🐺Fate 🐺 || JJK (COMPLETED)

By Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... More

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

තක්කාලි සෝස් 🐺

824 242 34
By Chimthri

යුන්මිගෙ පලවෙනි ලෙක්චර් එක ගෙවුණෙ නම් පුදුමාකාර තරමේ කම්මැලිකමකින්.. කතා කරන්නට කෙනෙකු හෝ නොමැතිව තනියෙන් ගෙවුණු ඒ පැය තුන ඇතුලත තම ඇස් දෙක ඇරගෙන ඉන්න පවා යුන්මි ලොකු වෙහෙසක් ගත්‍තා.. ඇල්ෆා ජිමින් සිනියර් කෙනෙකු නොවී තමන්ගේම බැජ් එකේ උණා නම් කොයි තරම් හොද දැයි ඒ ගෙවුණු පැය තුනට සිය දහස් වතාවක් යුන්මිට හිතෙන්න ඇති...

යුන්මිගෙ ලෙක්චර් එක කොයි තරම් නිදිමත එකක්ද කිව්වොත් කෙල්ල දෙතුන් වතාවක්ම නින්දෙන් තමන් ඉස්සරහ තියෙන ඩෙස් එකේ මූණ වද්ද ගන්නත් උනා... ඒ සෑම මොහොතකම වගේ යුන්මිගෙ කටින් තමන්ට වඩාත් හුරුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් අසභ්‍ය වචනයක් දෙකක් පිට වෙන්නත් උනේ ඇය හිතන්නත් කලින්... වාසනාවකට ලෙක්චර් හෝල් එකේ එහාම කෙලවරක වැඩි පිරිසක් නොසිටි තැනක යුන්මි වාඩි වී හිටි නිසාම එලෙස යුන්මිගෙ කටින් පිට වූ වචන දෙතුන් දෙනෙකුට ඇරෙන්න වෙන කිසිවෙක්ට නොඇසුණා... වැරදිලා හෝ තම ප්‍රොෆෙසර් හට එය ඇසුනේ නම් මේ හිතුවක්කාර කෙල්ලට භාෂා භාවිතය හා එහි වැදගත්කම පිලිබඳව පිටු විස්සක පමණ දීර්ඝ විස්තරයක් සහිත විචාරයක් දඬුවමක් ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රොෆෙසර් ලීක්යුං පවරන බව නම් යුන්මි හැර අවට සිටි සියල්ලෝම දැන උන්නා...

ලෙක්චර් එක ඉවර වෙන නියමිත වෙලාවට මිනිත්තු පහකට පමණ පෙර සිට එක දිගට දහ දොලොස් පාරක්ම තම ඔරලෝසුවට එබුණු යුන්මිට නම් තිබුණේ ලොකු නොඉවසිල්ලක්.. පලවෙනි දවසෙම යුන්මිට නම් ප්‍රොෆෙසර් ලීක්යුංව නම් තිත්ත වී ඇති පාටයි...

අවසානයේ නියමිත වේලාවත් පසුවී තවත් අමතර විනාඩි දහයක් පමණ තමන්ගෙ ප්‍රොෆෙසර් ලෙක්චර් එක නොනවත්වා කරගෙන යන කොට ඇල්ෆා ජිමින් අද උදේම තමන්ට දුන් තවමත් කරේ එල්ලෙන ඒ වයිට් ගෝල්ඩ් මුන් ලයිටින්ග් රින්ග් එක ගලවා දමා තම වෘක ස්වරූපයට පැමිණ සියල්ලෝම බය කර එලවා දැමීමට ඔමේගාවට කිහිප සැරයක්ම සිතුනත් ඈ සියල්ල ඉවසාගෙන සියේ නම් පුදුම තරමේ අපහසුවෙන්.. එහෙත් එම හිතුවක්කාර අදහස හිතට එන සැරයක් පාසා හිතට දැනෙන ඒ සතුටත් ප්‍රොෆෙසර් ලීක්යුංගේ ඒ බය උණු මූණත් මවා ගන්නා සැරයක් පාසා මූණට මැවෙන ඒ කපටි මුරණ්ඩු හිනාව නම් යුන්මිගෙ මූණෙන් නොනවත්වාම පිටතට පෙනෙන්නට උනා..

අවසානයේ කිසිවෙක්ට කිසිම අතුරු අන්තරාවක් නොවී ලෙක්චර් එක ඉවර උණේ ලූනා යුන්මිට දුන් ඒ දෛවයට පින් සිද්ද වෙන්න උනත් ලෙක්චර් එක අවසානෙදි පවා යුන්මි නම් හිටියෙ ලොකු නිදිමතකින්.. මිනිත්තු කිහිපයක් හෝල් එකේ හැමෝම වගෙ ඉවත් වන තෙක් ඩෙස් එකටම ඔලුව තියන් නිදා ගත්තු යුන්මි හෝල් එකෙන් පිටතට ගියේ වැනි වැනී..

සෝජු බෝතල් හත අටක් එක වර බීපු කෙනෙක් මෙන් යුන්මි නිදිමතෙ වැනි වැනී හෑන්ඩ් ෆ්‍රී දෙකත් කනේ ගහගෙන හෝල් එකෙන් එලියට එන හැටි ඇල්ෆා කිම් බලන් හිටියෙ නම් දඟකාර හිනාවක් එක්කයි..

"ආශ්... අර පිස්සු ප්‍රොෆෙසරයා... ලීක්යුං.. අර්ර්ර්ර්... ඒ මනුස්සයා හොදයි රෑට නිදා ගන්නෙ නැතුව දස වද දෙන පොඩි උන් නිදි කරන්න..."

හෑන්ඩ් ෆ්‍රී දෙකත් කනේ ගහගෙන කෑ ගහන යුන්මි දිහා ළඟ හිටි කිහිප දෙනෙක් පුදුමෙන් බලන් හිටියෙ මුළු සෝල් යුනි එකම බය ප්‍රොෆෙසර් ලීක්යුංට ඒ විදිහට කවදාවත් නොදැකපු කෙල්ලෙක් බය නැතුව කතා කරන විදිහ දිහා..

යුන්මි...!!

ඒ පිස්සු ඔමේගාව....!

හෑන්ඩ් ෆ්‍රී දෙක පිටින්ම මුළු සෝල් යුනිවසිටි එකෙන් බාගෙකටම ඇහෙන්න කෑ ගහමින් ලීක්යුංට බනිමින් හිටියා...!

"ආශ්... ඔක්කොමත් හරි ප්‍රොෆෙසර් ලීක්යුංගෙ ගඳ... බ්වෑක්ක්ක්ක්..."

යුන්මි මූනත් හකුළුවගෙන නහයත් අතකින් තද කරගෙන සද්දෙන් කෑ ගැහුවෙ අවට අයත් හිනස්සවමින්.. යුන්මි දිහා හැංගී බලන් හිටි ඇල්ෆා කිම්ගේ මූණට පවා හිනාවක් ආවෙ සැබැවින්ම ප්‍රොෆෙසර් ලීක්යුංව මතක් වීමෙන්..

සැබැවින්ම.. යුන්මි.. ඇය සාදාරණයි... අනෙක් සියල්ලන්ටම වඩා වුල්ෆ් කෙනෙකු බවට පරිවර්තනය වීම නිසා යුන්මිට තිබුණේ සාමාන්‍ය මිනිසකුගේ සංවේදීතාවට වඩා වෙනස් සංවේදනයක්.. ඒ හැරත් මැදි වයසේ පසු වූ ප්‍රොෆෙසර් ලීක්යුං තරමක අපිරිසිදු අපිලිවෙල පුද්ගලයෙක්..

එනිසා යුන්මිට එලෙස දැනීම සාමාන්‍ය නොවේද...?

එසේ දැනීම සාමාන්‍ය උනත් මේ හිතුවක්කාර පිස්සු ඔමේගාවගේ කෑ ගැහීම නම් අසාමාන්‍යයි කියා ඇයටම දැනෙන්න උනේ ඈ වටේ සිටි සියල්ලෝම ඈ දෙස බලා ඉන්නා බව තේරුම් ගිය විටයි...

තමා දෙස අමුතුවෙන් බලා ඉන්නා අය දුටු යුන්මිට දැනුණෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලැජ්ජාවක්.. යුනිවසිටි ආපු පලවෙනි දවසෙම හැමෝම ඉස්සරහ ලැජ්ජා වෙන්න උනේ තමන්ගෙ කේන්තියත් නොසැලකිල්ලත් නිසා බව තේරුම් ගත් ඇය තමන්ටම හිතින් බනිමින් අතෙ තිබූ ෆයිල් එකෙන් මූණ ආවරණය කරගෙන කැෆටේරියා එක පැත්තට අඩි තියන්නට උනේ කලබලෙන්..

යුන්මිගෙ මේ විකාර හැසිරිම් සියල්ලම බලා හිටි ඇල්ෆා කිම් තමන් හිටි තැනින් ඉවත්ව පාරේ යමින් සිටි දෙතුන් දෙනෙකුගේම ඇඟේ හැපෙමින් කැෆටේරියා එකට දුවන්නට උනේ යුන්මිට පෙර එහි යාමටයි...

ඇල්ෆා කිම්... ඔහු දවස් ගණනක් යුන්මි නැවත පැමිනෙණ තුරු නොඉවසිල්ලෙන් හිටි බව නම් යුන්මි හීනෙකින්වත් වත් දැනගෙන හිටියෙ නැහැ... තමාටත් පැක් ඇල්ෆා ජොන්ටත් සිදු උණු අවනම්බුවට යුන්මිට පාඩමක් උගන්නන්නට බොහෝ දවසක් ඇල්ෆා කිම් ටේහ්යොන්ග් බලන් හිටියත් යුන්මිගේ නොපැමිනීම එය දිනෙන් දින අතපසු වෙමින් තිබුණා..

එහෙත් අද...

ඒ හිතුවක්කාර තරුණිය නැවත ඇල්ෆාගෙ ඇස් ඇසල..

ඇල්ෆා කිම්ට තවත් නිකරුණේ නාස්ති කරන්නට නම් වෙලාවක් තිබුණේම නැහැ..

අහෝ..!!

ලූනා...!!

ඔමේගාවට නම් නරක කල දසාවක් ලැබී ඇති හැඩයි...!

.
.
.
.
.

ඇල්ෆා ටේහ්යොන්ග් කලබලෙන් කැෆටේරියා එකට දුවගෙන ආවෙ තමන් ඒ නම නොදන්න තරුණියට හොඳ පාඩමක් උගන්නන්න හිතාගෙනයි... ඇල්ෆා කිම් කැෆටේරියා එකට එනවත් එක්කම දැනටමත් කැෆටේරියා එකේ ඉදපු කිහිප දෙනාගේ අවදානය ඒ වෙතට යොමු උනත් ඇල්ෆා නම් ඒ දේ ගැන ඒ තරම් වද උනේ නැහැ.. කඩවසම් ජොන් ජන්කුක් වගේම ඔහුගේ එකම මිතුරා උණු කඩවසම් කිම් ටේහ්යොන්ග්ට තමා ඉන්නා සැම තැනකම පාහේ මෙලෙස ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව සියල්ලගෙම අවදානය ලැබෙන එක ඔහුට හොදින් හුරු පුරුදු දෙයක්.. එය එක්තරා ආකාරයක කරදරයක් උනත් මේ මොහොතෙ ඒ දේවල් ගැන කරදර වෙන්න ඇල්ෆට ඕනි උනේ නැහැ..

ඇල්ෆා කිම් කලබලෙන් ඇවිත් කැෆටේරියා එකෙ මැද්දට වන්නට තිබුණු හිස් ටේබල් එකක් ළඟින් හති අරිමින් වාඩි වෙන හැටි ඊට මදක් පිටි පස්සට වන්නට තිබූ හිස් ටේබල් එකක හිටි ඇල්ෆා පාර්ක් දැක්කත් ජිමින් ටේහ්යොන්ග් ගැන ඒ තරම් සැලකිල්ලක් නොදක්වා යුන්මි පැමිණේ දැයි වරි වර කැෆටේරියා එකෙන් පිටත බලමින් හිටියා...

තත්පර කිහිපයක් තමා වාඩි වූ තැනින් හති අරිමින් සිට ටේබල් එක උඩ තිබූ තක්කාලි සෝස් බෝතලේට අත යවා කට කොනින් සිනහ වෙමින් එය ටේබල් දෙකක් අතර මැද වූ පොලවට දමනා හැටි යුන්මිගෙ සිහියෙන් හිටි ඇල්ෆා ජිමින් නම් නොදුටුවා.. ඒ හැරත් අනෙත් කොමෙට්ලා මෙන් ශැඩෝ ඇල්ෆා කිම් ටේහ්යොන්ග් සමඟ ප්‍රශ්න ඇති කර ගන්නට ජිමින්ට කවදාවත් අවශ්‍ය උනේ නම් නැහැ..

"ජිමින්..."

ෆයිල් එකෙන් යන්තම් ඇස් දෙක විතරක් පේන විදිහට හදාගෙන කලබලෙන් ආ යුන්මි කැෆටේරියා එකේ වැඩි දෙනෙක් නොසිටි නිසාම මුහුණෙන් ෆයිල් එක අයින් කරගෙනම ඇල්ෆා ජිමින් ළඟට යන්න හැදුවෙ කලබලෙන්.. ඇත්තෙන්ම යුන්මිට ඇල්ෆට කියනත් ඇල්ෆගෙන් අහන්නත් බොහොමයක් දේවල් තිබුණා.. ඒ අතර ප්‍රොෆෙසර් ලීක්යුං උඩින්ම හිටියෙ මේ විනාඩි කිහිපයට ඔමේගාවට හිසේ කැක්කුමකුත් ඇති කරලා..

ඈත තියාම ජිමින්ව දුටු යුන්මි කෑ ගහගෙනම ජිමින් ඉන්නා තැනට දුවන්නට උනේ සතුටින්.. තමා මේ සෝල් යුනි එක තුල දන්නා එකම තැනැත්තා උනු ඇල්ෆා ජිමින් දැකීම යුන්මිට ලොකු සතුටක් එක් කලා.. ඒ නිසාම තමන් දිහා බලමින් කට කොනකින් හිනාවෙමින් ඉන්නා කලින් දිනකදී සෝල් යුනි එක තුළම තමා සිප ගත් ඒ පිස්සු තරුණයාගේ යහලුවා නම් යුන්මි දැක්කෙ නම් නැ..

කලබලෙන්ම ඇල්ෆා වෙත දිව යන යුන්මි වෙතට කකුල් මාට්ටුවක් දැමූ ටේහ්යොන්හ් නම් හිටියෙ තමන් ගත් පලිය ගැන සතුටින්..

එහෙත්... අවාසනාවකට.... ටේහ්යොන්ග්ට නම් ඔහුගේ ඒ පලිය සිතූ පරිදිම ගන්නට නොලැබුණේ කොහෙන්දෝ සිට පැමිණි පැක් ඇල්ෆා ජොන් ජන්කුක් නිසාවෙන්...

පැක් ඇල්ෆා ජොන් ජන්කුක්...!!

ඇල්ෆා කිම්ගේ ඒ පලි ගැනීම ඒ වෙනකොටත් තනිකරම විනාශ කර දමා තිබුණා...!

බිම වැටී තක්කාලි සෝස් නාමින් ඉන්නා ඒ නම නොදත් අහංකාර තරුණිය දැක ගැනීමේ ආශාවෙන් බිම බැලූ ඇල්ෆට නම් උතුර දකුණත් මාරු උනේ පැක් ඇල්ෆාවත් පෙරලගෙන ඒ මත සැපට ඉන්නා ඒ අහංකාර තරුණිය දැකීමෙන්...

"ජ...ජ.... ජන්කුක්...."

බිම වැටී සෝස් ඇඟපුරාම ගාගෙන ඉන්නා ජන්කුක් දැක ඇල්ෆා කිම්ට වචනත් පැටලෙන්නට උනේ කාටත් වඩා හොදට තමා මේ හිතුවක්කාර pure blood ඇල්ෆාගේ කේන්තිය දන්නා නිසාවෙන්..

"යුන්මි.. අමාරුවක් නෑ නේද..? "

යුන්මි ඇල්ෆා ජන්කුක්වත් පෙරලගෙනම බිමට වැටෙන හැටි ටේහ්යොන්ග්ට මදක් ඈතින් ඉදන් බලන් හිටි ඇල්ෆා ජිමින් කලබලෙන් වගේ ඒ තැනට ආවෙ යුන්මිගෙ මේ පොඩි අතපසු වීම ලොකු යුද්දෙකට හේතුවක් වෙයි කියල හිතින් බය වෙන ගමන්... ඇත්තෙන්ම ඇල්ෆා ජිමින්, ටේහ්යොන්ග් යුන්මිට කරපු දේවත් ඇල්ෆා ජන්කුක්ගෙ ඇස් යුන්මි එක්ක යා උණු ඒ මොහොතේ ඇල්ෆාගෙ ඇස් වල උණු වෙනස් විමවත් හරි හැටි දැක්කෙ නම් නෑ..

"මියානෙහ් ජන්කුක්.. යුන්මි ඒක හිතල කලේ නෑ..."

ජන්කුක් මොනවත් කියන්නත් කලින් හැමෝගෙන්ම සමාව අරන් යුන්මිවත් ඇදගෙන ඇල්ෆා පාක් එතනින් ඉවත් උනේ යුන්මි මූනත් දෙක කරගෙන ඉන්නකොට.. ඇත්තටම මේ මුරණ්ඩු ඔමේගාවට තමන්ව කකුල් මාට්ටුවක් දාලා බිම වට්ටපු ඒ නසරානි කොල්ලට හොදවයින් දෙකක් යන්න ඕන වෙලා තිබුණත් ජිමින් මැද්දෙන් පැනල සියල්ලම විනාශ කරපු එක ගැන තිබ්බෙම තරහක්..

යුන්මිවත් රැගෙන ජිමින් යන දිහා ඇල්ගා කිම් ටේහ්යොන්ග් නම් බලන් හිටියෙ කටත් ඇරගෙන.. එකපාරටම ඔලුවට වැදුණු තද පාරක් නිසා ටේහ්යොන්ග් පියවි සිහියට ආවත් ඇල්ෆා දැක්කෙ නම් ඒ තරම් ඇඟට ගුණ දෙයක් නම් නෙවෙයි...

"යා.. කිම් ටේහ්යොන්ග්.. බලනව මගෙ හැටි...."

ජන්කුක් තරහින් ටේහ්යොන්ග්ට රවමින් කියනකොට තමන් කල දේ ආපිටට තමාටම කැරකුණු බව නම් ඔහු හොදින්ම තේරුම් ගත්තා.. සුපුරුදු පරිදි පැක් ඇල්ෆාගෙ බැනුම් වලට තම කන් දෙකත් ලැහැස්ති කරගෙනම ටේහ්යොන්ග් හිටියත් ඔලුවට පොඩි පාරකුත් රැවීමකුත් හැර වෙනත් කිසිවක් ඇල්ෆා නොකියූ නිසා ටේහ්යොන්ග් හිටියෙ නම් තවත් පුදුම වෙලා..

මේ තරම් විනාශයක් වෙලත් ඇල්ෆා තමන් හිතූ තරම් කේන්ති නොගැනීමම පුදුම වෙන්න හේතුවක් නොවේ ද...??

අද දවස ඇතුලත තමා මේ පුදුම උණේ කී වෙනි වතාවට දැයි ටේහ්යොන්ග්ටම මත නැති තරම්..

"ඇයි අර කොමෙට් ඇල්ෆා එක්ක අර අලුත් කෙල්ල මේ තරම් ෆිට්.. ඇල්ෆා කෙනෙක් මනුස්සා කෙල්ලෙක් එක්ක...?? ඒක ටිකක් ඕනවට වඩා වැඩියි... යා...ජන්කුකා... ඉදල ඉදල මන් අර මුරණ්ඩු කෙල්ලට උගුලක් ඇටෙව්වම මොන එහෙකටද ඒ වෙලාවෙම මෙතනට ආවෙ...?"

ටේහ්යොන්ග් එක දිගට කියවගෙන ජන්කුක් පස්සෙ යනකොට කිසිවක් නොකියපු ජන්කුක් හිටියෙ කල්පනාවෙන්.. වරින් වර ටේහ්යොන්ග් දිහා රවා බලපු එක ඇරෙන්න වෙන කිසිම ප්‍රතිචාරයක් ජන්කුක්ගෙන් නම් ලැබුණේම නැති තරම්.. තම පැක් ඇල්ෆා තමා වෙත රවා බලන සැරයක් සැරයක් පාසා ටේහ්යොන්ග් නිශ්ෂබ්ද උනත් ඒ ඇල්ෆා කිම්ගේ කන්දොස්කිරියාවෙන් නම් පැක් ඇල්ෆා ජොන්ට ලේසියෙන් බේරෙන්න නම් පුලුවන් උනේ නැහැ..

ටේහ්යොන්ග්ගේ කියවිල්ල ගැන අවදානය නොදුන් ජන්කුක් හිටියෙ මොහොතකට කලින් තමන්ට උණු දේවල් ගැන බැරෑරුම්ව හිතන ගමන්.. ටේහ්යොන්ග් නොදන්නවා උනාට ඇල්ෆගෙ හිත මේ වෙනකොටත් හෙල්ලිලා තිබුණෙ යුන්මි නිසා.. ඒකට හේතු කීපයක් තිබුණා..

එකක්..

ඇල්ෆට වෙනදා වගේ ඒ කෙල්ලගෙන් මිනිස් සුවඳක් ආවෙ නෑ...!!!

ඒ වෙනුවට සැර පර්ෆියුම් සුවඳකුයි ඇල්ෆාට නම් දැනුණෙ... සාමාන්‍යයෙන් මනුස්සයෙක් පර්ෆියුම් එකක් ගැහුවත් අනිත් සියල්ලටම වඩා තියුණු සංවේදනයක් තිබුණු ජන්කුක්‍ට ඒ පර්ෆියුම් සුවඳත් මිනිස් සුවඳත් එකිනෙක වෙන් කර ගන්න පුලුවන් හැකියාවක් තිබුණා..

ඒත් මේ කෙල්ල ඊට වෙනස්...!! ඇයගෙන් වෙනදා තිබුණු මිනිස් සුවඳත් අතුරුදන් වෙලා...!!

අනෙක...

මේ කෙල්ල දකින වාරයක් ගනෙම තමන්ටම නොතේරෙන හුරුපුරුදු හැඟිමක් එක්ක තමන් පාලනෙන් ගිලිහෙන්න යන හේතුව නම් ඔහු නොදැන උන්නා..

ඒ වගෙම..

ටේහ්යොන්ග් කියන්න වගේ ඇල්ෆා ජිමින් මේ කෙල්ල එක්ක මේ තරම් එකතුව හිදීම ඇල්ෆා ජන්කුක්ගෙ හිතට ඇති කලේම සැකයක්.. මේ දේවල් හිතමින්ම ඇල්ෆා වොශෲම් පැත්තට ගියේ තම ඇඟ පුරා තිබුණු තක්කාලි සෝස් පිහිදා ගැනිමට උනත් මේ දවස් වල තමන්ට සිද්දවෙන දේවල් ජන්කුක්ට තාමත් ප්‍රෙහේලිකාවක්...

.
.
.
.

ජිමින් යුන්මිවත් අරගෙනම ආවෙ යුනි එකේ වැඩි සෙනඟක් නොමැති පාලු පැත්තකට.. ඒකට හේතුවක් තිබුණා.. විශේෂයෙන්ම ඇල්ෆා ජිමින්ට මීට මොහොතකට කලින් යුන්මිට හම්බුණු ඇල්ෆාවන් දෙන්නා ගැන පොඩ්ඩක් කියල දෙන්න ඕනෑ වෙලා තිබුණා.. ඒ නිසාම තමන් කොහෙන් පටන් ගන්න දැයි හිතමින්ම ජිමින් කල්පනා කලත් යුන්මි නම් හිටියේම වෙනමම ලෝකෙක..

"යුන්මියා.. ඒ ඇල්ෆලා.. ඔයාට පෙරමෝන වලින් ඒක හදුන ගන්න පුලුවන් නේද දැන්...."

ජිමින් යුන්මි දිහා බලාගෙන බැරෑරුම්ව ඇහුවත් යුන්මි නම් හිටියෙ වෙන දෙයක් ගැන ආයෙම හිතමින්.. ඒත් ඒ කල්පනාවෙන්ම යුන්මි ඕනෑවට එපාවට ජිමින්ට පිලිතුරු දුන්නෙ ඇත්තෙන්ම යුන්මි ඒ දෙන්නම ඇල්ෆාවරු බව මේ වෙනකොටත් තේරුම් අරන් තිබුණු නිසා...

"යන්තම් ඇති.. මන් හිතුවෙම ඇල්ෆා ජන්කුක්ට තරහ යයි කියල.... ඇල්ෆා ටේහ්යොන්ග් උනත් බයයි ඇල්ෆා ජන්කුක්ගෙ තරහවට....."

ජිමින් කියපු දේට මේ තරම් වෙලා කල්පනාවෙන් හිටි යුන්මි ගැස්සිලා ගියේ ඇල්ෆා ජන්කුක්ගෙ නම ඇහෙන කොට..

"ඔයා කියන්නෙ මන් අර බිම පෙරලන් වැටුණෙ pure blood alpha ජන්කුක්ව කියල ද...?"

යුන්මි ඇස් දෙකත් ලොකු කරන් පුදුමෙන් අහනකොට ජිමින් කලේ ඒක අනුමත කරන්න ඔලුව වනපු එක විතරයි...

"අනී.. වෙන්න බැ... ආශ්.. නා මිච්චන්කෙත්තා (ආශ්.. මට පිස්සු වගේ..)"

යුන්මි කලබලෙන් අතකින් ඔළුවටත් තට්ටු කරමින් අඩියක් පොලවෙ හප්පමින් එකපාරටම දඟලන්න ගත්තෙ ජිමින්වත් පුදුම කරමින්.. මොන තරම් එකට හිටියත් ඇල්ෆා ජිමින්‍ට උනත් වෙලාවකට මේ පිස්සු ඔමේගාවගේ හැසිරීම් නම් තේරුම් ගන්නම බැරි තරම්..

"අ . අනී.... අනියෝ..."

ටිකක් වෙලා දඟලමින් හිටි යුන්මි දිහා ඇල්ෆා බලන් හිටියෙ හිනා වෙමින්.. ඒත් යුන්මි නම් ඇල්ෆගේ මේ හිනාව නොදැක්කෙ මෙ වෙනකොටත් ඇස් පියාගෙන තමන්ට ටිකකට කලින් සිද්ද උණු දේවල් ගැන ඇය හිතමින් සිටි නිසා..

ඇත්තෙන්ම.. ඔමේගාව නම් හිටියේම තනිකරම ලොකු පැටලැවිලි ගොඩක් එක්ක..

ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි... ඒ පැක් ඇල්ෆා ජොන් ජන්කුක් නිසාවෙන්...!!

පැක් ඇල්ෆා ජොන් ජන්කුක්ගේ ඒ මින්ට් මිශ්‍ර කස්තුරි සුවඳේ තිබූ මත් වෙන ගතිය සැබැවින්ම යුන්මිව අවුල් ජාලාවක පටලවල තිබුණා.. වෙන කිසිම ඇල්ෆාවෙක්.. අඩුම තරමේ ජිමින්ගෙන්වත් නොදැනුණු ඒ අමුතු පෙරමෝන සුවඳ හමුවේ තමා ඇතුලාන්තයෙන්ම අවුල් වී යන බවක් යුන්මිට දැනෙන්න උනා..

තමා පරිවර්තනය වීමට පෙර ජන්කුක්ව හමු උනත් යුන්මිට මෙවැනි වෙනසක් නොවුණු බව නම් ඇයට හොදින්ම විශ්වාසයි.. එහෙත් මෙවර.. තමා ඒ ඇල්ෆාටම ඇදී යන්නට හදනා හේතුව නම් යුන්මිගෙ හිත පිලි ගන්නට කැමති උනේ නම් නැහැ.. ඒ හැරත් ඇල්ෆා ජන්කුක්ගේ ඇස් වල වර්ණය වෙනස් වී රන් පැහැයක් ගැනීම යුන්මිගෙ බය තව තවත් වැඩි කරලා තිබුණා...

මොහොතකට කලින් ඒ හමු වූ pure blood ඇල්ෆාගේ ඒ පෙරමෝන හමුවේ යුන්මි තුළ බලෙන් යටපත් කර තිබූ ඔමේගාව නැවත පණ ලබලා තිබුණෙ හැමෝටම හොරෙන්..

ලූනාගේ පැතුම අනුව ඒ දේවල් වෙලා තිබුණා..!

දෛවයට අනුව ඔවුන් එකිනෙකා හමු වෙලා තිබුණා....!!

දෛවයත් එයම නම්... සිදු විය යුත්තත් එයම නම්.... තම ඇල්ෆාව හදුනා ගත් පිටතට එන්නට උත්සාහ කරන ඒ ඔමේගාව මූන් ලයිටින් රින්ග් එකකින් තව කොපමණ කල් නම් පාලනය කරන්න ද...?

කෙසේ නම් බැමි යොදා හිර කර තබන්න ද...?

දිනෙක ඒ බැමි සියල්ලම බිදේවී...

එදිනට ඔවුන් ඔවුන්ගේම වෙවී....

ලූනාගේ පැතුම ඉටු වේවී....!!








..........................................................
..........................................................

සැයු :-

මේකෙ මගෙ ඉමැජිනේශන් ටිකක් තියෙනවා..

1. මූන් ලයිටින් රින්ග් එක දැම්මම සාමාන්‍යයෙන් වෙන්නෙ හඳ එලියට වුල්ෆ් කෙනෙක් වෙන එක නතර වෙන එක..(හොයා ගත්තු විදිහට) මේකෙ මන් ඉමැජින් කලා මූන් ලයිටින් රින්ග් එක තියෙනකන් දවල් උනත් රෑ උනත් වුල්ෆ් කෙනෙක් විදිහට පරිවර්තනය වෙන්න බෑ කියල

2. පෙරමෝන නැති කරන පර්ෆියුම් එක ගැහුවම ඒ ගහපු කෙනාගෙ පෙරමෝන සුවඳ අනිත් අයට නොදැනුනාට ඒ ගහපු කෙනාට අනිත් අයගෙ පෙරමෝන අදුර ගන්න පුලුවන් කියන එක..

කිව්ව එක තේරුණෙ නැත්න්ම් මෙහෙම කියන්නම්...

යුන්මි පර්ෆියුම් එක ගැහුවම යුන්මිගෙ රෝස මිශ්‍ර ලැවැන්ඩර් පෙරමෝන සුවඳ ජන්කුක්‍ට දැනුනෙ නෑ.. ඒ උනාට ජන්කුක්ගෙ මින්ට් මිශ්‍ර කස්තුරි සුවඳ යුන්මිට දැනුනා..

මේක තනිකරම මන් ඉමැජින් කලේ.. මොකද මට ඇත්තටම පෙරමෝන සුවඳ නැති කරන්න ගන්න පර්ෆියුම් ගැනයි එක ගැහුවම වෙන්නෙ මොනවද කියන එකයි හොයන්න බැරි උන..

3. තව ඉතින් පර්ෆියුම් සුවඳ මිනිස් සුවඳ වෙන් කර ගන්න පුලුවන් කියන ඒව ඉතින් මගෙ ඉමැජිනේශන්...

(ලමයි තව කතාවෙ මගේ ප්‍රධාන ඉමැජිනේශන් දෙකක් තියේ.. ඒක කතාවෙ අන්තිමට කියන්නම්.. ඒ නිසා කොපි කලොත් ඉතිම් අහු වේවී... )

ජීනී & කටූ තෑන්ක්ස් මට ලස්සන ජවර්

Continue Reading

You'll Also Like

489K 66.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
38.4K 5.7K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
948K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK