ඉක්මනින් ම Train එක එයි කියලා හිතුවත් මට ඔහේ බලාගෙන ඉන්න සිද්ධවුනා.
යුන්ගි ගොඩක් අවුලෙන් ඇති නේද කියලා හිතද්දි මට හිතුනෙම ගිහින් කොහෙ හරි ඔලුව හප්පගන්න...
කොහොමහරි train එකෙ ඇවිල්ල බැහැල මගේ අපාර්ට්මන්ට් එකට තියෙන පුංචි දුර හිමීට හිමීට ගාටනකම්ම මං කල්පනා කලේ ඒ ගැන..
අනිත් එක කුටු කුටු ගගා මගේ පස්සෙන් තාමත් ආපු හැඩි දැඩි කොල්ලො දෙන්නත් ටිකක් විතර අමුතුයි කියලා මට තේරුණ. ඒ දෙන්නා මං ආපු Train එකේ මයි ආවෙත්...මේකයි නිතර නිතර හැරිල බලන ඕන කෙනෙක් ව හොඳට note වෙනවනෙ එහෙම හැරි හැරී බලන්න තරම් රූපශ්‍රීය ක් නැතිකොට..
හැමදාම වගේ ඔහේ ඕන එකක් වෙද්දෙන් කියලා මං ගනන් ගත්තෙ නැහැ.
බඩත් කෑගහනවා ඇහුණ හන්දා මං ගෙදර යන්න කලින් මොනාහරි බොන්න ඕනෙ කියලා coffee shop එකට බඩගෑවා. ඔය හොඳ coffee එකක් හෙම බිව්වම මුලු ලෝකෙම බර දරාගෙන ජීවිතෙට අභීතව මුණ දෙන්න තරම් ගට් එකක් මට එනවා...
මං ගිහින් ඉඳගෙන ඕර්ඩර් කරලා වටපිට බලද්දියි දැක්කෙ..අර කොල්ලෝ දෙන්නත් ටිකක් ඈතට වෙන්න ටේබල් එකක ඉඳගෙන හිටිය, ඒ මදිවට මං දිහා කන්න වගේ බලන් හිටියෙ හරියට මං තරම් කැත ප්‍රාණියෙක් මේ ආත්මෙට දැකල නෙ වගේ.. ඒකට නම් දොසක් කියන්න ත් අමාරුයි ඉතින්..
මගේ පාඩුවෙ සෑහෙන වේලාවක ට පස්සෙත් ඒ හාදයො දෙන්න තවමත් මේ පැත්ත බලාගෙන හිටියා. කලුවර වැටෙමින් තිබුනු නිසා මං දඩිබිඩියේ නැගිටිද්දි ඒ දෙන්නත් නැගිට්ටෙ නිකන් යන්තන් දැන්වත් ගෙදර යන් කියන්න වගේ...
මේක නම් අල්ලන් නෑ.. කතා කරලා ම විසඳගමු..
මං ඒ පැත්තට යන්න කලින් shop එකෙ ලොකු වීදුරු වලින් පේන පාර පැත්ත බැලුවෙ නිකමට වගේ....
තනිකරම අර වීදුරු වලින් එල්ලිලා බලන චිම්පන්සියෝ වගේ ම කෙල්ලො සෙට් එකක් shop එකෙ වීදුරු වලින් ඇතුල බලාගෙන හිටිය.
ඒත් එක්කම මට තේරුම් ගියේ අර කොල්ලො දෙන්න නැගිට්ටෙ ඒ දිහා බලාගෙන කියලයි..
මම ඒ කෙල්ලෝ දිහා බලනවත් එක්කම වගේ එයාලා කලබල වෙන්න ගත්තා..එයාලාගෙ ෆෝන් මා දිහාවට උස්සගෙන එයාලා හෙන සංදර්ශනය ක් කරන්න පටන් ගත්තා. සමහරු මං දිහා රව රව හිටියෙ එලියට ආවොත් ගහලා මරන්න වගෙයි. සමහරු නම් අත වැනුවෙ කාලෙකින් දැක්ක යාලුවෙක් ව හම්බුනාම වගෙයි.
මං ටික වේලාවක් ගල් ගැහිල වගේ ඒ දිහා බලාගෙන හිටිය. එක එකා එතනට වැඩිවෙන්න ගත්ත හැටි දැක්කහම මට හිතුනේ මගේ අහිංසක ජීවිතේ බේරගෙන shop එකෙන් එලියට යා ගන්න නම් මට කමාන්ඩර් මට්ටමේ මෙහෙයුමක් කරන්න වේවි කියලයි.
මගේ ලගට ම ඇවිත් හිටපු අර විසාල කොල්ලෙක් මට කතා කරනකම්ම මම දැක්කෙ නැහැ..
"මිස් ග්‍රේස්...මේ පැත්තෙන්"
එයා අත දික් කලේ shop එකෙ kitchen එක තියෙන පිටිපස්ස ට , ඒ කියන්නේ මේ ජන සමුහය ඇවිත් තියෙන්නෙ මං හින්දද....
මට වෙන විකල්පයක් තිබ්බෙ නැහැ, එයාගේ පස්සෙන් kitchen එකෙ අය අන්ද භූත වෙලා බලාගෙන ඉද්දි අපි shop එකට පිටිපස්සට ගියා..පිටිපස්ස දොර එයා අරිද්දිම වගේ ආවේ කලු කැබ් එකක්..
"ආහ්....." මං ටිකක් අදිමදි කලා
"නගින්න මිස්..."
එයා ටිකක් කලබලයෙන් වගෙ කිව්වා..
ඒ මදිවට අර ගෑනු ලමයිගේ ඝෝෂාව ටික ටික මේ පැත්තට එනවා වගෙයි ඇහුනේ..
අවස්ථාවෙ හැටියට free lift එකක් හම්බෙන එක සුපිරි බව ඇත්ත..ඒත් අම්මා කියල තියෙන්නෙ අඳුරන්නැති අයගෙ වාහන වල යන්න එපා කියලනේ....
මං කැබ් එකට නැග්ගා. මට නගින්න කියපු එක්කෙනා ඉස්සරහා ෂීට් එකෙ වාඩිවුනා.
"යන්..."
වාහනය පැදෙව්වෙ ත් මාත් එක්ක වාහනයට නැගපු කෙනා වගේම හාදයෙක්..
මට කිසිම දෙයක් කියන්න ඉඩක් නොදී ඒ දෙන්නා කතා කරන්න ගත්තා.
🙍 - "අවුලක් නෑනේ බන්.."
🙎♂️- "නෑ නෑ බ්‍රයන් එතන ඉන්නවා situation එක බලලා රිපෝර්ට් කරයි"
🙍- "අපි මේම වැඩ කරලම නෑනෙ..."
🙎♂️- "ඔව් බන්...., බොස් කියද්දි මටත් පුදුම හිතුනා.."
🙍- "එහෙම ලේසියෙන් කා ගැනවත් වද වෙන්නෑනේ බන් බොසා..නෑදෑ වෙනවද දන් නෑ.."
🙎♂️ - "අවුලක් වුන් නෑනේ එහෙනම් එච්චරයි..."
"ආර්හ්ම්ම්......"
මම බොරුවට කැස්සා . මේම ගියොත් මේ දෙන්නා ඉතියෝපියාවට යනකම් ම යයි මං ගැන අමතක වෙලා....
"ආ මිස්...ඔයා හොඳින් නේද ? " එක්කෙනෙක් ඇහුවා.
ඔව් එකපාරටම මං හිටපු shop එකට ආපු ගෑනුලමයි තොගයක් වීදුරු වලින් එබීගෙන විරිත්තගෙන හිටපු එකට බයවෙලා පස්සෙන් ආපු මනුස්සයෙක් එක්ක කොහෙන්දෝ කඩාපාත් වෙච්ච වාහනයක නැගලා යන කෙනෙක් හැටියට මං සෑහෙන හොඳින් හිටියා..
"ආ ඔව් ....ස්තුතියි...." මං කියාගන්නා.
මං මොකුත් නොකියම වාහනේ හරියට ම මගේ අපාර්ට්මන්ට් එකට ඉස්සරහින් නැවැත්තුවා.
"ඔයාලා .... කවුද..මං අහන්නෙ මේ.."
බහින්නෙ නැතුව මම ගොත ගගහා හිටියා.
මේකයි ඉතින් ඔය හිටපු ගමන් බස් එකෙ යන්න බෑ වගේ , පයින් යන්න කකුල් රිදෙනවා වගේ හිතෙද්දි හිටපු ගමන් මතුවෙන ජංගම කැබ් සේවයක් කියන්නෙ ඉතින්...ඒ නිසා පොඩ්ඩක් සැප දුක් අහලා එහෙම ශේප් එකෙ ඉන්න එක හොඳයිනේ..
"ආ මිස්....මේ අපිට කියපු වැඩෙ තමා අපි කලේ..බොස් එක්කම කතාකරගන්නකො.."
Drive කරගෙන ආපු කොල්ල හෙන කිණ්ඩියට වගේ කිව්වා.
බොස් ? මං දන්න තරමින් නම් බොස් කියලා කැබ් සේවා සපයන මිත්‍රයෙක් මගේ ලිස්ට් එකේ නැහැ..
"බහින්න මිස් .. එයා බලන් ඉන්නවා.."
මං උණ සන්නිපතනය හැදිච්ච අසරණයෙක් වගේ බලාගෙන ඉද්දි එහෙම කියපු එයා අත දික් කරලා පෙන්නුවේ ටිකක් ඈතට වෙන්න නවත්තපු කලු පාට ටින්ට් වීදුරු තියෙන තවත් කැබ් එකක්...
මම හෙමිහිට බැස්සා. මං ආපු කැබ් එක දෙපාරක්ම හෝන් කරලා යන්න ගියේ ..අනේ යන්තම් කුණු එක දාන්න තැනක් හම්බවෙලා වගේ..
නවත්තලා තිබුනු කැබ් එකෙන් වැනි වැනී වගේ යුන්ගි බැස්සා. කලු පාට බකට් කැප් එක , නලලට වැටුනු කොණ්ඩෙයි සුපුරුදු විදිහටම කලු පාට මාස්ක් එක , earphones ගහගෙන හිටපු එයා වාහනෙට හේත්තු වුනේ මේ පැත්තවත් බලන්නෙ නැතුව..
ඕ හරිනේ .. යුන්ගි ගේ Body Gurds ලා... මොනා වුනත් හිත හොඳ මිනිස්සු..බොසා තමා සංකීර්ණ මනුස්සයා...
මං එයාගේ පැත්තට දුවගෙන වගේ ගියා..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"හේයි...... "
මං ටිකක් ඇදලා පැනලා වගේ කිව්වෙ මං එතනට ඇවිල්ල සෑහෙන වේලාවක් වෙලත් මගේ දිහා නොබලපු යුන්ගි ට.. ෆෝන් එක දිහා බලාගෙන, සමහරවිට mood එකට සෙට් වෙන සින්දුව හොයනවා ඇති..
"ම්... ඔයා නේද Body Gurds ලා එව්වෙ... හොද වෙලාවට නැත්තම් මට ගරිල්ලා ප්‍රහාරය ක් එල්ල වෙනවා .. ඔයා දන් නෑනේ... මං හිතන්නෙ ඔයාගේ fans ලා මාත් එක්ක තරහෙන් ඇත්තෙ ... එයාලා මුකුත් කියන්න බෑ ඒක සාධාරණ යි නේ..."
මං කියෙව්වා.
"හ්ම්....." යුන්ගි එහෙම කිව්වෙ මං දිහා තාමත් නොබලයි..
"ම්... ඔයාට ගොඩාක් ස්තුතියි...."
ප්‍රතිචාරයක් නැත..
"ඇතුලට එනවද ? කෝපි එකක් හෙම... මං ගාව ඉතින් ඔයාලා බොන තරම් අනර්ඝ මට්ටමෙ ඒවා නම් නෑ.... හෙ හෙ හෙ...."
ඔබ අමතන ග්‍රාහකයා හට යක්ෂයා ආවේස වී ඇති බැවින් ඔබේ ඇමතීමෙන් කිසිදු පලක් නැත. කරුණාකර නැවත උත්සහා නොකරන්න පුලුවන් නම් වහාම ඔතනින් දුව ගොස් ජීවිතය රැකගන්න....
"හරි එහෙනම්,
අපි හොඳට ම කතා කලානේ...ගොඩක් ස්තුතියි..පස්සෙ හම්බෙමු..."
හ්ම්.. ග්‍රාහකයා අමතන පාටක් නෑ.. මම ආපහු එයා දිහා ටික වේලාවක් බලාගෙන හිටියා. ඇත්තටම මාස්ක් එකට මුණෙන් භාගෙට භාගයක් ම වැහිල තිබ්බත් එයා මාරම පෙනුමයි..
එතන අරක්ගෙන ඉන්න පෙරේතයා වගේ මට එතන හිටගෙන බලාගෙන ඉන්න බැරි නිසා මං අපාර්ට්මන්ට් එක පැත්තට ගියා.
මගේ පිටිපස්සෙන් ඇහුනේ සද්දෙ නිසයි මං හැරිල බැලුවේ.. මෙන්න අර කන් ඇහෙන්නැති හාදයා බෑග් එකකුත් උස්සගෙන මගේ පස්සෙන් ගාටනවා
මං දන්න තරම් නම් යුන්ගි අපේ අපාර්ට්මන්ට් එකෙ නෙවෙයි මෙච්චර කල් හිටියෙ..
ලිෆ්ට් එකට නැගලා මං ඉන්න තට්ටුවට එනකම් ම සද්දයක් නැහැ..
"Coffee එකක් බොමුද ?"
බැරිම තැන මම ඇහුවා.
ඔලුව වනපු එයා මගේ පස්සෙන් ම ආවා. සාමාන්‍යයෙන් coffee එකක් බොන්න ගෙදරකට යද්දි කෝප්ප පිඟන් ගෙදරින් උස්සන් යන් නෑ කියලා මට කියන්න ඕන වුනා. බෑග් එකෙ වෙන මොනාද දන්නැ .. මට අදාල නැනේ..
දොර අරිද්දිම මට කලින් එයා ඇතුලට ගියා. හහ් ! ඔහොම යමුකෝ.. මට concert එකකට free VIP ටිකට් දුන්නැත්තම් බලාගමුකෝ...
එයාගේ බෑග් එක මගේ පුංචි සෝෆා එකෙ තියලා තව ටිකෙන් කකුල් පැටලිලා එයා බිම..
කොහොමහරි එයා ඉඳගත්තා.
" හ්ම්..."
මං living room එක්කම තියෙන මගේ පුංචි kitchen එක ට ගියෙ kettle එක තියන්න...
මට පිටුපාලා යුන්ගි සෝෆා එකෙ වාඩි වෙලා හිටියා, මාස්ක් එක යි කැප් එකයි ගලවල දාලා එයා අත් දෙකෙන්ම කොණ්ඩෙ හද හද හිටියා.
එයා උගුර පෑදුවා...
"මං අද මෙහෙ ඉන්නවා......."
තව ටිකෙන් බොහෝම අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තු kettle එක බිම වැටෙනවා..
"මොකාක්..... ? " මට කෑගැහුණා.
මොකක්ද මේ කියපු භූත කතාව...
එයා හෙමිහිට සෝෆා එකට උඩින් අත දාගෙන මගේ පැත්තට ඔලුව හැරෙව්වා..
"ඇයි ඇහුනේ නැද්ද...?
මම අද රෑ මෙහෙ ඉන්නවා......"
Hiiii ලමායි...😋
ඔන්න අද කතාව update කලා.. කියවන ඔයාලා හැමෝටම ගොඩක් Thank you❤
Thank you sew !
කියවලා ඔයාලාගෙ අදහස් කියාගෙන යන්න.. ආදරෙයි...
ඉක්මනින්ම ඊලග කොටසින් හම්බෙමු..
Byeee 🥺❤