙසේ නම් පිලිතුරු දෙන්න ද..?

ඔහු වැන්නන්ට මුළු ජීවිත කාලෙටම ඇත්තෙ එකම සහකරුවෙක් හෝ සහකාරියක් බවත් ඇය හෝ ඔහු සමඟ ඔවුන් මුළු ජීවිත කාලෙම ආදරෙන් බැදෙනා බවත්.. ජන්කුක් වැන්නන් එය සොයා ගන්නෙ පෙරමෝන සුවදකින් බවත් ඇයට කෙසේ නම් විස්තර කරන්නද..?

කෙසේ හෝ විස්තර කරත් වෙයා වුල්ෆ්ලා ගැන කිසිවක් නොදත් ඇය වැනි සාමාන්‍ය තරුණියක් එවැනි විකාර දේවල් විශ්වාස කරන්නේ ද..?

ඒ හැරත් තමා සියල්ලන්ගෙන්ම සැඟවිය යුතු රහස් ඇය වැන්නියකට හෙළි කිරීමේ අවශ්‍යතාවය කුමක් ද...??

ඒ කිසිවක් ඇය වැනි නොවැදගත් කෙනෙකුට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් නොවූ තැන ඇල්ෆා ජොන් ඒ තැනින් නිහඬවම ඉවත් උනේ ජිනා දෙස බැල්මක්වත් නොහෙලා..

"ආශ්...යුන්මි.. තමුන් හරිම කරදරයක්..."

තමාට නොලැබෙන මුළු සෝල් යුනිවසිටි එකෙන් යුන්මිට පමණක් ලැබෙන ජන්කුක්ගෙ ඒ සිනහවත් ඒ ඇසුරත් ජිනාව තවත් තරහින් වගෙම යුන්මි කෙරෙහි වූ වෛරයෙන් පුරවන්න සමත් උනා.. අවසානයේ ඇල්ෆාගෙ හැසිරීමට පවා කිසිවක් නොදන්නා යුන්මි හේතුවක් වූයේ ඒ නිසාම වෙන්න ඇති...

.
.
.
.

සොල් යුනි එකේ වැඩි දෙනෙක් නොයන පාලු තැනක එක ඔමේගාවෙක් කදුළු එගුරවමින් සිටින්නට උනා.. විටින් විට ඇසුණු ඒ ඔමේගාවගෙ ඉකිබිදුම් හඬත් මද සුළඟින් අවට තිබූ ගස් වල කුඩා පත්‍ර සෙලවෙන හඬත් ඇරුණුකොට වෙනත් කිසිදු ශබ්දයක් පරිසරයෙන්ම නොනැඟුණු තරම්...

ඔමේගාවගේ හදවත බිඳිලා ගිහින්.. මොහොතකට කලින් ඔමේගාවගෙ අතින්ම බිඳීගිය ඒ වීදුරු කැබලි මෙන් ඇගෙ හදවත් බිදී ගිහින්.. ඒ බිදුණු වීදුරු කැබලි ඔමේගාවගේ අත පසාරු කරගෙන ගිය ඒ වේදනාවටත් වඩා වැඩි වේදනාවක් ඒ බිඳී ගිය හදවතෙන් ඔමේගාවට දැනෙන්න අරන්..

ඇල්ෆා ජොන් ජන්කූක්..!!

ඔමේගාවගේ හදවත කෑලි කරල ඇල්ෆා ඔබ සතුටින් ද..??

ලූනා..! ඔබ හට නොහැකිද ඇල්ෆාට සැල කරන්න ඔහුගේ ඔමෙගාව උසුලනා මේ දුක් ගින්න..??

ලූනා..! ඔබට නොහැකිද පවසන්න ඔමේගාවගේ ඇස් වලින් වැටෙනා මේ කඳුළු කැට වල අයිතිය ඔහුට බව...??

ලූනා..! ඔබ හට නොහැකිද ඒ හිතුවක්කාර ඔමේගාවට පහදන්න ඇය ඔහුට ආදරය කරනා වග..??

"ඇයි එයාම උනේ..? ඇයි ඒ වෙන කෙනෙක් නොවුණෙ...? ජොන් ජන්කුකූක්.. වදකාරයා..!! "

ඇස් වලින් බේරෙන කදුළු ලේ ගලන අත් වලින්ම පිහිදමින් ඈතින් පේන අහස දිහා ඔමෙගාව බලන් හිටියෙ ලොකු වේදනාවකින්.. ඒ හිතුවක්කාර ඇල්ෆා තමාගෙ හිතට මේ තරම් වද දෙන්නේ ඇයි දැයි යන්නත් ඔහුව ප්‍රථම වරට වෙනත් තරුණියක් සමඟ දැකීම තමන්ට මේ තරම් වේදනා දෙන්නේ ඇයි දැයි යන්නත් යුන්මිට තවමත් ප්‍රෙහේලිකාවක්..

ඇල්ෆාගෙ ඒ මින්ට් මිශ්‍ර කස්තුරි සුවඳ තමාව මත් කරන තරම් ප්‍රබල වීම යුන්මි හැමදාමත් නොරිස්සුවා.. තමන් මත් කරනා ඒ පෙරමෝන සුවඳෙන් කෙසේ හෝ ඈත් වීම හැර වෙන යම් පිලියමක් නොදන්නා ඇය මසක් පුරාවටම ජන්කුක් සමඟින් හේතුවක් නොමැතිවත් ගැටුම් ඇති කරගන්නටත් ඔහු ඉන්නා තැනින් කෙසේ හෝ ඉවත් වන්නට උත්සාහ කලත් තවමත් තමාව පාලනෙන් ගිලිහෙනා තරමට මත් කල හැකි පෙරමෝන හමුවෙ ඔමේගාව දුර්වල විම නම් ඇයට තවමත් නවතා ගත නොහැක්කක්..

"වේ... මට විතරක් ඒ විදිහට දුක හිතෙන්නෙ..? මට.. මට ඕන නෑ මේක.. ආශ්.. ඇයි මන් අඩන්නෙ...? මට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක් වෙනුවෙන් අඩන්න ඕන නෑ.. යාශ්.. මේක නවත්තනවා.. පිස්සු ඔමේගා... තමුන්ට වෙන ඇල්ෆෙක් හොයා ගන්න පුලුවන්.. අනික තමුන් නාකි ඇල්ෆෙක්ට කියල මාක් කරව ගන්න නේද ඉන්නෙ..?? "

යුන්මි හිටියෙ තමන්ගෙ ඇතුලාන්තයත් එක්ක ලොකු සටනක.. තමන්ගෙම හරි අර්ධයක් උණු ඇගෙම වෘක ස්වරූපය කෑ ගහල ඇල්ෆා ජන්කුක්ව ඉල්ලනකොට.. ඒ සුවඳ ඒ පහස ඔමේගාව ඉදිරියේ පෙනි පෙනීම නොලැබී යනකොට ඔමේගාව හිටියේම දරාගත නොහැකි තරමේ වේදනාවකින්..

ඔව්.. ඔමේගාව ඇගේ මේට්ව හරිහැටි හදුනාගෙන තිබුණා...!!

එලියට යාගත නොහැකිව හිර කර තැබූ ඔමේගාව මේ සිදුවීමෙන් නම් බොහොමයක් කලබලවී තිබෙන හැඩයි..

එහෙත් හිතුවක්කාර යුන්මිට නම් තවමත් ඇයගෙ ඇත්ත පිලි ගැනීමට හිත ඉඩ දී නොතිබුණේ ඒ ආත්මගත සහකරුවන් එකිනෙකාගෙන් දුරස් කරලා..

ලූනා... ඇගෙ හිතුවක්කාරකම් නම් පමණට වැඩියි...!!

ඇල්ෆා ජිමින් ජන්කුක්ට සිදු උණු සිද්දිය හරි හැටි දැනගෙන ජන්කුක්වත් ටේහ්යොන්ග්වත් කැෆටේරියා එකේ තනිකර කලබලෙන් සෝල් යුනි එක පුරා දුවන්න උනේ අන් කාටත් වඩා යුන්මිගෙ හැඟීම් මෙන්ම ඇගෙ හිතුවක්කාරකම් වල තරමද හොද හැටි දැන උන් නිසාවෙන්.. පැය බාගයක පමණ මහන්සියකින් අනතුරුව යුනි එකේම වැඩි දෙනෙක් නොයන පාලු කොටසක තිබුණු පරණ වී ගිය බෙන්ච් එකක් මතට වී අහස දිහා බලමින් ඉන්නා යුන්මිව ඇල්ෆා සොයා ගත්තෙ ඒ හිතට සහනයක් එක් කරලා..

ඇල්ෆා ජිමින් ශබ්දයක් නොනැගෙන ලෙස ඔමේගව වෙතට ළං උනේ ඇයට පාඩුවෙ තම හැඟීම් පිට කරන්නට ඉඩහසර ලබා දෙමින්.. එහෙත් ක්‍රමයෙන් යුන්මි වෙත ළං වුණු ඇල්ෆා ජිමින් නම් දුටුවේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්..

තවමත් ලේ ගලන අත් වලින් ඔහේ වැටිලා හිටිය යුන්මිගෙ මුහුණෙත් ඒ ඇඳුම් පුරාත් තැනින් තැන ලේ පැල්ලම් තිබුණෙ ඇල්ෆාව තරමක් බය කරමින්.. බෙන්ච් එකට වෙලා ඇස් පියාගෙන හිටි ඇයගෙ ඇස් වලින් නොනවත්වාම කදුළු වැල් ගලා යන හැටි යුන්මි වෙතට ළං වුණු ඇල්ෆා ජිම්න්ට පැහදිලිව පෙනෙන්නට උනා.... ඔමේගාව මොනතරම් වේදනාවෙන් ඉන්නේ ඉන්නේ දැයි අමුතුවෙන් ඇල්ෆාට පැහැදිලි කරන්න අවශ්‍ය අවශ්‍ය නොවුනේ ඇයගේ මේ හැසිරීම ඇල්ෆා හට සාමාන්‍යයෙන් දකින සුපුරුදු හැසිරීමක් නොවූ නිසා.. මොන තරම් හිත් රිදවීම් සිදුවුණත් යුන්මි කියන්නෙම ඒ හැම ඒ හැම වේදනාවක්ම.. ඒ හැම හිත් රිදවීමක්ම තනිවම දරාගන්නට උත්සාහගන්නා ඔමේගාවෙක්..

සැබැවින්ම ඇය ඇල්ෆා ජිමින් දුටු ශක්තිමත්ම ඔමේගාවයි..!

එහෙත් අත් ඇය අද වේදනාවෙන්...

ලේසියකට කඳුළු නොගලන ඒ ඇස් අද කඳුළු වලින් තෙත් වෙලා...

ඉතින් ඇල්ෆා ජිමිනට කලබල වීමට මෙයම ප්‍රමාණවත් නොවේද...?

ඒ හැරත් යුන්මිගෙ අතින් ගලනා ඒ ලේ බිඳු ඇල්ෆාගෙ හිතට එක් කලෙ බයක්.. ඔමේගාව වෙතට ළං උණු ඇල්ෆා බෙන්ච් එකේ කොනින් යන්තමට තිබුණු ඉඩෙන් වාඩි උනේ බරට හුස්මක් හෙලමින්.. එහෙත් යුන්මි.. ඇය තවමත් පියා ගත් ඇස් වලින්ම නොනවත්වාම කදුළු වගුරමින් හිටියා.. ඇල්ෆා ජිමින්ගෙ පෙරමෝන ඔහු ආ බව යුන්මිට සැල කලත් ඇස් හැර බලන්නට හෝ උත්සාහ නොකර ඇය තවමත් ඒ ලෙසම නොසෙල්වී හිටියෙ ජිමින්ගේ ද හිතට වේදනාවක් එක් කරමින්..

"යුන්මියා.. .. වේගරේ....?(මොකද උනේ..?) වේ උරෝ...? (ඇයි අඩන්නෙ..?)"

යුන්මිගෙ ඇස් වලින් ගලන කදුළු තවදුරටත් බලාගෙන නිහඬව ඉන්නට ඇල්ෆා ජිමින්ට නොහැකි උණා.. ජිමින්ගෙ ඒ හඬත් එක්කම කඳුලු ආයෙම අලුත් කල යුන්මි ඇල්ෆාගෙ තුරුලට උණේ මුවින් ආ ඉකිය තව තවත් වැඩි වෙනකොට..

යුන්මි.. ඒ හිතුවක්කාරි මින්සුටත් වඩා කවදත් ළං උනේ ජිමින්ට.. සමහර විට ජිමින් තුළ සහෝදරයෙක්ගෙ රැකවරණය ආරක්ෂාව ඇයට දැනෙන්න ඇති.. සමහර විට ජිමින් යුන්මි මෙන්ම වුල්ෆ් කෙනෙක් නිසාම මින්සුටත් වඩා ඇය ගැන ඔහුට තේරුම් යන්න ඇති..

"යුන්මියා.. ඔයාට හොදටම විශ්වාසයි නේද ඒ එයාම කියලා...??"

විනාඩි ගණනාවකට පස්සෙ යුන්මිගෙ ඉකිය සෙමෙන් අඩු වෙනකොට ජිමින් හෙමින් එහෙත් සංසුන් කටහඩකින් අහන්නට උනේ යුන්මි පුදුමෙන් ඇල්ෆා දිහා බලන් ඉන්නකොට..

"පබෝයා.. පුදුම වෙන්න දෙයක් නෑ.. මටයි මින්සුටයි ඔයාව ඕනවටත් වඩා තේරුම් ගන්න පුලුවන් යුන්මි... අරස්සෝ...?"

ඇල්ෆා ජිමින් යුන්මිගෙ ඔළුව අතගාලා කියනකොට ජිමින්ගෙ තුරුලෙන් අයින් උණු යුන්මි පොඩි දරුවෙක් වගෙ කදුළු පිහිදමින් හිනා උනේ ඇල්ෆගෙ මුහුණටත් මදහසක් එක් කරලා..

'ඔයා තාම පොඩි දරුවෙක් වගෙ යුන්මි.. ඔයාගෙ ජීවිතේ වෙන දේවල් කොහොම දරා ගන්නවද කියල මට තාමත් පුදුමයි.. පිටින් පේන ඔය හිතුවක්කාරකම් වල ඇතුලෙන් තියෙන අහින්සකකම ජන්කුක්ටත් තේරුම් ගන්න පුලුවන් උනා නම්...'

යුන්මි දිහාම බලාගෙන හිතපු ඇල්ෆා ජිමින් ලොකු හුස්මක් අරගත්තෙ යුන්මිගෙන් අහන්න ප්‍රශ්න බොහොමයක් මේ වෙනකොටත් ඔහුගෙ හිත ඇතුලෙ තිබුණු නිසා..

"ඒ ඔයාගෙ මේට් කියල ඔයාට විශ්වාසද යුන්මි.. මන් අහන්නෙ ඇල්ෆා ජන්කුක් ගැන..??"

ඇල්ෆා ජිමින් අවසානයේ යුන්මිගෙන් ඒ ගැන අහන්න හිතුවෙ කෙසේ හෝ මොවුන් දෙදෙනා එක් කිරීමේ අරමුණ අතුවයි.. එහෙත් එය හිතන තරම් පහසු දෙයක් නොවන බව ඇල්ෆාගෙ හිත ඔහුටම කියන්නට උනේ මේ මුරන්ඩු හිතුවක්කාරි තවමත් ඇය වුල්ෆ් කෙනෙකු බව මුළු Moon valley පැක් එකෙන්ම සඟවා සිටිමට උත්සාහ කරන නිසාවෙන්..

"ජිමින්.. ඒක එහෙම උනත් තේරුමක් නෑ නේද..? මම නාකි පැක් ඇල්ෆෙක්ට මාක් කරන්න නියම උණු අවාසනාවන්ත ඔමේගාවෙක්..? මේට් කෙනෙක්ගෙන් මට දැන් ඇති වැඩක් නැහැ..."

ඔමේගාවගේ වචන හමුවේ ඇල්ෆා ජිමින්ට හීල්ලුනේ ඉබේමයි.. ඔහුට යුන්මි ගැන අනුකම්පාවක්, දුකක් නොදැනුනාම නොවෙයි.. එහෙත් තමාට කළ හැක්කක් නොවූයෙන් මේ ආකාරයෙන් හෝ ඇයව Moon valleyහි ආරක්ෂිතව තැබීමට ඔහු තිරණේ කලේ එබැවිනි..

"යුන්මියා... පැක් ඇල්ෆාව හොයා ගත්තද...?"

තමන්ගෙ හිතේ තිබුණු අනෙක් ප්‍රශ්න‍යත් යුන්මිගෙන් විමසූ ඇල්ෆා ජිමින්ට දැක ගන්න ලැබුනේ යුන්මිගෙන් තමා අපේක්ෂා කල යහපත් පිලිතුරක් නම් නොවේ.. ඇල්ෆා ඇසූ පැනයට තොලත් පිට පෙරලමින් ඔලුව වැනූ යුන්මි දෙසත් තවමත් ලේ ගලමින් තිබෙනා තුවාලය දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ඇල්ෆා ජිමින් තවදුරටත් ප්‍රශ්න නොඅසා ඇයවත් ඇදගෙනම යන්නට උනේ බෙහෙත් කරලීමටයි..

එහෙත්.. අවසන... බෙහෙත් දැමීමට කිසිසේත් අකමැති උණු මේ හිතුවක්කාර ඔමේගාවට කල හැකි වුයේ මුහුණත් හකුළුවාගෙනම ඇල්ෆා පසුපස යාමම පමණයි...!

.
.
.
.

හවස් වන විට ඇල්ෆා ජිමින් බලෙන්ම රැගෙන ගොස් බෙහෙත් දැමූවත් යුන්මිගෙ අතෙන් ආ වේදනාව එන්න එන්නම වැඩි වූ නිසාත් ජන්කුක්ගේ සිද්දිය හේතුවෙන් හිත් වේදනාවෙන් හිටි යුන්මි වෙනදාටත් කලින් සෝල් යුනි එකෙන් නැවත පැක් එකට ආවෙ ටේහ්යොන්ග්ටත්වත් නොකියා.. සිද්ද උණු දේවල් නිසා නොසෑහෙන්න හිත් රිද්දන් හිටි යුන්මිට ඕනෑ වෙලා තිබුණෙ ටික වේලාවකට හෝ තනිවීමටයි..

‍යුන්මි මැන්ශන් එකට එන විටත් එහි කිසිවෙකු නොසිටි නිසා යුන්මිට දැනුණෙ තරමක සහනයක්.. තවමත් ඇල්ෆා ජින් සෝල් යුනි එකේ ඇල්ෆා ජන්කුක් වගෙම ඇල්ෆා ටේහ්යොන්ග් එක්ක දේශනවල නිරත වෙන බවත් ඔවුන් නැවත පැමිණිමට හවස් වන බවත් දන්නා යුන්මි සැනසුම් සුසුමක් හෙළුවෙ ඇල්ෆා නම්ජුන් වගේම ඔමේගා නෝරත් මැන්ෂන් එක තුළ නොමැති බව සැක හැර දැනගත් විටයි...

යුන්මි living room එක තුල හෝ නැවතීමට කාලය වැය නොකර කෙලින්ම තම කාමරය වෙත ගියේ පැය දෙක තුනකට හෝ කරදරකාර පර්ෆියුම් එක නොමැතිව තමාට ගත කළ හැකි බවට දැනුණු සතුටත් එක්කම.. සැබැවින්ම මේ තරම් කල් බොහොම අපහසුවෙන් දරාගෙන හිටියත් ඇල්ෆා ජිමින් ලබා දුන් පෙරමෝන සුවඳ වළකන ඒ පර්ෆියුම් වලින් හමනා සැර සුවඳ දරා ගැනීමට යුන්මිට බොහොමයක් අපහසුව තිබුණෙ සමහර දිනවලදි ඈ හට නොනවතින දරුණු හිසේ කැක්කුම් පවා ඇති කරමින්.. සත්‍යවශයෙන්ම එම පර්ෆියුම් එක මඟින් අප්‍රසන්න සුවඳක් වහනය නොවුනත් එම දරා ගත නොහැකි සැර සුවඳ ඇය කවදත් පිලිකුල් කලා..

තමාගේ අවාසනාවන්ත දෛවය නොතිබෙන්න යුන්මි මෙවැනි කරදරකාර පර්ෆියුම් එකක් දිහා හැරිලා වත් නොබලන්න ඉඩ තිබුණා..

එහෙත් ඈ හට වෙන කළ හැකි යමක් නොතිබුණා..!

තමාවම අනතුරේ හෙලා විඳවීමට වඩා අපහසුවෙන් හෝ ඒ අප්‍රසන්න පර්ෆියුම් සුවඳ දරා ගැනීමට යුන්මි කටයුතු කලේ එනිසාවෙන්..

සැබැවින්ම ඇය සාදාරනයි...!

ඔමේගාවගේ දෛවය එතරම්ම ඛේදජනක වූවක් වූයේ ලූනාට පවා ඇය ගැන අනුකම්පාවක් උපදිනා අයුරිනි...

අසරණ යුන්මි...!!

තමා නිතර දෙවේලේ අපහාස කරනා දෝෂාරෝපණය කරනා මහලු පැක් ඇල්ෆාවෙක් යැයි විශ්වාස කරන්නා ඇගේම හිත ගත් ඒ මුරණ්ඩු ඇල්ෆා ජොන් ජන්කුක් බව කවදා නම් දැන ගනීවි ද...?

කලකට පසුව දැනුණු හිත පිරිලා තිබුණු ඒ නිදහස් හැඟීමෙන්ම තම කාමරය වෙත ගිය යුන්මි සියලු ඇදුම් උනා දමා කාමරේම පසෙකින් තිබූ නාන කාමරය වෙත ගියේ සිත්සේ නා ගැනීමටයි.. සැබැවින්ම නෑමව වඩා ඈ හට කල්පනා කිරීමට නම් බොහෝ දේ තිබුණි.. පැයකට පමණ කලින් තමාව ඇල්ෆා ජිමින් බලහත්කාරෙන් ඇදගෙන ගොස් නුහුරට දැමූ බෙහෙත් සහිත ග්‍රෝස් කැබලිත් ප්ලාස්ටරත් දිහා දිව ඇද කරමින් බැලූ යුන්මි ඒවාද ඉවත් කරන්නට උනේ සදරම් සිනහවක් මුව තුළ රඳවාගෙනය..

"ප්ෆ්ෆ්ට්... කොමෙට් ඇල්ෆා පාර්ක් ජිමින්..! කරන්න බැරි වැඩ මොකට කරනවද මන්දා.. පන්ඩිතයා...!!"

ඔමේගාව සිනහ වෙමින් කියන්නට උනා.. ඇගේ රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳ එන්න එන්නම මිහිරි වූයේ ඇගේ හිතේ ඇතිව තිබෙනා සැහැල්ලුවත් සතුටත් අන් හැමෝටම පෙන්වන්‍නට වගේ...

ඔව් ඔමේගාව සතුටින්..!

ඇගේ රෝස මිශ්‍ර ලැවැන්ඩර් පෙරමෝන සුවඳ එන්න එන්නම මිහිරි වන්නටත් තීව්‍ර වන්නටත් වූයේ හදිසියේ මතක් උණු ජිමින්ගේත් මින්සුගේත් ඒ සතුටු හිතෙන මතක නැවත ඒ හිතට ගලාගෙන එන්නට වූ නිසාවෙන්..

එහෙත්...

ඇය නොදන්නා එක විශෙෂ දෙයක් ඇගේ කාමරෙන් පිටත මේ වෙනකොටත් සිදුවෙමින් තිබුණා..

නොහිතූ පරිදි ජිනාගේ කරදර නිසාම හවස තිබෙන දේශන පවා මඟහරිමින් ඇල්ෆා ජොන් හදිසියේම මැන්ශන් එක වෙත පිය නඟමින් සිටියා..!!

..................................................................................................................................................................

ආහ් මගෙ ශෝට් එපිමේනියාව බොහෝ දුරට අඩුවෙලා වගෙ අද 😂🙈💗

Continuer la Lecture

Vous Aimerez Aussi

228K 13.1K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
948K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK
488K 66.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...