උදේ ඉඳන් මුලු දවසම ඇඳට ම වෙලා ඉන්න මම තීරණය කලා. ජෙනී හිටපු ගමන් කතා කරලා කිව්වෙ වෙම්බ්ලි වල CONCERT එකට මෙහෙට ඇවිත් හිටපු BTS SUGA ඊයේ රෑ අපේ පැත්තෙ කෙල්ලෙක් එක්ක ඉඳපු ෆොටෝ වගයක් තියනවා දැක්කා කියලා, ෆොටෝ වලින් හරියටම අඳුරගන්න බැරි හින්දා ඒ මූසල කෙල්ලව හොයාගෙන කෑලි කෑලි වලට කපලා මරලා ගඟට දාන්න කියලා එයා හදපු ප්ලෑන් එක දොඩවන්න ගත්ත හන්දා මට කෝල් එක Cut කරන්න වුනා.
දවල් වෙද්දි කොහොමහරි බඩගාගෙන වගේ ඇවිත් තේ එකක් හදාගන්න පුළුවන් වුනා. සැලකිය යුතු මහන්සියක් නොතිබුනත් මට තිබ්බෙ තදබල හිතේ අමාරුවක්..
ඊයේ ගත්තු ෆොටෝ ස් සුද්ද කරන්න කියලා මං කැම් එක අතට ගත්තා. කැමරාව මං ගාව තියෙද්දි යුන්ගි වෙන පැත්තක් බලාගෙන හිටපු තැන් වල කිසිම මහන්සියක් නැතිව හැන්ඩියාගේ PERFECT ෆොටෝ දෙක තුනක් ගහගන්න මට පුළුවන් වුනා. ඒ ෆොටෝ දෙක තුනත් එක්ක මම හෙමිහිට කැමරා රෝල් එක ආපස්සට බලන්න ගත්තා.
අපි දෙන්නා කරපු අර මෝඩ විකාර photoshoot එකෙ ෆොටෝ තොගයක් තිබුනා. ඒ හැම ෆොටෝ එකකින්ම ටිකෙන් ටික යුන්ගි ගෙ හිනාව වැඩි වෙලා තිබ්බා. ඊටත් වඩා කට බලියාගෙන මට බලන්න සිද්ධ වුනේ එයා අරගෙන තිබුනු මගේ ෆොටෝ දිහයි. නියම angel එකට , lightning නියමෙට ම set වෙන විදිහට ඒ ෆොටෝ ස් තිබ්බෙ හරියට හරිම පරිස්සමට, නියම වේලාවෙදිම capture කරගෙන වගෙයි. ගොඩක් තැන් වලදි මම වෙන පැත්තක් බලාගෙන හිටපු ෆොටෝ තිබ්බෙ හරියට ෆොටෝ එකක් ගන්නවා කියලා මට මෙලෝ සිහියක් නැති ගානකට...
මම වගේම එයත් මම කරපු විදිහට ම නොදැනෙන්න ෆොටෝ අරගෙන තියෙන බව මට තේරුම් ගියා...
එයාව ආපහු මේ විදිහට මුණ ගැහුනේ නැතිවුනත්, අඩුම තරමේ අපි හම්බුනේ එකම එක රැයක දි අහම්බෙන් වගේ වුනත් අපි කොයිතරම් නම් කතා කලාද කිව්වොත් මට දැනුනේ කාලාන්තරයක විතර ඉඳන්ම එයාව දන්නවා වගෙයි... සමහර විට එයා ඒ වගේ ලොකු , ජනප්‍රිය, ලස්සන, සල්ලිකාර celebrity කෙනෙක් නොවුනා නම් ආයේ දෙකක් නෑ අපිට හොඳම යාලුවෝ වෙන්න තිබ්බා...සමහරක් විට...අනේ මන්දා...
' ට්‍රාං ටින් ටින් ටිටිං ටිං ......'
මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ආපහු SUGA ව දැලේ දාගත්ත අර අහිංසක සුන්දර ගෑනුලමයා ව මරන්න ඕන හොඳම විදිහ ගැන කතාකරන්න ජෙනී වෙන්නැති...
නැහැ Unknown number ! හහ් ! හරිනේ එකත් එකටම මරණ තර්ජනයක් වෙන්නැති, දැන්ම ගිහින් අන්තිම කැමැත්ත ගැන කතා කරලා ඒ වැඩේ ඉවරයක් කලානම් හරි...
🗣"මිස් ග්‍රේස්? "
🙎♀️ "ආ ඔව් ? "
🗣"FASHION ENTITLED මැගසින් එකෙන් ,
අපේ event එකකට මිස් ව recommend කරලා තියෙනවා. මිස් ට අද free da ? "
🙎♀️ " ම්.... ඔව් ...."
🗣"හොඳ යි...මේක ටිකක් special event එකක්, අද 02.30 වෙද්දි මිස්ට එන්න පුළුවන් නේ , මම location එක email කරන්නම් "
🙎♀️ "ආ හරි මම එන්නම් "
🗣"හරි මිස් Thankyou! "
ඉඳලා ඉඳලා හුස්මක් කටක් ගත්තා විතරයි.. ඒ කොහොම වුනත් මොනා හරි කරන්න වැඩ ක් තිබ්බොත් හොඳයි කියලා මට හිතුනා. නැත්තම් වෙන්නැති දේවල් ගැන සිහිකරන එක ඇරෙන්න වෙන වැඩක් නැතුවයයි මට...
▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
' FASHION ENTITLED ' මහා විශාල නාම පුවරුවක් තිබුනු උස සුදු බිල්ඩින්ග් එක ගාව හිටගෙන මම භාවනා කර කර හිටියා. හිතුවට වඩා වැඩෙ බරපතල පාටයි. ඔහොම්ම හැරිලා ආපහු ගෙදර ගියෝතින් නම් ඇඳට වෙලා movie එකක් බලන ගමන් අයිස්ක්‍රීම් කකා දවසම පිජාමා එකෙන් කම්මැලියෙක් වගේ ඉන්නත් තිබ්බා. ඕන එකක් වෙද්දෙන් කියලා මම ඇතුලට ගියා...
"වාව්" මට කියවුනේ ඉබේමයි , එක එක රාමු කරපු ෆොටෝ ස් ගහලා තිබුනු බිත්ති, පොලිෂ් කරලා තිබුනු පොලව , fancy ලී බඩු ත් එක්ක එතන තිබුනේ මාරම royal පෙනුමක්....
Reception එක ගාව සෑහෙන කට්ටියක් හිටියා. මං හිතන්නෙ මං වගේම photography event එකට ආපු කට්ටිය වෙන්නැති. අපුරුයි ! Shoot එකක් කරනවා කෙසේවෙතත් මට කැමරාවක් අල්ලන්නවත් ලැබුනොත් ලොකු දෙයක්....
වැඩි වෙලා මට හිටගෙන ඉන්න සිද්ධ වුනේ නැහැ. එතනට ආපු මේකප් තොගපිටින් උලාගෙන හිටපු ගැහැණු ළමයෙක් අපිට ඇතුලේ තිබුනු හෝල් එකකට කතා කලා.
ඒක AC කරලා තිබුනු ඉස්සරහින් පොඩියට stage එකක් තිබුනු දිග hall එකක් , අපි හැමෝම එතනින් වාඩි වුනාට පස්සෙත් කවුරුත් කිසිම දෙයක් කතා කලේ නැහැ.. මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ටිකක් විතර කොරියන් ජැපනීස් පාටක් තිබුනු කෙල්ලක් එක්ක පොඩි සුහද කතාබහක් පටන්ගන්න හදද්දිම වගේ අපි ඇතුලු වුනු දොරෙන් එකපාරටම ආවේ Security Gurds ලා වගේ පෙනුනු හැඩිදැඩි සෙට් එකක්..
මේ දැන් sniper අරන් හරහට දිගට වෙඩි තියන් යන්න නම් එපෝ.... දුවන්න පාරවලුත් නෑ...
ඒත් එක්කම ඇතුලට ආවේ මාස්ක් දාගත්තු ඒ වුනත් පුදුම විදිහට මුලු hall එකම එලිය කරන්න තරම් අමුතුම බලයක් වගේ තිබිච්ච එකිනෙකට වෙනස් fashions තිබුනු Models ලා.... එක්කෙනා පස්සෙ එක්කෙනා බිම බලාගෙන හෙන සීන් එකේ වගේ ගිහින් Stage තිබුනු පුටු වල එයාලා ඉඳගත්තා.
ටික වේලාවකින් හොඳටෝම පරක්කු වෙලා වගේ ෆෝන් එක දිහා බලලා ආපහු මුලු හෝල් එක වටේටම ඉක්මනට බැල්මක් දාපු Model කෙනෙක් දුවගෙන වගේ ඇවිත් අර stage එකේ හිටපු හයදෙනා ට එකතු වුනා. එයා තවමත් ටිකක් වටපිට බල බල හිටියෙ මේ දැන් අඟහරු වලින් කඩාපාත් වෙලා මං පෘථිවියෙ මොකක්ද කරන්නෙ වගේ කල්පනාවක....
ඇත්තටම එයාලාට තිබුනු වෙන ලෝකයකින් කඩා පාත් වුනා වගේ ඕන කෙනෙක් බැලුවම හුස්ම ගන්නත් අමතක වෙන විදිහෙ පෙනුමක්...මම එල්ලන් හිටපු කැමරාව උස්සලා මේ ලස්සන හඳුනා නොගත් පිට සක්වල ජීවී කාණ්ඩෙ ෆොටෝ එකක් ගන්න මට තිබ්බෙ මාරම පෙළඹවීමක්.... තව කීප දෙනෙකුත් එයාලා එක්ක එකතු වුනා.
කවුදෝ මන්දා පිරිමි කෙනෙක් ඇවිත් stage එකෙ කතාකරන්න ගත්තා. එයා FASHION UNTITLED Company එකෙ මැනේජර් කෙනෙක් වගෙයි පෙනුනේ..
" Ladies & Gentlemen.... ඔයාලා හැමෝම අපේ මේ ගොඩක් විශේෂ event එකට පිලි ගන්නවා... විවිධ හේතුන් මත සෑහෙන දෙනා අතරින් තමයි අපි ඔයාලා ව තෝරගත්තෙ....මෙතන ඉන්න අපේ Guest ලා තමයි අපිට ලැබුණු surprise clients la එයාලා අපිව විශ්වාස කරලා අපේ offer එක බාර ගත්තු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා........"
ඔය කතාවට දිගටම ඇහුම් කන් දෙන්න මට බැරිවුනේ ආපහු අර models දිහා බලන්න මට සිද්ධ වුනු නිසයි.
අනේ ! එයාලා මාරම පෙනුමයි..... කොරියන් models ලා වගේ පෙනුනු එයාලාගෙ මොකක්දෝ මන්දා දැකලා පුරුදු පෙනුමක් තිබ්බා. මං හිතුව එක හරියටම හරි කියලා තේරුම් ගියෙ අර අන්තිමට ම ආපු කෙනා මාස්ක් එක ගැලෙව්වට පස්සෙයි......
"මින් යුන්ගි......"
තව ටිකෙන් ශොක් එකට හතර ගාතෙන් එතනම පුටුවෙන් බිමට වැටෙනවා. එයා ආපහු වටේටම බැලුවේ කාවහරි හොයන්න වගෙයි...ඔව් හරි මේ වගේ event එකකට මාව recommend කලේ කවුද කියලා හිතාගන්න පුලුවන්.....ඔය පණ දාගෙන හොයන්නෙ ත් කවුද කියලා තේරුම් ගන්න ලොකු අමාරුවක් වුනේ නැහැ..
මම පුටුවේ හිමිට යටට බඩගානවා කියලා හිතද්දි ම එයා මේ පැත්ත බැලුවා. අපි දෙන්නගෙම ඇස් එකට මුණ ගැහුනා. ඉක්මනටම එයා වෙන පැත්තක් බලාගත්තෙ නිකන් මේ ආත්මෙකට දැකලා නැති මනුස්සයෙක් එකපාරටම හිනාවුනාම වගේ මූණ ක් හදාගෙන ...
ඕහ්....සමහරවිට මූණ මතක නැතුව ඇති.... රෑනේ හම්බුනේ දැන් දැක්කම මේ මොන වැඳිරියෙක් ද කියල හිතෙන්න ඇති... මාව recommend කරපු එකට වැලි කන්න හිතෙන්නැති...
දැන් ගොඩක් දුරට මැනේජර් අංකල් ගේ කතාව මඟැරිලා තිබ්බත් මං තවදුරටත් අර භූතයා දිහා බලන්නෙ නැතිව ඒ දිහාවට අවධානෙ දුන්නා.
" ඉතින් ලෝක ප්‍රසිද්ධ, දක්ෂ BANGTON BOYS , නැත්තම් BTS කණ්ඩායම UK වලට සාදරයෙන් පිළිගන්නවා. මේ project එක සාර්ථක විදිහට කරගන්න පුලුවන් වේවි කියලා හිතනවා..."
හැමෝම අත්පුඩි ගැහුවේ ලොකු උද්දාමයකින්.. මේක ගොඩක් ලොකු අවස්ථාවක් බව මට තේරුම් ගියා...ලේසියෙන් නොලැබෙන අවස්ථාවක්.....
▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
ආපු විදිහටම Train එකෙන් ගෙදර යනවා කියලා තීරණය කරපු නිසා මම station එක දිහාවට ඇවිද්දා.
හරියටම අහගෙන හිටියේ නැතිවුනත් වෙම්බ්ලි concert එකට ආපු BTS ලව , එයාලාගෙ ගොඩක් කාර්යබහුල Shedules වලින් කොහොම හරි වෙලාව හදාගෙන එයාලාගෙ project එකකට ගන්න, FASHION ENTITLED COMPANY එකට පුළුවන් වෙලා තිබුනා. එතන හිටපු තෝරගත්තු සීමිත පිරිසක් වෙච්චි අපිත් එක්ක මෙහෙ Locations කීපයක වැඩේ සිද්ධ වෙනවලු, අන්තිම shots නම් South Korea වල කරනවලු... BTS ලගේ ජනප්‍රිය කම නිසාම මේ PROJECT එක ටිකක් රහසිගතව තමයි කරනවා කිව්වෙ...එතන මාත් එක්ක ඉඳගෙන හිටපු අය photographers ලා විතරක් නෙවෙයි fashion designers, makeup artists, assistants, camera directors වගේ ඔය project එක ට සම්බන්ධ හැම දෙනාම එතනට ගෙන්වලායි තිබ්බෙ.. මට දැනුනේ මාව ඒ වගේ ලොකු මහා පරිමාණ වැඩකට ගැලපෙන්නෙ නෑ වගෙයි...
"ඔලීව්....ඔලීව්...ඔලීවියා...."
මට ඇහුණත් මම දිගටම ඇවිදින්න ගත්තා. ඔය කටහඩ දැන්නම් මුදු පතුලෙන් ඇහුණත් මට අඳුරගන්න පුළුවන් කම තිබ්බා.මගේ ලඟින්ම ඇහෙද්දි දුවනවද හැරෙනවද කියල මං ටිකක් කල්පනා කලත් එයා ඇවිත් ඉස්සරහින් හිටගත්තා.
Hall එකෙ හිටිය විදිහට ම සුදු පාට අත් දිග සැහැල්ලු ටීෂර්ටයක් සුපුරුදු විදිහටම මාස්ක් එකත් එක්ක යුන්ගි ඉනට අත තියාගෙන බලාගෙන හිටියා... හරියට මං පස්සෙන් එන්න කිව්වා වගේ ... විකාර...
"හායී" එයා ටිකක් තරහෙන් වගේ කිව්වා.
"මම ඔයාට කරදර කරන්න හිතුවේ නැහැ..ආපහු කතා කරන්න ඕනේ කියලා හිතුනා..ඒකයි මං හිතුවේ මේ project එකට......"
"මාව recommend කරලා ඒ අවස්ථාව අරන් දෙන්න..." මම වාක්‍යය සම්පුර්ණ කලා. එයා සද්ද නැතුව බලාගෙන හිටියා.
අහන්න යුන්ගි.... මේ වගේ අවස්ථාවක් අරන් දුන්න එකට මම කොයිතරම් ස්තුති කලත් මදි කියල මම දන්නව ඒත් මේක මගේ හැකියාවට ලැබුණු දෙයක් නෙවෙයි... මට මේක කරන්න බැහැ...."
එයා මොකුත් කියන්න කලින් මම දිගටම කියාගෙන ගියා.
" අනිත් එක මේ විදිහට අපි මුණ ගැහෙන එක ඔයාට ඒතරම් ම හොඳ දෙයක් නෙවෙයි... අපි දෙන්නා එකට ඉන්න ෆොටෝ ස් දැනටමත් ප්‍රචාරය වෙලා තියෙන්නෙ....ඒක ඔයාට හොඳ නැහැ යුන්ගි...ඔයාගේ නමට හොඳ නැහැ... මම ඒකට කැමති නැහැ.."
මම හෙමිහිට වට පිට බැලුවේ කවුරුත් ඉන්නවද බලන්නයි. ටිකක් ඈතට වෙන්න අර security Guards ලා කීප දෙනෙක් නම් හිටියා.
යුන්ගි මාස්ක් එක ගලවගත්තා. මුලදි පුංචි පසුතැවීමකින් වගේ වුනත් ටිකකින් එයා රවාගත්තා.
"හ්ම්...මාව කරදරයක් නේද ? "
"නැහැ මම එහෙම දෙයක් නෙවෙ...."
" ඔයා මට කැමති නැද්ද ? "
"මොකක් ?"
"සොරි..ඔයා ගෙදර යන්න Project එකට එන්න වුවමනාවක් නැහැ.."
"යුන්ගි.. මම..."
"යන්න...."
කෑගැහුවේ නැතිවුනත් එයා අණ කලා. මට ආපහු කිසිම දෙයක් කියන්න නොදී එයා හැරිල අර Gurds ලා දිහාවට යන්න ගත්තා. එයාගෙ හිත රිදෙන්න ඇති..ඒ වගේ දෙයක් මං වෙනුවෙන් කරපු කෙනෙක් ට මං මහා මූසලයෙක් වගේ සැලකුව කියල මට තේරුණත් ඊළගට මොනවා කරන්නද කියලා මට තේරුණෙ නැහැ...
එයාට තරහ ගියාම තවත් Cute මහා මොංගල් විදිහට මට හිතුනා......
හායි ලමායී.....❤
කොහොමද ඔයාලාට.....
ඔන්න Author කතාව දුන්නෝ....කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් Thankyou.....
කතාව කියවලා ඔයාලගේ අදහස් කියන්න....මන් Author ට අනිවාර්යෙන්ම කියනවා....
ඉක්මනට ඊලග chapter එකත් දෙන්න කියමු...
කතාව වෙනුවෙන් ගොඩක් Thankyou Sew....ආදරෙයි...💕
ඊලඟ Chapter එකෙන් හම්බෙමු....බායී💫❤