Last part

4.4K 573 237
                                    

හැමෝගෙම සමාව දීම එක්ක ටේ ආයෙම කුකීගේ පරණ පිස්සු ටේම වෙන්න ගත්තා....

ඒ වගේම ඒ දෙන්නාගෙ ආදරෙත් කිසිම අඩුවක් නොවි දිගටම ගලාගෙන ගියා...

ටේ ගේ නරක පුරුදු වලින් ඉතුරු වෙලා තිබ්බ සිගරට් බොන එකත් යුන්හී නිසා නැති වෙලා ගියා...

ටේ සිගරට් එකක් අතට ගන්න හැමසැරේම යුන්හී එයාට ටොෆියක් දෙන්න පුරුදු උනා...එකෙන් ටේගෙ සිගරට් බොන පුරුද්දත් ඉබේම නැති වෙලා ගියා....

ඔය අතර ටේට වගේම ජන්කුක්ටත් අමාරු උන එකම දේ නම් යුන්හීට හොරෙන් රාත්‍රීන් ගත කරන එකයි....

හොදටම වැස්ස දවසක ගොරවද්දි බයයි කියලා ටේකුක් දෙන්නාගේ කාමරේට ආපු යුන්හී එදා ඒ දෙන්නාගේ උණුහුමේ නිදාගත්තා.....

යුන්හී එදා ඉදන් ඒ උණුහුමට හුගාක් ආස කරා....ඉතිං එයාට නිදා ගන්න වෙනම කාමරයක් තිබ්බත්...හැම රෑකම ටේකුක් දෙන්නාගෙ කාමරේට ඇවිත් ඒ දෙන්නා මැද්දෙ නිදා ගන්න එක පස්සෙ යුන්හීට පුරුද්දක් උනා...

අන්තිමට එකෙන් අසරණ උනේ ජන්කුක්ගෙත් ටේගෙත් උඩට එන්න දගලන හැගීම්....

ජන්කුක් කෙසේ වෙතත් ටේට නම් එයාගේ හැගීම් පාලනේ කර ගන්න එක ටිකක් අමාරුයි...

ජන්කුකුත් එයාත් තනි වෙන්න ඕන විදිහක් කල්පනා කරපු ටේගේ මූනෙ ටිකකින් හිනාවක් ඇදුනේ අදහසක් මතක් උන නිසා...

පීටර්ව හොයාගෙන ගිය ටේ..

🐯: පීටර් ?

🤵: ටේ මහත්තයා මොනා හරි ඕනද?

🐯: පීටර් මට පොඩි උදව්වක් ඕනී...

🤵: ඔව් මහත්තයා කියන්න..

🐯: මට ජන්කුක් එක්ක ටිකක් තනියම ඉන්න ඕනී...පීටර්ට තේරෙනවා නේ මං මොනාද කියන්නෙ කියලා...එත් angle නිසා ඒක ටිකක් අමාරුයි... පීටර්ට පුලුවන් ද angle ව අද විතරක් ඔයා ගාව නිදි කරව ගන්න...

🤵: එත් මහත්තයා යුන්හී බබා මාත් එක්ක ඉදි ද?

🐯: මොනා හරි බොරුවක් කියලා ඔයා ගාව අදට විතරක් නිදි කරව ගන්න..please මේක ඉල්ලිමක්....

Ghost lover (Completed ✅....)Where stories live. Discover now