"සීනි......( Sugar....)
සීනි..........."(Sugar....)
අපි පණ කඩාගෙන දුවද්දි සෑහෙන ඇතින් මට ලාවට වගේ ඇහුණා.
මොකක් ? දුවද්දී මගේ මොළය හරියට function වෙන්නැද්ද ...නැත්තම් ඉතින් ගෙදර සීනි නෑ කියලා ඒ අයට අපිව මරන් කන්න වගේ පස්සෙන් එන්න ඕනද ???
යුන්ගි දිහා බලන්න ඔලුව හරවන්නවත් මට වේලාවක් තිබුනේ නැත්තෙ මම ඒ හාදයාගේ ජීවිතේ බේරගන්න එයාවත් ඇදගෙන කවුද අපේ පස්සෙන් එලවන්නෙවත්, හරියට යන්නෙ කොහෙදවත් කියලා නොදැන පණ කඩාගෙන දුවමින් හිටපු හන්දයි.
එක එක ෆ්ලැට්ස් , බිල්ඩින්ග්ස් කැෆේ, රෙස්ටොරන්ට් තිබිච්චි පුංචි අතුරු පාරවල් දිගේ සිහියක් නැතිව පුංචි මීයෝ දෙන්නෙක් වගේ , අපේ පිටිපස්සෙන් ඇහුණු සද්ද ඇහෙන එක නැත්තට නැති වෙනකම්ම දුවලා අන්තිමෙදි එකදිගට වහලා තිබුනු shops කීපයක් ගාව නැවතිල අපි හති අරින්න ගත්තා.
"හාහ්... මරු..."
එයා හති අරිමින් සතුටින් උඩ පැන පැන වගේ කිව්වෙ හරියට මේ දැන් මැරතන් එකක් දුවලා පළවෙනි ස්ථානය ගත්තු පොඩි ලමයෙක් ගානට..
මම අත් දෙකත් බැඳගෙන ඔලුව අංශක ගානක් ඇලකරලා සාමාන්‍යයෙන් ගොඩක් events වලදි ගෑනුලමයිට photography ගැලපෙන්නේ නෑ කියලා කියද්දි දාගන්න රැවිල්ල දාගෙන එයා දිහා පුලුවන් උපරිම භයානක විදිහට බලාගෙන හිටියා.
"මොකද ? "
ඒ ගැන ගානක්වත් නැතිව යුන්ගි ඇහුවා.
අනේ මේ මනුස්සයා ගේ මොලේ හෙල්ලිලාවත්ද දුවපු දිවිල්ලට ... මට මතක විදිහට සීනි ඕනේ කිය කිය කෑගහන ජනතාවක් සොම්බිලා වගේ අපේ පස්සෙන් එලවගෙන ආවා...
"මොකක්ද මේ සිද්ධවෙන්නෙ? " මම සන්සුන් ව ඇහුවා.
"ආහ්.... අලුත් දෙයක් නෙවෙයි.."
එයා කිව්වෙ හරියට ' ඇයි අනේ මතක නැද්ද ගිය සතියෙ බටර් කිය කිය කෑ ගහපු මිනිස්සු කට්ටියකගෙන් අපි බේරිලා දිව්වෙ වගේ තාලේකට......
මම සද්ද නැතිව බලාගෙන හිටියා.
දෙන්නම මූණට මුණ බලාගෙන හිටපු මිනිත්තු ගානකට පස්සෙ එයා සුසුමක් හෙලුවා.
"හැබැයි , ඔයා මාත් එක්ක ඉන්න විදිහ වෙනස් කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...."
මම ඔව් කියන්න ඔලුව වැනුවා. යුන්ගි ටිකක් කල්පනා කලේ එකෝමත් එක කාලේක කියලා සීයා කෙනෙක් කතාව පටන් ගන්න කලින් වගේ..
"මම Artist කෙනෙක්.... ඇත්තටම singer , music producing කරනවා..
ඔයා Bangton Soneyidan ගැන අහලා තියෙනවද ? "
"මොක මොකක් ? " මට කියවුනා. එයා හෙමිහිට බිම බලාගත්තා.
"ම්...Bangtan Boys ?....... අහ්ම්... BTS ?...."
මට දැනුනේ මේ දැන් හෙණයක් මගේ ඔලුවට කඩා පාත් වුනා වගේ...
'BTS LOVE YOURSELF WORLD TOUR ;
BRITAIN London
@WEMBLY STADIUM'
දේවදූතයෝ වගේ ගොඩක් ලස්සන පෙනුමක් තිබුනු එක වගේම පෙනුනු පිරිමි ලමයි හත් දෙනෙක් ගේ පෝස්ටරයක් දැකලා මීට සති ගානකට කලින් මගේ යාලුවා ජෙනී එතන හූ තියලා ඒක ගලවගෙන ගෙදර ගෙනියන්න හැදුව විදිහ මට මතක් වුනා. එයා පැය ගානක් වුනත් එක දිගට කියවන, ගොඩක් ආදරය කරන...ලෝකෙම ආදරය දිනාගත්තු BTS , දැනට ඉන්න දක්ෂම ජනප්‍රිය ම සංගීත කණ්ඩායම... මම ගොඩක් දන්නෙ නැතිවුනත් එයාලාගෙ ගොඩක් සින්දු මම අහලා තිබුනා, සමහර වෙලාවට මගේ හිත සැහැල්ලු කරගන්න ඒ වචන මට තේරුණෙ නැතිවුනත් ඒ කටහඬ වල් , මියුසික් මට උදව් කරලා තිබුනා. ගොඩක් ලොකු රසිකයෙක් නොවුන ට මම එයාලාට ගොඩක් කැමැත්තෙනුයි හිටියේ.....
ඊටත් වඩා මගේ ඉස්සරහා හිටගෙන කැප් එක ගලවලා නලලට වැටිලා තිබුණු කොණ්ඩය හදමින් මගෙ දිහා හරි අවධානයෙන් බලාගෙන ඉන්න මේ භූත ජීවියා අර පෝස්ටරයෙ හිටිය දේවදුත කාණ්ඩෙන් එක්කෙනෙක් කියලා මට හිතෙන්න ගත්තා..
ඔව්........'මමයි වැඩ්ඩා' වගේ කට පැත්තකින් දාන කරදරකාරයෙක් ගෙ වගේ හිනාව, හැමතිස්සෙම අවධානෙන් , වෙන්න යන දේ පේනවා වගේ ලොකු කරලා බලන හීනි ඇස්, ඒ හිත් ඇදගන්න යුන්ගි ගේ පෙනුම කිසි අඩුවක් නැතුව ඒ පෝස්ටරයෙ අයිනට වෙන්න හිටපු කෙනාගේ ත් තිබුනු විදිහ ටිකෙන් ටික මට පැහැදිලි වෙන්න ගත්තා.
"ඇයි....ඇයි මට කිව්වෙ නැත්තේ ? ? " මගේ කටේ කෙළ හිඳිලා කතා කරගන්න බැරිවෙන්න කලින් මම කියාගත්තා.
"ඉතින් ඔයා ඇහුවේ නෑනේ...."
සැහ් ! වාව් අපූරුයි... .මම ඊළගට මොකක්ද කියන්න කරන්න ඕනේ කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියා. මේ දැන් හොඳ පොල්ලකින් ගහගෙන කෝමා තත්වෙකට පත් වෙන්න මං කරන්න ඕනේ පියවර ගැනයි මං හිතුවේ.. ඉස්සෙල්ලම එක පාරින් ක්ෂණික ව සිහි නැති වෙන්න පුලුවන් පොල්ලක් හොයාගන්න ඕනේ... ඊට පස්සෙ.....
"ඔලීව්...
සමාවෙන්න...මට කලින් කියන්නයි තිබ්බෙ ඒත්..
මට ටික වේලාවකට හරි BTS suga නොවී මම , මින් යුන්ගි වෙන්න ඕන වුනා...."
මේකයි , ඒ වගේ සංකීර්ණ මොහොතක හැකර කමට හිනාවෙන එක හොඳ දෙයක් නෙවෙයි තමයි.
" සීනී ? (Sugar ?)
මම හිනාව කාගෙන ඇහැව්වා.
" ඇයි ? "
" ආ.. නැහැ නැහැ ඔයා සීනි ( sugar) වගේ ස්වීට් ද ? නැත්තම් සීනි ගොඩක් කන්න කැමතිද ? එහෙමත් නැත්තම් සීනි හදන ෆැක්ටරියක් වත් තිබ්බද ? "
මම මානසික රෝහලකින් පැනලා ආපු මනුස්සයෙක් වගේ හිනාවෙන්න ගත්තා.
හොඳටෝම පුදුම වෙලා මගෙ දිහා බලාගෙන හිටපු යුන්ගි කිසිම දෙයක් නොකියා බලාගෙන හිටියෙ කම්පනයක් හැදිල වගෙයි. ටික වේලාවකින් එයත් හිනාවෙන්න ගත්තා.
Laughing gas ගැහුවා වගේ හිනාවෙවී කොයිතරම් වෙලාවක් හිටියද කියන්න මට තේරුණෙ නැහැ. ඒත් එයාගේ හිනාව දකිද්දි එයාගේ තිබුනු වෙහෙසකර පෙනුමට වඩා ඒ Gummy smile එක කොයිතරම් අමුතු දර්ශනයක් ද කියලා මට හිතුනා.
Models , celebrities එක්කම වැඩ කරලා තිබුනු මට සමහර වෙලාවට එයාලා ඉන්නෙ කොයිතරම් පීඩනයකින් ද කියලා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වුනා. කැමරාවට හිනා වුනාට , Fans ලා ගොඩක් හිටිය වුනත් සමහර වෙලාවට එයාලාගෙ ඇස් වල තිබුනේ ලොකු තනි වුනු ගතියක්..හෙම්බත් වෙච්චි පෙනුමක්..
කැමරාගත නොවෙන, පැපරාසිකාරයෝ නැති , එයාට නිදහසේ ඉන්න පුළුවන් මේ වගේ වේලාවක් ගොඩක් වටින බව මට තේරුණා. ටිකක් කතාකරන්න , නිදහසේ ඉන්න තව ඇති තරම් වේලාව අපිට තිබුනා. අනිත් අතට මේ වගේ හැන්ඩි, කෙල්ලො පිස්සු වැටිල ඉන්න , ජනප්‍රියත්වයෙ හිනිපෙත්තටම නැගලා හිටපු කෙනෙක් එක්ක කල් ගතකරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද ද ?
"ඉතින්... අපි දැන් ඊළගට මොනාද කරන්නෙ sugar boy ? "
ලොකු සැනසීමකින් වගේ එයාගේ මුහුණේ හිනාවක් ඇදුනා.
************************************
"ඒත් හිතන්නකෝ...........
හැමෝටම අනිත් අයගේ මූණට හිනාවක් දෙන්න බැහැ යූන්ගි.., ඔයාලා මියුසික් වලින් හැමෝටම හිනාව දෙනවා..ඔයාලා නිසා කොයිතරම් අය සතුටින් ඉන්නවද ? ඔයාලා fans ලට දෙන ආදරය ඔයාලට ඒ විදිහටම එයාලාගෙනුත් ලැබෙනවා... "
"ඔව් ඔයා හරි..." එයා එකඟ වුනා.
මගේ අපාර්ට්මන්ට් එක ලඟින්ම තිබුනු පුංචි පාර්ක් එකේ බංකුවක ඉඳගෙන අපි ටිකක් කතා කරමින් හිටියෙ මුලු නගරෙම වගේ ඇවිදලයි.
ගොඩක් සෙනඟ හිටපු තැන් මඟ ඇරලා අපි ගොඩක් තැන් වල ඇවිද්දා. මං ආසම අයිස්ක්‍රීම් shop එක, මුලු රෑම වගේ ඇරලා තියෙන මිනි මාට් එකෙ කාලාන්තරෙකින් කාලා නැති දෙන්නෙක් වගේ free sample ගිලපු නිසා අන්තිමේදි අපිව එලියට ඇදලා දාන්නත් shop keeper ට සිද්ධ වුනා.
"ලෝකයෙ විකාරම Photo Shoot " එක කරපු අපාර්ට්මන්ට් එක ඉස්සරහ වැඩි වෙලා ඉන්න හම්බුනේ නැත්තෙ මං මගේ ජීවිතේට ම දැකලා තිබුනු විශාලම බල්ලා අපෙ පස්සෙන් ආපු හින්දයි.
ටිකක් විතර සීතල ගතියක් තිබුනත් අපි මහන්සිය නිසාම ඉඳගෙන හිටියා.
" හැබැයි ඔයා තමයි කාලෙකට පස්සෙ මට හිනාවක් දුන්නෙ..."
එයා ඉස්සරහ බලාගෙන කිව්වෙ අපට ඉස්සරහින් තිබුනු පයින් ගහ දිහා බලාගෙන, පයින් ගස් දැක්කම මිනිස්සුන්ට හිනා යන එක අමුතුම කතාවක් ... එයාගෙන් ප්‍රශංසාවක් ලබන්න සෑහෙන්න අමාරු බව මම තේරුම් අරගෙනයි හිටියෙ ඉතින් ඒ පයින් ගහට නෙවෙයි කිව්වෙ මට කියලා මේ පුංචි මෝළේ ට තේරුණා.
එයා දාගෙන හිටපු කැමරාව මගේ අතට දුන්නා.
"දැන් ගෙදර යමු ඔලීව්..."
අපාර්ට්මන්ට් එක තිබුනු අඩි කීපය ඇවිදගෙන එද්දි අපි දෙන්නම කතා කලේ නැහැ.
"යා නම්ජුනා... ආ ආනියෝ නා ග්වෙච්චනා"
එයාට ආපු කෝල් එකක ට එයා කතා කලා. මම බලාගෙන ඉද්දි එයා මට අත වනලා ඇතුලට යන්න කියලා කිව්වෙ කෝල් එකෙදිමයි. ටික වෙලාවකින් ම කලු පාට ටින්ට් කරපු වීදුරු තිබුනු වෑන් එකක් ඉස්සරහින් නැවැත්තුවා. මට යන්න කියලා ආපහු අත වනලා එයා තාමත් ෆෝන් එක කනේ ගහගෙන වාහනය පැත්තට ගාටන්න ගත්තා.
"මම මහා මෝඩ යි , මොකද ඉතින් එයාත් එක්ක හිටියා කියලා.... එහෙම යන්නෙ නැතුව ගෙදර නවතින්නයැයි... "
මම ලිෆ්ට් එක ට ඇතුලුවෙද්දිත් කල්පනා කර කර හිටියා. මින් යුන්ගි ව ආපහු screen එකක ඇරෙන්න මේ විදිහට මූණ ගැහෙන්න නොලැබෙන බව මට දැනුනා.
කවුරුහරි දුවගෙන එනව ඇහුණු නිසා මම ලිෆ්ට් එකෙ දොර ඇරියා. දවසක් මම ඔහොම දුවගෙන එද්දි ලිෆ්ට් එක නැතුව පඩිපෙලින් යන්න සිද්ධ වුනු නිසා හැම පඩියක් ගානෙම ලිෆ්ට් එකෙ හිටපු මිනිස්සුන්ගෙ පරම්පරාව සිහි කරපු විදිහ මට මතක තිබ්බා.
ලිෆ්ට් එක ඇතුලට ආපු අතකින් මාව එලියට ඇදලා ගත්තෙ මට කෑගහන්නවත් ඉඩක් නොතියාමයි.
යුන්ගි හරි අමුතුම හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන හිටියා. එයාට මම හොඳට අමතන්න යද්දි ඉදිරියට නැවුනු එයා මාව වැළඳ ගත්තා.....
එයා ආපහු ඈත් වෙනකම් ම මගේ සවන ඉන්ද්‍රියන් වැඩ කරන්නෙ නෑ වගේ දැනෙද්දි අයිස් කුට්ටියක් වගේ මම හිටගෙන හිටියා.
ටික වේලාවක් මගේ දිහා බලාගෙන හිටපු එයා කිසිම දෙයක් කියන්නෙ නැතුව යන්න ගියා. අපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන ලොකු වීදුරු දොරෙන් අර ආපු වාහනය පිට වෙලා යන විදිහත් මම දැක්කා.
ඒත් තාමත් මගේ මුළු ඇඟම හිරි වැටිලා තියෙනවා වගේ දැනෙද්දි මම ඔහේ ඒ පැත්ත දිහා බලාගෙන හිටියා....මේ එයාව දකින පළවෙනි වගේම අන්තිම පාරත් වෙවි කියලා මට හිතුණා.......
-
-
-
-
-
-
-
-
-
-
හායි රීඩර්ස්....❤
ඔන්න ඕතර් අද අප්ඩේට් එකක් දුන්නා...
කතාව කියවන ඔයාලාට ගොඩක් ස්තූතියි .......වගේම ආදරෙයි ❤
කතාව ගැන අදහස් කියාගෙන යන්න...
ඊලග එකෙන් හම්බෙමු ....
ඕතර් ට කියන්න ඊලග එක ඉක්මනින් දෙන්න කියලා 🙂🙂
තැන්කූ සෙව්...❤❤❤