Ghost lover (Completed ✅....)

Por thashi123

94.1K 13.5K 1.3K

තම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලා... Más

part 1
part 2
part 3
part 4
part 5
part 6
part 7
part 8
part 9
10 part
part 11
part 12 (M)
part 13
part 14
part 15
part 16 (M)
part 17
part 19
part 20
part 21
part 22
Last part
new story

part 18

3.1K 543 53
Por thashi123

එලි වෙනකන්ම සෝෆා එකේ ඇහැරෙගෙන ඉදිය ටේ එලිය වැටුනාම ආයෙම එයාගෙ කාමරේට ගියා...

තාමාත් ජන්කුක් නිදි කියලා දැක්ක ටේ එයාගෙ අතේ තිබ්බ බෙහෙත් පෙත්ත ඇද එහා පැත්ත කබඩ් එක උඩ තියලා ආයේම පල්ලෙහාට ආවා....

පල්ලෙහාට ආපු ටේ ඒ වේලාවෙදිම නැගිටලා හිටිය පීටර්ටත් දෙයක් කියලා එහෙමම එලියට ගියේ ටිකක් එයාගෙ හිත සංසුන් කර ගන්න කියලා හිතන්...
_________________________________

උදේ ඇගට අමාරු ගතිය නිසා නින්දෙන් ඇහැරුන ජන්කුක් තමන්ගෙ ඇස් දෙක පිහිදන ගමන් කාමරේ වටේ බලද්දි දැක්කෙ එයා ඉන්නේ ටේගෙ කාමරේ කියලා....

ඒ එක්කම පාන්දර උන සිද්දිය එයාට එකින් එක මතක් වෙන්න ගත්තා...

තමන්ගෙ අත් වගේම කකුල් බලපු ජන්කුක් දැක්කෙ ඒවා හොදටම රතු වෙලා තියෙන විදිහයි...

ඒ වගේම එයාගෙ ඇගේ තුවාල හැමතැනටම බෙහෙත් දාලා තියෙන බවත් එයා දැක්කා...

හදිස්සියෙම මතක් උන දෙයක් නිසා ජන්කුක් ඉක්මනින් බැලුවේ තමන්ගේ අත දිහා...

" ඇති යාන්තම් ඒක තියෙනවා "

කියලා ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවේ තාම එයාගේ අත් අතර පෙන්ඩන් එක තියෙනවා කියලා දැකලා...

ටිකකින් තවමත් නිරුවත්ව ඉන්න ජන්කුක් හැදුවේ ඇදෙන් නැගිටින්න...එත්

🐰: අහ්.....

එයාගෙ කටින් වේදනාවට කෙදිරියක් පිට වෙද්දි එයා ආයෙම ඇද උඩටම වැටුනා....

ජන්කුක් නැගිටින්නෙ නැතුව එහෙමම කාමරේ වටේ ඇස් යැව්වේ ටේ ලගපාත ඉන්නවාද කියලා බලන්නයි...

කාමරේ වටේම ගිය ජන්කුක් ගේ ඇස් ගිහින් නැවතුනේ ඇද එහා පැත්තෙ මේසේ උඩ හුලගට වැනෙන කොලයක් ලග...

තමන්ගෙ අත විතරක් දික් කරලා කොලේ අතට ගත්ත ජන්කුක් ඒකෙ ලියලා තිබ්බ එක කියවන්න ගත්තා...

" මෙතන තියෙන බෙහෙත් ටික බිලා මං ආයේ එන්න කලින් තමුන්ගේ කාමරේට යනවා"

කියලා එකේ ලියලා තිබ්බා...

ඒක ලියලා තියෙන්නෙ ටේ බව දැන ගත්ත ජන්කුක් හැම වේදනාවක්ම ඉවසගෙන ඇදෙන් කිහිප වතාවක්ම නැගිටින්න හැදුවත් තමන්ගෙ ඉනෙන් යට වගේම ඇග පුරාම තියෙන තුවාල වලින් දැනෙන වේදනාව පැතිරගෙන යද්දි ජන්කුක්ටත් නොදැනුවත්වම ඒ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා...

තමන්ගෙ තොල් තදින් හපාගෙන , ඇස් දෙක තදකරගෙන පියා ගත්ත ජන්කුක් තමන් ලග ඉතුරු වෙලා තියෙන ශක්තිය පාවිච්චි කරලා ඇදේන් කොහොම හරි ඉද ගත්තා....

ලග තිබ්බ වතුර විදුරුව එක්ක බෙහෙත් ටික බිපු ජන්කුක් ඇද විට්ටමට ටිකක් හේත්තු වෙලා කල්පනා කරන්න ගත්තේ එයා මීට කලින් ටේ එක්ක ගත කරපු පලවෙනි රෑයට පස්සෙ එයා ටේට සලකපු විදිහයි ටේ දැන් එයාට සලකලා තියෙන විදිහයි ගැන.....

ටිකකින් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ පීටර්...

කාමරේට ඇතුල් වෙනවා එක්කම පීටර් ගේ ඇස් ලොකු වෙන්න පටන් ගත්තේ කාමරේ ඇතුල දැකලා....

ඉරුන ඇදුම් කෑලි...ෂැම්පෙන් බොතලයක්..සිගරට් කොට කෑලි වගේම ජන්කුක්ව කලින් දවසේ හිරකරලා තිබ්බ මාංචු කුට්ටම් තුනත් කාමරේ හැම තැනම...

ඇදේ ඉදගෙන පීටර් දිහා බලාගෙන හිටිය ජන්කුක්

🐰: පීටර්...ඇයි ඔතනට වෙලා හිටගෙන ඉන්නේ...

එතකොටයි පීටර් හරි සිහියට ආවේ....

ඉක්මනින් ඇද ලගට ලං උන පීටර් තමන්ගේ අතේ තිබ්බ තේ එක පැත්තකින් තියලා ජන්කුක්ගේ ඇද උඩම වාඩි උනා...

🤵: පොඩි මහත්තයා මොකද මේ...

🐰: පීටර් මොනා උනා කියලාද හිතන්නෙ

🤵: මං හිතන දේ නම් වෙන්න එපා...

ඒකට යාන්තම් හිනා උන ජන්කුක්

🐰: ඔයා හරි පීටර්...

🤵: එත් මට උදේ ටේ මහත්තයා ඔයාව ටිකක් බලාගන්න කියලා ගෙදරින් එලියට යද්දි මං හිතුවෙ නැහැ මගේ පොඩි මහත්තයාට එයා මෙහෙම කරලා කියලා....මං හිතුවේ ඔයාලා යාලු වෙලා කියලා....

🐰: ටේද පීටර්ට මං ගැන බලන්න කිව්වේ..

ඔව් කියන්න පීටර් ඔලුව වැනූවා....

🐰: එයා මං ගැන එහෙම හරි හිතන එක ලොකු දෙයක් පීටර්....මං හිතුවේ බෙහෙත් පෙති ටික දීලා පැත්තවත් නොබලා ගිහින් කියලා...

🤵: මේ ඇගේ හැමතැනම බෙහෙත් දලා ඇයි පොඩි මහත්තයා...

🐰: ටේ එයාගෙ ආදරේ මට ඒ විදිහටයි පෙන්නුවේ පීටර්...

🤵: මං ඔය ටේ මහත්තයාට -

කියලා පීටර් ඇදෙන් නැගිටිද්දිම එයාගෙ අතින් අල්ල ගත්ත ජන්කුක්

🐰: කේන්ති ගන්න එපා පීටර් ඔයා තවත් වයසට යයි....අනික බලන්න ටේ පීටර්ව එව්වේ මාව බලා ගන්න නේ...එයා එහෙම කරේ තාම මං ගැන වද වෙන නිසා නේද...ඉතිං ටේ හොද කෙනෙක් නෙමෙයි ද පීටර්

🤵: හ්ම්ම්ම් මං දන්නෙ නැහැ එයා හොද ද නරකද කියලා.... එත් මහත්තයා කියන නිසායි මං ඉවසන්නේ... මේ මං මහත්තයාගේ තේ එක ගෙනවා..ඉන්න මං පොවන්න

කියලා පීටර් ඒක හුගාක් පරිස්සමෙන් ජන්කුක්ට පොවන්න පටන් ගත්තා...

🐰: ස්තූති පීටර්..

🤵: කෝ හීමිට නැගිටින්න...

🐰: බැහැ පීටර් මගේ ඇගේ එක ඇදුමක්වත් නැහැ...පීටර් යන්න මං තනියම එන්නම්...

🤵: මහත්තයා එදා bathroom එකෙ බය වෙලා මගේ ඇගට පනිද්දිත් ඔයා හිටියේ ඔහොම තමා....කෝ දැන් මහත්තයාගේ ඇදුම් ?

පීටර් එහෙම කියද්දි ජන්කුක්ගේ මුහුනේ හිනාවක් ඇදුනේ ඒ දවස් වල ටේගෙ පිස්සු වැඩ නිසා එයාට වෙච්ච එව්වා මතක් වෙලා...

🐰: ඒවා ඔක්කොම ඉරුනා පීටර්...

🤵: ඉන්න මං තුවායක් හොයාගෙන එන්න

කියලා පීටර් ටේගෙම කබඩ් එකකින් තුවායක් අරන් ඇවිත් ජන්කුක්ගේ ඉනේ ගෙට ගැහුවා...

හිමිට ජන්කුක්වත් වාරු කරන් එයාගෙ කාමරේට ගෙනියපු පීටර් ජන්කුක්ව කාමරෙන් තියලා ආයේ ආවේ ටේගේ කාමරේ සුද්ද කරන්න....

ඇදේ bedsheet මාරු කරන්න හදපු පීටර් එයාගෙ වැඩේ මගදි නැවැත්තුවේ bedsheet එක පුරා විසිරිලා තිබ්බ ජන්කුක්ගේ ලේ පැල්ලම් දැකලා....

බෙල්ට් එකෙන් ගහපු පාරවල් නිසා වගේම ජන්කුක්ගේ පලවෙනි පාර හුගාක් දරුණු උන නිසාත් අභ්‍යන්තරෙන් වගේම එලියෙන් ගලපු ලේ පැල්ලමුයි ඒ වගේ bedsheet එකෙ හිටිලා තියෙන්නෙ...

ඇස් දෙකෙ කදුලු පිරෙද්දි ඇදේ bedsheet එක අත් අතර පොඩි කරගත්ත පීටර්

" ඔයා මේවාට කවදා හරි හුගාක් පසුතැවෙයි ටේ මහත්තයා "

අඩන්න කදුලක්වත් ඇස් දෙකෙ නොතිබ්බ ජන්කුක් එදාත් සම්පුර්ණ දවසේම තමන්ගේ කාමරේ තනි වෙද්දි එලියට ගිහින් ආපු ටේත් එයාගෙ කාමරේ ඇතුලේම ඉන්න තීරනේ කරා....

_______________________________________

පහු වෙනිදා දවල් වරුවක පැන්සලක් එක්ක චිත්‍ර පොතක් අතේ තියන් සාලේට ආපු ජන්කුක් හැදුවේ හුග කාලෙකින් කරන්න බැරි උන එයාගෙ විනෝදාංශය කරන්න....

ජන්කුක් පුංචි කාලෙ ඉදන්ම ආස කරපු දෙයක් තමා චිත්‍ර අදින එක....තමන්ගෙ ඇස් වලට දකින ලස්සන මොනම දෙයක් හෝ චිත්‍රයකට පරිවර්තනය කරන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා

සාලේ බිම ඉද ගත්ත ජන්කුක් තමන්ගෙ චිත්‍ර පොතත් කකුල් දෙක උඩ තියාගෙනම උදේ එයාගෙ කාමරේ ජනෙලෙන් දැක්ක කදු මැදින් පායන ලස්සන ඉර චිත්‍රයකට ගොඩනගන්න ගත්තා....

මුලු අවදානේම චිත්‍රෙට තියපු ජන්කුක් දැක්කෙ නැහැ එයාගෙ පිටි පස්සෙ සොෆා එකෙන් කෙනෙක් ඉදගෙන එයා දිහා බලන් ඉන්නවා කියලා....

ටිකකින් ආපු සිගරට් ගද නිසා දුම එන පැත්තට බෙල්ල හරවපු ජන්කුක් දැක්කෙ විස්කි විදුරුවක් එක අතකිනුත් අනිත් අතින් සිගරට් එකත් ද අල්ලන් ඉන්න ටේව...

🐯: මොනාද බලන්නෙ ?

🐰: මුකුත් නැහැ

කියලා ආයෙම චිත්‍ර පොතට ඔලුව ඔබා ගත්ත ජන්කුක් තමගේ වැඩේ දිගටම කරන් යන්න හැදුවත් එයාගෙ හිත හරිම නොසන්සුන් වෙලා තිබ්බේ....

එයාට දැන් ටේට මූන දෙන්න අපහසුයි වගේ දැනුන නිසා චිත්‍ර පොතේන් පොඩි කොල කෑල්ලක් කඩලා එකෙ යමක් ලියලා ටේගෙ එහා පැත්තේ සොෆා එක උඩින් තියන ගමන් එතනින් පිට වෙලා ගියා...

ජන්කුක් යන දිහා බලන් හිටිය ටේ ඒ කොල කෑල්ල අතට ගත්තා..

" ඔච්චර ඕවා වලට ඇබ්බැහි වෙන්න එපා...ඒක ඔයාගෙ ඇගට හොද නැහැ ටේ "

කියලා ඒ කොල කෑල්ලේ ලියලා තිබ්බා....

මොකක් හෝ හේතුවක් නිසා ටේට ආයෙ කලින් බිබි හිටිය සිගරට් එක බොන්න බැරි බව තේරුන නිසා භාගෙට ඉවර වෙලා තිබ්බ සිගරට් එක එහෙමම විසික් කරන ගමන් විස්කි කොප්පෙද පැත්තකින් තිබ්බා....

______________________________________

රාත්‍රීයේ ජන්කුක් පීටර්ට වගේම ජෝන්ට උදව් වෙමින් රෑ කෑම හදද්දි එතනට ආපු ටේ

🐯: පීටර් මගේ කෑම එක උඩට එවන්න...

පීටර් :හරි ටේ මහත්තයා...

කියලා කිව්වාත්

🐯: ඒක ජන්කුක් අතේ එවන්න...අනිත් දවසෙ මට මගේ කෑම එක එයාගෙ අතේ එවන්න....එතකොට ජන්කුක් ඔයා අද ඉදන් මේ ගෙදර සේරම වැඩ තනියම කරන්න ඕනි... පීටර්ට වගේම ජෝන්ට එයාට උදව් කරන්න සපුරා තහනම්...මගේ බංගලාව පිනට දෙන තැනක් නෙමෙයි නේ...ඒ නිසා වැඩ කරන්න ඕන..

කියලා ටේ එතනින් ගියේ තව කවුරුත් මුකුත් කියන්න කලින්...

පීටර් කොච්චර අකමැති උනත් ජන්කුක් ගේ කීම නිසා අන්තිමට පීටර් කැමති උනා ටේගෙ කෑම එක ජන්කුක් අතේ යවන්න...

කෑම පිගානත් අතේ තියන් ටේගෙ කාමරෙට ජන්කුක් ගියයින් පස්සෙ..

🐯: අහ් ඔතනින් කෑම එක තියලා මගේ කකුල ටිකක් මසාජ් කරනවා

කිව්වාම ජන්කුක් ඒකටත් ඔලුව වනලා කරන්න ගත්තා....

පැය භාගයක් විතර ජන්කුක්ට කියලා එයාගෙ වැඩේ කර ගත්ත ටේ ආයෙම

🐯: අතන කෙලවරේ මගේ හොදන ඇදුම් තියෙනවා ඔක්කොම අරන් ගිහින් හොදන්න...තව එකක් වොශින් මැෂින් පාවිච්චි කරන්න බැහැ ඒ ඔක්කොම ඇදුම් අතේ මේ දැන්ම හොදන්න ඕනි.... ඒක කරලා ඉවර උනාමයි ඔයාට රෑට කන්න පුලුවන් තේරුනාද?

කියලා කියපු ටේ කට කොනට හිනා වෙන ගමන් බලන් හිටියේ ජන්කුක් දිහා...

තමන්ගෙ ඔලුවටත් වඩා උස රෙදි ගොඩ තමන්ගෙ අත් දෙකට උස්ස ගත්ත ජන්කුක් ඒ කාමරෙන් එලියට ගියේ වටේ තියෙන බිත්ති වගේම දොරවල් වලත් හැප්පි හැප්පි....

________________________________

ඇදුම් ඔක්කොම එකින් එක අතින් හොදන්න ගත්ත ජන්කුක් ටිකකින් තමන්ගෙ දනහිස් දෙක උඩ ඔලුව තියාගෙන අඩන්න ගත්තේ එයාට මේ වගේ දේවල් එයාගෙ අප්පා ඔම්මාවත් කරන්න කියලා නැති නිසා...

ජන්කුක් කියන්නෙත් ටේ වගේ සැපට හැදුන කොල්ලෙක්...තමන් යටතේ වැඩ කරන මිනිස්සු එක්ක උනත් ජන්කුක් සහයෝගයෙන් වැඩ කරත් එයා කවදාවත් තව කෙනෙක්ට බැල මෙහෙවරකන් කරලා නැහැ...එත් එයාට දුක ටේට වැඩකාරකම් කරන එක නෙමෙයි එයාට දුක ටේ එයාට සලකන්නෙ වැඩකාරෙක්ට වගේ නිසායි...

තමන්ගෙ වැලමිට ලගින් කදුලු පිහිද ගත්ත ජන්කුක් ආයෙම ටේගෙ රෙදි හොදන්න ගත්තේ එයාට ඉක්මනින් ඒ වැඩේ ඉවර කරලා එයාගෙ බඩගින්න නිවා ගන්න ඕනි නිසායි....

ජන්කුක් දන්නෙම නැතුව පැය දෙකකටත් වැඩි කාලයක් රෙදි හොදද්දි ගාර්ඩ්න් එක පැත්තෙ රහසින් තවත් දෙයක් සිද්ද උනා.....

________________________________

කිම් බංගලාවට රාත්‍රී දහයයි ගානට ඔක්කොම කලු පාට ඇදන් මුහූනත් ආවරණය කරන් දෙන්නෙක් පැන්නෙ ඔය වේලාවෙයි...

හොරේන්ම ගාර්ඩ්න් එකෙ ඉදන් පදුරකට මුවා උන ඒ මිනිස්සු දෙන්නා වටේම ඇස් යවන ගමන් බංගලාව හොදට පරික්ෂා කරද්දි දැක්කෙ මුලු බංගලාවෙම එක තැනක විතරක් ලයිට් දාලා තියෙනවයි....

එත් ඒ දෙන්නා දිහා කලුවරේම තව කෙනෙක් බලන් හිටිය බව එයාලාගෙන් එක්කෙනෙක් වත් දැනන් හිටියේ නැහැ....

: එහෙනම් උබලා මගේ බංගලාවටත් බයක් නැතුවම ආවා....

කියන ගමන් කට කොනට හිනා වෙන ගමන් ලග තිබ්බ මුවහත් පිහිය අත් අතර හිර ගත්ත එයා ගියෙත් ගාර්ඩ්න් එක පැත්තට...

__________________________________

1: උබට විශ්වාස ද ඒ ජන්කුක් ගේ කාමරෙ කියලා...

2: ඔව් මං කලින් මේ බංගලාවට ඇතුල් වෙන්න තැනක් හොයන්න ආපු දවස් වල දැකලා තියෙනවා ඌ එතන ජනේලේ ලග හිටන් ඉන්නවා...

1: එහෙනම් තවත් බලන් ඉන්නෙ නැතුව ඌව උස්සලා මේ වැඩේ ඉවරයක් කරලාම දාමු....

3: ඔය මහත්වරු දෙන්නා කාව උස්සන්නද මේ plan කරන්නේ....

1,2: තේ..තේහ්‍යුන්ග් ?

කට කොනට හිනා උන ටේ තමන්ගෙ බෙල්ලෙ හිරි කඩන ගමන් අතේ තිබ්බ පිහිය තවත් තද කරලා අල්ල ගත්තා....

____________________________________

රෙදි හෝද හෝද හිටිය ජන්කුක් ට ගාර්ඩ්න් එකෙ පැත්තෙ අමුතු සද්ද ඇහුනාත් එයා හිතුවේ සතෙක් මොකෙක් හරි කියලා...

ඔක්කොම රෙදි ටික හොදලා තමන් ඉදන් හිටිය තැනින් නැගිට්ට ජන්කුක් සාලේට එද්දි මුලු බංගලාවෙම ලයිට් ඔෆ් කරලා තිබ්බේ...

🐰: පීටර් ? ජෝන්? ටේ ඔයාලා කොහිද ?

හිමිට අඩි තිය තිය පල්ලෙහාට බැස්ස ජන්කුක් දැක්කෙ ඒ එක්කම සාලේ දොර ඇරෙනවා....

හද එලියට එතන චායාවක් දැක්ක ජන්කුක් ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ එයාගේ නමට එදා ආපු පෙට්ටියේ තිබ්බ ෆෝටො එක ගැන මතක් වෙලා...

🐰: ඔ...ඔතන කවුද ඉන්නෙ ?

ඒ එක්කම මුලු සාලේම ලයිට් පත්තු උනාත් ජන්කුක් එතනම ගල් ගැහුනේ දොර ගාව හිටන් හිටිය එක්කෙනා ඉදිය විදිහ දැකලා...

ඔව් දොර ගාව හිටියෙ වෙන කවුරුත් නෙමෙයි ඒ ටේ..

එයාගෙ මුලු ඇදුම පූරාම ලේ ගැවිලා තිබ්බා වගේම අතේ තිබ්බ පොඩි පිහියත් රතු පාටින්ම දිලිසෙන්න ගත්තා...

🐰: ටේ මේ මොකද? ඔයාට තුවාල උනේ කොහොමද ?

කියලා ඉක්මනින් ටේ ගාවට දුවගෙන ගිහින් ටේගෙ මුලු ඇග පුරාම පරික්ෂා කරපු ජන්කුක් පිටි පස්සට විසි උනේ ටේ තල්ලු කරපු නිසා...

🐯: මගෙන් අයින් වෙලා ඉන්නවා....මේ ඇදුම් දෙකත් හොදනවා....හැබැයි මේ දැක්ක දේ ගැන පීටර්ට වගේම ජෝන්ට කියලා මට අහු වෙන්න එපා..

කියලා තමන්ගෙ අතේ තිබ්බ පිහිය ජන්කුක් ගේ බෙල්ල ලගට ලං කරලා තර්ජනය කරපු ටේ එයාගෙ shirt එකයි කලිසමයි දෙකම ගලවලා ජන්කුක් ට දෙන ගමන් යට ඇදුම පිටින් එයාගෙ කාමරේට යන්නයි ලෑස්ති උනේ....

ටේ විසි කරපු ඇදුන් ටික අල්ල ගත්ත ජන්කුක් එයාව පහු කරන් යන ටේව අතින් අල්ලන් නවත්ත ගත්තා...

🐰: ටේ මොකක්ද මේකෙ තේරුම ඔයා කාටද මොනාද කරේ?

🐯: ඔයාට ඒ ගැන දැන ගන්නම ඕනද?

🐰: ඔව් මට කියන්න මොකක්ද උනේ ..

කිව්වාම ටේ ජන්කුක් ගේ කන ලගට ලං වෙලා...

🐯: මං එයාලාව මැරුවා..

කියලා හයියෙන් හිනා වෙන්න ගද්දි ජන්කුක් ගේ ඇස් එලියට පනින තරමටම ලොකු උනා...

🐰: ඔ..ඔයා මැ..මැරුවා..

🐯: ඇයි විශ්වාස නැද්ද? අහා එහෙනම් බංගලාවෙන් එලියට ගිහින් ඉස්සරහ තියෙන කෑලේ අඩි 10ක් හ්ම්ම් නැහැ අඩි 15වක් ඉස්සරහට යන්නකො ඔයාට සාක්කි පිටම තියෙයි..

🐰: කාටද ටේ ඔයා එහෙම කරේ ?

🐯: මගේ පවුල විනාස කරපු උන්ට

කියලා කේන්තියෙන් කෑගහපු ටේ ආයෙ හැරෙද්දි අතේ තිබ්බ ඇදුම් ටික බිම අත ඇරපු ජන්කුක් ඒ වේගෙන්ම ටේගෙ ඉස්සරහට ඇවිත් ටේගේ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්තා...

🐰: ටේ , ඔයාට මොනාද වෙලා තියෙන්නෙ ඇයි මෙහෙම හැසිරෙන්නෙ ඔයා ඉස්සරහ මෙහෙම නැහැ ටේ..මං දන්න ටේ මෙච්චර නපුරු කෙනෙක් නෙමෙයි ටේ..ඇයි මෙහෙම වෙනස් උනේ....මොකක්ද මෙච්චර නරක විදිහට හැසිරෙන්න උන හේතුව...

ජන්කුක් ගේ ඇස් දෙකේ කදුලු පිරෙනවා දැක්ක ටේ ඒ ඇස් මග හැරියා...

🐯: හේතුවද ? හේතුව වෙන කවුරුත් නෙමෙයි තමුනුයි හේතුව ජන්කුක්...තමුනුයි මාව මේ තත්වේට ඇදලා දැම්මෙ...

🐰: මං මොනාද ඔයාට කලේ ? මං කිසිම දෙයක් ඔයාට කරලා නැහැ ටේ.....

තමන්ගේ කම්බුල් වල තියෙන ජන්කුක්ගේ අත් අයින් කරපු ටේ ආයෙම කතා කරා..

🐯: ඔව් ඔයා කිසිම දෙයක් කරේ නැහැ මායි හැමදේම කරේ...මායි ඔයාව අමතක කරේ මායි නොකියාම රට ගියේ ඔක්කොම කරේ මං වගේම මායි දැන් හැමදේටම වැරදි...

🐰: ටේ මගේ හැමදේකදිම ලග ඉදිය ඔයාව මං අමතක කරා නෙමෙයි ටේ...මට උන accident එක නිසායි මට අමතක උනේ...රට ගියේ මට ඕනකමට නෙමෙයි ටේ...plzz ටිකක් තේරුම් ගන්න...ඇයි මීට මාසේකට කලින් මාත් එක්ක ආදරෙන් ඉදිය ටේම වෙන්න බැරි ඇයි ටේ...

🐯: ආදරෙන් ඉදිය? ඔයා කවද්ද මාත් එක්ක ආදරේ කරේ....ඔයා කවදාවත් මට ආදරේ කරෙ නැහැ ජන්කුක්...මායි වෙන්නෙ නැති දෙයක් හිතෙත් මවාගෙන ඔයාට ආදරෙ කරේ..අද ඒ ආදරේම මාව විනාස කරා.....මනුස්සෙක්ව ආදරෙ කියන දෙයින් හොද කෙනෙක් කරන්න පුලුවන් වගේම නරක කෙනෙක් කරන්නත් පුලුවන්..ඔයාට ආදරේ කියන දේ සාමාන්‍ය අකුරු තුනක් උනාට මට ඒක හුගාක් වටින වචනයක් උනා ජන්කුක්.....ඒ වචනේම අද මාව පණ පිටින් මරලා දැම්මා....මං තාම දුක් වෙනවා ඔයාට ආදරේ කරපු එක ගැන...මේ ගෙවුන අවුරුදු හය ඇතුලේ මං විතරයි ඔයාට ආදරේ කරේ....එත් ඔයා වෙන කෙනෙක්ගේ වෙලත් ඉවරයි...මගේ අතින් කැඩුන මාලේ එක හැමවේලාවෙම ලග තියෙනාගෙන ඉන්නෙ එක ඒ තරම්ම ඔයාට වටින නිසා නේ ජන්කුක්..මට තේරෙනවා මට හැමදේම දැන් තේරිලා තියෙන්නෙ..

🐰: ටේ මං නෙමෙයි හැමදේම අමතක කරේ ඔයාටයි කිසිම දෙයක් මතක නැත්තෙ.....මං මෙහෙම හරි හැමදේම ඉවසගෙන ඉන්නෙ ඔයා මගෙ ලගින් යන්න කලින් ඒ කියපු වචන ටික නිසායි...මට ඕන තරම් වද දෙන්න මං ඒ හැමදේම ඉවසන්නම් එත්...එත් ඔය විදිහට ඔයාවම විනාස කරගන්න එපා ටේ....plzzz මේ දේවල් නවත්තන්න...

කියලා කියන ගමන් ජන්කුක් හැදුවේ ටේව බදා ගන්න...

බදා ගන්න ලගට ආපු ජන්කුක්ව පස්සට තල්ලු කරපු ටේ අඩියක් ජන්කුක්ගේන් ඈත් වෙන ගමන්

🐯: මං ගාවට එන්න එපා..බොරුවට මගේ ඉස්සරහ මං ගැන වද වෙනවා වගේ රගපාන්නත් එපා.. ඇයි තමුසේ තාමත් මෙහෙ ඉන්නෙ ? ඇයි තමුන් ආදරේ කරන කෙනා ගාවට යන්නෙ නැත්තේ...ඔය මාලේ දුන්න එකා ගාවටම යනවා...මට වඩා තමුන්ට කොහොමත් පිට එවුන්ව ලොකු උනා නේ..ඌ තමුසේව පරිස්සම් කරයි මීට වඩා හොදට....ඉතිං යනවා... .. ගිහින් ඌත් එක්කම ඉන්නවා....ආයෙ මගේ ඇස් ඉස්සරහට එන්න එපා ජන්කුක් කවදාවත් එන්න එපා....

කියලා කෑගහන ගමන් ටේ එයාගෙ කාමරේට වේගෙන් ඇවිදගෙන ගියේ ඇස් දෙකේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු ජන්කුක් දකින්න කලිනුයි.....

ජන්කුක් හිටිය තැනම දනගහගෙන අඩන්න පටන් ගත්තේ ටේට එයාව ටිකක් වත් තේරුම් ගන්න බැරි එකේ වේදනාවට...

ජන්කුක් උත්සාහ කරා ටේට පරණ දේවල් කියන්න...එත් ටේ ඒ වේලාවෙ හිටියේ ජන්කුක් ගේ වචන ගැන හිතන්න ඕන තත්වේක නෙමෙයි...ඒකයි ජන්කුක් කිව්ව කිසිම දෙයක් ගැන එයාට තේරුමක් තිබ්බෙ නැත්තේ....

දනගහගෙන අඩපු ජන්කුක් ටිකකින් එයාගෙ ඇස් වල කදුලු පිහිද ගන්න ගමන්

" මට කිසි දෙයක් බලෙන් මතක් කරන්න ඕන නැහැ ටේ...මං කිහිප වතාවක්ම ඒ දේ කරන්න උත්සාහ කරා .. එත් ඔයාට ඒ කිසිම දෙයක් මතක් වෙන්නෙ නැහැ ටේ....සමහරවිට හැමදාටම මතක නැති වෙයි...

ඔයාම මට කියනවා නම් මං මේ බංගලාවෙන් යන්නම්...මට තවත් ඔයාට වද දෙන්න ඕන නැහැ...මං දන්නවා මට එක කෑම වේලක් දෙන එකත් ඔයාට සමහරවිට වදයක් ඇති...මට ඒක තේරෙනවා...ඒ නිසා මං යන්නම්...එත් මුලු ජීවිත කාලේම මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නම් ටේ...කවදා හරි දවසක ඔයාට අපි දෙන්නාගෙ ලස්සන මතක මතක් උනොත් අන්න එදාට මං ගාවට එන්න..ඒ දවසටත් මේ කුකී ඔයාව පිලි ගන්න බලාගෙන ඉන්නම් ටේ....මං යන්නම් මැණික ...හැබැයි එක දෙයක් මතක තියා ගන්න...මේ කුකී ආදරේ කරේත් කරන්නෙත් මගේ ටේට විතරයි මැනික...මං...මං ඔයාට ආදරෙයි....."

_______________________________________

හායි!!!......

අද chapter එක ගැන මොනාද හිතන්නේ....

ටේ ජන්කුක්ව ගෙදරින් එලෙව්වා නේ.....

ආදරේ කියන්නෙ වේදනාවක්....

ආදරේ තව කෙනෙක්ට ලස්සන වෙද්දි තව කෙනෙක්ට ලොකු වේදනාවක්.....

ආදරේ කරන දෙන්නෙක් අතර තිබිය යුතු වැදගත්ම දේ එකිනෙකාව තේරුම් ගැනිමෙ හැකියාව....ඒ දේ තිබ්බොත් ආදරේ අපි හිතනවාට වඩා ලස්සන වෙයි...

ඒ දේ ජන්කුක්ට තිබ්බාත් ටේට නැති නිසායි එයාලා දෙන්නා දෙපැත්තක ඉදන් විදවන්නෙ.....

එහෙනම් අලුත් එකකින් හම්බෙමු.....

වැරදි තිබ්බොත් කමා කර මැනව....😁😁

බායි.....❤️❤️❤️

Seguir leyendo

También te gustarán

584 101 18
💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡ 🖤දවසක බරම කාර්තුවල...
11.5K 382 27
21 year old Desireé's cooking career finally takes off she gets to become a personal chef for the all time bachelor!
10.3K 1.7K 96
yoonminsoke teakook 18 pluss ඇතුලත් කර ඇත. තව දෙයක් කියන්න ඔනේ.මේකෙ ටේකුක් පාට් එක මගේ එකක් නෙමේ....හැබයි ඒ කොටස්වල තියන mature කොටස්නම් මන් විසින්...
783K 36.7K 59
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...