STILL WITH YOU | JJK AU | ✔️

By A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... More

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

chapter 07

926 251 95
By A_Shee1

Still With You ( Fan Fiction Only )
_Chapter 07_

____________________________________

이 에어컨 소리 이거라도 없으면
나 정말 무너질 것 같아

I eeokeon sori Igeorado eopseumyeon
Na jeongmal muneojil geot gata

The low-pitched sound of this air conditioner
If I don't have this, I will fall apart

වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය නොමැති වුනා නම්
මම කඩා වැටෙන්නට ඉඩ තිබුනා

____________________________________

" ඔයා ඩිනර් ගන්න.. මන් ටිකකට එලියට යනවා.."

" ......"

" මන් එනකල් බලන් ඉන්නෙපා.."

ජන්කුක් කිව්වෙ කවමදාවත් සිදු නොවන දෙයක්. මොකද විවාහ වුන දවසෙ ඉදන් සේහිට ජන්කුක් රෑට රූම් එකට එනකල් නින්දට ගියෙ නැහැ. ඇය නිදා ගත්තෙ සෝෆා එකේ වුනත් සේහිට තමන්ගෙ සැමියා එන්න කලින් නින්දට යන්න හිත දුන්නෙ නැහැ.

එහෙම කියලා පිට කබායත් පැලදගෙන ජන්කුක් කාමරයෙන් එලියට බැස්සා. ඒ ඇත්තටම ජොන් ජන්කුක්ගෙ නිවස. ජන්කුක් ඒක ඉදිකරලා තිබුනෙ ඔහු පවුද්ගලිකව ව්‍යාපාරයෙන් ලබා ගත්තු ලාබ වලින්. අන්න ඒ නිසා ඒකෙ තනි අයිතිය ලියවිලා තිබුනෙ එයාගෙ නමට. ඒක නිවසක් වුනත් හරියට දිස් වුනේ අධි සුඛෝපභෝගී මන්දිරයක් විදිහට. කෙලින්ම කිව්වොත් ඒක දෙවෙනි වුනේ ජේජු දූපතේ පිහිටලා තිබුන තරු පහේ සුපිරි හෝටල් සංකීර්න හයකට විතරයි.

තමන්ගෙ නිවස වුනත් ජන්කුක් ඒකෙ ජීවත් වුනේ නැති වෙන්න හේතු කිහිපයක් තිබුනා. විශේශම හේතුව වුනේ එයාලගෙ ව්‍යාපාර. ඒ ව්‍යාපාර වල මූලස්ථානය තිබුනෙ සෝල් වල නිසා ඔෆිස් යන්න පහසුවට තමයි ජන්කුක් සෝල් වල ජොන් පැලස් එකේ ජීවත් වුනේ. ඒකෙත්  තෙවෙනි මහලම ඔහුගෙම වෙද්දි කිසිම අඩුවක් තිබුනෙ නැති නිසා පහසුකම් ගැන වද වෙන්න කිසිම කරුණක් ජන්කුක්ට තිබුනෙ නැහැ. ඒ වගේම ජන්කුක් කැමති වුනේ ජේජු වගේ නිදහස් පලාත් වලට නෙවෙයි. සෝල් වගේ කාර්යයබහුල ප්‍රදේශ වලට. හදිසියෙන් ව්‍යාපාර ගමනකට සහබාගී වෙන වෙලාවකට ඇරෙන්න ජන්කුක් පවුද්ගලික උවමනාවකට ජේජු පැලස් එකට ආවෙ මාස කිහිපයකට සැරයක් විතරයි.

ජේජු දූපතටත් ඒ උදා වෙලා තිබුනෙ වසන්ත කාලය. හවසට යන්තමින් පොදයක් එක්ක හිරු එලිය නැතිවෙලා යද්දි මුහුදු වෙරලෙන් එන හුලග. ඇත්තටම ඒ සනීපය කාටවත්ම වචනෙන් විස්තර කරන්න බැහැ. එච්චරටම සවුම්‍ය පරිසරයක් ඒ. කොහොම වුනත් ජොන් ජන්කුක් ඒ පරිසරයට කැමති වුනේ නැත්නම් බලෙන් පරිසයකට ආස කරවන්න බැහැනේ.

~~~~~~~~~~

ජන්කුක් ගෙදරින් පිටවෙලා හෝරාවකට ආසන්න වෙන්නත් ගියා. සේහි තාමත් හිටියෙ ආපු විදිහටමයි. ඇයගෙ නලලෙන් ආපු පොඩි වේදනාව නිසා එයාට කෝමත් ඇදෙන් නැගිටින්න ඕනි කමක් තිබුනෙ නැහැ. ඒ වුනත් ටික වෙලාවක් යද්දි සේහිටත් කම්මැලි හිතුනා. ජොන් ජන්කුක්ගෙ බිරිද වුනාට අඩුම තරමෙ ඇන ඇන ඉන්න ෆෝන් එකක්වත් ඇය ලග තිබුනෙ නැහැ. ජොන් ජන්කුක්ගෙ බිරිද වුනා කියලා ඒ වත්කම් කොහොමත් තමන්ට ලැබෙන්නෙ නෑනෙ. සේහිට ඒ ගැන මතක් වෙලා තනියම හිනා ගියා.

හිමීට ඇදෙන් බැහැපු සේහි අලස ගමනෙන් කන්නාඩිය ඉස්සරහට ආවා. ඔව්.. 'මන් ලස්සනයි..' සේහිට හිතුනා. ඉස්සර තිබුන තද පාට නැතිවෙලා ගිහින් එන්න එන්නම හමේ පාට ලස්සන වෙන්න පටන් අරන් තිබ්බා කියලා සේහිට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුලුවන් වුනා. කොන්ඩෙ එහෙන් මෙහෙන් පීර ගත්තු සේහි දිග ට්‍රවුසර් එකක් එක්ක අත් කොට ටී ශර්ට් එකක් ඇදගත්තෙ එලියට යනවා කියලා හිතාගෙන.

සේහි ඇයගෙ පර්ස් එක අරගෙන දිග ඇරියා. ජොන් ජන්කුක් තරම් නම් පෝසත් නෑ තමයි. ඒ වුනත් සේහි කියන්නෙත් කොරියාවෙ විදිහට අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුලුවන් කමක් තිබිලත් සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක්. අන්න ඒ නිසාම ගනන් කරලා ඉවර කරන්න බැරි පවුද්ගලික වත්කමක් සේහි ලගත් තිබුනා. අනේ මන්දා.. සමහර විට ජන්කුක් ඒ ගැන දැනගෙන ඉන්න නැතුව ඇති. තමන්ගෙ බිරිද කියන්නෙ කවුද කියලවත් හරියට දන්නැති කෙනෙක් ඇයගෙ වත්කම දැනගෙන ඉදීයැ..

A/N:) ඔයාලා කාටවත් තාම බැරිවුනා සේහිගෙ ප්‍රොෆෙශන් එක ගෙස් කරන්න..

සේහි හෙමීට කාමරේ දොර ඇරගෙන ඔලුව විතරක් එලියට දැම්මා. කවුරුත් පේන්න හිටියෙ නම් නෑ. ඒ නිසා පිට කබායත් අතින් අරගෙන ඇය එලියට ආවා.

" පොඩි මැඩම්..?"

කිසිම කෙනෙක් නොදැක කටහඩක් විතරක් ඇහෙද්දි සේහි බය වුන පාර ක්ලාන්තෙ නොදැම්ම එක නම් සෑහෙන්න පුදුමයක්. කොහොම වුනත් සේහි නැවතුනා අඩි ගානක් විසික් වෙලා ගිහින්.

" හා.. හායි.."

" පොඩි මැඩම් කොහෙ හරි යන්නද..?" එයා ලස්සන වුනත් විඩාබර හිනාවක් තියෙන අජුම්මා කෙනෙක්.

" ආ.. මේ.. මන්.. ආ.. මන් මේ පොඩ්ඩක් එලියට ආවා. ඇතුලට වෙලා ඉන්න කම්මැලියි.."

" හනේ.. ඒක නම් ඇත්ත.. පොඩි බේබි එලියට ගියානෙ.. මැඩම්ට පාලු ඇති.."

ඒ කතාවට නම් සේහිට දුක හිතුනා.. පාලුයි.. ඔව්.. ඇත්තටම ජන්කුක් නැතුව සේහිට පාලුයි.

" මැඩම් බීච් එක පැත්තට ගිහින් ඇවිදලා එන්නකො.. ගොඩක් ලස්සනයි ඒ පැත්ත.."

" අහ් අජුම්මා.. මන් එලියට යන්නත් එක්ක තමයි ආවෙ.."

" හොදයි මැඩම්.. මන් රෑට කෑම ලෑස්ති කරලා තියන්නම්.."

" ආහ්.. ජන්කුක්ශී කෑමට එනවා කීවද අජුම්මා..?"

" නෑ නෑ මැඩම්.. මැඩම්ට දෙන්න කියලා කිව්වෙ.. පොඩි බේබි එලියෙන් කනවා කිව්වෙ.."

සේහිගෙ උද්‍යෝගමත් බව එකපාරටම නැති වෙලා ගියා.

" එහෙම නම් මාත් එලියෙන් කන්නම් අජුම්මා.. අජුම්මා මහන්සි වෙන්න ඕනි නෑ.."

" මොන මහන්සියක්ද මැඩම්.. මාසෙකට සැරයිනෙ බේබිලා මෙහෙ එන්නෙ.."

" අහ්.. කමක් නෑ අජුම්මා.. මාත් එලියෙන් කාලා එන්නම්කො.. අජුම්මා විතරයිද ඉන්නෙ.. මන් අජුම්මටත් කෑම ගේන්නම්.."

" අනේ මැඩම්.."

" හපොයි.. මැඩම් මැඩම් ගාන එක නවත්තන්නකෝ.. කියන්න.. අජුම්මා විතරද ඉන්නෙ..?"

" තව ගෑනු දරුවෙක් ඉන්නවා මැඩම්.."

" හරේ.. ඒනම් මන් කෑම ගේන්නම්කෝ.. කන්නැතුව ඉන්න හොදද.. ආ තව දෙයක්.. මන් ආපහු එද්දි මැඩම් කෑල්ල අමතක කරන්න අජුම්මේ.."

සේහි එහෙම කියාගෙන එලියට දිව්වා. බැරිවෙලාවත් සේහි පරන ජීවිතයට ගිහින්ද..?

" පරිස්සමෙන් මැඩම්.." ඒ වචන දෙක ඇහෙද්දිත් සේහි හිටියෙ ජේජු පැලස් එකෙන් අඩි ගානක් එහායින්.

~~~~~~~~~~

" අයිම් සොරි ඩාලින්.. මන් දන්නවා මන් හොදටම පරක්කු වැඩියි.."

" කමක් නැහැ ජන්කුක්.. ඔයා ඉක්මනින් ආවනේ.. ඇත්තටම මන් බලන් හිටියා.." යේරා ජන්කුක්ට තුරුලු වුනා.

" මේ ට්‍රිප් එකට ඔයාගෙ ස්පවුස් ආවනේ කුකී.. ඔයා කොහොමද මගෙත් එක්ක මෙහෙම ඉන්නෙ..?"

" ගෙදර කවුරුත්ම ජේජු එන්නෙ නෑනෙ බබී.. එයා ගෙදර.."

" ම්ම්.. මට දුකයි කුකී.."

" දුක් වෙන්නෙපා බබී.. මන් ඔයාව අමතක කරන්නෙ නැහැ කවදාවත්.."

" ඒ වුනත්.. එයා දැන් ඔයාගෙ.."

ජන්කුක් යේරට ඉතුරු ටික සම්පූර්න කරන්න දුන්නෙ නැහැ, ඉන වටෙන් අත දාලා තමන්ගෙගෙ ඇගට හේත්තු කරගෙන හාදුවකට මුල පිරුවා. යේරත් එක විනාඩියක්වත් යන්න කලින් ඒ හාදුවට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තෙ ඇත්තටම ඇයට ජන්කුක්ව ගොඩක් මිස් වෙලා තිබුන නිසා.

ඒ දෙන්නා හිටියෙ ජේජු වල සාමාන්‍ය ගනයේ රෙස්ටුටන්ට් එකක. එතන සැලකිය යුතු පිරිසක් හිටියත් ජන්කුක්ව අදුර ගන්න තරම් අවදානයක් එයාලගෙන් යොමු වුනේ නැති නිසාම එයාලට පුලුවන් වුනා එයාලගෙ ලෝකෙ තනිවෙන්න.

ආදරය කියන වචනෙට තේරුමක් දෙන්න බැහැ. අඩුම තරමෙ අර්ථ කථනයක්වත්.. මන් ඒ ගැන ඔයාලට කලිනුත් කියලා ඇති. ජොන් ජන්කුක් ආදරේ කලේ යේරට වෙද්දි සේහිගෙ ආදරය හිමි වෙලා තිබුනෙ දේයන්ට. ඒත් දෛවය අපි හිතන තරම් සාදාරණ නැති නිසාම අදාල දේවල් අදාල අයට හිමි වුනේ නෑ. කෙලින්ම කිව්වොත් දෛවයන් මාරු වෙලා ලියවුනා. නැහැ.. කවුද හරියටම දන්නෙ.. කලින් ඉදන්ම දෛවය ලියවෙන්න තිබුනෙ ඒ විදිහට කියලා.

ඒත් ඒ අතරෙදි මෙහෙම දේකුත් වුනා. සේහි ආදරේ කලේ දේයන්ට වුනත් ජොන් සේහි ආදරේ කලේ ජොන් ජන්කුක්ට. ජොන් ජන්කුක් යේරාට ආදරය කරද්දි ජොන් ජන්කුක්ව නීතියෙන් උරුම වුනේ සේහිට. ඒ යේරා අනියම් ආදරයක් බවට පත් වෙද්දි. මන් දන්නවා මන් අහන ප්‍රශ්නෙට ඔයාලා දෙන උත්තරේ. ඒ වුනත් කතාවෙන් පිටට ගිහින් මේ විදිහට හිතලා බලන්න.

A/N:) තමන්ගෙ අකමැත්තෙන් විවාහයක් වෙලා නීතියෙන් වෙන කෙනෙකුට අයිති වුනා කියලා තමන්ගෙ ඇත්තම ආදරේ අමතක කරලා දාන්න ඕනිද..? ඔයාලා උත්තර දෙන්න. මගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවී..

~~~~~~~~~~

සේහි මුහුදු වෙරලෙ තිබුන හීන් වැල්ල උඩ දිගා වෙලා එයාට උඩින් පේන අහස දිහා බලන් හිටියා. හිරු බැහැලා යන පාට ලස්සන වුනත් සේහි ඒ දිහා බැලුවෙ නෑ.. මොකද ඒක දිහා බැලුවා නම් එයාට ක්ශිතිජය දකින්න වෙනවා. එයා දන්නවා ජොන් ජන්කුක් කියන්නෙ තමන්ට ක්ශිතිජයක් විතරයි කියලා. ඒ වුනත් එයාට ඒ ක්ශිතිජය දකින්න ඕනි වුනේ නෑ.. ඒ කියන්නෙ එයාගෙ හිතේ කොනක හරි අදහසක් තියෙන්න ඇති ජන්කුක් තමන්ට ක්ශිතිජයක් විතරක්ම නොවේවි කියලා බලාපොරොත්තුවක්.

" ඔන්නි ඔන්නි ඔන්නි ඔන්නි.." සේහි කල්පනාවෙන් මිදුනෙ එකපාරටම කවුරු හරි කතා කරනවා ඇහිලා. තමන්ට කවුද කතා කරන්නෙ..? එහෙම හිතලා අවදානය යොමු නොකර ඉන්නත් හදලා ආපහු හැරිලා බැලුවා.

" ඔන්නී.. මාත් එක්ක සෙල්ලම් කරමුකෝ.." ඒ චූටි ගෑනු ළමෙක්.. කොන්ඩ දෙකකුත් බැද ගත්තු.

" සෙල්ලම් කරන්න..?" සේහිට ආපහු ඒ වචන පෙලම කියවුනා.

" අනේ ඔන්නී.."

එහෙම කියපු ඒ චූටි ගෑනු ළමයා සේහිගෙන් උත්තරක් ලැබෙන්නත් කලින් ඒ අතින් ඇදගෙන මුහුදු වැල්ල පැත්තට දිව්වා. සේහිටත් එයාව වලක්වන්න ඕනි කමක් තිබුනෙ නැහැ. අන්න ඒ නිසාම තමයි එයාත් පස්සෙන් ඉබේටම ඇදිලා ගියේ.

" ඔන්න.. ඔන්න අල්ල ගන්න.."

එකපාරටම සේහිව මග නවත්තලා එයාගෙන් ටිකක් ඈතට ගියපු ඒ චූටි ගෑනු ලමයා ලොකු ප්ලාස්ටික් බෝලයක් සේහි දිහාවට විසික් කලා..

බෝලයක්.. ඔව්.. ඒක ප්ලාස්ටික් බෝලයක්..

තමන්ගෙ දිහාවට ඒ බෝලෙ එනවා දැකපු සේහි ඇස් දෙකෙන් කදුලු බේරෙද්දි අත් දෙකෙන් ඔලුව අල්ලගෙන බිම වාඩි වුනා.. ඔව්.. ඒ එයාගෙ ජීවිතේ.. නෑ.. ඒ ඇයගෙ හැමදේම.. නැහැ.. සමහර විට ඒ ඇයගෙ හුස්ම.. ඒත් දැන් ටික කාලෙකට උඩදි..

ඇය බිම බලාගෙන ටික වෙලාවක් කල්පනා කරන්න ඇති. අඩුම මිනිත්තුවක්වත්.. ඒත් මට විශ්වාසයි ඒ මිනිත්තුව ඇතුලෙදි ඇයගෙ ඇස් වලින් ගලන් ගියේ එක නැවතීමක්වත් නැති කදුලු ගොඩක් කියලා.

" අහ්.. අනේ.. ආආආහ්හ්හ්හ්හ්හ්.. ඔ..න්න්..නී..." ආපහු ඇමතීමක්.. ඒත් කැඩි කැඩී ඇහුන. සේහි දෙනෙත් උස්සලා ඒ හඩ ආපු දිහා බැලුවා.

දෙවියනේ.. නැහැ..

ඇසිල්ලක් යන්නත් කලින් මුහුද දිහාවට දුවගෙන ගිය සේහි මගක් දුර පීනලා ගිහින් චූටි ගෑනු ළමයව අරගෙන ගොඩට ආවෙ හිරු මුහුද යටටම හැංගෙන නිමේශයේ. ඒ කියන්නෙ ක්ශිතිජය ඉවරයි. සේහි ඒ චූටි ගෑනු ළමයව තුරුලු කර ගත්තා. මොකද ඇය දන්නවා දරුවෙක් නැති වෙන වේදනාව ගැන කාටත් වඩා හොදට.

මන් හිතනවා වුන දේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති කියලා. චූටි ගෑනු ළමයා සේහි දිහාවට එවපු බෝලය සේහි අල්ල ගත්තෙ නැහැ. ඒ නිසා ඒ බෝලෙ බිමට වැටිලා ටිකක් සැරට තිබුන හුලග නිසා මුහුද පැත්තට ගහගෙන ගියා. ඒ පස්සෙන් දිව්වත් ඒ පෙරලුනු බෝලය අල්ල ගන්න තරම් ඒ චූටි ගෑනු ළමයා වේගවත් වුනේ නැහැ. අන්න ඒ නිසා බෝලය මුහුදු වතුරට වැටිලා පාවෙද්දි ඒ වතුර උඩටම පැනපු පීනන්න දන්නැති චූටි ගෑනු ළමයා වතුරෙ ගහගෙන යන්න පටන් ගත්තා.

ඔයාලට තේරෙනවා ඇතිනේ.. එතන බැරිම වෙලාවත් සේහි නොහිටියා නම් සිද්ද වෙන දේ..

" ඔන්නිට සමාවෙන්න මැණික.." සේහි කුඩා දරුවව තුරුලු කරගෙන මුලු මූන පුරාම හාදු තිබ්බා.

" නෑ ඔන්නි.. බබා ත..මා වැරදි.." කටත් උල් කරලා කහින ගමන් එයා ඒක කියපු ලස්සන.

" ම්ම්.. බබාගෙ ඔම්මා කොහෙද..? බබා කාත් එක්කද මේ හවස බීච් ආවෙ..?"

" බබා තනියෙන් ආවෙ ප්ලේ කරන්න ඔන්නි.. ඔම්මා කඩේ වැඩ..!"

" කඩේ..?"

සේහි හෙමීට වැල්ලෙන් නැගිටලා ඒ චූටි ගෑනු ළමයගෙ අතින් අල්ල ගත්තා. ඇයව සීතලට වෙව්ලනවා කියලා සේහිට දැනුනා. එතන ලග තිබුන චූටි කඩේකට ගියපු සේහි මිනි බ්ලැන්කට් එකක් අරගෙන චූටි ගෑනු ළමයට පොරවලා ඇයව වඩා ගත්තා. ඊටපසෙ එයාගෙ නැති වුනා වගේ තව බෝලෙකුත් අරන් රස්නෙ කොෆී එකකුත් අරන් දුන්නා.. ඊට පස්සෙ තමා සේහි එයාව එයාගෙ ඔම්මගෙ රෙස්ටුරන්ට් එකට එක්කන් ගියේ.

ඒක ටිකක් ලොකු රෙස්ටුරන්ට් එකක්. සෙනග ටිකක් වැඩියෙන් ගැවසෙන..

" මැඩම්..?"

" ආ.. මේ ඔයාගෙ දරුවා නේද ආන්‍ටි..?"

" ආ දේ.. ඒත් මේ ඇයි තෙමිලා..?" බබාගෙ ඔම්මා බබාව දැකලා පුදුම වුනා.

සේහි වචන කිහිපයකින් වුන දේ ගොඩක් කෙටියෙන් පැහැදිලි කලා..

" අනේ දෙවියනේ.. මැඩම්ට ගොඩක් ස්තූතියි.."

" අනේ.. ස්තූති එපා.. ඒත් බබාව ඊට වඩා පරිස්සමින් බලා ගන්න ආන්ටි.. තනියෙන් බීච් එකට යවන්නෙපා. සමහර දවසට හිතන්නෙවත් නැති විදිහට රැල්ල සැර වෙනවා.." සේහිගෙන් චූටි අවවාදයක්.

වෙලාව අඩ හෝරාවකට විතර ලං වෙන්න ඇති. සේහි තීරනය කලා එතනින්ම රෑට ඩිනර් එක අරන් යන්න. ඒ වුනත් ඇයට එතනදි කන්න හිත දුන්නෙ නෑ.. ඒ නිසාම ඇය ගෙදර අජුම්මටත් එක්කම ඩිනර් එක ඕඩර් කරලා ගෙනියන්න පැක් කරලා දෙන්න කියලා කිව්වා.. ඉතින් ඒකට අඩ හෝරාවකට වඩා ගත වුනා මොකද ඒ වෙලාවෙ එතන ටිකක් කාර්යය බහුල වුනු නිසා.

සේහි කොෆී එකක් අරගෙන ඒ වෙලාව ගත කරන්න හැදුවත් මුහුදෙ ලුනු වතුර නිසා එයාට එතන ඉන්න එක ටිකක් අපහසු වුනා. සේහි රෙස්ටුරන්ට් එකේ බාත් රූම්ස් තියන පැත්තට ඇවිදගෙන ගියේ ඒ නිසා. මුලු රෙස්ටුරන්ට් එකෙන්ම කොනේ පිහිටලා තිබුන ටේබල්ස් ටික තිබුනෙත් ඒ පැත්තෙ. සේහි බිම බලාගෙන ඇවිදගෙන ගියත් අන්තිම ටේබල් එක ලගදි ඉබේම ඔලුව ඉස්සුවා. ඒ කිසිම බාහිර බලපෑමක් නැතුව.

ඒ අද සේහි තිගැස්සෙන තුන්වෙනි හෝ හතර වෙනි වතාව.. අදුරන මූනක් එක්ක ආවේගශීලී සිපගැනීමක්. ඒ වුනත් සිපගැනීමේ ප්‍රමුඛත්වය අරන් හිටියෙ අදුරන මූනක්..

" ජොන් ජන්කුක්.."

ඒ වෙලාවෙ ඒ දේ එයාට කොයි විදිහට දැනුනත් සේහි එයාට බාදා කලේ නැහැ. ඇස් වල කදුලු බිමට වැටෙන්න අරගල කරනවා වගේ දැනුනත් සේහි ඉක්මනින් බිම බලාගෙන එතනින් එහාට වුනා.

~~~~~~~~~~

ලිලී මල්..

සෑහෙන්න ලස්සනයි..

ඒත් සමහරුන්ට ඒක ගොඩක්ම අවලස්සනයි..

ඒ වගේම සමහරුන්ට ඒක සුවදයි..

ඒ වගේම සමහරුන්ට ඒක ගදයි..

මන් කලින් කිව්වෙ..

සේහි කියන්නෙ ලිලී මලක්..

වෙනසක් නෑ..

ජොන් සේහි කියන්නෙත් ලිලී මලක් තමා..

~~~~~~~~~~

සේහිට දැනුනා තමන්ගෙ ඔලුව පුපුරන්න එනවා වගේ හැගීමක්.. ඇයගෙ ඔලුවෙ වැඩ කලේ එකම දෙයයි. ඒ ඇයි ජන්කුක් බොරු කලේ කියන එක. ජන්කුක්ට තිබුනා විවාහ වෙන්න කලින් මේ සම්බන්දෙ ගැන කියලා තියන්න. අඩුම එහෙම වුනා නම් තමන්ගෙ හිතේ හැගීම් ඇති වෙන එක සේහි නවත්ත ගන්න හරි තිබුනා. ඒ වුනත් මෙතන තියන්නෙ තනිකර මුලාවක්.. ඇයි මේ.. ඇයි මෙහෙම ජීවිතයක්..

සේහි තමන්ගෙම කොන්ඩෙන් ඇද ගන්න ගමන් ඉස්සරහින් පේන කන්නාඩිය දිහා බැලුවා. එයාට ඒකෙන් පෙනුනෙ තමන්ගෙ ප්‍රතිබිම්බයක් වෙනුවට කැඩිලා ඉරි තලලා ගිය හදවතක්. එයා ඉක්මනින් ඉවත බලා ගත්තා.

' නැහැ.. සමහර විට ඒක බොරුවක් නම්.. මන් දැක්කෙ ජොන් ජන්කුක් වගේ වෙන කෙනෙක් නම්..?!'

සේහි ඊයක වේගෙන් බාත් රූම් එකෙන් එලියට ආවා.. ඒත් ඒ වෙනකොටත් ඒ මේසෙ හිස් වෙලයි තිබුනෙ. ඇය බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව රෑ අටත් ලගයි. ඉක්මනින් කවුන්ටර් එක ලගට ආපු සේහි ඕඩර් කරපු කෑමත් අරගෙන රෙස්ටුරන්ට් එකෙන් එලියට ඇවිත් වට පිට බැලුවා. සේහිගේ තියුනු ඇස් වලින් බේරෙන්න පුලුවන් කාටද..? ඇය දැක්කා ජොන් ජන්කුක් වගේ චායාවක් ඈතින් ඇදිලා යන හැරි.. ඒ තමන්ට පිටුපාලා.. ඒ වගේම තවත් කාන්තාවක් ඇගට තුරුලු කරගෙන. සේහි විනාඩියක් යන්නත් කලින් එයාලගෙ පසුපස යන්න පටන් ගත්තා.

සේහි එකපාරටම හැරිලා බැලුවෙ තමන් පස්සෙන් තමන් හා සමාන්තරව එන කලු ඇද ගත්තු රූපය දිහා.

" සද්ද කරන්න එපා.." ඒක ජොන් සේහිගෙ අණක්.. කලු ඇද ගත්තු කෙනා ඔලුව වැනුවා.

එච්චර වෙලා පස්සහින් ආවෙ වෙන කවුරුත් නෙවෙයි. ජොන් ජන්කුක්ගෙ ස්පවුස්ව ආරක්ශා කරන්න ජොන් පවුලෙන් දාලා තිබුන පවුද්ගලික ආරක්ශකයා.

තමන් මේ ගමන් කරන්නෙ කොහෙටද කියලා ඉවෙන් වගේ තේරෙන්න ගනිද්දි සේහිගෙ හද ගැස්ම එන්න එන්නම වේදගවත් වෙන්න පටන් ගත්තා. ඒ වෙන කොහෙවත් නෙවේ.. පැය භාගයක් විතර ගමන් කරලා ඒ දෙන්නා නැවතුනේ ජේජු වල තිබුන ජොන් පැලස් එකේ. තවත් දෙන්න සමාවක් සේහි ළග තිබුනද කියලා නම් මට ඇත්තටම තේරුම් ගන්න බැරිවුනා. පහල තට්ටුව්වේ ගෙස්ට් රූම් එකට ඒ දෙන්නා ගිහින් දොර වහගනිද්දි සේහි වාරු නැතුව බිමට ඇලවුනා. ඒත් වාසනාවකට එයා බිමට වැටුනෙ නෑ. මොකද එයාගෙ පවුද්ගලික ආරක්ශකයා හොද අවදානයක් තියෙන කෙනෙක්.

" මැඩම්.. ඔයා.."

" නෑ.. මාව අත් අරින්න.. මන් හොදින්.."

සේහි එහෙම කිව්වත් එයා හොදින් නෙවේ හිටියෙ. තමන්ගෙම සැමියා වෙන කෙනෙක් එක්ක තමන්ගෙම ගෙදරට තමන්ට හොරෙන් එද්දි මොන බිරිදකටද හොදින් ඉන්න පුලුවන්..? අනිත් එක සේහි ජොන් ජන්කුක්ට ඒ වෙනකොටත් ආදරය කරන්න පටන් අරන් තිබුනා..

පැය කාලක් විනාඩි විස්සක් විතර යද්දි සේහි වාඩිවෙලා හිටපු පඩියෙන් නැගිට්ටා. ඇයට තේරුනා ඇයගෙ ආරක්ශකයගෙන් පවා එයාට ලැඹුනෙ අනුකම්පාව සහිත හිනාවක් කියලා.. අන්න ඒ නිසා සේහි එයාගෙ මූන දිහාවත් කෙලින් බැලුවෙ නෑ..

" මේ ටික අජුම්මට දෙන්න.. ඔයාලත් කන්න.. මන් ඇතුලට යනවා.."

කෑම ටික ආරක්ශකයා අතට දීපු සේහි ගේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. ඇය කෙලින්ම යන්න හැදුවෙ තමන්ගෙ උඩ කාමරේට.. ඒ වුනත් පහල ඉන්නෙ තමන්ගෙ සැමියා.. ඇයි කාටවත් දෙවෙනි වෙන්නෙ.. ජොන් ජන්කුක් කියන්නෙ දැන් තමන්ගෙ අයිතිය...

තවත් විනාඩි දෙකක් ගත වෙද්දි සේහි හිටියෙ ජේජු වල තිබුන ජොන් පැලස් එකේ පහල තට්ටුවේ ගෙස්ට් රූම් එක ඇතුලෙ.. ඔව්.. එයා හරි.. ඇයට දකින්න ලැබුනෙ එයා දකින්න බලාපොරොත්තු වුන දේම තමයි..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ආදරේ එක අන්තයක් වුන රාගයේ දී, හැගීම් වලින් උපරිමේටම යන්න ඔන්න මෙන්න හිටපු අඩ නිරුවතින් යහන මත හිටපු යුවලක්..

එක තත්පරේකදි සේහිගෙ මුලු ලෝකම නැවතුනා වගේ වුනා.. එහෙම වුනේ නෑ කියලා පෙන්නන්න එකම දෙයයි තිබුනෙ..

වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය

____________________________________

ඔව් එදා..
එක මොහොතකට මුලු ලෝකෙම නතර වුනා..
ඒ වෙලාවෙ මට හිතුනෙ එකම දෙයයි..

" වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය නොමැති වුනා නම්
මම කඩා වැටෙන්නට ඉඩ තිබුනා"

කියලා..

____________________________________

විශ් කරන්න හදවතින්ම, තේ හ්‍යුන්ටව ඉක්මනින් රිකවර් වෙන්න කියලා..

References :
අජුම්මා - මැදිවියේ කාන්තාව
ඔන්නි - ගැහැනු දරුවන් වැඩිමල් සහෝදරියට අමතන ආකාරය

Cover by :- A_R_V_I

A_Shee1 ~

Continue Reading

You'll Also Like

51.5K 7.2K 31
මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිත...
35.2K 5.7K 24
"මා...මාව අත....අරින්න...මොකක්ද...කරන්නෙ" "මං කරන්නෙ මට ඕන දේ..ඇයි ප්‍රශ්නයක්ද...ම්ම්ම්...." "ඔයාට කැමති ඒව ඔයා කරගන්න...මාව අතඇරල" "එහෙම බෑනෙ බබා..ම...
2K 371 4
මම මගේ ජීවිතේ අකමැතිම වචනේ තමා " ඉක්මනට ගිහින් එන්නම් " කියන එක ..... ?? ඔව් එහෙම කියපු හුඟක් අය තාම මං ළඟට ආවේ නෑ..... ?? කවදා හරි දවසක ඒ ගිහිං එන්න...
54.7K 9.6K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...