තඑඅත් ඉවසගෙන ඉන්න බැරි නිසා මමත් බිම තිබ්බ ෆෝන් එක මගෙ අතට ගත්තෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න...
ඒත් ඒකෙ.... ඒකෙ තිබ්බ දෙයින් මට ... ඒකේ තිබ්බේ...😭😭😭
Tae : මේක වෙන්න බෑ.... මේ අනූ නෙවෙයි.
මට එක පාරට කෑ ගැහුණා . මං එහෙම්මම බිම ඉදගත්තෙ මට කරන්න්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරි උණ නිසා .
Jk : මේක වෙන්න බෑ... කව්ද මේක එව්වෙහ්...
Jimin : උන් කොහොමද මෙහෙම කරන්නෙහ්....
මං මොකුත් නොකියා එහෙම්මම ඉදගෙන ඔහේ බලාගෙන හිටියා.... හැමෝම කෑ ගගහා අඩනවා ඇර කිසි දෙයක් කළේ නෑ. ..
Tae : ඕක නවත්තලා බලමු ඒ අනූමද කියලා...
Joon : තවත් මොනාද ටේ බලන්නෙ...
Tae : ඒත් එහෙම නෙවේනම්... එයා ඉන්නවා කියලා මට විශ්වාසයි හ්‍යුන්... අනේ...
මං එහෙම කෑ ගහන ගමන් ගිහින් මගේ හ්‍යුන්ගෙ උරහිසට හේත්තු උණා.
පසුවදා--------------
මං උදේ නැගිට්ටෙ කලින් දවසෙ උණ දේ හීනයක් උණානම් කියලා හිතගෙන . ඒත් මගෙ මූණට වැටුණ ඉර එළිය නිසා මං ඇස් දෙක ලාවට ඇරලා බැලුවා . කට්ටියම අඩලා අඩලා වැටුණු වැටුණු තැන නිදි ... මමත් තාම ඉන්නෙ මගෙ හ්‍යුන්ගෙ උරහිසට හේත්තු වෙලා . මං හිමීට නැගිටලා ගිහින් ජනෙල් වල කර්ට්න්ස් ඈත් කළේ අනිත් අයවත් නැගිට්ටවන්න. මට ඇඩෙන්න ආවත් මං ඒ කදුළු හිර කරගෙන හිටියෙ අනිත් අය නිසා . මං කර්ට්න්ස් අයින් කළාම අනිත් අයත් හිමීට නැගිට්ටා . මට කරන්නෙ මොකක්ද , හැසිරෙන්නෙ කොහොමද කියලවත් හිතා ගන්න බැරුව හිටියෙ . මට වඩා යුන්ගි හ්‍යුන්ට දුකයි . ඒත් එයා ඒක වහගෙන නිදන් හිටපු තැනින් නැගිටලා කෙළින්ම රූම් එකට ගියා . කෙල්ලො තුන්දෙනා අඩන එක නවත්තන්න කාටවත් බැරි උණා . ඒ අස්සෙ අපේ ගැන්ග් එකේ හැම ලස්සන මතකයක්ම මට මැවි මැවී පෙණුණා . මට තවත් දරාගෙන ඉන්න බැරි තැන මං කාර් එකත් අරගෙන මගේ ඩ්‍රොම් එකට ආවා .
එදා ඉදන් මං දවස් තුනක් යනකන් මගෙ රූම් එකෙන් එළියට ආවෙ නෑ. කන්න බොන්නවත් එළියට ආවෙ නෑ . හ්‍යුන්ගෙ කටේ බලේට මං අද මෙහෙම ඉන්නවා . එදායින් පස්සෙ අපේ මාෆියා ඔක්කොම නැවැත්තුවේ යුන්ගි හයුන් අපිට ඒක නතර කරන්න කියපු නිසා...
අපි මුලින්ම අකමැති උණත් හ්‍යුන්ග්ලා ඔක්කොමලා පස්සෙ අපිට බල කළා. අනූට උන දේ ආපහු කාටවත් වෙන්න දෙන්න බැරි නිසා අපි අපේ මාෆියා නැවැත්තුවා.
________________________________
මම ආපහු ඒ මතකෙන් මිදුණෙ මට කෝල් එකක් ආව නිසා . මං ඒ කෝල් එක කට් කරලා ආපහු පාරක් බැලුවෙ මං ගෙනාපු සුදු පාට ලිලී මල් පොකුර දිහා .
"ලස්සනයි................😔 "
මං සාමාන්‍යයෙන් මෙතනට ආවහම පැය ගානක් ඉදලා යන්නෙ . ඒත් අද විශේෂ මීටින්ග් එකක් තිබ්බ නිසා මට වැඩි වෙලාවක් අනූ ළගට වෙලා ඉන්න හම්බුණේ නෑ. ආපහු අනූගෙ සොහොන උඩින් අතක් තියල ටික වෙලාවක් බලං හිටියෙ එයා දිහා . පස්සෙ මං නැගිටලා එතනින් ආවෙ ඔෆිස් එකට යන්න.
එදා හ්‍යුන්ග්ලාගෙ කීමට අපි මාෆියා නවත්තලා දැම්මා. මාත් දැන් දවස් දෙක තුනකට කලින් මගෙ හ්‍යුන්ගෙ කීමට එයා එක්ක ඔෆිස් එකේ වැඩ වලට සම්බන්ධ උණා . කෙල්ලො තුන් දෙනත් එයාලගෙ ඔප්පලා එක්ක කම්පැනිස් වල වැඩ බලා ගන්නවා . ජිමිනුයි ජන්කුකුයිත් එයාලගෙ අප්පලා එක්ක එයාලගෙ කම්පැනි බලා ගන්නවා . අනූ නැති වුණාට පස්සෙ මේ පොඩි කාළෙ ඇතුළත අපි හත් දෙනාගෙ ජීවිත සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරුණා . එදා අපේ අත්වල තිබ්බෙ ගන්ස් , බ්ලේඩ්ස් නැත්නම් වෙනත් ආයුධ . ඒත් අද , අද තියෙන්නෙ පෑන් , පොත් , ඩොකියුමන්ට්ස් . අපේ BB ගැන්ග් එකේ හත් දෙනා තාම ජිවත් උණේ ශොක් වෙලා වගේ . අඩු ගානෙ අපි එදායින් පස්සෙ හිණා වුණේ වත් නැති තරම් . අපිට හිනා ගියත් හැමෝම හිත ඇතුළෙන් ඊට වඩා සිය දහස් පාරක් අඩනවා.
එහෙම හිත හිත එන කොට මං කම්පැනි එක ළගට ආවා කියලා මට වත් දැනුනෙ නෑ. ඉක්මනින් කාර් එක පාක් කරලා මීටින්ග් රූම් එකට දුවග්‍ර්න ගියේ ඒ වෙද්දිත් විනාඩි දහයක් මං පරක්කු නිසා. මං දොරත් ඇර ගෙන ඇතුළට එනකොට හැමෝම නැගිටලා මට ආචාර කරද්දි මමත් බොරු හිණාවක් දාගෙන ගිහින් ඉද ගත්තා. මට නම් මේ ලෝකෙට පේන්න බොරුවට හිණා වෙන එක එපා වෙලා තිබ්බෙ . ගොඩක් වෙලාවට මං ඔෆිස් ආවත් කරන්නෙ කැබින් එකට වෙලා කල්පනා කරන එක ....
End Tae's pov 😔........
Nisu : හෙලෝ ඒහා.... මං අද යනවා සෙම්ට්‍රරි එකට . එනවද ඔයා. ලකිත් එනවා කිව්වා......
Eha : හරි මං එන්නම්... තව පැයකින් මීට් වෙමු...
එදා ඔෆිස් එකෙන් කලින් ඇවිල්ලා අපි තුන් දෙනාම ගියේ සෙම්ට්‍රරි එකට . මල් බොකී එකකුත් අරගෙන තුන් දෙනාම අනූගෙ සොහොන් කොත ගාවට ඇවිදගෙන ගියා . අපි තුන් දෙනාගෙම කටෙන් එක වචනයක් වත් පිට වුණේ නෑ . කොච්චර හිත හයිය කරග්‍ර්න එතනට ආවත් අපිට කවදාවත් ආපු විදිහට යන්න පුළුවන් වෙලා නෑ...
Laki : ටේහ්‍යුන් අදත් ඇවිල්ලා...
Nisu : ඔව්... එයා තමා ලිලී මල් ගේන්නෙ.
Eha : හ්ම්ම්... පව් ටේහ්‍යුන් ...
එතන තිබ්බ ලිලී මල් පොකුර ගෙනල්ලා තියෙන්නෙ ටේ කියලා අපිට අදුන ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. අපි ගෙනාපු මල් බොකි එකත් එතන තියලා අපි තුන් දෙනාම අනූ ඉස්සරහ දණ ගහගෙන ගොඩක් වෙලා ඇඩුවා . ඇත්තටම අපේ ගැන්ග් එකේ කෙනෙක් මෙහෙම ඉන්න එක අපි කාටවත් දරා ගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. යුන්ගි ඔප්පා එදා ඉදන් වැඩි කතා බහක් නෑ . ටේහ්‍යුන් ජීවත් උණේ මළ කදක් වගේ .
Eha : ඇ...ඇයි අනු උඹ ගියේහ්...
Nisu : අඩු ගානෙ කව්ද උඹට මේක කළේ කියලවත් අපි දන්නෙ නෑ. සමාවෙන්න අනූ අපි උන්ව අතෑරපු එකට...
Laki : එහෙම කළේ ඔප්පලා කියපු නිසා අනූ....
වෙනදා වගේම හුග වෙලාවක් අනූ එක්ක කතා කර කර හිටියා . ඇත්තටම කතා කළා නෙවේ . අපි තුන්දෙනා කතා කළා . ඒත් ඒවට උත්තර හම්බුණේ නෑ. මොකද අනූ නෑනෙ... 😭
Tae's pov...
අද මීටින්ග් එක ඉවර වෙලා මං කැබින් එකට ආවහම මට නිසූ ගෙන් කෝල් එකක් ආවා.
Nisu : ටේහ්‍යුන් ...
Tae : කියන්න නිසූ..
Nisu : ජන්ග්කුක් ට පණිවිඩයක් කියනවද... එයා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ...
Tae : හරි මං කියන්නම් නිසූ...
Nisu : අපි අද අනූව බලන්න යනවා... ඒ නිසා ජන්කුක්ට කියන්න මාව ගන්න එන්න එපා කියලා...
Tae : හරි නිසු මං කියන්නම්...
Nisu : හරි තෑන්ක්ස් ටේහ්‍යුන් . බායි..
Tae : බායි...
නිසූ කියන්න කියපු පණිවිඩේ ජන්කුක්ගෙ සෙක්‍රටරිට කියලා මං ඔෆිස් එකෙන් එළියට ආවා . මං කාර් එකත් ස්ටාට් කරගෙන ගියේ බීච් සයිඩ් එකට . ඔව් , අන්තිමට අනූ හිටපු තැන . අපිට එයාව බේර ගන්න බැරි උණ තැන. එදා අපි එයාට තනියම යන්න දුන්නෙ නැත්නම් අදත් එයා අපි ළග ඉන්නවාහ්...
බීච් සයිඩ් එකට ගිහිල්ලා කාර් එක නතර කරලා මං මුහුද පැත්තට ඇවිදගෙන ගියා . සීත කාළෙ නිසා කවෘත් එතන හිටියෙ නෑ . හිම වැටෙන්නත් කාලෙ හරි...
ඇත්තටම මං හිටපු තත්වෙ එක්ක මට සීතලක් දැණුනෙ නෑ. මං ගිහින් වෙරළෙන් ඉදගෙන කල්පනා කළේ මොනා කරන්නද කියලා....
කල්පනා කර කර කෙළවරක් නැති මුහුද දිහා බලාගෙන ඉන්නකොට මට දැනුනෙ මගෙ කම්මුල් වලට සීතල මොනා හරි වැටෙනවා. මං මගේ අතින් කම්මුල පිහදාලා බැලුවා . වතුර ? මං එහෙම හිතාගෙන මගෙ ඇස් ගෙනිච්චෙ අහස දිහාවට....
"හිම වැටෙනවා..... හ්ම්.... එදා එහෙම නොව්නනම් මේ වෙලාවෙ ඔයත් මෙතන ඉදී , මාත් එක්කම . මගෙ එහා පැත්තෙන් ....😭😭😭"
සීතල වැඩි වේගෙන එන නිසා මං ඉදන් හිටපු තැනින් නැගිටලා ආපහු හිමීට අඩි තිබ්බෙ මගේ කාර් එක දිහාවට . හිමීට ගිහින් කාර් එකට නැගලා මං ඩ්‍රොම් එකට යන්න පිටත් උණා. ඒත් මට හ්‍යුන් කෝල් කරපු නිසා මං ෆෝන් එක ආන්සර් කළා...
Tae : හ්‍යුන්...
Jin : යා...... ටේහ්‍යුනා.. කොහෙද හිටියෙ . මං කීපාරක් ගත්තද...
Tae : අනේ සොරි හ්‍යුන් වැඩක් හිටියෙ...
Jin : හා හා... මේ එනගමන් ඩින්‍ර් එකට මොනා හරි ගෙන්න ටේ... මාත් මේ දැන් තමා ඩ්‍රොම් එකට ආවෙ . උයන්න කම්මැලී...
Tae : හරි හ්‍යුන්... මං ගේන්නම්... බායි
Jin : බායි...
මං ආපහු සෝල් ටව්න් එක පැත්තට කාර් එක ඩ්‍රයිව් කළේ අපි දෙන්නට රෑට කන්න මොන හරි ගන්න . මං කාර් එක පාක් කරලා පාරත් පැනලා රෙස්ටුරන්ට් එකට ගියා . මේ වෙලාවට සෝල් වල සෙනග පුදුම විදිහට . මං අපි දෙන්නට කන්න කෑම දෙකකුත් අරගෙන ආපහු රෙස්ටුරන්ට් එකෙන් එළියට ඇවිල්ලා පාර පනින තැනට ඇවිදගෙන ගියා . ඒත් එක පාරටම කව්ද මං දන්නෙ නෑ කෙල්ලෙක් ඇවිල්ලා මගෙ ඇගේ හැප්පුණ පාර මගෙ අතේ තිබ්බ කෑම එකක් බිමට වැටුණා.
මං ඒ කෙල්ල දිහා බලන්නෙවත් නැතුව කාර් එකටම ආවෙ ආපහු රෙස්ටුරන්ට් එකට යන්න බෑ කියලා හිතුණ නිසා. මං ඒ කෙල්ලව ගනන් ගන්නෙ නැතුව එයාව පහු කරගෙන ටිකක් ඉස්සරහට එනකොට මට ඇහුණා එයා කෑ ගහලා මගෙන් සමාව ඉල්ලනවා....
"ඒ හලෝ... සොරි හොදේ..... මේ..."
මට... ඒ කටහඩ හොදට පුරුදුයි...
"අනූ....😨"
මං එහෙම හිතලා ආපහු එහා පැත්ත හැරුණේ මට ඒ අනූ මයි කියලා හිතුණ නිසා . ඒත් මං ඒ පැත්ත බලද්දි එයා එතන හිටියෙ නෑ . මං එතන ඇස් කරකව කරකව හෙව්වත් මේ සෙනග අස්සෙ මගෙ මහන්සිය බොරුවක් වෙලා ගියා...
මං ඉක්මනින් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර එනකොට හ්‍යුන් මග බලාගෙන හිටියා .
Jin : අම්මෝ බං ... බඩගින්නෙ හිටියෙ මං..
Tae : අහ්.. සොරි ට්‍රැෆික් හ්‍යුන් .. ඒකයි.. ආ කන්න..
එහෙම කියලා මං හ්‍යුන් ට කෑම එක දීලා රූම් එකට යන්න යනකොටම..
Jin : ඇයි ඔයා කන්නෙ නැද්ද...?
Tae : මං කෑවා හ්‍යුන්...
අර කෙල්ල අතින් එක කෑම එකක් වැටුණ නිසා මං ඉතුරු කෑම එක හ්‍යුන්ට දීලා මං කෑවා කියලා බොරුවක් කිව්වා. ඇත්තටම එවෙලෙ උණ දේ නිසා මගෙ මුළු ඔළුවම කලබල වෙලා තිබ්බෙ..
වොශ් එකක් දාගෙන මං ඇදට වැටුණෙ මොකද්ද ඒ උණේ කියලා ආපහු ආපහු කල්පනා කරන ගමන්..
" කව්ද ඒ... අනූද... නෑ නෑ වෙන්න බෑ . එයා.... ඒත් අනූ කවදාවත් අපිට බොරු කරන්නෙ නෑ...."
එහෙම්මම මං නින්දට වැටුණෙ එදා තිබ්බ සීතලත් එක්ක ගුලිවෙලා.
________________________________
ඉවරායි....
අඩේ මට සෑඩ් චැප්ටර්ස් වැඩිය ලියම්න තේරෙම්නෑ...
ගුමාවො...❄❄❄❄❄
ඔන්න කොරියා වලටනම් සීත කාලෙ පටන් අරං ළමයි...❄