🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|...

By Sandee_96

7.6K 2.3K 1.1K

Everyone Wants To Escape Sometimes ❤️ ජීවිතේ කවදාකම හරි තේරීම් කරලා තියෙනවද ? සමාව දීලා තියෙනවද ? වේදනාවන් අම... More

🖤 Preface💠
🖤 Chapter 01 💠
🖤 Chapter 02 💠
🖤Chapter 03 💠
🖤 Chapter 04 💠
🖤 Chapter 05 💠
🖤 Chapter 06 💠
🖤 Chapter 07 💠
🖤 Chapter 08 💠
🖤 Chapter 09 💠
🖤 Chapter 10 💠
🖤 Chapter 11 💠
🖤 Chapter 12 💠
🖤 Final Chapter 💠
🖤 Author Note 💠

🖤 Chapter 13 💠

396 144 49
By Sandee_96

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

" නූනා හ්‍යුන්ග් නිදිද ? "

' හ්ම්ම්ම්ම්...දැන් නින්ද ගියේ "

" මට හිතුනා.ඒකයි තට්ටු නොකරම ආවේ "

" මොකක්ද කුකී ජින්ට මේ වෙන්නේ ? "

" මේ හැමදේම අර කාලකන්නි නිසා නූනා "

" ඔයා කියන්නේ එදා අපි පස්සෙන් පන්නපු අය ගැනද ?"

" දේ...ඒකයි එක දිගට වෙන මරණයි එක්ක හ්‍යුන්ග් ඉන්නේ බයෙන්. "

" එතකොට කුකී කියන්නෙ ජින් ? "

" Schizophrenia... වෛද්‍ය විද්‍යාවේ ගොඩාක් සුලභ මානසික රෝගයක් කියලා අඳුන්වන මානසික රෝගයක්.හ්‍යුන්ග්ටත් තියෙන්නේ ඒක. "

" කොහොමද හරියටම කියන්නේ කුකී ? "

" නූනා මම මානසික රෝග වෛද්‍යවරයෙක්. මට හ්‍යුන්ගේ වෙනස්කම් අඳුරගන්න පුලුවන්. Schizophrenia කොටස් කීපයක් තියෙනවා. මේක අඳුරගන්න පුලුවන් මේක වැලඳුන කෙනාගේ රෝග ලක්ශන වලින්මයි. මම හ්‍යුන්ග්ට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඩොක්ටර් හරහා දැනගත්තට විස්වාස කලේ නෑ. ඒත් බ්ලඩ් තියෙන ටිශූස් ගැන කියනකොට නිතරම එයා පස්සෙන් මනුස්සයෙක් පන්නගෙන එනවා කියලා කියනකොට මට තේරුනා ඩොක්ටර් කීව දේ හරි කියලා. "

" ඒත් මෙහෙම වෙන්න හේතුවක් ඇතිනේ. නේද ? "

" මේ වගේ අසනීපයක් වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. මම හිතන්නේ හ්‍යුන්ග්ට මෙහෙම වෙන්න බලපාපු ලොකුම හේතුව එදා ඔයාලා පිටිපස්සෙන් මිනිස්සු පන්නපු එක. "

" කුකී....ජින්ට ඉක්මනින් සනීප වෙයි නේද ? "

" දේ...සනීප වෙනවා. ඒත් ඒකට කාලයක් යනවා "

" හ්ම්ම්ම්ම්...කොච්චර කාලයක් ගියත් මම ජින් එක්ක ඉන්නවා. එයාට හොඳ උනත් නැතත් "

" නූනා ඇයි හ්‍යුන්ග්ට මෙච්චර ආදරේ ? "

" ඉස්සර මගේ ලඟ ආදරේ තිබුනේ නෑ කුකී.මම කෙනෙක්ට ආදරේ කරන්න දන්නෙත් නෑ..මට ආදරේ ලැබිලත් නෑ. මේ ආදරේ මට දුන්නේ ඔයාගේ හ්‍යුන්ග්මයි. මට ඕනි දැන් ඒ ආදරේම අඩුවක් නැතුව ජින්ට දෙන්න"

" මට සතුටුයි නූනා. මගෙ හ්‍යුන්ග් ගොඩක් ලකී ඔයා වගේ කෙනෙක්ව ලබන්න. "

" හ්ම්ම්...කුකී අපි එලියට යමු. ජින් හොදටම නිදි "

" දේ.... "

ටිකකින් මට ඇහුනා කාමරේ දොර වැහෙනවා. දෙන්නම එලියට ගියාට පස්සේ මම ඇඳ වියනට හේත්තු වෙලා කල්පනා කලේ කුකී කියපු දේවල් ගැන. ඒත් මට එහෙම දෙයක් තියෙනවා කියලා කිසිම වෙලාවක් හිතුනෙ නෑ.

" පිස්සෙක් කවදද තමන්ට පිස්සු කියලා පිලිගත්තේ. කොරියාවේ ලාබාලතම වගේම දක්ශම ව්‍යාපාරිකයා මිස්ටර් සොක්ජින්...ඔයා දැන් පිස්සෙක් "

ලොකු හුස්මක් පිට කරලා හිනා වෙන ගමන් මම මටම කියාගෙන ආයෙම ඇඳෙන් ඇලවුනා. මට නින්ද යන වෙලාවක් මතක තිබුනේ නෑ.ඒත් වැඩි වෙලා යන්න කලින් මට නින්ද ගියා.
.
.
.
.
.

~ Next Day Morning ~

" හ්‍යුන්ග් නැගිටින්න. හ්‍යුන්ග් "

" ආහ්...තව ටික වෙලාවක් දෙන්න කුකී "

" හ්‍යුන්ග් ඔයා කෑම කාලා බෙහෙත් බොන්න ඕනි නැගිටින්න "

" අනී..."

" චෙබල් හ්‍යුන්ග් "

" අනී..."

" සොක්ජින් නැගිටපං. උඹ මැරෙන්න යන්නේ  "

මෙච්චර වෙලා ඇහුන කුකීගේ හුරතල් කටහඬ වෙනුවට ඇහුන හුරු පුරුදු ගොරහැඬි කටහඬට මම ගැස්සිලා ඇහැරුනේ ඇඳේ එහා කොනට රූටලා යන ගමන්.

" කු....කුකී..ඔයා මාව බය කරන්නද ඒක කලේ ? "

" මෝ...? මොකක්ද හ්‍යුන්ග් මං කලේ ? "

" ඔ...ඔයා කටහඬ වෙනස් කරලා කතා කලා නේද ? "

" අනී...හ්‍යුන්ග් ඔයා හොදින්ද ? "

කුකී මගේ ලඟට එන්න හැදුවත් මම කුකීව මගෙන් ඈත් කලා.

" එන්න එපා..මගෙ ලඟට එන්න එපා. ඔ...ඔයා මගෙ කුකී නෙමෙයි "

" මොනවද හ්‍යුන්ග් මේ කියන්නේ.මම ඔයාගේ කුකී. හ්‍යුන්ග් ඇයි මේ ? "

" අනී...ඔයා කුකී නෙමෙයි...ඔ...ඔයා මාව මරන්න නේද ආවේ ? ම...මාව බේරගන්න..සෝජු...පෝලි "

මම පුලුවන් හයියෙන් කෑ ගැහුවා.මගේ කෑගැහිල්ලට උඩට ආපු පෝලි දොර ගාව නතර උනේ මා දිහා බයෙන් වගේ බලන ගමන්.

" පෝ...පෝලි මේ මෙයා මාව මරන්න හදන්නේ..මාව බේරගන්න...මාව බේරගන්න "

" ජින් ඇයි මේ...? කුකී මෙතන මොකක්ද උනේ ? "

පෝලි මගේ ලඟට ඇවිත් මාව එයාගේ ඇඟට හේත්තු කරගත්තා.

" මම හ්‍යුන්ග්ව ඇහැරවන්න ආවේ නූනා. ඒත් හ්‍යුන්ග් එකපාරටම කෑ ගහන්න ගත්තා.මම කටහඬ වෙනස් කලා කියලා හ්‍යුන්ග් කිව්වා.දැන් කියනවා මම කුකී නෙමෙයි කියලා "

කුකී කිව්වේ ඇස්වල කඳුලු පුරවගෙන උනත් මට ඒ ගැන දුකකට වඩා දැනුනේ බයක්.

" ජින් මේ ඉන්නේ කුකී.මේ ඔයාගෙ මල්ලි. ඒ වෙන කෙනෙක් නෙමෙයි "

" ඒ..ඒත් මට ඇහුනා පෝලි.ක..කට හඬක් ඇහුනා.එදා අපි පස්සෙන් ආපු මනුස්සයාගේ කටහඬ.මට ඇහුනා පෝලි  "

" හ්‍යුන්ග් අහන්න.මම ඔයාගේ කුකී.මට දෙන්න ඔයාගෙ අත අල්ලගන්න.මම ඔයාගේ කුකී "

කුකී හෙමින් හෙමින් මගේ ලඟට ඇවිත් මගේ අත අල්ලගත්තා. ඇත්ත ඒ මගේ කුකී.

" ආ....හ් මොකක්ද මේ වෙන්නෙ..? ඇයි මට එහෙම වෙන්නෙ ? මට පිස්සු...හා...ශ් මට පිස්සු "

ඇඳ උඩ තියෙන කොට්ට , ශීට්ස් ඔක්කොම බිමට ඇදලා දාන ගමන් මම කෑ ගහන්න ගත්තා.

" හ්‍යුන්ග් නවත්තන්න.ඕක නවත්තන්න හ්‍යුන්ග් නවත්තන්න. "

කුකී දුවගෙන ඇවිත් මාව තදින් බදාගත්තම මම ටිකක් සන්සුන් උනා.

" කුකී මම ඇත්ත කියන්නෙ. මට ඒ මිනිහගේ කටහඬ ඇහුනා "

" අරස්සෝ අරස්සෝ අපි මුලින්ම සන්සුන් වෙලා ඉමු.අපි හෙමින් කතා කරමු හ්‍යුන්ග්. දැන් හොඳ හුස්මක් ගන්න.මේ වතුර එක බොන්න "

බෙඩ් ටේබල් එක උඩ තිබුන වතුර එක මම එක හුස්මට බීලා ඉවර කලේ ඉහෙන් කනෙන් දාඩිය පෙරනකොට.

" කුකී....මට මොකක්ද කුකී මේ වෙන්නෙ ? මම ලෙඩෙක්ද ? මම පිස්සෙක්ද ? "

" අනී...මගෙ හ්‍යුන්ග් ලෙඩෙක් නෙමෙයි.පිස්සෙකුත් නෙමෙයි.මියානේ හ්‍යුන්ග් මියානේ...."

" ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ ? "

" මට හ්‍යුන්ග් ලඟ ඉන්න තිබුනා.මෙච්චර දේවල් වෙනකම් මම එහේට වෙලා ඉදියා. මියානේ "

කුකී කියන දේ ඇත්ත.සමහරවිට කුකී මගෙ ලඟ ඉදියනම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුනා. ඒත් මම ඒ වගක් කුකීට ඇඟවෙන්න දුන්නෙ නෑ.මට ඕනි උනේ නෑ කුකී පසුතැවෙනවා බලන්න.

" අනී...දැන් ඔයා මගෙ ලඟම ඉන්නවනේ. දැන් හැමදේම හරි "

" දේ... මම දැන් ඉන්න නිසා හ්‍යුන්ග් බය නැතුව ඉන්න අරස්සෝ ? මගෙ හ්‍යුන්ග් හැමදාම හිනාවෙලා ඉන්න ඕනි "

කුකී මට ආයෙම හග් එකක් දීලා පහලට ගියේ පෝලිටයි මටයිත් පහලට එන්න කියාගෙන.

ඔය විදිහට තවත් සතියක් ගෙවිලා ගියා. මට එන්න එන්නම ඇහෙන දකින දේවල් වැඩි උනා මිසක් අඩු උනේ නෑ. සමහර වෙලාවට ගෙදර එදිනෙදා දකින දේවල් පවා මම වෙනස් විදිහට දැක්කා.

~ After 1 Week ~

මම වැඩියෙන්ම කාලේ ගෙව්වේ බැල්කනි එකේ. මගේ ඇස්වලට බය හිතෙන දෙයක් පේන්න නොතිබුන එකම තැන අහස විතරයි.ටිකෙන් ටික මමත් මට අසනීපයි කියලා පිලිගන්න තැනට ඇදගෙන වැටුනා. නානාප්‍රකාර විකාර පේන එක මට සාමාන්‍ය දෙයක් උනත් ඒ වෙලාවට මගේ හිතේ ඇඳෙන බය අඩුවක් උනේ නෑ. ඒක එන්න එන්නම වැඩි උනා. සෝජු නිතරම ඔෆිස් එකට හිරවුන නිසා මට සෝජුව ගොඩාක් දුරට මගෑරුනා. ඒත් හැම රෑකම සෝජු කීයට ගෙදර ආවත් මාව බලන්න උඩට එන්න අමතක කලේ නෑ.

බැල්කනි එකට වෙලා ඉන්නකොට පහල මිදුලෙන් පොලීස් කාර් එකක් ඇවිත් නැවැත්තුවා.ඒ වෙනකොට ගෙදර ඉදියේ මමයි පෝලීයි විතරයි.මම ඉක්මනට පහලට ගියේ මගේ පස්සෙන් පන්නපු මනුස්සයා ගැන පොලීසිය මොකක් හරි හෝඩුවාවක් හොයාගෙනද කියලා බලන්න.

" මිස්ටර් ජින් අපි වැදගත් කාරනයක් ගැන කතා කරන්නයි ආවේ "

" කියන්න ඔෆිසර් "

" මට මිස්ටර් ජින් එක්ක තනියම කතා කරන්න පුලුවන්ද ? "

ඔෆිසර් කිව්වේ පෝලි දිහා සැකෙන් වගේ බලන ගමන්.
ඔෆිසර් කියපු දේ තේරුම් අරගෙන පෝලි උඩට ගියේ ඒකට කමක්නෑ කියන්න මට ඇහෙන් ඉඟි කරන ගමන්.

" මේකයි මිස්ටර් ජින් .මීට ටික කාලෙකට කලින් අපි මේ වෙන මිනි මැරුම් වලට සම්බන්දව ගෑනු ලමයෙක් අත් අඬංගුවට ගත්තා. ඒත් ඒ ලමයා මේ කිසි දේකට සම්බන්ධ නෑ. මිනී මැරුම් කරන කෙනා පොලීසිය නොමග යවලා මේකට කෙල්ලෙක්ව පටලවලා කියලයි අපි හිතන්නේ. කොහොම උනත් මිනිහා කරපු අන්තිම මර්ඩර් එකට පස්සේ තවමත් කිසිම මර්ඩර් එකක් උනේ නෑ. සති ගානක් වෙලත් තාම කිසිම දෙයක් උනේ නෑ. මිනිහා කරපු අන්තිම මර්ඩර් එකේ මිනිය ලඟ ලෙටර් එකක් තියලා ගිහින් තිබුනා.මම හිතන්නේ මිස්ටර් ජින් ඒක නිව්ස් වලින් දකින්න ඇති "

" දේ ඔෆිසර්. ඒක මම දැක්කා. "

" මිස්ටර් ජින්.මම කෙලින්ම කාරනාවට බහින්නම්කො. අපි සැක කරනවා මිනිහගේ ඊලඟ ඉලක්කය මිස්ටර් ජින් කියලා "

මම මෙච්චර දවස් සැක කරපු දේම පොලීසියෙනුත් සැක කරන එක මාව තව තවත් බය ගැන්නුවා.

" මට හිතුනා. "

" මිස්ටර් ජින් බය වෙන්න එපා. අපි මිස්ටර් ජින් ගැන හොද අවධානෙකින් ඉන්නේ. ඔයාට මොකක්ම හරි සැකයක් එහෙම නැත්නම් අමුතු දෙයක් දැක්කොත් දැනුනොත් අපිට කතා කරන්න. "

" අරස්සෝ ඔෆිසර්.කම්සාහම්නිදා "

" මතක තියාගන්න.ඔයා අවට ඉන්න කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා. "

" ඔෆිසර් ? "

" මම කියන්නේ ඔයාගෙම අයව සැක කරන්න කියලා නෙමෙයි මිස්ටර් ජින්.ඒත් මීට කලින් වුන හැම මිනී මැරුමකටම ගෙදරම කෙනෙක් උදව් කරලා තියෙනවා කියලයි අපි සැක කරන්නේ..."

" ඕ....හ් "

" මිස්ටර් ජින්.මෙහේට අලුතින් ආපු සේවකයො කවුරුම හරි ඉන්නවද ? "

" ම්ම්ම් ගාර්ඩ්ස්ලා තමයි අලුතින් ආවේ. හැබැයි මම අර මනුස්සයව නිතරම දැක්කේ ගාර්ඩ්ස්ලා එන්න කලින් "

" ඒකත් එහෙමද... අරස්සෝ අපි බලමුකො.කොහොම උනත් මිස්ටර් ජින් ගෙදරින් එලියට බහින්න එපා. අපි මේ අවටම ඉන්නවා. මේ තියෙන්නෙ මගේ මොබයිල් නම්බර් එක. ඕනිම වෙලාවක මේකට ගන්න. "

" අරස්සෝ ඔෆිසර්. කම්සාහම්නිදා "

" මතක තියාගන්න.මේක පොලීසියයි ඔයයි අතර තියෙන රහසක්. "

" අරස්සෝ.. "

" අපි එහෙනම් ගිහින් එන්නම් මිස්ටර් ජින්. චුසිම්හේ "

" දේ... කම්සාහම්නිදා "

ඔෆිසර්ස්ලා යනවත් එක්කම පෝලි පහලට ආවේ ටිකක් බයෙන් වගේ. මම ඉක්මනින් ඔෆිසර් දීපු කාඩ් එක පොකට් එකට් දාගත්තා.

" ජින් මොකක්ද උනේ ? ඇයි පොලීසියට ඔයා එක්ක තනියම කතා කරන්න ඕනි උනේ..මොනවද එයා ඔයාගෙන් ඇහුවේ ? "

" පෝලි ටිකක් හුස්ම ගන්න.ඇයි මේ බය වෙලා ? "

" අහ්...අනී අනී...ඔයාට කරදරයක් නෑ නේද ජින්. බය වෙන්න දෙයක් නෑ නේද ? "

" එහෙම කිසිම දෙයක් නෑ පෝලි... එයාලා මගෙන් ඇහුවේ එදා අපි පස්සෙන් පන්නපු මනුස්සයා ගැන "

ඔෆිසර් කියපු දේ නිසා මට පෝලිට ඒ ගැන බොරු කියන්න උනා.ඒ ගැන මට දැනුනේ ලොකු දුකක්. ඉන්ජෙක්ශන් , බෙහෙත් එක්ක ගෙවුන පහු ගිය කාලෙම පෝලි මගේ ලඟින්ම ඉදියා.

"හ්ම්ම්..එහෙනම් ජින් උඩට යන්න.මම සුප් එකක් හැදුවා. ඒක අරගෙන එන්නම් "

එහෙම කියාගෙන පෝලි යන්න ගියත් මම පෝලිව ඇදලා මගෙ ලඟට ගත්තා.

" යා....හ් අපි සාලෙ ඉන්නේ "

" ඉතින් ? කුකී සෝජුයි දෙන්නම ගෙදර නෑ "

" ඒයි වැම්පයර් අද මම ඔහේගෙන් ලේ බොන්න කලින් උඩට යනවද නැත්ද ? "

" ආනියා...."

" අතාරිනවා...අතාරිනවා මාව "

පෝලි මගේ වටේ යන ගමන් මට ගහන්න පටන් ගත්තා.

" හශ්...අරස්සෝ අරස්සෝ යන්නම් "

මගෙන් ගැලවිලා ඇද කර කරා යන පෝලි දිහා බලාගෙන මමත් උඩට ආවා. උඩට බලාගෙන ඉදියේ පෝලි එනකම්. විනාඩි කීපෙකට පස්සේ සුප් එකත් අරගෙන උඩට එන පෝලිගේ අඩි සද්දේ ඇහිලා මම ඇස් වහගත්තේ පෝලිට නිදි කියලා පෙන්නන්න හිතාගෙන.

" යා....හ් ඔයා නිදිද ? ජින් නැගිටින්න "

සුප් එක බෙඩ් ටේබල් එක උඩින් තියෙන සද්දේ ඇහෙනකම් ඉදලා මම පෝලිව ඇදලා මගෙ ලඟට ගත්තා.

" යා...හ් නිදි වගෙ බොරු කලා නේද ? "

" දේ...නැත්නම් අල්ලගන්න බෑනේ. "

මම හිනාවෙලා කියනකොට පෝලි මගේ පපුව උඩින් සනීපෙට ඔලුව තියාගත්තේ මගේ කම්මුලකට පොඩි හාදුවකුත් තියලා.

" පෝලි දෙයක් අහන්නද ? "

" අහන්න "

" ඔයාට විස්වාසයිද මා එක්ක ජීවිත කාලෙම ඉන්න පුලුවන් කියලා ? "

" ඔන්න ආයෙමත් පරණ ප්‍රශ්නෙම අහනවනේ "

" ආශ්...අනී අනී "

පෝලිව තවත් ලඟට අරගෙන මම එයාගේ තොල් වලට පුංචි කිස් එකක් දුන්නා. ටිකක් වෙලා මා දිහා බලාගෙන ඉදලා පෝලි ආයෙම මට කිස් එකක් දීලා යන්න නැගිටිනවත් එක්කම මගේ රූම් එකේ දොර ඇරගෙන කුකී ඇතුලට ආවා.

" හ්‍යුන්ග් ඔයා ඉන්නවද ?... අශ්....මම ටිකෙන් එන්නම්"

" අනී අනී..ඉන්න කුකී.ඔයා හිතන දෙයක් මෙතන උනේ නෑ..පෝලි යන්න හැදුවේ "

" අරස්සෝ මම එහෙම හිතන්නම්කො. හ්‍යුන්ග් මම ආවේ මේකට හ්‍යුන්ගේ සයින් එක ගන්න. "

කුකී පෑනක් එක්ක මට ෆයිල් එක දික් කලේ මා දිහා බලලා ලැජ්ජාවෙන් හිනාවෙන ගමන්.පෝලිටනම් ඒ ගැන එච්චර ගානක් තිබුනේ නෑ.කොහොමත් පෝලි අනිත් කෙල්ලන්ට වඩා වෙනස් නිසා එහෙම අවස්ථා එයාට මට තරම්වත් අපහසු උනේ නෑ.

" අරස්සෝ එහෙනම් මේක බොන්න.මම යන්නම් "

පෝලි එහෙම කියලා මගේ මූනට තට්ටුවකුත් දාලා යන්න හැරෙනකොට මම කුකී අතේ තියෙනවා දැකපු දෙයින් මට කෑගැස්සුනා.

" ග....ගන් එකක් "

කුකීගේ අතේ පෑන වෙනුවට තිබුනේ ගන් එකක්.

" පො...පෝලි කුකී අතේ ගන් එකක්.මා...මාව මැරෙයි කුකී..ඕ...ඕක අයින් කරන්න "

මම කෑ ගහන ගමන් ඇඳේ එහා කෙලවරට පෙරලිලා යන්න ගිහින් මම එතනම බිම වැටිලා මගේ ඔලුව පොලවේ වැදුනා.

" හ්‍යුන්ග්...මොකද මේ...නැගිටින්න...හ්‍යුන්ග් නැගිටින්න. "

" ජින්...බලන්න කුකී අතේ තියෙන්නෙ පෑනක්..එයා ලඟ ගන් එකක් නෑ... නැගිටින්න "

" අනී...ගන් එකක් තිබුනා..ම....මම දැක්කා පෝලි.මම දැක්කා "

" නූනා හ්‍යුන්ව බලන්න මම ඉක්මනට ඉන්ජෙක්ශන් එක අරන් එන්නම් "

කුකී එහෙම කියලා පහලට දිව්වා.

" පෝලි මට ඉන්ජෙක්ශන් ඕනි නෑ..චෙබල්...පෝලි මට ඉන්ජෙක්ශන් එපා "

" අහන්න ජින්..හැමදේම හරි...හැමදේම ඉක්මනින්ම හරියනවා "

පොලි මාව එයාගේ පපුවට තියලා තද කරගත්තා. ඒකෙන් මට සැනසීමක් ලැබුනත් මට තවත් ඉන්ජෙක්ශන් ඕනි උනේ නෑ.

ටික වෙලාවකට පස්සේ කුකී ඉන්ජෙක්ශන් එකත් අරගෙන දොරෙන් ඇතුලට ආවේ ඇස් වල කඳුලු පුරවගෙන.

" අනී...මට ඉන්ජෙක්ශන් එපා..මට ඉන්ජෙක්ශන් ඕනි නෑ. ඕක අහකට ගන්නවා. මට ඉන්ජෙක්ශන් එපා "

" මියානේ හ්‍යුන්ග්.ඒත් මේක කරන්නම වෙනවා.නූනා හ්‍යුන්ගේ අත අල්ලගන්න "

" අනී....අනී.මට ඉන්ජෙක්ශන් එපා..කුකී... මට ඉන්ජෙක්ශන් ඕනි නෑ. ඇයි මට රිද්දන්නේ ? "

අන්තිමටම පණ නැති වචන ටිකක් මගේ කටින් පිට වෙනකොට කුකී අඬාගෙන මාව බදාගත්තා.

" මියානේ.....මියානේ හ්‍යුන්ග්.මට හ්‍යුන්ග්ට රිද්දන්න ඕනි නෑ.මට මගේ හ්‍යුන්ග්ට රිද්දන්න ඕනි නැ "

කුකී මාව බදාගෙනම කෑ ගහලා අඬලා එකපාරටම රූම් එකෙන් එලියට දුවලා ගියා.
.
.
.
.
.

~ After 03 Days ~

දවස් තුනක්ම ගෙවිලා ගියේ හරියට කෑමක් බීමක්වත් නැතුව. පෝලි කුකී වගේම සෝජු මගේ ලඟම ඉදියත් මට මහා තනිකමක් දැනුනා. මම නිතරම හිතුවේ අප්පා මගේ ලඟ ඉදියනම් කොච්චර හොදද කියලා. දවසින් දවස මගේ ඇඟට බෙහෙත් වැටුනත් මට මේ පේන දැනෙන දේවල් වල වෙනසක් උනේ නෑ. මට මාවම එපා උනා. සමහර වෙලාවට මාව අප්පා ලඟට ගන්න කියලා මම අප්පගෙන් ඉල්ලුවා.

හැමදාම වගේ බැල්කනි එකට වෙලා කල්පනා ලෝකෙක ගිලිලා ඉදපු මම පියවි සිහියට ආවේ පෝලිගේ කටහඬට.

" ජින්...මොනවද ඔය තරම් කල්පනා කරන්නේ ? "

" මුකුත් නෑ පෝලි..ඒක නෙමෙයි මොකද මේ සර්වන්ට් කෙනෙක් වගේ ඇඳගෙන "

" මම ආවේ ඔයාගේ රූම් එක අස් කරන්න කියලා.මට පොඩි අදහසක් ආවා. අපි රූම් එක වෙනස් කරමු "

" පෝලි හිතන්නේ රූම් එක වෙනස් කලහම මගේ ජීවිතේ වෙනස් වෙනවා කියලද ? "

" ම්ම්ම්ම්ම් අනී... ඒත් රූම් එක වෙනස් කලහම හිතට අමුතු වෙනසක් දැනෙනවා. එහෙනම් පටන් ගමුද ? "

පොලි ඇහුවේ මගේ අතටත් දූවිලි පිහදාන බ්‍රශ් එකක් දෙන ගමන්.අපි දෙන්නත් එක්ක රූම් එක සුද්ද කරන්න පටන් ගත්තා. අස් කරන්න තරම් ලොකූ දෙයක් නොතිබුනත් මගේ රූම් එකේ සෝෆා එක උඩ තිබුන ෆයිල්ස් ගොඩ නම් අලුතෙන්ම අස් කරන්න වෙලා තිබුනා.

" ජින් මේ ටික කොහෙන්ද තියන්නේ ? "

" ඔය ටික අතන කබඩ් එකේ දෙවෙනි තට්ටුවෙන් තියන්න "

මම පෝලිට කබඩ් එක පෙන්නලා කියනකොට පෝලි ෆයිල්ස් ටිකත් උස්සගෙන කබඩ් එක ලඟට ගියා.

" ඔයාටත් වතුර එකක් දෙන්නද ? "

වතුර වීදුරුවක්ම හිස් කරලා මම පෝලිගෙන් ඇහුවත් පෝලිගෙන් උත්තරයක් ලැබුනේ නෑ.

" පෝලි...ඔයාට වතුර එකක් දෙන්නද ? "

බෝතලෙත් අරගෙන පෝලි දිහාට හැරෙනකොට පෝලි ෆයිල් එකකුත් අතේ තියාගෙන මා දිහා බලාගෙන ඉදියේ ඇස් වල කඳුලු පුරවගෙන.

" පෝලි වේ ? "

" ජින් මේක ? ඔයා...? ඔයා මෙච්චර ? "

මගේ ලඟට දික් කරපු ෆයිල් එකේ නම දැක්කහම මට තේරුම් ගන්න පුලුවන් උනා පෝලි අහන්නේ මොකක් ගැනද කියලා.

" ලව් මාර්ක් "

ඒක තමයි මගේ ජීවිතේ සුන්දරම වගේම අමිහිරිම කාලේ ගැන හැංගිලා තිබුන ෆයිල් එක.මෙච්චර කල් සෝජුයි මමයි විතරක්ම දැනගෙන ඉදපු දේ අද පෝලිත් දැනගත්තා.

👇

එහෙනම් අවසන් කොටසින් හමුවෙමු 😁❤️

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠

අදහස් කියාගෙන යමු සරන්හේ 😘❤️

මෙය හුදෙක් Fanfiction එකක් පමණයි ❤️

Continue Reading

You'll Also Like

1M 62.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
136K 5.6K 100
a sister who's actions are untamed, and a brother who's feelings are untamed. With complete different personalities, yet an awesome bond, the sibling...
117K 13.8K 21
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
505K 7.7K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...