🐺Fate 🐺 || JJK (COMPLETED)

By Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... More

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

සමුගැන්ම 🐺

824 244 78
By Chimthri

"මන් ගෙදර යනවා..."

යුන්මි එකපාරටම කියල යන්න හැරුණෙ ජිමින් පුදුමෙන් බලන් ඉන්නකොට.. තමන්ට අද දවසේ ලෙක්චර් ඉවර උනත් තව පැයකින් යුන්මිට අනෙක් ලෙක්චර් එකට යන්න තියෙන බව ජිමින් දැනගෙන උන්නා.. නැවත පැක් එකට යන්න ඕනෑකම තිබ්බත් යුන්මිගෙ අද පලවෙනි දවස නිසාම පැය දෙක තුනක් නැවතී හෝ යුන්මිව මින්සුටම බාරදී නැවත wind winder පැක් එකට යන්න ජිමින් නම්  හිතන් හිටියේ.. එහෙත් මේ හිතුවක්කාර ඔමේගාවට නම් පලවෙනි ලෙක්චර් එකෙන්ම මුළු සෝල් යුනිවසිටි එකම එපා වෙලා තිබුණා..

ප්‍රොෆෙසර් ලීක්යුං...!! තමන් අකමැතිම ප්‍රොෆෙසර් ලිස්ට් එකෙ උඩම කෙනා බවත් යුන්මිගෙ පලවෙනිම ලෙක්චර් එක එයාගෙ බව මතක් උණු ජිමින්ගෙත් මූණ බෙරි උනේ තමන්ගෙ අතීතය මතක් වීමෙන්...

එහෙත්.. පලවෙනිම දවසෙ මේ වගේ දේවල් යුන්මි අතින් වෙනවට ඇල්ෆා ජිමින් නම් කොහොමටවත් කැමති උනේ නම් නෑ..

"යා..යුන්මියා.. නෝ මිච්චස්සෝ...?? ඔයාට තව පැයකින් ලෙක්චර් එකක්...."

තමන්ට පිටුපා යන යුන්මිට ජිමින් කෑ ගහල කිව්වත් ඒ ඔමේගාව නම් කලේ කිසිත් නෑසුනා වගේ හෑන්ඩ් ෆ්‍රී දෙක කනේ ගහන් ෆෝන් එක ඔසවා ජිමින්ට පෙන්වපු එකයි..

"ආශ්.. මේ කෙල්ල..."

ඇල්ෆා ජිමින් යුන්මිට රවලා පැත්තක තිබුණු තමන්ගෙ බැක්පැක් එකත් අරගෙනම යුන්මි පස්සෙන් යන්නට උනේ තමන් තවත් මෙහි රැඳීමට හේතුවක් නොතිබූ නිසා..

මේ හිතුවක්කාර ඔමේගාව නම් මේ කපේකට මට්ටු නොවන බව කවුරු නැතත් ජිමින් නම් හොඳින්ම දැනගෙන උන්නා...

යුනි එකේ ඉදලම යුන්මි හිටියෙ වෙනදට වඩා ලොකු කල්පනාවකින් කියල තමන්ට තේරුම් ගිය නිසාම ජිමින් උනත් යුන්මිගෙ ඒ කල්පනාවට බාදා කලේ නැ.. බස් එකට නැගලත් යුන්මි කලේම ග්ලාස් එකෙන් එලිය දිහා බලාගෙන කල්පනා කරපු එක.. ඇල්ෆා උනත් යුන්මිම කතා කරන කන් බලන් හිටියෙ ඒ නිසාමයි..

"ප්‍රොෆෙසර් ලීක්යුං මොන වගේ කෙනෙක් ද...??"

අන්තිමට යුන්මි ප්‍රොෆෙසර් ගැන හෝ අහන්න ගත්තෙ තමන්ගෙ ඔලුව පුරා හොල්මන් කරන ඒ පෙරමෝන සුවඳත් ඇල්ෆා ජන්කුක්ගේ රන් පැහැති වූ බෝල ඇස් දෙකත් මොහොතකට හරි අමතක කරන්න හිතා ගෙන..

"ම්ම්ම්.. ඇත්තම කිව්වොත්.. ප්‍රොෆෙසර් ලීක්යුං ටිකක් තද ගති තියන සැර කෙනෙක්.. මුළු සෝල් යුනි එකම වගේ ප්‍රොෆෙසර්ට බයයි.. යුන්මියා... මට ඇත්ත කියනවා.. පලවෙනි දවසෙම ප්‍රොෆෙසර් ලීක්යුං එක්ක ප්‍රශ්නයක්වත් දා ගත්ත ද...?"

ජිමින් සැකෙන් වගෙ ඇහුවෙ මේ තරම් වෙලා ලොකු කල්පනාවක ඉන්න යුන්මිට හේතු උනේ ප්‍රොෆෙසර් ලීක්යුං දැයි හිතමින්..

"අනී.. අනියො...."

ජිමින්ගෙ ප්‍රශ්නයට ඉවත බලාගෙනම යුන්මි උත්තර බදින්න උනේ තමා කියූ දේවල් ප්‍රොෆෙසර් ලීක්යුංට නෑසීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමින්.. වැරදිලා හෝ එය ඇසුනේ නම් තමාට ලැබෙන දඩුවම ගැන නම් හිතන්නටවත් යුන්මි  කැමති උනේ නැහැ...

.
.
.

"යා.. කොමෙට් ඇල්ෆා පාර්ක් ජිමීඊඊඊන්.. මන් බබෙක් නෙවෙයි ගෙදරටම එක්කගෙන යන්න.. මට තනියම යන්න පුලුවන්..."

යුන්මි කොච්චර ජිමින්ව පැක් එකට යවන්න හැදුවත් ජිමින් ඒ කිසි දෙයක් නෑසුනා වගේ ඉස්සරහට යන්න ගියේ යුන්මිව තවත් කේන්ති ගස්සමින්... තමන් කියන කිසි දෙයක් ගානකටවත් නොගෙන ඔමේගාවගෙ පසුපස එන මේ ඇල්ෆා එක්ක නම් දැන් ඔමේගාව ඉන්නෙ පුපුරන්න තරමේ තරහකින්..

පොඩි දේටත් පුප්පමින් දඟලන මේ ඔමේගාවගේ තරහ ඇවිස්සිම ඇල්ෆාගේ සතුටට කරුණක් බව ඔමේගාව දන්නවා නම්...!!!

සමහර විට මේ තැන මේ මොහොතම තුන් වෙනි ලෝක යුද්ධය උනත් ඇති වන්නට බොහෝ ඉඩ තිබුණා..!

"කව්ද කිව්වෙ දැන් මන් ඔයාව ගෙදර එක්කන් යනව කියල...?? යා.. යුන්මියා.. පිස්සු හැදුනු ඔමේගාවො ගෙවල්වලට එක්කන් යනවට වඩා මට වැඩ තියෙනවා.. මන් යන්නෙ මින්සු නූනව හම්බෙන්න..."

ජිමින් අමාරුවෙන් හිනාව පාලනේ කරගෙන යුන්මිව ගනන් නොගෙන කියනකොට කෙල්ල හිටියෙ ලැජ්ජාවත් කේන්තියත් බොහොම අමාරුවෙන් පාලනේ කරගෙන කියල ඒ මුණ දැකපු ජිමින්ට නම් හොදටම තේරුම් ගියා..

"අර්ර්ර්ර්ර්... මෝඩයා...!"

ඒ එක්කම දැනුණු ලැජ්ජාව නිසාම ජිමින්ටත් ගස්සගෙනම යුන්මි ඈතින් පෙනුණු තමන්ගෙ ගෙදරට දිව්වෙ ජිමින් හිනාවෙවී යුන්මිගෙ පස්සෙන් හෙමින් එනකොට...

ජිමින් කියූ දෙය නිසා ලැජ්ජාවත් තරහත් එක්ක ගෙදරට දුවන් ආ යුන්මි පුදුමෙන් ඇස් ලොකු කරන් ගේ දිහා බලන්න උනේ මින්සු කලබලෙන් මොනවදෝ අහුරන බව තේරුම් ගිය නිසා.. කෙල්ල අතේ තිබුණු ෆයිල් එකත් පැත්තකින් තියල මින්සු ඉන්න තැනට ගියේ පුදුමෙන්...

"මිනී... ඉක්මන් කරන්න.. ඔයාගෙ බඩු හැම එකක්ම පැක් කරන්න... තව තත්පරයක්වත් ඔයාට මෙතන ඉන්න බෑ..."

මින්සු කලබලෙන් බඩු අහුරමින් කියනකොට සිද්ධ වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරුව යුන්මි නම් හිටියෙ ගල් වෙලා.. තමන්ගෙ එකම සහෝදරිය මේ විදිහට තමන්ව ගෙදරින් යවන්න හදන එක යුන්මිට ලොකු ප්‍රශ්නයක් වගේම ලොකු වේදනාවක්... ඇත්තෙන්ම යුන්මි මෙහෙ ආවෙත් තමන්ගෙ අම්ම තාත්තා ගැන ග්‍රැනී හැමදාමත් වගේ ඒ හංගන ඇත්ත දැන ගන්න වගේම අවුරුදු ගානකට කලින් තමාවත් ග්‍රැනීවත් අත හැර ගිය තමන්ගෙ සහෝදරිය එක්ක කාලෙ ගත කරන්න.. ඒ නැති උණු සෙනෙහස ආයෙම ලබා ගන්න...

ඒහෙත් මින්සුටම තමාව එපා වෙනකොට.. හැම මොහොතකම තමන්ව ආයෙම ග්‍රැනී ළඟට යවන්න හදනකොට.. යුන්මිට දැනුනෙ ලොකු වේදනාවක්.. ඒ ඇස්වලින් තරඟෙට වගේ කදුළු ගලන් යන්න ඇත්තෙ ඒ නිසාම වෙන්න ඇති...

වෙනදා ලේසියෙන් රිදෙන්නෙ නැති ඒ හිතුවකාර හිත අද වේදනාවෙන් පිරිලා...!!

පිටින් නොපෙන්නුවට යුන්මිගෙ හිතේ මින්සු ගැන තිබුණෙ ලොකු ආදරයක්.. එක කුසකින් නොඉපදුනත් මින්සු කියන්නෙ යුන්මිට හැමදාමත් එයාගෙම සහෝදරිය.. කවුරු කොහොම නෑ කිව්වත් පුංචි කාලෙ එකට ගෙවපු ඒ ලස්සන මතක ඒ හිතේ තියෙන තුරාවටම ඒක එහෙමමයි... ලේ බැඳීමක් නැති ඒ හිත් වලින් බැදුණු ඒ සහෝදර ප්‍රේමය හැමදාමත් ඒ විදිහට පවතීවි.. යුන්මි මින්සුට කෙසේ සැලකුවත් මින්සු යුන්මිට කෙසේ සැලකුවත්... ඒ බැඳීම් නොවෙනස් වන බව නම් නොඅනුමානය..

"ඔ... ඔයාට මාව වදයක් ද...?"

කෑ ගහල අඩන්න.. ආයෙම යන්න බෑ කියන්න.. එයාව තියා ගන්න කියන්න යුන්මිට ඕන වෙලා තිබුණා... ඒත් මේ තැන රැඳිලා මින්සුගෙ ජීවිතෙත් අනතුරේ දාන්න තරම් ආත්මාර්තකාමී වෙන්න යුන්මිට බැහැ..

ඇස්වල කදුළු පුරවගෙන යුන්මි අහනකොට මේ තරම් වෙලා කලබලෙන් යුන්මිගෙ බඩු අහුරපු මින්සු යුන්මි දිහා බැලුවෙ තමන් හීනෙකින්වත් හිතපු නැති දෙයක් එකපාරටම යුන්මිගෙන් පිට උණු නිසා... ඒ එක්කම මින්සු දැක්කෙ පුංචි කාලෙ වගෙ ඇස් වල කදුළු පුරවන් තමන් දිහා බලන් ඉන්න යුන්මිව.. ඉබේටම වගෙ තමන්ගෙ පුංචි නංගිගෙ ළඟට ආපු මින්සු ඇයව තම පපුවට තුරුල් කර ගත්තෙ යුන්මිට ඇති තරම් අඩන්න ඒ පපුවෙ ඉඩ හදල දෙන ගමන්...

අම්ම කෙනෙක්ගෙ වගේ උණුහුමත් ඒ රැකවරණයත් යුන්මිට ඒ මොහොතෙ දැනෙනකොට තව තවත් අලුත් වෙන කදුළු වලට ගලා යන්න දීල යුන්මි අඬන්න ගත්තෙ ඒ විදිහට හරි තමන්ගෙ දුක අඩු කර ගන්න හිතාගෙන.. මිනිත්තු කිහිපයක් ගත උනේ යුන්මිගෙ ඉකිය ටිකෙන් ටික අඩු කරමින්.. මේ සිදුවීම් සියල්ලක්ම පැත්තක ඉද බලන් හිටපු ඇල්ෆා ජිමින්ට පවා ඒ ජීවිත ගැන දැනුනෙ අනුකම්පාවක්...

"මෝඩී...! කව්ද ඔයාව මෙහෙන් යවනව කිව්වෙ...? ඔයාව යවන්නෙ Moon Valley  පැක් එකට... එහෙදි ඔයා නොදන්න දේවල් ගොඩක් දැන ගනියි.. මමයි ජිමිනුයි ඔයාව මේ තරම් කල් ආරක්ෂා කලා.. ඒත් තවත් අපිට ඔයව ආරක්ෂා කරන්න අමාරුයි... මන් ඔයාව යවන්නෙ ඔයා ආරක්ෂිතම තැනට..."

මින්සු කියනකොට යුන්මි යන්තමින් සිද්ද වෙලා තියන දේ තේරුම් ගත්තත් ඇයට තවමත් තමන්ගෙ සහෝදරියව අතහැර යන්න නම් කැමැත්තක් නොතිබුණු තරම්..

"මන් ගියාම ඔයා තනියමනෙ.. මින්සු.. අර අය ඔයාට ආයෙම කරදර කරයි..."

යුන්මි මේ කියන්නෙ cometලා ගැන බව මින්සුට නොදන්නවා නෙවෙයි.. මින්සුගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.. ඒත් ඒ හිනාව ඇතුලෙ දුක වේදනාව හිරවෙලා තිබුණා කියලයි යුන්මිට නම් හිතුණෙ..

"යුන්මියා.. බයවෙන්න එපා.. මින්සු නූනව මන් බලා ගන්නම්..."

මේ තරම් වෙලා නිහඬව ඉදපු ජිමින් මින්සුගෙ වගකීම බාර ගත්තෙ යුන්මිගෙ හිතට සහනයක් එක් කරමින්...

යුන්මි....

ජිමින්...

තමන්ගෙ නොවන මේ තමන්ගෙම බැදීම් දිහා මින්සු බලන් හිටියෙ හරි ආඩම්බරෙන්..!

තමන් විනාස කර ගත් තමන්ගෙම ජීවිතෙ රකින්න ඒ අය මහන්සි වෙනකොට මින්සුගෙ ඇස් තෙත් උනේ ඉබේමයි...

"මිනී.. ඔයා අද ඉදන් ඉන්නෙ Moon valley පැක් එකෙ.. ඔයාව මෙහෙ කොහොමටවත් තියා ගන්න බෑ.. දැනටමත් cometලා දැනගෙන මගෙ නංගි කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා.. comet කියන්නෙ මහ භයානක වුල්ෆ්ලා කට්ටියක්.. උන් ඔයා ඔමේගා කෙනෙක් කියල නොදැන උනත් දැනටමත් මාව වගේ ඔයාවත් පාවිච්චි ගන්න හදන්නෙ.. ඒ නිසා ඔයා පුලුවන් ඉක්මනටම මෙහෙන් අයින් වෙලා පැක් එකට යන්න ඕන... එහෙදි ඔයාට shadow අය උදව් කරාවි.. ඔයා කව්ද කියලත් ඔයාට ඒ අයගෙන්ම දැන ගන්න පුලුවන්.. ඔයා එහෙට ගිහින් අනිවාර්යයෙන්ම පැක් ඇල්ෆාව හොයා ගන්න.. පැක් ඇල්ෆට විතරයි ඔයාව බේර ගන්න පුළුවන් හැමදාටම... ඒත් ඇත්තටම පැක් ඇල්ෆා කවුද කියන්න අපි කවුරුවත් දන්නැ..."

මින්සු කියන කොට යුන්මි ඒ දිහා අවදානෙන් අහන් හිටියත් තමන්ට මේ කියනා විදිහේ අනතුරක් වෙන්න හේතුව ඇයි කියන්න යුන්මි දැනගෙන හිටියෙ නෑ..

"කවුරුවත් දන්නෙ නැති කෙනෙක් මන් කොහොමද හොයා ගන්නෙ.. ? හොයා ගත්තත් එයා කොහොමද මාව බේර ගන්නෙ...?? ඔක්කොටම කලින් කියනවද ඇයි මාව මේ මරන්න හොයන්නෙ කියලා..??"

යුන්මි කිව්වෙ ටිකක් සැරෙන් උනත් කෙල්ලගෙ හිත යටින් තිබුණෙ ලොකු බයක්.. හැමදාමත් වගේ මේ හිතුවක්කාර ඔමේගාව තමන්ගෙ බය හැංගුවෙ කොහේදෝ නැති කේන්තියක් පෙන්නලා... වචනයෙන් නොකිව්වත් තමන්ගෙ සහොදරිය වගේම ජිමිනුත් සැරින් සැරේ කියන මේ දේවල් වලින් තමාව මරන්න cometලා බලාගෙන ඉන්නා බව යුන්මි තේරුම් අරන් හිටියේ..

(Moon valley පැක් එකේ ඇල්ෆා ටැටූ එක)

(Wind winder පැක් එකෙ ඇල්ෆා ටැටූ එක)


"මිනී.. කලබල වෙන්නෙපා.. දැනට ඔයා මොනවත් නොදැන ඉන්න එක ඔයාගෙම ආරක්ෂාවට හොදයි...  මේ බලන්න.. මේ ටැටු එක Moon Valley පැක් එකෙ ඇල්ෆා ටැටූ එක.. මෙක හැම ඇල්ෆාවෙක්ටම තියෙනවා.. පේනවනෙ මේක wind winder පැක් එකෙ ඇල්ෆා ටැටූ එකට ටිකක් සමානයි කියලා.. මන් අහල තියෙන විදිහට මෙන්න මේ ටැටු එකත් එක්ක වුල්ෆ් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙන ටැටූ එකක් ගහල තියෙන්නෙ Moon valley පැක් ඇල්ෆාලු.. ඒත් ඒ පැක් ඇල්ෆව ඒ ටැටූ එකත් එක්ක දැකපු කෙනෙක් නෑ.. ඒක පැක් එක විතරක්ම දන්න රහසක්.. පැක් ඇල්ෆා හොයා ගන්න නම් ඔයාට පැක් එක ඇතුලටම යන්න වෙනවා..."

මින්සු කියනවත් එක්ක යුන්මි බරටම හුස්මක් පිට කලේ මෙ දේවල් ගැන හිතමින්.. සරලව ගෙවුණු තමන්ගෙ ජීවිතේ එක්වරම මේ තරම් සංකිර්ණ උණු එක යුන්මිට තවමත් දරා ගන්න බැහැ.. එන්න එන්නම මේ දේවල් සංකීර්ණ වනවා ඇරෙන්න කිසිවක් විසඳන බවක් නම් යුන්මිට නොපෙනුණා... අද ඉදන්.. තව පැය කිහිපයකට පස්සෙ තමන් කිසිදාක නොදැකපු අය එක්ක මින්සුත් නොමැතිව ඉන්න සිදු වන බව හිතනකොටත් යුන්මිට දැනුනෙ ලොකු වේදනාවක්...

"යුන්මියා.. පැක් එකට ගියාම ඔයාට ඔය මූන් ලයිටින්ග් රින්ග් එක ඕන වෙන්නෙ නෑ... ඔයා ඔමේගා කෙනෙක් කියල shadowsලට කියන්න... ඔයා ගැන කිසි දෙයක් පැක් ඇල්ෆට හංගන්න එපා.. මන් දන්න තරමින් පැක් ඇල්ෆා ඔයාව මාක් කරොත් cometලාට ඔයාට කරදරයක් කරන්න බෑ...."

ජිමින් කල්පනාවෙන් කියනකොට යුන්මි ඇස් ලොකු කරන් අහන් හිටියෙ ඒ දේවල් පිලිගන්න බැරුව..

"මෝ...?? මාක් කරන්න...? මේ මාව...? ඔයාල දැන් මට කියන්නෙ නාකි පැක් ඇල්ෆා කෙනෙක්ට කියල මාක් කරවගෙන මුළු ජීවිතේම විඳවන්න කියලද..?"

යුන්මි කෑ ගහගෙනම ඒ තැනින් යන්න ගියේ ජිමින් වගේම මින්සුත් මූනෙන් මූන බලා ගන්නකොට.. ඇත්තෙන්ම යුන්මිගෙ ඒ ප්‍රශ්නයට දෙන්න හරිහමන් උත්තරයක් ඒ දෙන්නට උනත් තිබුණෙ නැහැ..

Moon Valley පැක් ඇල්ෆා ගැන පැක් එකේම අය පවා හරි හැටි නොදන්නකොට කොමෙට් ඇල්ෆාවෙක් හා මනුස්සයෙක් කෙසේ නම් දැන ගන්නද..?

"නූනා මියානේහ්.. මාක් කරන එක ගැන මට නොකියා ඉන්න තිබුණා.. යුන්මි එයා ඔමේගා කෙනෙක් කියල පැක් එකෙන් හංගන් ඉදීවි ද...?"

යුන්මි තමන්ගෙ රූම් එකට ගිය වහාම තමන්ගෙ හඬ තරමක් අඩු කරපු ඇල්ෆා ජිමින් මින්සුගෙන් ඇහුවෙ තරමක සැකයෙන් වගේම බයකින්.. දැනටමත් යුන්මි තමන් ඔමේගාවෙක් බව හංගමින් කටයුතු කරනා හැටි දන්නා බැවින් ඇය තම හිතුවක්කාරකමට ඒ දේවල් හංගන් පැක් එක තුළ ඉදීවි යැයි ඇල්ෆාගෙ හිත නිතරම කියන්න උනා..

"ජිමිනි.. බය වෙන්න එපා.. එයා ඒ දේ කලත් වැඩක් වෙන්නැ.. එයා ඔමේගාවෙක් කියල අනිත් අය අනිවාර්යයෙන්ම දැන ගන්නවා..."

යමක් එක්වරම මතක් උණු මින්සු කිව්වෙ ලොකු විශ්වාසෙකින්... මින්සු ඒ දේ කිව්වෙ ලොකු හේතුවක් හිතේ තියාගෙන උනත් ජිමින්ට නම් ඒ කිසිවක් තේරුණේ නම් නෑ..

"නූනා.. ඒ කිව්වෙ...??"

"ඒ දේවල් ඒ විදිහට හරිම වෙලාවට සිද්ද වෙයි ජිමිනා..."

හිනාවෙමින් කියූ මින්සු එතැනින් ඉවත් උනේ නම් කොමෙට් ඇල්ෆාව තව තවත් ප්‍රශ්න ගොඩක පලටවමින්..

.
.
.
.

යුන්මිත් මින්සුත් හිටියෙ Moon valley පැක් එකේ සීමාවේ.. cometලා එක්ක සම්බන්ධතා පවත්වන කිසි කෙනෙක්ට පැක් එකේ සීමාවෙන් එහා යන්නට අවසර නොලැබුණ නිසා මින්සුට ඇයව නම්ජුන්‍ට බාර දෙන්න පුලුවන්කමක් තිබ්බෙ නැ... ඒ නිසාම මේ තැනින් තමන්ගෙ සහෝදරියට සමු දෙන්න ඇය තීරණෙ කරල තිබුණා..

"මිනී.. මෙතනින් එහාට ඔයාට තනියමයි ඉන්න වෙන්නෙ... ඉස්සරහට මොන දේ උනත් මොන ප්‍රශ්නෙ ආවත් ඒවට උදව් කරන්න මටවත් ජිමින්ටවත් බෑ.. ඒ නිසා පැක් එකෙ අය එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා.. ඇල්ෆා කිම් නම්ජුන්ට මන් ඔයා ගැන කිව්වා.. එයාව හොයන් යන්න.. ඒත් මිනී.. එයා ඔයා ඔමේගාවෙක් කියල දන්නෙ නැ... හොදට මතක තියා ගන්න ඇල්ෆා නම්ජුන් Shadow කෙනෙක්.. කවදාවත් shadowsලා  එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා.."

Shadows  ටැටූ එකත් යුන්මිට පෙන්වල දුකෙන් උනත් මින්සු ලොකු හුස්මක් හෙලලා අවසාන වතාවට තමන්ගෙ සහොදරියව තදින් තුරුල් කර ගත්තෙ හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න උදව් කරන මෙන් හිතින් ලූනාගෙන් ඉල්ලමින්..

(Shadow ටැටූ එක)

(Comet ටැටූ එක)

"අයිගෝ.. පබෝයා..  අපෙ චන්ඩි කෙල්ල මේ අඩනව ද..? මන් යුනි එකට එන්නම් ඔයාව බලන්න.. හරි දැන් යන්න...පරිස්සමෙන්...."

යුන්මි තමන්ගෙ ඇස් මානෙන් මැකි යන තෙක් බලා හිටි මින්සු එතැනින් යන්න ගියත් යුන්මි තම ගමන එහෙමම නතර කරමින් පැක් එක පුරා ඇස් යවන්න උනා.. වටපිටාවෙ කිසිවෙක් නොමැති බව තේරුම් ගත් යුන්මිගෙ මුහුණට ආවෙ තරමක දඟකාර හිනාවක්..

" කොමෙට්ලා අතින් මැරුණත්... නාකි පැක් ඇල්ෆාවෙක්ගෙ සෙල්ලම් බඩුවක් නම් වෙන්නෑ...."

යුන්මි තමන්ටම කියා ගනිමින් මේ තරම් වෙලා තමන් අන් හැමෝටම හොරා රැගෙන ආ මූන් ලයිටින් රින්ග් එක සහිත චේන් එක කරේ දාගෙන පර්ෆියුම් එකත් ගහගෙන පැක් එකේ ඇතුලට ගියේ හිතේ ලොකු විශ්වාසයක් එක්ක.. පැක් එක තුලට තබන අඩියක් අඩියක් පාසා කිසිම දවසක තමා ඔමේගාවෙක් බව කිසිවෙක්ට නොකියන්න යුන්මි තමාටම පොරොන්දු උනා.. 

මේ පණ්ඩිත ඔමේගාවගේ හිතුවක්කාරකම් වල කෙළවරක්  නම් පේනතෙක්මානෙකවත් නොමැති පාටයි...!







.........................................................
.........................................................

බෝරින්ග්  වගෙද..? මන් ලියන ටයිප් එකේ වෙනසක් වෙලා වගෙ ද...?

Continue Reading

You'll Also Like

562K 49.1K 29
Taekook Fanfiction Jeon Kim Own creation
274K 48.1K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
302K 38.6K 25
လိုက္ခဲ့မယ္မလား... ငါတို႔ႏွစ္ေယာက္တည္း႐ွိမဲ့ရပ္ဝန္းဆီကို လိုက်ခဲ့မယ်မလား... ငါတို့နှစ်ယောက်တည်းရှိမဲ့ရပ်ဝန်းဆီကို
4.1K 105 32
Born into a strange pairing Jaune is the Natural Born son of Roboutte Guilliman and Yvraine, This union would make the Imperium stronger during their...