🐺Fate 🐺 || JJK (COMPLETED)

By Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... More

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

නුපුරුදු සුවඳ 🐺

856 239 57
By Chimthri

"ටේහ්යොන්ගා.. පල්ලි වා..."

ඇල්ෆා ජොන් කවදාවත් නැතුව හන් ගඟ බලන්නට කතා කල මොහොතේ සිට ඇල්ෆා කිම් ටේහ්යොන්ග් නම් හිටියේම අන්දමන්ද වෙලා.. තමා හීනයක්ද දකින්නේද නොඑසේ නම් මෙය සැබැවටම සිද්ද වෙන දෙයක්දැයි තවමත් ටේහ්යොන්ග්ට නම් හිතා ගන්නට බෑ වගෙයි..

"ජන්කුකා... මේ.. අපි ඇත්තටම මෙතනට ආවද නැත්නම් මන් තාමත් ඉන්නෙ හීනෙක ද...? නෑ.. මන් මෙ නිකමට වගෙ අහන්නෙ.. ඔහෙට ජින් හ්යොන්ග් හදල දුන්නු කෑමක් වත් විස උනා ද..? ඇත්ත කියනවා ජන්කුකා.. ඊයෙ මට නොදී බිව්ව නේද.. දැන් එතකොට ඔහෙට වෙරි ද...?"

ටේහ්යොන්ග් අත් දෙකත් බැදගෙන උන් තැනම නැවතිලා අහන්නට උනේ ඈතින් පෙන හන් ගඟත් ඉන් අවට පේන දර්ශනයත් විශ්වාස කල නොහැකිව.. එහෙත් තමා කී කිසිවක් නෑසුනා වගෙ වේගයෙන් අඩි තියමින් ඉස්සරහට යන ජන්කුක් දැකපු ටේහ්යොන්ග් තමා මේ තරම් කතා කරද්දිත් තමාව ගනන් නොගෙන යන ඒ ආඩම්බරකාර පියෝ බ්ලඩ් ඇල්ෆා දෙස බලා හිටියෙ නම් මූනත් දෙක කරගෙන..

"ඒ.. ජන්කුකා.. ඉන්න.. මාව දාල යන්නෙපා.. පොඩ්ඩක් හෙමින් ඇවිදිනවකො මනුස්සයෝ මගෙ කකුල් රිදෙනවා..."

ටේහ්යොන්ග් එසේ කෑ ගැසුවත් ජන්කුක්ගේ වේගය නම් එක චුට්ටක් අඩු උනේ නැහැ..

"මේ යකා ඇවිදින වේගෙ... ඒවා කකුල්ද නැත්නම් වෙන මොනව හරිද...? කොහොමද මනුස්සයෙක් ඒ තරම් හයියෙන් ඇවිදින්නේ....?"

ටේහ්යොන්ග් දිහා හැරිලාවත් නොබලපු ජන්කුක් තවමත් ඒ වේගෙන්ම ඉදිරියට යන්නට උනු නිසා ඇල්ෆා කිම් කුටු කුටු ගගා බනිමින් පස්සෙන් දුවන්න ගත්තෙ ඇල්ෆා ජොන් කියු සැනින් වචනයක් වත් නොකියා ආසාවෙන් තමා මොහු සමඟ මේ ගමන ආ එක ගැන තමන්ටම බනිමින්...

වරෙක පුදුම වෙමින්ද තවත් වරෙක කුතුහලෙන් ද pure blood alpha පසුපස යන මේ submissive alpha ගැන වෙනත් කිසිවෙක්ට ලොකු අවධානයක් නොලැබුණේ වෙනදා පාලු නිස්කලංක වටපිටාවක් තිබු හන් ගඟ අද වෙනදාටත් වඩා මිනිසුන්ගෙන් පිරී පවතුණු නිසාවෙන්..

එහෙත් තවමත් ඇල්ෆා කිම්ට නම් ලොකු ප්‍රශ්නයක්...!

තමා දන්නා කියන කාලයේ පටන්ම මේ දක්වාම ඇල්ෆා ජොන් මේ තැනට එන එක ප්‍රතික්ෂේප කලා.. වැරදිලා හො මේ කිට්ටුවකින් තම වාහනේ ගියත් හැරිලාවත් නොබලන ජන්කුක් අද තමාත් රැගෙන කැමැත්තෙන්ම පැමිණිම ඇල්ෆා කිම්ට ලොකු ප්‍රශ්නයක්..

ඇල්ෆා කිම් නොදන්නවා උනාට මේ තැන.. මේ හන් ගඟ ජන්කුක්ට ලස්සන මතක රාශියක් එක් කල තැනක්.. කුඩා කල තමා අප්පගෙ අතේ එල්ලී මේ නිදහස් පරිසරයට එන හැටිත් මෙහි ගත කරන කාලයනුත් ජන්කුක්ගෙ මනසට එන්නට උනේ ඉබේමයි.. Moon valleyහි හිටපු පැක් ඇල්ෆා උණු තමන්ගේ පියා සතියකට දෙකකට වරක් මෙහි එන එක පුරුද්දක් කරගෙන තිබුණා.. ඇල්ෆාගේ දින චර්‍යාවෙම කොටසක් උණු එය මරණය දක්වාම නොකඩවා සිද්ද වූවක්.. තමා කුඩා දරුවෙකු කාලයේ පටන්ම පියාත් සමඟ මේ තැනට එන්නට හුරු වුණු ඇල්ෆා ජන්කුක් පියාගෙ මරණයත් සමඟම මේ තැනට එන්නට අකමැති වන්නට වූයෙ තම කුඩා කල මතක ආයෙම ඉස්මතුව හිත වේදනාවෙන් පිරෙන නිසාවෙන්..

ඒත්.. අද...

ඇල්ෆා ජොන් ජන්කුක්ගෙ හිත වෙනස් වෙලා...!!

ජිවිතේ නොහිතපු තමා නොදැන උන් දේවල් බොහොමයක් තමන් ඉදිරියේ ඇසෙනකොට ඒ දේවල් එක්ක නොසන්සුන් උණු සිත සන්සුන් කර ගන්නට ඇල්ෆට ඕනි වෙලා තිබුණා.. ඒ හැරත් තමාගේ ජීවිතේ ඉදිරියට තමාට ගන්න වෙන ඒ තීරණාත්මක දේවල් ගැන ආයෙම මෙනෙහි කරන්නට ජන්කුක්ට අවශ්‍ය උනා..

සිද්ද උණු දේවල් ගැන කල්පනාවෙන්ම ඇල්ෆා ඉදිරියට අඩි තියන්නට උනත් නොහිතපු විදිහට තමන් වෙතට ක්‍රම ක්‍රමයෙන් තියුණුව දැනුනු ඒ රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳ ඇල්ෆාගෙ ප්‍රශ්න සියල්ලක්ම පාහේ මොහොතකට අමතක කරන්නට උනා.. හුන්තැනම ගල් ගැසී නැවතුණු ඇල්ෆා දෑස් පියාගෙනම ඒ නුපුරුදු සුවඳට අවදානය දෙන්නට වූයේ ඒ සුවඳ තව තවත් තීව්‍රව දැනෙන විට..

"ඒ.. එයා... ඒ කෙනා කව්ද..?"

මින්පෙර කිසිදු දිනෙක තමාට නොදැනුණු ඒ සුවඳ හමුවේ තමා ඒ පුද්ගලයා වෙත වශී වී යන බවක් ජන්කුක්ට දැනෙන්න උනා.. ඒ රෝස මිශ්‍ර ලැවැන්ඩර් සුවඳ එක් වී තිබූ මත් වෙන ගතියට තමා පාලනනෙන් ගිලිහෙන බවක් ජන්කුක්ට මේ මොහොතෙදි හරියටම තේරුම් ගියේ ටේහ්යොන්ග්ගෙ කෑ ගැසීම් පවා නොතකමින් තමා ඒ පසුපස ගොස් ඇති බව තේරුම් යනකොට...

එහෙත්..

අවාසනාවකට ඇල්ෆාට ඒ නුපුරුදු සුවඳේ අයිතිකාරිය නම් හොයාගන්නට නොහැකි උනා... සෙනඟ අතරේ ඈ කොහේදෝ ඈතකට ගිහින්...!!

තව මිනිත්තු කිහිපයක් ඇල්ෆා ජොන් ඉක්මන් වූවා නම්... ඔවුන් හමු වන්නටත් ඉඩ තිබුණා..!

එසේ වූවා නම්...

මේ කතාව මීටත් වඩා වෙනස් වන බව නම් ඇල්ෆා නොදන්නවා ඇති...

එහෙත් සියල්ලම ලූනාගේ කැමැත්තට අනුව සිද්ද වන්නේ නම්.. මුරන්ඩු තරුණ ඇල්ෆාවෙක් කුමක් කරන්න ද...?

"යා... ජොන් ජන්කූකූක්... තමුන් කකුල් වලට රෝද හයි කරගෙන ද ඉන්නෙ කියනවා..."

ජන්කුක් පිස්සෙක් වගෙ එහෙට මෙහෙට කලබලෙන් දුවනකොට කිසි දෙයක් නොදන්න ටේහ්යොන්ග් ඒ පස්සෙන්ම දුවන්න උනේ හිතින් ජන්කුක්ට බනිමින්.. අවසානයේ එක් තැනක නතර උණු ජන්කුක් දෙස රවමින් ටේහ්යොන්ග් ද නතර වී හති අරින්න උනත් තමා කී කිසිවක් නෑසුනා වගේ කලබලෙන් ඔලුව එහෙ මෙහෙ කරමින් මොනවදෝ හොයනා ජන්කුක්ගෙ මේ හැසිරීම ඇල්ෆා කිම්ට නම් තේරුම් ගන්නම බැරි උනා..

මිනිත්තු පහක් පමණ වටපිට බැලූ ජන්කුක් බරට හුස්මක් පිටතට හෙලලා බිම බලා ගන්නා හැටි ටේහ්යොන්ග් බලාගෙන හිටියෙ පුදුමෙන්.. මේ තරම් වෙලා තිබුණෙ දීප්තිමත් ඒ බෝල ඇස් බිමට බර වනවාත් එක්කම ඒ මුහුණට බලාපොරොත්තු කඩ උණු ස්වභාවක් එක් උණු හැටි ටේහ්යොන්ග් නිහඬවම බලන් හිටියා..

"යා.. යා... ජන්කුකා... ආයෙ දුවන්න නම් හිතන්නවත් එපා..."

ආයෙම හැරී හන් ගඟ පැත්තට ඇවිදන් යන ජන්කුක් දිහා බලන් ටේහ්යොන්ග් නම් කිව්වෙ මූනත් හකුළුවගෙන වේගයෙන් හති අරින ගමන්...

හන් ගඟ පෙනෙන මායිමේ තිබූ එක් බෙන්ච් එකක් ළඟ නතර උණු ජන්කුක්ගෙ බෝල ඇස් ඉබේම වාගේ සතුටින් දිලිසුණ හේතුව ඔහුට වත් තේරුම් ගන්න බැරි උනා...

'එයා.. මෙතන ඉදල තියෙනවා.. ඒත් එයා එක්ක තව ඇල්ෆා කෙනෙක් ඉදලා... ?? මෝ... ? දේ... ඇල්ෆා කෙනෙක් තමයි.. එතකොට අනිත් කෙනා... මනුස්සයෙක්...'

අනෙක් වුල්ෆ්ලාට වඩා තරමක් සංවේදී බවෙන් වැඩි ඇල්ෆා ජන්කුක් හට බෙන්ච් එකෙන් යන්තමින් මැකියමින් තිබුණු ඒ
නුපුරුදු සුවඳ අදුර ගන්න නම් අපහසු උනේ නැහැ... එමෙන්ම ඒ නුපුරුදු සුවඳත් එක්ක මිශ්‍ර වෙලා තිබුණු අනෙකුත් සුවඳවල් දෙකත් හරි හැටි වෙන් කර ගන්නට ඇල්ෆට පුලුවන් උනෙ ඔහුගේ මේ තියුණු සංවේදනය නිසාමයි...

තමා ආ දේත් අමතක කර තවමත් යන්තමින් දැනෙනා ඔමේගාවගෙ පෙරමෝන හේතුවෙන් තවත් ප්‍රශ්නයකට මුහුණ දුන් ඇල්ෆා ජොන් නිහඬවම ඈතින් පෙනෙන හන් ගඟ දිහා බලා හිදින්නට වූයේ එමඟින් හෝ තම හිත මොහොතකට සන්සුන් කර ගන්නයි..

එක් අතකින් ඔමේගා ජීයුන්ගෙ දරුවාත්.. තවත් අතකින් තමා නම නොදන්නා ඒ මිනිස් තරුණියත්.. අනෙක් අතින් තමාට අද දැනුණු ඒ තමන් මත් කරන්නට තරම් මිහිරි වූ පෙරමෝන වල අයිතිකාර ඔමේගාවත් තම හිත තව තවත් පටලවමින් ප්‍රශ්න රැසකට ඔහුව මැදි කරන්නට වූයේ කිසිවක් හිතා ගත නොහැකිව ඇල්ෆා ජොන් අසරණ වෙනකොට...

.
.
.
.

"යුන්මි.. මේ රින්ග් එක ළඟ තියා ගන්න.. කිසිම වෙලාවක අපි කියනකන් මේක ගලවන්න එපා..."

ඇල්ෆා ජිමින් උදේම තමන් ගෙනා වයිට් ගෝල්ඩ් චේන් එකත් එහි දැමූ වයිට් ගෝල්ඩ් රින්ග් එකකුත් යුන්මිගෙ අතට දෙමින් කලබලෙන් කියන්නට උනා.. යුන්මි කිසිවක් සිතා ගත නොහැකිව චෙන් එකත් රින්ග් එකත් අතට ගෙන බලන්නට උනේ ලොකු කර ගත් ඇස් එක්ක...

"මේ... මේක මගෙ තාත්තගෙ රින්ග් එක වගේමයි.. ම්ම්.. අනී.. පොඩ්ඩක් වෙනස්.. මෙන්න මෙතන ඒකෙ MV කියල ගහල තිබුණා.. ඒත් මේකෙ එහෙම මොනවත් ගහල නෑ.. තව... ම්ම්ම්.. එච්චරයි වෙන වෙනසක් නෑ..."

යුන්මි පුදුමෙන් කියනකොට ඇල්ෆා ජිමින් හිනා වෙන්න උනේ මේ තරම් කල් තමන් ළඟ තිබුණු එක ප්‍රශ්නෙකට උත්‍තර තමාට ලැබුණු නිසා..

"ඕ.. එහෙනම් ඒකයි ඔයා මේ තරම් කල් පරිවර්තනය උනේ නැත්තෙ.. දන්නවද යුන්මි මේක පරිවර්තනය නවත්වන්න දාන රින්ග් එකක්.. ඔයා මේ වගෙ එකක් දාගෙන හිටිය නිසා තමයි ඔයාව මෙච්චර කාලයක් පරිවර්තනය නොවී තිබිලා තියෙන්නෙ... ආහ්.. ඒ රින්ග් එකේ MV කියල තියෙන්න ඇත්තෙ Moon valley කියන එක වෙන්න ඇති... "

ජිමින් කල්පනාවෙන්ම කියනකොට යුන්මි ඒ දේවල් අහගෙන හිටියෙ නම් ඇස් දෙකත් ලොකු කරගෙන..

"ඒත් ඇයි මට ඒහෙම කලේ...? එතකොට මගෙ අප්පා Moon Valley කෙනෙක් ද...? එයා ඇල්ෆා කෙනෙක් ද.. නැත්නම් බීටා කෙනෙක් ද...? එයා පිරිමි ඔමේගා කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නෙද...?"

ඇල්ෆා ජිමින් අතින් අතපසුවීමකින් කිය උණු දේ එක්කම යුන්මි පෙරලා ප්‍රශ්න කරනකොට ජිමින් කලබලෙන් තමන් ගෙනා බැග් එක ඇතුලට අත දාගෙන යමක් හොයන්න උනේ යුන්මිගෙ ප්‍රශ්න ගණන් නොගෙන.. තමන්ගෙ ප්‍රශ්න වලට පිලිතුරක් නොමැතිව බෑග් එක ඇතුලෙ මහා නිධානයක් ඇත්තෙකු මෙන් බෑග් එකටම ඔලුවත් ඔබාගෙන ඉන්නා ජිමින් වෙත රවා බලමින් යුන්මි ජිමින් දුන් රින්ග් එක සහිත චේන් එක කරට දාගත්තා..

"ආහ්.. මේ තියෙන්නෙ... ඔයා ගෙදරින් පිටට යන්න කලින් අනිවාර්යයෙන් මේ පර්ෆියුම් එක ගහන්නෙ නැතුව යන්න නම් එපා.. යුන්මි.. චෙබල් ප්‍රශ්න අහන්නෙ නැතුව මේ දේවල් කරන්න.. ඔයා හිතනවට වඩා ඔයාගෙ ජීවිතේට ලොකු අනතුරක් තියෙනවා යුන්මියා... විශේෂයෙන්ම මේ දවස් දෙක තුන පරිස්සම් වෙන්න.. දැන් ඒ ඇයි අහන්න එපා.. හැම දෙයක්ම දැනගන ඕන වෙලාවට ඔයා දැන ගනීවි..."

ඇල්ෆා ජිමින් ඒ විදිහට කියල පර්ෆියුම් එක අතට දෙනකොට කිසිම දෙයක් නොකියා යුන්මි ඒ ඔක්කොම පිලි ගත්තෙ මෙ මොහොතෙ ජිමින්ගෙ ඒ කටහඬ යහලුවෙක් සහෝදරයෙක්ට එහා ගිය වැඩිහිටියෙකුගෙ ස්වරූපයක් අරන් තිබුණු නිසාවෙන්..

ඒ හැරත්..

තමා වුල්ෆ් කෙනෙක් උණු එකට වෛර කරමින් සිටියදී එයම වැලැක්වීමට තමන්ටම ලේසි මඟක් ලැබෙන විට යුන්මි ඒ දේට කැමති උනේ ඉහටත් උඩින්..

"ඉක්මනට ලෑස්ති වෙලා එන්න.. මට යුනි යන්න පරක්කු වෙනවා.. යනවා.. යනවා දැන්..."

ජිමින් කලබලෙන් වෙලාව බලමින් කියනකොට යුන්මි ඇස් ලොකු කරන් ගල් ගැහී බලන් ඉන්නා දිහා ජිමින් ඔලුවෙ අත තියන් බලන් හිටියා..

"යා.. පබෝයා.. තමුන්ට අමතක උනාද මාත් තමුන්ගෙම යුනි එකෙ තමුන්ගෙ සීනියර් කෙනෙක් කියල ආහ්.. යා.. දැන් දුවනවා මට පරක්කු වෙනවා..."

ජිමින් ඔළුවට ටොක්කකුත් ඇනලා කියනකොට යුන්මි ජිමින්ට රවමින් යන්න හැදුවත් ඒ එක්කම කොහේදෝ ඉදල ආපු මින්සු යුන්මිට කතා කල නිසා කෙල්ල ඒ තැනම නතර උනත් මින්සු කලබලෙන් යුන්මි වෙත පැමිණ ඒ අත තදින් අල්ල ගන්න උනේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ජිමින් මේ දිහා බලන් ඉන්නකොට..

"මිනි... තමුන් කොහොමද මෙ ගෙ රෙන්ට් එක ගෙව්වෙ.. ආයෙම ඕස්ට්‍රේලියා යන්න තියා බඩගින්නට කෑමක් කන්නවත් සල්ලි නොතිබුණු ඔයා කොහොමද ඒ සල්ලි ඔක්කොම ගෙව්වෙ...?? මට කියනවා යුන්මි.. මට කියනවා..."

මින්සු පිස්සියෙක් වගේ කෑ ගහන ගමන් යුන්මිගෙ උරහිස් හොලවන්න උනේ තරහින්.. තමන්ගෙ එකම සහෝදරියට මේ තරම් මුදලක් හදිසියේ කොහෙන් ලැබුණදැයි මින්සුට ප්‍රශ්නයක් ඇති උනා.. තවමත් යුනි යන්න පවා වියදම ග්‍රැනීගෙන් ගන්නා යුන්මිට ඒ තරම් මුදලක් ග්‍රැනීගේ උදව් නොමැතිව හොයා ගන්නට නොහැකි බව මින්සු දැනගෙන උන්නා..

"ඒක වැඩක් නැහැ... කොහොම හරි ගෙව්වනෙ.. ඒ ඇති..."

තම සහෝදරියගෙන් බේරී එතනින් ඉවත්ව යන්නට හැදුවත් වැඩිමලා බාලයා දෙස බලන් හිටියේ නම් තරමක අවිශ්වාස කරනා බැල්මකින්..

"යුන්මි.. මන් ආයෙ කියන්නැ.. ගෙවපු විදිහ කියන්න බැරි නම් හෙටම ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙනවා.. කරන ඩිග්‍රියක් එහෙ ඉදන්ම කර ගන්නවා..."

මින්සු කේන්තියෙන් ටිකක් සද්දෙන් කියනකොට කවදාවත් නැතුව යුන්මි ගැස්සිලා ගියේ තමන්ට අනිවාර්යයෙන්ම ආයෙම ග්‍රැනී ගාවට යන්න වෙන බවට හිතෙ ඇති උණු බය නිසාවෙන්.. තමන් හැමෝටම හොරා කොරියාවට ආවේත්.. කොරියාවට පය ගහපු මොහොතේ ඉදන් සිද්ද උණු හැම සිදුවීමක් ම හැම කරදරයක්ම තමන් ඉවසුවේ තමා ගැනත් නම් වලට පමණක් සීමා උණු තමන්ගෙ මව්පියන් ගැන දැනගන්නත් තිබුණු උවමනාව නිසායි.. අවුරුදු ගණනක් තමටන්ට දැන ගන්න ඕනෑ උණු ඒ ඇත්ත දන්න අය තමන් අවටම ඉන්නකොට සියල්ලම ඇතෑරලා ආයෙම යන්න යුන්මිට කොහොමවත් ඕනෑ උණේ නැහැ...

ඒ නිසාම ඇස් බිමට හරවන් යුන්මි ලොකු හුස්මක් ගත්තෙ තමන් වරදක් කලෙ නෑ කියල මින්සුට තේරුම් කරන්න..

"ඔයා නැති දවසක මහත ගැනු කෙනෙක් ආවා... අප්ප මට දීපු රින්ග් එකයි.. ඒ චේන් එකයි මන් ඒ කෙනාට දුන්නා..."

යුන්මිට තමන් කියන්න ගිය දේ පවා හරියට කියාගත නොහැකි උනේ තමන්ගෙ කම්මුලකට තදින්න එල්ල උණු කම්මුල් පාරක් නිසා.. කම්මුල් පාරෙ සැරටම ඇස් වලින් කදුළු ගලනකොට පුදුමයත් දුකත් මිශ්‍ර හැඟීමෙන් යුන්මි තම සහෝදරිය දිහා බලන් හිටින්න උනා..

"ඇයි ඒ වගෙ දෙයක් කලේ... ඇයි..?"

යුන්මිට තමන්ගෙ තාත්‍තගෙන් ලැබුණු ඒ රින්ග් එක මොන තරම් වටිනවද.. එයා මොන තරම් ඒ මතක සටහනට ආදරෙ කලාද කියලා හොදටම දන්නා මින්සු වේදනාවෙන් යුන්මිගෙන් අහන්න උනා... තමන් වැනි කිසිම වටිනාකමක් නැති විහින් ජිවිතේ විනාස කර ගත් සහොදරියක් වෙනුවෙන් ඒ දේ නැති කර ගත් එක මින්සුට දරා ගන්න බැරි දුකක්...

"ඔව් මන් ඒක කලා තමයි.. මන් ඒක කලේ මගෙ අප්පට ආදරෙ නැතුව නෙවෙයි.. කවදාවත් රූපයක්වත් මතක නැති අප්පා දුන්නු මුද්ද වගේම හැමදාම මන් එක්ක හිටපු මගේම සහෝදරියත් මට වටිනවා.. මට වටින කෙනෙක් වෙනුවෙන් වටින දෙයක් නැති කර ගන්න එක අපරාදයක් වෙන්නෙ නෑ..."

එක මොහොතක් හෝ මින්සු දෙස නොබලා යුන්මි ඒ එක්කම වේගෙන් තමන්ගෙ කාමරයට ගියේ මින්සු වාරු නැතුව ජිමින්ගෙ අත්වල හිර වෙද්දි...

"ටිකක් මුරණ්ඩු උනාට.. හිතේ තියෙන ආදරෙ පෙන්නන්න නොතේරුනාට.. යුන්මි ඔයාට ගොඩක් ආදරෙයි මින්සු නූනා..."

හැම දෙයක් දිහාම මේ තරම් වෙලා නිහඬවම බලන් හිටපු ජිමින් කියනකොට මින්සුගෙ ඇස් වල කදුළු අලුත් උනේ ඒ සහෝදරකමේ ගැඹුර නිසාම වෙන්න ඇති...

.
.
.
.

මින්සු එක්ක අමනාපෙන් වගේ කාමරයට ගිය යුන්මි මිනිත්තු පහළොවක් වගෙ කලෙකින් ලැහැස්ති වෙලා ඉක්මනින් ආවෙ ඇල්ෆා ජිමින්ගෙ කටේ බලෙ නිසාමයි.. තමන්ට හිතේ හැටියට වෙලාව අරන් ලැහැස්ති වෙන්නට ඉඩක් ජිමින්ගෙන් නොලැබුණු එකට යුන්මි නම් හිටියෙ මූනත් එල්ලගෙන.. තමන් යුනි යන පලවෙනිම දවසෙම මේ විදිහට යන්න උණු එක ගැන යුන්මිගෙ හිතෙ තිබුණෙ අකමැත්තක්...

"යා.. පාක් ජිමින්.. ඔහෙ නිසා මට පලවෙනි දවසෙම යුනි යන්න උනේ මේකප් වත් නැතුව..."

යුනි එක පුරාවටම මේකප් තට්ටු තට්ටු දාගෙන හරි ආඩම්බරෙන් එහෙ මෙහෙ ගිය ගැහැණු ළමයි දිහා මාරුවෙන් මාරුවට බලමින් යුන්මි නම් කිව්වෙ ලොකු දුකක් මූනට ආරූඪ කරගෙන..

"මේකප් කරත් තමුසෙ කැතයි තමයි.. ඒ නිසා ඔහොම හොදයි... දැන් යනවා ලෙක්චර් එකට..."

ජිමින් කියනවත් එක්කම යුන්මි වට පිට බලන්න උනේ අතට අහුවෙන දේකින් මේ කට තියන් ඉන්න බැරි ඇල්ෆාට ගහන්න හිතා ගෙන..

"යා.. පාක් ජිමින්... තමුන් සතුටු වෙනවා අහල පහල අතට අහුවෙන දෙයක් නැති එක ගැන..."

අඩි පොලවෙ හප්පමින් යුන්මි කේන්තියෙන් කෑ ගහනකොට යුන්මිට ඇද කරමින් ජිමින් හිනා වෙවීම තමන්ට ලෙක් තිබුණු හෝල් එක පැත්තට යන්න ගියා..

"ප්ෆ්ෆ්ෆ්... මෝඩ නරියා.."

ඇහෙන නෑහෙන ගානට තමන්ටම කියා ගනිමින් හිනා වෙවීම යුන්මි ජිමින් ගිය පැත්තට විරුද්ධ පැත්තට යන්න ගියේ යන්තමින් හිනා වෙන ගමන්..

මේ අතරේ.. යුන්මිත් ඇල්ෆා ජිමිනුත් නොදන්නවා උනාට ඒ දෙන්නා වෙත තවත් ඇස් හතරක් යොමු වෙලා තිබුණා..

යුන්මිත් ජිමිනුත් කතා උණු කිසිවක් ඒ ඇස්වල අයිතිකාරයන්ට නොඇසුනත් ඒ දෙන්නා බොහොමයක් සමීප බවත් එකිනෙකා සමඟ සැහැල්ලුවෙන් කටයුතු කරනා හැටිත් ඔවුන් දුටුවා...

දුටු දෙයින් එක් ඇස් අයිතිකාරයෙකුගේ මුහුණේ දඟකාර සිනහවක් ඇති උනත් අනෙකාගෙ මුහුණෙන් නම් හැඟීම් කිසිවක් පිටතට නොපෙනෙන තරම් සංකීර්ණ උනා..

එහෙත්..

එක් ක්ෂණයකින් ඒ හැඟීම් නොපෙනුණු මුහුණේ තිබූ ඒ තද කලු පැහැති ඇස් ගිනි රත් පැහැයට පත් උනා....!!






.......................................................
......................................................

ළමයි ඔයාලට කතාව තේරෙන්නෙ නැද්ද...? මන් අහන්නෙ නොකියපු දේවල් ගැන නෙවෙයි මේ වෙනකන් කියපු ඒවා තේරුණේ නැද්ද...? දැන් shadow ගැන තේරුන්නැ කියන්න එපා එයාලා ගැන තාම කිව්වෙ නැනෙ...

#ආහ්.. අද ජිමින් යුන්මිට දුන්නෙ පෙරමෝන සුවද නැති වෙන විදිහේ විශේෂ පර්ෆියුම් එකක්... යුන්මිගෙ ජීවිතේට cometලාගෙන් අනතුරක් තියෙන නිසා තමයි මේ දේවල් කරන්නෙ...


(මේක තමයි wind winder පැක් එකේ ඇල්ෆලා හැමෝටම තියෙන ඇල්ෆා ටැටූ එක.. මේකයි comet ටැටු එකයි තමයි ජිමින් යුන්මිට පෙන්නන්නෙ.. සොරි ළමයි ඊයෙ ලෝඩ් උන්නැ ඒ නිසා දාන්න බැරි උනා..)

Continue Reading

You'll Also Like

48.9K 2.6K 42
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
232K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
618K 59.1K 36
Taekook 💜 ( Own Creation )
63.8K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...