🐺Fate 🐺 || JJK (COMPLETED)

By Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... More

Author's Note
හිතුවක්කාරකම 🐺
රතු ඇස් 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

කොමෙට් 🐺

810 246 71
By Chimthri

"Oh god..! What's happening to me.. Min Su.. Ji Min... Please.. I wanna know everything..."

පැය බාගෙක නිහැඬියාවකින් පසු යුන්මි තම කටහඬ අවදි කලත් ඇගේ ඇස් තවමත් යොමු වෙලා තිබුණේ තම ඇස් මානයේම මදක් ඇතින් වන්නට පේන හන් ගඟ දෙසටයි.. යුන්මිගෙ කටහඬේ වගේම ඇය වෙතින් නික්මුණු පෙරමෝන වල පවා වෙනදාවත් වඩා කලකිරීමක් දුකක සේයාවක් ඇති බව යුන්මිටත් මින්සුටත් තර මැදි වෙන්නට වාඩිගෙන සිටි ජිමින්ට හොඳින්ම දැනුනා..

ඒත්.. 

පලවෙනි වතාවට comet ඇල්ෆා නිශ්ෂබ්දයි..

මොනවා කියන්නද...?

තමාත් හරි හැටි කිසිවක් නොදැන යමක් පැවසීම තනිකරම අඳුරේ අතපත ගෑමක් නොවේ ද...?

ජිමින් නිශ්ෂබ්දව සුසුමක් හෙලා තම දෑස් මින්සු වෙත යැවූයේ දින ගණනාවක්ම යුන්මිටත් නොදෙවෙනි වෙන ලෙස තමන්ගේත් හිතේ ඇති වූ ප්‍රශ්න වලින් එකකට දෙකකට හෝ පිලිතුරු දැන ගැනීමේ අරමුණෙන්.. පෙරදා හවස තමා හමුවී සිදු කල ඒ මින්සුගේ ඇවටිල්ල නොතිබෙන්න ජිමින් අද මේ මොහොතෙ මේ තැන නොසිටින්නට තිබුණා.. ඒ හැර යුන්මිගෙත් මින්සුගෙත් පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්නට ඇල්ෆා ජිමින්ට නම් කොහොමටවත් අවශ්‍යතාවක් නම් නොතිබුණා...

අඩුම තරමේ තමාව මේ ගමනට රැගෙන එන්නට මින්සුට තිබූ හේතුව හෝ දැන ගැනීමට ජිමින්ට අවශ්‍යව තිබුණා.... එහෙත් ජිමින් දැක්කෙ කියන්නට බොහෝ දේවල් හිතේ දරාගෙන එහෙත් තරමක දෙගිඩියාවකින් තමන් දෙසත් යුන්මි දෙසත් මාරුවෙන් මාරුවට අසරණ බැල්මකින් බලා ඉන්නා මින්සුයි.. comet ඇල්ෆා කෙනෙකු වූවත් හැමදාමත් තවකෙකුගේ හැඟීම් තේරුම් ගත හැකි වූ ජිමින්ට මින්සු ගැන අනුකම්පාවක් දැනෙන්න වූයෙන් ඇල්ෆා නිහඩවම ඇස් බිමට බර කර ගන්නට වූයේ මින්සුට හිතන්නට ඇති තරම් ඉඩ ලබා දෙමින්...

"නා නුගුයා...? (මම කව් ද...?)"

නිහඬ බව බිඳිමින් යුන්මි තරමක නුරුස්සනා හඬකින් අහන්නට වූයේ තවමත් තම ඇස් හන් ගඟ දෙසටම යොමාගෙන.. 

"වුල්ෆ් කෙනෙක්..."

යුන්මිගෙ පිලිතුරට ජිමින් කෙටි උත්තරයක් ලබා දෙන්නට වූයේ ඇය ඇසූ දෙය එතරම් ගණනකට ගෙන නම් නොවේ..  ගෙවුණු දවස් කීපය ඇල්ෆා ජිමින්ගෙන් යුන්මි මේ ප්‍රශ්නය ඇසූ වාර ගණන කොපමණ දැයි ඇයම නොදන්නාවා ඇති.. ඒ සෑම මොහොතකම මෙන් මෙවරත් යුන්මිගෙ ඒ පැනයට තමාගෙ සුපුරුදු පිලිතුර ඇල්ෆා ජිමින් ලබා දුන්නත් හිතුවක්කාර ඔමේගාවගේ ඇස් ක්ෂණයකින් ගිනි රත් පැහැයට හැරෙන්නට වූයේ කේන්තියෙනි..

"නා අරා...(මන් දන්නවා)"

"මන් දන්නව මන් අර විකාර ෆිල්ම් වලයි ටීවි සීරීස්වලයි ඉන්නව වගෙ නරියෙක් කියලා... ඔව්... මන් නරියෙක්... ආශ්... මේක පිස්සුවක්.."

යුන්මි කලබලෙන් කියමින් තමන්ගෙම කොන්ඩය ඇදිමින් දඟලන්නට වූ මේ තරම් වෙලා කල්පනාවෙන් සිටි මින්සුගේත් ඇල්ෆාගේත් මුහුණට සිනහවක් එක් කරමින්...

"යුන්මියා.. නරියා නෙවෙයි... වුල්ෆ්.. අපි වෙයාවුල්ෆ්ලා.."

යුන්මිගෙ හැටි දන්නා ඇල්ෆා ජිමින් තම සිනහව පාලනේ කර ගනිමින් කියන්නට වූ නමුත් ජිමින්ගෙ කටහඬත් එක්කම තම මුහුණට නුරුස්සනා පෙනුමක් ආරූඪ කරගත් යුන්මි එයට පෙරලා පිලිතුරු දෙන්නට වූයේ මෙ සියල්ලක්ම මින්සු හිත යටින් යම් වේදනාවක් මිශ්‍ර සතුටකින් බලන් හිඳිනා විටයි...

"අර්ර්ර්.. මොකෙක් හරි.. වුල්ෆ්...?? විකාර.. නරියා මොකද.. වුල්ෆ් මොකද... වෙනසක් නැ... දෙගොල්ලන්ටම කකුල් හතරකුයි නැට්ටකුයි තියෙනවා..."

තමන් ඉදිරියේ ඇති හන් ගඟටත් ඒ අවට ඇති සියල්ලටම රවමින් යුන්මි කියන්නට වුයේ තරහින්... ඈ තවමත් ඉන්නේ තමගේම මතයේ ය.. ඉදින් ඈ සමඟ තර්ක කළ හැක්කේ කාටද...? එය තනිකරම කාලය කා දැමීමක් බව දන්නා ඇල්ෆාත් යුන්මිගෙ සහෝදරියත් කිසිවක් නොකියන්නට වූයේ මේ මොහොතේ ඈ සිතන්නෙ ඇයට ඕනෑ දේ පමණක්ම බව දන්නා නිසාවෙන්..

සැබැවින්ම මේ හිතුවක්කාර ඔමේගාව නම්...

කිසිදු පැකිලීමකින් තොරව මුළු වෙයාවුල්ෆ් සංහතියටම අවමන් කරනා අපූරුව....!!

මුරණ්ඩු හිතුවක්කාරී.. දිනෙක අමතක නොවෙන පාඩමක් නම් ඉගෙන ගනු නොඅනුමානයි...!

" පබෝයා... තමුසෙ නම් අර නාහෙට අහන්නෙ නැති ඇල්ෆා ජන්කුක්ටම හොදයි..."

යුන්මි අතින් සැරින් සැරේ වෙයාවුල්ෆ්ලාට සිදු වෙන අපහාස උපහාස කිසිවක් ඒ තරම් සැලකිල්ලට නොගෙන ඇල්ෆා ජිමින් සිනහ වෙන්නට වූයේ එසේ කියමින්.. සැබැවින්ම යුන්මිගේ තත්වය පුංචි පප්ස් කෙනෙකුගේ හැසිරීමටත් වඩා අපරික්ෂාකාරී වන්නට උනා..

"ඇල්ෆා ජන්කුක්...?? ඒ කව්ද...?"

යුන්මි මූනත් අමුතු කරමින් අහන්නට ගත්තෙ ජිමින් අතින් වැරදී කිය වුණු දේ දැන ගැනීමේ කුතුහලෙන්..

එකවරම දෙයක් පැවසීමට පෙර ජිමින් මදක් වෙලා යුන්මි දෙස බලා හිටියෙ සිනහ වෙමින්.. යුන්මිගෙ මේ තත්පරෙන් වෙනස් වෙන ගතිගුණ වලට හැමදාමත් ජිමින් ආස උණා.. සාමාන්‍ය ජිමින් දන්නා ඔමේගාවන් මෙන් යුන්මි  කිසි දිනෙක කුලෑටි ලැජ්ජාශීලී නොවූ වා..  එමෙන්ම අනෙක් ඔමේගාවන් ඇල්ෆාවන්ට දක්වන අසාමාන්‍ය බිය, ගෞරවය යුන්මි තුළින් ජිමින් කිසි දිනෙක නොදැක්කා... ඇල්ෆා ජිමින් මේ වෙනසට බොහෙවින් ආශා කලා වගේම යුන්මි සමඟ කටයුතු කිරීමේදි ඇල්ෆාට එය වඩාත් පහසුවක් වන්නට උනා.. වරෙක හුරුතල් හුරුබුහුටි මේ ඔමේගාව තවත් වරෙක හිතුවක්කාර මුරන්ඩු චරිතයක් වන්නේ ඇය සැබැවින්ම  ඔමේගාවෙක් දැයි ඇල්ෆා ජිමින් පවා පුදුමෙට පත් වෙනකොට.. 

යුන්මි ගැනම කල්පනාවෙන් සිටි ඇල්ෆාට තම උරහිසට තදින් පහරක් එල්ල උනෙ නොසිතූ මොහොතක...

"ඌප්ස්.. අත ලිස්සුවා...."

නාට්‍යානුසාරයෙන් රඟපාමින් අහින්සක මුහුණක් මවාපාමින් යුන්මි කියන්නට උනෙ කපටි නරි දෙනක් වගේ..

එහෙත්

මුරණ්ඩු ඔමේගාව..! පිටස්තර තරුණ ඇල්ෆාවෙක් සමඟ හුරුතල් වෙන අපූරුව ඇගේ මේට් දුටුවා නම් වන විනාශය  ලූනාටවත් වලක්වන්නට අපහසු වනු ඇත...!

"කියන්න..  කව්ද ඇල්ෆා ජන්කුක්...?"

යුන්මිට මේ මොහොතේ සියල්ලටම වඩා ඇල්ෆා ජන්කුක් ගැන දැන ගන්නට අවශ්‍ය වෙලා තිබුණා.. තමා ගැන දැන ගැනීමටත් වඩා තමා නොදන්නා ඇල්ෆාකෙනෙකු ගැන දැන ගන්නට තම හිත කියන්නෙ ඇයි දැයි ඇයටත් ප්‍රශ්නයක්.. 

"යුන්මි ඔයා දන්නවනෙ අපි හැමෝම පැක් එකක් එහෙමත් නැත්නම් රංචුවක් විදිහටයි ඉන්නෙ.. ඉතිම් මේ පැත්තට තියෙන ප්‍රදානම පැක් දෙක තමයි Moon valley පැක් එකයි Wind winder පැක් එකයි.. ඒ ඇර පැක් තිබුණත් ඒ දෙක තමයි ප්‍රදාන.. මන් wind winder එතකොට...."

යුන්මිට වුල්ෆ්ලා ගැන ටිකක් හෝ අවබෝධයක් ලබා දෙන්නත් එක්කම කතාව පටන් ගත් ජිමින් දැක්කෙ ඇස් බෝල කරකවමින් කකුල් දෙකත් පද්දමින් වෙනත් පැත්තක් බලාගෙන ඉන්නා යුන්මිවයි.. එක් වරම ඉවතට යොමු වෙලා තිබුණු තම ඇස් කෙලින්ම ජිමින් දෙස යොමු කර ඇල්ෆාට පෙනෙන්නටම ඈනුමක් යවන්නට වූයේ ජිමින්ගෙ විස්තර මොන තරම් කම්මැලි නිදිමත ඒවා දැයි මවා පෙන්වමින්...

"ඕ.. ලෙක්චර් එක ඉවර ද..? දැන්වත් මේ නරි මහත්තයට ඇල්ෆා ජන්කුක් කව්ද කියන්න පුලුවන් ද...?

තමාත් වෙයාවුල්ෆ් කෙනෙකු බව මොහොතකට අමතක කළ යුන්මි කියන්නට වූ නමුත් මේ හිතුවක්කාර ඔමේගාව නම් ඇල්ෆා ජිමින් කී කිසිවකට අවධානයක් නොදුන් බව නම් ඇල්ෆා හොදින්ම දන්නා කරුණක්..

"දේ... දේ... කියන දේ හරියට අහන් ඉන්නවා යුන්මි.. "

ඇල්ෆා හිතුවක්කාර ඔමේගාවගෙ ඔලුවට සෙමෙන් පාරක් ගසා කියනකොට ජිමින්ට රවමින් එහෙත් පෙරට වඩා වැඩි අවදානෙන් යුන්මි සිටින්නට උනා....

"මන් කලින් කිව්ව වගේම මන් wind winder පැක් එකේ.. අපේ පැක් එකට වඩා ටිකක් ලොකු වගේම ශක්තිමත් පැක් එක තමයි Moon valley කියන්නෙ.. ඒ පැක් එකෙ ඉන්න ඇල්ෆා කෙනෙක් තමයි ජන්කුක් කියන්නෙ.. විශේෂ්ත්වය වෙන්නෙ එයා තමයි දැනට ඉන්න එකම pure blood alpha... ඒ වගේම මන් දැකපු නාහෙට අහන්නෙ නැති හිතුවක්කාරම ඇල්ෆා එයා.. යුන්මි.. ඔයත් ඒ වගේමයි... පුදුම හිතුවක්කාරකමක් තියෙන්නෙ.. වෙලාවකට මට සැකයි ඔයා ඔමේගාවෙක්ද කියල..."

ඇල්ෆා ජිමින් හිනා වෙවී කියනකොට යුන්මි අහගෙන හිටියෙ පුදුමෙන් වගෙ.. ජන්කුක්ට යන නම තමාට හුරු පුරුදු වූවක් බව යුන්මිගෙ හිතට දැනුනත් එවැනි නමකින් තමා දන්නා කිසිවෙක් නොමැති බව යුන්මි කල්පනා කරන්නට වුණා..

"ආශ්... මේක විකාරයක් මට වෙයාවුල්ෆ් කෙනෙක් වෙන්න ඔන නෑ.. මට සාමාන්‍ය කෙනෙක් වෙන්නයි ඕන... කිසිම විකාර විදිහේ වෙනසක් නොවී සාමාන්‍ය මනුස්සයෙක්  වෙන්නයි ඕන..."

ආරම්භයේ තරමක තරහින් හිටියත් යුන්මි අතිම වචන කියන්නට උණේ ඇස් වල කදුළු පුරවාගෙන.. යුන්මිට හැමදාමත් ඕනෑ කර තිබූ සාමාන්‍ය නිදහස් ජීවිතේ වෙනුවට තමන්ට මේ ලැබුණු පැටලිලිසහගත කරදරකාර ජීවිතේ ගැන යුන්මිට තිබුණෙ කලකිරීමක්.. ජිමින් වගෙම මින්සුත් දවස් දෙක තුනක් පුරාවට තම හිත සනසවන්න කොපමණ උත්සාහ කලත් නොදැන හෝ තමා අතින් තම සහෝදරියට උණු අනතුර ගැන තවමත් යුන්මි තමන්ටම වෛර කලා.. තවමත් තමාගෙ වුල්ෆ් පෙනුමට වෛර කරනා යුන්මිගෙ අතින් විටින් විට ඒ බව හඟවන හැසිරීම් නොදැනුවත්ම හෝ පිට වන්නේ ඒ නිසාම වෙන්න ඇති...

"යුන්මි.. චල්ත්අරො... මේක ඔයාගෙ දෛවය... ඔයා..."

"දෛවය...?? විකාර..."

"යුන්මි... චෙබල් කියන දේ අහන්න... අපි වුල්ෆ්ලා.. ඔයා වගෙම මත්.. අපිට පැක් එකක් තියෙනවා.. අපිට වගකීම් තියෙනවා.. ඒ වගෙම අපිට මේට්ලා ඉන්නවා...."

ඇල්ෆා දිගටම කියාගෙන ගියත් යුන්මි ඒ කිසිවකට අවදානයක් නොදෙන බව තේරුම් ගත් ජිමින් මොහොතකට නිශ්ෂබ්ද උනා.. මේ තරම් වෙලා මින්සු කිසිවක් නොකිය ඉන්නා එක ජිමින්ගෙ හිතට අමුත්තක් එක් කලත් ඔහු නිහඬවම ඇයට ඕනෑ තරම් කල් ගන්නට ඉඩදි බලා සිටින්නට උනා..

"මේට්...? ඒ කව්ද...?"

යුන්මි එක් වරම ප්‍රශ්න කරන්නට උනේ තමා නොදන්නා යමක් ජිමින් වෙතින් කිය වූ නිසා.. මීට පෙර කිහිප වතාවකදී මේ පිලිබඳව ඇසී තිබුණත් ඒ ගැන විමසන්නට යුන්මිට අවස්ථාවක් නොතිබුණා..

යුන්මි..  ඇය තවමත් තමා ගැන හරි හැටි නොදන්නා ඔමේගාවෙක්.. තමන්ටම... තමන්ගෙම ඉරණමට අකමැති හිතුවක්කාර ඔමේගාවෙක්...!

"මේට්... ඒ කියන්නෙ අපේ සහකාරයා.. ගොඩක් වෙලාවට අපිට ඉන්නේ ලූනා විසින් කලින්ම තිරණේ කරපු සහකාරයන්... ඒ අය එක්කයි අපි ආදරෙන් බැදෙන්නෙ..."

තවමත් හමු නොවු තමාගේ සහකාරිය ගැන හිතමින් ජිමින් කියන්නට වුනේ මෘදුව.. එහෙත් යුන්මිට මේ සියල්ලක්ම දැනුණේ පැටළුණු නූල් බෝලයක් තව තවත් පැටලෙමින් තියෙන්නාක් වගේ.. කලින් වෙනකෙකු විසින් තිරණේ කර ගත් කෙනෙකු සමඟ ආදරෙන් බැදෙන එක මොන තරම් අසාදාරණ දැයි යුන්මි සිතන්නට උනා.. මේ දේවල් වල ඇති සංකීර්ණ බව තේරුම් ගන්නත් එයට අනුගත වන්නත් යුන්මිට බොහො කලක් යන බව නම් ජිමින් හොදාකාරවම දැනගෙන උන්නා..

"It's unfair... කව්ද එහෙම තීරණේ කරන්නේ...?"

යුන්මි ඇහුවත් මොහොතකට ජිමින් ඒ ගැන කල්පනා කරන්න උනා.. සැබැවින්ම තමා මෙතරම් කාලයක් මේ දේවල් වෙනස් විදිහකට නොදැකපු එක ගැන ඇල්ෆා ජිමින්ට දැනුනේ පුදුමයක්.. පරම්පරා ගණනාවක් දුරට පැවතගෙන ආ සියල්ලක්ම තමාත් ඒ විදිහට පිලිගත්තා මිස ඒ දේවල් මොන තරම් සාදාරණ ද අසාදාරණ ද යන්න ඔහු කවදාවත් නොසිතුවා...

"ඒ ලූනා.. අපේ සඳ දෙව්දුව..."

ජිමින් කියන්නට උනේ තරමක පැකිලෙමින්.. ඒ හඬේ ලොකු ගෞරවයක් ගැබ් වෙලා තිබුණෙ ඇල්ෆාගේ හිතේ ලූනා ගැන තිබූ දේවල් පිටතර පෙන්වමින්..

"ප්ෆ්ෆ්ට්.... එයා කව්ද මට එහෙම කරන්න...? කවුරු උනත් එයාට බෑ මගේ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය තීරණේ කරන්නෙ මමයි... මන් විතරමයි.. මන් ආදරෙ කරන්නෙ මන් කැමති කෙනාටයි.. නැතුව වෙන කාටවත් ඕන කෙනෙක් නෙවෙයි..."

මේ තරම් වෙලා වාඩි වෙලා උන්නු තැනින් නැගිට වේගයෙන් එහෙ මෙහෙ යමින් යුන්මි කියන්න උනේ ලොකු කේන්තියකින්.. තමා කේන්ති ගන්නෙ මොන වගෙ කෙනෙක් සමඟදැයි කියාත් තේරුමක් නැති මේ ඔමේගාව දිහා ඇල්ෆා බලන් හිටියේ කිසිත් නොකියා.. මින්සු උනත් සඳ දෙව්දුව ගැන වුල්ෆ්ලාගේ හිතේ තිබෙනා භක්තිය ගැන දැන උන් නිසාම යුන්මිගෙ මේ හැසිරිම හමුවෙ ජිමින් නිහඬව මේ තරම් ඉවසීමෙන් ඉන්නෙ කෙසෙදැයි සිතන්නට උනා..

ඒ කල්පනාවෙන්ම comet ඇල්ෆා දෙස බැලූ මින්සු දුටුවේ අතක් නිකට මතින් තබාගෙන බර කල්පනාවක නිමග්නව ඉන්නා ජිමින්ව...

"දන්නවද යුන්මි..  මන් අහල තියෙනවා  ඔයා වගෙම හිතුවක්කාර එකම එක ගැහැණු  ඔමේගාවෙක්....."

ඇල්ෆා ජිමින් තමන්ගෙ මතකෙට එක්වරම ආ Moon valley හි shadow ඔමේගා ජියුන් ගැන කියන්නට ගියත් මේ තරම් වෙලා නිශ්ෂබ්දව ඇල්ෆාගෙත් තම සහෝදරියගේත් කතාවට ඇහුම්කන් දුන්නු මින්සු ඇල්ෆාගෙ කතාව තව දුර නොයවා බාදා කරන්නට වුණේ කලබලෙන්...

"මිනී.. අපි මොනව හරි කමු ද...? මිනී..  චෙබල් අපි දෙන්නට කොපී අරන් එන්න..."

එක්වරම කලබලෙන් මින්සු යුන්මිව පිටත් කර හැරියේ ඇල්ෆා පුදුමෙන් ඒ දෙස බලා සිටිය දී.. යුන්මි ටිකෙන් ටික තමන් දෙසින් ඈත් වෙලා ඈතට යන දිහා බලා සිටි මින්සු ලොකු හුස්මක් හෙළුවෙ ජිමින්ට ලොකු කතාවක් කියන්න වගෙ...

"ජිමින්.. චෙබල්.. යුන්මි ඉස්සරහ කවදාවත් ජීයුන්ගෙ නම කියන්න එපා..."

මින්සු ජිමින්ගෙන් එලෙස ඉල්ලන්න උනෙ අසරණව..

"මෝ...?  වේ....?"

ජිමින් ඇහුවෙ පුදුමයෙන්.. shadow ඔමේගා ජීයුන් ගැන යුන්මිගෙන් හංගන් ඉන්න තරමේ අවශ්‍යතාවක් අල්ෆාට නම් හිතා ගත නොහැකි තරම්...

"දේ... ඒක.. ඒක යුන්මිට ලොකු අනතුරක්.. එයා කව්ද කියන්න එයාවත් නොදැන ඉන්න තරමට එයා ආරක්ෂිතයි..."

මින්සු කියූ දෙය නිහඬවම හොද අවදානෙන් අහගෙන හිටියත් මේ වෙනකොටත් ජිමින්ගෙ හිතේ නම් ප්‍රශ්න කන්දරාවක් ඇති වෙලා තිබුණා.. ඒ ප්‍රශ්න සියල්ලටම පාහෙ  උත්තර ජිමින්ට අවශ්‍ය වෙලා තිබුණත් කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්න දැයි ජිමින්ට තවමත් හිතා ගන්න නම් බැහැ...

"ජිමිනී... චෙබල්..  යුන්මිව බලා ගන්න... cometලගෙන් ඔයාලගෙ පැක් එකෙන් යුන්මිව හංගල තියා ගන්න මට උදව් කරන්න ජිමින්... ඔයාට විතරයි මේ දේ කරන්න පුලුවන්..."

මින්සු තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු බින්දු අත්ලෙන් පිසදමින් කියන්න උනේ කලබලෙන්...

"නූනා... මොනවද මේ කියන්නේ...? ඇයි යුන්මි වගෙ කෙනෙක්ට cometලා කරදර කරන්නෙ...? ඇයි ඔයා යුන්මිව හංගන්න හදන්නෙ.. ඔයා හිතනව ද යුන්මි කියන්නෙ ඒ විදිහට හංගල තියා ගන්න පුලුවන් කෙනෙක් කියලා...? ඇයි යුන්මිට තමන් ගැනම දැන ගන්න බැරි.. ඒක එයාට කරන අසාදාරණයක්... "

මින්සු එක්ක ඇති උණු අමනාපයත් යුන්මි කෙරෙහි ඇති උණු අනුකම්පාවත් නිසා ජිමින් කියන්නට උනත් ඒ එක්කම ජිමිට ඇහුණෙ මින්සුගේ කේන්තියෙන් පිරුණු ඒ කටහඬ..

"අසාදාරණය..?? ජිමින් ඔයා මොනව ද දන්නේ....? මම ගැන... යුන්මි ගැන.. ඔයා මොනවද දන්නෙ ජිමින්...??  දවසින් දවස comet ඇල්ෆාවන්ගෙ ඕනෑ එපාකම් ඔක්කොම ඉවසන් මන් තවමත් නොමැරී   ඉන්නෙ කවුරු නිසා කියලද ඔයා හිතන්නෙ ජිමින්...??  ඒ යුන්මි නිසා... මගේ නොවෙන මගේම නංගි නිසා ජිමින්... කෙලින්ම කිව්වොත් ඔයා ඇර අනිත් comet ඇල්ෆලා බිටාලා මරන්න පිස්සුවෙන් වගේ හොයන ඒ shadow ඔමේගා ජීයුන්ගෙ දරුවා නිසා...."

බලාපොරොත්තු නොවූ මොහොතක මින්සුගෙ ඒ වචන පිට වෙනකොට තම උගුර හිරවෙන්නාක් මෙන් ජිමින්ට දැනෙන්න උනා.. තමන්ගෙ පැක් එකේ cometලා පලිගැනීමෙන් වියරු වැටී ඔමෙගා ජීයුන්වත් ඇගේ මේට්වත් මරා දැමූ අයුරු ගැන තවමත් උදම් අනනා හැටි ජිමින්ට හැමදාමත් අප්‍රසන්න කරුණක් උනා... ඔමේගා ජීයුන්ගේ දරුවා අතුරුදන් වී ඇති බව කියූවත් අද මේ මොහොත දක්වාම ජිමින් විශ්වාස කලේ ඒ දරුවාත් හිත් පිත් නැති අනිකුත් cometලා විසින්ම මරා දමන්නට ඇතැයි කියා.. එහෙත් මින්සුගෙන් ඇසුණු වචන හමුවෙ ඇල්ෆා ජිමින් හිටියේම පුදුමෙන් ලොකු වුණු ඇස් මින්සු වෙත යොමා ගෙන..

"නුනා.. ඔයා කියන්නෙ ඔමෙගා ජියුන්ගෙ දරුවා අපෙ යුන්මි කියල ද... අනී..  ඒ...ක වෙන්න බැහැ..."

තම පපුව අසාමාන්‍ය විදිහට වේගෙන් ගැහෙන කොට ජිමින් ප්‍රාර්ථනා කලෙ මීට මොහොතකට කලින් තමාට ඇසුණු දේ තමාගෙ හිතේ ඇති උණු මනෝවිකාරයක් වන්නට කියා.. එහෙත් කිසිවක් නොකියා තම කදුළු පිරුණු ඇස් බිමට හරවා ගත් මින්සු දිහා බලන් සුසුම් හෙලන්නට ඇරෙන්න ඇල්ෆා ජිමින් හට කළ හැකි කිසිවක් නොවූවා...

"නූ.. නූනා ඇයි මට මේ දේවල් කිව්වෙ..? අමතකද මමත් comet කෙනෙක්..."

මිනිත්තු කිහිපයකට පසු ජිමින් කියනකොට මින්සු තම බිමට හරවා ගත් ඇස් නැවත ජිමින් වෙත හරව ගන්නට වූයේ ඒ ඇස් වලින් නැවත වරක් කදුළු වැල් අලුත් වෙනකොට..

"ජිමිනී.. මන් ඔයා ගැන දන්නවා.. ඔයයි හැමදාම මාව ඇල්ෆලාගෙ රට් කලෙට මාව ඒ අයගෙන් බේර ගන්නේ... ඔයා කවදාවත් යුන්මිට නකරක් කරන්නෑ.. යුන්මිට විතරක් නෙවෙයි අහින්සක කිසිම කෙනෙක්ට... "

ජිමින් ගැන උපන් ගෞරවයෙන් යුන්මි කියන්නට උනේ හිතින් මෙ comet ඇල්ෆාට දහස් වරක් ස්තූති කරමින්...

"මින්සු නූනා එයාව පුලුවන් තරම් ඉක්මනට එයාගෙ ඔම්මගෙ පැක් එකට යවන්න.. ඒක තමයි කරන්න පුලුවන් එකම දේ.. එතන තමයි එයාට ආරක්ෂිතම තැන.. ඒ වෙනකන් අපිට එයාව පරිවර්තනය වෙන එක ආයෙම නවත්තන්න වෙනවා.. ඒ වගේම එයාගෙන් එන පෙරමෝන සුවඳ නැති කරන්නත් අපිට සිද්ද වෙනවා..."

ජිමින් කල්පනාවෙන් කියනකොට මින්සුට වෙනදා නොදැනුණු ශක්තියක් හිතට දැනෙන්නට උනා.. තවමත් නොවේළුණු කදුළු එක්කම මින්සු මුහුණෙ ලස්සන හිනාවක් ඇදුණෙ ඒ නිසාම වෙන්න ඇති..

"ඒත්.. ඒත් කොහොමද...?"

වුල්ෆ්ලා ගැන තරමක් දුරට දැනගෙන උනත් පෙරමෝන සුවඳ නැති කරන්නට කිසිවක් නොදැන උන් මින්සු අහන්නට උනේ පුදුමෙන්..

"ඕ.. නූනා කලබල නැතුව ඉන්න.. ඒ හැමදෙම මන් හෙට අරගෙන එන්නම්.. කොහොමත් යුන්මි හෙට යුනි යන නිසා මන් හැමදේම ලෑස්ති කරන්නම් අද..."

ඇස් ගිලෙන තරම් ලස්සන හිනාවක් එක්ක ජිමින් කියනකොට මින්සු ජිමින්ට ස්තූති කරන්නට උනේ හිතේ බර ටිකක් හෝ ජිමින් නිසා නැති උණු එක ගැන සිතමින්.. ඒ එක්කම කොෆි දෙකකුත් අතේ තියන් එන යුන්මි දුටු මින්සු යමක් කියන්නට ගිස් තම කතාව එතනම නවත්වා ඇස් වලින් යුන්මි ජිමින්ට පෙන්වන්නට උනේ තවදුරටත් මේ කතාව දිගටම කරගෙන යන එක නුවණට හුරු නැති බව comet ඇල්ෆාට තේරුම් කරමින්..
.
.
.

"ආශ්.. අර මෝඩයො.. වොන් දෙදාහක් වැඩිපුර ගත්තා..."

යුන්මි රවමින් කියන්නට උනේ තමන්ට උණු ආසාදාරණය ගැන උනත් ජිමින් වගේම මින්සුත් තමා දෙස බලා සිනහ වෙන බව දුටු යුන්මි දෙදෙනාටම රවමින් වෙනතක් බලාගෙන කොපි කෝප්ප දෙක දික් කරන්න උනේ තරහින්..

"මෝ..? දැන් මන් හිනා වෙන්න දෙයක් කිව්ව ද...?"

ඔමේගාව තම තද කළු ඇස් ක්ෂණයකින් රතු කරමින් කේන්තිය පිට කරන්නට උනත් ඇල්ෆාගෙන් පිට උණු තරවටු කරනා බැල්ම හමුවේ ඈ තම කේන්තිය පාලනේ කර ගන්නට උනා..

"යුන්මි.. ඔයාගෙ කේන්තිය පාලනේ කරගන්න.. මේක ගෙදර නෙවෙයි.. තේරෙන්නෙ නැද්ද ඔයාගෙ ඇස් රතු වෙනවා.. ආහ්...??"

ජිමින් සෙමෙන් ඒත් දැඩි හඬකින් කියන විට මින්සු බිම බලා ගන්නට උනේ තම වැරැද්ද පිලි ගනිමින්..

"යුන්මි.. මෙහෙ බලන්න.. "

(Comet ටැටූ එක.. )

ඇල්ෆා ජිමින් තමන්ගෙ අතේ මැනික් කටුව ළඟ තිබුණු ටැටූ දෙකක් පෙන්වමින් කියන්නට උනේ යුන්මි ලොකු විමසිල්ලෙන් ඒ දිහා බලන් ඉන්නකොට..

"මේ ටැටූ එක අපේ wind winder පැක් එකෙ ඇල්ෆා ටැටූ එක.. මෙ වගේම ඒත් මීට වෙනස් ටැටූ එකක් Moon valley පැක් එකට තියෙනවා.. මේ ටැටූ එක තියෙන්නෙ ඇල්ෆලාට විතරයි.. එතකොට  අනිත් එක..  ඒක comet ටැටූ එක.. මෙන්න මේ ටැටූ දෙක ඔයා හොදටම මතක තියා ගන්න ඕන..."

"ඒ ඇයි...?"

යුන්මි ඇහුවෙ ලොකු කුතුහලෙන් වගේම ලොකු නොඉවසිල්ලෙන්...

"ඉන්න කියන්නම්... මේ ටැටූ දෙක මන් ඇර වෙන අය ළඟ තියෙනවා දැක්කොත් ඔයා ඒ අයගෙන් සැක නොහිතෙන්න අයින් වෙන්න ඕන.. ඒ වගෙම ඔයා වුල්ෆ් කෙනෙක් කියලවත් වෙන කිසිම දෙයක් ගැනවත් මන් ඇර මේ ටැටූ තියෙන අය එක්ක කියන්න එපා.. විශේෂයෙන්ම මේ comet ටැටූ එක තියෙන අයගෙන් පරිස්සම් වෙන්න..."

කවදාවත් නැතුව ඇල්ෆා ජිමින් කියකොට ඒ සියල්ලක්ම මින්සුත් ඔළුව වනමින් පිලිගන්නා දෙස යුන්මි බලන් හිටියෙ ප්‍රශ්න ගොඩක් හිතේ තියන්..

"ඒත් ඇයි...?  කව්ද comet කියන්නෙ...?"

යුන්මිගෙ ප්‍රශ්නයට මේ තරම් වෙලා නිහඬ උන් මින්සු පිලිතුරු දෙන්නට උනේ බැරෑරුම්ව.. ඒ හඬේ පවා දුකක් ඇති බව යුන්මිට දැනෙන්න උනත් එයට හෙතුව ඇය දැනගෙන හිටියෙ නැහැ.. 

"මිනී... comet කියන්නෙ wind winder පැක් එකේ පැක් ඇල්ෆා ඒ කියන්නෙ නායක ඇල්ෆව ආරක්ෂා කරන්න පුහුණු කරපු ඇල්ෆා බීටල එකතු උණු ටීම් එකක්.. wind winder පැක් එකෙ ඉන්න දක්ෂම සටන්කරුවො ටික තමයි cometලා... එයාලා ඔයා හිතනවට වඩා දහස් ගුනයක් දරුණු වගේම කිසිම අනුකම්පාවක් නැති ඇල්ෆලා බීටාලා ටිකක්..  ජිමින් එක්කම cometලා ඉන්නෙ හත් දෙනෙක් විතරයි.. දැන් හිතන්න එපා අනිත් හය දෙනත් ජිමින් වගෙ කියල.. ජිමින් ඔයාට හොදින් සැලකුව කියල cometලව අවතක්සේරු කරන්න නම් හිතන්නවත් එපා.. අරස්සෝ...?? දැනට මේ ඇති... අනිත් හැමදේම ගැන ඔයා දවසක දැන ගනිවි... ඒ නිසා මිනී.. චෙබල්.. මේ දේ ලේසියට ගන්න නම් එපා..."

තමා නොදන්නා යමක් තම සහෝදරියත් ඇල්ෆා ජිමිනුත් දන්නා බව ඔවුන්ගෙ හැසිරීමෙනුත් පෙනුමෙනුත් තේරුම් ගත් යුන්මි නිහඬවම තවත් ප්‍රශ්න නොනඟාම ඒ සියල්ලක්ම පිලගෙන නිහඬවම තම සහෝදරියත් ඇල්ෆාත් පිටුපස යන්නට උණා..

.........................................................
.........................................................

මිස්ටේක් තිබුනොත් හිතන්න එපා...

මන් කතා දෙනො පරක්කු වැඩී ද...?  Cometලා ගැන තේරුම් ගත්තා නේ ද...??

සොරි ලමයි ටැටූ දෙකෙන් එක ටැටූ එකයි පේන්නෙ.. අනිත් එක මන් වෙන දවසක අප්ලොඩ් කරන්නම්.. ඩේට ප්‍රශ්නයක් නිසා ඒක ලොඩ් වෙන්නැ.. සොරි..

Continue Reading

You'll Also Like

7.7K 1K 22
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
16.5K 3.5K 51
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
234K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
488K 66.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...