Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓

By mochidulma

216 41 8

ආදරෙන් පැරදුනු කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් වුන හැටි. . . . . කියවලම බලන්න. @mochidulma More

පොඩි හැදින්වීමක්.
Chapter 1 ❤️
chapter 2 ❤️

chapter 3 ❤️

41 11 4
By mochidulma

mahi's pov.

අද intervel වෙලාවේ අර දෙන්නා ඒ කියපු දේ ඇත්තක්ද? නැහැ ඒක බොරුවක් වෙන්න ඇති. ඩියෝන් කොහොමද මට කැමත් වෙන්නෙ. මං එච්චරම ලස්සනත් නැහැ. නැහැ ඒක බොරුවක් වෙන්න ඇති. කොහොමත් මේ රයනුයි, තරීනුයි හැමතිස්සේම විහිලු කරනවානෙහ්. ඔව් ඒ බොරු වෙන්න ඇති.

Few months later...

මේ ගෙවුන මාස ගානටම මට ඩියෝන්ගේ ලොකූ වෙනසක් පෙනුනා. වෙනදට වඩා එයා හරිම වෙනස් විදිහට මාත් එක්ක හැසිරෙන්නේ කියලා මට තේරුනා වගේම, ලිලීටත් ඒ වෙනස තේරිලා තියෙන්නේ. එයත් හැමතිස්සේම වගේ මට ඒ ගැන කියනවා. මේ හැසිරීම නිසා එදා අර දෙන්නා කියපු කතාව ඇත්තක්ද කියලත් හිතෙනව වෙලාවකට. ඇත්තටම එයා මට කැමතීද?

Author pov.

ඩියෝන්ගේ හිතේ ඇත්තටම මහී ගැන කැමැත්තක් තියෙනවද? ඒක දන්නේ එයාම තමයි. මහීත් දැන් එයාගේ හිතේ විශ්වාසයක් ඇති කරගෙන ඉන්නේ ඩියෝන් එයාට කැමතී කියලා. ඉතින් මහී දැන් දන්නෙම නැතුව ඩියෝන්ට එයාගේ හිත දීලා ඉවරයි. මහී දැන් ඩියෝන්ට ආදරේ කරන්න පටන් අරන්.

Two years later.

දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගෙවලා ගිහින්. ඒ අවුරුදු දෙක පුරාවටම මහී, ඩියෝන්ට ගොඩාක් ආදරේ දුන්නා. ඒත් ඩියෝන්ගෙන් මහීට ඒ වගේ ආදරයක් ලැබුනෙ නැහැ. මහී ඒ දේ දැනගත්තා. එතකොට එයා අවුරුදු 2ක් තිස්සේ ඩියෝන්ට ඒකපාර්ශ්විකව ආදරේ කරලා. ඩියෝන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා මහී දැන ගත්තා අවුරුදු 2කට පස්සේ.😣 එතකොට මහීට කොච්චර නම් රිදෙන්න ඇත්ද?🥺 මහීට ඊට වඩා රිදුනා. ඒ ඩියෝන්ගේ කෙල්ල කවුද කියලා දැන ගත්තාම. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ මහී එක්ක මෙච්චර කල් එකට හිටපු මහීගේ එකම යාලුවා වුන ලිලී. ලිලීත් ඩියෝන්ට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ. ඒ වගේම ඩියෝනුත් ලිලීට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ.🙁

ඉතින් මහී ඒ ගැන දැන දැනත් ඩියෝන්ට තියෙන ආදරේ එයාගේ හිතින් අයින් කරගන්න බැරි වුනා. මහී එහෙම අවුරුදු 3ක් ඩියෝන්ට ඒකපාර්ශ්විකව ආදරේ කලා. ලිලී වෙනුවෙන් මහී එයාගේ ආදරේ අතඇරියා. ලිලී ඩියෝන් දෙන්නා මහීගේ ඉස්සරහම අත් අල්ලන් ඉදිද්දි මහීගේ හිත කොච්චර නම් රිදෙන්න ඇත්ද? ඉතින් මහී හැමදාම ඒ දේවල් මතක් කර කර ඇඩුවා.😭😭 ඇත්තම කිව්වොත් ඇඩුවා නෙමෙයි ඇඩුනා.😭 ඉතින් මහී තීරණය කරා ඩියෝන්ව අමතක කරන්න.

Present at mahi's home,

🌸 "අනේ මහී උඹ මෙච්චර දෙයක් හිතේ තියන් හිටියද. මේ බලපන් මටත් ඇඩුනා බන්. මට ඒ වෙලේ උඹ ලග ඉන්න තිබ්බා නම්. අර ලිලීට නම් හොදක් වෙන්න එපා. ශික්.. ඒකි මොන වගේ යාලුවෙක්ද. උඹ හොද වැඩී බන්. මට ඇත්තටම හරිම සතුටුයි උඹ මගේ යාලුවෙක් වුන එකට. උඹ තවත් ඕවා හිත හිත දුක් වෙන්න එපා. මං ඉන්නවා උඹත් එක්ක හැම තිස්සෙම. දැන් දුක් වෙන්න එපා. කෝ එන්න."

අඩ අඩ හිටපු මහීව චතූ ලගට අරන් hug කලා. එතකොට මහීට තවත් ඇඩුනා. මහී හොදටම ඇඩුවා.

🌸 "එහ් මෙහ් උඹට ඔය ඔක්කොම දුක් අමතක කරන්න මං හොද බෙහෙතක් කියන්නද"

🌼 "තියෙනවනම් කියපන් බන් ලොකූ දෙයක් "

🌸 "උඹ දන්නවනෙහ් මං පිස්සු වැටිලා ඉන්නවා කියලා මේ දවස්වල කට්ටියකට"

🌼 "අර කොරියන් band එක නේද"

🌸 "ඔව් ඔව් අනේ මගේ සුර දූතයෝ ටික. ඇත්තම කිව්වොත් මං ඔයාට recommend කරන්න යන බෙහෙත එයාල තමයි."

🌼 "මොකක්"

🌸 "ඔව් බන්. ඇත්තම කිව්වොත් BTS කියලා කියන්නේ බෙහෙතක්. එයාලගේ fansල එයාලට එච්චරම කැමති එයාලගෙ ලස්සනට විතරක් නෙමෙයි. එයාලගේ ඒ song තේරුනේ නැතිවුනත් ඒ songs වල melody එක අහනකොට හිතට හරිම සැන සීමක් දැනෙන්නේ. එයාලගේ songs අහන වෙලාවට හිතේ තියෙන හැම දෙයක්ම අමතක වෙනවා. ඒක මන් අත්දැකීමෙන් කියන්නේ. මං කියනවට උඹත් අහලා බලන්නකෝ. තව එයාලගේ එක එක වැඩසටහන් තියෙනවා. RUN BTS, BTS IN THE SOOP වගේ එක ක ඒවා. එවා බලන වෙලාවටත් හිත හරිම නිදහස්. ඒවා හරිම funny programs. උඹ ඒවත් ටිකක් බලන්න. මං කියන්නේ බොරුද කියලා."

🌼 "සිරාවට මන් අහලා බලන්නම්. මට මේ ඔක්කොම අමතක කරන්න පුලුවන් නම් එච්චරයි මට ඕන."

🌸 " මං උඹට songs, videos ටිකක් දාන්නම්. ඒවා බලලා කියන්නකෝ උඹටම වෙන්සක් දැනෙයි."

🌼 "හරී.....😘😘 ආදලෙයි කෙල්ලේ."

🌸 "ආදලෙයි පැට්ටෝ.😘😘 දැන් පරණ ඒවා මතක් කර කර අඩන්න එපා හැමතිස්සෙම."

🌼 " හ්ම්ම්ම්ම්....."

චතූ රෑ 9ට විතර තමයි ගෙදර ගියේ. එතකන් අපි කෑවා, බිව්වා ආ... එයා මට BTS ලගේ videos උත් පෙන්නුවා. ඇත්තටම එයාලගේ songs වල melody වලට මටත් ආස හිතුනා. ඒවා හිත නිවනවා. චතූ කිව්ව ඒවා ඇත්ත තමයි.

After some days.

දැන් මේ මාත් BTS ලගේ ලොකූ fan කෙනෙක්. ඒ කියන්නේ මාත් දැන් army කෙනෙක්. මං දැන් මගේ ලොකු වෙනසක් දකිනවා. ඒක මට දැනෙනවා. ඇත්තටම BTS ලා මගේ ජීවිතේ වෙනස් කරා කිව්වොත් හරියටම හරි. මට දැන් හැමතිස්සේම පරණ දේවල් මතක් වෙන්නේ නැහැ. මොකද මං ඕන වෙලාවක BTSලගේ video එකක් බලා ගත්ත ගමන්මයි ඉන්නේ. එයාල නිසා මට දැන් පරන දේවල් මතක් වෙන්නේම නැති තරම්.දැන් මගේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙන්වා, ඉලක්කයක් තියෙනවා. ඒ කවදාහරි හොඳට ඉගෙන ගෙන කොරියා යනවා කියන එක. ඒ BTS ලව බලන්නම විතරක් නෙමෙයි මගේ ජීවිතේ සාර්ථක කර ගන්න. අවසාන වශයෙන් මං මගේ මේ ඕතරී මාර්ගයෙන් ඔයාල කියන්නේ "Always love yourself" BTS කියන්නේ නිකන්ම නිකන් band එකක් විතරක් නෙමෙයි. මං වගේ අයට බෙහෙතක්. ඔයාලට හැම තිස්සෙම හිතට වද දෙන දෙයක් තියෙනවා නම් ඒ ගැනම හිත හිත ඉන්න එපා. ඒකෙන් වෙන්නේ තවත් හිත පෑරෙන එක විතරයි. ඒ දේවල් මග හරින්න විදිහක් හොයාග්‍ර්න ඒ දේවල් මග හරින්න. එතකොට නිකන් රස්නේ දවසක ice වතුර එකක් බැස්සා වගේ පුදුම සනීපයක් දැනෙයි.

They changed me.❤️

💜️ End 💜️

...............................................................................................

ඉතින් මගේ මේ පළවෙනි short story එක මෙතනින් ඉවරයි. ලස්සන නැතුව ඇති නේද්. මං ඉස්සරහට තව story දාන්නම්. කතාව ගැන මොකක් හරි දෙයක් comment කරන්නකෝ. ඔයාලගේ comment එකක් කියවන්න හලීම ආසයි. අනේ මේ අලුත් ඕතරී.🥺😣😣😣 කතාව කියවපු හැමෝටම ගොඩාරියක් thank you වේවා......
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Continue Reading

You'll Also Like

1.1K 241 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...
9K 2.4K 25
Do you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19
4.9K 906 19
Life is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI