● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔

By Moon_Fayre

37.6K 6.5K 6.4K

(Under Editing, Will publish 02 - 03 chapters per a day.) ඔහු සීතල හදවතක් ඇති දරුණු මාෆියා නායකයෙක්. " මේ මොහ... More

★ Introduction ★
Chapter 01
❖ Aʙᴏᴜᴛ ᴛʜᴇ ZERO ❖
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Chapter 12
Not An Update
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
➶ Titans ➷
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Not An Update
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
New Book ♡
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44

Chapter 09

736 163 70
By Moon_Fayre

_________________________________________

Sometimes our thoughts are so backed up by so much insecurity,that they create lies we believe.

_________________________________________

ZERO එකේ අයගේ නිලලත් වෛද්‍යවරයා විදිහට හැමවෙලේම වැඩ කරපු ජිමින් එයා මාෆියා කෙනෙක් විදිහට ලබපු ට්‍රෙයිනින් එකෙන් වැඩක් ගත්තේ බොහොම අඩුවෙන්.මොකද මුලදි තද හිතක් තිබුනු කෙනෙක් වුනු ජිමින් ඩොක්ටර් කෙනෙක් වුනාට පස්සේ ටිකෙන් ටික උණු වෙන හිතක් තියන කෙනෙක් වෙන්න ගත්තා.

කාලයක් යද්දි මිනිස්සුන්ව මරන්න එක ජිමින්ට කරන්නම බැරි දෙයක් වුනා.ජිමින්ටත් වඩා එයාව ඩොක්ට කෙනෙක් කරන්න ඕනි වුනේ ජේහෝප්ට.ඒත් ඉස්සර මිනිස්සු මරපු කෙනා ඒ වෙනුවට මිනිස්සු බේරගන්න පුහුණු වෙද්දි ජේහෝප්ට සිද්ද වුනා ජිමින්ව මාෆියා එකේ වැඩවලින් ඈත් කරලා තියන්න.ඒත් ජේහෝප් ජිමින්ව රෝනා ප්ලේස් එක ඇතුලෙම තියාගත්තේ එයාලගේ ස්ථීර වෛද්‍යවරයා විදිහට.මොකද තමන්ට ඉන්න විශ්වාසවන්තම කීප දෙනාගෙන් කෙනෙක් වුනු ජිමින්ව ZERO එකෙන් අයින් කරන්න ජේහෝප්ට චුට්ටක්වත් ඕනි වුනේ නෑ.

ඒ වගේම ජිමින්ටත් ZERO එක දාලා යන්න පොඩ්ඩක්වත් ඕනි නෑ.ZERO එක කියන්නේ ජිමින්ට තිබුනු එකම පවුල.ඒකේ ඉන්න අයට ජිමින් ආදරේ කලේ එයාගෙම පවුලෙ අයට වගේ.

යුන්ගිව දැකපු පලවෙනි වතාවෙදිම ජිමින්ට එයා ගැන දැනුනේ ලොකු අනුකම්පාවක්.

ඒ වගේම ටික මොහොතකට කලින් යුන්ගි හිටපු තත්ත්වය දැකපු ජිමින්ට යුන්ගි ගැන තවත් දුක හිතුනේ කිසිම වරදක් නොකර ඒ කොල්ලා හෝසොක්ගේ වද වේදනාවලට ලක් වෙන හැටි දැකලා.ඒත් ජිමින්ට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ.හෝසොක්ට පිටින් යන්න පුලුවන් කිසිම කෙනෙක් හිටියේ නෑ.හෝසොක් මොන දේ කලත් ඒ දේට හිස නමනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.ජිමින්ට කරන්න පුලුවන් වුනු එකම දේ යුන්ගිගේ වේදනාව අඩු කරන එක විතරයි.

යුන්ගිගේ තුවාලවලට ප්‍රතිකාර කරපු ජිමින් යුන්ගිව ආයෙත් පිරිසිදු කරපු ඇද උඩින් තිබ්බේ හරිම පරිස්සමට.කොයි තරම් හොදට බෙහෙත් කළත් ටික දවසක් යනකම් යුන්ගිගේ තුවාලවල වේදනාව අඩු වෙන්නෙ නෑ කියලා ජිමින් දන්නවා.ඒ නිසා මොහොතකට හරි සනීපෙට නිදාගෙන ඉන්න කොල්ලාව ඇහැරවන්න ජිමින්ට ඕනි වුනේ නෑ.

තව එකපාරක් යුන්ගිගේ නිදාගෙන ඉන්න සන්සුන් මූණ දිහා බලපු ජිමින් ආපහු හැරුනේ එලියට යන්න හිතාගෙන.ඒත් කලින් දවසේ රෑ මේසේ උඩින් තියපු යුන්ගිගේ පසුම්බිය ජිමින් දැක්කා.නම්ජූන් කලින් ජිමින්ට කියලා තිබුනා යුන්ගිගේ ID කාඩ් එක එයාට ගෙනත් දෙන්න කියලා.

"මින් යුන්ගී..."

අයිඩී එකේ තියන නම කියවපු ජිමින්ගේ මූණට ආවේ ලස්සන හිනාවක්.

" නමේ තේරුමත් අයිතිකාරයා වගේමයි..".

තමන්ටම එහෙම කියාගත්තු ජිමින් ඒ හිනාවෙන්ම කාමරෙන් එලියට ගියේ යුන්ගිට කරදරයක් නැතුව නිදාගන්න ඉඩ දීලා..

පැයකට විතර පස්සෙ ජිමින් ආයෙත් යුන්ගි හිටපු මෙඩිකල් රූම් එකට ආවේ යුන්ගිට උදේ කෑමත් අරගෙන.ඒත් ඒ වෙද්දිත් යුන්ගි ඇහැරලා තිබුනේ නෑ.

හිමීට සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න කෑම එක සයිඩ් ටේබල් එක උඩින් තියපු ජිමින් යුන්ගි ගාවට ගියා.සනීපෙට නිදාගෙන ඉන්න කොල්ලව දකිද්දි ජිමින්ට කොල්ලව ඇහැරවන්නත් ලෝබයි වගෙයි දැනුනේ.ඒත් පැය ගානකින් මොනවත් කාලා නැති කොල්ලට බඩගින්නේ නිදාගන්න දෙන්න ජිමින්ට හිත දුන්නේ නෑ.

යුන්ගි ලගට ගියපු ජිමින් පරිස්සමට යුන්ගිගේ උරහිසට තට්ටු කලේ පුංචි ස්පර්ශයකින් වුනත් කොල්ලට රිදෙයි කියලා බයෙන් වගේ.

" යුන්ගී......"

ජිමින් හිමීට යුන්ගිගෙ නම කතා කලත් කොල්ලට ඒක ඇහුනු පාටක් පෙනුනේ නෑ.

"යුන්ගී...කෝ අහරින්න දැන්.ඔයා මොනවා හරි කන්නෝනි.."

ජිමින් දැක්කා යුන්ගි හිමීට ඇස් දෙක අරින්න උත්සාහ කරන හැටි.කාමරයේ තියන ආලෝකයට ඇස් දෙක හුරු කරගත්තු යුන්ගි යන්තම් ඔලුව උස්සලා වටපිට බැලුවේ තමන් ඉන්නේ කොහෙද කියලා කල්පනා කරනවා වගේ.සිද්ද වුනු හැමදේම යුන්ගිට මතක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.‍යුන්ගි ඊගාවට බැලුවේ එයාගේ ලග හිටගෙන හිටපු තරුණයා දිහා.කලින් වතාවේ අවදි වෙද්දි එයා ලග හිටියෙත් ඒ කෙනාමයි කියලා යුන්ගිට මතක් වුනා.ඒත් ඒ වතාවේ වගේ යුන්ගි මේ වතාවේ කලබල වුනේ නෑ.ඒ වෙනුවට ජිමින් දිහා බලපු යුන්ගි කලේ ජිමින්ව දැක්කේ නෑ වගේ ආයෙමත් ඇස් පියාගත්තු එක.

ජිමින් යුන්ගි දිහා බැලුවේ විමසිල්ලෙන්.මොකද එයා යුන්ගිගෙන් එහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ.

"යුන්ගි...අපි කෑම කාලා ඉමු.නැගිටින්නකෝ...."

ජිමින් කිව්වේ ආයේ යුන්ගිගේ උරහිසට තට්ටු කරන ගමන්.

" එපා.."

යුන්ගි එක වචනයකින් උත්තර දුන්නේ ඇස් දෙකවත් අරින්නේ නැතුව.ජිමිනුත් උත්සාහය අත් ඇරියෙ නෑ.

"එහෙම බෑනේ ඔයා මොනවා හරි කාලා ඉන්න ඕනි.ගොඩක් වෙලාවක ඉදන් ඔයා බඩගින්නෙනේ."

"එපා..මට කන්න ඕනි නෑ..!!"

යුන්ගි ආයෙමත් කිව්වෙ ජිමින්ව ගනන්වත් ගන්නේ නැතිව.කොල්ලාගේ මුරණ්ඩුකම දැකපු ජිමින්ගේ මූණට ආවේ හිනාවක්.කලින් බය වෙලා කලබල කරපු අහින්සක කොල්ලට වඩා මේ මුරණ්ඩු කොල්ලා හොදයි කියලයි ජිමින්ට හිතුනේ..එහෙමයි කියලා යුන්ගි කියන දේ අහන්න ජිමින් ලෑස්තිත් නෑ.

"මුලින්ම ඇස් දෙක අරින්න මිස්ටර් මින් යුන්ගි..!"

ජිමින් කිව්වෙ ටිකක් සැරෙන් වගේ.මොකක්දෝ හේතුවකට අනිත් හැම පේශන්ට් කෙන්ක්ටම වඩා ජිමින්ට යුන්ගිගෙන් දැනුනේ හරිම සමීප ගතියක්.

අනිත් පැත්තෙන් යුන්ගිට දැනුනෙත් එයා හුගක් කාලෙක ඉදන් ජිමින් ව දන්නවා වගේ.යුන්ගි දන්නවා ජිමින් කියන්නෙත් ජේහෝප්ගේ මාෆියා එකේම කෙනෙක් කියලා.මොකද සාමාන්‍ය කෙනෙක් ජේහෝප්ගේ තැනක නිදැල්ලේ මෙහෙම ඉන්න විදිහක් නැ කියලා යුන්ගි දන්නවා..ඒත් තමන්ට ජේහෝප් ගැන දැනෙනවා වගේ හැගීමක් ජිමින් ගැන දැනෙන්නේ නැත්තේ ඇයි කියලා යුන්ගි දැනගෙන හිටියේ නෑ.යුන්ගිට ජිමින් එක්ක හිටපු විනාඩි කීපයට ජිමින්ව දැනුනේ හරියට යාලුවෙක් එක්ක ඉන්නවා වගේ.ඒකට හේතුව සමහරවිට යුන්ගි ජේහෝප්ගේ වගේ දරුණුකමක් වෙනුවට ජිමින්ගෙන් දැක්කේ කරුනාවන්තකමක් වීම වෙන්න ඇති.

කොච්චර කිව්වත් ජිමින්ගෙන් බේරෙන්න බෑ කියලා තේරුම් ගත්තු යුන්ගි ඇස් දෙක ඇරලා ජිමින් දිහා බැලුවේ ' දැන් සනීපද ' කියලා අහනවා වගේ බැල්මකින්.යුන්ගිගේ මූණේ තියන කරදරකාර බැල්ම දැකපු ජිමින් මහ හය්යෙන් හිනා වෙන්න ගත්තේ එයාගේ ඇස් රේඛාවක් වගේ හීනි වෙද්දි.

හිනාවෙලා ඉවර වුනු ජිමින් ආයෙත් යුන්ගි එක්ක කතා කරන්න ගත්තා.

"වාඩිවෙන්න..අපි කාලා ඉමු.කෑවට පස්සේ ආයේ ඔයාට නිදාගන්න පුලුවන්..."

" මං කිව්වනේ මට කන්න ඕනි නෑ කියලා.."

" ඕනි නැති උනත් ඔයා කන්නම ඕනි.ඔයාගේ ඇග හොදටම දුර්වලයි.ඉක්මනට සනීප වෙන්න නම් ඔයාට කන්නම වෙනවා.සනීප වෙන්න ඕනිකමක් නැති කෙනෙක්ව බලෙන් සනීප කරන්න බෑනෙ මට..."

ජිමින් කිව්වෙ හරියට පොඩි ලමෙක්ව කැමති කරගන්න උත්සහ කරනවා වගේ.යුන්ගි ජිමින් දිහා බැලුවේ කුතුහලෙන්.ඊට පස්සෙයි යුන්ගිට මතක් වුනේ එයාට ප්‍රතිකාර කලෙත් ඒ කෙනාම තමයි කියලා.ජිමින් ඩොක්ට කෙනෙක් කියලා යුන්ගිට තේරුම් ගන්න බැරි වුනෙ නෑ.යුන්ගිටත් ඕනි වුනේ කොහොම හරි සනීප වෙන්න.පුලුවන් තරම් ඉක්මනටම.

ඒ නිසාම තව මොනවත් නොකියපු යුන්ගි ඇදේ වාඩි වෙන්න හැදුවෙ කෑම කන්න හිතාගෙන.ඒත් පොඩ්ඩක් ඉස්සෙද්දිම පපුවෙන් දැනුනු ලොකු වේදනාවක් එක්කම යුන්ගි ආයෙමත් ඇද උඩට වැටුනේ එක අතකින් බැන්ඩ්එයිඩ් කරපු පපුවත් අල්ලගෙනමයි.

"ආහ්...."

යුන්ගිගේ වේදනාවෙන් පිරුනු මූණ දැකපු ජිමින් ඉක්මනටම යුන්ගිට ලන් වුනේ පපුවෙ තිබුනු අත අයින් කරන ගමන්..

"Shit..මට අමතක උනා ඔයාට තවම හෙලවෙන්න අමාරුයි කියලා.ඔයාගේ පපුවෙ කැපුම් තුවාල ටිකක් ගැඹුරුයි..පොඩ්ඩක් ඇත්නම් තුවාල පෑරෙන්න බලනවා.."

ජිමින් කිව්වේ යුන්ගි ගැන ඇති වුනු දුකින්.යුන්ගිට ලැබුනු තුවාලවලට හේතුව තමන් කියලයි ජිමින් හිතුවේ.එයා එවලේ හෝසොක් හොයාගෙන ගිහින් උදව් ඉල්ලුවෙ නැත්නම් එවලේ හෝසොක්ට යුන්ගිව මතක් වෙන්නෙවත් නෑ කියලා ජිමින් දන්නවා.ඉතින් ජිමින් කලේ ඒ දේට තමන්ටම හිතින් බැනගත්තු එක.

"මට සමාවෙන්න..."

යුන්ගි ජිමින් දිහා බැලුවේ එයා මොකටද තමන්ගෙන් සමාව ඉල්ලන්නේ කියලා.යුන්ගි දැනුවත්ව ජිමින්ගෙන් එයාට කිසිම වරදක් වුනේ නෑ.යුන්ගිගේ හිතේ තියන ප්‍රශ්නය තේරුම් ගත්තු ජිමින් ආයෙත් කතා කරන්න ගත්තෙ යුන්ගිගෙ මූණ දිහා කෙලින් බලන්නෙ නැතුව.

"අද උදේ..අද උදේ ඔයා නැගිටලා එකපාරටම කලබල කරද්දි මට ඔයාව පාලනය කරගන්න බැරි උනා.ඔයා හිටියෙ අතට අහු වෙන එකෙන් මට ගහන්න ලෑස්තියෙන් වගේ.ඉතින්..ඉතින් මං.."

ජිමින් ලොකු හුස්මක් හෙලලා යුන්ගි දිහා බැලුවා.

"ඉතින් මං එලියට ගියේ කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න.මුලින්ම මං දැක්කේ  හෝ..ජේහෝප්ව...මං එයාට කිව්වා ඔයා කලබල වෙලා ඉන්නේ මොනවා හරි කරන්න කියලා.මං හිතුවෙ එයා ඔයාව බය කරලා හරි සන්සුන් කරයි කියලා.ඒත්...ඒත් එයා එවලේ ඉදලා තියෙන්නේ මොනවා හරි දේකට ගොඩක් කේන්ති ගිහිල්ලා.ඒ වගේ වෙලාවට එයා මොනවද කරන්නෙ කියලා එයාවත් දන්නෙ නෑ.මං ඔයා ගැන කියපු ගමන් එයා ඔයාව හොයාගෙන ආවා..මට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි උනා.මං..මං හිතුවෙ නෑ එයා ඔයාට මෙහෙම දෙයක් කරයි කියලා.එයා ඔයාව මෙහෙටම අරගෙන ආපු නිසා මං හිතුවේ..මං හිතුවේ ඔයා එයාට විශේශ කෙනෙක් කියලා..ඒත් මං වැරදියි..ඔයාට මෙහෙම උනේ මං නිසා.මං එවලේ ජේහෝප්ට ඔයාව මතක් නොකර හිටියානම් ඔයාට මෙහෙම වෙන්නෙ නෑ..මට..මට සමාවෙන්න යුන්ගි..!!"

ජිමින් යුන්ගි දිහා බැලුවේ සමාව අයදින බැල්මකින්.යුන්ගිට තේරුනා ජිමින් වෙච්ච දේට එයාටම බැනගන්නවා කියලා.ඇත්තටම ජිමින්ගේ අතෙත් පොඩි වරදක් තිබුනත් යුන්ගිට ජිමින් ගැන කේන්තියක් දැනුනේ නෑ.ජිමින් කලේ යුන්ගිව සන්සුන් කරගන්න ක්‍රමයක් හොයපු එක මිසක් ජේහෝප් ලවා යුන්ගිව රිද්දන්න හදන එක නෙමෙයි.ඒ නිසා වුනු දේට ජිමින් වග කියන්න ඕනි නැ කියලා යුන්ගිට තේරුනා.ඒත් ඒ ගැන කතා කරන්න යුන්ගිට ඕනි උනේ නෑ.

හෝසොක් කරපු දේ ගැන යුන්ගි හිටියේ ගොඩක් කේන්තියෙන්.ඒ වෙලාවේ යුන්ගිගේ මූණේ කිසිම හැගීමක් නොතිබුනාට හෝසොක් යුන්ගිට රිද්දන තප්පරයක් තප්පරයක් ගානේ යුන්ගිගේ හිතේ හෝසොක් ගැන ඇති වුනේ අප්‍රමාණ වෛරයක්.

ඒත් ඒකට එක පැත්තකින් වග කියන්න ඕනි වුනු ජිමින් ගැන යුන්ගිට වෛරයක් ඇති උනේ නෑ.ඒත් ජිමින්ට ලේසියෙන් සමාව දෙන්නත් යුන්ගිට ඕනි වුනේ නෑ.මොකද ජිමින් කොච්චර හොද උනත්,කරුණාවන්ත වුනත් ජිමින් වැඩ කලෙත් හෝසොක්ට නිසා.

"මට බඩගිනියි..."

යුන්ගි කිව්වෙ ජිමින් කියපු කිසිම දෙයක් ගනන් ගත්තේ නෑ වගේ.ජිමින් ඉක්මනටම ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවා..

"ඒත්..."

" මට කෑම කන්න ඕනි.."

යුන්ගි ආයෙමත් කිව්වේ වාඩි වෙන්න උත්සාහ කරන ගමන්..

"ඔහොම ඉන්න..මං උදව් කරන්නම්.එකපාරටම ඉස්සෙන්න එපා..හිමීට.."

යුන්ගිව පරිස්සමින් ඇදේ ඉන්දවපු ජිමින් යුන්ගිගෙ පිටිපස්සෙන් කොට්ටයක් තිබ්බේ යුන්ගිට පහසු වෙන්න.යුන්ගිගේ උකුල උඩින් සර්වියට් එක එලපු ජිමින් ඊට පස්සේ බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුනු කෑම දීසිය යුන්ගිට දුන්නේ කෑම මොනවද දැකපු යුන්ගිගේ මූණ ඇඹුල් වෙද්දි.

"මොකෝ ඔයා හිතුවද ඔයාට මං ස්පයිසි චිකන්,ජැප්චේ,බුල්ගොගි,බිබිම්බැප් වගේ කෑම ටිකක් ගෙනත් ඇති කියලා...ඔයා තාම ට්‍රීට්මන්ට්ස් ගන්න ගමන් ඉන්නේ ඒ නිසා බර ආහාර ගන්න දෙන්න බෑ.රස බලන්නේ නැතුව මං දෙන ගුණ කෑම කන්න එච්චරයි..."

එහෙම කියලා ජිමින් ආයෙමත් කලින් වගේම හයියෙන් හිනා වුනේ යුන්ගි රවලා බලද්දි.

"හරි හරි රවන්න පස්සෙ පුලුවන්..දැන් හොද ලෙඩා වගේ මේ බත් කැද එක බොන්න.."

ජිමින් හිනාවෙවි ඉද්දි යුන්ගි හැන්ද අතට ගත්තේ ජිමින්ට හිතින් බැන බැනමයි.දැන් නම් ඇත්තටම යුන්ගිට දැනුනේ එයා මහා බරපතල ලෙඩකින් දුක් විදින ලෙඩෙක් වගේ.යුන්ගි බත් කැද වලට ඒ තරම් වෛර කලා.

කැද එකෙන් හැන්දක් ගත්තු යුන්ගි ඒක කට ගාවට ලන් කරද්දිම ආයෙත් පපුව වේදනා දෙන්න ගත්තේ අත උස්සද්දි තුවාල ආයෙමත් පෑරුනු නිසා.අතට ගත්තු හැන්ද එහෙමම දීසියට වැටෙද්දි මෙච්චර වෙලා හිනා වෙවි බලාගෙන හිටපු ජිමින් යුන්ගි ගාවට ලන් වුනේ අඩියට දෙකට.

"යුන්ගී..."

යුන්ගිගේ උකුලෙ තිබුනු දිසිය පැත්තකින් තියපු ජිමින් යුන්ගිගේ උරහිස හිමීට මසාජ් කරන්න ගත්තේ යුන්ගිගේ මූණෙ තිබුනු වේදනාව ටිකෙන් ටික අඩු වෙද්දි.(a/n - පපුවෙ කැපුම් තුවාලයක් තියේදි උරහිස මසාජ් කලාම වේදනාව අඩු වෙනවා මේ පොතේදි..😌)

"ඔයා ඔහොම ඉන්න..මං ඔයාට කවන්නම්.."

යුන්ගිගේ වේදනාව අඩු උනාට පස්සෙ ජිමින් කිව්වේ යුන්ගිගෙ කෑම දීසිය අතට ගන්න ගමන්.ඒකත් අරගෙන යුන්ගිගේ පැත්තකින් ඇදෙන් වාඩි වුනු ජිමින් යුන්ගිගේ පැත්තට හැරුනේ යුන්ගි පුදුමයෙන් වගේ ජිමින් දිහා බලාගෙන ඉද්දි.

"ක්..කමක් නෑ මං තනියෙන් කන්නම්.."

යුන්ගි කිව්වේ අවිශ්වාසයෙන් වගේ.එයා දන්නවා එහෙම කිව්වට තනියෙන් කන්න ගියොත් ආයෙමත් තුවාලේ පෑරෙනවා කියලා.ඒත් ජිමින්ට කරදර කරන්නත් යුන්ගිට ඕනි වුනේ නෑ.

"තනියෙන් කන්න ගියොත් ඔයාගේ තුවාලේ ආයෙත් පෑරෙනවා..මට කරදරයක් කියලා හිතන්න එපා යුන්ගි ඔයා මගේ පේශන්ට් ඉතින් මං ඔයාව බලාගන්න ඕනිනේ කොහොමත්.."

ජිමින් කිව්වේ යුන්ගි දිහා බලලා ලස්සනට හිනා වෙන ගමන්.යුන්ගිට දැනුනේ එයාගේ හොදම යාලුවා එයා ගාව ඉන්නවා වගේ.එහෙම හිතද්දි නොදැනුවත්වම යුන්ගිගේ මූණට ආවෙත් හිනාවක්.ජිමින් ඒක දැක්කා.රෝනා ප්ලේස් එකට ගෙනාවට පස්සේ යුන්ගි පලවෙනී පාරට හිනා වෙන හැටි ජිමින් දැක්කා.ඒ හිනාව ඇති වුනේ තමන් නිසා නේද කියලා හිතද්දි ජිමින්ට දැනුනෙත් සතුටක්..ජිමින් යුන්ගිට කෑම ටික කවන්න ගත්තේ හරිම පරිස්සමට.දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ.ඒ දෙන්නා අතරෙ තිබුනෙ නිහඩබවක්.ඒත් ඒක දරාගන්න අමාරු නිහැඩියාවක් නෙමෙයි.හිත සැහැල්ලු කරන නිහැඩියාවක්.ඒ වගේම දෙන්නගෙම මුණේ තිබුනෙත් හරිම සැහැල්ලුබවක්.උදේ වුනු වේදනාත්මක සිදූවීම ගැන ඒ මොහොතෙදි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් හිතන්න ගියේ නෑ.ඒ මොහොතේ දැනුනු සහනය ඒ දෙන්නා උපරිමයෙන් විදගත්තේ කාලෙක ඉදන් දන්න දෙන්නෙක් වගේ.
.
.
.
.
.

ඒත්..
.
.
.
.
.

ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැක්කේ නෑ මෙච්චර වෙලා දොර ගාවට වෙලා වේදනාව පිරුනු ඇස්වලින් ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු කෙනාව.

ලාවට ඇරලා තිබුනු දොර ගාව ඉදන් පස්සෙන් පස්සට ගියපු ඒ කෙනා ආයෙමත් හැරිලාවත් නොබලා එතනින් පිට වෙලා ගියපු හැටි ඒ දෙන්නා දැක්කේ නෑ.

_______________________________________

වැඩිය මිනිස්සු නැති පොඩි ගමක පාලු පාරක් දිගේ ආපු කලු පාට ලෑන්ඩ් රෝවර් එක නතර වුනේ මහ විශාල ගස්වලින් වටවුනු ගෙයක් ගාව.ගෙයක් කිව්වට ඒක තරමක් ලොකු බන්ගලාවක් වගේ.වාහනෙන් බැහැලා ආපු කැප් එකක් දාලා මාස්ක් එකකුත් දාලා හිටපු තරුණයෙක් ගෙට ඇතුල් වෙන විශාල ගේට්ටු පියන් දෙක විවෘත කරලා වාහනය මිදුලින් නැවැත්තුවේ පිට ඉදන් බලන කිසි කෙනෙක්ට වාහනය පේන්නෙ නෑ කියලා සනාත කරගත්තු තැනක.ආයෙමත් වාහනෙන් බැහැලා ගිහින් ගේට් එක ලොක් කරපු තරුණයා කෙලින්ම ගියේ ගෙයි ඉදිරි දොර ගාවට.ඇදගෙන හිටපු බ්ලේසර් එකේ සාක්කුවකින් යතුරක් ගත්තු කොල්ලා විශාල දොර විවෘත කරලා ඒ ගේ ඇතුලට ගියේ හරියට තමන්ගෙම ගේ ඇතුලට යන කෙනෙක් වගේ.

දොරත් වහගෙනම ගේ ඇතුලට ගියපු කොල්ලා කෙලින්ම ගියේ ගෙදර සාලයට.

සාලයේ තිබුනු සුවපහසු අසුනකින් වාඩි වුනු තරුණයා එයාගේ සාක්කුවෙන් එලියට ගත්තේ ඉටිකොලයකින් ඔතලා තිබුනු යමක්.පරීස්සමට ඒක ඉස්සරහ තිබුනු කොෆී ටේබල් එක උඩින් තියපු කොල්ලා ඊගාවට ගත්තේ එයාගෙ ෆෝන් එක.

උඩින්ම තිබුනු ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තු එයා නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ අනිත් පැත්තෙන් කෝල් එක ආන්ස කරනකම්.තප්පර දහයක් යන්නත් කලින් අනිත් පැත්තෙන් කෝල් එක ඉස්සුවේ කොල්ලා සැනසුම් සුසුමක් හෙලද්දි.

"හෙලෝ ටේයොන්.."

එහා පැත්තෙන් කෝල් එක උස්සපු කෙනා මුලින්ම කතා කලේ මෙච්චර වෙලා සෝෆා එකේ හේත්තුවෙලා හිටපු තේයොන් ටිකක් ඉස්සරහට වෙද්දි.

"හෙලෝ ජන්කුක්.මං දැන් එතනට ඇවිත් ඉන්නේ..."

"හරි..දැන් මං කියන විදිහටම කරන්න.හරිද... මං ඔයාට කියපු ගමන්ම ඔයා ඒ ෆෝන් එක ඔන් කරන්න ඕනි.."

"හරී..ඉස්සෙල්ලම මං ෆෝන් එක එලියට ගන්න ඕනි.ඔහොම ඉන්න."

"පරිස්සමින්..ඒකේ ඔයාගේ ඇගිලි සලකුනු හිටින්න දෙන්න එපා තේයොන්."

"හේයි ඒක ඔයා මට කියලා දෙන්න ඕනි නෑ ජන්කුක් දෙය්යන්ගේ නාමට මං තමයි සෝල්වල ඉන්න ලාබාලම අංක එකේ ඩිටෙක්ටිව්...."

තේයොන් කිව්වේ ඇස් දෙකත් රෝල් කරන ගමන්.

"Ex Detective.."

ජන්කුක් කිව්වේ ටේයොන්ව තවත් අවුස්සන ගමන්.

"ඕනි මගුලක් කියාගන්නවා..."

එහෙම කියපු ටේයොන් ඉටිකොලයකින් ඔතලා තිබුනු ෆෝන් එක පරීස්සමට එලියට ගත්තේ ග්ලව්ස් දාපු අත්වලින්.

"ජන්කුක්..ඔයාට හොදටම විශ්වාසද මේක හරියයි කියලා."

"ඔව්..ජන්ග් හෝසොක් දන්නේ මොනවද කියලා දැනගන්න නම් අපිට මේ අවදානම ගන්නම වෙනවා.එයා සන්හූන් හ්‍යුන්ට කරපු දේත් එක්ක එයා මොකුත්ම දන්නේ නැද්ද කියලත් මට සැකයි...එයා මොකුත් දන්නේ නැත්නම් එයාට ඒවා දැනගන්න සලස්වන්න පුලුවනුත් මේ ක්‍රමේට තමයි...ඒ වගේම..."

"යුන්ගිට හෝසොක්ගේ අතින් මොකක් හරි දෙයක් වෙන්න කලින් ඒක නවත්තන්න අපිට කරන්න තියන එකම දේත් මේක.."

ජන්කුක් කියන්න හදපු එක ටේයොන් කියලා ඉවර කලේ දරාගෙන හිටපු ලොකු හුස්මක් පිට කරන ගමන්.

ඒ දෙන්නම එකපාරටම නිහඩ උනේ යුන්ගිව මතක් වෙලා.තේයොන් වගේම ජන්කුක්ටත් ඕනි උනේ යුන්ගිව කොහොමහරි බේරගන්න.ඒ වෙනුවෙන් තේයොන් ඕනිම දෙයක් කරයි..මොකද එයාට සන්හූන් වගේම යුන්ගිවත් නැති කරගන්න ඕනි උනේ නෑ.

"හරි..මං දැන් ඒ සිම් එකේ හැම ඉන්ෆොමේශන් එකක්ම වෙනස් කරලා ඉවරයි.ෆෝන් එක ඔන් කරපු ගමන් එයාලා නම්බ එක ට්‍රැක් කරයි.ඒ වගේම සිම් එකේ විස්තර ටිකත් එයාලා හොයන්න පටන් ගනියි..."

තේයොන් ඒ හැමදේම අවදානෙන් අහගෙන හිටියා.

"හරි දැන් ෆෝන් එක ඔන් කරන්න"

තේයොන් ඒ ගමන්ම ෆෝන් එකේ පවර් බට්න් එක ඔබලා ෆෝන් එක ඔන් කලා.

"දැන් ඉක්මනටම ෆෝන් එකේ තියන ෆෝන් නම්බර්ස් ෆොටෝස් හැමදේම ඔයාගේ ෆෝන් එකට ෆෝවඩ් කරගෙන ඔය ෆෝන් එකේ තියන ඔක්කොම ඩිලිට් කරන්න...."

ජන්කුක් කියපු විදිහටම කරන්න ටේයොන්ට ගියේ විනාඩියක් විතරයි.

"තව විනාඩියක් ඉදලා ෆෝන් එක ඕෆ් කරලා පුලුවන් තරම් ඉක්මනට ඔයා ඔතනින් යන්න ඕනි.ඔයා ගැන කිසිම සාක්ශියක් ඉතුරු කරන්න එපා.."

කියපු වෙලාවටම ෆෝන් එක ඕෆ් කරලා හැමදේම අරගෙන එලියට ගිහින් දොර ලොක් කරපු ටේයොන් ගේට් එක ඇරලා ඉක්මනටම වාහනේට නැග්ගේ ජන්කුක් එක්ක කෝල් එකේ ඉන්න ගමන්මයි.

ගේට් එකෙන් එලියට ඇවිත් ආයෙමත් බැහැලා ගිහින් ගේට් එක ලොක් කරලා ටේයොන් ඒ පාලු පාර දිගේ තමන් ආපු පැත්තට විරුද්ද දිශාවට වාහනය අරගෙන යන්න පටන් ගත්තා.

"දැන් ඔයා කොහේටද යන්නේ ටේයොන්.."

"ඉල්සන්වලට.."

තේයොන් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්.

"මොකක්...???PARK TAEHYUNG ARE YOU KIDDING ME..????ඒ කියන්නේ මං ඔයාව ගන්න ඉල්සන්වලට එන්න ඕනිද?"

"යෙප්....එයාලා අනිවාරෙන්ම ලොකේශන් එක වෙනකම් තියන හැම තැනකින්ම CCTV චෙක් කරයි.ඒ එක තැනකින් හරි එයාලට මේ වාහනේ හොයාගන්න බැරි වෙන එකක් නෑ.අනිවාරෙන්ම එයාලා මාව ෆලෝ කරයි.ඒ නිසා එයාලව මග අරින්න මං එක එක පාරවල් පාවිච්චි කරලා ඉල්සන්වලට යනවා..කොහේ හරි පාකින් එකක මේ වාහනය අත් ඇරලා මං ශේප් එකේ මාරු වෙනවා.."

ටේයොන් කියාගෙන ගියේ තමන් ගැනම ඇති වුනු ආඩම්බරයෙන්.ඒත් ජන්කුක්ට තිබුනේ වෙන ප්‍රශ්නයක්.

"ටේ...ඇත්ත කියන්න..කාගෙද ඔයා ඔය යන වෙහිකල් එක...?"

ටේයොන්ව ජන්කුක්ට පෙනුනේ නැතත් එයා දන්නවා දැන් ටේයොන්ගේ මූණේ තියන කැත හිනාව ගැන..

"මං දන්නේ නෑ...ශොපින් මෝල් එකක් ගාව තිබිලා මං මේක අරගෙන ආවේ.ඩිටෙක්ටිව් කෙනෙක්ට වාහනයක් හොරකම් කරන එකත් මහ ලොකු වැඩක් නෙමෙයි බලාගෙන යද්දි..."

_________________________________________

ජැක්සන් කඩාබිදගෙන නම්ජූන්ගේ ඔෆීස් රූම් එකට එද්දි නම්ජූන් හිටියේ මේසෙට හේත්තුවෙලා ෆයිල් එකක් දිහා බලාගෙන.නම්ජූන් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ තට්ටු නොකර ඒ විදිහට කඩාගෙන පනිනවට.

නම්ජූන්ගේ අංක එක වුනේ මැනර්ස්..

ඒත් නම්ජූන් මොකුත් කියන්නත් කලින් ජැක්සන් කතා කරන්න ගත්තා.

"නම්ජූන්..හෝසොක් කොහෙද...??"

උදේ දැක්කට පස්සේ මං හෝබාව දැක්කෙම නෑ ජැක්සන්.ඇයි?මොකක් හරි අවුලක්ද?"

හෝසොක් නැත්නම් ඒ හැමවෙලාවෙම හෝසොගේ තැන අරන් වැඩකලෙ නම්ජූන්.ඒ නිසා තමන් හොයාගත්තු දේ නම්ජූන්ට කියන්න ජැක්සන් දෙපාරක් හිතුවේ නෑ.

"නම්ජූන්..යුවීගේ ෆෝන් එක..ඒක දැන් ටිකකට කලින් ඔන් කලා."

ජැක්සන් කිව්වේ හති අරින ගමන්.නම්ජූන් හිටියේ තුශ්නිම්භූත වෙලා.දවස් පහක් බලාගෙන ඉදලත් ඔන් නොකරපු ෆෝන් එක අද ඔන් උනස් කියන්නේ එයාලට යුවි ගැන මොනවා හරි හොයාගන්න පොටක් පෑදුනා කියන එක.

"ඉතින් ඔයා ලොකේශන් එක ට්‍රැක් කලාද?සිම් එකේ ඔව්නශිප් එක හොයාගත්තද..?"

නම්ජූන් ඇහුවේ නොයිවසිල්ලෙන්.

"ඔව්..ලොකේශන් එක සෝල්වලම කෙලවරක තියන ගෙයක්..."

"කාගෙද ඒ ගෙදර?"

"මං හොයාගත්තු විදිහටනම් ඒ ගේ අයිති පාක් සන්හූන්ට.."

නම්ජූන් කට කොනින් හිනා වුනේ අන්තිමේදි සන්හූන් ගැන තොරතුරක් ලැබුනු එක ගැන සතුටින්.පෙන් එක තියෙන්නේ ඒ ගෙදර වෙන්න තියන ඉඩ ගොඩක් ඉහලයි කියලා නම්ජූන්ට තේරුනා.

"අපි පුලුවන් තරම් ඉක්මනටම එතෙන්ට යන්න ඕනි.එතකොට යුවි ගැන මොනවද හොයාගත්තේ.ඔයා මොබයිල් කම්පැනි එක හැක් කරන්න ට්‍රයි කලාද.සිම් එක කාගෙද කියලා හොයාගත්තද?"

නම්ජුන්ගෙ ඒ ප්‍රශ්නෙට දෙන්න ජැක්සන්ට තිබුනෙ නම් එච්චර හොද උත්තරයක් නෙමෙයි.

"ඇත්තටම..මං හිතන්නේ මට කලින් කවුරු හරි ඒක හැක් කරලා තියනවා..ඒ කෙනා හැමදේම වෙනස් කරලා.මට හරි තොරතුරු ගන්න කිසිම ඉඩක් තියලා නෑ..."

"මොකක්.."

නම්ජූන්ට ඒක විශ්වාස කරගන්නත් බෑ.මොකද ජැක්සන් වගේ හැකින්වලට දක්ශ කෙනෙක් මෙච්චර කාලෙකට එයාලට හම්බෙලා තිබුනේ නෑ.

"ඔව් නම්ජූන්..ඇත්තටම කියනවානම්..යුවිගේ සිම් එකේ අයිතිකාරයා විදිහට තිබුනේ..."

නම්ජූන් ජැක්සන් දිහා බලාගෙන හිටියෙ සිම් එකෙ අයිතිකාරයගේ නම කියනකම්.

"හෝසොක්ගේ නම..."

_________________________________________

(2746 Words)
09/10/2021

මේ පොතේ වීව්ස් 500ක් සම්පූර්ණ වෙලා අද..😍❤ඒක එච්චර දෙයක් නෙමෙයි තමයි ඒත් මට එක ගොඩාක් ලොකු දෙයක්..ඇත්තටම මට ගොඩක්ම සතුටුයි.🤗❤❤❤

මගේ රීඩර්ස්ලා ටිකව මට ගොඩාක් වටිනවා..🌼ගොඩක් ස්තූතියි ඔයාලට Forbidden Love කියවනවට.😘❤

ඒ වගේම මේ කතාව ගැන හිතෙන්නේ මොනවද කියලා Comment එකක් දාගෙන යන්න පුලුවන්ද ඔයාලට plzz... මට ආසයි ඔයාලගේ අදහස් දැනගන්න.

කතාව හොදයිද නරකයිද කියලාවත් කියාගෙන යන්නකො හොද ළමයි වගේ...❤

Please comment and vote.❤
Thank you for reading.❤🌼
Love you 😘❤

Moon_Fayre

Continue Reading

You'll Also Like

21.3K 1.1K 8
Avni and Neil are worlds apart but a chance encounter in a lift leaves them drawn to eachother like a moth to a flame. Now she's working for him, bum...
1M 38.6K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1.1M 19K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
11.6K 2.2K 21
"ඔව්...ඔව් මං උබට ආදරේ කරනවා...පිස්සෙක් වගෙ ආදරේ කරනවා ඇයි..😡 ඒකනේ දැනගන්න ඕන...හරිනේ..දැන් උත්තරේ හම්බුනනේ..." JIMIN × HOSEOK Book Cover : @ChoiJae...