𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻�...

By KIM_SANG_MEE

5K 1.1K 685

යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ... More

01
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
END
ATTENTION GUYS!!!
තරු හොයන්නන්ට පාර කියන්න ලෑස්ති වෙන්න
Finally 😭😭

02

386 82 54
By KIM_SANG_MEE

" මොකද මියා කට වැහිලා? " මම සූබින් නෑ නෑ ඇපලෝ උතුමාණන් එක්ක හෙඩ් මාස්ටර්ගෙ ඔෆිස් එකට යන ගමන් හිටියෙ.  කදවුරේ ළමයි අපි දෙන්න දිහා බලාගෙන හිටියෙ හරියට ගිලින්න වගේ. එයා ආපහු සාමන්‍ය ඇදුමට පරිවර්තනය වෙලා හිටියෙ

" මම ආයේ ඔයා එක්ක කතා කරන්නෙ නෑ සූබින්. සමාවෙන්න. ඇපලෝ උතුමාණන් " මම කීවෙ පුදුම තරහකින්. මට ආයෙත් හොදටම තරහ ගිහින් හිටියෙ. එතකොටම ඈතින් අකුණක් කොටනව ඇහුණා.

" මට දැන් යන්න වෙනවා. තාත්තා මට කතා කරනවා. ඔතනින් ඇතුළට යන්න. මම ඔයාව පස්සෙ යාලු කරගන්නම්කො" ඇපලෝ අතුරුදහන් උනා.

මම තරහ පිට කරේ ඔෆිස් එකේ දොරෙන්. මම ගහපු පයින් පාරට දොර හයියෙන් ඇරුණා.

" ඔහොම තරහ යන එක එච්චර හොද දෙයක් නම් නෙවේ " කාමරෙන් කටහඩක් ඇහුණා. එයාටත් හොද දෙකක් කියන්න හැදුවත් ඔහුට තිබුණු කරුණාවන්ත පෙනුම ඉස්සරහ මම නැවතුණා. එයා බොහොම තරුණ කඩවසම් කෙනෙක්.

" සමාවෙන්න " මම හිතන්නත් කලින් මගෙ කටින් පිට වුණා. වාහ්!! මම කාගෙන්වත් ලේසියෙන් සමාව ගන්න කෙනෙක් නෙවේ.

" ඕහ් ඒකට කමක් නෑ. ඔක්කොටම කලින් සන්සුන් වෙන්න. ගෑණු ළමයි ට ඔහොම තරහ යන එක හොද නෑ "

" ඔයා ඒක දන්නවද? මම කීවේ උතුමාණෙනි "මම පුදුමයෙන් අහද්දි ඔහු හිනා වුණා. ඔහුට තිබ්බේ ලස්සන dimple smile එකක්

" ඕහ් ඔයා ශෝක් කෙලි පොඩ්ඩක් නේ. මටත් චූටි නංගියෙක් හිටිය නම්. ඒත් මට ඉන්නෙ යක් පැටියෙක්. ඔයාගෙ වයසෙම.  අනික මට උතුමාණෙනි කියන්න එපා. එතකොට මම නාකී වගේ. අනික ඔව්, මම දන්නවා ඔයා ගෑනු ළමයෙක් කියලා "

" ඔයාවත් කියන්නකො මම මෙහෙම ඉන්න ඕනි ඇයි කියලා. මේ කෑම්ප් එකේ ගෑණු ළමයි ගොඩක් ඉන්නවනේ "

" මට ඔයාට බොරු කියන්න බෑනෙ පැටියො. එහෙම කියල ඇත්ත කියල ඔයාව අමාරුවෙ දාන්නත් බෑනේ. කාල ආවම ඔයාට දැනගන්න ලැබෙයි. "

" ඇයි අනේ කාටවත් මේක තේරුම් කරල දෙන්න බැරි? ඇත්තටම මම කවුද? මම කාගෙ පරම්පරාවටද අයිති? මට ලොකු තනිකමක් දැනෙනවා. මගෙ යාලුවා කියල හිතපු කෙනත් මට බොරු කරේ" මම ලේසියෙන් අඩන කෙනෙක් නෙවේ. ඒත් මට මගෙ කදුළු නවත්තගන්න පුළුවන් වුණේ නෑ.
ඒත් හෙඩ් මාසටර් මගෙ ඔලුව අතගෑවා. අනෙ මටත් සහෝදරයෙක් හිටිය නම්. මම කදුළු පිහදගත්තා.

" දොරත් කඩාගෙන ආපු චණ්ඩි කෙල්ල නේද මේ? කෝ පරණ චරිතෙට ආයෙ එන්නකො. අපි බලමු ඔයාගෙ විස්තර " හෙඩ් මාස්ටර් ෆයිල් එකක් අතට ගත්තා. " අපි බලමූ...........ඔයා මැක්ස්වෙල්.  ඔයා දැනට පස්වෙනි සේනාංකෙ. ඔයාගේ රූම් එක 18 දැනට.ඔයාගෙ මොනිටර් දැන් ඇවිත් ඇති. " ඒත් එක්ක්ම දොරට තට්ටු කරනවා ඇහුණා " ඕහ් කොල්ලා වෙලාවටම ඇවිත්. ඔයාට ඉන්න වෙන්නෙ boys hostel එකේ. මෙහෙ නරක ළමයි නම් නෑ. හැබැයි පරිස්සම් වෙන්න. "

" පිරිමි ළමයි එක්ක !!!! ඒක විතරයි අඩු වුණේ. මරු හැබැයි. smlie in pain boys edition "

" ඔයාගේ මේ ගතිගුණ එක්ක එහෙම ඉන්න එක හොද වෙයි. " එය කීවෙ හිනාවෙවී " මුලින් කදවුරේ තැනක් හදා ගන්න. ඒක තමයි අන්තිම උපදෙස. දැන් යන්න පුළුවන් " මම ඔරවගෙනම යන්න හැරුණා.

" ආහ් තව දෙයක්. මොනව හරි ප්‍රශ්නයක් වුණොත් මෙහාට එන්න. මම ඔයාගෙ සහෝදරය කියලා හිතන්නකෝ " ඒකට නම් මට හිනාවක් ඇදුණා.

" ප්‍රශ්නයක් නැතත මම ඔප්පව බලන්න එන්නම්කෝ " මම කීවේ විරිත්තන ගමන්.

" ආහ් බටර් ගාන්න්ද යන්නේ? මතක තියාගන්න ඔයා කොල්ලෙක්"

" තේරුණා නම්ජුන් හ්‍යන්ග් " කියපු මම දොරත් ඇරගෙනම එළියට පැන්නා. එතන හිටපු කෙනාව දැක්කම මට ආයේ පිස්සු හැදුණා.

**********************

අම්මෝහ්!!! එයාගෙ ලස්සන. හිනාවකින් මූණ පුරවගෙන හිටිය එයා හරියට Angel කෙනෙක් වගේ. තව ටිකෙන් අමතක වෙනව මම කොල්ලෙක් කියන එකත් . මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා.

" ඔහොම හිනාවෙන්න එපා. මාව out of control වෙනවා" මට ඒක කියවුණා.

" ඔයා මොනව හරි කීවද ? මම තමයි ඔයාගෙ මොනිටර්. මාසයක් යනකම් ඔයාගෙ partner" Angel boy කීවේ හිනාවෙවී. මෙයාව life partner කර ගන්න බැරි වෙයිද

" ආහ් මම මියා, මම කීවේ මැක්ස්. මැක්ස්වෙල්" මම යන්තම් කීවා.

" අයියෝ මම ඒක දන්නවා. මම ආසාවෙන් හිටියෙ මගෙ යාලුවව බලා ගන්න. යමුකො එහෙනම්. මම ඔයාට කදවුර පෙන්නන්නම්. " එයා මගෙ අත අල්ලලලා කරන්ට් වැදුණා වගේ අතෑරලා, ආයෙ අත අල්ලගෙන මාව ඇදගෙනම ගියා.

" මෙහෙමයි. ඔයා දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයාගෙ සේනාංකෙයි, කැබින් එකයි තීර්ණය වෙන්නේ ඔයාට හිමිකම් කියන දෙවිවරු අනුව.ඔයාට ඉන්නෙ එක දෙවියයි නම් ඔයා ඉන්නේ 5 වෙනි සේනාංකෙ. ඒත් තරගවලින් උඩට එන්න පුලුවන්"
" එතකොට ඔයා මොන සේනාංකෙද? "

" ආහ් මම ද, මම ඉන්නේ පලවෙනි එකේ. ඒකට අයිත් වෙන්න නම් ප්‍රධාන දෙවිවරු පස්දෙනෙක්ගෙ වත් ආශීර්වාදය තියෙන්න ඕනි. මම සියුස්ගෙ කෙනෙක්. සුළං පාලනය කරන්න පුලුවන්"

" අයියෝ එහෙමද ? මම හිතුවෙ ඔයාගෙ ඔය ලස්සන හිනාව එක්ක ඇෆ්‍රොඩයිට් වෙන්න ඇති කියලා. ඔයාට Angel look එකක්නෙ තියෙන්නේ" මම නොහිතාම කියා දැම්මා. එයා මං දිහා බලාගෙන හිටියෙ කන්න වගේ.මගෙ කටටත් බ්‍රේක් නැ නෑ. " ඇයි ඔහොම බලන්නේ? මම ඇත්ත කීවේ "

" මම ඕක ඕනි තරම් අහලා තියෙනවා. ඔව් මම ඇෆ්‍රොඩයිට් ට සම්බන්ධයි. කොල්ලෙක් ඔහොම කියපු පළවෙනි වතාව. බැරිවෙලාවත් ඔයා එහෙම කෙනෙක්ද ? " ජිමින් ඇහුවෙ ඇස් දෙකත් අමුතු කරලා. එයා කියපු දේ තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා. මම හයියෙන් හිනාවෙන ගමන් එයාගෙ කරට අතක් දාගත්තා.

" මම එහෙම කෙනෙක් නම් නෙවේ. හැබැයි මම ඔයාට කැමතී "

" ඔයා හරි අමුතුයිනේ. ඔයාට පුළුවන් වෙයි මෙහෙ වෙනසක් ඇති කරන්න. ඔයාගේ පළවෙනි යාළුවා වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. " එයා ආයෙ හිනාවුණා.

" ඔයා ඔහොම හිනාවෙද්දි නම් එහෙම කෙනෙක් වෙන්න හිතෙනවා "

" ඔයාට බය හිතෙනවා මැක්ස්. ඕවා කෙල්ලන්ට දාන්න තියාගන්න. "

" හිතලා බලන්නම්කො ඒ ගැන. මට කියන්නකො කිම් ෆැමිලි එක ගැන. හෙඩ් මාස්ටර් නම් හරිම කරුණාවන්තයි. එයාලා මෙතන බලවත්ම කට්ටිය වෙන්නෙ කොහොමද? "

" ආහ් හෙඩ් මාස්ටර් නම්ජුන් හ්‍යන්ග්, එයා හරිම හොදයි තමයි. එතන එයාලගෙ පරම්පරාව ගොඩක් බලවත්. දෙවිවරු ගොඩක් අයගෙන් ආශිර්වාද ලත් පරම්පරාවක්. එතන ප්‍රධාන සියුස්, ඩිමීටර්, හේඩිස්, ඇපලෝ , ඇෆ්‍රොඩයිට් , හෙස්ටියා , හෙෆාස්ටස් , ඒරීස් වගේම ඇතීනත් ඉන්නවා. සාමාන්‍යයෙන් ආශිර්වාදලද්දෙකුට තියෙන්නෙ එක දෙවි කෙනෙක්ගෙ බල විතරයි. ඒත් මෙයාලට වෙනස්. මෙයාලගෙ වැඩිමලා ජින් හ්‍යන්ග්. හරි නම් එයා තමයි ඊළඟ ලෙෆ්ටිනන්ට්. ඒත් එයා ඒක නම්ජුන් හ්‍යන්ග් ට දීලා අයින් වුණා. එයාට ඇපලෝගේ සුව කිරීමේ බල, ඇෆ්‍රොඩයිට්ගේ වශීකතනය වගේම ඩිමීටර්ගෙ බලත් තියෙනවා. එත්කොට නම්ජුන් හ්‍යන්ග්. එයාට කියන්නෙ son of Athena කියලා. ඒ තරම් දක්ෂ කෙනෙක්ව මම දැකලම නෑ. එයට සියුස් ගෙ අකුණු කැදවීමේ බලත් තියෙනවා. ඕනි කෙනෙක් එයාට අවනත වෙනවා. හැබැයි වශීකතනය නම් නෑ. එතකොට අන්තිම කෙනා- " ජිමින් ට කතාව නතර කරන්න වුණේ අපි හිටපු තැනට දුවගෙන ආපු පොඩි කොල්ලෙක් නිසා.ආඋ වේගෙට එයා ජිමින්ගෙ ඇගේ හැප්පුණා.

" ජැමී, මොකද මේ බයවෙලා? ප්‍රශ්නයක් ද? "

" අනේ හ්‍යන්ග්. අරයා ආයෙත් අළුත් ළමයෙක් ට ගහනවා. " එයා කීවෙ හති අරින ගමන්

" ඔයා යන්න ජැමී. මම එන්නම් " මම කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ජිමින් දිහා බැලුවා

" යමු මැක්ස්. කිම් පවුලේ තුන් වෙනියව ඇස් දෙකෙන්ම් බලාගන්න ඔයාට පුළුවන් වෙයි " මගෙ අතින් ඇදගෙනම ජිමින් දීවේ ක්‍රීඩාංගණය පැත්තට.

*************************

අපි දෙන්න යද්දි එතන ළමයි වටවෙලා හිටියා. ළමයි දෙන්නෙකක් එක ළමයෙක්ට ගහනවා. මට ගහන ළමයි දෙන්නගෙ මූණු පෙණුනෙ නෑ. ආපු කේන්තිය ඇග පුරා ගලා යද්දී එතන හිටපු එක්කෙනෙක්ගෙ මූණෙ මගෙ අත නැවතුණා. නොහිතපු වෙලාවක ලැබුණු පාරෙ සැරට ඔහු විසිවෙලා ගියා. කට්ටියම සූ හඩ නගද්දී ඔහු තරහෙන් වුණත් පුදුමයෙන් මම දිහා බැලුවා. ඒයාගෙ ඇස් වලින් ගිනි පිටවෙනවා. ඒත් එයාගෙ මූණ වෙනස් වුණා.

" අළුතෙන් ආපු තව එකෙක් නේද? මට අත උස්සන්න තමුසෙට හයියක් ආවෙ කොහොමද " එයා වෙනස නොපෙන්වාම කෑ ගැහුවා. එයාට තිබුණේ ගැඹුරු කටහඩක්. ජිමින් ගුටි කාපු කොල්ලව නැගිට්ටවද්දී අරයා කතා කළේ වලියෙ හිටිය අනිත් කොල්ලට " ජන්කුක් එයාට ගහන්න " ගුටිකන බලාපොරොත්තුවෙන් අනික් පැත්ත හැරුණත් ඔහු මට ගැහුවෙ නෑ. කටත් ඇරගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ.

" ඔයා ඔයා මොනවද මෙතන කරන්නේ? " එයා කියනවා මට ඇහුණත් එය කට හෙල්ලුවේ නෑ කියලා මට දිවුරන්න වුණත් පුළුවන් .  ඒත් එක්කම මගෙ නිකටට හොද පාරක් වැදුණා. ඒ මගෙන් ගුටි කාපු එකාගෙන. මාත් ප්‍රතිප්‍රහාර එල්ල කරා. එයාගෙ ඊලඟ පාර වැදුණෙ මගෙ නහයට. කටට ලේ රහ දැනෙද්දී

රූට ගහන්න නැගිට්ටත් මට එකපාරටම සිහි නැතිවුණා

********************

මම
මම හිටියෙ හිටියෙ හිරගෙයක් ලග. ඒක හරිම කළුවරයි. ඒක ඇතුළෙ හිටියෙ මගෙ වයසෙ ම වගේ පෙණුනු ගෑනු ලමයෙක්. එයා මට කතා කරා.

" මියා, මේක හොද්ඩට අහගන්න. ඔයාට විතරයි පුළුවන් මාව බේරගන්න.ඔබයි මගේ දියණිය. තව වැඩි දවසක් නෑ. ඉක්මණට එන්න. " එයාට කථව සම්පූර්ණ කරන්න හම්බුනෙ නැත්තෙ ඒක මුර කර කර හිටපු වෘකයෙක් මගෙ ඇගට පැන්නා.

****************

" නැගිටින්න දරුවෝ. ඔයා මෙහෙ ආරක්ෂිතයි. "
මට ඇහුණෙ කරුණාවන්ත කටහඩක්.

-------------------------------------------

හායිම්.

හී හී මම සතියකින් විතර Dreams Come True එකේ special chapter දාන්න ඉන්නේ. කතාව අනික් පැත්ත හරවන්නේ. ඔයාල හිතන්නෙ නැති දෙයක් වෙයි 😁❤️

ආහ් තව දෙයක්. කට්ටියෙගෙ මරණ තර්ජන නිසාම මම ඒකෙ ටේ වෙනුවෙන් side story ලියනවා  ඒත් දැන්ම නෙවෙ. වෙන කතාවක් පටන් ගනී. සමහරවිටම Deja Vu ම වෙයි.😉😉😉

එහෙනම් මම කැපුණෝ.

ලව් යූ සෝ මච් 😉❤️😘
ලව් යූ ටූ කියපල්ල ඉතිම් 😲😲

Continue Reading

You'll Also Like

19.6K 4.7K 17
🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්දේ හුරතලේට හැදුනු මුරන්ඩු කෙල්ල නිවී ට ය...
5.3K 1.2K 11
සැබැවින්ම ධවල හීයක් බදු සුරූපී,හැඩකාර දරුණු කෙල්ලක්, ලේ බැඳීමකින් නොබැදුනත් ප්‍රාණ සම සහෝදරයින් සත් දෙනෙක්. මුලු ලොවෙන්ම සැගව සිටින අතිදක්ෂ අපරාධ...
58.9K 5.6K 25
Give your last breath to the world, then I'll recreate you as mine .
17.8K 4.4K 20
✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All rights reserved under the copyright cla...